Katha Ahura

මරණයේ දොරටුව | දෙවෙනි දොරටුව | හොල්මන් කතා

5/5 - (4 votes)

මරණයේ දොරටුව

දෙවෙනි දොරටුව

මායි උදේනක , ශානක, රවිෂාන් ලොජික් කරේ… අපේ සෙට් එකේ සදුන් මිනුලි පහන්දි ඉකෝන් කරා..

මොකද වුණේ මචං ? ඇයි මේ බය වෙලා ? උඹට හොදටම දාඩියත් දාලා … කියලා උදේනක කිව්වේ මගේ උරහිසට අත තියලා.

මෙහෙ වරෙංකො ටිකක් කියලා මං උදේනකත් ඇදගෙන පංතියෙන් එළියට ගියේ මං දැක්ක හීනේ ගැන කියන ගමන්

උඹ ඕකට ඔච්චර කලබල වෙන්නේ ඇයි.. ඒක හීනයක්නේ බං. අනික උඹ මීට කලින් හීන දැකලා නෑ වගේනේ හැසිරෙන්නේ… කියලා උදේනක බක බක ගාලා හිනා වෙන්න පටන් ගත්තා

මට හොදටම මළ පැන්නේ මං මෙච්චර සීරියස් වෙලා ඉදලත් මූ ඒක ජෝක් එකට අරං තියෙන නිසා.

විහිලු නෙවෙයි උදේනක . දවස් ගානක් මං ඒ හීනේ දැක්කා . ඇත්තටම වගේ මට ඒක දැනුණා . ඒක නිකම්ම නිකම් හීනයක් කියලා මට හිතෙන්නේ නෑ… මං කිව්වේ කණගාටුවෙන් .

හරි හරි උඹ අප්සෙට් ගන්නෙපා. අර ඉන්නේ මිනුලි , සදුනුයි අනිත් ළමයි ටික එක්ක. ගිහිං කතා කරපං. පොඩි සැනසීමක් දැනෙයි කියලා උදේනක මාව තල්ලු කරේ මිනුලිලා ළගට.

ආ… හිම්සර … ගුඩ්මෝර්නිං… ගුඩ්මෝර්නිං උදේනක … මිනුලි අපිව දැකලා කිව්වා .

මේ මිනුලි … ඔයාලා යන්නේ වරුණ අයියලගේ බස් එකේද? මං ඇහුවේ හිතේ තිබුණ ප්‍රශ්නයක් ..

නෑ හිම්සර …. අපි යන්නේ සේතුං මාමාගේ බස් එකේ.. මිනුලි කිව්වමයි මට සැනසීමෙන් හුස්ම ගන්න ලැබුණේ .

ඒකට හේතුව තමා මං හීනෙන් දැක්කේ වරුණ අයියගේ බස් එක.

මොකෝ බං යන්නේ මොකේද අහන්නේ ? උඹත් එන්නද? මං මිනුලි බලාගන්නම්.. උඹ බය වෙන්න එපා…සදුන් කිව්වේ මගේ පිටට තට්ටු කරලා

හී… හී… පිස්සුද බං… මං ඉකෝන් කරන්නේ නෑනේ.. නන්දා මැඩම්ගෙන් ගුටි කන්න වෙයි සබ්ජෙක්ට් මාරු කරනවා කියලා .. මං කිව්වේ හිනාවෙන ගමන් .

ඇත්තටම මාත් සති 2ක් විතර ඉකෝන් කරා. තේරෙනවා මදි කියලා තමා ලොජික්වලට මාරු වුණේ …

ආ…. ළමයිනේ ගුඩ් මෝර්නිං… කියලා එතනට ආවේ සදමාලී මැඩම්. සදමාලී මැඩම් තමා සිංහල උගන්නන්නේ. ඒ වගේම එයා අපේ පංතිභාර මැඩම් . මැඩම් ප්‍රෙග්නට්…

සදුන් පුතා ගිහිං ඔෆීස් එකෙන් කෝල් එකක් අරං වරුණ අයියාගේ බස් එකට එන්න කියලා පණිවිඩයක් දෙන්නකෝ.. කියලා සදමාලී මැඩම් සදුන්ට කිව්වා .

ඇයි මැඩම් … අපි යන්නේ සේතුං මාමාගේ බස් එකේ නෙවෙයිද ? සදුන් ඇහුවේ ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි සයිස් කරගෙන .

ඒ බස් එකේ රෝද හතරෙම හුළං ගිහිල්ලලු. සේතුං දැන් මේ ඔෆීස් එකට දුවගෙන ඇවිත් කිව්වේ .. යන ගමන් වරුණට පණිවිඩයක් දෙන්නම් කිව්වා . කෝකටත් අපිත් කතා කරලා බලමු පරක්කු නොවී යන්නත් එපැයි… සදුන් පුතා නම්බර් එක දන්නවනේ නේද ? ඔයාලගෙ ගෙවල් ලගනේ… මැඩම් එහෙම කියලා ලොකු බඩගෙඩියත් අමාරුවෙන් උස්සගෙන හිනාවුණා

ඔව් මැඩම් … කියලා සදුන් දිව්වේ ඔෆීස් එකට…

මැඩම්… මැඩම් යන්නේ නෑ නේද ? මං ඇහුවේ බයෙන් බයෙන් …

මාත් යන්න කියලා දරුවො .. ඉනෝකා මැඩම් තනියෙන් කියලා යන් කිව්වා .. මේ සාහිත්‍ය පැවරුම් අද සිංහල පීරියඩ් එකේ කරන්න කියලා පංතියේ ළමයින්ට දෙන්න හිම්සර කියලා සදමාලී මැඩම් අතේ තිබුණු කොළ මිටියක් මගේ අතින් තිබ්බා..

මැ–ඩ–ම්… මැඩම්ට අද යන්නැතුව ඉන්න බැරිද? කෙළත් කටේ නැතුව උගුරෙන් වගේ මං ඇහුවේ හිතේ බයෙන් ..

ඒ මොකෝ…. සදමාලී මැඩම් හිනාවෙවී ඇහුවේ ඔසරි පොටෙන් දාඩිය පිහදාන ගමන් ..

එතන හිටිය ළමයි කසුකුසු ගෑවේ නෝන්ඩියට හිනාවෙවී …

උඹ මොකද මැඩම්ට යන්න එපා කියන්නේ ? මිනුලිට එපා කියන්නැතුව ? පහන්දි ඇහුවේ
හිනා වෙවී ..

මං උදේනක දිහා බලද්දී ඌ කටත් ඇරන් බය වෙලා බලන් හිටියේ ? දැකලා වගේ…

මගේ මුලු ඇගම දාඩියෙන් තෙමිලා ඇගට පණ නෑ වගේ දැනෙද්දී උදේනක කතා කරා..

මැඩම් ප්‍රෙග්නට් නිසා පරිස්සන් වෙන එක හොදයිනේ. ඒකයි නේද බං… ඌ මගේ දිහා බලලා ඔලුව කහ කහ කියද්දී ඔව් කියලා කියන්න මං ඔලුව වැනුවා .

එහෙමයි කියලා මට ඉස්කෝලේ වැඩවලට උදව් නොකර බෑනේ දරුවො කියලා සදමාලී මැඩම් කියද්දීම බෙල් එක ගහපු නිසා මං උදේනක එක්ක පංතියට ආවා..

අඩේ මචං උඹ දැක්ක දේ ඇත්තක් වෙන එකක් නෑ නේද උදේනක බයෙන් අහද්දී..

දන්නේ නෑ බං… හ්ම්… පව් සදමාලී මැඩම් කියලා මං කිව්වේ මතක් වෙනකොටත් ඇග හිරි වැටෙන ඒ හීනේ මැවී මැවී පේන්න ගත්තු නිසා .

සදමාලී මැඩම්ගේ බඩ පසාරු කරගෙන බස් එකේ ජනේල යකඩ පොල්ලක් ගිහිං තිබුණේ හරිම බය හිතෙන ඒ වගේම දුක හිතෙන විදියට…

මං ඉස්කෝලේ පන්සිල් ගද්දිත් ප්‍රාර්ථනා කරේ එයාලට කරදරයක් නොවෙන්න කියලා ..

ඉස්කෝලේ පටන් ගත්තත් එක විෂයක්වත් හරියට ඉගෙන ගන්න බැරි වුණේ හීනේ මැවී මැවී මට පෙනුණ නිසා .. කවදාවත් නැතුව මං අද ලොජික් පීරියඩ් එකේ බැනුමුත් ඇහුවා.. උදේනක ඇරෙන්න අනික් හැමෝම මට විහිලු කර කර හිනා වුණේ මිනුලි නැති නිසා මං අප්සෙට් ගහලා කියලා ..

සෙමිනා එකට ගිය කට්ටිය ඉස්කෝලේ ඇරෙන්න කලින් එනවා කිව්ව නිසා මට ටිකක් විතර හිතට නිදහසක් දැනුණේ හීනෙන් මං දැක්කේ ටිකක් රෑ වෙන්න වගේ මේ දේ වෙන නිසා..

…..ඇයි මේ වගේ හීන පේන්නේ … ඒවා ඇත්ත වෙයිද ? …. හෙට බලමු..???

– නයෝමී නදීරා ධීරසිංහ –

14 thoughts on “මරණයේ දොරටුව | දෙවෙනි දොරටුව | හොල්මන් කතා”

  1. Ranmali subasinghe

    Henaya aththatama aththa weida?? Ammooo paw sadamali mis… ane eka aththa nam wenna epa… hemadama berinam sathiyata thun parakwath kathawa dannako nanga… plzzz plzzz… hugaaaak lassana nisai illanne… ☺️☺️☺️☺️☺️☺️☺️ good luck!!! ????????

  2. Hashini Navanjana.

    අක්කෙක්ද නංගියෙක්ද නම් දන්නෙ නෑ.. කොහොම උනත් හරිම ලස්සනයී කතාව. ඔයාගෙ හැම කතාවක්ම ලස්සනයී අනේ.. ආසාවෙන් කියවනව මං. පුලුවන් නම් හැමදාම කතාව දාන්නකෝ.. සතියක්ම බලන් ඉන්න අමාරුයී අනේ…….
    ??????????

    1. nayomi nadeera

      අක්කා කෙනෙක් ? මට හැමදාම දාන්න අමාරු නිසා admin මල්ලිට කියලා සතියකට සැරයක් දාන්න ඉල්ලගත්තේ… සොරි හොදේ… ගොඩක් ස්තූතියි කතාව කියවනවට…??

  3. Thakshi Deepali Jayasuriya

    කතාව හරිම ලස්සනයි අක්කි..ඉවසන්න තමයි බැරි බදාදා වෙනකම්…මොනව කරන්නද….වැඩ කියලා තේරෙනවා මට…වැඩ ගොඩක් අස්සෙත් මං වගේ කම්මැලියෙක් නොවී අපිට කතාව ගේනවට ඔයාට ගෝඩාක් ස්තූතියි..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.