Katha Ahura

ගමන | 28 කොටස

5/5 - (2 votes)

ගමන 28 කොටස

තව මොහොතකින් යක්ශයා හා යක්ශනිය පෙර දිනයේ හිරන්ත ආ අර අසරණ තරුනියට කලාක් මෙන්ම කවීශත් අන්ජලීවත් කඹවලින් බැද ඇති අර ගල් කනු දෙකෙන් නිදහස් කර හිස බිමට වැටෙන සේ එල්ලා තියුනු පොරවින් ඔවුන් දෙදෙනාගේ ගෙල කපා මරා දමන්නට සිතනවා ඇත.යක්ශයා හා යක්ශනිය එසේ සිතද්දී දමිත් හා කුසල් කසුනි තිදෙනා අර උස්ව නැගුනු කන්ද සහිතටවූ මාරගය තරනය කිරීමට හැකියා ව ලැබින.

” මේක යකාගේ කන්දක්නේ මේ වගේ කදු පාරක මීට කලින් නම් මම කවදාවත් ගිහිල්ලා නෑ”

එසේ කියූ දමිත් ත්රී වීල් එක මදක් නතර කලේය. ඒ කදු සහිත පාරේ වාහන ය එලාවාගෙන විත් ඔවුට හොදටම වෙහෙසය. පුදුමයට කරුන වුනේ දමිත් ත්රීවීල් එක නතර කලේද පෙර දින සුරංග විසින් ඔහුගේ වෑන් එක නතර කරන ලද තැනට මදක් සමීපවය.

” මේ පැත්තනම් දැන් භයානකයි. අරුන්ගේ අඩවිය මේ පැත්තනම් උන්ට දැනටමත් අපි ඇවිල්ල කියලා ඉව වැටිලද දන්නේ නෑ ”

කුසල් පැවසුවේ වට පිටා ව දෙස විපරම් කර බලන ගමන් ය. හාත් පසින්ම දක්නට ලැබුනේ විශාල ගස් කොලන් වලින් සමන් විතවූ ඝන වනාන්තරයයි.නාලක නම් කීවේ තමන් ලග අර #බලගතු පිහි දෙක තිබෙන තුරා ඒ අමුනුශ්ශයින්ට ඔවුන් ට කරදරයක් කරන්නට නොහැකිබවයි.ඒත් මෙතන දැන් තුන් දෙනෙකුම සිටී තියෙන්නේ පිහි දෙකක් පමනී.ඒ නිසා කරන්නේ මොකක්ද??????,, අනික අයියලා මේ පැත්තට ආවා කියා දැන ගන්නේ කෙසේද ?? සමහර විට ඔවුන් ඇවිල්ල තියෙන්නේ මේ පැත්තට නොවෙයිද??? වහා කලබලයට පත් වන චූටියා ට මෙවරද ඔවුන්ට කියන ලද පාර වැරදි පාරක්ද ??? කුසල් සිතන්නට වුනේ සැක යෙනි.

” කුසල් මේ බලන්ඩ මෙතන වාහනයක රෝද පාරවල් තියෙනවා ”

දමිත් ගේ හඩින් කුසල් පියවි සිහියට ආහ. ඔහු දුටුවේ දමිත් ඒ පටු පාරේ තැනකට වී ඇනකුට්ටන් ගසා ගෙන පොලව දෙස විමසිල්ලෙන් බලා සිටින ඉරියව්වකි.ඒ හඩට කුසලුත් කසුනිත් එතනට ගියහ.

” මටනම් හිතෙන්නෙ මේ අපේ අයියල ආපු වාහනයමයි. මෙතන එයාල ටික වෙලා වක් වාහනය නතර කරල ආපහු දිගටම ඉස්සරහට ගිහිල්ලා ,,අර බලන්ඩ අර අතන තියෙන පදුරු පොඩි වෙලා තියෙන හැටි.”

දමිත් කීවා හරිය . එතන පදුරු පොඩිවී ඇත.විමසිලිමත් දෑසින් එහෙ මෙහේ බලපු කසුනි මේ වෙලාවේ බිමට නැමී යමක් අහුලා ගත්තේය. එය තිබුනේ තනකොල ගොලල්ක සැගවී මෙන් ය. ##

” පොඩි අයියේ මේ බලන්ඩ මම හොයා ගත්ත දේ ”
තම නැගනිය පෙන්වූ දෙය හදුනාගන්නට කුසල්ට වැඩි වේලාවක් ගියේ නැත.එය දැක කුසල් තම කර ගෙල අත ගා බැලීය.

ඔහු පුදුමයට පත කරමින් තම ගෙලට දමා තිබූ ඉංග්රීසි k අකුර සහිත රත්තරම් මාලය තිබින.නංගීගේ ගෙලේද ඉංග්රීසි k අකුර සහිත ඇයගේ මාලය තිබෙනු කුසල් දුටුවේය. එහෙනම් මේ දැන් මොහොතකට කලින් නංගී විසින් අහුලා ඇති මාලය අනිවාර්යෙන්ම තම අයියා කවීශගේම මාලය විය යුතුය. එහි මාලයේ ඇති ඉංග්රීසි k අකුර තිබීම නිසා එය හොදටම පැහදිලි වෙයි.
**තම නම කුසල් වීමත් අයියාගේ නම කවීශ වීමත් නංගීගේ නම කසුනි වීමත් ඒ නම් තුනම පටන් ගන්නෙ ඉංග්රීසි හෝඩියේ k අකුරෙන් වීම නිසා මේ ආකරයට මාල තුනක් කවීශ විසින් සාදා එකක් ඔහුට ගෙන අනිත් දෙක කවීශ විසින් කුසල්ටත් කසුනිටත් දී ඇත.

” දැන්නම් සීයට සීයක් ශුවර අයියලම තමයි ඊයේ මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ ”

කසුනි විසින් අහුලන ලද මාලය තව වරක් හොදින් බලන ගමන් කුසල් පැවසුවේය.ඒ සමගම ඔවුන්ට ඇසුනෙ යම්කිසි හඩකි. ඒ හඩ ඇසෙන්නෙ අසල ඇත් ගසක් ඉහලින් බව තේරුම් ගන්නට ඔවුන්ට එතරම් වෙලාවක් ගියෙ නැත. ###

” බලන්ඩකො අය් යෙ අර ගහේ ලස්සන,, මල් පිපිලා තියෙන හැටියට ගහේ කොලවත් පේන්නේ නෑ ”

කසුනි දුටුවේ පෙර දින පලමුව අංජලී විසින් දකින ලද ඒ අරුම පුදුම විශාල ගසයි , අර අමුතු හඩ ආවේද ඒ ගසේ ඉහල සිටයි.

” අපිට දැන්නම් ඉස්සරහට මුහුනදෙන්ඩ වෙන්නෙ මේ වගේ අරුම පුදුම දේවල් වලටම තමයි.කෝකටත් කියල අර උල් පිහි දෙක දැන් අපේ අත්ට ගත්තොත් හොද යි.”

ඒ මල් පිපුන විශාල ගස දෙස බලමින් දමිත් පැවසුවේය. ඔහුද ජීවීතයේ මෙවන් ගසක් දුටුවෙ පලමු වතාවටය.

” අර අමුතු හඩ එන්නේ ඒ ගහේ උඩ ඉදලා ”

” අපිට අර යක්ශයො දෙන්න දෙන මොකක් ම හරි ඉගියක්වත්ද දන්නේ නෑ.”

කුසල් පැවසූ දෙයට දමිත් පැවසුවෙ එසේය. නාල්කගේ දේවාලයෙන් ඔහු දුන් පිහිදෙකින් එකක් දමිත් අතට දුන් කුසල් අනිත් එක තම නංගීට දුන් කුසල් ඇගේ අත අල්ල ගත්තේය. ඉන් පසු ඔවුන් තිදෙනා ඒ විශාල ගස යටට ගියේ අර අරුම පුදුම හඩ ඇසෙන්නේ කොහෙන්ද කියා බලන්නටය.

ඒ විශාල ගසේ අතු වග වසා සිටියේ ගනන් කරන්නටත් අසිරු තරමේ බස්සන් වගයකි. දිවා කාලයේ උන්ට ඇස පේන්නේ නැති බැවින් ඔවුන් සිටියේ නිදා ගෙන විය යුතුය.අර හඩ ඇවිත් තිබෙන්නේ ඒ බස්සෙකු නැගූ හඩක් බව ####තිදෙනාම තේරුම් ගැනීය.

” මේ තරම් බස්සො කන්දරාවක් මම ජීවීතේටම දැකල නෑ ”

දමිත් පැවසුවෙ අදහාගන්නටත් අසීරුවෙනි.

” දැන් බස්සො බල බලා ඉන්ඩ වෙලා වක් නෑ ,,
ඊලගට මොකක්ද කරන්නෙ කියල කල්පනා කරල බලමූ ”

කසුනි පැවසුවේ දැනටමත් තම ලොකු අයියාට මොනවා හරි වෙලාදෝ සිතමින් ය.

” අපි මෙ දිගටම අර පාරේ ඉස්සරහට යමු,, මොනව හරි ස්$$වක් අපිට ලැබෙන්නෙ නැතැයි. ”
ඒ බස්සන් ලැග සිටින විශාල ගස පසුකර ත් එහාට දිවෙන පාර ට අත දික් කරමින් දමිත් පැවසුවේය.

” උබලා ඒ ගහෙන් එහාට යන්ඩ හිතන්ඩවත් එපා ”
ඔවුන් තිදෙනාට පිටුපසින් ඇසුනේ කාගේදෝ ගැඹුරු ම ගැඹුරු කටහඩකි.මෙ පාලු වනාන්රයේ කිසි සේත්ම එවන් දෙයක් බලා පොරොත්තුනොවුනු කුසල් ,දමිත් හා කසුනි, ඔවුන් ලග තිබුනු උල් පිහි දෙක තදින් අල්ල ගත්හ. ඒ යක්ශයාට හා යක්ශනියට දැනටමත් ඔවුන්ගේ අඩවියට කවුරුන්හො ඇවිත් කියා ඉව වැටිලද????ඔහු ඒ ඉරියව්වෙන්ම පිටුපස හැරි බලද්දී දුටුවේ උඩුකය නිරුවත්වූ සරමක් පමනක් ඇදගෙන සිටි වයසක මිනිසෙක් ය.

මේ මනුශ්ශයෙක්ද ,,අමුනුශයෙක්ද කියා නාලක #####කියූ පරිදිසොයා බැලීමට කුසල් තම phone එකේ කැමරාව ඔන් කලේය. නමුත් ඉන් පෙනුනේ ඒ වයසක මිනිසාගේ රුවමයි.

” ඔයා කවුද ,, ඇයි ඒ ගහෙන් එහාට යන්ඩ එපා කියල කියන්නේ”

කුසල් ඇසුවේ කුතුහලයෙනි.

” මම කියල දැන ගන්න එකෙන් උබලට වැඩක් වෙන්නෙ නෑ ,,හැබයි උබල ඔය ගහෙන් එහාට ගියොත් උබලට ආයේ පන පිටින් නම්මේ පැත්තට එන්ඩ හම්බවෙන්නේ නෑ ,, උබල උන්ගේ බන්දනයට අහුවෙලා නම් නෑ තමයි. ,,, ඒත් උන්ගේ අඩවියට ඇතුල් වෙන උබල වගේ කොල්ලො කෙල්ලොන්ට උන් දෙන්න ගෙන් කිසිම ගැලවීමක් නම් නෑ ”

ඇත්තටම මෙසේ මේ කතාකරන වයසක මිනිස වෙන කවුරුවත් නොවේ ඊයේ සුරංගලාත් මෙතන ඉන්න විට අනතුරු අගවන ලද ඒ ඔවුන් ගොලු යැයි සිතන ලද මිනිසාමය.නමුත් ඔහු මෙදින කතා කලේය.
*
” කවුද උන් , මොකක්ද ඔය කියන බන්දනය”

මේ වයසක් මිනිසා පවසන්නේ අර අමුනුශයන් දෙදෙනා ගැනවත්ද සැකයෙන් කුසල් ඇසීය.

“මම කියන්නම් ,, උබල මේක අහලවත් උබලගෙ අදහස වෙනස් කරයිනේ ”

ටික වෙලාවක්නිහඩව සිටිය වයසක මිනිසා යලි කතා කලේය. ඔහු අත දික් කර අර බස්සන් ලැග සිටින ඒ වීශාල ගස ##### #ඔවුන්ට පෙන්වීය.

” ඔන්න ඔය ගහෙ මල් පිපෙන්නෙ වසර කීපයකට සැරයක් විතරයි. ඒ කාලෙට දරුනු යක්ශයෙකුයි යක්ශනියෙකුයි දීර්ග නින්දකට පස්සේ ඇහරෙනවා , උන් කන්නෙ මිනී මස් , බොන්නෙ මිනිස් ලේ , උන් උබලවගේ තරුන කොල්ලො කෙල්ලො උන් ලගට ගෙන්ව ගන්ඩ දරුනු බන්දනයක් කරනවා ,,උන් ඒවට පාවිච්චි කරන්නෙ වාහන ,, එහෙම බන්දන කරන වාහන මිලට ගන්න අය උන්ගෙ බන්දනයට අහුවෙලා ලේසියෙන්ම උන් ලගට ඇදිලා එනවා, මේ ගහේ ඉන්න බස්සො පාවිච්චිකරලා ලෙයින් ලියපු පනිවිඩත් වාහනේ මිලට ගත්ත් කෙනා ට හම්බ වෙන විදිහට උන් යවනවා ,, එතකොට ඒ බන්දනය තව තවත් ශක්තිමත් වෙනවා ,, මේ අමුනුශ්ශයින්ට උදව් කරන්ඩ තිරිසන් මිනිහෙකුත් ලෑස්ති වෙලයි ඉන්නේ ,, උන්ගේ අඩවිය වටේටම මේ වගේ මල් පිපෙන විශාල ගස් ගොඩක් තියෙනවා ඒ අතරෙ තමයි උන්ගෙ අඩවිය තියෙන්නෙ ,,,,ඒ කට ඇතුලු වුනාම ආයේ කටවත් පනපිටින් නම් එන්ඩ හම්බ වෙන්නෙ නෑ ,, මම එහෙම උන්ගෙ බන්දනයට අහුවෙලා එන අයව ආපහු හරවල යවන්ඩ කොච්චර උත්සහ කෙරුවත් වැඩක් වෙලා නෑ තවම ,, උබලට උන් බන්දනයක් කරල නැති හින්දයි මට කතා කරන්ඩ##### ## පුලුවන් වුනේ ,,නැත්නම් මට කතා කරන්ඩ බැරි වෙන්ඩ ඒ යක්ශයො මටත් බනදනයක් කරල තියෙන්නේ,, ඊයෙත් උන්ගෙ බන්දනයට අහුවුන උබලවගේ කෙල්ලො කොල්ලො හත් දෙනෙක් ඒ යක්ශනිය යක්ශයයි එක්කගෙන ගියා,,,”

අනිවාර්යෙන්ම ඒ තම අය් යාත් ගමන ගිය අනිත් හය දෙනාත් විය යුතුය. යකශයන් බන්දනය කර ඇත්තේ සුරංග අයියාගේ වාහනය ට බව මේ වන විට කුසල්ට හොදටම පැහදිලිය, ඒ නිසා තමයි ලක්ශ තිහක් වටිනා වාහනයක් ලක්ශ දහයකට සුරංග අයියට එය මිලට ගන්ඩ හැකියා ව ලැබි ඇත්තේ ”

කුසල් සිතන්නට විය.

“ඒ අපේ අයියලා ,,එයාලව උන්ගෙන් බේර ගන්ඩයි අපි ආවේ ,, ”

” ඒත් උබල කොහොමද මේ වගේ දෙයක් වෙන බව දැන ගත්තේ ”

කුසල් පැවසූ දෙයට වයසක මිනිසා පුදුම විය. කුසල් ඔහු දෙස බැලීය. වයසක මිනිසා විශ්වාස කරන්ඩ පුලුවන් බව ඔහුගේ මුහුන දකිද්දී කුසල් ට හැගුනි. ඒ නිසාම නාලකගේ දේවාලයේදී දැනගත් තොරතුරුත් ඉන් පසු ඔවුන් කරන කියන ලද දේවල් සියල්ලම කුසල් ඒ වයසක මිනිසා සමග පැවසීය.එසේ ඔහු පැවසුවෙ ඒ වයසක මිනිසාගෙන් පුංචිම පුංචි උපකාරයක්වත් ලැබේදෝයි සිතමින් ය.##### ###

” දමිත් අයියේ අපි දැන් දන්නවනෙ වෙලා තියෙන දේ ,, ඉක්මනට ඔය ත්රී වීල් එක ස්ටාට් කර ගන්ඩ අපි යමු ඉක්මනට අර ගහෙන් එහා පැත්තට ,,,අපි උන්ගෙ අඩවියට ආව කියල දැනගත්තහම උන් අපි ඉස්සරහට එයිනේ ”

කසුනි යුවතියක් වුවත් තම ලොකු අයියාගේ ජීවිතේ අනතුරේ බව දැනගෙන සහෝදර කැක්කුම නිසා නිර්භීතව සිටියාය.දමිත්ද ඈකියු දේ අසා ත්රීවීලය ස්ටාට් කලේ ඒ බස්සන් ලැග සිටින විශාල ගස පසුකර ඉදිරියට ඇදෙන්නටය.

” එපා දරුවනේ මම කියන දේ අහල ඔය ගමන යන්ඩ එපා ,,, ඒ යක්ශයයි යක්ශනියි හරිම දරුනුයි, ඒ වගේම හරිම කපටියි,, උබලට උන් දෙන්න එක්ක සටන් කරන්ඩ බෑ ,,උබල ඔය කියන අයියලව දැන් බේර ගන්ඩ බෑ,, වෙන්නෙ උබලත් උන් දෙන්නගේ තවත් ගොදුරු තුනක් වෙනඑක විතරයි.දෙය් යන්ගේ නාමෙන් ඔය යන ගමනනතර කරලා ආපහු වරෙල්ලා ..”

ඉදිරියට ඇදී යන ත්රීවීල් එකේ එල්ලෙමින් වයසක මිනිස ඔවුන් යන ගමන නතර කරන්නට බලවත් උත්සාහයක් ගත්තත් ,, ඔහුගේ වදන් වලට සවන් නොදුන් දමිත් කුසලුත් කසුනිත් සමග ත්රී වීල් එකේ නැගී ඉදිරියට ඇදෙන්න විය. තව මොහොතකින් ඔවුන් ඒ බස්සන් ලැග සිටින ඒ මල් පිපී තිබෙන විශාල ගස පසුකර යක්ශයා හා ##### ###යක්ශනිය අනසක පතුරවා සිටින ඒ ඔවුන්ගේ මාරක අඩවියට ඇතුල් වේවී.මේ කිසිත් නොදත් කුසල්ගේ සහෝදරයා කවීශ මේ වනවිට මරනය පෙනී පෙනී සිටියෙය. නැත ඔහු සමග අන්ජලීනම් අහින්සක යුවතියත් කවීශගේම බෝට්ටුවේ වැටී සිටියාය. කවීශගේත් අන්ජලීගේත් කකුල් දෙක බැද හිස බිම ට වැටෙන්න එල්ලූ යක්ශයා තියුනු පොරව රැගෙන කවීශ අසලට ගියේය. ඔහුගේ ඉලක්කය වුනේ පලමු පහරින්ම කවීශගේ ගෙල කදෙන් වෙන් වන්නට මාරක පොරෝ පහරක් එල්ල කිරීමයි.තම කුඩා කල පටන්ම ඇසුරු කරපු කල්යාන මිතුරා කවීශට වෙන දේ බලා සිටින්නෙ කෙලෙසද?? සුරංගගේත් , සුරේශ්ගේත්, නුවන්ගේත් ඇස් වලින් උනු උනු කදුලු බින්දු වැටුනෙ ඔවුන්ටත් මේ අවස්තාවෙ තම මිතුරාට උපකාරයක් කරන්නට නොහැකි නිසාය. ඔවුනුත් මේ අවස්තාවේ ඉතා අසරණය.************************ඊලග කොටසට gamana

✍Sagara Sampath

2 thoughts on “ගමන | 28 කොටස”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.