Katha Ahura

ආශාවරී |හැට හයවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

5/5 - (2 votes)

හැට හයවැනි කොටස

සාලෙ තනිවම හිටි ආකේශ්ගෙ හිත තිබ්බෙ හරිම නොසන්සුන්ව …ඔහුට ආශාවරීව දකින්න ඇය එක්ක කතා කරන්න ආවෙ ලොකු ආසාවක්….ඒ ආසාව හින්දම ඔහු නිතර නිතර උඩු මහල දිහාට නෙත් යොමු කලේ ආශාවරීගෙ රුව දැකීමේ අටියෙන්…ඒත් ඇය ඉන්නෙ ඇගේ කාමරේ හින්දා ආකේශ්ට ආශාවරීව දකින්න ලැබෙන්නෑ…

මෙයා පහලට එන්නැද්ද …අනේ..මං එන්නෙ ඔයාව බලන්නනෙ කෙල්ලෙ…පොඩ්ඩක් පහලින් ඉන්නෙපැයි මං එද්දි …මාව මැරි කරන්න කැමතියි කිව්ව එකේ තාමත් ඔයාට හිත හදාගන්න බැරි උනාද සදෙව්ව අමතක කරන්න..ඔයාට මාව මැරි කලාම සදෙව්ව අමතකම වෙලා යයි ආශාවරී …මං ඔයාට එයා දුන්නට වඩා ලොකු ආදරයක් දෙන්නං…ඒත්…ඒත් දැන් මට ඕන ඔයාව බලන්න….ඔයා ඉන්නෙ කාමරේද….??

හිත හිතම ඔහු සෝෆා එකෙන් නැගිට්ටෙ අත රැදි වතුර වීදුරුව ස්ටූල් එක උඩින් තියන්නත් ඔහුට අමතක උනේ හිත ආශාවරීව දකින්න පොරකන නිසා..බාගෙට වතුර ඉතිරිව තිබ්බ වීදුරුවත් අතැතිව ආකේශ් පඩිපෙල් නැගලා උඩුමහලට පිය මැන්නෙ ආශාවරීගෙ කාමරේට යන්න කියලා….ඒත් ආශාවරීගෙ කාමරේට යන්න ආකාශිගෙ කාමරේ පහු කරලා යද්දි ඔහුට ඇහුනෙ රුහාන්ගෙයි ආකාශිගෙයි කටහඩවල්….

” මං මේක සදෙව්ට ගිහින් කියනවා….” ආකාශිගෙ කාමරේ පහු කරනවත් එක්කම ආකේශ්ට ඇහුන ඒ වදන් වලින් ඔහුගෙ ගමන ඉබේම එකතැන නතර උනා…හද ගැහෙන වේගෙ එන්න එන්නම වැඩිවෙද්දි ඔහු මදක් ආකාශිගෙ කාමරේ අඩවල් කරලා තිබ්බ දොර ලගට ගිහින් ඇතුලෙ වෙන කතාවට ඇහුම්කන් දුන්නා….

” මං නංගිට කිව්වා රුහාන්…මං කිව්වා මං මේ ගැන සදෙව්ට කියනවා කියලා…ඒත්…ඒත් මං එහෙම කිව්වහම එයා කිව්වෙ මං හදිස්සියෙවත් එයා ආකේශ්ව මැරි කරන්න හදනවා කියලා කිව්වොත් ඒ එයා ජීවත් වෙන අන්තිම දවස වෙයි කියලා…මට බය හිතුනා රුහාන්…ඔයා දන්නවනෙ…ආශි දෙයක් කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම කරන කෙල්ලෙක් කියලා…ඒ හින්දා මට බය හිතුනා සදෙව්ට මේ ගැන කියන්න….ඩැඩී කිව්වෙත් ඒක දැන් අත ඇරලා දාන්න කියලා…ආශිට එයා කැමති විදිහට ඉන්න දෙන්න කියලා ඩැඩී කිව්වා..ඒකයි මං ඒ ගැන ආයෙ කතා කරන්න ගියේ නැත්තෙ….” ආකාශිගෙ කටහඩ ඇහුනෙ ඒ කටහඩේ ගැබ්වෙලා තිබුනෙ ලොකු දුකක්…ආකේශ් හරි උවමනාවෙන් අහන් හිටියෙ රුහාන් දෙන පිලිතුර දැනගන්න….

” නෑ ආකාශි …නෑ….ඔයාලා කරන්නෙ ලොකු වරදක්….. මේක සදෙව් දැනගන්නම ඕන…ආශි කොහොම මොනවා කිව්වත් එයා මේ කරන්නෙ ලොකු වැරැද්දක් …..” රුහාන් කිව්වෙ කලබලෙන්.රුහාන්ගෙ වචන වලට ආකේශ්ට කේන්ති ගියා..

” ඒත් රුහාන් නංගි මොනාහරි කරගත්තොත්…මට බය ඒක….”

” නෑ…ආශිට මොකුත්ම වෙන්නෑ….සදෙව්ට විතරමයි පුලුවන් ආශිව නවත්තන්න….සදෙව්ට පුලුවන් ඒ ආදරේට පුලුවන් ආශිව ජීවත් කරවන්න ආකාශි ….ඔයා බයවෙන්නෙපා …මං මේ හැමදෙයක්ම සදෙව්ට ගිහින් කියනවා..හැමදෙයක්ම ….එතකොට එයාට පුලුවන් ආශි ගැන බලාගන්න..මං කවදාවත් හිතන්නෑ එයා ආශිට නිකරුණේ මැරෙන්න දෙයි කියලා ….” රුහාන් එහෙම කියද්දි ආකාශි නිහඩ උනා…ආකේශ්ගෙ මූණ කේන්තියෙන් රතුවෙලා ගියා…ඔහු ආයෙම ආකාශිගෙ කාමරේ ලග ඉදලා පඩිපෙල් ලගට එන්න ආවෙ තරහින් .

උබ…උබ මහ කැත වැඩක් කරන්න යන්නෙ රුහාන්…මෙච්චර දුරක් ඇවිල්ලා මට ආයෙ මගින් හැරෙන්න බෑ…..ආශි මගේ…මගේ ආශිව මං කාටවත්ම දෙන්නෑ….උබට මං මේ ආරංචිය සදෙව්ගෙ කනේ තියන්න දෙන්නෑ……රුහාන්…උබ මට විරුද්ධ වෙලා කරගත්තෙ ලොකු වැරැද්දක් ….උබට මං සදෙව් ලගට යන්න දෙන්නෑ….ඔව්….උබ අද සදෙව්ව හම්බවෙන්න යන්නෑ….

ආකේශ් හිත හිතම කේන්තියෙන් බලා හිටියෙ ඔහු අත තිබ්බ වතුර වීදුරුව දිහා..

මේ වතුර උබව අද සදෙව්ගෙ ලගට යන එකෙන් නවත්තයි…සොරි රුහාන්….ආශි ලග මට උබව සත පහකට වැඩක් නැහැ….

ආකේශ් හිත හිතම අත රැදි වීදුරුවෙ තිබ්බ වතුර වලින් ටිකක් පඩිපෙල මුල හැලුවා…එහෙම හලලා ඔහු වීදුරුවත් අරන් පහලට එන්න ආවෙ රුහාන් ගැන ඉපදි නොනිමි කේන්තියෙන් … පහලට ආව හැටියෙ ආකේශ් වීදුරුව ස්ටූල් එක උඩින් තියලා සෝෆා එකේ වාඩි උනේ ඒ හාම වගේ මහේශ් සරමක් හා කමිසයක් ඇදන් ආකේශ් හමුවට ආවා .ඒ හිනාවෙන් මුව සරසගෙන….

” ආකේශ් පුතා….කොහොමද ඔයාට…” මහේශ් හිනාවෙවීම සෝෆා එකෙන් වාඩි උනේ ආකේශ්ගෙ මුහුණ දිහා හොදින් බලන ගමන්..ආකේශ් තමන්ගෙ කලබලය ආයාසයෙන් වසන් කරගත්තා…ඔහුත් හිනාවෙලා කතා කරන්න පටන් ගත්තා…

” හොදින් ඉන්නවා අන්කල්….ඔයාලා හොදින්ද …ආශි එහෙම…හොදින් ඉන්නවනෙ…” ඔහු කතා කලේ උඩුමහල දිහත් බල බල…ඔහු ලාවට වගේ දැක්කෙ ආකාශිගෙ කාමරේ ඉදන් එලියට එන රුහාන්ව…හදවත අසාමාන්‍ය අන්දමින් ගැහෙන්න ගනිද්දි ආකේශ් නොසන්සුන් උනා…නලලට දා බිදු එකතුවෙන්න ගනිද්දි ඔහු සුරතින් ඒවා පිහිදාන්න ගත්තා…දැන් නං ඔහු ඉන්නෙ තරමක් බයෙන්.

” අපිත් හොදින් ඉන්නවා පුතා…ආශිත් හොදින්….මං ඔයාට මේ එන්න කිව්වෙ….ආශි ඔයාව මැරි කරන්න කැමතියි කිව්ව එකේ ඔයාගෙ පවුලෙ විස්තර දැනගන්න කියලා…අද මෙහෙම තනියම ආවට දවසක අම්මයි තාත්තයි දෙන්නම එක්ක මෙහෙ එන්න ඕන මනමාලි බලන්න…..” මහේශ් කිව්වෙ ආකේශ්ගෙ මුහුණ හොදට පිරික්සන ගමන්.මහේශ්ට ඕන උනේ ආකේශ්ගෙ මූණෙ වෙනස් වීම් ග්‍රහණය කරගන්න.මහේශ් කිව්ව කතාවට ආකේශ්ගෙ මුහුණ අදුරු වෙලා ගියා ..තමන් අනාතයෙක් බව දැනගත්තොත් ඔහු තමන්ට ආශාවරීව නොදී ඉදීද කියලා සැකයක් ආකේශ්ගෙ හිතට දැනුනා…ආකේශ්ගෙ මුහුණෙ ක්ශනික වෙනස අදුනගත්ත මහේශ්ගෙ හිතත් නොසන්සුන් උනේ ඔහුට ආකේශ්ගෙ විස්තර දැනගන්න කල් ඉවසිල්ලක් නෑ…..

” ආහ්..අන්කල් මේ….” ආකේශ් කියන්න කට ගත්තා විතරයි ඔවුන්ට ඇහුනෙ රුහාන්ගෙ කෑගැහිල්ලක්…

” අම්මෝහ්…..”

මහේශුයි ආකේශුයි හිද හුන් තැනින් ක්ශනිකව නැගිට්ටෙ ඔවුන් දැක්කෙ රුහාන් පඩිපෙල් දිගේ උඩ ඉදන් පහලට රෝල් වෙවී රෝල් වෙවී වැටෙනවා….ආකේශ්ගෙ සිතැගි අනුවම රුහාන් ආකාශිගෙ කාමරේ ඉදලා එලියට ඇවිත් පඩිපෙල් බහින්න පඩිපෙල් ලගට එද්දි ඔහු අඩිය තිබ්බෙ ආකේශ් බිම හලපු වතුර ගොඩ උඩට….වතුර උඩට පය තිබ්බ රුහාන් එකපාරටම ලිස්සලා ගියේ ඔහුට අත්වැට අල්ලගන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැ..ඔහුගෙ අවාසනාවට උඩ ඉදලා පහලටම පඩිපෙල් දිගේ පෙරලෙන්න ගත්තෙ අවසාන පඩි කිහිපය ඔහුගෙ රක්ත වර්ණ ලේ වලින් සැරසිලා තිබුනා….රුහාන්ගෙ කෑගැහිල්ලට ආකාශි කාමරේ ඉදන් එලියට එද්දි ඇය දකින්නෙ තමන්ගෙ ප්‍රේමවන්තයා පඩිපෙල් පාමුල ලේ විලක් මැද තනිවෙලා ඉන්නවා…

” රුහා….න්….” ආකාශිගෙ කෑගැහිල්ලට ආකේශුයි මහේශුයි පියැවි සිහියට ආවෙ..

” මචං…රුහාන්..!!”

” රුහාන්!!!”

..ඔවුන් දුවලා ගියේ පඩිපෙල් පාමුල නිසොල්මනේ වැතිර ඉන්න රුහාන් ලගට…ආකාශිත් කෑගගහම වේගයෙන් පඩිපෙල් බැහැගෙන එන්න ආවෙ ඇයගෙ සද්දෙට ආශාවරී වගේම පහල කාමරේ හිටි නදීකාත් දුවගෙන එලියට ආවා….

” රුහාන්….” මහේශ් හනිකට ලං උනේ රුහාන් ලගට….පඩිපෙල් බොහෝමයක් උඩ ඉදන් පහලට වැටුන නිසා රුහාන්ගෙ ඔලුව බිම වැදිලා පැලිලා ගිහින් තිබුනෙ ලේ වරුසාවක් බිම විසිරිලා තිබුනා….දෑස් පියන් නිසොල්මනේ ඉන්න රුහාන්ගෙ හදවත තවමත් හිමින් ගැහෙමින් තිබුනා…

” රුහාන්…අනේ…රුහාන්….” යටිගිරියෙන් කෑගගහා ආකාශි ලේ වලින් නැහැවිලා ඉන්න රුහාන් ලගට ආවෙ ඇය ලේ උඩම බිම වාඩි උනේ රුහාන්ගෙ හිස තම උකුල උඩට ගන්න ගමන්.ඒ හාම එතනට ආව නදීකාටත් තරමක් හයියෙන් කෑගැස්සුනෙ ඇය දුටුව දසුනෙ භයානක කමට.ආශාවරීත් පඩිපෙල් දිගේ දුවගෙන පහලට එන්න ආවෙ තව පොඩ්ඩෙන් ඇයත් වතුර මත ලිස්සලා වැටෙන්න ගියේ…ඇය හැකි ඉක්මනින් අත් වැට අල්ලගත්තෙ ඇය නං මාරයාගෙන් ගැලවුනා..

” රුහාන්…රුහාන්…ඇස් අරින්න…රුහාන්….රුහාන්…” ආකාශි පිස්සුවෙන් වගේ ඔහුගෙ දෙකම්මුල් වලට තට්ටු දාන ගමන් අඩ අඩම කතා කලේ ඇයගෙ හද පුදුම විදිහට වේදනා දුන්නා රුහාන් ඉන්න හැටි දැකලා..ඇගේ දෑස් වලින් එකපෙළට වැටෙන කදුලු ගංගාව රුහාන්ගෙ ලේ වලින් නැහැවිලා තිබ්බ මූණට වැටිලා ගලා ගියේ ඒ උනුහුම යාම්තමින් රුහාන්ට දැනුනත් ඔහුට ප්‍රතිචාර දක්වන්න පුලුවන් කමක් තිබුන්නෑ…ආකාශිගෙ හද බයෙන් ගැහෙන්න ගත්තෙ කවදාවත් නැති විදිහට .. …මෙවර නං මහේශ් හිටියෙත් හිතාගන්න බැරි විදිහට හොදටම බය වෙලා…රුහාන්ට කිසිත් උනොත්…ඔහුට හිතෙන්න ගනිද්දි ඔහුගෙ දෑස් වලත් ඉබේටම කදුලු පිරෙන්න ගත්තා…ආකේශ්ගෙ හිතත් ටිකක් නොසන්සුන් වෙලා තිබුනෙ ඔහුට ඕන කලේ රුහාන්ට තුවාල කරලා ඔහුගෙ ගමන වලක්වන්න විතරයි….හැබැයි දැන් රුහාන් ඉන්න හැටි දැක්කහම ආකේශ්ට බය හිතුනෙ හදිස්සියෙවත් රුහාන් මියගියොත් කියලා…මුලු ඇගම ගැහෙන්න ගනිද්දි ඔහුත් ආකාශි ලගින් වාඩිවෙලා රුහාන්ට කිට්ටු උනා.

” රුහාන්….රුහාන්….ඇස් ඇරහන් රුහාන්….රුහාන්….” ආකේශ් වෙව්ල වෙව්ල රුහාන්ගෙ පපුවට අත තියලා හෙලෙව්වෙ ඒත් එක්කම ආශාවරී උඩ ඉදන් පහලට දුවගෙන ආවා.

” අනේහ් ….රුහාන්……අපි මෙයාව ඉක්මන්ට hospital අරන් යමු ඩැඩී…ඉක්මන්ටම …..” ආශාවරී අඩ අඩම කලබලෙන් කිව්වෙ ඇගේ දෑසුත් කදුලින් බොදවෙලා ගිහින් තිබුනා…..ඒ බහට අවනතව මහේශ් ආකේශ්ගෙ උදව්වෙන් රුහාන්ව ඔසවලා අරන් වාහනේට දාගත්තෙ ඉක්මන්ටම hospital අරන් යන්න…

විනාඩි 10කින් විතර හැමෝම පන්නිපිටියේ nursing home එකට රුහාන්ව අරන් ගියේ ඒ හාම ඔහුව ප්‍රතිකාර සදහා අරන් යන්න කලින් වෛද්‍යවරයෙක් පරීක්ෂාවට ලක් කලා…වෙද නලාව රුහාන්ගෙ පපුවට තියලා පරීක්ෂා කරපු ඔහුගෙ මුහුණෙ ඇදුනෙ එච්චර හොද පෙනුමක් නං නෙවේ…..ඔහු දිහාවට නෙත් යොමු කරන් හිටිය ආකාශිගෙ හදවත අසාමාන්‍ය අන්දමින් ගැහෙන්න ගත්තා….ඇයට රුහාන්ගෙ ජීවිතේ ගැන දැනුනෙ ලොකු බයක්…

” මෙයා නැතිවෙලා…..තව විනාඩි පහකටවත් කලින් ගෙනාවනං බේරගන්න තිබුනා….සොරි…” වෛද්‍යවරයා එහෙම කිව්වෙ කට්ටියම ඒ ඇහුන වදන් වලින් පිස්සු වැටුනා. ආශාවරීගෙ දෑසින් එකපෙලට කදුලු කඩන් පනිද්දි ඇය බැලුවෙ ආකාශි දිහා…ඇය කිසිම කතාවක් නැතුව රුහාන්ගෙ ලේ වලින් වැහිලා දෑස් පියවී තිබ්බ කඩවසම් මුහුණ දිහා බලාගෙන හිටියෙ දෑස් විසල් කරගෙන….ආශාවරී ආකාශි ලගට කිට්ටු උනේ නදීකාත් ආකාශි ලගට එන්න ආවෙ අඩ අඩ…

” බලන්න..නංගි…බලන්න…එයා…එයා …එයා යන්න ගියාලු…..මාව දාලා ගියාලු….එයා යන්න ගියා….එයත් යන්න ගියා…” ආකාශි කිව්වෙ ඇගේ හඩ ඇහුනෙ කැඩි කැඩි..අඩලම..කෑගහලම ඇයගෙ උගුර බැරැන්ඩි වෙලා තිබුනෙ…ආකාශිගෙ හැසිරීමට ආශාවරීටත් හයියෙන් ඇඩුනා..

” අනේහ් අක්කා….”

” ඔයාට…ඔයාට පුලුවන්ද මාව දාලා යන්න …ආ…ඔයා මාව දාලා යන්න ගියා …හිත…හිත හදාගත්තෙ කොහොමද රුහාන් ඔයා..ආ…ඔයා කොහොමද මාව දාලා යන්න හිත හදාගත්තෙ…” ආකාශි දොඩවන්න ගත්තෙ රුහාන් දිහාම බලාගෙන .ඇගේ දෑස් වලින් එකපෙලට කදුලු කඩන් වැටුනත් ඇගේ මුහුණෙන් හැගීම් පෙනුන්නෑ…

” දූ…අනේහ්…” නදීකා ආකාශිව අල්ලගත්තෙ ඇය ටික ටික ටික ටික රුහාන් ලගට කිට්ටු උනා..ට්‍රොලිය උඩ නිහඩ වෙලා ඉන්න රුහාන් දිහා ආකාශි බලා හිටියෙ ඇගේ දෑස් වලින් වැටෙන කදුලු ඔහුගෙ සුරතට වැටුනත් ඒ උනු කදුලු වල උනුහුම ඒ සීතල වෙච්ච ඇගට දැනුන්නැහැ….

” නැගිටින්න…රුහාන්…ඔයා ඇයි මේ නිදාගෙන…නැගිටින්න…නැගිටින්න රුහාන්…නැගිටිනවා ඕයි….මාව දාලා යන්න හිතුවා මදි…නැගිටිනවා රුහාන්….නැගිටිනවා…ඇස් අරිනවා…ඇස් ඇරලා ඔයාගෙ ආකාශි දිහා බලනවා…ඇස් අරිනවා රුහාන්….ඇස් ඇරලා මා දිහා බලන්න රත්තරං …අනේ රුහාන්..මාව දාලා යන්න එපා …රුහාන්.අනේ මාව දාලා යන්නෙපා මං මැරෙයි රුහාන්…මං මැරෙයි…මට ඔයාව ඕන…මාව දාලා යන්නෙපා..අනේහ්..” ආකාශි හයියෙන් අඩාගෙනම රුහාන්ව හොලවන්න ගත්තෙ ඇයව මහේශ් කොච්චර සන්සුන් කරන්න හැදුවත් එය සාර්තක උනේ නැහැ….

” නැගිටින්නකො අනේහ්..නැගිටින්න රත්තරං ….නැගිටින්නකො…මාව දාලා යන්නෙපා…අභී වගේ ඔයත් මාව දාලායන්නෙ ඇයි රුහාන්…ඔයාට දුක නැද්ද ….ආහ්…දුක නැද්ද රුහාන්….හහ්…ඉහ්..අපි ඉක්මන්ට මැරි කරන්නනෙ හිටියෙ…කෝ…එහෙම තියෙද්දි ඔයා මාව මෙහෙම දාලා ගිහින් හරියනවද….ආ…අනේ මාව දාලා යන්න එපා රත්තරං …අනේ ආයෙ එන්න…මට මේ දුක දරාගන්න බැහැ…ආහ්…හහ් .
ඉහ්….” ආකාශි අඩන්න ගත්තෙ රුහාන්ගෙ පපුවෙ හිස තියාගෙන….ඇය සේම ආශාවරීයි නදීකායිත් හොදටම අඩන්නෙ ආකාශිගෙ දුක දැනිලා…කොහොමත් පොඩි කාලෙකින් උනත් රුහාන් මේ පවුලට ගොඩක් සමීප උනේ ඔහු මේ පවුලෙම කෙනෙක් වගේ හිටියෙ….මහේශ්ට..නදීකාට රුහාන් හොද පුතෙක් උනා වගේම ආශාවරීට හොද සහෝදරයෙක් උනා ඔහු….ඒ නිසාම ඔහුගෙ වියෝව මේ සැමටම ගෙනාවෙ දැඩි වේදනාවක්…මොවුන් විතරක්ද…ආකේශ් උනත් රුහාන්ගෙ නිසල සිරුර දිහා බලා හිටියෙ දුක මුසු පසුතැවිල්ලකින් .

අනේහ්..මං මොකද්ද මේ කලේ…මං..මං ….මං කොහොමද මෙහෙම කලේ…අයියෝ…අනේ රුහාන් …මට සමාවෙයං බං…මං….මං හිතලා කරපු දෙයක් නෙවේ…මට…මට ඕන උනේ උබට තුවාල කරලා උබේ ගමන නවත්තන්න විතරයි …නැතුව උබව මරන්න මට ඕන උන්නෑ රුහාන්…මේ ඇත්තමයි…අනේ දෙවියනේ ….මං කරපු මෝඩ වැඩෙන් වෙච්ච හරියක්…අනේ මට සමාවෙයං රුහාන්…මට සමාවෙයං….

ආකේශ් අඩ අඩම කල්පනා කරන්න ගත්තෙ ඔහුගෙ හිත පුදුම විදිහට වේදනා දුන්නා…

සොරි රුහාන්…මගෙයි වැරැද්ද ..මට තිබ්බා …මට තිබ්බා ඒ වගේ දෙයක් නොකර ඉන්න..මට දෙපාරක් හිතන්න තිබ්බා…හිතේ කේන්තියට උබව නවත්තන්න මං කරපු වැඩෙන් උබේ හුස්ම සදහටම නවතියි කියලා මං හීනෙකින් වත් හිතුවෙ නෑ මචං…මට සමාවෙන්න ….උබ මැරුනෙ මං හින්දා….නෑ….උබව මරලා දැම්මෙ මං..දෙවියනේ …මං …මං මිනී මරුවෙක් ද දැන්….රුහාන්ව මැරුවෙ මං කියලා…පොලීසියෙන් මාව හොයාගනීද…මාව හිරේ දායිද…එහෙම වෙයිද…

ආකේශ්ට හිතෙන්න ගත්තෙ ඔහුගෙ කදුලු වැල් නතර වෙලා ගිහින් නලලට දා බිදු එකතුවෙන්න ගත්තා…ඔහු පුදුම විදිහට බය උනේ රුහාන්ගෙ මරණයට වැරදිකාරයා වෙලා තමන්ට එල්ලුම්ගස් යන්න වෙයි කියලා..කටේ කෙලත් හිදිලා ගිහින් මුලු මූණෙම ලේ හිදිලා ගිහින් වගේ සුදුමැලි වෙන්න ගත්තෙ ඔහු බයෙන් වෙව්ල වෙව්ල හිටියෙ

” ඔය ඇති දරුවො….ඔය ඇති..අනේහ්….” නදීකා රුහාන්ගෙ නිසල සිරුර බදාගෙන අඩ අඩ හිටිය ආකාශිව මල සිරුර ලගින් අහකට ඇදන් ආවෙ ඇය නදීකාව බදාගෙන හොදටම ඇඩුවා…මොහොතකින් රුහාන්ගෙ මළ සිරුර මෝචරියට අරන් ගියා…ආකාශි අඩ අඩම ඔහේ කියවන්න ගත්තෙ ඇගේ මුලු මූණම රතුවෙලා ඉදිමිලා ගිහින් තිබ්බා ..ආශාවරීත් පැත්තකට වෙලා හොදටම අඩනවා…හදවත පුදුම විදිහට වේදනා දෙද්දි ආකාශි මෙතෙක් වෙලා වාඩිවෙලා හිටි පුටුවෙන් නැගිට්ටා….

” ලොකූ….??” නදීකා කලබලෙන් ඇහුවෙ ආකාශි කාටත් නොදන්වා ඔවුන්ගෙන් ඉවතට වේගයෙන් යන්න ගනිද්දි ….

” ලොකූ කොහෙද යන්නෙ…අනේ…මහේශ් …” නදීකා කෑගහන්න ගත්තෙ ආකාශි කාගෙවත් අණට කීකරු නොවී ඉස්සරහට ඉස්සරහට ගියා…මහේශ් දුවලා ආවෙ නදීකා එක්කම ආකාශි ලගට.

” දූ….ඉන්න….කොහෙද දරුවො යන්නෙ…..” මහේශ් තදින් ආකාශිව අල්ලගත්තෙ ආකාශි කලබල කලා ඔහුගෙ දෑත් වලින් මිදෙන්න…

” මට ඉන්න දෙන්න ඩැඩී…මට මැරෙන්න ඕන…මට බැහැ රුහාන් නැතුව ඉන්න…මට මැරෙන්න ඕන….මට ඕන එයා එක්කම එයා යන තැනකටම යන්න….මට යන්න දෙන්න…යන්න දෙන්න මට…” ආකාශි කෑගහන්න ගත්තෙ ආශාවරීත් ඈ දිහාට දුවලා ආවෙ අඩ අඩ.

” අනේහ් අක්කෙ…අනේ…සන්සුන් වෙන්නකො අක්කෙ….අනේ අඩන්නෙපා…ඔහොම හැසිරෙන්නෙපා අක්කි….අනේ….” ආශාවරී ආකාශිගෙ අතේ එල්ලුනෙ ආකාශි ඒ අත් ගසලා දාන්න උත්සාහ කලා.

” මට යන්න දෙන්න….මට පාඩුවෙ ඉන්න දෙන්න…ඔයාලට තේරෙන්නෑ මගේ දුක…..මේ දුක ඔයාලට තේරෙන්නෑ …මට මැරෙන්න ඕන….මට මැරෙන්න ඕන….එයා නැතුව මට ජීවත් වෙන්න බැහැ….” ආකාශි අඩ අඩම ඇයව ග්‍රහණය කරන් ඉන්න අත් ඉවත් කරන්න හැදුවෙ.

” අපිට තේරෙනවා අක්කි…අපිට ඔයාගෙ දුක තේරුම් ගන්න පුලුවන් ….අපිටත් දුකයි අක්කා …අපිටත් දුකයි රුහාන් අයියා ගැන….” ආශාවරී අඩ අඩ කිව්වා .

” නෑ…..ඔයාට තේරෙන්නෑ….ඔයා කොහොම දැනගන්නද ආදරේ අහිමි වෙන වේදනාව … එයා…එයා ආයෙ එන්නෑ කියලා හිතනකොට පපුවට දැනෙන වේදනාව ඔයා කොහොම දැනගන්නද….ඔයාට ඒ වේදනාව දැනෙන්න නං සදෙව් මැරෙන්න ඕන…සදෙව් මැරුනොත් අන්න එදාට මගෙ වේදනාව ඔයාට දැනෙයි…යනවා යන්න එහාට…මට ඉන්න දෙන්න….මට ඉන්න දෙනවා….හහ්..ඉහ්…” ආකාශි අඩාගෙනම බිම වාඩි උනේ ආශාවරී ඒ ඇහුන වදන් වලින් අඩි දෙකක් පමණ ආපස්සට ගියේ හදවත පුදුමාකාර වේගයෙන් ගැහෙන්න ගනිද්දි .ඇගේ සුරත ඉබේටම ගියේ වේගයෙන් ගැහෙන පපුව මතට.

ඔයාට ඒ වේදනාව දැනෙන්න නං සදෙව් මැරෙන්න ඕන…සදෙව් මැරුනොත් අන්න එදාට මගෙ වේදනාව ඔයාට දැනෙයි..

ආකාශිගෙ කතාව ආශාවරී කන් ඇතුලෙ රැව්පිලිරැව් දුන්නෙ ඇයගෙ හදවත පුදුමාකාර විදිහට වේදනා දෙන්න ගත්තා..හයියෙන් හුස්ම ගන්න ගමන් ආශාවරී වටපිට බල බල සන්සුන් වෙන්න හැදුවත් එය හරිගියේ නැහැ…ආකාශිගෙ මුවින් හිතන්නෙ බලන්නෙ නැතුව ඒ පිට උන වදන් වලට ආශාවරී කොච්චර කලබල උනාද කියනවනං ඇයට සදෙව් ගැනත් ආවෙ ලොකු බයක්….

” නෑහ්…මගෙ සදෙව්ට මුකුත් වෙන්නෑ…..නෑහ්…මගෙ සදෙව් …මගෙ සදෙව් …මගෙ සදෙව් මැරෙන්නෑ…මං එයාට මැරෙන්න දෙන්නෑ..” ආශාවරීත් අඩාගෙනම අහකට දුවන්න ගත්තෙ ඇය පස්සෙන් ආකේශ් දුවලා යන්න ගත්තා…ඔහුට තේරුනා ආකාශිගෙ නපුරු වදන් වලින් ආශාවරීගෙ හිත හොදටම රිදිලා තියෙන්නෙ කියලා…මේ මොහොතෙ ඇයව තනි නොකරන්න ඔහු තීරණය කලා..ඒ නිසාමයි දුකෙන් ඉන්න ආශාවරීව සන්සුන් කරන්න ආකේශ් ඇය පසුපසින් වැටුනෙ….ඒ අතරෙ මහේශ් නදීකා එක්ක එකතුවෙලා ආකාශිව අන්තිමේදි කොහොමහරි සන්සුන් කලා…ඇයව ගෙදර එක්කන් යන්න නදීකාට බාර කරපු මහේශ් ගියේ රුහාන් සම්බන්ද ලියකියවිලි වගයකට අත්සන් කරන්න…මේ අතරෙ පහල වාහනේ ලගට ආව ආශාවරී හොදටම අඩන්න ගත්තෙ මේ චූටි කාලයෙදි වෙච්ච දේවල් දරාගන්න බැරිව…ඇය අසලටම වෙලා ආකේශ් ඇයගෙ හිත හදන්න උත්සාහ කලා….

” අක්කා කොහොමද එහෙම කිව්වෙ…මගෙ සදෙව් …අනේ…එයා මැරුනොත් මාත් මැරෙයි….එයාගෙන් වෙන් වෙන එක මට මෙච්චර ලොකු දුකක් නං එයා මාව දාලා සදහටම යන්න ගියොත් …අනේ එහෙනං මාත් මැරෙනවා….මට බැහැ එයා නැතුව ඉන්න…අක්කාටත් එහෙමම දැනෙනවා ඇති….ඔව්..අක්කි රුහාන්ට කොච්චර ආදරේ කලාද…..රුහාන් මැරුනම අක්කට මෙච්චර දුක ඒකයි.අනේ මගෙ අක්කා…මට ඔයාගෙ දුක තේරෙනවා…මට තේරෙනවා අක්කි ඔයාගෙ දුක….හහ්…ඉහ්….” ආශාවරී ඉකි ගගහා අඩ අඩම කියෙව්වෙ ආකේශ් ඇයගෙ හිස පිරිමදින්න ගත්තා .ඇයගෙ කදුලු ලග වගේම රුහාන්ගෙ වියෝවත් ඔහුගෙ දෑසුත් කදුලින් පුරවලා තිබුනෙ.

” අඩන්නෙපා ආශි…ප්ලීස් …සන්සුන් වෙන්න …අඩන්න එපා….උන දේ උනා..අපි බලමු ඉස්සරහට මොකද්ද කරන්නෙ කියලා…” ආකේශ් කදුලු පිහිදගන්න ගමන් එහෙම කිව්වා…මේ අතරෙ නදීකා ආකාශිව අරන් hospital එකෙන් එලියට ආවා…ඇය ආකාශිව අරන් ප්‍රාඩෝ එකේ ගෙදර එන්න ආවෙ තවත් ඇයව එහි තියාගෙන ඇගේ හිතේ දුක වැඩි කරන්න ඕන නැති හින්දා…ආශාවරී ආකේශ් එක්ක hospital එක ලග නතර උනේ මහේශ් එක්ක රුහාන්ගෙ වැඩ කටයුතු කරගන්න පහසු වෙන්න.

ගෙදර ආව හැටියෙ නදීකා අමාරුවෙන් උනත් ආකාශිට නිදි පෙති දෙකක් දීලා නිදි කෙරෙව්වෙ ආකාශි අඩ අඩම නින්දට වැටුනා….

” මොකද්ද දෙවියනේ අපිට මේ උනේ….ඇයි මගේ දරුවන්ට නිතරම මෙහෙම දුක් දෙන්නෙ….දෙන ඕනම වේදනාවක් මට දෙන්න මගේ දරුවන්ට පාඩුවෙ ඉන්න දෙන්න…මේ පුංචි හිත්වලට මේ දුක් කොහොම දරාගන්නද…මැරිලා යයි මගෙ දරුවා මේ දුක උහුලගන්න බැරිව…..අපිව නිතරම මෙහෙම පරීක්ශාවට ලක් කරන්න එපා..ඔබ වහන්සේට දුක නැද්ද අපි ගැන..හහ්….ඉහ්….” ආකාශිගෙ යහන මත්තෙන් වාඩිවෙලා නදීකා හොදටම අඩන්න ගත්තා….ඇයට දැඩි වේදනාවක් දැනෙන්නෙ ආකාශි මෙහෙම විදවනවා පෙනෙද්දි…ඒත් දැන් ඇය කියලා මොනා කරන්නද….වෙච්ච දේ වෙලා ඉවරයිනෙ…ආකේශ්ගෙ නොමනා ක්‍රියාව හින්දා වටිනා ආදරණීය ජීවිතයක් මෙලොවින් සදහටම සමු අරන් ගියා….ඒ ලොකුම දුකක් ආකාශිට ඉතුරු කරලා..

සාලෙ බිම තිබ්බ රුහාන්ගෙ ලේ පැල්ලම් වගේම පඩිපෙල් මත තැවරිලා තිබ්බ ලේ පැල්ලම් නදීකා සාරාට කියලා පිරිසිදු කරලා දැම්මා.රුහාන්ගෙ මරණය හදිසි අනතුරක් නිසා සිද්ද වූවක් කියලා සටහන් වෙද්දි ආකේශ් සැනසුම් සුසුම් හෙලුවෙ ඔහු බයේ හිටියෙ රුහාන්ගෙ මරණයට ඔහු සම්බන්ද නිසා ඔහුව පොලීසියෙන් අරන් යාවි කියලා….ඒත් මහේශ්ගෙ ඇසින් දුටු සාක්ශියට ඒ සියල්ල කනපිට පෙරලුනෙ ඔහුගෙ මරණ වාර්තාවෙ ආවෙ එය හුදෙක් මිනීමැරුමක් නොව පය පැටලී උඩු මහලෙ සිට පහලට වැටීම ලෙසයි.හවස් වෙද්දි රුහාන්ගෙ මළ සිරුර මහේශ්ගෙ බංගලාවට ගෙනාවා….මුලු බංගලාවම සුදු කොඩි වලින් සරසලා හැමෝම සුදු පිරුවට ඇදන් හිටියෙ….සාලෙ මැද තිබුනෙ කිරිගරුඬ ඇත්දල දෙකක් මැද සතපලා හිටි රුහාන්ගෙ නිසල සිරුර… සුදු කලිසමට සුදු කමිසයයි සුදු කෝට් එකයි අන්දලා දෑත් එකට බැදගෙන දෑස් පියන් ඔහේ කිසි ගානක් නැතුව ඉන්න රුහාන්ගෙ මලසිරුර දිහා බලාගෙන නදීකායි ආශාවරීයි හොදටම අඩනවා…ආකාශි නං නිදිපෙති වල සැරට තවමත් හොදටම නිදි….ඒත් හවස හයට විතර ආකාශි නින්දෙන් නැගිට්ටෙ ඇගේ මුලු ඇගම වේදනා දෙන්න ගත්තා තෙහෙට්ටුවට…නදීකා ආකාශිව කොහොමහරි සන්සුන් කරලා සුදු ඇදුමකින් ඇයව සරසලා පහලට ගෙනාවෙ රුහාන්ගෙ මල සිරුරට ගෞරව දක්වන්න…උඩ තට්ටුවෙ ඉදන් පහලට එන්න ආව ආකාශි දැක්කෙ ලස්සනට සරසලා තිබ්බ සුදට සුදේ බැබලි බැබලි ඉන්න රුහාන්ගෙ මලසිරුර…අවට ගෙවල්වල පිරිමි කිහිප දෙනෙකුත් කාන්තාවන් සිව් දෙනෙකුත් බංගලාවට ඇවිත් හිටියෙ මිනියෙ වැඩ කටයුතු වලට උදව් කරන්න…ආකාශිව වත්තන් කරගෙන නදීකා පඩිපෙල් බැහැගෙන එන්න ආවා…ආකාශිව අල්ලගෙනම නදීකා මිනී පෙට්ටිය ලගට ආවා…

” රුහාන්…” ආකාශිගෙ දෑස් වලින් එකපෙලට කදුලු වැල් ගලා යන්න ගනිද්දි ඇය වෙව්ල වෙව්ල රුහාන්ගෙ එකට බැදී තිබුන දෑත් මත ඇගේ සුරත තිබ්බෙ ඇගේ ජීවී අතට රුහාන්ගෙ සීතල අජීවී බව හොදටම දැනුනා…ඔහුගෙ මුලු ඇගම දරදඩු වෙලා තිබුනෙ …වෙනදට තුරුල් කරගෙන උනුහුම දෙන ඒ පපුවෙ දැන් තියෙන්නෙ සීතල විතරයි….ඇස් වලින් හුවමාරු කරගත්ත ආදරේ …..විහිලුවක් කරලා ඇහැක් ඉගිමරන ඒ දගකාරකම….ඇස් වල පිරිලා ඉතිරිලා යන මනමාලකම දැන් ආකාශිට පේන්නෙ නැහැ….ඔහුගෙ දෑස් සදහටම පියවිලා ගිහින් තිබුනෙ ඇයට දැන් කවම කවදාකවත්ම ඒ ලස්සන දුඹුරු ඇස් දකින්න ලැබෙන්නෙ නැහැ….ඒ හැගීම ආකාශිට දැනෙන්න ගනිද්දි ඇගේ හද පුදුමාකාර විදිහට වේදනා දුන්නා…ඔහු හා ගතකල සොදුරු මතකයන් මැවි මැවි පේන්න ගනිද්දි ඇය රුහාන්ගෙ සිරුරට පාත්වෙලා ඒ පියවිලා තිබුන දෑස් සිපගත්තෙ වටේ පිටේ බලා හිටිය අයගෙත් දෑස් කදුලින් තෙත් කරද්දි …

” මාව දාලා යන්න ඔයා හිත හදාගත්තෙ කොහොමද රත්තරං ….ම්…” ආකාශි මුමුණන්න ගත්තෙ ඇය රුහාන්ගෙ සීතල මූණ සුරතින් පිරිමැද්දා…..

වෙනදට ලගට අරන් ඇයට හිතන්නවත් කාලය ඉතුරු නොකර ඇගේ දෙතොල් සිපගන්න ඔහුගෙ දෙතොල් …ලගට අරන් තුරුල් කරගෙන කනට කොදුර කොදුර ආදර බස් දොඩවන ඒ දෙතොල්…නිතරම ඒ දෙතොල් මත රැදිලා තිබුන සුන්දර මනමාල හිනාව…..ආයෙ ආකාශිට දකින්න ලැබෙන්නෑ……කොටින්ම ඔහුගෙ කටින් ආකාශි කියලා අහගන්නවත් දැන් ඇයට වරම් නැහැ….ඒ මුව සදහටම වැහිලා ගිහින් ….ආකාශි අඩ අඩම ඒ සීතල දෙතොල් තෙත් කලේ නදීකා ආකාශිව අල්ලගත්තෙ ඇයව මිනිය ලගින් අහකට අරන් යන්න….

” අපි යං දූ….එන්න මෙහෙට…” නදීකා අඩ අඩම ආකාශිව අහකට ඇදන් ගියේ ආකාශිගෙ බලවත් විරෝදය මැද….ඇය හයියෙන් කෑගහලා ඇඩුවෙ මුලු බංගලාවම දෙවනත් කරගෙන….අභිශේක් මියගිය පුවත ආරංචි උනහමවත් ඇය මෙච්චර නොසන්සුන් උනේ නැහැ…..ඒත් ආකාශි අභිශේක්ට ආදරේ කලාට වඩා වැඩි ආදරයක් රුහාන්ට දුන්නෙ දැන් ඒ ආදරේ සදහටම ඇයට නැවත ලබාගන්න බැරි බව දැනෙනකොට ආකාශිට මැරෙන්න තරම් වේදනාවක් දැනෙනවා…

සුලු වෙලාවකින් නදීකා ආකාශිව ආයෙම ඇගේ කාමරේට එක්ක ගියේ ඇය රුහාන්ගෙ මිනිය අසල ඉන්න ඉන්න ඇයව සන්සුන් කරන්න ගොඩක් අමාරු වෙන හින්දා….කාමරේට එක්ක ආව නදීකා හැදුවෙ අමාරුවෙන් උනත් ආකාශිට නිදිපෙති දෙකක් දීලා ආයෙම නිදිකරවන්න ..එය ශරීරයට එතරම් හොද නැති උනත් ඇගේ මනසට විවේකයක් දෙන්න ඕන හින්දයි නදීකා එහෙම කරන්න හදන්නෙ….ඒත් වතුර වීදුරුවත් එක්ක නිදිපෙති දෙකත් අරන් ආකාශි ලගට ආව නදීකාගෙ ඒ බෙහෙත් ආකාශි එක්වරම ප්‍රතික්ෂේප කලා..

” මට නිදිපෙති එපා මමී…..මට නිදාගන්න බැහැ….නිදාගන්නවනං සදහටම නිදාගන්න මට වහ ටිකක් ගෙනත් දෙන්න…..නිදිපෙති නං මට එපා….” ආකාශි හිස් බැල්මකින් වෙනතක් බලාගෙනම කිව්වෙ නදීකාට ඇඩුනා හොදටම .

” අනේ දූ…මොනාද මේ කියන්නෙ…මෙච්චර උස් මහත් කරලා දරුවො හැදුවෙ නිකරුණේ මැරෙන්න දෙන්න නෙවේනෙ…මුරණ්ඩු වෙන්න එපා ආකාශි ….වෙච්ච දේ වෙලා ඉවරයි….රුහාන් ගෙනාපු ආයුශ ඉවර හින්දයි එයා අපි හැමෝම දාලා යන්න ගියේ….දුකයි තමා දූ…ඒත් කාලය යද්දි ඔය හැමදෙයක්ම හරි යාවි…හිත හදාගන්න බලන්න රත්තරං …ප්ලීස් …” නදීකා ආකාශිගෙ ඔලුව අතගාන ගමන් කිව්වෙ ආකාශි අඩ අඩම දෑස් පියාගත්තා..

” මට තනියම ඉන්න ඕන මමී ….දැන් ඔයා යන්න ..” ආකාශි ඇදේ ඇලවෙන ගමන් කිව්වෙ නදීකා ආකාශිට තනියම ඉන්න ඉඩ හැරලා කාමරෙන් එලියට යන්න ගියා…හැබැයි ඒ හිතකින් නං නෙවේ…ඇයට බය ආකාශි ඇගේ ජීවිතේට මොනාහරි කරගනී කියලා…ඒ නිසාම කාමරෙන් පිට උනත් නිතර නිතර කාමරේට එබිලා ආකාශිගෙ තත්වෙ බලන්න නදීකා හිතාගත්තා.

කාමරේ තනිවෙච්ච ආකාශිට මැවි මැවි පේන්න ගත්තෙ රුහාන් හා ගත කල මතකයන්…මේ කාමරේ මේ යහන මතම පලමු වතාවට ඔහු හා රැයක් ගත කල හැටි…ඒ රාත්‍රිය ඇයගෙ ජීවිතේ වෙනස් කරපු හැටි ආකාශිට මතක් උනා…අභිශේක්ට වෙන් උන හිත ඒ රෑ ඇයටත් හොරා රුහාන් උදුරගත්තෙ මේ යහන මතම ඇයව තුරුල් ගෙන ඇයගෙ පිවිතුරු බවට කිසිම හානියක් නොකර…එදා සිට ආකාශි රුහාන්ගෙම උනේ එදා මෙදා තුර රුහාන් ආකාශිට දුන්න ඒ දගකාර ආදරේ ඇයට මතක් වෙද්දි ඇගේ ඉකිබිදුම තවත් වැඩි උනා….ඒ වගේම මීට සතියකට විතර උඩදි මේ යහන මතම ඇය රුහාන්ගෙ සදාකාලික පතිනිය උන හැටි මතක් වෙද්දි ආකාශිගෙ හදවත අසීමිතව වේදනා දුන්නා..රුහාන්ගෙ තුරුලෙ ඒ උනුහුමේ රැය පහන් කරපු ආකාශිට ආයෙ ඒ තුරුලෙ ඒ පහසෙ ඉන්න ලැබෙන්නෑ කියලා දැනෙද්දි ඇයට හිතුනෙ තමනුත් ජීවිතේ නැති කරගත්තානං හොදයි කියලා….ඒ සිතුවිල්ල හිත උඩට මතුවෙද්දි ඇය යහනෙන් නැගිට්ටෙ කදුලු පිහිද පිහිද …

මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ රුහාන්….මට බෑ ඔයා නැතුව ජීවත් වෙන්න….ඔයා එදා කිව්වා නේද..මාව අරන් දුර ඈතකට යන්න ඔයා ආසයි කියලා…කවුරුවත් නැති තැනක…කාටවත් හොයාගන්න බැරි තැනක මා එක්ක තනිවෙන්න ඔයා ආසයි කිව්වා නේද …..මං එන්නං රුහාන්…ඔයා ගිය තැනටම මාත් එන්නං…එතකොට අපි දෙන්නට ආයෙම සතුටින් ඉන්න පුලුවන් රත්තරං …ආයෙම සතුටින් ඉන්න පුලුවන් .

ආකාශි හිත හිතම කාමරෙන් එලියට ආවෙ ඇය පියමැන්නෙ මහේශ්ගෙ office room එක දිහාට…උඩ තට්ටුවෙම කෙලවරේම තිබ්බ ඒ කාමරේට ආකාශි ගියේ කාගෙවත් නෙතකට හසු නොවී….කාමරේට ගිහින් දොර වහගත්ත ආකාශි එහි තිබ්බ ලොකු කබඩ් එකක් ඇරියා….කබඩ් එක ඇතුලෙ තිබ්බ කුඩා ලාච්චුවක් ඇරිය ආකාශි එහි තියලා එලියට ගත්තෙ ඇගේ මාරයාව….
*************************

මොකද්ද ඒ…මොනාද වෙන්නෙ අනුමාන කරතෑකිද…ඔන්න හෙට නං ඔයාලට පොඩ්ඩක් හුස්ම ගන්න පුලුවන් වාතාවරණයක් තියේවි…හැමදාම අඩලා අඩලා එපා වෙලත් ඇතිනෙ…හෙටත් එන්න…හෙට විශේශ දවසක්?.අවසානයට තව දින හතරයි?

M.Ashka Rashmi❤️

16 thoughts on “ආශාවරී |හැට හයවැනි කොටස|නවකතාව |කතා අහුර රචක”

  1. අනේ අක්කි ඇයි එහෙම දෙයක් කලේ.
    ආකාශි ආයෙ තනි වුනානේ.
    මට නම් ගොඩක් දුකයි අද.
    මෙහෙම දෙයක් නම් මම බලාපොරොත්තු වුනේම නෑ.
    All the best.
    ?????????

  2. Thakshi Deepali Jayasuriya

    අනේ මං කිව්වා රුහාන්ව මරන්න එපා කියලා…අනේ මං තරහයි අක්කි ඔයා එක්ක..තරහම තරහයි… මං ඒ නපුරු කමට සදෙව්ටත් වඩා රුහාන්ට ආදරේ කරා ???? අනේ….

  3. Ane…. ai ruhanta ehem kle… ane godak dukai ???…. akashi athata gannaththe pristal ekak wennathi… akashi pregnant wenawa athi… ruhan nisa… eyage lamaya ashitai,sadewtai dei kiyl mt hithenawa…

    Kathawa lassanai.. e wagema godaak dukai…

  4. Kinu ahassaya

    අක්කී….ඔයා හරියට නපුරු වෙලා….කතාව බාගෙට කියවලා ආපු තරහටමයි කියවන්නෙත් නැතුවම comment එක දාන්න ආවේ…….?
    ඇයි අක්කි ඔයා එහෙම කලේ…??පවු ආකාශි…ඔයා ඇයි එහෙම දෙයක් කලේ????? අර ආකේශ් කියන යකාවයි මරන්න තිබුනේ…අදනම් තරහයි ඔයා එක්ක අක්කී……. එක්කෝ හෙටට විතරක් මේ කතාව සුරංගනා කතාවක් කරලා රුහාන්ට ආපහු පණ දෙන්නකෝ …….?? අදනම් පිස්සු වගේ…..?
    කොහොම උනත් වෙනදා වගේම කතාවනම් හුගාක් ලස්සනයි ….අක්කි ඒත් තරහයි අදනම් ඔයා එක්ක….?
    Congratulations අක්කී……
    Today?feeling?? & ??

  5. Kinu ahassaya

    මං පස්සේ පස්සේ කතාව කියෙව්වේ ආශාවරී,සදෙව් හින්දා නෙමේ මේ දෙන්නා නිසා….පවු ආකාශී……තරහයි අක්කී තරහම තරහයි…..
    ????????????

  6. Nirosha Lakmali

    ඇයි එහෙම කලේ. ආශාවරීට එයාගේ ආදරේ දෙන්න ඇයි ආකාශිගේ ආදරේ උදුරලා ගත්තේ. අභිෂේක්වත් එයාගෙන් වෙන් කලා. දැන් රුහාන්වත් වෙන් කලා. ආදරේ වේදනාව ගැන කියලා කියලා අන්තිමට මෙහෙම කලේ කොහොමද ඔයා මේ කතාව කියෙව්වේ ආකාශිගෙයි රුහාන්ගේ ආදරෙයි. ආශාවරීගෙයි සදෙව්ගේ ආදරෙයි. දෙකම එකතු කරලා ලස්සන ආවසානයක් දෙයි කියලා. ඒත් ඔයා හැමදාම ආකාශිගේ ආදරේ මරලා දැම්මා. ඔයා ගොඩක් ලොකු වේදනාවක් ආකාශිට දුන්නේ. මෙහෙම කරන්න නම් ඇයි ආකාශිට රුහාන් ගැන ආදරයක් ඇති කරේ. මට ගොඩක් දුකයි. ඒ වගේම ගොඩක් තරහයි. මං මේ කතාව ගොඩක් ආසාවෙන් කියෙව්වා. ඒත් ඔයා එක ආදරයක් බේර ගන්න තව ආදරයක් මරලා දැම්මා. ආයේ කියවන්නෙ නැ කතාව. ගොඩක් හිත රිදුනා.

  7. Ranmali subasinghe

    ඇයි ආක්ෂා ඔයා එහෙම දෙකක් කලේ…. මම මෙහෙම දෙයක් හිතුවෙ නැහැ ආක්ෂා…. හරිම දුකයි…. මහ හුගක්ම.. ???????????… ඔයාට අපි කිව්වා ඒ දෙන්නව වෙන කරන්න එපා කියලා… තරහයි… ?????? හෙට අනිවාර්යයෙන්ම ආකාෂි මැරෙන්න ඕනා…. එතකොට තමයි එයාට රුහාන් ලගට යන්න පුළුවන්… ආකාෂ්වත් හිරෙ දාන්න හොදද…???? රුහාන්ට මැරෙන්න දුන් නැත්තං කතාවේ අවසානය කොච්චර ලස්සනයි ද… ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මම හිතුවා අකාෂි රුහාන්ට තුරුල් වෙලා අඩද්දිවත් රුහාන්ට පන එයි කියලා…. අනෙ ඇයි ඔයා එහෙම කලේ…. අපිට කොච්චර දුකද??? අද නම් ලස්සනයි කියන්නේ නැහැ මම කතාව…. තරහම තරහයි…. ?????????????? good luck!!

  8. Ane wechcha de balannko mata adunath ekka. Man kalin hithuwe ruhan marena ekak nh kiyala ath ane balannako.. mage as walata kaduluth awa. Ath me hamogema comments kiyawala balanakota ashawari kiyana nawakathawen oya hugak sarthakai akki. Mokada me kathawa aththama kathawak wage danena tharamatama oya දක්ෂ wela all the best. Ikamanata thawath kathawak danna ona…. meka iwara unu gamanma hada ???

  9. Hemanthi ruwan kumari

    අනෙ නංගියේ මං හිතුවේ coma එකක් වත් ඇවිත් රුහාන් ජිවත් වෙයි කියලා.හරිම දුකයි තමයි ඒත් අපිට සමහර වටිනා දෙවල් ලැබෙද්දි තවත් වටිනා දෙයක් නැති වෙනවා.අපිට ඕනෑ හැම දෙයක්ම හැමවිටම ලැබෙන්නෑ.එක තමයි යථාර්තය.කෙනෙක්ගෙ ලැබිම අනෙක් කෙනාගේ නොලැබිම වෙන්න පුළුවන්.

    මං හිතන්නේ ආකාශි ආකෙශ් ගැන දැන ගනීවි.ඉතිං ජිවිතෙ නැති කරගන්න එකක් නැති වෙයි.you are the best.ඔයා ඇඩෙන්න කතාව ලියලා තියෙනවා.good job.✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

  10. Hashini Navanjana.

    මොකක්ද අනේ ඔයා මේ කලේ.. පපුවත් ගොඩක් රිදෙනවා. ඒ තරමට ඇඩුනා මට. රුහාන් ට ගොඩාක් ආසාවෙන් ඉදියෙ මං. ඔයා එයා ගැන කියලා තිබුන විදියට මැවිලා පෙනුනා එයා. මට නම් ගොඩක් දුකයි ? .. ආකාශිවත් මරලා රුහාන් ලගටම යවන්න එහෙනම්… පව් එයාලා..?????????

  11. kasuni chamalka

    තේරුමක්… හිතාගන්න බෑ.. මොකක්ද උනේ මේ.. නෑ.. නෑ.. මට මුකුත් හිතාගන්න බැ.. ඒත් හොදයි කියලා කියන්නද නැත්තන් නරකයි කියලා කියන්නද කියලා හිතාගන්නත් බැ.. boot එකක් කෑවටත් වඩා දුකයි.. හිත ගොඩක් රිදිලා තියෙන්නේ.. පිස්සු වගේ.. වෙච්ච කිසිම දෙයක් හිතා ගන්න බැ.. මම අහන්නේ නෑ ඇයි එහෙම කරේ කියලා.. ඒක ඔයාගේ කෑමත්තනේ.. ඒත් ඒ දුක වේදනාව අකාශිට බර වැඩි.. දෙපාරක්ම එයාගේ ආදරෙ එයාගෙන් උදුර ගත්තා.. මං කියන්නේ අකාශිටත් රුහාන් ළගට යන්න දුන්නා නම් හොදයි කියලා හිතෙනවා.. ඔයා අපේ හිතට මේ story එක කීදා බස්සල තියෙන්නේ.. අනේ ආය නම් දුකක් දේන් එපා..

    ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  12. Ai ane akkiyo oya ruhanwa maruwe. Mata adunath ekka.??????? Adanam mama oyath ekka tarahai. ??????????????????????
    Paw aneee akashi. Mama asama ruhanta. Matanam harima tarahai akesh ekka. Enisa eya hire danna oni.
    Mama harima asawen katawa kiyewwe. Ada katawa hodai kiyanne na mama. …..tarahai godaaaak oya ekka. ??????????????????
    Good luck.??

  13. Ai ruhanwa maruwe?sadewgei ashawareegei adareta wada ruhangei akashigei adareta thamai mn asa.?ruhange e napurukama manmalakama..eyai akashi shoii..ashawaree ge sathuta wenuwen akashita dukak dunna neda akiyo oya..??paw akashi..ruhanta aith pana denna barida akkiyoo???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.