Katha Ahura

ගමන | 32 කොටස | හොල්මන් කතා

5/5 - (2 votes)

ගමන 32 කොටස

” තව දෙපාරක් මෙහෙම කරල උබව සදහටම මම මේ ලොකෙන් යන්ඩ යවනවා උබල ආවෙ අපිව පරද්දල උබේ අයියව බේරගෙන යන්ඩ නේද?? ,, හිතුවද අපෙ අඩවියට ඇවිල්ල එහෙම ලේසියෙන් උබලට ඒක කරගන්ඩ පුලුවන් වෙයි මේක අපේ අඩවිය, මේ අඩවියට පය තියපු කිසිම එකෙක් මේ වෙනකම් මේ අඩවියෙන් පනපිටින් පිටවෙලා ගිහිල්ලා නෑ ”

යක්සනිය පවසන්නේ බියකරු සිනාවක් පාමිනි, එසේ කියූ යක්ශනිය තව පාරක් කුසල්ව වතුරේ එබුවාය. දහ දොලොස් වතාවකට වඩා යක්ශනිය මේ අයුරට කුසල්ව වතුරෙ ඔබපු නිසා කුසල් හොදටම අඩ පන වී සිටියේය.

දැන් නම් තමාගේ අවසාන මොහොත් කෙමෙන් කෙමෙන් ලන්වෙන බව කුසල් වටහා ගත්තේය. ඔහුටත් එද කවීශට මෙන් මේ මොහොතේ සිහිවුනේ තම නිවසය. කුසල් නිවසේ සිටියානම් මේ වෙලාවට අනිවාරයෙන්ම හවසට බුදුන් වහන්සේට තියන් පහන තියා තමාකරපු පින් සියලුම දෙවිවරුන්ට අනුමෝදන් කරනවා නේද?? අනේ ඒ දෙවිවරුන්ටවත් වත් පේන්නේ නැද්ද මේ මොහොතේ තමා ඉන්නා අසරන තත්වය.තම අයියල ඉන්න අසරන තත්වය මේ වේලේ කුසල්ට සිතුනෙ එයයි.එසේ සිතමින් ඔහු ඔයේ පතුල අත ගාන්ඩ වුනේ අතට පුංචි ගල් #කැටයක්වත් හමුවෙයිදෝ බලාපොරොත්තුවෙන් ය.ඔය පතුල එසේ අතගාන විට ඔහුගේ අතට අහුවුන දෙයින් ඔහු පුදුම විය. ඔහුට එය හදුනාගන්න වැඩිවෙලාවක් ගියේ නැත. ඔහුට අදහගන්නත් බැරි විය නාලක විසින් දුන් උල් පිහියක් මේ ආකාරයට ඔය පතුලෙන් හමුවුනේ කෙසේද කිය. කුසල් කෙසේ නම් දැන ගන්ඩද දමිත් ලග තිබුනු පිහිය නුවන් විසින් විලාප ඔයට විසි කල බව ,,,

” කුසල් එකක්නම් ශුවර් මේ පිහි වතුරෙයි ගින්දරෙයි පොලවෙයි තියෙද්දිනම් උන්ට මේව තියෙන තැන හොයා ගන්ඩ බෑ ”

නාලක විසින් ඔහුගේ දේවාලයේදී පැවසූ දේවල් කුසල්ට සිහියට නැගුනි, කුසල්ගේ ඇගට මේ වේලාවේ ආවේ අමුතුම ආකාරයේ නව පනක්.යක්ශනිය අවසන් වතාවටද කුසල්ගේ හිස දියෙන් ඉහලට ගත්තෙ මේ වෙලාවේය්.. කුසල්ට සිතන්ඩ වෙලාවක් ගත්තේ නැත , හුස්ම පිට කරන ගමන්ම උපරිම වෙර යොදා අතට අහුවුන උල් පිහියෙන් යක්ශනිගේ බඩ ඉලක්කකර ඒ පිහියෙන් ඇන්නේය.එකපාරම කුසල් කරපු දෙය යක්ශනියට හිතා ගන්නත් බැරි විය. යක්ශනිය ඔහු දෙස බලමින් යටගිරියෙන් විලාප දුන්නාය. ඇයගේ බිවිසුනු හඩ ගව් ගානක් දුරට ඇහෙන්ඩ ඇති. විලාව ඔයේ වතුර පවා කලබන්ඩට ඇගේ ඒ ##බිවුසුනු විලාප හඩ සමත් විය. කුසල්ව අත හැරපු යක්ශනිය ඉන් පසු විලාප ඔයේ ජලකද ට ඇද වැටී නොපෙනී යන්නට විය. නාලක පැවසූ ආකරයට ඒ සිහි නැති වී විය යුතුය. උල් පිහිය කවුරුන්හෝ මිනිසෙකු විත් ගලවනකම් ඇයට යලි සිහිය නොඑනු ඇත.
*******************************
යක්ශනිය කුසල්ට අහුවුන මොහොතේ යක්ශයා සිටියේ නුවන් සමගය. යක්ශයා ඊලගට නුවන් ලවා කරගන්නට බලාපොරොත්තුවුනේ කෙසේ හෝ කසුනිව ඔහු ලවා වලෙන් එලියට ගැනීමයි. එසෙ ගෙන නුවන් ලවා ඇයගේ හිසට පොලු පාරක් එල්ල කර ඇයව සිහි නැතිකොට ඇය ලග ඇති පිහියද කෙසේ හෝ ඇයගෙන් අයින් කිරීමටයි. ඇයලග ඇති පිහිය නුවන් ලවා නොව තව මොහොතකින් ඔවුන්ගෙ අඩවියට එන සයිමන් ලවා අයින් කරන්නටයි යක්ශයාගේ මේ මොහොතේ අදහස වුනෙ. ඊට හේතුවුනේ නුවන්ට අර පිහි ගැන පුංචිම පුංචි සැකයක්වත් ඇතිවේදෝයි යක්ශයාට සිතුන නිසාය. යක්ශයා අන කරපු දේ කර දෙන්නට නුවන් කැමති විය.

*********************************
පොඩි අයියාගෙ පැමීනීමේ ප්රමාදය නිසා කසුනි වලට වී සිටියෙ බලවත් සේ බියට පත වෙමින් ය.

” පොඩි අයියා ත් යක්ශයන්ට අහුවුනාවත්ද ?? අනේ එහෙම නම් කරන්ඩ එපා දෙවියනේ ”

ඇය ඉහලින් කුසල් මතුවේදෝයි බලමින් සිය දහස් ###වාරයක් පතන්ඩ ඇති. නමුත් ඇය පුදුමයට පත් කරමින් වල ඉහලින් මතු වුනේ පොඩි අයියා නොවෙ ඒ වෙනුවට ඇය දැක්කේ ලොකු අයියා කවීශගේ හොදම යාලුවෙක් වන නුවන් අයියාවය. නුවන් අයියාත් ලොකු අයියා සමග ගමන් ගොස් ඇති බව දමිත් විසින් එන අතරමගදී කුසල් සමග පවසනව කසිනිට ඇසී තිබින.

” නංගි ඉක්මනට මේ කඹේ එල්ලිලා එන්ඩ ”

නුවන් එසේ කියමින් කඹයක් වලට දැමීය. එහි අනිත් කොන වල අසල තිබූ ගසක නුවන් ගැට ගසා තිබින.අර බලවත් පිහිය අතේ තියා ගෙනම කසුනි වලෙන් ගොඩට පහසුවෙන්ම එන්නට සමත් විය.නුවන් බැලුවේ යක්ශයා ඔහු කරන දේ සැගවී බලා සිටින ඒ වීශල ගස දෙසයි.

” නුවන් අයියෙ ඔයා කොහොමද මෙතනට ආවේ , ඔය අරුන්ගෙන් බේරිලා ආවෙ කොහොමද? ”

කසුනි ඇසුවේත් දමිතුත් නුවන්ගෙන් ඇසුව පැනයමයි.

මේ වේලාවේ තමයි කුසල් විසින් යක්ශනියට අර බලවත් පිහියෙන් ඇයගේ බඩට ඇන්නේ , යක්ශනියගේ ඒ බිවිසුන හඩ කසුනිට හා නුවන්ටත් හොදින් ඇසින.

මේ හඩ යක්ශයාටත් හොදින් ඇසින, තමා සමග සිටින සහායිකාවට අනතුරක් බව හැගුන නිස යක්ශයා, ඒ හඩ ඇසුනු ඉසව්වකරා ගියේය. ####යකශයා කලබල වී යනවා නුවන් ලාවට මෙන් දකින්නට සමත් විය.

” දමිත් අයියා ,යක්ශනියට එයාගේ අතේ තිබුනු පිහියෙන් ඇන්නවත්ද ”

කසුනිට සිතුනේ එසේය.

” පිහිය, ”

නුවන් පුදුමයෙන් ඇසුවෙය. දමිත් ලග තිබුනු පිහියක් කසුනි ලගද තිබේ ”

නුවන්ව විශ්වාස කරපු කසුනි, පොඩි අයියා නාලක අයියාගේ දේවාලේදී දැනගත් දෙවල් , අර බලගතු පිහි දෙක , ඉන් පසු අයියලා බේර ගන්ඩ ආපු හැටි ඔක්කොම දෙවල් පවසන්ඩ විය . ඒ දේව්ල් නුවන් අසා සිටියේ පුදුමයෙනි.

දැන් නුවන්ට වුන දේවල් සියල්ලම පැහදිලිය. යක්ශයා හා යක්ශනියට ඕන වී ඇත්තේ කෙසේ හෝ මොවුන් ලග ඇති පිහි දෙක අයින් කරන්නට ඔහුව පාවීච්චිකීරීමටයි. ඒත් එකදෙයක් ඔහුට පැහදිලි නැත. දමිත් ලග තිබුනු පිහිය ඔහු විලාප ඔයට විසිකලේය. දමිත් ඉන්නෙද යක්ශයන්ට අහුවෙලාය. එසේ නම් කොහොමද අර වගේ දෙයක් වෙන්නේ. නුවන් කසුනි අතේ තියෙන පිහිය යලිත් වතාවක් බැලුවේය. කසුනි පවසන ආකාරයට මේ වන විට යක්ශනිය සිහි නැතිවී ඉන්නත් පුලුවන් ඒක නොවෙන්ඩත් පුලුවන්, නමුත් අර පිහිය ලග තියෙනකම යක්ශයන්ට කා ලගටවත් කිට්ටුවෙන්නට බැරිය . #####

* කරන්ඩ තියෙන්නේ එක දෙයයි. කෙසේ හෝ කසුනි අතෙ තියෙන පිහිය තම අතට ගත යුතුය. ඉන් පසු එයත් රැගෙන මේ මාරක අඩවියෙ කෙසේ හෝ පිට විය යුතුය. යක්ශනියට සිහි නැති වුනත් යක්ශයා තවමත් සිටි.අනික යක්ශනිගෙ වුවද අනින ලද පිහිය කවුරුන්හො ගැලෙව්වොත් ඇයට යලි සිහිය ලැබේ . ඔවුන් දෙදෙනාට සයිමන් කියා සුදු කබර හැදුන මිනිසෙකුද උදව්වට සිටී. ඒ හින්ද කරන්ඩ තියෙන හොදම දේ මේකයි. ”

නුවන් ගේ ආත්මාර්තකාමී සිතුවිලි නොදත් කසුනිද ඒ පිහිය අල්ලාගෙන සිටියේ එතරම් තදින් නොවේ , ඒ නිසාම නුවන්ට ලේසියෙන්ම ඒ බලගතු පිහිය ඔහු අතට ගැනීමට හැකිවිය. **************************ඊලග කොටසට gamana

ඊලග කොටසින් කතාව ඉවර කරන්ඩ බැරි වෙයි යාලුවනේ ,මම හිතුවට මේක දිගයිනේ 34 කොටස දක්වාම යන්ඩ වෙයි වගේ ,,sorry හොදේ බලාපොරොත්තු දුන්නට…

✍Sagara Sampath

3 thoughts on “ගමන | 32 කොටස | හොල්මන් කතා”

  1. කතාව හැමදාම ගොඩක් ආසාවෙන් කියවනවා .
    අපිට නම් කතාව දික් වුනාට ප්‍රශ්නයක් නෑ.
    All the best.
    ?????????

    1
  2. Chathu indeewaree

    ඕඕඕඕඕඕඕයේ…. මම කීව දේ ඒ විදියටම වෙලා.. ආ නෑ නෑ. සූට්ටක් විතර වෙනස්කරලා ඔයා මගෙ කමෙන්ට් එක බලලද කොහෙද? ??????????මොකද මම කීවේ යක්ෂණීගෙ පපුවට අනී කියලා. ඒත් ඇන්නේ බඩටනේ… ලස්සනම ලස්සනයි රාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් කතාව. හැමදාම කමෙන්ට් නොදැම්මත් අනිවාර්‍යෙන්ම කතාව කියවලා රේට් කරනවා හොඳේ… දැන් ඉවර නොවුණට කමක්නෑඅ අනේ. හදිසියක් නෑ.. ඔයාගේ කතා එක්ක කොයිතරම් කල් හිටියත් බෝරිං නෑ අනේ… ඒකයි… හැමදාමත් කතා ලියන්න අපි වෙනුව්න්. බුදු සරණයි!!!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.