Katha Ahura

පරවි | අනු හතර වන කොටස | නවකතා

3.9/5 - (34 votes)

පරවි
අනු හතර වන කොටස

රැන්ඩි අයියා පුතාව වඩාගෙන මගේ අතේ තිබ්බ එයාගේ කන්වකේශන් ෆොටෝ එක පිරිමදින ගමන් කිව්වේ .. මට දැනුනේ ලොකු ආඩම්බරයක් …… ඒත් එයා හෙමීට මගේ අත හිරකරද්දී … මට … එයාගේ මූනේ ඉරියව් හිතාගන්න බැරිඋනා ..
හවස පන්සල් යමූ …
තිසුලයා ගේ තුන්මාසේ …. ගෙවිලා දවස් දෙකයී …

හ්ම්ම්

කතාව වෙනස් කරලා එකපාරම කිව්වේ රැන්ඩි අයියා.මට දෙන්න. උත්තරයක් තිබ්බෙ නෑ
ලොකු සුසුමක් පිට උනේ ඉබේටමයී…
තිසූ අයියා මතකයක් වෙලාම යන්න ගිහින් …
ලොකු වේදනාවක් එක්ක එන මතකයක් …

රැන්ඩි අයියා පුතාව ඇදෙන් තියලා … නින්ද යන්න කොට්ට දෙකක් ලන් කරලා එලියට ගියේ මගේ මූනවත් බලන්නෙ නැතුව ….

දුකක් දැනුනා …

මට හිතුනා .. රැන්ඩි අයියා ඊටත් වඩා දුකකින් කියලා ..හැමදේම වෙලා මාස තුනක් ගිහින් ….
මට මේ හැමදේම වෙලා තවම දැනෙන්නෙ සතියක් වගේ …
තිසූ අයියා දුක් විදින්න ඇතී … අසනීපෙන් ඉන්න ඇතී …
ඒ ටිකෙත් මන් ලග හිටියා වගේම තිසූ අයියා ලගත් ඉන්න ඇතී …

ප්….ව්…

අලුත් සාමජිකයෙක් … අපේ පවුල සම්පූර්ණ කරලා … එත් මගේ හිතේ ..ලොකු පාලුවකින් පුරවලා…. …

මන් කාමරේ නිදාගෙන ඉන්න පුතා දිහා බැලුවේ …
ඒ මූනේ .. අඩුවක් නැතුව පිරිලා තිබ්බේ මගේ මූන … මාස ගානම මාව බදාගෙන ඉන්නැතී….

තිසූ අයියා නැති අඩුව දැනෙනවා ඇතී මගේ පුතාට …

මන් කල්පනා කර කරම ඇදේ වාඩි වෙලා … පුතාගේ කම්මුල් සිපගත්තේ ගොඩක් ආදරෙන්….

වගක් වත් නෑ …පුතාට … හොදටම නින්ද ගිහින් …
රැන්ඩි අයියාට හුරුවෙලා ..මේ කාලෙට … පුතාටත් තිසූ අයියාව අමතක වෙන්නැතී … මට .. අමතක කරන්න බැරි උනාට …

❤️

ජීවිතේ ගොඩක් දේවල් මැද්දේ .. මම හැමදේටම මූන දෙන්න පුරුදු උනා …

දවස් ගනන් ගියේ … නොතේරීමයී … අම්මා .. අපිව බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ … හේතුවක් කිව්වෙ නැතිඋනත් … අම්මා කතාකරන වෙලාවට පුතා කෑගහන නිසා .. අම්මාට … ඒක ප්‍රශ්නයක් උනා .. ඒත් … පැහැදිලි විස්තරයක් මන් අම්ම එක්ක කිව්වෙ නෑ …..

අම්…මී…. මේ… මෙයා බලන්නකෝ….

ඇදේ ඉන්න ටෙඩියෝ එක්ක ..එයා හොද හැටී සෙල්ලම් කරලා මාව ඇදගෙන යන්නේ මොනාහරි පෙන්නලා මාවත් සෙල්ලමට ගන්න
ඒත් …රැන්ඩි අයියා .. උත්සහ කලේ .. පුතා එක්ක ගෙවෙන කාලය .. මගෙන් අඩු කරන්න…මටත් පුතා ණතුව දැන් නම් තප්පරයක් වත් ඉන්න බැරි තරම් …

සුද්දී ….ඔයා නම් … අහන්නේ නෑ …
කොයි වෙලේ බැලුවත් පුතා එක්ක ඔට්ටුව …

හෙට .. මන් …කෙනෙක්ට එන්න කිව්වා … ඔයාට. මේ වැඩ ඔක්කොම එකට කරන්න බෑ … එහෙන් පුතා .. එහෙන් මම …

මට ඒක අමාරුවක් නෑ අයියේ ..මන් කැමැත්තෙන් කරන්නේ …

ඒක මන් දන්නවා සුද්දී……

ඒත් ඔයාගේ එක්සෑම් …
මෙච්චර දවසක් … මහන්සී වුනේ කොච්චර අමාරු කම් අස්සෙද කියලා මතකයී නේද …
දැන් වත් හරියට කරන්නකෝ …

දවසින් දවස ලන් වෙන මගේ ෆයිනල් සෙමෙස්ටර් එකෙ ෆයිනල් එක්සෑම් එක රැන්ඩි අයියාට ඕනේ මාව කොහොමහරී පාස් කරවන්න ….මටත් ඕනේ එහෙම තමයී … එත් පුතා දැන් මගේ කොටසක් වෙලා…ඉතින් මේ කාලේ උනත් මට ඈත් වෙලා ඉන්න ඉඩක් නෑ …

අ..හ්..ම්මී. බේන්….

කෝ එන්න සුදු මහත්තයා … අම්මී වැඩනේ …

අහ් අහ් තාත්…තී…

පුතා දුවගෙන මන් ලගට ආවේ … රැන්ඩි අයියා පස්සෙන් පන්නන් එද්දී …
මට ඉහිලුම් නැතිඋනා … කොල්ලා දුවගෙන ඉද්දී රෑන්ඩි අයියා හිනාවෙවී කොල්ලව අල්ලන්නයී පොරේ

අනේ චුට්ටක් එන්න දෙන්නකෝ…

මට බලන් ඉන්න බැරි තැනම මන්. පාඩම් කර කර ඉද්දිම පුටුවෙන් නැගිටලා ..පුතාව අල්ලගන්න හැදුවේ …

අම්මටත් ඉතින් බෑනේ … ම්හ්හ් අම්මයී පුතයී ඕන එකක් …
ම්හ්හ්…
කරගන්නකෝ ඉතින් …

මට හිනා … ඉතින් ..රැන්ඩි අයියාට පුතා එක්ක ඔට්ටු වෙන්න මන් තරම් පුරුදු නෑ වගේ … ඒත් .. රැන්ඩි අයියා හිතුවටත් වඩා හොද තාත්තා කෙනෙක් වෙනවා … ඒක මට පෙනුනා …
මන් පුතාව අරන් ඔඩොක්කුවේ තියාගත්තා …

පුතාට ඕන කරන්නෙ මාව … පුතා මන් වගේමයී … ඒක මන් හොදටම දැක්කා … රැන්ඩි අයියා ඒ ගැන කියන්න කැමති උනේ නෑ … ඒ නිසා මන් ඒක හිතේම තියාගත්තා …
චායත් මන් වගේ කියලා කියන්න මට ඔප්පු වෙච්ච එකම දේ .. පුතා …
තිසූ අයියාගේ … පණ ටික ..මන් ලග දාලා යන්න ඇත්තේ ….
එයාට ඒ සැනසීම වත් මන් දුන්න එක ලොකු දෙයක් …
ලබා ගන්න බැරි ගොඩක් දේවල් දුරින් තියන් හිත හදාගන්න එක ගැහැණු අපේ මෝඩ කමක් …

මන් මේ වෙලාවෙත් … ගතින් ඈත් උනත් .. තිසූ අයියාගේ බලාපොරොත්තු සපල කරන්නයී උත්සහ කලේ

සුද්දී …. එක්සෑම් ඇණගත්තොත් බලාගමූ .. හරිද …

මට හිනාගියේ .. කට තද කරගනිද්දී … පුතත් මාත් එක්ක තරගෙට … හිනාවෙනවා
..

❤️

දවස්. ගානක් එක දිගට තිබ්බ එක්සැම් එකට මන් පුලුවන් උපරිමයෙන් මහන්සි උනා …
රැන්ඩි අයියා ගෙදර වැඩට කෙනෙක් එක්කන් එන්න මාත් එක්ක රණ්ඩු කලත් මන් ඒකට කැමති උනේ නෑ …පුතයී අයියායී මට ලොකු වැඩක් ඉතුරු කරලා නෑ ඉතුරු කලත් ඒක කරන්න මට රැන්ඩි අයියා එක්ක අමාරුවක් තිබ්බෙත් නෑ ….

අයියේ …

රැන්ඩි අයියා කාමරේට ආවේ … පුතා … ඇදේ පැත්තක … නිදි කරවලා … මන් පුතා දිහා බලන් ඉද්දී … මන් ඇත්තටම කලබල උනා … හවස… සුරා අයියාලා එක්ක … පොඩි පාටියකට යනවා කිව්ව රැන්ඩි අයියා … මේ විදියට එයී කියලා. මන් හිතුවේ නෑ … ඒත් …එකපාරම කාමරේට ආවේ … ඇදගෙන ගිය ඇදුමත් අපිලිවෙලට ඇදිලා තියෙද්දී … මාව එකපාරම ඇදෙන් නැගිට්ටුනා ….

ඇ…යි…..

බය උ….නාද ….

මන් කවදාවත් මේ විදියට … රැන්ඩි අයියා බීලා ඉන්නවා දැකලා තිබ්බේ නෑ ….
කවදාවත් … මේ විදියට .. සීමාවක් නැතුව බීලත් නෑ ….කෙලින්වත් ඉන්න පන නැතුව … රැන්ඩි අයියා මන් ඉස්සරහ හිටගෙන … මුවින් එන මත්පැන් ගද … මට ඉවසන්නම බැරි උනා

මො….නා…..ද හැමදාම ඔච්චර කල්පනා කරන්නේ …

ම…න් ගැස්සුනා .. ආයෙම
කවදාවත් නැතුව පපුව ගැහෙන්න ගත්තා … දෙයියනේ ඒ මූන රතු වෙලා කේන්තියෙන් පුපුරනවා

ක…තා…ක…රනවා….අහ්හ් ….කතාකරනවා

ෂ්….ෂ්…

මන් රැන්ඩි අයියා කෑගහද්දී එකපාරම … රැන්ඩි අයියා ට කිව්වේ කෑගහන්න එපා කියලා

කෑගහන්න එ….පා …

ආයෙම එයා එක කිව්වේ ගස්සලා පැත්තට ගිහින්

…ප්ල්ස්…

පුතා ඇහැරෙයී … යමූ එලියට …..

බෑ … සුද්දී නතර වෙනවා …

මන් එහෙම කිව්ව ගමන්. යන්න හැදුවේ … රැන්ඩි අයියා මගේ උරහිසින් හයියෙන් ඇල්ලලා මාව වැලැක්කුවා ..

ආ…ව්….

ම… ට ඔ…..යා එක් …ක කතා….කරන්න ඕන …තේරුනාද …

රැන්ඩි අයියා කේන්තියෙන් හඩ බාල කරලා කිව්වේ

රැ…න්…ඩි අ…යියා …

ශට් අප්….
මන් මෙච්චර දවසක් ඉවසුවේ ….

ඊලග කොටසට ….

මොකක් වෙයිද .. අවසානය …
කියන්න බලන්න …

පියුමි සේනාදී

6 thoughts on “පරවි | අනු හතර වන කොටස | නවකතා”

  1. Aneh… e mokdd wenn hadanne… aiyo akkiyo… thawath prashnayak ithuru kalane… randi aiyata kenthignn tharam deyak sidda une nane… mtnm mukuth therenne na… hetm thm blnn wenne…

    Godak lassanai akkiyo kathaw…
    All the best…
    ❤️❤️❤️❤️❤️❤️❤️

  2. අනේ මොකක්ද ඒ වෙන්නේ මට නම් හිතාගන්න බෑ.
    අපිට හිතන්න දෙයක් හැමදාම ඉතුරු කරනවා නේද අක්කියෝ ඔයා .
    කතාව හැමදාම වගේම අදත් ගොඩාක් ලස්සනයි .
    All the best.
    ❤❤❤❤❤❤❤
    ???????

  3. Hemanthi ruwan kumari

    මොනවා වෙන්න ද දෑන් අනෙ? දෙන්නා දැන් සතුටින් ඉදියි.තිසු අයියාවත් නැති කර ගත්තනෙ.රැන්ඩි අයියා ට ඕනෑ දෙ ලබා ගත්තා.

    ඔයා තිසු අයියාට ලොකු අසාධාරණ යක් කලෙ.කතාව ඉවර වුනත් මගේ හිතට satisfied වුන් නෑ.තාමත් තිසු අයියා ගෙ කතාව මට clear නෑ වගෙයි.හෙටත් බලලම ඉමුකො.

  4. Hemanthi ruwan kumari

    ඔයා කතාව අවසන් කරනවා කිව්වට මට ප්‍රශ්න ගොඩක් ඉතිරියි.උත්තර ඔනී .

    1.තිසු අයියා පැංචි ගෙන් ඉල්ලපු උදව් මොනාද? ඒ ලිපියෙ මොනාද පාරොට කිව්වෙ?
    2.තිසු අයියා චුටි බබාට ඒ තරම් ආදරෙන් හිටියනං ඇයි චායාව අන්තිම වෙලෙත් මග ඇරියෙ?
    3.තිසු අයියා ට චායව මග අරින්න ඕනෑ නම් ඇයි එයාව අයියාය නොදි රැන්ඩි අයියා ගාව හංගලා තිබ්බෙ?
    4.ඇයි චායව මග ඇරියෙ?
    5.ඇත්තටම තිසු අයියා චායටවත්,,පාරමිටවත් ආදරය කරලා නැද්ද?
    6.අනික් ඔක්කොම කිව්වා වගේ තිසු අයියා ද මෙම කතාවෙ දුෂ්ඨයා? කැමති නම් ඉවර කරන්න කලින් උත්තර දෙන්න.best of luck.

  5. Nirosha Lakmali

    අනේ ආයේ නම් ප්‍රශ්න එපා හොදද. පාරෝ පව්. රැන්ඩි අයියා ඒ පාර මේ මොකක්ද කර ගන්න හදන්නේ. හැමදේම අපිට හොදට තේරුම් කරලා කතාව අවසන් කරන්න පැටියෝ. නැත්තම් ඕවා කල්පනා කරලා මට පිස්සු හැදෙයි හාද. ලස්සනයි හැමදාම වගේ අදත් කතාව. කියන්න තියෙන්නෙ ඉක්මනට අපිට තව ආදර කතාවක් ඕනේ. හදවතින්ම සුබ පතනවා ඔයාට….. ???????????????????????????? එකතු කරන්න පුංචි පුතත් එක්කම රැන්ඩි අයියගේ ආදරෙයි පාරෝගේ ආදරෙයි. I love පරවි……… ???????

  6. Thakshi Deepali Jayasuriya

    ම්ම් හෙටත්.කියෝලා ඤමයි අදහසක් දක්වන්න වෙන්නේ ???? හැමදාම කතාව වෙනස්ම පැත්තකට යනවා නේද අක්කි…

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.