Katha Ahura

ගමන | 35 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

ගමන 35 කොටස

නුවන් කෑ ගසමින් දෙනෙත් පියා ගත්තේය. නමුත් පුදුමයට පත් කරමින් පොරෝ පහර ඔහුට වැදුනේ නැත. ඒ වෙනුවට ඔහුට ඇසුනේ එය තමා බැද සිටින විශාල ගසේ වැදෙන හඩයි.ඇස් ඇර බලද්දී දිටුවේ අර යක්ශය තමා දෙස වියරු සිනා හඩක් නගන දසුනකි.

” උබ බය වුනා නේද ”

යක්ශයා ඇසුවේ නුවන්ගේ මුහුන දෙස එබි එබී බලන විකාර ලෙස බලමින් ය.

“බය වෙන්ඩ එපා , එහෙම උබට දැනම මම මරන්නෙ නෑ ,උබට තව කරන්ඩ වැඩ තියෙනවා ”

” මොනවද උබට තව මගෙන් කරවගන්ඩ ඕනේ ”

නුවන් ඇසුවේ මදක් උස් හඩිනි,, ඔහුට තමා ගැනම දැනුනේ දුකකි, ඒ ගැන සීතී ඇස් වලින් කදුලු ත් පිටට පැන්නෙය., ගල් ගුහාවේ කොටුවී සිටියානම් මීට වඩා හොදය. යක්ශයා විසින් කලින් බිම දිග ඇදගෙන ආපුපාරට කකුල් අතපය සීරී අදික ශාරීරික වේදනාවක් දැනෙමින් තිබින ,.ඊයේ හවසෙන් පසු ඇගට වැටුනේ විලාප ඔයෙන් බීපු වතුර විතරයි, ඒ නිසා නුවන් හොදටම අඩපනව සිටියේය.

” හෝ හෝ හෝ කෑ ගහන්ඩ එපා උබට තරහ ගියාද,,, උබ මේ වතාවෙ මම කියන දේ කෙරුවොත් උබට ලේසියෙන්ම් පන පිටින් මේ #අඩවියෙන් පිට වෙලා යන්ඩ දෙනවා ”

යක්ශයා තමාට කියා කරවගන්න යන දෙය නුවන් සිතුවාය.

” උබට ඕනෙ අර කෙල්ලලග තියෙන් පිහිය අයින් කරල දෙන්ඩ කියලනේ ”

” ඔය ,උබට තේරෙන්නෙ ”

” මට බෑ ඔය වැඩේ කරන්ඩ , උබ ඕන විදිහකට කරගනින්”

නුවන් පැවසුවේ තරමක් තදිනි , මෙයට යක්ශයා දරුනු ලෙස කෝප විය.

” එහෙනම් උබට බෑ ”

” බෑ ”

” එහෙනම් මැරියන් ”

පොරව යලිත් යක්ශයා එසෙව්වෙ නුවන්ගේ දකුනු අත උරහිස ඉලක්කකරය.

” එපා මම ඔය වැඩේ කරන්නම්”

මරනයේ වෙදනාව බය දැනුන නුවන් යලිත් වතාවක්විලාප තැබුවාය.

” හැබයිමේ පාරත් උබ මාව රවට්ටල තිබ්බොත් එහෙම මම කරන්ඩ යන දේ මීට වඩා දරුනු වෙයි.”

නුවන්ව බැදඇති කැඹවලින් ලෙහන ගමන් යක්ශයා පැවසීය.

කසුනි සොයමින් යන ගමන්ම නුවන් සිතුවේ කසුනිගේ ලගින් කෙසේද් ඔය පිහිය අයින් කරන්නෙ කියා. එසේ සිතමින් ඉන්න විටදී ඔහුට මරු අදහසක් පහල විය. මේ ක්රමයින් යක්ශයා ##රවටන්ඩත් පුලුවන් , කසුනිවත් රවට්ටන්ඩ පුලුවන් , සමහර විට මේ ක්රමයට රැවටී යක්ශයා ට සිහිනැතිකරන්ඩත් පුලුවන් වෙයි. එසේ නැති වුනොත් කසුනිත් යක්ශයාගෙ ග්රහනයට හසු වෙන්නත් පුලුවන්. දෙකින් මොක වුනත් තමාට බේරෙන්ඩ පුලුවන් , නුවන් සිතුවේ එසේය..
මෙසේ සිතමින් ගිය නුවන්ට කසුනිව හමුවුනේ අර විශාල බෙනයක් සහිත ගස ලගින් ය.

” නුවන් අයියෙ ඔයා මෙතන ”

කසුනිත් ආවේ නුවන්ව සොයා ගෙනය.

” ඔව් නංගි අරුමාව ඇදගෙන ගිය පාරට මට සිහිය නැතිවෙලා , සිහිය එනකොට මම හිටියෙ බිම , අර යකා පේන්ඩ නැති හින්ද මම බයෙන් බයෙන් ඔයාව හොයාගෙන ආවා ”

නුවන් බොරුවක් පැවසීය ,ඇත්ත කියන්නෙ කෙසේද?

” මම බයවුනා කවුරුහරි කෑ ගහනව ඇහිලා ”

” හරි හරි ඒක අමතක කරමු,, අපි කොහොම හරි මේ යක්ශයව රවටන්ඩ ඕනා ,, රෑ වෙන්ඩ කලින් කොහොම හරි ඕක කරන්ඩ ඕනෙමයි, කලුවර වැටුනොත් ඔක්කොම අවුල්”

” කොහොමද් අපි ඌව රවට්ටන්නෙ ”

” එක දෙයක් කියන්නම් , ඔය පිහියඔයා අතේ තියෙනකම් ඕකා, ඔයා ලගට එන්නෙ නෑ , ඒ හින්ද ඔයාඔය පිහිය ලග තියාගන්න එකෙන් වෙන්නෙ කරන්ඩ තියෙන දේ පරක්කු වෙන එක ###විතරයි.

” ඒත් එතකොට අර යකා ලේසියෙන්ම අපිව අල්ලගෙන යයි”

“ඉන්ඩකො මම කියන්ඩ ”

යකා ඔහු කියන දේවල් කොහේ හෝ සිට අසා සිටිනවා ඇත.කරන දේ ඌට සැක හිතෙන්නෙ නැති විදිහට කල යුතුය. ඒ හින්දායි නුවන් සිතු දේ කටින් නොකියා phone එකේ ටයිප් කලේ ය.

” ඔයා කිව්වනේ යක්ශයට මේ පිහිවල ඉව වැටෙන්නෙ නැතුව හංගන්ඩපුලුවන් තැන් තුනක් ගැන.අන්න ඒ කියන එක තැනක මේ පිහිය හන්ගල ඔයා එතනට වෙලා ඉන්ඩ, පිහිය ඔයා ලග නෑ කියල ඌ ඔයා ලගට එයි . යක්ශය ලන්වෙනකොටම ඒ හංගපු තැනින් එලියට අරගෙන් ඌට අනින්ඩ , මම දැන් මෙතනින් වේගයෙන් දුවගෙන යනව . යක්ශය මම බේරිලා පැනල යනව කියල හිතල මම අල්ල ගන්ඩ එයි. ඌ මාව අල්ල්ගන්නකොටම මම හයියෙන් කෑ ගහනවා , ඒ කියන්නෙ යක්ශය ඉන්නෙ මම ලග ,, එතකොට ඔයා ඉක්මනින් ඔය පිහිය හංගන්ඩ ,, යක්ශය මම ලග ඉන්න හින්ද පිහිය හන්ගන තැන ඌට දැන ගන්ඩ බැරි වෙයි. හරිද ??? ”

තම අදහස ටයිප් කරපු නුවන් කසුනිගෙ මුහුන බැලුවේය. ඇය එයට එකගවෙමින් හිස වැනිවේය.

නුවන් කසුනිගෙන් පිහිය අයින් කරන් පාටක් ####පෙනුන් නැති නිසා යක්ශයා හිටියේ හොදටම කෝපවෙලයි. පිහිය ලග සිටපු නිසා මේ වේලේ නුවන් ලගට ය්ක්ශයාට කිට්ටුවෙන්නටද බැරි විය . මේ වතාවෙත් ඔහු තමාව රවටනවාද ??? එසේ සිතනවිටම නුවන් වේගයෙන් දිව යනවා යක්ශයා දුටුවේය. තමාගෙන් බේරී පලායනවා සිතු යක්ශය ඔහුට හොද පාඩමක් උගන්නනඩ ඕනා සිතා ඔහු පසු පස එලවා ගෙන ගියේ නුවන් ගේ උගුලටත් අසුවෙමිනි.

කසුනිගෙන් ඈත් වී ටික් දුරක් යනවිටම යක්ශයා නුවන්ව අල්ලාගන්ඩ සමත් විය.

” එපා ”

නුවන් යටගිරියෙන් මේ වෙලාවෙනම් කෑ ගැසුවේ බයටනම් නෙමේ , අනිවාර්යෙන්ම මේ හඩ ඇසී කසුනි පිහිය යක්ශයාට ඉව වැටෙන්නෙ නැති තැනක් හංගන්ඩ ඇති .

” උබ මේ පාරත් මාව රවට්ටල පැනල යන්ඩ නේද හිතුවේ ”

නුවන්ගේ කෙස් වැටියෙන් අල්ලාගත් ඔහු කම්බුලට පහර පිට පහර දීගෙන ගියෙය.

” මම උබ කියපු දේ කරලයි තියෙන්නෙ , දැන් එයාලග ඒ පිහිය නෑ ඕන්නම් ගිහින් බලල වරෙන්”

නුවන් පැවසුවේ වේදනාවත් ඉවසා ගනිමින් ය.

” හරිමම බලල එන්නම් හැබයි ඔබ මේ පාරත් මාව රවට්ටල තිබ්බොත් ”

කියූ යක්ශය නුවන්ව ##### ඇදගෙනවගේ ගොස් යලිත් වතාවක් කඹවලින් ගසකට තියා ගැට ගැසුවේය.

* නුවන් කියූ දේ ඇත්තක් බව යකශයාට තේරුම් ගන්නට ඇය දුටු වෙලාවේම හැකිවිය.
නමුත් ඇයව එකවර අල්ලාගන්නෙ නැතිව මදක් ඇයව රවටා විනෝද විය යුතුය.යක්ශයා සිතුවේ එසේය. යක්ශයා කසුනි ලගට යනවා වෙනුවට යලිත් නුවන් ලගට ගියේය.

” උබ කිව්ව හරි ඒකි ලග දැන් පිහිය නෑ තමා ”

” ඒ කියන්නෙ මටදැන් යන්ඩ පුලුවන්ද ”

නුවන්ගේ හඩට යක්ශයා කලේ විනාඩි යක් පමන හයියෙන් හිනා වීමයි. ඒ හිනාවනම් දැන් නුවන්ට හොදටම හොදටම හුරුය ඒත් ඇයි මේ වෙලාවේ මෙහෙම හිනාවෙන්නේ

” යන්ඩ දෙන්ඩ ,, මම උබට ,,මේ අඩවියට ආපු කිසිම එකෙකුට මම පනපිටින් ආපහු යන්ඩ දීලා නැති එකේ උබට විතරක් පනපිටින් යන්ඩ දෙනවද ,, උබ මං පාවිච්චිකරපු එක ඉත්තෙක් විතරයි.”

යක්ශයා කියූ දේවල් වලින් නුවන්ට වැටහුනේ යක්ශයා තමාව හොදටම රවට්ටා ඇති බවයි. ඒත් එසේ ඌට තමා රැවටුන හින්ඩ තමයි තවමත් පන පිටින් ඉන්නේ , නැතිනම් ##### #පනපිටින්ම ඉද්දී තමාගේ අත පය කපා මේ වනවිටත් නුවන්ව මරා දමා තිබීමට වුව්ද තිබීමට පුලුවන.දැන් සියලුම දෙනාගේ ඉරනම ලියවි ඇත්තේ කසුනි අතේය.

” උබ හිත්න්නෙ අර කෙල්ල අවිත් උබව බේරගනී කියලද ,,ඒකි දැගලුව හොදටම වැඩි, උබත් ඒකිට උදව් කෙරුවා ,, බලපන් දැන් මම ඒකිට කරන දේ ”

නුවන්ගේ ඇස් ලොකු කරමින් යක්ශයාගේ ස්වරූපය වෙනස් විය ඒ ස්වරූපය යක්ශය ගත්ත් කියා විශ්වාසකරන්නත් නොහැකිය් ඒ තරම් ඒ රූපය සමානය.. ශෙහාන්ගේ රුව පමනක් නෙමේ යක්ශයාට ඕනම කෙනෙකුහෙ වේශයක් ගතහැකි බව නුවන් මීට කලින් දැනගෙන සිටියේ නැත. මේ වේශයට කසුනි අනිවාර්යෙන්ම රැවටේවී, යක්ශයෙක්ද මනුශශයෙක්ද් කියා හොයා ගන්නට ඇය ලග කැමරා පෝන් එකක් තිබුනේද නැත.

” බලපන් මම දැන් ඒකිව රවට්ටන විදිහ, උබල දෙන්න මීට කලින් ගුහාවට යන්ඩ හොයා ගත්ත පාරේම මම ඒකිව එක්කයනවා ,එතනට යනකම්ම එකිදැන ගන්නෙ නැතිවෙයි මම කවුද කියලා,, මට හොද විනෝදයක් ගන්ඩ පුලුවන් ”

යක්ශයා යලිත් වතාවක් වියරු හිනාවක් පාමින් එතනින් පිට වුනාය.

” කසුනි ඔය එන්නෙ ඔයා හිතන කෙනා නෙමේ , ##### ##යක්ශයයි ඔය එන්නෙ ”

කියා පවසන්න ක්රමයක් මේ වේලාවේ නුවන්ගේ සිතට දැනුනේ නැත., ඇය රැවටුනොත් තමනුත් අනිත් සියලු දෙනාමත් යක්ශයාගේ අහාරයක් වන බව ඒකාන්තය .

” කසුනි ඌට රැවටෙන්න එපා ”

සිතෙන් පතන්න පමනයි නුවන්ට පුලුවන් උනේ, නමුත් ඒ සිතුවිල්ල සිතුවිල්ලක්ම පමනක් කරමින් කපටි යක්ශයා ඇටවූ උගුලේ අසරන කසුනි අසුවෙන බව නුවන් මේ මොහොතේ දැනගෙන සිටියේ නෑ ” **************************ඊලග කොටසට gamana

යක්ශයා යන්නේ කාගේ වෙසක් ගෙනද ?? කොහොමද කසුනි ඊට රැවටෙන්නේ කියල දැනගන්ඩ ‘ ගමන ‘ ඊලග කොටස බලන්ඩ ,,

කොමෙට් එකක් කොටා යන්න
ලයික් එකක් දමා යන්න
එන්න එන්න එන්න එන්න
අපි ඔක්කොම යමුද ගමන

✍Sagara Sampath

5 thoughts on “ගමන | 35 කොටස | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    ගොඩක් ලස්සනයි රාස් කතාව . අම්මෝ ඇයි අපිව මේ තරම් දුර එක්ක යන්නේ… අනේ කසුනිලාව දැන්ම බේරලා යවන්න අදහසක් ඔයාට නැද්ද කොල්ලෝ….? හරි ඉටිම් අපි තව කොයිතරම් දුරක් වුණත් ඔයා එක්කම එන්නම්කෝ මේ ගමන යන්න…

  2. mamanam hithanne e nuvange rupe aragthth kiyala
    Kathavanam godak interesting ???
    Eth meyala katavath karadarayaknam karanna epa plz hodada??

  3. නිශා එම්. සුදිරික්කු.

    මේකයි ඉතිං යක්ශයා කොහොම කපටි කම් කලත් යකා කියන්නෙත් පිරිමි සතෙක් නේ. ඔය කොයි පිරිමි සතාත් ගැහැණු ගැට වලට අහු වෙනවා. නැද්ද මං අහන්නේ.????????? ඒක නිසා අපි යකාගෙ සිහි විකල් වීමත් කසුනිගේ අතින්ම වෙන්න කියලා ගැහැණු විදිහට ඉහලින්ම ප්‍රාර්තනා කරනවා. Good luck. Keep it up.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.