Katha Ahura

ගමන | 36 කොටස| හොල්මන් කතා

5/5 - (2 votes)

ගමන 36 කොටස

යක්ශයා නුවන්ව තනිකර යන්ඩ ගියේය. නුවන්ව පුදුමයට පත් කරමින් මේපාර යක්ශයා ගියේ නුවන්ගේ අතපය බැදලා නොවේ , ඒ වෙනුවට කර ගියේ විශාල ගසකට හේත්තුකර බඩ මැදින් කඹය යව විශාල ගසේ බැද පමනි.නමුත් ගස විශාල නිසා ඔහුට කංබය ලෙහා ගන්නට අපහසු විය. දැන් තමා කරන්නේ මොකක්ද ? කොහොමද කසුනිට මේ බව දන්වන්නෙ , ඔහු සාක්කුවට අත දමා phone එක අතට ගත්තේ වාසනාවට හෝ එක සිග්නල කනුවක් හෝ phone තිරයේ වැටී ඇද්දෝ සිතමින්. එවිට ඇයට මේ බව පවස දුරකතන පනිවිඩයක් දීමට පුලුවනි. නමුත් නුවන් බලාපොරොත්තු වුන ලෙස එක සිග්නල් කනුවක් වත් එහි සටහන් වුනේ නැත.

කසුනිට අනතුරු අගවා නුවන් phone එකේ යමක් ටයිප් කලේය. ” ඔහු ටයිප් කර ඉවර වෙනවාත් සමගම යලිත් වතාවක් ඔහු යක්ශයා ආවේය. අනෙ මේ ඇත්තම එක්කෙනා වුනානම් නුවන් සිතුවේ ඔහුගේ මුහුන දෙස බලමින් ය. ඒත් ඒ ඇත්ත කෙනා නොවේ යක්ශයා බව ඔහු පැවසු දෙවල් නිසා නුවන්ට ඉක්මනින්ම වැටහින.

” මට තවත් විනෝදයක් ගන්ඩ හිතුනා ,, මට හිතුන උබටත් මම අර කෙල්ල රවට්ටගෙන යනව පෙන්නන්ඩ, තේරුන් ගනිල්ලා මාව රවට්ටන්ඩ කිසිම එහෙකුට බෑ , ඉස්සරහටත් #කාටවත් මේ මාව රවට්ටන්ඩත් බෑ ,, මාව රවට්ටන්ඩ හදපු උන්ට මම පාඩමක් උගන්නනෙ මෙහමයි. ”

යක්ශයා පවසන දේවල් නිවන්ට ඇසුනෙ හරියට ඊතලවලින් ඇගට විදිනවා වගේය. ඒ තරම් එ වචන තියුනුය.

” ඒත් යක්ශය හිතන් ඉන්නෙ මොනවද ”

නුවන් සිතද්දීම යක්ශයා යලිත් වතාවක් නුවන්ව ලෙහුවේය. කීපාරක් නම් මෙහෙම කෙරුවද ? කඹවල ගැටවලට අහුවුනු තැන් වේදානාවෙන් පුපුරු ගහයි.

නුවන්ව කරේ තියාගත් යක්ශයා විශාල ගසක් උඩට නගින්න පටන් ගත්තේය.

” මම දැන් අරකිව රවට්ටගෙන මේ ගහ යටින් තව ටිකකින් යනවා , උබත් ආසයිනෙ ඒ වගේ ආස හිතෙන දෙයක් බලන්ඩ , ”

යක්ශයා නුවන්ගේ කමිසය ගලවා ඔහුගේ කට බැන්දේය , කරන දේ ගැන ටිකෙන් ටික නුවන්ට වැටහෙයි. යකශයා හදන්නෙ තමාව මේ උස ගසක.අත්තක අත පය බැදදැමීමට විය යුතුය , එවිට ගහ යටින් කසුනිව රවටටගෙන යනවා යක්ශයාට තමාටපෙන්වීමට පුලුවනි. කසුනිට අන්තුරු අගවා ටයිප් කරපු phone එක තවමත් නුවන්ගෙ අතේය.## කසුනි එක්ක ගෙන යන්නේ මේ ගහ යටින්නම් සමහර විට මේ phone එක ගස යටට දැම්මොත් ඇයට දකින්නටත් ඉඩ තිබේ . එවිට කසුනි මේ ගහ යටින් යද්දී එය අහුලා එහි ටයිප් කරපු දේ දකින්න පුලුවන්. නුවන්ටයෛත් ජීවිතය ගැන දශමයක පමන බලාපොරොත්තුවක් ඇතිවිය.” කසුනිට මේක පෙනේව ”

සිතමින් නුවන් යක්ශයාට නොදැනෙන විදිහට phone ගස යටට වැට්ටුවෙය. ඔහු කෙතරම්ද අවාසනාවන්තයෙක්ද කිව්වොත් ගස යටට වැටුනු phone එක ගස යට එකතු වී තිබුනු කොලරොඩු අතර සැගවී ගියේය. එය කෙසේනම් දැන් කසුනි දකින්නද????

පොලව පෙනෙන සේ උස අත්තක නුවන්ගෙ අත පය බැද දැමූ යක්ශයා අර සුපුරුදු වියරු සිනාව නංවා නුවන් ලගින් යන්නට ගියහ , අනිවාර්යෙන්ම ඔය යන්නෙ කසුනිව රවට්ටන්ඩ බව නුවන්ට වැටහුනේය.
*************************

කසුනි පිහිය සගවා ගොඩක් වෙලාවක් ගියද යක්ශයවත් නුවන් අයියාවත් දකින්නට ලැබුනේ නැත. නමුත් ඇය පුදුමයට පත් කරමින් ඇයට ය්ක්ශනියගේ විලාප හඩට සමාන බිවිසුන විලාප හඩක් ඇසින,

” යක්ශයාටත් කවුරුහරි පිහියෙන් ඇනලද ? ඒත් කොහොමද අනිත් පිහිය මන් ලගනේ .”

” නංගී”

ටික වෙලාවක් එසේ සිතනකොටමයි ඇය පිටුපසින් මේ හඩ ඇසුනේ මොන ලෝකේ හිටියත් ඇයට මේ හඩ හොදටම හුරුය.###

” අනේ පොඩි අයියේ , මට මේක හිතාගන්ඩවත් බෑ , මම මම හිතුවෙ ඔයත් යක්ශයන්ට අහුවුනා කියලා ”

කසුනි පැවසුවේ ඒ රුව දෙස බලමින් ගොත් ගසමින් ඒ තරම් ඇයට මෙය අදහගන්න අමාරුය. ඒ තම පොඩි අයියා නෙමේ යක්ශයා බව ඇය කෙසේ නම දැන ගන්ඩද?

එසේ දැන ගත්තත් කසුන අර සගව ඇති පිහිය ගෙන ඔහුට අනින්ඩ නොතිබෙන්ඩ පුලුවන. තමාගේ ආදරනීය පොඩි අයියා දෙස බලා ඔහුට පිහියෙන් අනින්නෙ කෙසේද ?

” නංගි අපි දිනුම් නංගි, අපි කොහොමහරි යක්ශයටයි යක්ශනීටයි පිහියෙන් ඇනල සිහිනැතිකෙරුවා ”

ඔහු පැවසූ දේවල් වලට මේ පාරනම් කසුනි පුදුම වූවාය.

” ඒත් කොහොමද , දමිත අයිය ලග විතරනෙ පිහියක් තිබුනේ , අනිත් පිහිය මන් ලගනෙ , ඉතින් කො.. …. ”

ඔහු කසුනිට බදා කලේය.

” නංගි කියන දේ මට තේරෙනවා ,, ඔයා පුදුම වෙයි මම මේ කියන දේ අහල , මමත් හිතුවෙ නෑ කොහොමවත් මෙහෙම දෙයක් වෙයි කියලා ”

” මොකක්ද පොඩි අයියේ ”

” මෙහෙමයි ඒක වුනේ , මම ඔයා වලට වැටුන වෙලාවෙ .. ”

ඔහු කතාව නැවත්තුවේය.

” ඇයි නැවත්තුවෙ ”

” ඒක නෙමෙ නංගි දැනියි මට මතක් වුනේ මට කියනවද ඔයා කොහොමද අර වලෙන් එලියට ආවේ ”

ඔහු පැවසුවේ හැමදේම දන්නමුත්කසුනි දෙස පුදුමයට පත් වුනු බැල්මක් පාමින් ,

” ඒක මම පස්සෙ කියන්නම් අනේ පොඩි අයියේ අර කතාව කියන්ඩකෝ”

ඇයට එය අසන කන් ඉවසිල්ලක් නැත.####

” හරි ඉතින් මම ගියා කොහෙන්හරි වැලක් හොයා ගන්ඩ. ඒත් මට ගොඩක් දුර යනකම් වැලක් හම්බවුනෙ නෑ , ඒත් මම පුදුමවුනා මම දැක්ක ගහක දිග කබයක්, මම ඒක ලෙහා ගෙන ඉක්මනින්ම වගේ දුවගෙන එනකොට මමත් බොරු වලකට වැටුනා ,,”

” ඒත් ඔයා කොහොමද එතනින් බේරුනේ ,, ඔයා යක්ශයට අහුවුනේ නැද්ද, ”

” නෑ මොකද දන්නෙ නෑ , උන් මම ලගට අවේ නෑ , එහෙම ඉන්නකොට තමයි මට හයියෙන් විලාප හඩක් ඇහුනෙ , මම හිතුවෙ ඒ කටහඩේ හැටියට යක්ශනී ට දමිත් පිහියෙන් ඇනල කියලයි.”

කුසල්ගෙ වෙස් ගෙන යක්ශයා පවසන දේ ඇත්තම වෙන්ඩ ඕන සිතා කසුනි එය අහන් සිටියාය. සමහර විට යක්ශයා පොඩි අයියා ලගට කිට්ටුවෙන්ඩ නැත්තේ අයියා ගොඩක් පින් කරන හින්ද වෙන්ඩ ඇති.

” මගෙ අතේ කඹයක් තිබුනු හින්ද ඒ බොරු වල ලග තිබුනු ගහක අත්තකට කඹේ දාල බොහොම අමාරුවෙන් ගොඩට ආවා , ඒකට සෑහෙන්ඩ වෙලා ගියා මේ පොඩ්ඩකට කලින් ගොඩට ආවේ .එතකොටම මට ඇහුන දමිත් කෑ ගහන හඩ ,, මට හිතුන දමිත්ට මොකක් හරි කරදරයක් කියලා , මම ඒ පැත්තට යනකොට යක්ශය දමිත්ව අල්ලගෙන , යක්ශයා දමිත්ට කිව්වා #####කොහොමහරි යක්ශනිගේ ඇගෙන් පිහිය අයින් කරපන් කියලා නැත්නම් පන පිටින් අත පය කපනවා කියලා , මීට පොඩ්ඩකට කලින් මම කියපු දේ කරපු නැති එහෙකුට එහෙම කෙරුවා ”

” අයියෝ පව් නුවන් අයියගෙ වෙන්ඩ ඇති” ඔහුගේ කතාවට බාදා කලේය. කසුනිසිතුවේ එසේය.

” සමහර විට යක්ශය දමිත්ව එහෙම කියල බය කෙරුවද දන්නෙ නෑ ”

එහෙම වෙනවනම් කොච්චර හොදද ??? කසුනි සිතුවේය.

කොහොමහරි යක්ශයට අහුවුන දමිතුත් මාව දැක්කා , මම සංඥාවක් දුන්න යක්ශනී ඉන්න තැනට දමිත්ට එක්ක යන්ඩ කියලා

* දමිතුයි යක්ශ යයි පිටිපස්සෙ මම ගියා යක්ශනී වැටිල ඉන්න තැනට , යක්ශය කිව්ව පිහිය ගලවපන් කියලා ,, දමිත් ගැලෙව්වෙම නෑ . ඊට පස්සෙ යක්ශයා පොරව අතට ගත්තෙ දමිත්ට කොටන්ඩ , එයාල මට පිටුපාල හිටියේ ,, යක්ශයා දමිත්ට පොරවෙන් කොටද්දිම මම ඉක්මනට දුවල ගිහිල්ලා යක්ශනිට ඇනල තිබ්බ පිහිය ගලවල යක්ශයට ඇන්න . යක්ශයත් අර යක්ශනී විදිහටම යටගිරියෙන් කෑ ගහගෙන සිහිනැතිව වැටුනා .”##### #

” දැන්නම් මට තෙරෙනව මීට කලින් අර මට ඇහුන සද්දෙ මොකක්ද කියලා ,, ඒත් පොඩි අයියෙ පිහිය ගලවද්දි යක්ශනියට සිහිය ආවෙ නැද්ද ”

” නෑ නංගී මගෙ යාලුව කිව්වෙ , එහෙම පිහිය ගලවල පැයක් විතර ගියාමලු ආයෙ උන්ට සිහිය එන්නෙ ”

” එහෙනම් පොඩි අයියේ අනිත් පිහිය අරන් ගිහිල්ලා එකෙන් යක්ශනීට අනිමු ”

කසුනි ඇය පිහිය සගවා ඇති තැනින් ගන්ඩ සැරසුනායා.

” එපා එපා එකෙන් දැන් වැඩක් නෑ , අපි එක පිහියකින් දෙන්නටම සිහි නැති වෙන්ඩ වැඩක් කෙරුවා ”

කසුනිපිහිය යලිත් ඇගේ අතට ගත්තනම් එහෙම ඔක්කොම වැඩ යලිත් අවුල් වෙන බව යක්ශයා දැනගෙන සිටියෙය .

” මමයි දමිතුයි එකතුවෙල යක්ශනිගේ අතක් උඩින් යක්ශයගෙ අතක් තියලා දෙන්නගෙම අත් දෙක සම්බන්ද වෙන විදිහට පිහියෙන් ඇන්නා , මගෙ යාලුව කිව්ව එහෙමත් කරලා උන්ව සිහි නැතිකරන්ඩ පුලුවන් කියලා ,, අපේ වැඩි ආරක්ශාවට තමයි පිහි දෙකක් දුන්නෙ ,,, ඒත් නංගි……”

” ඇයි අයියෙ ”

” අපි උන් දෙන්න සිහි නැතිකෙරුව තමයි, ඒත් ##### ##අපෙ වැඩේ ඉවර නෑ ,,අපි කොහොමද , අයියලව හිරකරන් ඉන්න අර ගුහාවට යන පාර හොයා ගන්නෙ ,, ශික් අපේ කරුමෙට ඒ පාර කියන්ඩ ගිය අර වයසක මනුස්සයත් මුන් මැරුවනේ ”

කිසිම දෙය්ක් නොදත්තකු සේ ඔහු පැවසුවේය.

” ඒ වැඩෙත් හරි කියලා හිතන්ඩකෝ ”

කසුනි පැවසුවේ සතුටට පත් වෙමිනි හැම දේම හොද අතට වෙන බව ඇය සිතුවාය.

” ඒ කියන්නෙ ”

“ඒ ගුහාවට යන පාර මම හොයාගත්තා,, ඒකට යන්නෙ මැද තියෙන් දිය ඇල්ල මැදින්”

නුවන් සමග එකතු වී එය සොයා ගත් හැටි ,, සයිමන්ට පහර දී ඔහු බොරු වලට දාපු හැටි ඔක්කොම ඇය කුසල් වෙසින් ඉන්න යක්සයට පැවසුවාය . ඒවා යක්ශයා අසා සිටියේ මහත් විනෝදයෙන් ය. ඇය තමාගේ උගුලට හොදටම හසු වී හමාරය, දැන් තියෙන්නෙ කෙසෙ හෝ ඇයව මෙතනින් එක්ක යන එකය.

” මම දන්නවනෙ මගෙ නංගි වැඩකාරියක් කියලා ,, එහෙනම් දැන් ඒකත් දන්න එකේ ඉක්මනටම යමු අයියලව බේරා ගන්ඩ..,රෑ වෙන්ඩත් ලගයි. ”

යක්ශයාට ඇය හොදටම රැවටුනාය , යක්ශයයි යක්ශනියි දැන් සිහි නැතිවයි ඉන්නෙ , දැන් අනිත් පිහිය ඕනේ නෑ , කුසල් වෙසින් ඉන්න යක්ශයා ##### ###පවසන සියලු දේ කසුනි විශවාස කලාය . කිසි දිනක පොඩි අයියා බොරු කියන්නෙ ත් නැති බවත් ඇය දැනගෙන සිටියාය. යක්ශයාට රැවටුන කසුනි ඔහු සමගින් අර බලගතු පිහිය ලගින් ටික ටික ඈත් වුනාය..දැන් ඇයගේ එකම අර මුන ලොකුඅයියාත් සිර කරගෙන ඇති අනිත් අයත් කෙසේ හෝ ඉන් මුදවා ගැනීමයි. එහෙත් ඇයත් එහි හිර වෙන්ඩ යන බව ඇය දන්නෙ කෙසේද???

** කෙසේ හෝ යක්ශයා කසුනිව රවටාගෙන නුවන් බැද ඇති ගහලගටම එන්නට සමත් විය. දැන්නම් යක්ශයාට ලෙසියෙන්ම කසුනිව අල්ලාගෙන ගොස් හිරකිරීමට පුලුවනි. නමුත් ඊට වඩා මේ ක්රමයට සිර කරන්ඩ ගෙන යන එක කොච්චර විනෝද ජනකද ”

යක්ශයා යටි සිටින් සතුටු වෙමින් සිතුවේ එසේය.
********************
කසුනි ,,යක්ශයාට රැවටි එන අයිරු නුවන් බලා සිටියේ බියමුසු දෑසිනි. ජීවත් වෙන්ඩ තිබුනු එකම බලාපොරොත්තුවත් යක්ශයාට හසුවී හමාරය.

” phone එක කසුනිට පෙනෙන්නැතිවුන ත් කකුලටවත් පෑගෙවා ”

නුවන් ගස උඩ සිට පැතුවාය. නමුත් කසුනි ගියේ phone එක වැටී සිටි තැනින් ගොඩක් ඈතින් ය. ඒ නිසා කොලරොඩු අතර සැගවී ඇති phone එක ඇයගේ පයට පෑගුනේවත් , ඇසට පෙනුනේවත් ##### ####නැත. සියලුම දෙනාට ජීවත්වෙන්ඩ බලාපොරොත්තුව තිබුනේ බින්දුවයි දශම බින්දුවයි එකයිනම් ඒ බලාපොරොතුතුවත් සුන්කරමින් phone එක වැටී තිබූ තැන පසුකරමින් කසුනි යන්න ගියේ කසුන්ගේ වෙසින් ඉන්න යක්ශයාට හොදටම රැවටීය. යක්ශයා විසින්ගස උඩ අත පය විතරක් නොවේ කටත් බැද දමා ගොස් සිටි නුවන්ට සිතුනෙ

“දැන් ඉතින්ඔක්කොම දේවල් ඉවරයි”

කියාය.

” හම් තෙරෙ බින් අබ් රෙහ් නහි සකතේ
තේරෙ බිනා ක්යා ජූද මෙරා ………..”********************************ඊලග කොටසට gamana

අද කොටස අවසානයේ ඇති වචන පෙලේ ඊලග කොටස ගැන ලොකුම ලොකු හෝඩුවාවක් තියෙනවා ,, පුලුහන්නම් හොයා ගන්ඩ බලන්ඩ …

✍Sagara Sampath

5 thoughts on “ගමන | 36 කොටස| හොල්මන් කතා”

  1. ඒ Phone එකේ Ringing tone එක තමා අනිවාරෙන්…
    තාස්සනේ දිව්නුව යක්කුන්ටත් කොක්කු පෙන්නන්න Use වෙනවා….???

    1
  2. නිශා එම්. සුදිරික්කු.

    නුවණ්ගෙ ෆෝන් එක රින්ග් උණා මම හිතන්නෙ

  3. Hashini Navanjana.

    Nuwan ge phone eken play una song eka. Signal nthnm phone eka ring wenna vidiyakuth na nee…
    ??????? kohoma hri phone eken thama play wenna aththe

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.