Katha Ahura

කාල වනය | පලමුවන දිගහැරුම |හොල්මන් කතා | උපුටා ගැනීම්|

4/5 - (20 votes)

?කාල වනය! ?
1 කොටස

බෙහෙත් පැකට්ටු පරික්ශා කරමින් සිටි සමීර වාහනයක හෝන් හඩක් ඇසී මහා මාර්ගය දෙස බැලීය.ඒ සමගම තම ඩිස්පෙන්සරිය අසල නැවැත්වූයේ අපාචි වර්ගයේ බයික් එකකි.මොහොතකට පසු බයිසිකලයෙන් බැස ගත් ආගන්තුකයා ඩිස්පෙන්සරිය තුලට පිය මැන්නේ සමීර හට මදහසක් පාමිනි.සමීර ඔහුව වහා හදුනාගැනීය.

” අඩෝ චාමර ,උබට අදද මාව මතක් වුනේ බං,බලුවැඩ ඕවා නම් “සමීර පැවසුවේ සිනාසෙමිනි.

“නෑ බං බැන්දට පස්සේ දන්න වනේ මට ඉති කොහෙවත් යන්න බෑ එයාගේ අවසර නැතුව”මෙතෙක් ආගන්තුකයෙකු වූ චාමර පවසන්නට විය.

සමීර උබට දැන් සල්ලි නම් තියෙනවා නේද? බං .චාමර ඩිස්පෙන්සරිය වටා නෙත් යවමින් කියන්නට විය.

“පිස්සුද බං මොන සල්ලිද ?එදා වේල තමයි ඉතින් ,දැන් ලෙඩ්ඩු යන්නේ ස්පිරිතාලේනෙ බං මං වගේ ඩිස්පෙන්සරි කාරයන්ට හුලං තම ඉතින්”

“ඒක නෙවේ බං අපි සතියක කෑම්ප් එකක් ගහන්න යනවා බදුල්ල පැත්තේ කැලේකට ,යන්නෙ වෑන් එකක,අපේ ස්කෝලේ යාළුයෝ සෙට් එකත් එනවා බං කෙල්ලොත් එක්කම,උබත් වරෙන්කෝ,හෙට යන්නේ ”

“හා හැබැයි දෙන්න සල්ලි නම් නෑ බං,අනික් උන්ට මං මෙහෙම කිව්වා කියලා කියන්න එපා බං”කියමින් සමීර චාමරගෙන් පින්සෙන්ඩු විය.

“පිස්සුද බං සල්ලි ඔනෙනෑ ,වරෙන් යන්න ,අනික මං කාටවත් මුකුත් කියන්නෑ බොල”චාමර සමීර දෙස අනුකම්පාවෙන් බලමින් කියුවේ කල්‍යාණ මිතුදම පෙන්වා දෙමිනි.

“අද රෑ මට කොල් කරලා අපේ ගෙදරට වරෙන් මගේ එක්කෙනා යන්නෑ,උබටත් එක්ක මං ටෙන්ට් ටික ගත්තා ,කෑමත් හරි ගෙනියන්න “චාමර පැවසුවේය

“හරි බං හරි”
ටික වේලාවක් සතුටු සාමිච්චියේ යෙදී සිට
“මං ගිහින් එන්නම් “කියා සමීරට චාමර සමුදී බයිසිකලය පන ගන්වා යන්නට ගියේය.සමීර දිගු සුසුමක් හෙලමින් ඔහු යන දෙස බලා සිටියේ දුක් මුසු මුහුණෙනි…

##########################################################

සමීර හා චාමර පාසලේදී හදුනාගත් මිතුරන් දෙනෙනෙකි.

*****************************************************************************************

වේලාව සවස 6.13 ,හිරු දෙවියන් අවරට යන්නට විය.දසතින් අදුර ගලා එන්නට පටන්ගෙන ඇත.සමීර ඩිස්පෙන්සරිය වසා දමා තම මෝටර් රථයේ නැගී තම නිවස බලා යන්නට විය.ඔහුගේ පදිංචිය හෝමාගමය.චාමරගේ නිවස මත්තේගොඩ ගොඩ නගර ආසන්නයට වන්නට ඇත .සමීරගේ දෙමහල් නිවසෙහි සිටින්නේ ඔහුත් ඇයගේ බිරිද නිලූකාත් පමණි.නිලූකා ඉතා රූමත් වූවාය.දිගු කෙස් කලබක හිමිකාරියකි

ඔහු සවස 6.15ට ඩිස්පෙන්සරිය වසා තම නිවසට පැමිනෙන විට රාත්‍රී 7ද පසු වී තිබුණි.ඔහු නිවසට පැමිණෙන විට නිවසෙහි පිරිත් වාදනය කොට තිබිණි.

“නිලූකා …..නිලූකා……”සමීර නිවසට ගොඩ වැදෙත්ම හඩගෑය.

“සමීර මං කුස්සියෙ ඉන්නේ”

සමීර කුස්සිය වෙත පිය මැන්නේ සතුටිනි.නිලූකා කුස්සියෙහි එලවළු කපමින් සිටියාය.සමීර පිටු පසින් ගොස් ඇයව වැලද ගත්තේ ඉතා ආදරයෙනි.

“නිලූකා මගේ චූටි පැටියා ,ආදරෙයිගොඩාක්”

“අද මොකද මේ සුදු මහත්තයාට වෙලා තියෙන්නේ හ්හ්හ්”ඇය මද හසක් නගමින් පැවසුවාය.

“සුදු මහත්තයා නිලූකාගේ ආදරෙන් මත් වෙලා”

“දෙහි ගෙඩියක් දෙන්නද මත අරින්න”
“හා පන” කියමින් සමීර නිලූකාගේ බදවටා අතයවා ඇයව සිප ගත්තේය.

අනතුරුව කුස්සියේ ශීතකරනය අසල වූ පුටුවෙහි අසුන්ගත් සමීර කතාව ආරම්භ කලේය .
“නිලූකා ඔයාට මතකද මගේ යාලුවා චාමරව”

“ආ ඔව් ඔව් ,අර අපේ වෙඩින් එක දවසේ මගේ මූනේ කේක් උලපු වල් ඌරා නේද?”

“ඔව් ඌ තමයි ,හ්හ්හ්හ්හ් ඒකත් මතකයි නේද නිලූකා ”

“මතක නැති වෙයිඈ මගේ වෙඩින්ඩ්‍රස් එකත් කෑවනේ”

“අන්න ඌ සතියක කෑම්ප් එකක් ගහනවලු බදුල්ල පැත්තේ කැලේක.මටත් කතා කලා,මාත් යන්න හිතුවේ ඒත් ඔයා තනියෙන්නේ “සමීර එසේ පවසා බිම බලා ගත්තේය .

“අනේ මගේ මෝඩ පැටියෝ හතර වටෙන්ම තාප්ප ගහලා ,cctv කැමරාත්හයි කරලා ඉතින් මොකටද බයවෙන්නේ,අනික අපේ ජර්මන් ශෙපට් වද කාර සැලී ,ලැසීත් ඉන්නේ මගේ තනියට.ඔයා යන්න කමක් නෑ ,කොහොමත් මං ඔයාට කියන්න හිටියේ හෙට ඉදන් සතියක් මං ගල උඩ පන්සලේ බෝධි පූජා තියන්න යනවා”

“අම්බෝ ගල කැඩෙයිද දන්නෑ හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..”සමීර සිනා සෙමින් පවසන්නට විය.

“මෝඩයා ඔයානම් වල් කතා කියන්න හරි දක්ශයි”
නිලූකා ලැජ්ජාවෙන් කීවාය.

“ඒක නෙවේ නිලූකා අද රෑ ම අපි පිටත් වෙනවලු හෙට උදේම බදුල්ලට යන්න ඒක නිසා උයලා ඇදුම් ටික ලෑස්ති කරලා දෙනවද”

“හා හා ..ඔයා නාගෙන එන්නකෝ .මං උයලා ,ඇදුම් ලෑස්ති කරන්නම්”

එසැනින්ම සමීර ස්නානය සදහා නාන කාමරයට ගියේය.නිලූකා ලිප තැබූ හොද්දක ලුණු බලමින් සිටියි.ඒ අතරතුරම නිවසෙහි ප්‍රධාන දොර ඉහලින් එල්ලා තිබූ සීවලී මහරහතන් වහන්සේගේ රූපය බිමට වැටී බිදිනි.

” ඩිග් ..සලාං………………”
ශබ්දයට නිලූකා එක පිම්මේ දොර අසලට ගොස් බැලුවාය.

“සමීර මේ දොර උඩ එල්ලපු සීවලි රූපෙ බිම වැටිල බිදිලා ගිහින් ”

“ඉන්න මං එනවා”
සමීරට අමතක වී නිරුවතින්ම ඔහු දිව ආවේය .

“හ්හ්හ්හ්හ් අපොයි සමීර හ්හ්”

“ඇයි ලමයෝ සීවලි රූපේ බිදුනාම හිනා වෙන්නේ”

“නෑ නෑ සුදු මහත්තයා උපන් ඇදුමින් ඕං….හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්”

“අපොයි ”
ඔහු අසල තීබූ ජනෙල් රෙද්දකට මුවා වූවේය.

“මෝඩි ඉතින් කෑ ගැහුවනේ ඒකයි මං ආවේ,ඔයා යන්න .මං නාලා ඇවිත් අස්කරලා දාන්නම්,කෝ යන්නකෝ ඉතින් ”

නිලූකා සිනාසෙමින් කුස්සිය වෙත පිය මැන්නාය.ඉන් පසු නැවත සමීර නානා කාමරයට ගොස් නැවතත් නෑමට පටන් ගත්තේය.

නා ඇදුම් ඇද අනතුරුව බිදී ගිය සීවලී රූපය බුදු පහන දල්වන ස්ථානයෙන් තබා බිදී ගිය වීදුරු කැබලි ඉවත් කලේය. ඒ අතරම නිලූකා කෑම මේසය සැකසුවාය.අවසානයේ සමීර කෑම මේසය අසලට ගියේය .

“අම්බෝ පන මොනවද හැදුවේ මාර සුවදයි !,සීවලි රූපේ වැටෙන්න ඇත්තෙ හුලගට,අලුතින් එකක් එල්ලමු”

“හා පැටියෝ,කෑම නම් හාල්මැස්සෝ තෙල් දාලා,පරිප්පුයි,සම්බෝලයි,බතුයි.”

“මරු නිලූකා !”

දෙදෙනාම රාත්‍රී ආහාරය ගෙන පිටත් වන ගමන ගැන කතා කරන්නට විය.අනතුරුව සමීර තමාගේ පැමිණීම දැන්වීමට චාමර හට ඇමතුමක් ගන්නට විය.

” මූ ආන්සර් කරන්නෑ නිලූකා ,,ශික් මොකක් කරනවද දන්නෑ ”

සමීර දෙස් දෙවොල් තියන්නට විය.
“හෙලෝ සමීර උබ එනවානේද”

“ඔව් බං චාමර ”

“උබ අපේ ගෙදර එන්න ඕනි නෑ ,අපි සෙට් එක උබගේ ගෙදරට එනවා දැන් මේ මග ඉන්නෙ,උබ එලිය ඇවිත් ඉදහන්”

“හරි බං”පවසා සමීර දුරකතනය විසන්දි කලේය.

“නිලූකා අන්න අරුන් එනවලු ,මං ඇද යනවා”
ඉක්මනින්ම ඔහු කාමරයට ඇතුලුවුනි.

ස්වල්ප වේලාවකට පසු
———————————————

“නිලූකා මං ඇද ගත්තා ,කෝ එන්නකෝ”

“සමීර මේකත් අරන් යන්න”
යැයි පවසා නිලූකා සමීර අත තැබුවේ පාර්සලයකි .

“මේ මොනවද නිලූකා ”

“කෑම ටිකක් මගේ සමීර පැටියෝ”
“ඇයි මෙච්චර මහන්සි උනේ පැටියෝ”

“ඔන්න අරුන් ආවද කොහෙද , යං එලියට”

නිලූකාත් සමීරත් නිවසෙහි දොර හැර ගෙන එලියට පැමිනියේය.නිලූකා ඉක්මනිම ගොස් ගේට්ටුව විවර කලේය.ඔවුන් පැමින ඇත.ඒ කැරවෑන් වර්ගයේ වෑන් එකකිනි.එය සුදු පැහැතිය.

” අඩෝ බ්‍රෝ ……”
“අඩෝ සමියා ,මේ නෝනද”
“අප්පා කොල්ලට කොහොමද ”

වෑන් රථයේ සිටි සමීරගේ මිතුරන් කෑගසන්නට විනි.

“හිටපන් හිටපන් එන්නම් පස්සේ කතා කරමු”

සමීර නිලූකාගේ නලල සිප,
“පරිස්සමින් ඉන්න පැටියෝ මං ගිහින් එන්නම් මං පවර්බෑන්ක් එකත් ගත්තා ,හැමදාම ඔයාට කෝල් කරන්නම්”

“හා සමීර පරිස්සමින් යන්න බුදු සරණයි ,පොඩ්ඩක් ඉන්න සමීර”

නිලූකා ගෙට දිව්වාය.නැවත දිව ආ ඇය පිරිත් නූලක් සමීරගේ දකුණු අතෙහි ගැට ගෙසුවාය.
“පරිස්සමින් ගිහින් එන්න සමීර”

“දෙන්නා ලව් කලා ඇති වරෙන් දැන්” චාමර සිනා සෙමින් පැවසුවේය .

සමීර නිලූකාට සමුදී වෑන් රියට ඇතුලු වුවේ ගමන් මළුත් අතැතිවයි.සමීර අසුනක වාඩිවී දුක් මුසු මුහුණින් නිලූකා දෙස බලා සිටියේය .අනතුරුව රියදුරු අසුනේ සිටි චාමර ගමන යාමට පෙර බුදුන් වැද ,වෑන් රථය පන ගන්වා ඉදිරියට පදවාගෙන ගියේය.නිලූකා ගමන් කරන වෑන් රථය දෙස බලා සිටියේ රාමා නැති සීතා ලෙසටයි .වෑන් රිය නොපෙනී ගියපසු ඇය ගේට්ටුව වසා දමා නිවස දෙසට හැරුනා පමණි.

“ටොක් …….චටාස්………….”

2 කොටසින් හමුවෙමු

සියලු අයිතීන් කර්තෘ සතුය

?Kasun gayantha
(?Prince of darkness?)

බුදු සරණයි !

?කර්තෘ අයිතිය සුරකින්න ?

නිලූකාට ඇහිච්ච සද්දෙ මොකක්ද කියල හිතලා?කල්පනා කරලා Comment පාරක් දාන්න ඕනි?ඔන්න ඉල්ලපු විදිහටම කතාවක් පටන් ගත්තා,?මං දැන් කතා අලුත් විදිහට ලියන්න පටන් ගත්තා,වෙනස හොදද කියලා Comment කරන්න ? .විශේෂයෙන් අඩුපාඩු තියෙනවානම් ඒවා Comment කරන්න . කියවලා Comment එකක් ලයික් එකක් දාන්න කස්ටිය?.

5 thoughts on “කාල වනය | පලමුවන දිගහැරුම |හොල්මන් කතා | උපුටා ගැනීම්|”

  1. Ranmali subasinghe

    හුගාක් ලස්සනයි…. හැමදාම දානවා නේද???

    හිතා ගන්න බෑ සද්දෙ මොකක්ද කියලා… මේ වගේ දිගගගගගග කොටස් දෙන්න…. ????????

    සුභ පැතුම් !!! ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.