Katha Ahura

ගමන | 37 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

ගමන 37 කොටස

” හම් තෙරෙ බින් අබ්
රෙහ් නහි සකතේ
තේරෙ බිනා ක්යා ජූද මෙරා
තුජ්සෙ ජුදා කර හෝ ජායේගේ
තොහ් ක් හුද්සෙ හි හෝ ජායේගෙ ජුදා…….”

යක්ශගේ උගුලට රැවටීයන කසුනිට ඇසුනේ මදක්පිටුපසින් හින්දි ගීතයකි. අනිවාරයෙන්ම එය ඇසෙන්නේ phone එකකින් බව සිතන්නට කසුනිට වැඩි වේලාවක් ගියේ නැත. ඒත්මේ වෙලාවේ කොහොමද එහෙම දෙයක් වෙන්නේ කෝල් එකක් අවා පවසන්නත් බැරිය. මේ පැත්තට සිග්නල වැඩකරන්නෙ නැති වීම ඊට හේතුවයි. තව තව හිතන්නෙ නැතිව කසුනි හඩ ආපු තැන බැලුවාය . එතන තිබුනේ වියලි කොලගොඩකි. තවත් අර හින්දි සින්දුව වාදනය වෙයි. කොල ගොඩට අත යවා නුවන් විසින් බිමට දැමූ ඔහුගේ phone එක සොයා එය අතට ගන්නට කසුනිට වැඩිවේලාවක් ගියේ නැත.

” කාගෙන්හරි කෝල් එකක්වත් ඇවිල්ලදෝ ”

සිතමින් ඇය phone එකෙ තිරය දෙස බැලුවාය. නමුත් ඇය වැරදිය, phone එකෙන් ඇසෙන්නෙ එලාම්වාදනය බව කසුනු ඉක්මනින්ම තේරුම් ගත්තාය. Phone එක තුලින් තවමත් අර හින්දි සින්දුව ඇසෙන්නෙ phone තිරයේදෙ අලෝකය අඩු වැඩි කරමින්, ඒ ආලෝකය තුලින් නුවන් #විසින් ඇයට අනතුරු අගවා ටයිප් කරපු වදන් පෙල හොදටම ඇයට පෙනේ.

” කසුනි ඔය ඉන්නෙ ඔයාගෙ පොඩි අයියා කුසල් නෙමේ , එයගෙ වේශයෙන් ඉන්නෙ යක්ශයා ,, ඌ හදන්නෙ කොහොම හරි ඔයාව රවට්ටගෙන ගුහාව ඇතුලට ගිහිල්ලා ඔයාවත් හිරකරන්ඩ , උගෙ උගුලට අහුවෙන්නැතිව කොහොම හරි බේ……”

මැසේජ් එකක් ලෙසෙ ටයිප් කරපු එහි තිබුනේ එපමනයි. නමුත් නුවන් අයියාගේ phone එකේ ඔහු විසින් ටයිප්කරපු ඒ ටිකෙන් කසුනි ඔහු දන්වන්ඩ ගිය දේ ඇය තේරුම් ගත්තාය.ඇයට දැනුනේ ඇස් නිලංකාර වී සිහි නැතිවෙන්ඩ යනවාක් මෙන් ය. තව දුරටත් ඇයට එය දරා ගෙන ඉන්ඩ හැකි වුනෙ නැත, ඇය අමාරුවෙන් සිහි නැතිවෙන එක වලකා බිම වාඩි වුනාය.

” ඇයි නංගි මොකද වුනේ ”

කසුන්ගේ වෙසින් ඉන්න යක්ශයා කලබල වූ බවක් පෙනින.දැන් මම කරන්නෙ මොකක්ද , අර බලගතු පිහිය තියෙන්නෙත් මෙතන ඉදලා ගොඩක් දුරකය. තමා හොදටම යක්ශයාට කොටු වී ඇත. , යක්ශයන්ට විවිද වේශයෙන් එන්ඩ පුලුවන් කියා ඇත්ත පොඩි අයියා අනතුරු අගවා තියෙද්දීත් තමා කටයුතු කර ඇත්තෙ මොන තරම් මෝඩ විදිහටද ” කසුනි සිතිවේ බියෙන් ය.

” දැන් ##තියෙන්නෙ මොලේ පාවිච්චිකරල වැඩලරන්ඩ , යක්සයාට කොහොමවත් දැන ගන්ඩ දෙන්ඩ නෑ මම ඌව අදුනගත්ත කියලා ,, එහෙම උනොත් ඔක්කොම අවුල්”

, ඇය කුසල් වෙසින් ඉන්න යක්ශයා දෙස බැලිවෙ එහෙම සිතමින් ය.

” ආ නෑ අයියේ , අර සයිමන් එක්ක ඔට්ටුවෙලායි , ඊට පස්සෙ ගොඩක් දුර ඇවිල්ලයි ,, හොදටම මහන්සියි. ඒකයි ටිකක් ඉදගත්තෙ ,,බෑ බෑ කොච්චර අමාරු තිබුනත් අපි ට මෙතන ඉන්ඩ බෑ , අපි යමු පොඩි අයියේ ඉක්මනට අයියලාව නිදහස් කරල එක්කන් එන්ඩ. ”

කසිනි ඉදගත් සැනින්ම යලිත් නැගිට්ටේ එසෙ කියමින් ය . පොඩ්ඩක්වත් ඌට සැක හිතෙන්ඩ දැන්ඩ නෑ තව පාරක්,,ඇය සිතාගත්තාය.

**********************************
බිමට වැට්ටු තම phone එකෙන් ආපු හඩට නුවන්ද පලමුව , පුදුම විය ,නමුත් එහෙම හඩක් ආවේ ඇයිද කියා ඔහු ඉක්මනින් තේරුම් ගත්තේය. මීට දින කීපයකට් පෙර උදේ 5යි 45 ට phone එකට ඔහු එලාම් එක තිබ්බෙ ඒ වෙලාවට නැගිටින්න සිතාය. නමුත් නුවන්ට වැරදීමකින් ඔහු අතින් එය පෙරවරු නොවේ පස්වරු ලෙස යෙඩී තිබින. එය යලිත් නිවරදි කරන්නට සිතුවත් ඒ වැරද්ද හදාගැනීම දිනෙන් දිනම කල් ගියේය. ඔහු අතින් වූ ඒ වැරද්ද මේ වෙලාවෙ දේව අශීර්වාදයක් වී කසුනිට අනතුරු ###හගවන්න හැකිවෙයි කියා ඔහුට මීට පෙර සිතුනේම නැත. නමුත් එය දැනටමට සිදුවී ඇති බව ඇය phone එකේ තිරය දෙස ටික වෙලාවක් බලා සිටීම නිසාත් ඉන් පසු ඇය බිම වාඩි වීමත් නිසා නුවන්ට ඉවෙන් මෙන් වැටහී ගියේය. ඇය ඉන්පසුව යක්ශයා සමග කියපු දේවල් වලින් තේරුම් ගියේ යක්ශයා ඇය රවටනවා වගේම ඇයත් යක්ශයා රවටන්න හදන බවත් ය.

” කාගෙද නංගි phone එක ”

කසුන් වෙසින් ඉන්න යක්ශයා ඇසුවේය.

” පව් නුවන් අයියගේ ,, මට හිතෙන්නෙ යක්ශයා නුවන් අයියට මොනව හරි කරලද කොහෙද , අපරාදෙ අපිට තව ටිකක් ඉක්මන් උනානම් එයාවත් බේර ගන්ඩ තිබ්බා ,, අම්මෝ බැරි වෙලාවත් යකශයා ලොකු අයියට එහෙම දෙයක් කරල තිබ්බොත් ,, ,,,අනේ බෑ බෑ දැන්නම් පොඩි අයියෙ ඉක්මන් කරන්ඩ ඕනා ,, ලොකු අයිය පනපිටින්ද ,, නැද්ද කියල බලන්ඩ මට ඉක්මනටම ඕන ,, අනේ යමු අයියේ ඉක්මනට ”

කසුනි බොරුවට යක්ශයා ඉදිරියේ වැලපුනාය. කොච්චර බලවත්න වුනත් කවුරුවත් හිතන දේ අදුන ගන්ඩ බැරි යක්ශයාට කසුනිගේ සිතේ තියෙන දේ දැනගන්ඩ ලැබුනෙ නැත. ඇය හොදටම රැවටිලා යක්ශයාට දැනුනේ මාර විනොදයකි. කොච්චර කාලෙකට පස්සෙද ####මෙහෙම විනෝදයක් ගන්ඩ හම්බ වුනේ , යක්ශය් හිතුවෙ එසේය.

යක්ශයාගෙන් බේරීමට මගක් කල්පනා කරමින් කසුනි යක්ශයා සමග ඉදිරියටම ඇවිදගෙන ගියාය. ඔහුගෙන් බේරෙන්න සිතා දිව යෑමෙන් කිසිම පලක් වෙන්නේ නැති බව කසුනි හොදටම දැන ගෙන සිටියය. යන ගමන් ඇය යක්ශයාට හොරෙන් නුවන් අයියාගේ phone එකේ කැමරාව තුලින් ඔහු දෙස බලන්නටද අමතක් කෙරුවේ නැත. නුවන් ඇයියා ඇයට දන්වා තිබු දේ බොරුවක් නොවන බව කැමරාවෙන් පෙනුන ඒ බිවිසුනු දසුනින් කසුනිට හොදටම වැටහී ගියාය. එහෙත් කසුනි එතරම් බියමුසු දසුනක් දුටුවද යක්ශයා ට කිසිම සැකයක් නොවන් ලෙස කටයුතු කරන්නට තරම් කසුනි සමත් වූවාය.

දැන් ඔවුන් විලාප ඔයට ඉතාම අසානනයෙන් ගමන් කරන්නට වූ අතර විලාප ඔයේ ජලකද පෙන්නුවෙ මේ පැත්ත් ඉතාමත් ගැබුරු බවයි.

” විලාප ඔයට පැනල වතුර යටින් පීන ගෙන ගියොත් සමහර විට යක්ශයට අහුවෙන්නෙ නැතිව , අර පිහිය හංගපු තැනට ආයෙත් යන්ඩ පුලුවන් වේවි ,, යකශයන්ට වතුරේදී ඉව නැතිව ඇති බවයි කසුනිට මේ මොහොතේ සිතුනේ , යක්ශයට වතුරෙදිපිහිය තියෙන තැන දැන ගන්ඩ බැයිනම, වතුර යටදී තමා ඉන්න තැන පිලිබදව #####ඉවත් දැනෙනෙ නැති වෙයි. ”

කසුනි පිහිය හංගපු තැන තිබුනේත් විලාප ඔයේ ඉවුර අසලය , මෙය සිහිවි කසුනිගේ ඇගට යලිත් නව පනක් ලැබුනේය. ඇය යක්ශයා දෙස බැලිවේය. ඔහු විලාප ඔය ආසන්නයෙන්ම කසුන්ගේ වේශයෙන් ගමන් කරයි. කසුනි තවත් කිසිත් නොසිතාම යක්ශයාව වැරෙන් විලාප ඔයේ විශාල ජලකද මතට තල්ලුකලේ ඒ බව යක්ශයාට ඉවෙන්වත් නොදැනෙන ලෙසය , යක්ශයා කිසිම දෙයක් අදහාගන්නට බැරි වෙන්ඩ ඇති. ටික වෙලාවකින් දියට වැටුන යක්ශයා වැටුනු වේගයට ජල කදේ සැගවී ගියහ. නමුත් ඌ යලිත් දියෙන් මතු වේවී. එවිට අනිවාර්යෙන්ම යක්ශයා සිතවි තම ඔහුව කවුද කිය දැනගෙන් දියට තල්ලුකර ආපසු ආපු පාරෙව්ම දිව ගියා කියා ,, කිසිසේත් තමා වතුරට පැන යටින් පීනා ගියා නොසිතාවි. කසුනි සිතුවේ එසේය. ඇයට මේ දේ මිසක් වෙන දෙයක් බේරී පලා යාමට ක්රමයක් සිතට ආවේ නැත.

* කිසිත නොසිතාම මද දුරක් ආපසු දිව ගිය කසුනි එකපාරටම විලාප ඔයේ විශාල ජල කදට පැන්නාය. ඇයට දිය යටින් පීනන්නට ඉහල සමත් කමක් දැක්වූවේ කුඩා කල පටන්මය , නිවස පිටුපස පිහිටා ඇති ඒ විශාල වැවෙන් කුඩා කාලේ පටන්ම හැමදිනම වාගේ දියට පැන ##### #පීනමින් නාපු නිසා තමයි ඇයට මේ වගේ දියයටින් වේගයෙන් පීනන්නට දක්ශ වුනේ .

කසුනි දිය කිදුරියක් ලෙසෙ විලාප ඔයේ ජල කද අතරින් පිටතසිටින කිසිකෙනෙකුට නොපෙනෙන්නට පීනාගෙන ගියාය. ඇගේ එකම අරමුන් වුනේ කෙසේ හෝ අර බෙනය සහිත විශාල ගස යටට ඉක්මනින්ම යා ගන්නටය. එසේ ඇය හුස්ම ගැනීමට අපහසුවෙනකම්ම පීනා ගියාය , යලි දියෙන් මතු වුනේ බොහො දුරක් ගිය පසුය. යක්ශයා දැන් පෙනෙන්නට නැත. කෙසේ හෝ ඇය යලිත් පිහිය සගාව තිබූ ඒ විශාල ගස ලගට යලිත් සමීපව සිටියේ සිත යම්කිසි සැනසිල්ලක් උදාකරමින්. විලාප ඔයේ වතුර ඒ පෙදෙසේ එච්චර තිබුනේ නැති නිසාත් පීනාගෙන යනවාට වඩා වේගෙන් දිව ගෙන යන්නට හැකි නිසාත් ඇය එතන සිට ගහ ලගට දුව ගෙන යන්නට කසුනි සිතුවාය. පිනපු නිසා කසුනිට දැනුනෙ අදික වෙහෙසකි.එහෙත් ඒ වෙහෙස නිවා ගන්ඩ හැඩුවොත් වෙන්නෙ යලිත් වතාව්ක් යක්ශයාට අසු වීම පමනි. හති ඇර ඇරම අර ගස දෙසට කසුනි දුවන්න වුනේ එසෙ සිතුන නිසාය . කෙසේ හො ඇයට ඒ පිහිය සගවා තිබූ ගස ලගට මීටර් සීයක් පමන දුරකට කසුනිට ලන්වෙන්නට සමත්වුනේ සිතට පුංචි සැනසිල්ලකුත් එක්කරමින්. ඒත් ඒ සැනසුමට එතරම ආයුශ ##### ##තිබුනෙ නැත. කසුනිට ඇසුනේ ඇයගේ පිටුපසින් යක්ශයාගේ වියරු සිනා හඩයි. ඇය පිටුපස හැරී දූටු දසුනින් ඇයගේ ඇග කිලිපොලා ගියායා. ඇයට මීටර් පනහක් පමන දුරකින් සිටියේ අර බිවිසුනු යක්ශයාය. ඌගේ අතෙ තිබුනෙ තියුනු මුවහතකින් යුත් පොරවකි .

” තෝ අදුන ගත්ත් එහෙනම් මම කවුද කියලා නේ ,, ඒත් එතකොට උබ හොදටෝම පරක්කුයි. උබ දැන් මාව හොදටම කෝපකරලයි ඉන්නෙ. දැන් ඉතින් උබෙ අවසානය තමයි. ”

යක්ශයාගෙන් ගැලවීම තියෙන්නේ තියෙන්නෙ මීටට සීයක් දුරිනි. වෙන දෙයක් වෙච්චාවෙන් සිත ඇය ඒ ගස දෙසට වේගයෙන් දිව ගියේ එක්කො මරනය ජයගනීවී එක්කෝ ජීවීතය ජය ගනීවී සිටමින් , එසෙ දිව යන කසුනි දෙස යක්ශයා බැලුවේ යලිත් අර සුපුරුදු වියරු හඩ නංවමින්.

” උබට මගෙන් දැන් කොහොමවත් බේරෙන්ඩ බෑ ,, පුලුවන්නම් මගේ පොරෝ පාරින් බේරියා…. න්”

උස් හඩින් කෑගැසූ යක්ශයා විලාප ඔය අසලින් ඔහුගෙන් මිදෙන්න සිතා දිව යන කසුනිගේ බෙල්ල ඉලක්කකර පොරවෙන් දමා ගැසීය. කිසිම දිනක යක්ශයාගේ ඉලක්කය වැරදී තිබුනේ නැත, මීටර පන්සීයක් දුරක සිට වුවද් යක්ශයාට නිවරදි තැන ඉලක්කකොට පොරෙ පහරෙන් දැමා ගසා මිනිසුන්ගෙ ගෙල කදෙන් ##### ###වෙන්කිරීමට සමත් කමක් තිබුනි. ඉතින් මීටර් පන්හක් පමන දුරින් දුවන කසුනි ට ඒ පොරෝ පහරෙන්නම් කෙසේ වත් මේ අයුරුන් ගැල්වෙන්නට නොහැකි වේවි . යක්ශය එල්ල කරපු පොරව විදුලි වේගයෙන් සුලග කපාගෙන අසරන කසුනිගේ බෙල්ල ඉලක්කකරගෙන එනවා දුටුවානම් දුටුවේ විලාප ඔය ඉවුර ආසන්නයේ තිබු ඒ විශාල ගස් කොලන් ටික පමනි. එහෙත් ඒ ගස් කොලන් මොනවා කියලා නම් කරන්ඩද??????????************************අවසාන කොටසට gamana

✍Sagara Sampath

4 thoughts on “ගමන | 37 කොටස | හොල්මන් කතා”

  1. Ranmali subasinghe

    කසුනිට මොකුත් වෙන එකක් නෑ නේද ??? එයා තමයි හැමෝම බේර ගන්න ඉන්න කෙනා… මම හිතනවා එයාට මොකුත් වෙන එකක් නෑ කියලා…. එහෙම නේද රාස්…???

    කතාව හුගක්ම ලස්සනයි… මේක ඉවර උන ගමන් තව ලස්සන කතාවක් ඉක්මනින්ම දාන්න… ???????

    ඔයාට සුභ පැතුම් !!!! ???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.