Katha Ahura

තරු මන්දාකිණී| අටවෙනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

1.7/5 - (15 votes)

අටවෙනි දිගහැරුම

හොද වෙලාවට පහුවෙනිදා සෙනසුරාදා දවසක්.තව ටික වෙලාවක් නිදාගන්නය කියලා ඇදේ අනිත් පැත්තට හැරෙද්දි මගේ කන ලගින්ම ඇහුනෙ ටකරං voice එකක්.ගැස්සිලා වගේ ඇහැරෙද්දි මං දැක්කෙ ලස්සන චීත්ත ගවුමක් ඇදන් කොන්ඩෙ කරලට වෙන්න ගොතලා ඉනට අත් දෙක තියාගෙන මගෙ දිහා කන්න වගේ බලං ඉන්න සුදු මැණිකේ ව.

“ඉක්මන්ට නැගිටිනවා මෝඩයෝ….අද ඔයා මට ඉංග්‍රීසි උගන්නන්න තියෙන දවස….එනවා ඉක්මන්ට …” එහෙම කියාගෙනම ආයෙ කාමරෙන් එලියට ගියා.එදාත් සුදු මැණිකේ උදෙන්ම කාමරේට ආපු නිසා එදා ඉදන්ම මං සරම ඇන්දෙ නෑ.ශෝටක් ගහගෙන තමයි නිදාගත්තෙ..නැත්තං ඉතින් හදිස්සියෙවත් මෙයා උදේ මගේ කාමරේට එද්දි මං උපන් ඇදුමෙන් හිටියොත්…කෙල්ලට වෙන්නෙ නූල් බදින්න.

අද දවසත් සුදු මැණිකේ එක්ක ඉන්න වෙන නිසා මං හොදට හෝදගෙන් ලස්සනට ඇදගත්ත.

“මහත්තයෝ…ඔන්න මං ඉස්සරහ කාමරේ හදලා තියෙන්නෙ…අද කෙලීට නිවාඩු නිසා මහත්තයට පුලුවන්නෙ ඉංගිරිසි ටිකක් උගන්නන්න .” කටේ හිනාව පුරෝගෙන ආරච්චි ඇහුවෙ උදේ කෑම මේසෙ ලගදි.

“ඔව් ආරච්චි ..මාත් මේ ලෑස්ති උනේ ඒකට තමයි…”

ඉස්සරහ කාමරේ මැද මේසෙකුයි පුටු දෙහෙකුයි තියලා තිබුනා.මාත් පොත්පත් ටික අරගෙන කාමරේට ගියා.යද්දි සුදු මැණිකේ පුටුවෙ වාඩිවෙලා බලාගෙන ඉන්නවා මං එනකන්.

මං උගන්නන්න හැමදෙයක්ම අකුරක් නෑරම හොදට අහන් හිටියා එයා.සැරින් සැරේ මං දිහා හොරෙන් බල බල වැඩ කරේ.හැබැයි ඉතින් සුපුරුදු දගේ නම් එහෙම්මමයි.ඒ කියන්නෙ මගේ කකුල් දෙකම එයා එයාගෙ කකුල් වලින් පාගන් හිටියෙ.මාත් මොකුත් කිව්වෙ නැත්තෙ මොනා නැතත් ලස්සන කෙල්ලෙක්නෙ මගේ කකුල් පාගන්නෙ කියලා.

පැය දෙකක් විතර ඉගැන්නුවා.පස්සෙ එයාටම ඇති වෙලා පංතිය නැවැත්තුවා.සැරින් සැරේ ආරච්චි ත් කාමරේට ඔලුව දාලා බලනවා මං දැක්කා.

කාමරේට වෙලා English novel එකක් බලබල ඉද්දි හිච්චියා දුවන් ඇවිත් කිව්වෙ මට කෝල් එකක් කියලා.දුවලා ගියේ ගෙදරින් වෙන්නැති කෝල් එක කියලා.

“හෙලෝ…”

“හල්ලෝ..තරූ…”
මොකක්..මේක විශ්වාස කරන්න පුලුවන්ද ..මේ කටහඬ …දෙවියනේ …පහන්දි…

පහන්දි කියන්නෙ මගේ එක වසරෙ ඉදන්ම ඉන්න හොදම යාලුවො තුන් දෙනාගෙන් එක්කෙනෙක්.මගේ හොදම යාලුවො තමයි පහන්දියි,සාගරයි,තරිදුයි කියන්නෙ…අපි සෙට් එක එක වසරෙ ඉදන් A/L වෙන කන්ම හිටියෙ එක ඉස්කෝලෙ එකට.A/L වලින් පස්සෙ මායි පහන්දියි එකට විද්‍යා පීඨෙ ගියේ .විද්‍යා පීඨෙන් අයින් උනත් හරි කෙල්ලව දැක්කෙ නෑ ගොඩ කාලෙකින්.

“පහන්දි…” සන්තෝසෙ වැඩිකමට මට හෙන හයියෙන් කියවුනේ.මං ලගින් යමින් හිටිය සුදු මැණිකේ ඇස් දෙකත් ලොකු කරගෙන ගමන නැවැත්තුවෙ මං දිහා පුදුමයෙන් බලාගෙන.ඒත් එක්කම එයා සාලෙ කුශන් පුටුවෙ වාඩි උනේ මගේ දිහා බලාගෙන මගේ කතාවට ඇහුම්කන් දීගෙන.

“පහන්දි තමයි මැට්ටො…අනේ අනේ…දැන් තමුසෙට අපිව මතකත් නෑ නේද ….??”

“එහෙම දෙයක් නෑ කෙල්ලෙ..කොහෙද ඉතින්..මේ වැඩත් එක්ක හරි busy අප්ප මං…කෝල් එකක් දෙන්නවත් උන්නෑ..”

“හරි හරි නවත්තගන්නවා ඔය අඩෝවැඩියාව.ඔයාව දකින්නැතිව හෙන පාලුයි මැට්ටො….අපි මේ හිතුවෙ ඔයාව හොයන් එන්නෙයි කියලා..”

“මටත් හැමතිස්සෙම මතක් වෙනවා ඔයාලව…”
මං පොඩි බොරුවක් කිව්වා.ඇත්තම කිව්වොත් සුදු මැණිකේ නිසා මට මේ අයව අමතක වෙලයි තිබ්බෙ.

“ඒක නෙවේ..ඔයා කොහොමද මේ number එක දැනගත්තෙ…”

“අනේ ගොනෝ…අපි ඉන්නෙ තමුසෙගෙ ගෙදර….”

” අපි කිව්වෙ..තව කව්ද ඉන්නෙ….”

“අනේ යකෝ…තොට මෙච්චර ඉක්මනට අපිව අමතක උනාද..ඈ..ප%$#&..” හම්මෝ….ඒ තරිදුගෙ voice එක.ඌ නං ආත්මෙකට වෙනස් වෙලා නෑ.

“උබලා මොනාද යකෝ මගේ ගෙදර කරන්නෙ…ඔතන සාගරත් ඉන්නවනම් ඌට කියහන් මගේ නංගි ලගින් අයින් වෙලා ඉන්න කියලා..හරී…” සාගර ඉස්සර ඉදන්ම මගේ චූටි නංගියට ලයින් දදා හිටියෙ.

” ඈ බල්ලො…තෝ කොහොමද මට එහෙම කියන්නෙ..මං උබේ වෙන්න මස්සිනානෙ…දැනගනින්…උබ ලොකු සීන් දාගෙන ආවොත් මං අදම උබෙ නංගිව කුදලගෙන යනවා මගේ වාස බවනට..හරී…” ඒ සාගර..මොනා නැතත් ඌ හරි හොද එකා.සෙට් එකේ මට පස්සෙ ලස්සන ඌ තමයි.

“හරි හරි ඔය ඇති..තරූ ..අපි හිතන් ඉන්නෙ හෙට ඔයාව බලන්න එන්න…අපිට පාර කියන්න හලෝ….” මේක හිතාගන්නවත් පුලුවන්ද..මුන් ඇත්තටම මාව බලන්න මේ සියඹලාණ්ඩුවට එනවද..

“ඔය ඇත්තමද බං උබලා කියන්නෙ….උබලා මාව බලන්න එනවද..”

“ඔව් හු$%#& කියන දේ තේරෙන්නැද්දා…අඩෝව් මං එද්දි ගමෙන් හොද කෑල්ලක් සෙට් කරලා තියහන්..හරී…මං මේ පාර බදින්නෙ සියඹලාණ්ඩුව පැත්තෙ කෙල්ලෙක්ව…” තරිදු හෝ ගාලා කියවනවා.

“පිස්සා..phone එක දීපන් පහන්දිට….”

“මටනං ඔහෙන් කෙල්ලො එපා බං…මට උබේ නංගි හොදා…..” ඒ ඇහුනෙ සාගරගෙ කටහඬ .

“හෙලෝ තරූ..”
පහන්දි phone එක ගත්තා.මං එයාට මෙහෙ එන්න ඕනි පාර මං දන්න විදිහට කියලා දැම්මා.

“අඩෝ ඔය වලව්වෙ කුමාරිහාමිලා නැතැයි…මට සහේට ගන්න පුලුවන්….” තරිදු එහෙම අහද්දි මට ඉබේටම බැලුනෙ සුදු මැණිකේ දිහා.

“ඉන්නවා…එයා හැබැයි උබට ලැබෙන එකක් නෑ..”

“ඒ මක්කැයි…එකි බැදලද…?”

“නෑ තාම ලිහලා.මං බැදගන්න කියලා බැලුවෙ…”

“ට හුඩු යකෝ…උබ නම් මාර පොර ඈ…උබ වලව්වල කුමාරිහාමිලට ලයින් දාලා ගුටි කන්නෙපා.හරිය…..”
තවත් මොනාද කුනුහරුප ටිකක් කියාගෙන යද්දි මන් phone එක තිබ්බෙ ඒව අහං ඉන්න මෙලෝ මනුස්සයෙක් ට බැරි නිසයි.

“කව්ද මහත්තයො කතා කරේ මෙච්චර වෙලා..” පිටිපස්සෙන් ඇහුනෙ ආරච්චි ගෙ කටහඬ .

“ආහ්..මගේ ඉස්කෝලෙ යාලුවො ආරච්චි .එයාල හෙට එනවලු මාව බලන්න…”

“අනේ කොච්චර දෙයක්ද මහත්තයෝ …මෙහෙට ඉතින් නෑදෑයො කියලා කවුරුත් එන්නෙ නැති එකේ ඔහොම හරි කට්ටිය එනවනම් හරී ලොකු දෙයක්…යාලුවන්ට කියන්ඩ මෙහෙන් දවල් කෑම කතෑකි කියලා..මං මාලිනීට කියන්නම් යසට කෑම ටිකක් හෙට පිලියෙල කරලා තියන්න කියලා…”ආරච්චි කිව්වා.එයාගෙ ගතිගුන හරිම හොදයි.වෙන වලව්වල ආරච්චි ල ඉන්නෙ හෙන ආඩම්බරෙන්.ඒත් මෙයා හරිම නිහතමානී මනුස්සයෙක් .ආරච්චි කුඩේකුත් අරන් වලව්වෙන් ගියේ කොයෙහරි යන්න වෙන්නැති.
මාත් මගේ කාමරේට ආවෙ හිතේ සතුටින්..හෙට යාලුවො එනවා කියන්නෙ ඉතින් හෙට දවසම fun තමයි.

“කවුද ඒ කතා කරපු කෙල්ල…???” කාමරේ උලුවස්ස ලග හිටගෙන එකපාරටම සුදු මැණිකේ ඇහුවෙ මූන රතූ කරගෙන.

“ආ…ඒ මගේ හොද….ම යාලුවෙක්……”

“ඉතින් දැන් හෙට එයාලා මෙහෙ එනවද?”

“ඔව්…කාලෙකින් මාව දැක්කෙ නෑ කියලා මාව බලන්න හෙට එනවැයි කිව්වා…”

“අපෝ…මෙයාගෙ මොනා බලන්නද…..” මටත් ගස්සගෙනම එයා ආයෙම යන්න ගියා.මේ නපුරුකම් නං කවද ඉවර වෙයිද මංදා.මේකිව බැන්දොත් මට වෙන්නෙ හැමදාම ගුටි කකා ඉන්නයි.හහ් හහ් හා…

*****************************

තරුකගෙ යාලුවො ඇවිත් මොනා මොනා කරයිද..පහන්දි ව දැකලා ආයෙත් සුදු මැණිකෙට ඩෝං යයිද…මොනාද වෙන්නෙ කියාලා හෙට බලමු හොදේ….✋✋✋

M.A.Rashmi

10 thoughts on “තරු මන්දාකිණී| අටවෙනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක”

  1. dinesh sanjaya

    කතාව කියවනකොට තරූ මං කියල හිතෙන තරමට ලියල තියනව.8ම බැලුව එක පාර අලුත් එක කවද්ද ආය?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.