Katha Ahura

ලේ | 15 කොටස | හොල්මන් කතා

4.9/5 - (10 votes)

15 කොටස

” ඇයි මාකස් ”

මම කුතුහලයෙන් මාකස්ගෙන් ඇහුවේ මගේ නිරුවත් පපුව දිහා බලලා…

” නෑ මම බැලුවේ මහත්තයා ට ගොඩක් අපලයි වගේ නේද???”

” ඇයි මාකස් එහෙම හිතන්නේ….”

” නෑ මම හිතුවේ ඔය වගේ සුරයක් බෙල්ලේ දාගෙන ඉන්නේ ගොඩක් අපලවලටනේ නේද”

මාකස් කියද්දි මම මගේ තිබ්බ සුරය දිහා බැලුවා.

” ආ……මේ අපේ අම්මගේ වැඩනේ…..මට පහුගිය දවස්වල හරියට කරදර තිබ්බා…අම්මා වෙන දේවල්වලට බයවෙලා මගේ කේන්දරේ බැලෙව්වා. ඒ කේන්දරේ බලපු කෙනා තමා කිව්වේ මේ දවස්වල හරියට ග්රහ අපල කියලා ඒකෙන් බේරෙන්න මේ සුරේ දම්මවගන්න කියලා….

අම්මගේ වදේට දැම්ම මිසක්කා මම නම් පොඩ්ඩක්වත් ආස නෑ….මේ වගේ සුර බෙල්ලේ එල්ලගෙන ඉන්න….”

” අනේ විකාර මහත්තයා ,,, ඔය හදහන් කේන්දර මේ මාකස්නම් විශ්වාස කරන්නේ නෑ…..ඔය ගව් ගානක් ඈත ඉන්න තරුවලට පුලුවන්ද අපිට අපල කරන්න…..මිනිස්සුන්ගේ වාසියට හදාගත්ත දේවල්….ඔන්න ඕක ගලවල අන්න අර ජනේලෙන් එහාට විසික්කරලා දාන්න…මහත්තයා අකමැතිනම් මොකටද ඕක බෙල්ලේ එල්ලගෙන ඉන්නේ”

මාකස් එක පාරටම ඒක කියල දැම්මේ ගහෙන් ගෙඩි එනවා වගේ ලේසියෙන්.

” මම නම් දාගෙන ඉන්න කැමති නෑ….මාකස්…එත් අපේ අම්මට මම පොරොන්දුවෙලා තියෙන්නේ මම මේක මගේ අපලේ ඉවරවෙනකම් ගලවන්නේ නෑ කියලා….ගෙදරට ගියා විතරයි අපේ අම්මා බලන්නේ මගේ බෙල්ල දිහා….ඉස්සර මිනිස්සුනේ මාකස් හරියට ඔය වගේ දේවල් ගැන හිතනවා ”

” මහත්තයා අර කෝපි එක බීල ඉන්ඩ ,නැතනම් ඇල් වෙයි….”

මාකස් එකපාරටම කතාව වෙනස් කෙරුවා.

” ඔව් මයි කතාවෙන් කතාවෙන් ඒකත් අමතක වුනා..”

කියපු මම කෝපි කෝප්පය අරගෙන තොල ගාන්න හැදුවා විතරයි ජනේලෙන් එහා පැත්තෙන් හඩක් ඇහුනේ…..

” බුහ්……….”

ජනේලේ එහා පැත්තේ බිම වාඩිවෙලා හිටියේ අර බලු කික්කිය. ඇය මම දිහාම බලාගෙන හිටියා.

” බුහ්…….”

කික්කිය ටිකක් ශබ්දෙන් බුරද්දී මාකස් ජනේලෙන් එබුනා… මම දිහා බලාගෙන හිටපු කික්කියගේ ඇස් එකපාරටම මාකස් දිහාට එල්ලවෙද්දී ඇය හොදටම බයවෙලා නැට්ටත් හකුලුවගෙන පිම්මේ දිව ගියේ හොදටම බයවෙලා….

” බැල්ලී….තොට මේ පාරනම් මගෙන් බේරිල යන්න බෑ….හිටූ….”

කලබලෙන් කියපු මාකස් කාමරෙන් දුවගෙන ගියේ මම පුදුම වෙලා බලන් ඉද්දී. මොනව වුනත් අර බලු කික්කියට මාකස් මොනව හරි වද හින්සාවක් කරල තියෙනවා නැත්නම් ඔච්චරම මාකස්ට බය වෙන්න විදිහක් නෑ……

මට සිතෙද්දී මම ජනේලෙන් දැක්කේ මාකස් පිම්මේ පොල්ලකුයි දම්වැලක් අරගෙන අර බලු කික්කි හිටපු පැත්තට දුවගෙන යන හැටී…..

” ඒ කික්කී මාක්සට අහුවුනොත් මාකස් අසරන බැල්ලිට මොන වගේ හිංසා පීඩාවක් කරයිද..”

** ඒ ගැන හිතද්දී මට කෝපි එක බොන එකත් එපා වුනා. ජනේලෙන් එලියට කෝපි ටික විසි කරපු මම මාකස් ගිය දිහා බලාන උන්න.

සෑහෙන්න වෙලාවක් ගියාට පස්සේ මාකස් ආවේ හිස් අතින්. ඒත් මාකස් කික්කී අහුවෙලා අර පොල්ලෙන් ගහලා මැරුවද…..

එය දැනගැනීමේ ඉවසිල්ල නැති තැනමයි මම ඔහුව හොයන් ගියේ. මාකස් දාඩිය පෙරා ගෙන කලුවුන මූනෙන් පුටුවක ඉදන් උන්නා.

” මාකස් අර බැල්ලිට මොකද වුනේ……..අල්ල ගත්තද”

” මොන බැල්ලී…..ඕකී අහුවුනොත් මම කනවා……..මේ පාරත් බැල්ලී බේරුනා….”

මම අහපු දේට මාකස් කීවේ දත්මිටි කමින්.

” පව් ඒ බැල්ලී අතඇරල දාන්න…කැලේ අතරමන් වෙලා වෙන්න ඇතී……..”

” අතෑරල දාන්න ……ඕකී අල්ල ගන්නම ඕනා…..අල්ලගන්න බැරිවුනොත් අපේ වැඩ ඔක්කොම අවුල්……..”

” මොනවද අවුල් වෙන්නේ කොහොමද ඔය මොනවද ඒ බැල්ලී කරල තියෙන්නේ…….”

” මහත්තයා ට ඒවයින් වැඩක් නෑ…මීට කලින් මෙහෙම කරදරයක් වුනේ නෑ…ඔක්කොම හරියටම වුනා……..මේ පාර තමා….මහත්තයාට ඒවයින් වැඩක් නෑ. දැන් ගිහින් නිදාගන්න…”

මාකස් ඒ දෙව් කිව්වේ මගේ නිරුවත් පපුව දිහාද ඕනැකමින් බලමින්.

” නිදාගන්න මේ රෑ වැයි මාකස්………”

” එහෙමනම් ඕනෑ එකක් කරගන්න…….”

තරහින් එහෙම කියපු මාකස් පුටුවෙන් නැගිට ගියේ මම පුදුමෙන් බලන් ඉද්දී….

” හ්වා…..හ්…….ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්”

ඒත් එක්කම අර බිවිසුනු විලාප හඩත් ඇහුනේ….හරියටම නිශාගේ නිවසේ පොලවට පහලින් වගේ….

මම බය පුදුමය ඔක්කොම කැටිකරන් ඒ හඩ අහන් හිටියා.

” මේ ඇහෙන හඩ ,මාකක් ,නිශා…..අර හිරකරන් ඉන්න තරුණයා මේ ඔක්කොම මට පුරවගන්න බැරි ප්රෙහේලිකාවක් වෙලා………………………..තවත් කොටසකින් හමුවෙමු….

කතාව කියවන ඔයාලටත් මේක ප්රෙහේලිකාවක්ද….නෑනේද?????

මොනව වුනත් වෙනද වගේම කතාව කියවල ලයික් කමෙන්ට්ස් දාන ඔක්කොටම ගොඩක් ස්තූතියි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

1 thought on “ලේ | 15 කොටස | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.