Katha Ahura

තරු මන්දාකිණී| තෙවන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

තෙවන දිගහැරුම

මං දැක්කෙ ලිද ලග ඉදලා වලව්වට යන්න නගින ගල් පඩිපෙල පහල වාඩිවෙලා මං දිහා බලන් හිටිය සුදු මැණිකේ ව.කකුලක් පිට කකුලක් දාගෙන ඒ කකුල උඩ වැලමිට තියන් මූණ ඒ අත උඩ රන්දගෙන හරි ලස්සනට මං දිහා බලාගෙන ඉන්නවා.

කෙල්ලෙක් නාන දිහා කොල්ලෙක් බලා ඉන්න එක සාමාන්‍ය දෙයක්.ඒත් මේ කොල්ලෙක් නාන දිහා කෙල්ලෙක් බලන් ඉන්න එකනම් හරිම අසාමාන්‍යයි.ඇරත් මාව දන්නෙම නැති කෙල්ලෙක්.අබුද්දස කාලෙද මන්ද.දැන් හැමදේම වෙන්නෙ කනපිට.

“ඔයා මොකද මෙතන කරන්නෙ.යනවා ගේ ඇතුල්ට…” මං ටිකක් සැරෙන් කිව්ව .නැතුව බෑ මේ කෙල්ලන්ට.

“ඇයි? මට මෙතන ඉන්න බැයිද?” ඒකිත් සද්දෙන්ම ඇහුවා.

“බෑ තමයි…කොල්ලො නාන තැන්වල කෙල්ලො ඉන්නෑ…”

“ආ…ඒක මං අදමයි ඇහුවෙ….”

“ඒ වැයින් වැඩක් නෑ.යනවා මෙතනින්…කවුරුහරි දැක්කොත්…”

“ඉතින් කවුරුහරි දැක්කත් මොකද…මේක අපේ ලිදනෙ…”

“තමුසෙගෙ තියා තමුසෙගෙ බාප්පගෙ උනත් මට වැඩක් නෑ ඕයි…කියන දේ අහලා මෙතනින් යනවා.”

“නෑ නෑ..මං මෙතනින් යන්නෑමයි…”
හයියෙන් කියාගෙනම කෙල්ල නැගිටලා මගේ දිහාට ආවා.ඔය වෙලාවට තමයි දෙන්න හිතෙන්නෙ කන් අඩි රත් වෙන්න.මං එයාගෙ sir කියලවත් හිතුවද?

“ඒ කියන්නෙ තමුසෙ යන්නෑ…??”

“නෑ තමයි ඕයි…මාත් මෙතනම ඉන්නවා….” එහෙම කියාගෙන සුදු මැණිකේ මගේ ලගටම ආව.මාව සීතලේ ගැහෙනවා.ඊටත් වඩා කවුරුහරි ආවොත් විනාසයි.

“මේ …කතා කරන්න ඉගෙන ගන්නවා…මං තමුසෙගෙ sir .ඒක මතක තියාගන්නවා…”මං දබරැගිල්ල දික්කරලා කතාකලේ.ඒකට සුදු මැනිකෙගෙ ඇස් උඩ ගියා.

“නෑ…මං කවදාවත් ඔයාට සර් කියලා කතා කරන්නෑ…ඔයා තරූ..තරූ තරූ තරූ තරූ තරූතරූ තරූ තරූ..ඔයා තරූ….ඔයා සර් නෙවේ…” කෙල්ල කියෝගෙන කියෝගෙන ගියා.ඒ කතාවට නං හිත පිච්චිලා ගියා කෙල්ලෙ.ගොඩාක් ලගින් ආශ්‍රය කරන අය විතරයි මට තරූ කියලා කියන්නෙ.ඔයාගෙ කටිනුත් ඒ වචනෙ පිට උනාම මට දැනෙන්නෙ ලොකු සතුටක්..වෙන කොල්ලෙක් නං මෙලහකට මේ ඉටි රූපෙ බදාගෙන.ඒත් මං මගේ හැගීම් පාලනය කරගත්තා..මේ ඉන්නෙ මගෙ ගෝලයෙක්.ශිෂ්‍යයෙක් .

“කිව්වම අහලා යනවා.නැත්තං…”

“ඇයි නැත්තං මොනා කරන්නද??”

“මොනා කරන්නද ..මොනා කරන්නද ..මං ගහනවා තමුසෙට ගෙදර දුවන්නම….”

“මට ගහනවා..හහ්..මට..ඔයා ගහන්න…??”

“ඔව් ඇයි..ගහන්න බැරිද…?”

“බෑ තමයි..”

“ඇයි ගැහුවොත් වැදෙන්නැද්ද??..”

“ඔයා ගහන්න කලින් මං ඔයාව ලිදට තල්ලු කරනවා බලාගන්න….” මගේ දිහාට ඇගිල්ලක් දික්කරකර මූණත් ලොකු කරන් සුදු මැණිකේ කිව්ව.ඒ කතාවටනම් පොඩ්ඩක් බය හිතුනා.මොකද ඒකත් කරන්න බැරි නෑ තමයි මේ නපුරි.
මං මොකුත් නොකියා එයා දිහා බලං හිටියෙ ඊලගට මොනාද වෙන්නෙ කියලා.මොකද මගේ හිතේ මෙයත් එක්ක එක දිගට වාද කරන්න වචන නෑ.ඒ පාර මෙන්න මෙයත් මං දිහා බලන් ඉන්න ගත්තා.ඒකත් මරු වැඩේ..නාන එක පැත්තකට දාලා දෙන්නට දෙන්න දිහා ඇති වෙනකන් බලන් ඉන්න තියෙන්නෙ.

ටික වෙලාවකින් මෙන්න ඒ පාර මටත් ගස්සලා සුදු මැනිකෙ යන්න ගියා.හැබැයි ගල් පඩි දෙක තුනක් නැගලා ආයෙම මා දිහා හැරිලා බලලා හිනා වුනා.

“මෝඩයා..ඉර බැහැගෙන යද්දි ලිං ලග තනියම නාන්නෑ කියලා දන්නැද්ද…” උඩ ඉදගෙනම කියවනවා.

“ඇයි??”

“ඇයි අහන්නෙ ගොනෝ….ලිං ලග තනිපංගලමෙ හිටියම මෝහිනී දිෂ්ටිය ගහනවලු..ඉක්මන්ට නාගෙන එනවා….” එහෙම කියාගෙන සුදු මැණිකේ යන්න ගියා.බුදු අම්මෝ..ඒ කතාවටනම් බය හිතුනා.දැන් දැන් මං දිහා කවුරුහරි බලන් ඉන්නවා වගේ දැනෙනවා..තව වතුර බාල්දි දෙකක් හනි හනිකට ඇගේ හලාගෙන නෑම අහවර කරලා වලව්වට ගියේ දුවලා.මාව දැකලා අර නපුරි කින්ඩි හිනාවක් දැම්මා .

හෝදගත්තට පස්සෙයි සැනසීමක් දැනෙන්නෙ.කාමරේට ඇවිත් මං කලේ ඉස්සෙල්ලාම මගේ ඇදුම් ටික පිලිවෙලකට අල්මාරියට අඩුක් කරපු එක.ඒක ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මට පිටිපස්සෙන් තිබ්බ ඇදේ කවුරුහරි වාඩි වෙන සද්දයක් ඇහුනා.පට ගාලා පිටිපස්ස හැරෙද්දි මං දැක්කෙ ඇද විට්ටමට කොට්ටෙ හේත්තු කරන් කොට්ටෙට පිට තියාගෙන කකුලුත් ඇද උඩට දාගෙන මං දිහා බලා උන්න සුදු මැණිකේ ව.මේක මොන මල වාතයක්ද..මං යන යන තැනට මේ හොල්මන එනවනේ.ඒ ගමන කාමරේටත් එන්න පටං ගෙන.මේකනම් හරියන වැඩක් නෙවේ.

“මොකෝ සුදු මැණිකේ …ඔයාට පිස්සුද..ඇයි මේ මගේ කාමරේ….”

“ඔයාගෙ කාමරේ වෙන්නෙ කොහොමද ..මේක අපේ කාමරේනෙ…ඔයා මේ අලුතින් ඇවිත් අයිතිවාසිකම් කියන්න එන්නෙපා හරිද….”

“මට ඕන්නැති මගුලක් නෑ .මේ මෙතනින් යනවා..ආරච්චි දැක්කොත් මටත් වඩා ඒක ඔයාටයි හොද නැත්තෙ…”

“ආ….අප්පච්චි ගෙදර නෑ…පොඩි වැඩකට එලියට ගිහින්….මං විතරයි ගෙදර ඉන්නෙ….” කෙල්ල කිව්වෙ හිනා වෙවී.වෙන එකෙක්ට මේ මල අහු වුනනම් මෙලහකට තලලා පොඩි කරලා දාලා.ඒත් කවදාවත් මගේ ඒ වගේ 3rd clz වැඩ නම් නෑ.

“ආරච්චිත් නැති එකේ ඔයා මෙතන ඉන්න එක හරි නෑනේද සුදු මැණිකේ …යන්න ..plz”
මං කරුනාවෙන් කිව්වෙ.එයත් හරහට මාත් හරහට කතාකරොත් රණ්ඩු වෙන එක විතරයි වෙන්නෙ..

“අයියෝ තරූ…මං ආවෙ ඔයාට පොත් ටික අස් කරගන්න උදව් වෙන්න…” කෙල්ල එහෙම කියාගෙන මගේ පොත් ටික ලස්සනට අරන් මේසෙන් තිබ්බා.මාත් මොකුත් කියන්න ගියේ නෑ.මොකද හිතේ සියුම් ආශාවක් ආවා එයත් එක්ක කාලය ගත කරන්න.කාමරේ පිලිවෙලකට හදා ගන්න උදව් කරලා එයා යද්දි රෑ 7ට විතර ඇති.මාත් එක්ක එක වචනයක් වත් කතා කරේ නෑ එයා.එක්කො රණ්ඩු වෙවීම ඉන්නයි තිබ්බෙ.

රෑ කෑම කන වෙලාවටනම් ආරච්චි ඇවිත් හිටියා.කෑම කාමරේ කෑම මේසෙ කෑම වලින් පිරිලා..හම්මෝ සුවද…මොනා නැතත් මාලනීගෙ කෑම නම් රස ඇති.අතත් හෝදගෙන මේසෙන් වාඩි වුනේ කෑම ටික එක හුස්මට ගිලලා දාන්න.මගේ එහා පැත්තෙන් ආරච්චි වාඩි වුනා.එකපාරටම මගේ ඉස්සරහින් වාඩ් උනේ සුදු මැණිකේ .

කෑම ටික බෙදාගෙන බාගයක් විතර කද්දි මට දැනුනෙ මගේ කකුලෙ මොනා හරි ඇතිල්ලෙනව වගේ…ටික වෙලාවකින් මට තේරුනේ ඒ සුදු මැණිකේගෙ කකුල කියලා.මගේ දිහා හොරෙන් හොරෙන් බල බල එයා මගේ කකුල එයාගෙ කකුලෙන් පාගනවා.ආරච්චි එහා පැත්තෙ.මෙතන දගලන්නත් බෑ.ඒ සුමුදු කකුල් වලට මගේ කකුල් පෑගෙද්දි මගේ මුලු ඇගම හිරි වැටිලා යනවා.දෙතුන් පාරක්ම මං කකුල මෙහාට ගත්තත් කොහොම හරි දිහෑදිලා මගේ කකුල පාගනවා.එක පාරක් මං රැව්වා .ඒත් මොන…මට හිනා වෙවී එයා කනවා.දගකාරකම් වල නම් කිසි අඩුවක් නෑ.

“අනේ අනේ සුදු මැණිකේ …හරියට වාඩ්වෙනවා…ඉස්කෝලෙ උගන්නන සර් කෙනෙක් ඉස්සරහ ඔහොමද වාඩි වෙන්නෙ…” ආරච්චි කිව්වෙ කේන්තියෙන් .හොද වැඩේ.ඒ පාර මූණ කුන්ඩහට්ටිය කරගෙන හරියට පුටුවෙ වාඩි උනා.මාත් කින්ඩියට හිනා උනේ කොකාට වාරයක් නම් තිත්තයට වාර දෙකක් කියල හිත හිත..

*********************************

අදට ගියා ඕං..හෙට තරුකයි සුදු මැණිකෙයි ඉස්කෝලෙ යනවා බලන්න එන්නෝනි..✋✋✋✋✋

M.A.Rashmi

9 thoughts on “තරු මන්දාකිණී| තෙවන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක”

    1. Thank u dear…puluwan uparima digata kathawa dmma…hamadama kiyawala comments dana ,5star rate karana hamotama godaaaak thank you onna????

  1. Deepali Jayasuriya

    Ammo sudu manike harima dagai neda… ? hikzz…. Kiyawan yaddi thaniyama hina… Harima lassanai Kathawa…. Digatama danna.. Adu gane kotas 20k wath danna…. Lassanaaaaaaaiii… Best of luck

  2. මටත් මෝහිණී දිෂ්ටිය බලන්න ආසාවක් ඇති උනා කියහන්කො කතාව බලලා..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.