Katha Ahura

ලේ | 10 කොටස | හොල්මන් කතා

4.6/5 - (11 votes)

10 කොටස

ඒ සිතිවිල්ලත් එක්ක ඕනාකමින් ඒ ගහ උඩ බලද්දියි මම දැක්කේ ගහ උඩින් පහලට එල්ලිලා තියෙන කකුල් දෙකක්.

“කාගෙද මේ කකුල් දෙක ,සිරිනගේද ,සිරිනා ආයේත් ඇවිල්ලද”

මට හිතුනේ සිරිනා පෙරදා වගේම අදත් ඒ ගහට නැගලඅත්තක් උඩ ඉදගෙන ඉන්නව කියලා.

ඒ සිතිවිල්ලත් එක්කම කරන්න හිතපු වැඩේ නවත්තලා ඉක්මනට ඒ ගහ ලගට ගියා.

මම හිතුව දේ හරි. ගහ උඩ ඉදගෙන හිටියේ සිරිනා.

” උබේ තවත් අර යක්ශනී ලේ බිව්වේ නැද්ද…..”

මම දැක්කගමන්ම සිරිනා විරිත්තලා ඒක ඇහුවා.

” නෑ නෑ….මට පිස්සූ මට පිස්සූ ,,උබේ කොහොමද ලේ බොන්නේ ,තව ආරුව මරලා මාස් කාලත් නෑනේ……….උබ දන්නවද ,උබ දන්නවද ”

කියාගෙනම සිරිනා ගහෙන් එකපාරටම බිමට පැන්න…

” උබ දන්නේ නෑනේ……එහෙම නේ එහෙම නේ….උබ දන්නෑ ,උබ දන්නෑ….”

සිරිනා ඊට පස්සේ ගීයක් කියනවා වගේ ඒක කිය කිය නටන්න පටන් ගත්තා. ටික වෙලාවකින් ඒ නැටුම නවත්තලා මා දිහා බැලුවේ ඕනෑකමකින්.

“අහසේ හද නැති දවසට ඒ යකින්න ,අර දැන් කාමරේ හිරකරන් ඉන්න එකාව මරලා මස් කනවා…..එතකොට තමා ඒ යක්ශනී ට ශක්……….”

ඒත් සිරිනට ඒක කියල ඉවර කරන්න බැරිවුනා. කොහෙනද මන්දා මාකස් මතුවෙලා සිරිනාව හයියෙන් අල්ල ගත්තා……..

“අතඇරපන් ,තෝ තමා ඔක්කොම කරන්නේ අතඇරපන්……”

සිරිනා මාකස්ගෙන ගැලවෙන්න උත්සහ කෙරුවත් ඇයට ඊට ඉඩ ලැබුනේ නෑ…

“අද මම උබට හොද පාඩමක් උගන්නනවා……….මම ඊයේ උබට කිව්වා ආයේ මේ පැත්ත පලාතටවත් එන්න එපා කියලා….”

සිරිනට තර්ජනය කරපු මාකස් මම දිහාට හැරුනා.

“මහත්තයා මොකටද මෙතනට ආවේ ,නෝන කියපු වැඩේ කරන්නේ නැතුව ,ගිහිල්ලා ඒ වැඩෙ කරන්න. මහත්තයාව විශ්වාස කරපු හින්දා නෝනා ඊයේ සල්ලිත් දුන්නා නේද”

මාකස් ඒක මට කිව්වේ ඒ තරම් හොද කටහඩකින් නෙවේ.

“වරෙන් යන්න පිස්සු ගෑනී……….”

මම හිටගෙන ඉද්දීම මාකස් සිරිනව ඇදගෙන වගේ ගියෙ සිරිනා කෑ ගහද්දී. ටික වෙලාවකින් ඔවුන් දෙන්නා යකිනි කැලේ ගස් කොලන් අතරින් අතුරුදහන් වෙලා ගියා.

” මාකස් සිරිනට කරන්නේ මොනවද දන්නේ නෑ…..”

සිතිවිල්ලත් එක්ක මමත් ඉක්මනට ඒ පැත්තට දිව්වා.

“එපා………මට ගහන්න එපා….රිදෙනවා…….ආයී”

මට ලාවට වගේ යකිනි කැලේ මැදින් ඇහුනේ සිරිනා ගේ හඩ. මම ඉකමනට ඒ හඩ ඔස්සේ දිව්වා.

සිරිනාව ගහකට තියලා බැදලා ,,මාකස් හයියෙන් පොල්ලකින් තඩි බාන හැටි මගේ ඇස ගැටෙන්න එච්චර වෙලාවක් ගියේ නෑ………

“තෝ ආයේ එනවද ,,,ආයේ මේ පැත්තේ එනවද…..”

මාකස් එහෙම කියලා සිරිනාගේ කකුල් දෙකට වැරෙන් පොල්ලෙන් පහර දී ගෙන දී ගෙන ගියා.

” නෑ ආයේ එන්නේ නෑ…..ආයේ එන්නේ නෑ….”

” නෑ උබ ඔය කියන්නේ බොරු ,,,පිස්සු ගෑනියක් හින්දයි මෙච්චර කාලයක් මම ඉවසුවේ ,,ආයේ ඉවසන්නේ නෑ………මම අරූව ලෙහනවා……..එතකොල මිනී ඉව පාරෙ ඇවිත් උබව පණ පිටින් කාල යයි……….”

** ” අයියෝ එපා……අයියෝ එපා ඌව ලෙහන්න එපා…..මාව ඌට කන්න දෙන්න එපා…..”

සිරිනා මරලතෝනී දෙද්දී මාත් ගැස්සුනා. මේ දේවල් සැගව බලාගෙන හිටපු මාව සිරිනවත් මාකස්වත් දැක්කේ නෑ…

“නෑ අද ඒ වැඩේ කරනවාමයි…උබ ලොකුම ලොකූ බාදාවක්….”

කියපු මාකස් වේගවත් අඩි තිය තියා සිරිනා ලගින් මෑත් වුනා.

“හයියෝ මාව බේරගන්න….ඌ මාව කාල යයි අයියෝ..මාව ලෙහපන් මම ආයේ එන්නේ නෑ…”

සිරිනා කෑ ගහ ගහ දැගලුවේ මාකස් බැදපු කඹ පොටවල් ලෙහා ගන්න.

” සිරිනා කෑ ගහන්න එපා……ඉන්න මම ලෙහල දාන්නම්……..”

ඉකමන් ගමනින් සිරින ලගට ගිය මම එහෙම කියලා සිරිනව බැදල තිබ්බ කඹ පොටවල් ලෙහන්න පටන් ගත්තා…..

” උබත් ආවද ,උබත් ආවද,ඉක්මනට ලෙහපන් ,ඌ ලෙහපු ගමන් මෙතනට පිම්මේ දුවගෙන එයි..ඌ ඉන්නේ බඩ ගින්නේ ,අර යකින්න ඌට කන්න දෙන්නෙත් බොහොම පොඩ්ඩනේ…අපි දෙන්නවම එක කටට කාල දායී……”

සිරින වටපිට බල බලා පිස්සුවෙන් වගේ දොඩවද්දී මම මම සිරිනා බැදල තිබ්බ කඹ පොටවල් ලෙහලා තිබ්බා.

” ඌ දැන් එනවා ඇති ,ගහකට නැග්ගොත් විතරයි උගෙන් බේරෙන්න පුලුවන්…..ඉක්මනට ගිහිල්ලා ගහක් උඩට නැගපන්………….”

කියපු සිරිනා පිම්මේ ඉස්සරහට දුවගෙන ගිහින් යකිනි කැලේ මැද අතුරුදහන් වුනේ මම අන්දුන් කුන්දුන් වෙලා බලාගෙන ඉන්දැද්දී.

සිරිනා කියන මේ “ඌ “කියන්නේ මොකාද හිත හිතා මම ආපහු ඉකමන් ගමනින් ආපහු නිශාගේ නිවස පැත්තට ගියේ මාකස් දකින්න කලින් මගේ කාමරේට රිංගගන්න.

“සමහර විට මාකස් සිරිනව බය කරන්න හිතන් එහෙම දෙයක් කියන්න ඇති………”

පස්සේ මම එහෙම හිතලා නිශාගේ ගේ ඇතුලට පය තියද්දීමයි ඉතාමත් ලගින් බිවිසුනු හඩක් ඇහුනේ…………………..තවත් කොටසකට

කතාව කියවල ,ලයික් කමෙන්ට්ස් දාන ඔක්කොටම ගොඩක් ස්තූතියි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.