දහසය වැනි දිගහැරුම -අවසාන කොටස
ආරච්චි හිටියෙ කේන්තියෙන් පුපුරු ගගහ…ඒක මට අදුනගන්න අමාරු උනේ නෑ..මගේ හිත ඇතුලෙ අමුතු බයක් නොසන්සුන්කමක් තෙරපෙද්දි හිමින් හිමින් වලව්වට අඩිය තිබ්බ.මං දැක්ක මන්දාකිණි ත් බයවෙල හිටියෙ .
” අ..අ..අප්පච්චි …?”
මන්දාකිණි එහෙම කියාගෙන ගෙට යන්න හැදුවෙ..ඒත් එක්කම මටත් එයාටත් හිතාගන්න වෙලාවක් නැතුව එකපාරටම ආරච්චි මන්දාකිණීට අත දිග ඇරලා ලොකූ කම්මුල් පාරක් දුන්නෙ චටාස් ගාල මහ හයියෙන්.ඒ වේගෙට මන්දාකිණි ගිහින් හැපුනෙ ඉස්සරහ කනුවෙ.ඔලුවත් වැදිල ලේත් ආව .
” මන්දාකිණි !!” කෑගහගෙන එයාලගට යන්න හදද්දි ආරච්චි අල්ලගත්තෙ මගේ බෙල්ලෙන්.
” තොට කොහෙද යකෝ එච්චර හයියක්…මගේ දුව එක්ක මගුල් නටන්න..ඈ බොල මහත්තයෝ…තෝ හිතුවෙ මං කවුරු කියලද…” ආරච්චි එහෙම කියලා මටත් ලොකු කම්මුල් පාරක් දීලා මාව වේගෙන් තල්ලු කරලා දැම්මා.මාත් වීසි වෙලා බිම වැටුනෙ මගේ නලල බිත්තියෙ වැදිල තුවාල වෙද්දි.
” අනේ තරූ …” මන්දාකිණි ඔලුවත් අල්ලන් අඩ අඩ මගෙ ලගට එන්න හදද්දි ආරච්චි ආයෙම එයාව අල්ලගත්තෙ එයාගෙ ලස්සන කොන්ඩෙන්.
” ඈ බැල්ලියෙ…මං තෝව හැදුවෙ ඇස් දෙක වගේ…තෝව මං ගොඩාක් විශ්වාස කරා..එහෙම විශ්වාස කරපු මටද යකෝ උබ මේ විදිහට කරන්නෙ…කොලබ ඉදන් එන එක එකා එක්ක තැන් තැන් වල මගුල් නටන්නෙ…” ආරච්චි මහ සද්දෙන් කියවනව.කෙල්ල හෝ ගාල අඩනව.මගේ ඔලුවත් එක්ක පුපුරු ගහනව වේදනාවට .
” අනේ අප්පච්චි ..මං තරූට ආදරෙයි ..”
” ආදරෙයි ..ආදරෙයි ..හහ්…එව්ව මේ කපේට වෙන්නෑ බොල….උබව මං මූට දෙන්නෙ නෑ…උබ හෙට අනිද්දා ලෑස්ති වෙයන්…අර තුශාර කොලුවව කසාද බදින්න….” මන්දාකිණීට ගහගහ ආරච්චි කිව්වෙ කේන්තියෙන් .
“අනේ අප්පච්චි …මට එයාව බදින්න බැහැ…අනේ…හහ්..හහ්…මට බෑ….” මන්දාකිණි ආරච්චිගෙ කකුල අල්ලන් වැද වැටුනා.මං දැක්ක මාලනිත් අඩ අඩම මේ දිහා බලා ඉන්නව.මං හෙමි හෙමින් නැගිට්ට.
” ඇයි ආරච්චි …ඇයි..සුදු මැණිකේ ව මට දෙන්න බැරි …මගේ තියෙන අඩුපාඩුව මොකද්ද …”මං ඇහුව.ඒගමන ආරච්චි මගේ දිහාට වේගෙන් ආව.ඇවිත් මට ආයෙම බඩටයි පිටටයි පහර පිට පහර දුන්නා.ඒ ටිකට නම් මට රිදුනා.
“අනේ අප්පච්චි ….එයාට ගහන්නෙපා…අනේ…” මන්දාකිණි ඇවිත් මාව බදාගත්තා.
” අහකට වෙයන් බැල්ලි……” ආරච්චි කේන්තියෙන් මන්දාකිණි ගෙ කොන්ඩෙන් අල්ලලා එහාට තල්ලු කරා..
” තෝ පලයං ගෙට…පලයං කාමරේට කිව්වම අහල.. උබ…උබ මේ දැන්ම මේ වලව්වෙන් යන්න ඕන..නැත්තං..ගමේ උන්ව ගෙන්නලා තෝව මෙතනම කම්බස් කරනවා දැනගනින්…වලව්වෙන් විතරක් නෙවේ..තෝ මේ ගමෙන්ම යන්න ඕන.මේ අදම..මේ දැන්ම..තොගෙ ඇදුම් සේරම අරන් මෙහෙන් පල…කිව්වම අහල පලයං යකෝ ….”ආරච්චි මාව ගෙට තල්ලු කර කර කිව්ව .මන්දාකිණි අඩ අඩ මගෙ දිහා බලා හිටිය.ආරච්චි ගහපු පාරවල්වලට මගේ තොල් පැලිලා ලේ ගලනව.එහෙන් නලලත් තුවාල වෙලා හෝ ගාල ලේ එනව..ඒත් මොනා කරන්නද…මෙයා මෙහෙම කියද්දි නොගිහිනුත් බෑ. අන්තිම පාරට මන්දාකිණි ගෙ මූන දිහා බැලුවෙ ආයෙ මේ ලස්සන මූන දකින්න ලැබෙයිද දන්නැති නිසා..
” තෝ පල කාමරේට…තොට මූව ලැබෙන්නෑ ..තෝ හෙට අර කොලුවව බදින්න ලෑස්ති වෙයන්….” එහෙම කිව්වම කෙල්ල හයියෙන් අඩාගෙන කාමරේට ගිහින් දොර වහගත්තා.ඒ යෑම නම් මට එච්චර ඇල්ලුවෙ නෑ..හිත කිව්වෙම එයා කරදරයක් වත් කරගනීද කියලා..
” තෝ මොනාද යකෝ බලන්නෙ ..පලයං…ගිහින් උබේ සබ්බ සකලමනාව අරන් මෙහෙන් තොලොංචි වෙයන්..”
මං කාමරේට ආවෙ නිකන් පාවෙවි වගේ..මටත් නොදැනිම මගේ ඇස් වලින් හෝගාල කදුලු පනිනව.අඩ අඩම මං මගේ ඇදුම් ටික බෑග් එකට දාගත්තා.දෙයියනේ ..මගෙයි මන්දාකිණි ගෙයි ආදරේට මෙහෙම වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ..මං කොහොමද මන්දාකිණි නැතිව ඉන්නෙ.මං එයාට මෙච්චර ආදරේ කරද්දිත් මං කොහොමද එයා වෙන කාගෙහරි වෙනව බලන් ඉන්නෙ..මට නිකන් පිස්සු වගේ…ඔලුව දෑතින්ම බදාගත්තෙ ඔලුවෙ වේදනාවටත් වඩා හිතේ වේදනාව වැඩි හින්දයි.
” සුදු මැණිකේ ..මේ දොර ඇරපන්…සුදු මැණිකේ ..”
මට සාලෙන් ඇහුනෙ ආරච්චිගෙ කටහඩ.අමුතු බයක් හිතට ආවෙ.කෙල්ල දොර ලොක් කරල.ඒත් ඇයි
” සුදු මැණිකේ …සුදු මැණිකේ …මේ දොර අරින්න…” ආරච්චි කෑගහන්නෙ කලබලෙන්.මං දුවල ගියේ එතෙන්ට.
” උබ මොකද යකෝ ආවෙ..උබ හින්දා තමයි මේ සේරම…” ආරච්චි ආයෙම මාව තල්ලු කරල දැම්ම.මට ආවෙ ලොකු කේන්තියක් .කෙල්ල මොනාහරි කරගෙනද දන්නෑ.
” අනේ ආරච්චි මහත්තයෝ ..ඕක දැන් ඇති…සුදු මැණිකේ මොනාහරි කරගෙනද දන්නෑ…දොර අරින්නැත්තෙ..අනේ…” මාලනී හෝගාල අඩ අඩ කියවනවා.
” මන්දාකිණි ..මන්දාකිණි ..මේ දොර අරින්න…මන්දාකිණි …”අවසරයක් නැතිවම මං එයාගෙ දොර ලගට ගිහින් දොරට ගැහුව.ඒත් හුම් සද්දයක් නෑ.මගේ හදවතත් පට්ටෙට ගැහෙනවා.
” අපි දොර කඩමු..ආරච්චි …” මං ආරච්චිට කිව්ව .ඒපාර නම් මොකුත් නොකිය මට උදව් උනා.ඒ මූනෙ තිබ්බෙත් මගේ වගේම ලොකු බයක්.ඒ සුදු මැණිකේ ගෙ ජීවිතේ වෙනුවෙන්.මායි ආරච්චියි දෙන්නම දොරට හයියෙන් ගහල ගහල දොර කඩාගත්තා.
“මන්දාකිණී..!” මං දැක්ක දෙයින් මට කෑගැස්සුනා.මගේ සුරංගනාවි ඇද ලග බිම වැටිල ඉන්නව.ඇස් දෙකත් පියවිල.අතේ පුංචි කුප්පියක් තියෙනවා.මායි ආරච්චි යි දෙන්නම එක හුස්මට එතෙන්ට දුවල ගියා.
” අනේ සුදු මැණිකේ ..මොකැද්දෑ මේ උනේ…අනේ..”ආරච්චි අඩ අඩම කියවනව.මාව තවත් අවුල් වෙලා.එයාගෙ පපුවට කන තියල බැලින්නම් තවම හුස්ම ගන්නවා.
” අනේ දෙවියනේ ..සුදු මැණිකේ වස බීලා…” මාලනී මන්දාකිණි අත තිබ්බ කුප්පිය නහයට ලං කරල කිව්ව.
” අනේ මගේ දරුවා …” ආරච්චි ඔලුවෙ අත ගහගත්ත.ඒත් මෙයාගෙ තවම පණ තියෙනව.මං ඔයාට මැරෙන්න දෙන්නෑ වස්තුවෙ.මං ඉක්මන්ට මන්දාකිණි ව හරහට වඩා ගත්තා.
“මෙයාව ඉක්මන්ට hospital එකට ගෙනියන්නෝනි..මෙයාට තවම පන තියෙනවා…” මං කිව්ව.ඒත් එක්කම ආරච්චි ත් නැගිටලා මට උදව් කරා.වලව්වෙ තිබ්බ ට්‍රැක්ටරේ ආරච්චි ම පැදගෙන හනිකට ගියෙ hospital එකට.මගේ මන්දාකිණි ට මොකුත් වෙන්නෑ..
“Patient ට සිහිය ආව.බලන්න පුලුවන්”
පැය දෙහෙකට පස්සෙ nurse කෙනෙක් ඇවිත් කිව්ව.මායි ආරච්චියි දෙන්නම එකට දුවල ගියේ මන්දාකිණි ලගට.
” අනේ දුවේ මට සමාවෙයන් කෙල්ලෙ…”
ආරච්චි මන්දාකිණීගෙ අත අල්ලන් අඩනව.මාත් ඒ පැත්තකින් ඉදන් අඩ අඩම බලාහිටියෙ එයා දිහා.ඔයා මාව තනිකරල දාල යන්න හැදුවෙ ඇයි රත්තරං ..මං ඇල ගාව තුරුල් කරන් ඔයට කිව්ව දේවල් අමතක උනාද ඔය ඩිංගට.
” අප්පච්චි …මට තරූ නැතිව බෑ…”කෙල්ල ආයෙම අඩන්න ගත්ත.
” හ්ම්..මට තේරුනා දරුවො..ඔය දෙන්න ඔය දෙන්නට කොච්චර ආදරේද කියලා….මං ඔයාව මේ මහත්තයට දෙන්න අකමැති උනේ මං ඉස්සර ඉදන්ම ඔයාව තුශාර කොලුවට දෙන්න පොරොන්දු වෙලා උන්න නිසයි..නැතුව වෙන මොහොකටවත් නෙවේ …ඇල ලග ඔයාල ඉන්න හැටි දැක්කම මට ගොඩක් කේන්ති ගියා…ඒකයි මේ හැමදෙයක්ම …මට සමාවෙන්න සුදු මැණිකේ …..මගේ සුදු මැණිකේ ගෙ සතුට වෙනුවෙන් මේ ආරච්චි දුන්නු පොරොන්දු කඩ කරන්න උනත් සූදානම් …”
” ඒ කියන්නෙ අප්පච්චි ..මාව තරූට දෙනවද?”
මන්දාකිණි කතාකලේ මගේ දිහත් බල බල.
” ඔව් ලමයො…..ඔයව මං තරුක මහත්තයට දෙන්නම්….දැන් නාඩා ඉන්න මැනික….” එහෙම කියල එයා මන්දාකිණි ගෙ නලලට හාදුවක් දුන්නා.
” වෙච්ච හැමදේකටම මට සමාවෙන්න මහත්තයෝ …දරුවට තියෙන ආදරේ වැඩිකමටයි ඔක්කොම උනේ…”මගේ අත් දෙකත් අල්ලන් ආරච්චි ඇඩුව.
“කමක් නෑ ආරච්චි ..මට ඔයා ඔයාගෙ වස්තුව දෙනවනෙ..මට ඒ ඇති..මං එයාව පන වගේ බලාගන්නවා..මං පොරොන්දු වෙනවා..”මං එහෙම කියද්දි ආරච්චි මාව බදාගත්තෙ ලොකූ සෙනෙහසකින්.මන්දාකිණි අඩ අඩම හිනාවෙවී අපි දිහා බලාඋනන.
වසර 3කට පසු
” හම්මේ…පට්ට කද….” සාරියක් ඇදන් හිටිය කෙල්ල බඩු තෝර තෝර.හැට්ටෙ කොච්චර හීනිද කියනවනම් මුලු බඩ ගෙඩියම එලියෙ.ඇත් දල පාට ශරීරෙ දිහා මාත් බලා හිටියෙ.තාම මට 27යිනෙ.තාමත් ඉතින් කොල්ල නිසා ඇහැ යන්නෙම ලස්සන මල් වලට.මාත් බලන් හිටියෙ ඒ බන්ඩි ගෙඩිය දිහා.ඇරන් යන්නෙ බලන්නනෙ.
” ආව්..ආව්..” එකපාරටම මගේ කන කවුරුහරි තද කරල මිරිකුවා .
” ආව්..ආව්..තමා..”
හැරිල බැලින්නම් මන්දාකිණි ..
” ම…ම..මන්දාකිණි ..”
” ම.ම.මන්දාකිණි තමයි ..අනේ අනේ…ඉස්සර පුරුදු තාම ඇරිල නෑනේද…මං ගෙදර ගිහින් අල්ලගන්නම්කො.. ..ආයෙ කෙල්ලො දිහා ඇහැක් ඇරලා බැලුවොත් මං ඔය ඇස් දෙක උගුල්ලනව…බලාගන්නවා…” තරහින් පුපුර පුපුර කියපි.
” අනේ කෙල්ලෙ…කෙල්ලො දිහා බැලුවත් මොකෝ අනේ ඉඹින්නෙ ඔයාව විතරක්නම්..” එහෙම කියාගෙන මේක super market එක කියලවත් හිතන්නැතිව කෙල්ලව බදාගන්න ගියා.මොන..ඒකත් දැන් හරියට කරන්න බැරි හැටි..අපි දෙන්න ඉස්සරහට මාර්ග බාධකයක් තියෙනවනෙ දැන්..
ඔව් .ඒ අපේ චූටි දරු පැටිය..තව මාසෙකින් දෙහෙකින් එයාව ලැබෙනව.එක්කෙනෙක් නෙවේ..දෙන්නෙක්ම දැන් මේ බඩගෙඩියෙ ඉන්නව…දෙන්නම කෙල්ලො..twins,ල.මං කොහොමත් ඉතින් වැඩ කාරයනේ .බැදල මාස 2ක් විතර යද්දි කෙල්ල pregnant .හි හි.
ආරච්චි ගෙ අවසරේ ලැබුන හින්දා මන්දාකිණි ට වයස 18 පිරුනු හැටියෙ මං එයාව බැන්දා.ඒකත් මාර ලස්සන වෙඩිමක්.මගේ පුංචි කාලෙ ඉදන්ම වගේ තිබ්බ හීනයක් තමයි අපේ යාලුවො සෙට් එකම එකම දවසෙ වෙඩින් එක ගන්න එක.ඒ හීනෙ හැබෑ උනා.සාගර මගේ නංගිව බැන්ද.තරිදුව කොහොමහරි එදා මං කිව්ව විදිහට වැඩේ කරල පහන්දි ව සෙට් කරගත්ත..නෑ…ඒකිත් ඉස්සර ඉදන්ම තරිදු ට ලව් කරල තිබ්බ නිසා මැජික් කිස් එකෙන් දෙන්න එකතු උනා.ඉතින් කපල් තුනම එකම දවසෙ එකම හොටෙල් එකේ පෝරු තුනක් උඩ කසාද බැන්ද.
මගෙයි මන්දාකිණි ගෙයි ආදරේ අපි මියයන තුරාවටම තියේවි.කොහොමත් සත්‍ය ආදරේ ජය ගන්නව කියනවනේ..ඉතින් අපේ ආදරෙත් ජය ගත්ත..
නිමි
.’එකමත් එක දවසක්’ කියන චූටි ආදර කතාව අවසන් උනේ හරිම දුක්බරව.ඉතින් මට හිතුනා මේ වගේ සුන්දර අවසානයක් තියෙන කතවක් ලියන්න.ඒකයි තරු මන්දාකිණි ලිව්වෙ.දවස් 16ක් පුරාවට මා එක්ක හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි .ගිහින් එන්නම් ආයෙම සුන්දර කතාවක් අරන්.
මං
එම්.ඒ.රශ්මි.
?????
Godaak lassanai… katahawa lassanata owra una.. ikmanata thawath kathawak liyanna.. good luck..
Aneeeee sathuuuuutuiii iwara unu widiha gena…. Tharuuta mandakiniwa labunane ???… Eth kathawa iwara unu ekata dukai… ??? me wagema lassana kathawak dannako aye…. Plzz
අනිවාර්යයෙන්ම …thanks oyala hamotama…digatama kathawa rasawindata??????
?????ඉවරවුනා………………………….ලස්සනයි අවසානෙ ගොඩක් ඒත් මට නම් දුකයි ගොඩාරියක්………….මොකද මං මෙහෙම කිව්වට අනිත් අය තරහ වෙන්න එපා මං ආසවෙන්,ආදරෙන් ගොඩාක් ආසවෙන් කියවපු කතාව තමයි මේ,මං මෙච්චර කාලෙකට කියවපු ලස්සනම කතාව????,,,,,,තව කොටස් ටිකක් දාලා කතාව දික් කලානම්…………???අපරාදේ………….කමක් නෑ ඉතිම් ඉවරයිනේ??? තව ලස්සන කතාවක් ඕනේ
Thank you sooooooo much dear…අනිවාර්යයෙන්ම මං තව කතාවක් දාන්නම්….මං කතාවක් ලියමින් පවතිනවා…ඒකත් ලගදිම ඔයාලට කියවන්න කතා අහුරට එකතු කරන්නම්….හැමදාම මගේ කතාව කියවල comments දැම්මට ඔයාලට ගොඩා…ක් ස්තූතියි …????????❤️❤️❤️❤️❤️
කතා අහුර වෙනුවෙන් මමත් රශ්මිට සුබ පතනවා තරු මන්දාකිණි ලිව්ව එක ගැන. අපිට තවත් අලුත් එකක් දෙන්න කියලා කියන්න අමතක කරන්නේ නෑ
Hrimmaa lassnaiii….. happy ending ekk dapu eknm hodaiii…? Twa lynn….. good luck….!!!
මං කියවපු කතා වලින් හුගාක් ලස්සන කතවක් අක්කියෝ
ඇත්තටම හුගාක් ලස්සනයි …තව කතා ගොඩාක් ලියන්න අක්කියෝ…..
සුබ පතනවා ඔයාට ?❤?
අම්මෝ ඔන්න දැන් තමයි කියවලා ඉවර උනේ.. වැඩ කරන එක පැත්තකින් දාලා යි ඔක්කොම කියෙව්වා.. පට්ට සුපිරි එකෙන්ම.. ඒ කතාවේ මම මාවම මවා ගත්තා.. මම විදියමයි මගෙ දඟකාරකම් .. මං කතාවේ දැක්ක එකම දෙයක් තමයි කතාව පුරාවටම බෑට් සෙට්.. ඇයි එහෙම වෙන්නේ මොකක්ද තියෙන අවුල මේ කතාවෙ.. පොඩි පොඩි අඩුපාඩු තිබ්බා ඒත් කියවද්දිම තේරෙන්නෑ.. ඇත්තටම සතුටුයි නම් ගිහින් මේ අඩුපාඩු හදාගෙන අද ඔයා කොච්චර දක්ෂ රචිකාවක් ද.. දැන් තියෙන කතා වල මොන අඩුපාඩුද අපිත් ඒ කතා වලින් දේවල් ඉගෙන ගන්නවා ඔයා ඇත්තටම අති දක්ෂ ජයවේවා කතාව නම් සුපිරියි.. තෙරුවන් සරණයි ඔයාට..
අක්කී ….??
කතාව හරිම ලස්සනයි …❣️❣️❣️
අම්මෝ කෙල්ලගේ දඟ වැඩ… තරූ ආපු දවසේ ඉදන් කෙල්ලගේ දඟ වැඩ වල නිමක් නෑනේ අප්පා …
තරූ උනත් සර් කෙනෙක් වුනාට පුදුම දාංඟලයක් නේ තියෙන්නේ ..යාළුවෝ සෙට් එකත් හරි සෝයි .. එයාටම ගැලපෙන කස්ටිය … අක්කි කොල්ලෙක් කියන විදියට අපිට දැනෙන්න ලියලා ..
සුභ පතනවා අක්කී ..
දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න….