Katha Ahura

ලේ | 22 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

22 කොටස

වෙනකරන්න දෙයක් නැති තැන මම ආපහු මගේ කාමරේට ගියා. අර ආගමික් සංකේත ඇදලා තිබ්බ කොල ආයේ පාරක් මම බිම දිග තියාගෙන ගියේ කලින් විදිහටමයි.

කාලය ටිකෙන් ටික ගෙවී ගියා. එලිය වැටෙනකම්ම් මගේ ඇස් පියවුනේ නෑ. මම හිටියේ ඇහරගෙන විමසිල්ලෙන්.

පහුවදාට අරුනලු නැගඑන්න ආවේ කුරුල්ලන්ගේ කුරුලු නාදත් එක්ක. ඒත් උදේ වෙනකම්ම නිශාවත් මාකස්වත් මගේ කාමරේට ආවේ නෑ. හේතුව් ඇයිද කියන්න මම දන්නේ නෑ.

කාමරේ ඇරපු ජනේලෙන් උදේ හිරු රැස වැටෙද්දී මට සිතට දැනුනේ සැනසිල්ලක්.

” දවල් කාලේ නිශාට ශක්තිය නෑ…..රෑටයි නිශා නැගිටින්නේ. කරන දෙයක් කරලා රෑ වෙන්න කලින් මේ කැලේ අස්සෙන් බේරිලා පැනලා යන්න ඕනා.”

හිතපු මම කාමරේ දොර ඇරගෙන එලියට ආවා. මාකස් පෙනෙන්න නෑ. ඒ අවසරයෙන් මම නිශාගේ ගෙයින් එලියට පැනලා පිම්මේ දුවගෙන ගියා.

සැහෙන්න වෙලාවක් කැලේ ඇවිද්දත් මට ඉන් පිටවෙන්න මගක් හම්බවුනේ නෑ. වෙහෙස බය දුක මුසු වුනු හැගීම මගේ හිතේ තෙරපෙද්දි ලගපාතින් ඇහුන ඒ හඩින් මම හොදටම බයවුනා.

“හ්වා…..හ්……ම්….ම්…..”

තව පාරක් ඒ බිවිසුනු හඩ ඇහෙද්දීයි මම බැලුවේ ලග පාතක නගින්න උස ගහක් තියෙනවද කියලා.

මම නෑ කියලා දැනගෙන මාකස් අර මිනිමස් කන මල නොමල සතා නිදහස් කරන්න ඇතී.තව ටිකකින් ඌ මාව හොයන් එයි. ඊටකලින් උගෙන් බේරෙන්න උස ගහකට නගින්ඩ ඕනා…..

සිත සිත මම නැති ශක්තියක් ඇගට අරන් නගින්න් පුලුවන් උස ගහක් හොය හොයා දිව්වා.

” හ්වා…..හ්…..ම්..ම්…”

ඒ බිවුසුනු හඩ ඊලගට ඇහුනේ මගේ පිටිපස්සෙන්මයි. එතකොට මම හිටියේ උසගහකට නගින්න ඔන්න මෙන්න.

ඒත් ඒ දේ කරන්න කලියෙන් අර බිවිසුනු සතා මම ලගට දත් විලිස්සමින් එන්න පටන් ගත්තා.

මට වඩා ඌ ලග සෑහෙන්න වේගයක් තිබ්බා. තව මොහොතකින් මම උගේ ගොදුරක් වෙයි.

මරනය පෙනී පෙනී හිටි මම ඒ උස ගහට හේත්තු වෙද්දී ඌ තොල් ලෙව කකා ගිනියම් ඇස්දෙකෙන් මම ලගට හොදටම කිට්ටුවුනා. තවත් ඒ බිවුසුනු දේ දකින්න බැරුව් මම ඇස් පියාගත්තා.

“බුහ්………බුහ්…….”

එහෙම හිටපු මට බල්ලෙක් බුරන හඩ ඇහුනේ හීනෙන් වගේ. මම ඇස් අරිද්දී දැක්කේ කීකී බැල්ලී අර සතා දිහා බලාගෙන ඈතට පැන පැන බුරන හැටී.

” හ්වා…..හ්….ම්.ම්ම්ම්ම්ම්”

බිවුසුනු සතාගේ අවදානය මේ වෙද්දී කීකීටම යොමුවෙලා තිබ්බා. කීකීව අල්ලගන්න ඌ මාන බල බලා සිටිද්දී මම ඉක්මනින්ම අර උස ගහට නැග ගත්තා.

කීකී බැල්ලි එතනට නොඑන්න මගේ ජීවිතිය මේ වෙද්දි ඉවර වෙලා තියෙන්නත් තිබ්බා. මම අහල තිබ්බා බල්ලෙකුට බත් කටක් කන්න දුන්නොත් ඌට ඒ බත් දුන්න කෙනා ඊට අවුරුදු දහයකින් දැක්කත් අදුරගෙන නැට්ට වනනවා කියලා.
සමහර විට මම අර කීකීගේ කුස ගින්න නිවපු නිසා මට වෙන්න යන අනතුර දැකලා මාව බේරග්න්න සිතන්න ඇතී……

සිතපු මමු උස අත්තක නැගලා පහල බලද්දී දැක්කේ කීකී අතුරුදහන් වෙලා බව.

” කීකීට මොකද උනේ….බේරුලා පැනල ගියාද ,නැත්නම් මම ගහට නගින වෙලාවේ අරූ අල්ලගෙන මරල දැම්මද…”

කුතුහලයෙන් හිතද්දී අර බිවිසුනු සතා මම දිහා බලාගෙන උමතු සත්වයෙක් වගේ හැසිරෙන්න පටන් ගත්තා.

” හ්වා….හ්…….ම්……ම්….”

යකිනි කැලේම දෙවනත් වෙන්න කෑ ගහමින් ඌ ඌට් පනින්න උපාරිම උඩ පැන්නේ මාව අල්ලගන්ඩ. ඒත් මම හිටියේ ඌට වඩා සෑහෙන්න උඩකින්.

උඩ පැනීම නතර කරපු ඌ ඊට ප්ස්සේ උගේ හොම්බෙන් ගහේ කදට අනින්න පටන් ගත්තා.

** කාලේ ටිකෙන් ටික ගෙවී ගියත් ඌ ගහ යටින් යන අදහසක් තිබ්බේ නෑ. ඌ හින්දා මට ගහෙන් බැහලා යන්නත් බෑ. මූ මෙහෙම රෑ වෙනකම්ම හිටියොත් .වෙන දේ මට හිතාගන්න බෑ.

ඒ සිතිවිල්ලෙන් මම ඉන්නකොටමයි මම දැක්කේ මාකස් ගිනි පන්දමක් එක්ක මම ඉන්න ගහ පැතතට එන හැටී. ඔහු ආවේ අර සත්ත ගහ උඩ ඉන්න මාත් වරින් වර බල බලා.

ඊට පස්සේ මාකස් ඊයේ වගේම අර සතා ඉදිරියේ පන්දම වනවනා මොනවද මන්දා මතුරන්න පටන් ගත්තා. මොහොතකින් අර සතා යකිනි කැලේ අතරින් කෑ ගහගෙන පැනල දිව්වේ ඊයේ වගේමයි.

” හා මහත්තයා….දැන් බය නැතිව බහින්ඩ…ඌ ගියා…”

මාකස් ගහ උඩ දිහා බලාගෙන කියද්දී මට දැනුනේ කෝපයක්. මම කිසිම දෙයක් නොකියා ගහෙන් බැස්සෙ අමුනුශ්ය න්ට උදව් දෙන මාකස්ට හොද පාඩමක් උගන්නඩ හිතාගෙන.

” මහත්තයා අදත් ආවේ අර හඩ හොයාගෙන වෙන්න ඇතී…….”

මාකස් ඇහුවෙ සම්ච්චලයට වගේ. උබට දැන් අපෙන් කොහොමවත් බේරෙන්න බෑ වගෙ පෙනුමක් ඔහුගේ මූනේ තිබ්බ.

” නෑ….මම අද ආවේ ඒ හඩ හොයාගෙන නෙමේ….”

මම කිව්වෙ තදින්.

“එහෙනම්..”

“මම අද ආවේ ලේ උරා බොන යක්ශනියකගෙන් බේරිලා. දැන් මම කරන්න හදන්නේ ඒ යක්ශනී ට උදව් කරන තිරිසන් මිනිහෙකව එලොව යවන්න ”

කියපු මම ඉනේ ගහෙගෙන හිටිය මාකස්ගෙ කාමරෙන්ම හොරාගත්ත උල් පිහිය අරගෙන මාකස්ගේ නිරුවත් බඩට ඇන්නේ මාකස්ට දෙයක් හිතන්නත් කලියෙන්.

“අම්මෝ……”

මර හඩ තලාගෙන මාකස් හිටගෙනම බඩ අල්ලගනිද්දී ඔහුගේ අතේ තිබ්බ පන්දම බිමට වැටුනා.

මාකස් කෑ ගද්දී මම තව පරක් මාකස්ට පිහියෙන් ඇන්නා.

“උ…උබ මේ කෙරුවේ හොද දෙයක් නෙමෙ….උබ හිතුවේ මම මැරුවට් පස්සේ උබට මේ කැලෙන් පිටවෙලා යන්න පුලුවන් කියලද…..බෑ…….”

මරනය අත ලග තිබ්බත් ඒක මාකස් කිව්වේ සමච්චලයට හිනාවෙමින්.

“උබට මේ යකිනි කැලෙන් පිටවෙලා යන්න බෑ. කොහොමවත් බෑ. උබට වෙන්නෙත් අර යක්ශනී ඉස්සර ඒ යක්ශනීට බිලිවෙන්ඩ මම මැරුනත් අර මල නොමල සතා උබව ඒ යක්ශනී ලගට එක්කගෙන යයි..පුලුවන්නම් බේරිලා පලයන්…බෑ….උබට ඒක කර්න්ඩ බෑමයි..”

” හ්ව……හ්…….ම්…..ම්…..”

මාකස් ඒක කියද්දිමයි මට අර බිවිසුනු සතාගේ හඩ ලග පාතින් ඇහුනේ…..”

” ඔය ඇහෙන්නේ මම කියනකොටම ”

මාකස් මරු විකල්ලෙන් වගෙ හිනාවෙලා කියද්දී මම ඉක්මනින්ම මාකස්ගේ අතින් වැටුන තවමත් දැල්වෙන පන්දම අහුලගත්තා.

ඒකත් අරන් එතනින් යන්න හද්දදීම අර බිවිසුනු සතා මම ඉස්සරහින් මතුවුනේ මගේ හදගැස්ම වැඩිකරමින්………තවත් කොටසකට

කතාව කියවන කියවල ලයික් කමෙන්ට්ස් දාන ඔක්කොටම ගොඩා…ක් ස්තූතීයි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.