Katha Ahura

තරු මන්දාකිණී| දෙවන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක

1.7/5 - (3 votes)

දෙවන දිගහැරුම

“මාලනී….මාලනී….මෙහෙ වරෙන්…..” ඒ පාර ආරච්චි කාටද මේ අඩගහන්නෙ.තත්පර කිහිපයයි ගියේ.අපි දිහාට වත්තෙ ඉදන් දුවගෙන ආවෙ මැදි වයසෙ ගෑණු කෙනෙක්.රෙද්දකුයි හැට්ටෙකුයි ඇදන් දත් 32ම පෙන්නං හිනා වෙවී අපි ඉස්සරහට සම්ප්‍රාප්ත වුනා.

“ඇයි ආරච්චි මාත්තයෝ…?”

“මාලනියො..මේ මහත්තයට බොන්න හොද තැඹිලි ගෙඩියක් කපං වරෙන් විගහට..” ආරච්චි කිව්ව සැනින් එයා පිටවුණේ හීයක වේගෙකින් වගේ.මොනා නැතත් මේ ගෙදර හැමෝම මාර ෆාස්ට්.එයා වෙන්නැති මේ ගෙදර servant .ඒත් කෝ මේ ආරච්චි ගෙ නෝනා.පේන්නවත් ආවෙ නෑ.

ටික වෙලාවකින් මාලනී තැඹිලි ගෙඩියක් අරන් ආවා.ඒක එක හුස්මට බිව්ව මං ආරච්චි එක්ක ගේ ඇතුල්ට ගියේ මට වෙන් කරයි කියන කාමරේ දිහාට යන්න.
ගේ ඇතුලෙන් යද්දියි මං දැක්කෙ ටිකක් සුදු මැණිකේ ගෙ පෙනුම තියෙන ලස්සන ගෑණු කෙනෙක්ගෙ photo එහෙකට සුදු මල් මාලයක් දාල තියෙනවා.

“මේ…..” මං photo එක දිහාවට ඇගිල්ල දික් කරලා ඇහුවෙ ආරච්චිගෙන්.

“ඔය තමා අපේ සුදු මැණිකේ ගෙ අම්මා.මීට අවුරුදු 3කට කලින් ආන්ත්‍රා උනා.උන්දැට දියවැඩියාව තිබ්බ.පරිස්සමක් උනේ නෑ නොවැ…උන්දැත් මං බදින දවස් වල සුදු මැණිකේ වගේමයි.මූණ කට වගේම දාංගලෙත්…හහ් හහ් හා….” ඇස් වලට කදුලු පිරුනත් ඒ මැදින්ම හිනා වෙවී ආරච්චි කිව්වා.

“Sorry..මං දැනන් හිටියෙ නෑ…”

“ඒකට කාරි නෑ මහත්තයෝ…..මහත්තයා අද එන බව කිව්වෙ ලොකු ඉස්කෝලෙ මහත්තයා.ඉතින් තකහනියෙම කාමරයක් ලෑස්ති කොරා…”

ආරච්චි මාව එක්ක ගියේ වලව්වෙ සාලෙ හරහා ගිහින් වැටෙන පටු කොරිඩෝවක් දිගේ .ඒ පටු කොරිඩෝවෙන් වලව්වෙ ප්‍රධාන ගෙයි කොටසයි තවත් අතුරු කුඩා කාමර කෑල්ලකුයි එකට සම්බන්ද කරන්නෙ.ආරච්චි කිව්ව විදිහට නම් ගෙදරට අමුත්තෙක් ආවම ඉන්න දෙන්නෙ ඒ කාමරේ තමයි.මටත් ඉතින් ඒ කාමරේ තමයි ඉන්න වෙන්නෙ.

“මේක තමා මහත්තයගෙ කාමරේ…මොකුත් හිතන්නෙපා..ගේ ඇතුලෙ කාමරයක් දෙන්න තිබ්බා මටත් කෙල්ලෙක් නැතිව කොල්ලෙක් හිටියනං….ලමිස්සියො ඉන්න තැන් වල තරුන කොල්ලො නවත්තගන්න කැමති නෑ.ඒත් මේ මහත්තයා අපේ ඉස්කෝලෙ සෑර් කෙනෙක්නෙ.ඇරත් පෙනුමෙන් මහත්තයා හරී හොද බව පේනවා….ඒකයි මගේ වලව්වෙ මහත්තයා ව නතරකරගන්න හිතුවෙ…..”

“අනේ ආරච්චි කරන්නෙ කොච්චර ලොකු උදව්වක්ද මට…..සුදු මැණිකේ කියන්නෙ මගේ ගෝලයෙක්.මං එයාගෙ sir කෙනෙක්.ඊට එහා යන දෙයක් ඇති නොවෙන්න මං වගබලා ගන්නම් ආරච්චි .” මං කියල දැම්මා.මං මෙහේ ආවෙ දුප්පත් පොඩි දරුවන්ට අකුරු කියවන්න මිස මගුල් නටන්න නෙවේ.

“මං දන්නව මහත්තයෝ ….ඒක නෙවේ….මෙහෙ ඉන්නවට මට ගාස්තුවක් අවශ්‍ය නෑ….පුලුවන්නම් අපේ සුදු මැණිකේ ට ඉංගිරීසි ටිකක් වැඩිපුර උගන්නනවනං…මං මේ කියන්නෙ මහත්තයා නිස්කලංකෙ නිවාඩු පාඩුවෙ ඉන්නකොට…වගේ…ලොකු උදව්වක් මාත්තයෝ…..දැන් හැමදේටම ඉංගිරීසි ඕනලුනේ….”

“අය්යෝ ආරච්චි ..ඒක මොකද්ද ..සුදු මැණිකේ නිකං ඉන්න වෙලාවට මට කියන්නකෝ..මං උගන්නන්නම්…කෝමත් මගේ රස්සාව උගන්නන එකනෙ…” මාත් හිනා වෙලාම කිව්ව.නරියට කුකුල්ලු බාර දුන්නා වගේ වෙයිද දන්නෑ.හැබැයි වෙන අය ලග තියෙනවා වගේ වල්කම් නං මන් ලග නෑ.කොහොමත් සුදු මැණිකේ කියන්නෙ මගේ ශිෂ්‍යයෙක්.ශිෂ්‍යයෙක් එක්ක හැසිරෙන්න ඔනි විදිහ ගැන මන් දන්නවා.

ආරච්චි පෙන්නුව කාමරේට ගිහින් මගේ ඇදුමුයි පොත් ටිකයි දාන් ආව බෑග් එක පැත්තකින් තියලා වටපිට බැලුවෙ කාමරේ හැඩ බලන්න.හොදයි කාමරේ.හොද ලොකු ඇදකුත් තියෙනවා.ලොකු අල්මාරියකුයි පොත් රාක්කෙකුයි පොත් මේසෙකුත් තියෙනවා.ඇද දැක්ක හැටියෙම ඉතින් නිදි දෙව්දුව මට අඩගැහුවා.ඉතින් ඇදුම් ගැලවිල්ල පැත්තකට දාලා මහන්සි යන්නත් එක්ක ඇදට පැනල පොඩ්ඩක් ඇල උනා.

කොච්චර වෙලා නිදාගත්තද දන්නෑ.මට එකපාරටම ඇහැරුනෙ කාමරේ ජනේලෙ ගාවින් ඇහිච්ච සද්දෙකට.ඔලුව උස්සලා බලද්දි දැක්කෙ වෙන කාවවත් නෙවේ ජනේලෙන් කාමරේ දිහා බලා උන්නු සුදු මැණිකේ ව.මං දනි පනි ගාලා ඇදෙන් නැගිටලා ඇද උඩ වාඩි උනා.

“ඊයා හලෝ…ආපු ගමන් බුදියගන්නෙ….ඔය ගද යන්නත් එක්ක ඇග වත් හෝදගන්නවකො….” මගේ දිහා බලන් කෙල්ල කතුර වගේ කියවනවා.කවුරුහරි දැක්කොත් විනාසයි.

“යනවා යන්න ඔතනින්….ලැජ්ජ නැද්ද…” මං එහෙම කිව්වෙ දැන් මටත් පොඩි අයිතියක් තියෙනවා එහෙම කියන්න.මොකද මං එයාගෙ sir නිසා.ඒම කිව්වම කෙල්ල මටත් රවලා යන්න ගියා .වෙලාව බැලින්නම් හවස 5යි.අම්මෝ…මෙච්චර හවස් වෙලාද.මෙහෙ bathroom එක කොහෙද දන්නෑ.නාගන්න.

මං ටවල් එකත් අරන් එලියට ගියේ bathroom එක හොයන්න.මට ඉස්සරහට හම්බ උනේ ආරච්චි ව.

“ආ..මාත් මේ ආවෙ මහත්තයව බලන්නම තමා…මන් දැක්කා මහත්තයා හොදට නිදියගන්නවා…මහන්සි හින්දා කතා කරෙත් නෑ.දැන් ඇග ඩිංගක් හෝදගත්තනම් හොදයි නේද….” සුපුරුදු හිනාවෙන් මුව සරසාගෙන ආරච්චි ඇහුවා.

“ඔව්…මාත් මේ හෝදන්න තමයි යන්න හැදුවෙ…ඒත් කොහෙද දන්නෑ….හෝදන්න තියෙන්නෙ….”මං ඇහුවෙ වට පිට බල බල.

“මෙහෙ ඉතින් කොලබ වගේ නෙවේ නොවැ.ගෙටම අල්ලපු නාන කාමර නෑ.නාන්න තියෙන්නෙ ගෙට පල්ලෙහා තියෙන ලිදෙන් තමයි.මං හිච්චියට කියලා ලිදෙන් වතුර දෙක තුනක් ඇදලා තිබ්බ .මහත්තයා ට තියෙන්නෙ ගිහින් නාන්න විතරයි….මේ හරියෙ වැවකුත් තියේ…ඒත් මේ හවස වැව් වල නාන්න යන්නෙපා.ලිදෙන්ම නා ගන්ට….”

ඔව් ඉතින්.මේ වගේ දුෂ්කර පලාත් වලින් සැප හොයන එක මෝඩ කමක්.ඒත් ලිදෙන් ඇදන් නාන එකත් ජොලි වැඩේ.

එහෙමවත් හිතමුකො.මගෙ ටවල් එකයි සබනුයි තව ඇදුම් කෑලි දෙක තුනකුයි අරන් මං ගියේ ආරච්චි කිව්ව ගෙට පල්ලෙහා තිබ්බ ලිද ලගට.ආරච්චි කිව්ව වගේම මට වතුර අදින්න ඕනි උන්නෑ.ලොකු බැරල් දෙහෙකට වතුර පුරවලයි තිබ්බෙ…
ගමන් තෙහෙට්ටුව යනවා නෑවම.ඒම හිත හිත මං හොදට නා ගත්තා.ඇගේ සබන් හෝදලා ඉවර වෙලා මං පිටිපස්ස හැරුනා.
මං දැක්ක දෙයින් මාව ගල් ගැහුනා වගේ උනා.

************************************

කාවද තරුක දැක්කෙ..ඒ ටික හෙට…

M.A.Rashmi

6 thoughts on “තරු මන්දාකිණී| දෙවන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.