Katha Ahura

ලේ | 09 කොටස | හොල්මන් කතා

5/5 - (2 votes)

09 කොටස

” මොකද දිලංක මේ යකිනී කැලේ ඇතුලට සිග්නල් නෑ. ඒත් මට පුලුවන් මම එලියට ගියාම,,දිලංකගේ අම්මගේ නම්බර් එක දුන්නොට් අම්මට කතා කරලා කියන්න මේ ගැන. එහම හොදයිද ”

නිශා අහද්දී මට වෙන කරන්න දෙයක් නැති තැන ඊට කැමති වුනා. ඒත් එක්කම මාකස් ලොකු කලු බෑග් එකක් අරගෙන අපේ පැත්තට් ඇවිල්ලා…

“මෙන්න නෝනා අර සල්ලී ”

කියලා ඒ බෑග් එක නිශා අතට දුන්නා.

” දිලංක ,අර වැඩේ කරනවට ඇඩ්වාන්ස් එකක් විදිහට මේ සල්ලි තියා ගන්න ,මෙතන තියෙනවා මම පොරොන්දු වුන ගානෙන් බාගයක්ම……නැතිනම් දිලංක සැක කරයිද දන්නෙත් නෑනේ මමසල්ලි දෙනව කිව්වේ බොරුවට කියලා….”

කියපු නිශා මම දිහාට සල්ලී මිටි කීපයක් දිගුකෙරුවා.

“ලක්ශ පහලොවක් ”

මට කියවුනේ අදහගන්නත් බැරිව.

“හ්ම්ම්ම්ම් ලක්ශ පහලොවක්……හැබයි මම මේ සල්ලී මෙච්චර ඉක්මනට දෙන්නේ දිල්ංකව විශ්වාස කරපු හින්දා….මගේ විශ්වාය කඩන්නනම් ලෑස්ති වෙන්න එපා….හෙට උදේ ඉදන්ම වැඩේ කරන්න පටන් ගන්න.”

නිසා කිව්වේ තරවටු හඩකින්.

එතන කිව්ව විදිහටම ලක්ශ පහලොවක් තිබ්බා. මම ඒව නිශා දුන්න බෑග් එකට දාගෙන මගේ කාමරේට ආවා.

” මහත්තයා මෙන්න අදත් මම කෝපී ගෙනාවා,බීලම නිදාගන්න…….”

මොහොතකින් මාක්ස් ඊයේ වගේම මගේ කාමරේට ඇවිල්ල කිව්වේ කෝපි කෝප්පයක් අතැතිව…

” ඔය මේසේ උඩින් තියල යන්න මාකස්…මම බොන්නම්”

” හැබයි මහත්තයා ඊයේ වගේ කෝප්පේ වට්ටවගන්නම් එපා……”

“නෑ නෑ අද එහෙම වෙන්නේ නෑ….හැමදාම එකම දේ වෙන්නේ නෑනේ…”

මම ඒක කිව්වට පස්සේ මාකස් මොහොතක් මම දිහා බලල ඉදලා කාමරෙන් පිටවෙලා ගියා.

මාකස් ගියාට පස්සේ මම අර කෝපි කෝපය බොන්න අතට ගත්තත් එක පාරටම වුනේ නොසිතූ දෙයක්. ඉටිපන්දම එලියට පියබාගෙන්බාපු පලගැටියෙක් එක පාරටම ඇවිත් මගේ අතේ තිබ්බ කෝපි කෝප්පය ඇතුලට වැටුනා.

ඉතින් මට එදත් මාකස් හදාල දුන්න කෝපි කෝප්පය තොල ගාන්න හම්බවුනේ නෑ.

පලගැටියාව ඉවතට ගත්ත මම කෝපී කෝපයම කාමරෙ තිබ්බ එකම ජනේලෙන් එලියට විසි කරලා දාල ඇදට වැටුනේ නිදාගන්න.

“අතෑරපන් මාව…”

මැදියම් රැයේ මම උඩගොස් ඇහරුනේ ඊයේ රෑ වගේම ඇහුන ඒ විලාප හඩටයි.

“යක්ශනී මට යන්න දී…පන්…මට යන්න දීප….න්”

හොදට කන්දීගෙන හිටපි මට ඒ පිරිමි හ්ඩ ඇහුනේ ඊයේ ඇහුන පැත්තෙන්මයි.

“අදනම් මේකේ ඇත්ත නැත්ත කොහොම හරි හොයාගන්නවා…….මට නිශාගෙනුත් මේ ගැන අහන්න බැරිවුනානා….”

හිතපු මම කාමරේ දොරත් වහලා ඒ හඩ හොයාගෙන ගියා. ඊයේ රෑ වගේ මාකස්ගේ ඇහට නොපෙනී යන්න අද මම පරිස්සම් වුනා.

** ” යක්ශනී මාව අතඇරපන්……..මට යන්න දීපන්”

ඒ හඩ දැන්නම් මට ඇහුනේ ගොඩාක් සමීපව. නිශා හිටපු නිවසේ මැදම තිබ්බ කාමරේ ක ඉදලයි ඒ හඩ ඇහුනේ..මම ඒ කාමරෙ ලගටම කිට්ටු කෙරුවා. Phone touch එකේ ආලොකය නිසාම මට ලේසියෙනම් ඒ පැත්තට යන්නත් පුලුව්න් වුනා.

“උබ මෙහම එකියක් කියලා දන්නවනම් ,මම උබ එක්ක කොහොමවත් එන්නේ නෑ……..”

පොලව මට්ටමෙන් පහලින් ඇහුන ඒ හඩින් දැන්නම් ඇහුනේ කෝපයට පත් වුන හඩක්…….

“ආ…..හ් අම්මෝ…….”

ඊලගට ආයෙත් ඒ පිරිමි හඩට මාත් හොදටමබය වුනා….

“මාව නිදහස් කරපන්……මට යන්න දියන්”

“ඉවසපන් තව අමාවක වෙන්න තියෙන්නේ……දවස් තුනයි……එදායින් පස්සේ උබ නිදහස් වෙනවා ,,,සදහටම නිදහස් වෙනවා….”

මට විශ්වාස යෙනම කියන්න පුලුවන් ,, ඒ හඩ නිශාගෙමයි. උමතු හිනාවක් සමග අර කාමරෙන් ඇහුනේ නිශාගේම හඩයි.

“තද් තද් තද්…..”

ඒ සමගම මට ඇහුනා මේ පැත්තට කවුරු හරි එන හඩක්. පිටිපස්ස හැරිලා බලද්දී මම දැක්කේ ලන්තෑරුම ත් අතට අරගෙන මේ පැත්තට එන මාකස්ව.

ඔහුට නොපෙනී මම හොරෙන්ම ඒ කාමරේ ලගින් මෑත් වෙලා මගේ කාමරේට ආවා.

මේ කැලේ මැද තියෙන නිශාගේ බංගලාව මහ අරුම පුදුම දෙයක් වෙන තැනක් බව මේ වෙද්දී මට ටික ටික වැටහෙමින් තිබ්බා. අර විලාප හඩ ආයේ ඇහෙනේ නැති වුනත් මට වුන දේවල් කල්පනා කරපු නිසාම එදා රෑ පොඩ්ඩක්වත් නින්දක් තිබ්බේ නෑ.

පහුවදා උදේත් පෙරදා උදේ වගේම නිශා හිටියේ නෑ. මාකස්නම් මට කිව්වේ පාන්දරම නිශා ඊයේ වගේම බිස්නස් වැඩකට ගියා කියලා.

නිශා දුන්න අර ‘නොපෙනෙන ශක්තීන් ” පොත වෙන පොතක ලියන්න මම එදා ඉදන්ම පටන් ගත්තා.

මට දුන්න කාමරේ මේසය උඩ තියාගෙන ජනේලෙන් වැටෙන එලියේ උදව්වෙන් මම ඒ වැඩේ ආරම්භ කෙරුවා. “අර පාලු කාමරේ ඉන්න කෙනාගේ ඇත්ත නැත්තත් මම හොයාගන්න ඕනේ.”

ඒ සිතිවිල්ලත් මට තිබුනා.

“මියගිය අයට පණ දෙන අරුම පුදුම අභිරහස් ක්රම ”

නොපෙනෙන ශක්තින් පොතේ පලවෙනියෙනම් තිබ්බේ ඒකයි.

“මහ අරුම පුදුම පොතක්”

හිතපු මම ජනේලෙන් එලිය බැලුවා. එතනට නිශාහේ නිවස ඉස්සරහ තිබ්බ අර අමුතු ගහත් හොදට පේනවා.

ඊයේ උදේ අර පිස්සු සිරිනව දැක්කේ ඔය ගහ උඩ ඉදලා. ඇය ඒ වෙලාවේ කරපු කියපු දේවල් මට මැවිලා පෙනෙන්න පටන් ගත්තා.

ඒ සිතිවිල්ලත් සමග ඒ ගහ උඩ ඕනැකමින් බලද්දීයි මම දැක්කේ……………..තවත් කොටසකට

ලයික් කමෙන්ට්ස් දාල මාව දිරිමත් කරවන යහලු යෙහෙලියන් ඔක්කොටම ගොඩක් ස්තූතියි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

1 thought on “ලේ | 09 කොටස | හොල්මන් කතා”

  1. ameshasonali

    ඕ ඕ…. මම හිතන විදිහට කෝපි එකට මොනා හරි දාල තමා දෙන්නෙ.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.