Katha Ahura

තරු මන්දාකිණී| නවවන දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

3.7/5 - (3 votes)

නවවන දිගහැරුම

රෑ මං නින්දට ගියේ ඉක්මන්ට උදේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා.ඒ කිව්වත් වගේ එක හීනෙන්ම එලි උනා.අද නම් මගේ එලාම් එක නෑ.උදේම නැගිටලා හොදට ඇදගෙන perfume එකක් එහෙම ගහගත්තෙ අද යාලුවො එනකොට සුවදට ඉන්නෙපැයි.

“ඔව්…අද ඉන්නවා සුවද ගගහා…කොහෙද යන නැට්ටිච්චියෙක් එනවනෙ බලන්න…” නෑ නෑ කිව්වට ඔය පිපිරුනෙ බෝම්බෙ..මගේ කාමරේ දොර ලග හිටගෙන හිටියෙ ඒ වද මල් අත්ත.අද වෙනදටත් වඩා ලස්සනයි.සුදුම සුදු ලමා සාරියක් ඇදලා කොන්ඩ කරල් දෙකක් ගොතල පපුව ඉස්සරහින් දාගෙන හිටියෙ.එයා ලගින් එන්නෙ පිච්ච මල් සුවදක්.මෙයාටනම් තියෙන්නෙ පුදුම කේන්තියක්.ඔහොම කේන්ති ගත්තොත් නම් ඔයා ඉක්මන්ට වයසට යාවි.අනික අර අර්ෂස් ද මොකද්ද එක හැදේවි…
මට ගස්සගෙනම එයා ආයෙ යන්න ගියා.සුදු පිච්ච මල් වට්ටියක් අරන් යන හැටි මං බලාගෙන හිටියෙ.හරිම ලස්සන කෙල්ලෙක්.ලෝබේ බෑ..ඔයාව හැමදාටම මගේ ලගින් තියාගන්න පුලුවන්නම්…

උදේ ඉදන් බලං හිටියට..කෝ ඉතින්..දවල් 12.30ත් උනා..මුන් තාම නෑ…මුන් මට පොල්ලක් වත් තිබ්බද….හිත හිතම පාර දිහා බලා හිටිය මං දැක්කෙ වලව්ව දිහාට එන රතු පාට car එක දිහා.වලව්වෙ දොරකඩ ලගින්ම නතර කරපු car එකේ ආවෙ වෙන කවුරුවත් නෙවේ…මගේ මිත්තරයො සැට් එක…ගමේ කොල්ලෙකුත් උන් එක්ක හිටියා.ඌ වෙන්නැති පාර කියන්නැත්තෙ.car එකෙන් බැහැපු හැටියෙ කොලු ගැටයා ආයෙම දුවලා යන්න ගියා.මං ලගට ඉස්සෙල්ලම දුවලා ආපු පහන්දි මාව බදාගත්තෙ හෙන සන්තෝසෙන්.

“හම්මේ තරූ ඔයාව දැක්ක කල්…” එහෙම කියලා කෙල්ල මගේ කම්මුල් දෙකම මිරිකුවා.මාව උඩ ගිහින් විසි උනේ දහම් පාසල් ඇරිලා එන සුදු මැණිකේ දැකලා.එකතැන නතර වෙලා එයා රවාගෙන වගේ මගේ දිහයි පහන්දි දිහයි බලං හිටියෙ sure එකටම මෙයා පහන්දි මාව බදාගන්නවා දකින්නැති..ඒකයි මේ මූණ අප්සට්…තරිදුයි සාගරයි මගේ ලගට එන්න කලියෙන්ම සුදු මැණිකේ වේගෙන් මගේ දිහාට ආව.මං දැක්ක තරිදුයි සාගරයි කට ඇරන් ඒ දිහා බලා ඉන්නවා.මගේ ලගට ඇවිත් මටත් ගස්සගෙනම කෙල්ල ගෙට ගියේ මූණ රතු කරගෙන…

“කව්ද බං ඒ….” ලගට ආ ගමන් තරිදුවා ඇහුවෙ කටත් හායි ගාලා ඇරගෙන.

“ඒ…මේ…සුදු මැණිකේ …..”

“කවුරු….”

“වලව්වෙ කුමාරිකාව …” මං කිව්වෙ ලාවට හිනා වෙවි.

“ට හුඩු..යකෝ..මේ උබේ කෑල්ලද….”

“කෑගහන්නෙපා යකෝ.තොපි මාව මරන් කන්නද හදන්නෙ….” මං කිව්වෙ ඌට පාරක් ගහලා.ඇත්තට කාටහරි ඇහුනනං එහෙම මාව ගහලා පන්නයි.

“හැබැයි තරූ..ඒ නංගනම් හරි ලස්සනයි…”පහන්දි කිව්වා.මං මේ කට්ටියව අරං මිදුලෙ අඹ ගහ යටට ගියේ නිදහසේ කතා කරන්න.

“අනේ බල්ලෝ…අපි මේ දුර කතර ගෙවන් තෝව බලන්න ඇවිල්ලත් අපිට අඩුගානෙ වතුර උගුරක්වත් දෙන්නැද්ද හිකනලෝ…”

“මොන වතුරද බං…දන්නැද්ද මෙහෙ වතුර හිගයි කියලා…..”

“ඒක තමයි..මට උබලගට ආ හැටියෙ හෙන කුණු ගදක් ආවෙ…උබ නාන්නෙත් නැතුව ඇති නේද….??” ඒ පාර සාගරයත් හොට දැම්මා..

“අනේ පලයං..ප$%#& යන්න.මං හැමදාම නානවා .තොපි වගේ ගද ගස්ස ගස්ස ඉන්නෑ..”

“අනේ තරූව ටිකක් කෙට්ටු වෙලා ගිහින්ද මංදා.කලුත් වෙලා …” ඒ පාර පහන්දි මගේ ලගට ඇවිත් කම්මුලක් මිරික මිරික කියවනවා.මගේ ඇස් ඉබේටම ගියේ සුදු මැණිකේ ගෙ කාමරේ ජනේලෙ දිහාට.සුදු මැණිකේ කාමරේ ජනේලෙන් අපි දිහා බලං ඉන්නවා මං දැක්ක.මටත් ඉතින් ගායනෙ.පොඩ්ඩක් අවුස්සන්න ඕනි .මං පහන්දි ගෙ කරට අත දාගෙන පොඩ්ඩක් හිටියා.මට රවාගෙන ජනෙල් රෙද්ද මෑත් කරන් ඇතුලට ගියා ඒ ගමන.

ගොඩක් වෙලා යාලුවො එක්ක කතා කර කර හිටියා.ආරච්චි ත් ඇවිත් ටිකක් මගේ යාලුවො එක්ක හිනාවෙවි කතා කර කර හීටියා.අපි හැමෝම දවල්ට කද්දි 2.00ත් පහු වෙලා.කෑම කාල ඉවර වෙලා මුන්ට ඕනි කිව්වෙ ගම වටේ බලන්න යන්න.හිච්චියවත් අරං අපි පයින්ම ගියේ ගම වටේ සුන්දරත්වය බල බල.වැව ලගට යද්දි වැවේ නනා හිටියෙ සයුරි.එයාවත් පොඩ්ඩක් අවුස්සන්න කියලා පහන්දි ව ටිකක් ලගට අරන් කරට අත දාන් හිටියා.මේ වැඩේ කොහොමත් මට හොදට පුරුදුයි.අපි හැමෝම හැදුනෙ වැඩුනෙ එකටම නිසා මේව අපිට ගානක්වත් නෑ.හැබැයි සයුරි ඇස් ලොකු කරන් අපි දිහා බලං හිටියෙ…

“අඩෝ…අර කෑල්ල පට්ට..නේ..පට්ට කද…”තරිදුව මගේ කනට කරල කිව්වෙ සයුරිව පෙන්නලා.

“මාව වෙව්ලනවා බන් ඒ සුකොමල නාරි දේහය දැකලා..මේ බලපන්..මගේ හිරිගඩුත් පිපිලා…” ඌ උගේ අත පෙන්නලා කියපි.සිරාවට.උගෙ මයිල් කෙලින් වෙලා යකෝ.

“අර හංසයො දෙන්න දැක දැක තමයි මට ඉන්නම බැරි බන්…ඔව්..” ශික් විතරක් මුන්.නැහැදිච්ච හැත්ත.

“මෙන්න මෙහෙ වරෙන් යන්න.උබලා මාවත් නරක් කරනවා…” මං උන්වත් ඇදන් එන්න ආවෙ තවත් මෙතන හිටියොත් මුන් මොන මොන කුනුහරුප කියයිද කියලා හිතාගන්න බැරිව.හිච්චිය අපිව එක්ක ගියා පුංචි දොල පාරක් ලගට .එතන හරිම ලස්සන තැනක්.වටේම ගස් කොලන් වලින් වැහිලා.ගල්තලා මතින් සීතලම සීතල දිය පහරක් ගලාගෙන යනවා.මෙච්චර කාෂ්ටක පොලොවෙ මේ තරම් සුන්දර පැත්තක් ඇති කියලා මං නිකමටවත් හිතුවෙ නෑ.

“මේ දොල පාර ලගට අපේ සුදු මැණිකේ නිතරම එනවා….එයා හරි ආසයි මෙතනට…” හිච්චියා කිව්වා.

“උබත් සුදු මැණිකේ එක්ක මෙතෙන්ට ඇවිත් තියෙනවද බන්…” සාගර මගේ කනට කරලා ඇහුවා.

“උබට මෝල් ද යකෝ…”

“ඇයි උබල දෙන්න සෙට් නැද්ද…??”

“පිස්සුද මී හරකො…තාම නෑ..තාම..පූර්ව ලමාවිය…ලගදිම හැබැයි මං කියනවා එයාට…”

“මොකද්ද උබ කියන්නෙ….?”

“අනේ මන්දා බන්..මට තේරෙන්නෑ..මගෙ හිතේ එයා ගැන අමුතු හැගීමක් තියෙනවා.ඒක ආදරයද කියන්න මට තේරෙන්නෑ බං…” මං ඇත්තම කියලා දැම්මා.ඇත්තටම සුදු මැණිකේ ගැන මගේ හිතේ කැමැත්තකට එහා ගිය හැගීමක් ඇතිවෙලයි තියෙන්නෙ.

“ඒක ආදරය වෙන්නැති බං…කොහොමත් ඒ නංගි මාර ලස්සනයිනෙ….” සාගර කිව්ව.

“අඩෝ…උබට හෙන වාසියි බං මේ පැත්ත..කෙල්ලෙක් එක්ක ලව් කරන්න කියාපු තැන…වටේම ගස් කොලන් වලින් වැහිලා.කාටවත් පේන්නෙත් නෑනෙ..” තරිදුව ලගට ඇවිත් කිව්වා.

“හැබැයි උබ අර සුදු මැණිකේ ව නම් අරන් මේ ගස් අස්සෙ බඩගාන්නෑ හරී….”

“අනේ පලයං ගෙම්බො යන්න..මට වැඩේමයි….”

” ඒක නෙවේ තරූ..”
“එහෙනං මොකද්ද පහන්දි පැටියා..”

ඔන්න ඉතින් තරිදුවයි පහන්දියි ඇරගන්න තමයි යන්නෙ.ඒකි බැලුව බැලිල්ලක් තරිදු දිහා..ඌ පටාස් ගාලා අහක බලා ගත්තා.

“ඇයි පහන්දි ..?”

“ඒ නංග ගෙ වයස කීයද තරූ..පොඩි කෙල්ලෙක් වගේ පේන්නෙ…”

” පේන්නෙ නෙවේ පහන්දි ..පොඩි කෙල්ලෙක් තමයි…එයා මේ පාර O/L කරන්නෙ..”

“යකෝ..උබත් මාර බඩුවක් තමයි..පොඩි කෑලිමයි තෝ දාගන්නෙ…” සාගරයා කිව්වෙ මගේ පිටට පාරක් ගහලා.

“පොඩි එව්ව තමයි බන් හොද…මේ පේන්නැද්ද ලොකු එව්වැයි හැටි විතරක්….” තරිදුව කිව්වෙ පහන්දි ව පෙන්නලා.පහන්දි කියන්නෙත් මාර ලස්සන කෙල්ලෙක් .එච්චර ලස්සන කෙල්ලෙක්ට මූ කිව්ව කතාවක්.

“මං උබට කිව්වයි කියලා හිතාගනින් මැට්ට..”

“හා මැට්ටි…”

දෙන්න රන්ඩු වෙවීම ඇරගන්නවා.හිච්චියා හිටියෙ අපිට ගොඩක් එහායින්.පස්සෙ ඌත් එක්ක අපි ආයෙම වලව්වට එන්න ආව.

“උබල අද ඉන්නවනෙ…”

“උබට පිස්සුවක් ඇතැ….”

“ඇයි උබලා අදම යනවද….??”

“නැහ්නම් නැහ්නම් ….”

“ඔව් තරූ .හෙට ඉතින් සදුදනෙ…අපිට වැඩ…ඉතින් අදම යනවා…රෑ උනත් මොකෝ….වාහනේනෙ යන්නෙ…” පහන්දි කිව්වා.

“අන්න උබේ සුදු මැණිකේ ව වත් මට දෙනවනම් මං හැමදාම උනත් ඉන්නම්කෝ මෙහෙ බින්න බහන්…නැද්ද සාගර…”

“නෑනෙ..”

” නැත්තං කටුගෙට පලයන්…තරූගෙ නංගිව අමාරුවෙ දාන්නැතිව…” තරිදුව කිව්ව .

“අනේ පලයං බං යන්න…උබට තමා කටුගෙට යන්න වෙන්නෙ..බලහන් හැටි විතරක්…මූකලන් බස්සා.”

කට්ටියම කියෝ කියෝ වලව්වට ආව.ඒ එද්දි මගේ සුදු මැණිකේ ඉන්නවා මග බලාගෙන.හැබැයි ඉතින් මාව දැක්කත් හරි ගස්සගෙනම ගියා ගේ ඇතුල්ට..දවසක ඔය ගැස්සිල්ලට ඇත්තටම මං වීසි වෙලා යයි කොලබට වෙනකන්ම.

හවසට තේත් බීලා මගේ යාලුවො මෙහෙන් යද්දි හවස 6ට විතර ඇති.හම්මෝ දැනෙන පාලුව…කාමරේට වෙලා පොතක් බල බල ඉද්දි එක පාරටම මගෙ ඉස්සරහට කඩන් පාත් උනේ සුදු මැණිකේ නොහොත් මන්දාකිණි ..

****************************

මන්දාකිණි තරුකට හොදටම බනී නේද…තරුක සුදු මැණිකේ ට හොද වැඩක් කරනව..ඒ වැඩේ මොකද්ද කියලා බලන්න හෙටත් කතා අහුරට එන්නකෝ..????

M.A.Rashmi

8 thoughts on “තරු මන්දාකිණී| නවවන දිගහැරුම | නව කතාව | කතා අහුර රචක”

      1. Mufeez Ahamed

        අනේ අප්පා කතාව තව ටිකක් දික් කරන්නකෝ please..
        ඔච්චර interesting කතාවක් භාගෙට නවත්තන්න එපා.. all the best..

        1. අම්මෝ…තවත් කතාව දික් කරොත් වෙන්නෙ මේක ඉක්මන්ට ඉවර වෙන එකනෙ …??????

  1. අම්මෙ හා දැන්ම ඉවර කරන්නෙපා පිස්සු හැදෙයි…………අනිවාර්යයෙන් හැමදාම කියවනවා ………..???

  2. අම්මෝ අර හංස පැටව් දෙන්නා ????? එක හුස්මටම කියවගෙන යනවා වැඩ කරන්නෙත් නෑ මම

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.