Katha Ahura

තරු මන්දාකිණී| පස්වන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක

2.7/5 - (6 votes)

පස්වන දිගහැරුම

ඉස් ඉස්සෙල්ලාම දවස නිසා මට තිබ්බෙ පොඩි එවුන්ට english උගන්නන්නයි.දවසම පොඩි එවුන් එක්ක හිටිය නිසා සුදු මැණිකෙව දැක්කෙවත් නෑ.එයාලගෙ පංතිය තියෙන තැන දන්නව උනත් ඒ පැත්තට යන්න වෙලාවක් තිබ්බෙ නෑ.මුල්ම දවස නිසාද මංදා පොඩි ලමයි හරි ආසාවෙන් මගෙන් english ඉගෙන ගත්තෙ.එක පංතියක ඉන්නෙ හරිම සුලු ලමයි ගානක්.මුලු ඉස්කෝලෙම ඉන්නෙ ලමයි 200යි.ඒ 200ටම උගන්නන්න ඉන්නෙ ගුරුවරු7,8 දෙනයි.මෙච්චර දුෂ්කර පැත්තක සුදු මැණිකේ වගේ සියුමැලි කෙල්ලෙක් කොහොම ජීවත් වෙනවද මන්දා.

ඉස්කෝලෙ ඇරිලා මං එනකන් සුදු මැණිකේ ඉස්කෝලෙ ලග පාරෙ බලන් ඉන්නවා මං ඈත තියාම දැක්කා.එයත් එක්ක එයාගෙ යාලුවො දෙන්නෙකුත් හිටියා.

“අපි එහෙනං යන්නම්….” එයාගෙ යාලුවන්ට එහෙම කියාගෙන මගේ අතින් අල්ලගත්තෙ සයුරිගෙ ඇසුත් අපි දිහාට යොමු වෙලා තියෙද්දි.
මං ආපිටට ඒ අත ගසලා දැම්මෙ තවත් ඉස්කෝලෙ කොල්ලො කට්ටියක් ඒක දැකපු නිසා.ඒ පාර නම් කෙල්ල රැව්වා රැවිල්ලක්.මට මොකෝ.මට පාන්ද…

පාර පුරාම ලමයි ඉන්න නිසාද කොහෙද සුදු මැණිකේ ගියේ මට ටිකක් එහායින්.ආපු පාරෙ නෙවේ..ඊට වෙනස් පාලු පාරක මාව එක්ක ගියේ.ඒ පාරෙ නම් බලු බල්ලෙක්වත් නෑ.අඩුම ගානෙ බලු මයිලක්වත් නෑ.මාත් එක්ක කතා නොකරම යනවා එයා.වස කම්මැලි මට.එයා කුඩේ යටින් යනවා.මං අව්වෙ කර වෙවී යන්නෝනිද..මං එයාගෙ sir කියලවත් හිතනවද..දැන් පාරෙ සෙනග නැති එකේ මාවත් කුඩේ යටින් එක්ක ගියා නම් හෙන ගහනවද..එහෙනම් තවත් ටිකක් තුරුල් වෙලා යන්න තිබ්බනෙ..හිත හිතම මං එද්දි මෙන්න එකපාරටම මගේ හිත කියවලා වගේ මෙයා මට කුඩේ අල්ලනවා.මාත් මොකුත් කියන්න ගියෙ නෑ.මොකටද නිකන් කට වරද්දගන්නෙ.

“සයුරි මිස්ව නේද අපි උදේ එද්දි වෙල ලගදි දැක්කෙ….” මං ඉස්සෙල්ලාම නිශ්ශබ්දතාව බින්දා.

“හ්ම්..”

“එයා මොනාද උගන්නන්නෙ….?” දැන දැනම ඇහුවෙ මෙයාගෙ කටින් වචනයක් හරි පිටකරගන්න ඔනි නිසයි.

“සිංහල…..”

“හ්ම්….හරි ලස්සන කෙල්ලෙක්….හරි අහිංසක පාටයි…..”මං හොරේන් බල බල කිව්වා.ගිනි රස්නෙටද එහෙමත් නැත්නං කේන්තියටද මංදා සුදු මැණිකේ ගෙ මූණ බලන් ඉද්දිම රතූ උනා.

“ඔයාගෙ නම මන්දාකිණි ද??”
එහෙම ඇහුවම කෙල්ල මයෙ දිහා බැලුවෙ පුදුමයෙන්.

“ඔයා කොහොමද දන්නෙ..??”

“මට සයුරි කිව්වෙ..ඒක නෙවේ…සයුරි ඉන්න ගේ තියෙන තැන ඔයා දන්නවද…” මං එහෙම ඇහුවෙ කෙල්ලව ටිකක් අවුස්සන්න හිතාගෙන.

“සයුරි සයුරි සයුරි …ඔය නමින් තොර එකක් නැද්ද ඇත්තට…..” මගේ පපුවට අත මිටි මොලෝල ගහගෙන ගහගෙන ගියේ කදුලු පිරිච්ච ඇස් වලින් මගෙ දිහා බල බල.

“මං ලස්සන නැද්ද…මං ලස්සන මදිද??”.. එහෙම කියලා හයියෙන් අඩ අඩම මාවත් දාලා දිව්වෙ කදුලු පිහිද පිහිද .මට නිකන් පිස්සු වගේ.මං මොකද්ද ඒ කරේ.ඇයි එයාට එච්චරම ලොකු කේන්තියක් දුකක් ආවෙ.එයාට විතරක් නෙවේ.ඒ බෝල ඇස් වල තිබ්බ කදුලු දැකලා මටත් හරි දුකයි.පව්.මං එයාව ඇඩෙව්වා.එයා මට ගැහුවත් එක්ක.දුක වැඩි කමටයි එයා එහෙම කරන්නැත්තෙ..ඒත් ඇයි එයා දුක් වෙන්නෙ…??

” සුදු මැණිකේ …නවතින්න…”
මං කෑගැහුවත් එයා නෙවේ නතර උනේ.මාත් එයා පස්සෙන් හනිකට යන්න ගියේ පාලු පාරෙ තනියම යන්න මොකද්ද වගේ නිසා.ඊටත් වඩා මට ඕනි එයා ලගින්ම ඉන්නයි.බැනුම් අහ අහ හරි.
වලව්වට යන්න විනාඩි 15ක් ඕන්නම් යන්නැති.පාර ටිකක් පාලු උනාට ඒක කෙටි පාරක් මේකි උදේම මාව එක්ක ගියේ පට්ට දුර පාරකනෙ බලන් ගියාම.

සුදු මැණිකේ මොකුත් නොකියම ගෙට ගියා .ආරච්චි එක්කත් ටිකක් විතර කතා කර කර ඉදලා කාමරේට ගියා.අර හොල්මන මොනාද දන්නෑ කරන්නෙ.හිතහිතම ඇදේ ඇල වුනා.

ආයෙ ඇහැරෙද්දි වෙලාව හවස 4යි.ලිද ලගට ගියේ නාගන්න කියලා හිතලා.ඒත් සුදු මැණිකේ නානවා දැකලා මං ආයෙම හැරුනා.නාගෙන කරගෙන අහවර වෙද්දි ගොඩක් හවස් වෙලා .ඊයෙ වගේ මං නානවා බලන්න මන්දාකිණි ආවෙ නෑ.මාත් එක්ක ඔරොප්පු වෙලාද කොහෙද ඉන්නෙ.හවස තේ මේසෙදි වත් මං දැක්කෙ නෑ එයාව.එයාව නොදැක ඉන්නත් බෑ බෑ වගේ.

“තරුක මහත්තයට කෝල් එකක්…” මං පාඩම් වැඩ කර කර ඉද්දි හිච්චියා දුවල දුවල ඇවිත් කිව්වෙ.හිච්චියා කියන්නෙත් මෙහෙ ඉන්න තව එක servant කෙනෙක්.අවුරුදු 15-16ක් විතර වෙන කොලු ගැටයෙක්.මං දුවලා ගියේ ලෑන්ඩ් ෆෝන් එක ලගට.මොකද වලව්ව number එකට call කරනවනම් ඉතින් ඒ අපේ ගෙදරින් තමයි.

“හලෝ…”

“හෙලෝ…පුතා….”
අම්මගෙ කට හඩ ඇහුනෙ.අම්මලා තාත්තලා නැතුව මං ඉන්නෙ කොච්චර පාලුවෙන්ද.එයාලනම් මන් මෙහෙ එනවට එක පයින්ම විරුද්ධ උනා.එයාලා කිව්වෙම වෙන රස්සාවක් හොයාගන්න කියලා.ඒත් මං ආස මේ job එකට.පොඩි දරුවන්ට අකුරු කියලා දෙන එක මොනතරම් නම් පිනක් ද.
අම්මයි තාත්තයි නංගියි එක්ක පැය බාගයක් විතර කතා කරා.හම්මෝ දැනෙන සැහැල්ලුව..

පොතකුත් අරගෙන ඇදට ගියේ පොත බල බල විවේකීව ඉන්න.එක පාරටම ඇහුනෙ සුදු මැණිකේ ගෙ කටහඩ.ගේ දෙවනත් වෙන්න හය්යෙන් කෑගහලා ගාථා කියනවා.මට හිනා ගියේ ඉබේමයි.මුරණ්ඩු කම නම් තියෙනවා ඕනෙවටත් වඩා.හැබැයි ඔය මුරණ්ඩු කම ඔයාව තවත් ලස්සන කරනවා මන්දාකිණි .

රෑ කෑම මේසෙදිවත් මං මන්දාකිණි ව දැක්කෙ නෑ.මුලු ගේම පාලුයි වගේ හැගීමක් දැනෙන්නෙ.කන්නත් බෑ වගේ.පොඩ්ඩක් කාලා ඇදට ගියත් මතක් වෙන්නෙම සුදු මැණිකේ ව.එයා අඩපු හැටි මතක් වෙද්දි මාරම දුකක් දැනෙන්නෙ මට.කමක් නෑ.එක හීනෙන් එලි වෙන්නෑනෙ…මං ඔයාව හෙට අල්ලගන්නම්.

***************************

තරුක හෙට අල්ලගනීද මන්දාකිණීව..මන්දාකිණි තරුක එක්ක ආයෙම යාලු වෙයිද..ඒ ටික හෙට..

M.A.Rashmi

3 thoughts on “තරු මන්දාකිණී| පස්වන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.