Katha Ahura

ලේ | 12 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

12 කොටස

ඒ බිවිසුනු හඩට මම විතරක් නෙමේ මම දැක්කේ අර බලු කික්කිත් බයවෙලා හිටියා. ඇය අමුතු විදිහට හැසිරුනේ නපුරක් අත ලගවගේ. හරියට මට මෙතනින් යන්න කියන්න වගේ ඇය කටින් හඩක් පිටකෙරුවා.

බැල්ලිය තනි කරපු මම යලි ත් නිශාගේ නිවස ඇතුලට දුවගෙන ගියෙ අඩියට දෙකට.

ආයේ පාරක් මම ‘නොපෙනෙනෙ ශක්තීන් පොතේ තිබ්බ ඒවා සටහන් කරන්න පටන්ගත්තා .

” මල නොමල මිනිසාගේ පැවත්ම ඉදිරියටම පවත්වගෙන යන්න ඕන්නම් අනිවාරයෙනම ,මාස් පතා පන ඇති මිනිසෙකුගේ හදවතක් ගෙන අර ගුරුකම කල යුතුවෙයි. නැතිනම් මල නොමල මිනිසාට වෙන්නේ ශක්තිය නැතිවී විනාශ වීමයි.”

නොපෙනෙන ශක්තීන් පොතේ ඒ වචන ටික ලිව්ව විතරයි මට විශාල ඈනූමක් මුවින් පිටවුනා.

” හරිම නිදිමතයි ,දැනට ඔය ඇතී පොඩ්ඩක් නිදාගත්තොත් හොදයි”

සිතිවිල්ලෙන් මම ඇදේ නිදා ගත්තා…..අඩවන් ඇස් දෙකෙන් හිටපු මම දැක්කේ ඇරුනු ජනේලයින් මාකස් එබෙන හැටී…

මොහොතක් මම දිහා මාකස් බලාගෙන හිටියත් මම ඇස් අඩවන් කරගෙනම හිටියා. ඊට පස්සේ මේසේ උඩ තිබ්බ හිස් කෑම පිගානත් දිහා බලලා මාකස් යමක් තේරුම් ගත්තා වගේ බැල්මකුත් හෙලල ජනේලය ලගින් මෑත්වුනා.

” මාකස් මොකද හොරෙන් හොරෙන් ඇවිත් හොර ගල් අහුලන්නේ……”

ඒ සිතිවිල්ලෙන් මට වැඩි වෙලාවල් ඉන්න උනේ නෑ.නිශාගේ නිවසේ එක කාමරයක් ලගින් මට එක එක හඩවල් ඇහෙන්න පටන්ගත්තා .

” මාව ලෙහල දාපන්…..මට යන්න දීපන්….”

විශ්වාස කරන්න. මට ඒ ඇහුනේ මහ රෑ ඇහෙන අර පිරිමි හඩ.

” තිරිසනා උබත් මනුස්සයෙක් නේද….ඇයි මේ වගේ දේවල් වලට උබ උදව් කරන්නේ….මාව ලෙහල දාපන්.”

වේදානාත්මක ඒ පිරිමි හඩ මට තවත් අහන්න හැකියාවක් තිබ්බේ නෑ…….විදිලි වේගෙන් කාමරේ දොරඇරගෙන ඒ හඩ ආපු කාමරේ පැත්තට මම දුවගෙන ගියා.

ඒ යනකොටයි මම දැක්කේ ඊයේ රෑ මම අර හඩ ආවේ කොහෙන්ද බලන්න ආපූ කාමරේ දොර මේ වෙද්දී ඇරල තියෙන හැටී.

වටපිට විමිසිලි බැල්මක් හෙලපු මම ඉක්මනින්ම ඒක ඇතුලට ඇතුලුවුනා.

“මට එපා උබේ ඔය ජරා කෑම……”

ඒ හඩ ආවේ පහලින් ,එතකොටයි මම දැක්කේ ඒ කාමරේ ඇතුලේ පහලට යන්න පඩිපෙලක් තියෙන විත්තිය.

” එහෙනම් උබට කන්න බෑ…..හිටපන් එහෙනම් උබට මම හොද වැඩක් කරන්න…..”

මාකස්ගේ කෝපාන්විත හඩ ඇහෙන විට මම පහලට පඩිපෙල බහිමින් උන්නා.

දෙයියනේ මම ඊට පස්සේ දැකපු දේ…..අර කාමරේ යටින් තිබ්බේ රහස් කාමරයක්. ඒක ඇතුලේ දැල්වෙන ගිනිගොඩක් තිබ්බා…..එයින් ආලෝක වෙලා තිබ්බ කාමරේ කනුවක යකට දම්වැලකින් බැදලා දාල තිබ්බේ මගේ වයසේම වගේ තරුනයෙක්…ඔහු හිටියේ ඉදගෙන හරිම අසරන විදිහට.ඔහුගේ මුලු ඇගටම තිබ්බේ යටට ඇදන් හිටපු යට කලිසම විතරයි.

මුලු ඇග පුරාම අලුත්ම කැපුම් පාරවල් තිබ්බේ ඒ පාරවල් වෙලා තියෙන්නේ අද ඊයේ වගේ පවසන්න.මම ඒ දේවල් බලන් හිටියේ අදහාගන්නවත් බැරිව.

” මේ රත්වුන යකඩේ උබේ ඇග උඩින් තිබ්බම උබ ඔය කන්න බැරි බත් කයි……….”

කියපු මාකස් ගිනිගොඩේ තිබ්බ යකඩයත් අරගෙන අර තරුනයා ලගට ගියා.

“අතට ගනින් මේ පිගාන ,හොද හිතින් අවසාන පාරට කියන්නේ ”

“උබ කනවද නැද්ද….මේ පේනවනේ මගේ අතේ තියෙන දේ……”

” එපා ,මට එපා……….”

තරුණයා මාකස් කිව්ව දේවල් ගන්න ගත්තේ නෑ….

” ඒහෙමද උබ කියන්නේ ,එහෙමන මේක කාපන්”

මාකස් අර රත් වෙච්ච යකඩය තරුනයාගේ නිරුවත් ඇග උඩින් තිබ්බේ හිතක් පපුවක් නැති මිනිහෙක් විදිහට.

“ආ………හ්……..”

තරුනයාගේ හඩින් මුලු කාමරේම වෙවලුම් කෑවා.

“දැන්වත් උබ කනවද ,නැත්නම් මම මේකෙන් උබට කවන්නද……”

” අනේ මට යන්න් දීපන්………උබට පින්සිද්දවෙයි………”

තරුනයා බැගෑබර හඩින් යැද්දා..

” මේ අහපන් ,උබට යන්න දෙනවා…කොල්ලෝ….උබ ඕනනම් තව දවස් තුනක් මේකේ හිර කරලා අපේ නෝනා තියගෙන ඉදියි.ඊට පස්සේ උබට මෙහෙන් ගිහින් උබලගේ අයත් එක්ක සතුටින් ඉන්න පුලුවන්….අපේ නෝනා උබව මෙතන හිරකරල තියෙන්නේ පොඩි පරික්ශනයක් කරන්නන්ලූ……”

“උබ ඔය කියන්නේ බොරූ,,,මට විශ්වාස කරන්න බෑ….උබ කියන දේවල්…..”

“උබට විශ්වාස කරන්නම වෙනවා කොල්ලෝ…….”

මාකස්ගේ හඩේ දැන් අර කෝපන්විත බව තිබ්බේ නෑ…..

දැන් මම මොකද කරන්නේ. මාකස්ට පහර දීලා අර තරුනයා නිදහස් කරනවද……ඒත් ඒ වැඩේ කරන්න ගිහිල්ලා මාත් අමාරුවේ වැටෙයිද………”

මගේ හිත තිබ්බේ දෙලොවක් අතර තනිවෙලා…………………..තවත් කොටසකට

කතාව කියවල ලයික් කමෙන්ට්ස් දාන ඔක්කොටම මාව දිරිමත් කරවන ඔක්කොටම ගොඩක් ස්තූතියි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.