Katha Ahura

තරු මන්දාකිණී| පහළොස් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

3/5 - (2 votes)

පහළොස් වැනි දිගහැරුම

කාලය ටික ටික ගෙවිල ගිහින් ඊලග අවුරුද්දත් ලැබුව.කිව්වත් වගේ තුශාර සැරින් සැරේ වලව්වට එන්න ගත්ත.ඒත් සුදු මැණිකේ මට පොරොන්දු වෙච්ච නිසා මාවමයි කසාද බදින්නෙ කියලා මට ලොකු බයක් තිබුනෙ නෑ…

සුදු මැණිකේගෙ විභාගෙ ප්‍රතිඵල එන දවසත් කිට්ටු උනා.මට හොදටම sure කෙල්ල විභාගෙ පාස් කියලා.එයාට මොනාද ඒ වෙනුවෙන් දෙන්න ඕන කියලා හිත හිත ඉද්දි මතක් උනේ ලස්සන රත්තරං මාලයක් දුන්නනම් හරි කියලා.ඒත් මේ හරියෙ රත්තරං බඩු සාප්පු කොහෙන් හොයන්නද.

” මාලනී….මේ හරියෙ රත්තරං බඩු සාප්පුවක් එහෙම නැද්ද…??” මං ඇහුවෙ මාලනීගෙන්.එයා කිව්ව හැටියට රත්තරං බඩු සාප්පුවක් හොයන්න යන්න වෙනවා ඊලග town එකට ඒ කියන්නෙ දබගල්ලට යන්න වෙනව.

” මහත්තයට කොච්චර කිව්වත් අපේ සුදු මැණිකේ ගැන තියෙන අදහස අයින් කොරල නෑ වගෙයි…”

” සුදු මැණිකේ ගැන මගේ හිතේ තියෙන ආදරය නැති වෙන්නෑ මාලනී මං මැරුනත්…”

” ඒත් ආරච්චි දවසක සුදු මැණිකේ ව කරකාර බන්දල දෙන්න හිතන් ඉන්නෙ අපේ තුශාර මහත්තයට…ඕවැයින් වෙන්නෙ හැමෝගෙම හිත් බිදෙන එක මහත්තයෝ…අපරාදෙ මේ වලව්ව විනාස වෙලා යයි මේ වෙන දේවල්වලින්…”

” වලව්ව නෙවේ.. රටම විනාස වෙලා හරි මට මගේ සුදු මැණිකේව ලැබෙනවනම් මට ඒකෙන් කමක් නෑ…” මං කියාගෙන එන්න ආව.කවදාවත් මං මගේ පණ වෙන කාටවත් දෙන්නෑ.

මගේ හිතේ තිබ්බ වගේම ලස්සන හීනි චේන් පොටක් ගත්ත සුදු මැණිකේට දෙන්න.මේක දැක්කම ආස හිතෙයි එයාට.

සතියකින් වගේ කෙල්ලගෙ results ආව.හිතුවත් වගේ කෙල්ල විභාගෙ පාස්.වැඩ නමයම .A1-B8 යි .මගේ ඉංග්‍රීසි වලට තමයි එයා ඒ පාස් එක අරන් තිබ්බෙ.මට මාරම සතුටුයි .මටත් වඩා ආරච්චිට ඒ ගැන තිබ්බෙ ලොකූ සතුටක් .එයා මට තමයි ගොඩක් ස්තුති කරේ .එයාගෙ දුවව ගොඩ දාල දුන්නට.

” මං පාස් තරූ..” ආරච්චිට හොරෙන් කෙල්ල මගේ කාමරේට ඇවිත් මට තුරුලු වෙලා කිව්ව.

” හ්ම්..මට පුදුම සතුටක් දැනෙන්නෙ මන්දාකිණි …ඔයාට මගෙන් මොනාද ඕනි..ම්..”

” මට ඔයාගෙන් මොකුත් එපා තරූ ..ඔයාගෙ ආදරේ තියෙනවනෙ…ඒ ඇති…මේ…හවසට ඇල ලගට එනවද…හම්බෙන්න…”

“ඉතින් මේ අපි හම්බුනේ….” හිත ඇතුලෙ සතුට දෝරෙ ගලද්දි මං ඇහුවෙ.

” මැට්ට…මට ඔයත් එක්ක කතා කරන්න ඕනි තරූ…plz එන්න ඕනි ඔන්න..මං බලාගෙන ඉන්නවා …”

” හා..මැණික..මං එන්නම්..දැන් යන්නකෝ..නැත්තං කවුරුහරි දකී…” මං එයාගෙ නලල ඉඹලා යන්න ඇරිය .හවසටම එහෙනම් මාලෙ එයාගෙ කරට දාතෑකි.ඒකත් හොද වැඩේ.

ටිකක් දවල් වෙද්දි මට කෝල් එකක් ආව.හැමදාමත් වගේ මං හිතුවෙ ගෙදරින් කියලා.මොකද ඉතින් අපේ ගෙදර ඈයොන්ට මන් නැතුව පාලුයි ලුනේ.

“හෙලෝ”

” ආ..හෙලෝ…උබ සනීපෙන්ද…” ආහ්.තරිදුව කතා කරන්නෙ.මූ මොකෝ මේ හදිස්සියෙ.ආයෙ මෙහෙ එන්නද දන්නෑ.

” මොකෝ උබ කතා කරේ….කියන්න තියෙන දෙයක් ඉක්මන්ට කියලා phone එක තියපන් බල්ලා..”

” ආ..ආ..උබ දැන් එහෙමයි ඈ..ඈ ප’#%*@ තොට එච්චරටම අපිව එපා වෙලාද..ඈ හු’$@&*”
මොනා නැතත් උගෙ සාම්ප්‍රදායික වචන් සෙට් එකනම් වෙනස් වෙලා නෑ.

” එහෙම නෙවේ බං…අපිටත් කියලා ඉතින් දැන් වැඩ තියෙනවනේ….”

” ආ..අර කුමාරිහාමි එක්ක වෙන්නැති වැඩ …”

” නැතුව නැතුව..ඒක නෙවේ..මොකෝ උබ ගත්තෙ…නිකන්ද…”

” නිකන් නෙවේ බං..මට මේ දවස්වල මාර අවුල් බං…”

” හෑ..ඒ මක්කැයි…”

” අන්න..උබේ නංගිව තියාගෙන අරූ හප කරනවා…”

” මොකක්??”

” මොකක් මොකක් නෙවේ යකෝ…අන්න සාගරය උබේ නංගි එක්ක සෙට් වෙලා.ඔව් යකෝ…උබේ නංගිත් හොරා වගේ හිටියට අන්න දැන් සාගර එක්ක හැමතැනම යනව.මං ඊයෙ පෙරේදා දැක්ක උන් දෙන්නව film holl එහෙක box සීට් එහෙක.ඔව් ඕයි..මී ඇස් දෙක පල්ලා…”

” සිරාවට….ඌ මට නිකන්වත් කිව්වෙ නෑනෙ……” ඇත්තටම මේ විත්තියක් මට සාගර කිව්වෙ නෑ..

” ඌට කියන්න ලැජ්ජ ඇති බන් ….මේ ඒක නෙවේ…මටත් කෑල්ලක් හොයල දියන්කො බන්…මං මෙහෙ වේලෙනව යකෝ……”

” උබට හරි යන කෑලි මෙහෙ නෑ බල්ලො..”

” අර එදා එද්දි හිටිය දියකිදුරිය මොකෝ…මට ගෙදර ගිහිල්ලත් මතක් උනේ ඒ හංසයො දෙන්නවමයි ඕයි..ඔව්…”
ශික්.මූ නම් මහ වලත්තයෙක්.

” ඒකි උබට හරියන්නෑ බං…”

” ඒකත් එහෙමද…ඒක නෙවේ..උබල කැමති නෑ අපිට හරියනවට…හිටහන්කො..මාත් සුදු කෑල්ලක්ම හොයාගන්නව..උබලට කොර වෙලා යන්නම…හහ්..”

” ඉතින් හොයාගනින්..මට පාන්ද….”

“නෑ..උබට පාන්වත් නැති වෙයි…උබට කන්න වෙන්නෙ පොලොවෙ පස්…ඒක නෙවේ…දැන්වත් උබල දෙන්න සෙට් ද…” ඔය අහනව ඇත්තෙ මායි මන්දාකිණි යි යාලුද කියලා .

” ආයෙ අහල…ඒක හරි ගිහින් දැන් කොච්චර කල්ද…”

“සිරාවට…ඒ කියන්නෙ උබල දෙන්න දැන් ලව් කරනවද ….අර ඇල ලගට වෙලා??”

“ඔව් ඕයි…මේ තියනවා ඕක..ඕපාදූප අහන්නෙ නැතිව

” අඩී….උබ ඒකිට රිද්දන්නෙපා හරී…ඒකි තවම පොඩි කෙල්ලෙක්නෙ…”

“උබ මගෙන් කුනුහරුප අහගන්නෙපා…”

” ඒක නෙවේ තරුවා.. මට උබට දෙයක් කියන්න තියෙනව……මං පහන්දිට ලව් ඕයි..”

” මොකක්…??” මූ කිව්ව කතාවට මාව විශ්මයට පත් උනා කිව්වොත් තමා හරි.ඇයි ඉතින් මුන් දෙන්න කොයි වෙලේ බැලුවත් රන්ඩු වෙවීනෙ ඉන්නෙ .

” ඔව් ඕයි…මං ඉස්සර ඉදන්මයි පහන්දිට ආදරේ කරන්නෙ….කොහෙද ඒකිට ඒක තේරෙන්නැති හැටි…” උගේ voice එකේ තිබ්බෙ දුක්බර බවක්.

” ඉතින් වල් ගොනෝ…තෝ නිතරම ඒකිත් එක්ක ඇරගන්න එකමනෙ වැඩේ. ..ඉතින් ඒකි කොහොමද දැනගන්නෙ උබ ඒකිට ලව් කියල…පිස්ස. ” ඇත්තනෙ..කෙල්ලෙක්ට ආදරෙයි කියල දැනෙන්න අරින්න මූ දන්නැති හැටි

” නෑ බන්…ඒ ආදරේ වැඩි කමටනෙ….”

” හරි ඉතින්…උබ කියහන් පහන්දිට උබ ආදරෙයි කියල….වැඩේ හරිනෙහ්…”

“කිව්ව බන් කිව්ව..මං අද උදේ ඒකිව හම්බෙලා serious පිට මූඩ් එක හදාගෙන කිව්ව…කොහෙ…ඒකි ගත් කටටම හයියෙන් හිනා උනා කියහන්කො..ඒකි හිතන්නෙ මං විහිලු කරනව කියලා…ඔව් ඕයි…මට මාරම දුකයි…” ඌ ඒක කිව්වම මටත් හිනා ගියා.හොද වැඩේ ඕකට.

” මට උබ ගැන දුකයි බන්….” මං ඇත්තම කිව්ව.

“අඩෝ කැ”#%@*@ බල්ලා..මට කියහන් යකෝ ඒකිට ආදරෙයි කියන්න ක්‍රමයක් …උබ මොකද්ද අනුගමනය කරපු ක්‍රියා පටිපාටිය ..ඈ..”

“ම්……අපෝ….එව්ව පුද්ගලිකයි රහසිගතයි…”

” අනේ රෙද්ද…කියහන්කො වදේ…..අනේ….” ඌ බැගෑපත් වෙන හැටියට නොකියත් බෑ .පව් හොද එකා නෙ මොනා උනත්.

” උබ එහෙනම් කිස් කරහන්….කිස් කරල කියහන්…”

” ඉතින් බං..මං පොඩි කාලෙත් ඒකිව කිස් කරන්නෙ…ඒකට ඒකිට ගානක් නෑනෙ බං..”

” අනේ හු#$@* කම්මුලට නෙවේ යකෝ….ලිප් කිස් එකක් දීල කියහන්..බල්ලා…තෝ film බලලා නැද්ද යකෝ….”

” ආ….එල එල.. ඒක මරු…මටත් ඒ ලිප්ස් කිස් කරන්න ඕන වෙලා තිබ්බෙ…ඒක නෙවෙ…උබ ඕකද අනුගමනය කරේ.. ඈ බං…කෙල්ලගෙ ලිප්ස් තියෙනවද දන්නෑ…”

” උබ මගෙන් මොකුත් අහගන්නෙපා …වල් බල්ලා…ඒකිගෙ ලිප්ස් තාම තියෙනව…”

“අඩෝ මට අමතක උනා..කෙල්ල විභාගෙ පාස්ද…”

“ඔව්..B8 A1යි.මගේ ඉංග්‍රීසි වලට ඒ එක .”

“මරු මරු..මං හිතුව උබ ඉංග්‍රීසි කෙසේ වෙතත් ලව් ට්‍රික්ස් නම් උගන්නනව ඇති කියලා .බලං ගියාම උබ එහෙම නෑනෙ…ඒක නෙවෙ ..උබ මොනාද ඒකිට දෙන්නෙ …කිස් එකද්ද…”

“පිස්සුද බං උබට…මං ලස්සන මාලයක් ගත්ත එයාට දෙන්න…අද හවස ඇල ලගට එන්න කිව්ව එයා…ඉතින් අද හවසට මං ඒක එයාට දෙනව…” මං ටිකක් සද්දෙ අඩු කරල කිව්වෙ.ආරච්චි ගෙදර නැති උනත් කාටහරි ඇහුනොත්….කියලා..

” මාල කරට දැම්මට කමක් නෑ පුතෝ…මං කිව්වත් වගේ ඒකිව වැඩිය තලන්නෙපා…” තවත් මොනාද මන්දා කියන් එද්දි මං phone එක තිබ්බා.තව කිව්වත් කියන්නෙ ඕක කුනුහරුප නෙහ්…ඒ නිසා.

හම්මෝ ..වැස්සක් වැහැල පෑව්ව වගේ..පව් පහන්දි …ඒකි ඉවරයි …තරිදුව ට අහුවෙනව කියන්නෙ ඉතින් ආයෙ ඉවරෙටම ඉවරයි.

මං බලං හිටියෙ හවස් වෙනකන්.හවස 4ට මං ගෙදරින් ගියේ ඇල ලගට.ගල උඩ වාඩි වෙලා මන්දාකිණි එනකං බලං හිටිය..පැය බාගයක් විතර යද්දි මෙන්න කෙල්ල එනව.සුදු චීත්ත රෙද්දට රතු මල් වැටිච්ච ලස්සන ගවුමක් ඇදන් හරියට සුරංගනාවියක් වගේ…මගේ ලගින්ම වාඩි උනා එයා.

“Sorry තරූ…පරක්කු උනානම්…..”

” නෑ..ඒත් ආරච්චි හිටියද…??”

” අප්පච්චි පන්සලට යන්න කියලා ගියා.මාත් එක්කමයි මගට ආවෙ.සමාධිලගෙ ගෙදර යනව කියල ආවෙ….අද අප්පච්චි ගෙදර එද්දි ටිකක් රෑ වෙයි කිව්ව….” හුරතල් වෙවී කෙල්ල කතාකරන්නෙ.ඔය හුරතලේට තමා මේ තරුක අහුවුනේ .

” ඒකියන්නෙ…අපිට ගොඩක් වෙලා මෙතන ඉන්න පුලුවන්..නේද….” මං එයාගෙ කරට අත දාන් කිව්ව.කෙල්ල හිනා වෙලා මගේ උරහිසින් ඔලුව තියාගත්තා .

” ආනේ..තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ…මං ඔයාට දෙන්න පොඩි තෑග්ගක් ගත්තා…කෝ ඇස් දෙක වහගන්න….” එයාව පොඩ්ඩක් එහාට කරලා සාක්කුවට අත දැම්මෙ එයාට දෙන්න ගෙනාව මාලෙ ගන්න.කෙල්ල ඇස් දෙක පියාගත්ත.මාලෙ box එකෙන් එලියට අරං එයාගෙ ඇස් මට්ටමට වෙන්න අල්ලං හිටිය.

“හරි..දැන් ඇස් අරින්න ..” සුදු මැණිකේ ඇස් හිමින් ඇරිය.එයා දැක්ක දෙයින් එයාට සතුට වැඩි කමට කෑගැහුනා..මාලෙ පෙන්ඩන් එකට තිබ්බෙ චූටි ගල් අල්ලපු තරුවක්.

” හානේ…ලස්සන මාලයක්…ඔයාට thanks තරූ…” එහෙම කියල කෙල්ල මාව බදාගත්තා.

” කෝ…එන්න..මං ඕක ඔයාගෙ බෙල්ලට දාන්නං….” එහෙම කියල මං මාලෙ සුදු මැණිකේ ගෙ බෙල්ලට පැලැන්දුව.

” ලස්සනයිද….” කෙල්ල මගෙන් අහනව.

” ඔයාද නැත්තං මාලෙද??”

” ම්…දෙකම ..”

” ඔයානං ලස්සන නෑ…මාලෙ නම් ලස්සනයි …”

” මොකද්ද කිව්වෙ මෝඩයා.. ” එයා මට පාරක් ගැහුව.

මං එහෙම්මම එයාගෙ උකුලෙන් ඔලුව තියාගත්ත…එහෙම ඉන්න මං හරි ආසයි.

” තරූ….මට බයයි….” මන්දාකිණි කිව්වෙ ඇස් වලට කදුලු පිරෙද්දී .

” ඇයි මන්දාකිණි …මොකෝ”

” ඔයා තව ටික දවසද ඉන්නෙ….”

” ඇ..ඇයි එහෙම අහන්නෙ….”

” නෑ..ඔයාගෙ පත්වීම ලැබුනෙ අවුරුද්දකට නේ…ඔයාගෙ අවුරුද්ද ඉවර වෙන්න තියෙන්නෙ තව මාසයයිනෙ….ඔයා ඊට පස්සෙ කොලබ යනවද මාව දාල…”
ඒ පාර නම් කෙල්ලට ඉකි ගගහ ඇඩුන.මං කෙලින් උනේ ඉබේටමයි.මටවත් එයා කියන කන්ම ඒ ගැන හිතුන්නෑනෙ.අවුරුද්දකින් පස්සෙ මට මෙහෙන් යන්න වෙයිද…ඒත් මං කොහොමද සුදු මැණිකේ ව දාල යන්නෙ .බෑ.බෑ..මට එයාව දාල යන්න බෑ..

“ඔයාව දාල මං කොහෙවත් යන්නෑ රත්තරං ….මං ඉන්නෙ ඔයා ලගමයි….මං මෙහෙටම පත්වීම දිගටම ලබාගන්නම්…එතකොට හරිනෙ…” මං කිව්වෙ එයාගෙ කදුලු පිහිද පිහිද .

” එතකොට ඔයාගෙ අම්මල තාත්‍තලා…”

” හ්ම්….බලමුකො…ඔයාට බැරිද..මා එක්ක කොලබ යන්න එන්න….”

” අප්පච්චි ??”

“අප්පච්චි මට කැමති වෙන්නැති වෙයිද මන්දාකිණි …?”

” එහෙම වෙන එකක් නෑ තරු…අප්පච්චි මගේ සතුට මගෙන් ඈත් කරන එකක් නෑ….” එහෙම කියලා එයා මගේ පපුවට තුරුලු උනා.මාත් එයාව තදින් තුරුලු කරගත්තෙ ආදරෙන්.

” ඒත් මට බය ඔයාව අප්පච්චි අර තුශාරට දෙයිදෝ කියලා…”

” නෑ තරූ…එයා මගේ අයියා..මාව අයිති ඔයාටයි ..මං ආදරේ ඔයාට…මට එයාව බදින්න බෑ…හැබැයි මට ඔයාව ලැබුන්නැති උනොත් අම්මප මං මැරෙනව තරු..” එහෙම කියද්දි මං කෙල්ලගෙ කට අතින් වැහුව.

” නෑ..මන්දාකිණි …ඔයාට මාව නොලැබුනත් ඔයා ජීවත් වෙන්න ඕනි..ඔයාට මැරෙන්න බෑ ..ඈතින් ඉදන් හරි මට ඔයාව දකින්න ඕනි.සදාකාලෙටම තනිකඩව ඉමු…ඔයාව මට නොදුන්නොත් …හැබැයි මැරෙන්න හිතන්නවත් එපා….” මං කිව්වෙ කෙල්ලව සිපගනිමින්.ඇත්තටම එයා එයාගෙ ජීවිතේට මොනාහරි කරගත්තොත්..මාත් ජීවත් වෙලා වැඩක් නෑ එතකොට..බෑ.බෑ..ඔයාව මටම ලැබෙයි..ඔව්..මං එයාව තව තවත් තුරුලු කරගත්තා .

එක පාරටම අපේ පිටිපස්සෙන් ඇහුනෙ කාගෙහරි අඩි සද්දයක්…අපි දෙන්නම පිටිපස්ස බැලුවෙ එකටමයි.

” අ.අ..අපි යමු තරූ…..කවුරුහරි දැක්කද දන්නෑ….” මන්දාකිණි කලබලෙන් නැගිට්ටෙ.

“කවුරු දකින්නද මන්දාකිණි ….කවුරුවත් නෑ…” මාත් නැගිටින ගමන් වට පිට බැලුව.කවුරුවත් පේන්න නෑ..ඒත් මන්දාකිණි කිව්වත් වගේ දැන්නම් මෙතනින් ගියොත් තමා හොද…

” අප්පච්චි ගෙදර යන්න කලින් අපි යමු…එන්නකො තරූ…” මන්දාකිණි මගේ අතින් ඇදල කිව්ව.

” ඔය මාලෙ…” මට මතක් උනේ ඒක.ආරච්චි දැක්කොත් මන්දාකිණි මං දුන්න මාලෙ දාන් ඉන්නවා එයා අහයි කවුද දුන්නෙ කියලා ඒක.එතකොට ඔක්කොම එලි වෙයි.

“ආ…මට මේක ගලවන්න බෑ තරූ…ඉස්සර මට අම්මත් මේ වගේම මාලයක් දීල තිබ්බ..මං මාල දාන්න එච්චරම ආස නැති නිසා ඒක ගලවල අරන් තියලා තියෙන්නෙ..මේ ඒක කියනව…පෙන්ඩන්ට් එක ඇදුමෙන් වහන් ඉන්නව…” කෙල්ල කිව්වෙ හිනා වෙවි…

” යමු යමු එහෙනම්….”

අපි දෙන්න එකට වලව්වට එන්න ආවෙ .අපි හිතන් හිටියෙ අපි එද්දි ආරච්චි වලව්වෙ නොහිටියි කියලා .ඒත් අපි දෙන්න එකට වලව්වට එද්දි ආරච්චි ඉන්නව වලව්වෙ ආලින්දෙට වෙලා මගබලබල.

***********************

හ්ම්.ආරච්චි ඇයි මග බලන් ඉන්නෙ…මොනා වෙයිද දැන්..හෙට අන්තිම කොටස.මන්දාකිණීව තරූට අයිති වෙයිද.ඒ ටික දැනගන්න හෙට එන්නකෝ..?

M.A.Rashmi

3 thoughts on “තරු මන්දාකිණී| පහළොස් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක”

  1. හී පිටිපස්සෙ හිටියේ ආරච්චි නේ අපි දන්නව හොදේ…………………????? ගොඩාක් දුකයි හිතුවෙ නෑ මේ තරම් ඉක්මනින් මේ කතාව ඉවර වෙයි කියල ?????

  2. Thakshi Deepali Jayasuriya

    අනේ සුදු මැණිකේව තරුගෙන් වෙන් කරන්න එපා..ප්ලීස්… ?????? ඉවර වෙන්නද යන්නේ දැන් කතාව…දිගටම දාන්නකෝ ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.