Katha Ahura

මාරක අඩවිය| 2.කොටස/ හතරවන දිගහැරුම

5/5 - (1 vote)

__මාරක අඩවිය__

2. කොටස/ හතරවන දිගහැරුම

 

විනාඩි කිහිපයකට පසු සමරනායක මහතාගේ බිරිඳ පොලිස් නිලධාරීන්  දෙදෙනා සිටි තැනට පැමිණියේය.

” සංජීව මම කූල් ඩ්‍රින්ක් එකක් ගෙනාවා බොන්න, ගමන ඇවිල්ල මහන්සිත් ඇතිනෙ”

අැය ඔවුන් දෙදෙනාට එය පිළිගන්වමින් පැවසුවාය.

” තැන්ක් යූ  මිසිස් සමරනායක ” උ.පො පරීක්ෂකවරයා බීම වීදුරුව තම අතට ගනිමින් පැවසුවාය.

” සංජීව තාම මගේ හස්බන්ඩ් ගැනයි දුව ගැනයි ආරංචියක් නැද්ද? ”

” තාම එහෙම හරියටම ඉන්ෆොර්මේෂන් එකක් ආවේ නෑ මිසිස් සමරනායක මම දෙන්නෙක් දාලා තියෙන්නෙ. අනිවාරෙන් අපිට පුළුවන් වෙයි එයාලාව ඉක්මනට හොයා ගන්න.”  උ.පො පරීක්ෂකවරයා පැවසීය.

” මට ගොඩක් බයයි සංජීව දුව ගැන උන් මහ තිරිසන්නු කෙල්ලට මොනව හරි උනොත් අපි ඉඳල මොකටද?”

” ඩෝන්ට් වොරි මිස් .මේ වෙලාවෙ මිස් දුර්වල වෙලා හරියන්නෙ නෑ. ඒක නෙවෙයි මිස් අර ඇමතිතුමා ඔයාලා හොඳින් දන්න කෙනෙක්ද?”

” අනේ නෑ සංජීව මම නම් අදමයි ඔය මනුස්සයව දැක්කෙත් , හස්බන්ඩ්ගෙ හොඳම යාලුවෙක් කියල තමයි කිව්වෙනම්”

” එතකොට මිස්ටර් සමරනායකව මීට් වෙන්න එහෙම ඔයාලගෙ ගෙදරවත් ඇවිල්ල නැත්ද මිනිහා ”

” මම ගෙදර හිටිය එක දවසකවත් ඔය මනුස්සයා අපේ ගෙදර ආවෙ නෑ , මට ඒක ෂුවර්, ඒක නෙවෙයි ඇයි සංජීව මිනිහ ගැන ඔය වගේ…….” ඇය කියන්නට ගිය දේ උ.පො පරීකෂකවරයා නවත්වන්නට විය.

” නෑ මිස් එහෙම සැකයක් නෑ , මිනිහ මොනවද මිස්ගෙන් ඇහුවෙ?”

” එදා රෑ වෙච්ච දේ  තමයි ඇහුවෙ ”

” මිනිහ කොහොමද  ගෙවල් හොයා ගෙන තියෙන්නෙ ? ”

” එදා මම එනකොට අපේ ගෙවල් ළඟ ඉන්න අපිට හිතවත් කෙනෙක්ට කියල ආවේ . එයා තමයි මම ඉන්න තැන කියල එඩ්‍රස් එක දීල තියෙන්නෙ”

”  මට මිස්ගෙන් ලොකු උදව්වක්  ඕන”

” කියන්න සංජීව මොකක්ද කෙරෙන්න ඕන ?

ඇය පෙරලා පිලිතුරු දෙන්නට විය.

” අකමැත්තක් නැත්නම් මට මිස්ටර් සමරනායකගෙ ඩොකියුමන්ට්ම් ටික චෙක් කරන්න  පුළුවන්ද , එයා කතා කරපු නඩු වල”

”  ඒකනම් ප්‍රශ්නයක් නෑ සංජීව ඒත් මම දැන් ගෙදර ගියොත් ආපහු එන්න වෙලාවක් තියෙයිද?” ඇය පැවසුවාය

” ඒක සුළු දෙයක් මම මිස්ව ආපහු ගෙනත් දාන්නම් ෂුවර් , මොකද මේ දවස්වල තනියම ගෙදර ඉන්නත් එපා”

” හරි සංජීව එහෙනම් අපි ලන්ච් එකත් අරන්ම යමු, මම අම්මට කිව්ව ඔයාලටත් එක්කම කෑම ලෑස්ති කරන්න කියල?”

” අනේ  මිසිස් සමරනායක කරදර වෙන්න එපා ”  උ.පො පරීක්ෂකවරයා පවසන්නට වූයේ  සිනහවක්ද පරිත්‍යාග කරමිනි.

” අනේ ඒක සුළු දෙයක් සංජීව .යමු එහෙනම් ගෙට”

ඔවුන් දහවල් ආහාරය ගෙන සවස දෙකට පමණ එම නිවසින් පිටත් විය . ආපසු එන පොරොන්දුව පිට සමරනායක මහතාගේ බිරිඳ තම මවට පවසා ඔවුන් සමඟ පිටත් විය.

……..

ඔවුන් නිවසට පැමිණෙන විට සවස පහට පමණ වී තිබුනි. මෝටර් රථයෙන්  බැස ගත් සමරනායක මහතාගේ බිරිඳ නිවසේ දොර විවෘත කරන්නට විය.

” එන්න සංජීව ඔයාගෙ වැඩ ටික කරගන්න”

” තැන්ක් යූ , මිසිස් සමරනායක මට හස්බන්ඩ්ගෙ ලියකියවිලි තියෙන තැන පෙන්වනවද?” උ.පො පරීක්ෂකවරයා ඇයට පැවසුවේය.

පසුව ඇය නිවසේ කාමරයක් තුල ඇති කබඩ් එකක් විවෘත කරන ලදි

” සංජීව මේකෙ තමයි එයා වටින කියන දේවල් දාලා තියන්නෙ , ”  එය තුල තිබුනු ලිපි ලේඛන සියල්ලම වාගේ උ.පො පරීක්ෂකවරයා අතට ගෙන එකින් එක පරීක්ෂා කරන්නට විය.

” මිස්ටර් සමරනායකට තරහ කාරයො එහෙම හිටියද ?” ඔහු සමරනායකගේ බිරිඳගෙන් ප්‍රශ්න කරන්නට විය.

” මම දන්න තරමින් නම් එහෙම කවුරුත් හිටියෙ නෑ , අනික එයා ඔය ජොබ් එකට සම්බන්ධ  කිසිම දෙයක් අපිට කියන්නෙ නෑ”

” එතකොට මිස් මේ ළඟකදි වගේ සමරනායක මහතයගෙ වෙනස් වීමක් වත් දැක්කෙ නැද්ද?”  උ.පො පරීක්ෂකවරයා ප්‍රශ්න කලේය.

“සමහර දවස් වලටනම් සංජීව එයා අමුතු විදිහ‍ට තමයි හැසිරෙන්නෙ , අපි අහනකොට කියන්නෙ ප්‍රශ්නයක් කියල එ් වුනත් අපිට ඒව කියන්නෙ නෑ, ඇයි සංජීව එහෙම අහන්නෙ ඔයා මොනව හරි දෙයක් හොයා ගත්තද?”

” නෑ මිස් තාම මට මේ ඩොකියුමන්ට්ස් බලලා හරියටම ඩිසයිඩ් කරන්න බෑ කවුද කියල:”

උ.පො පරීක්ෂකවරයා සිලුම ලේඛන හොඳින් බලා අවසන් කලේ කට ක‍ොනකට මඳ සිනහවක් පාමිණි.

” හරි මිසිස් සමරනායක මම ඔක්කොම චෙක් කරා , මේ කබඩ් එකේ යතුර ඔයා ළඟම තියා ගන්න  .එහෙනම් අපි යමු දැන්”

ඔවුන් එම නිවසින් පිටත් වන විට සවස හයයි තිහ පසු වී තිබුණි.

” මාලක මම ඔයාව හන්දියෙන්  ඩ්‍රොප් කරන්නම් . ඔයා පොලිස් ස්ටේෂන් එකට යන්න ,ගිහින් සර්ට විස්තරේ කියන්න හරිද”

ඔහු එසේ පවසා කොස්තාපල්වරයාව මගින් බස්වා සමරනායක මහත්මාගේ බිරිඳත් ඇයග‍ේ නිවස වෙත ගමන් කලාය.

නිවසට ළඟා වන විට රාත්‍රී නවය පසු වී තිබුනි

” සංජීව ඔයා අද මෙහේ නවතින්න දැන් රෑ වෙලනෙ මේ වෙලාවෙ යන එකත් හොද මදි නේද?”

” ඒක ප්‍රශ්නයක් නෑ මිස්, කාර් එකේනෙ යන්නෙ”

“මහත්තයා යන්න එපා මම කියන දේ අහල අද රෑ මෙහෙ ඉන්න .දැන් මේ වෙන දේවල් වල හැටියට මම කිව්වෙ, උදෙන්ම යන්න පුළුවන්නෙ” ඇයගේ මව පවසන්නට විය.

” මිස්ලට කරදරයක් නැත්ද?”

උ.පො පරීක්ෂකවරයා පැවසුවේය.

” අනේ ඕක මොකක්ද ,ඉන්න මම ඔයාට කාමරයක් ලෑස්ති කරන්නම්”

ඇය එසේ පවසා උ.පො පරීක්ෂකවරයාට එදින රාත්‍රීය ගත කිරීම සඳහා කාමරයක් සූදානම් කලේය.

” සංජීව මෙන්න ඔයාට සරමකුයි ෂර්ට් එකකුයි වොෂ් එකක් දාගන්න ඕනනම්”

ඇය එසේ පවසා උ.පො පරීක්ෂකවරයාට නෑමට ඇති ස්ථානයද පෙන්වීය.

රාත්‍රී ආහාරය ගත් ඔහු ඇඳට ගොඩවදින්නට විය.

 

 

 

? රශ්මික විජේසිංහ?

1 thought on “මාරක අඩවිය| 2.කොටස/ හතරවන දිගහැරුම”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.