Katha Ahura

තරු මන්දාකිණී| හත්වෙනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

3.1/5 - (7 votes)

හත්වෙනි දිගහැරුම

එදා මට සුදු මැණිකේගෙන් මං එයාට කම්මුල් පාරක් ගැහුව එකට සමාව ගන්න බැරි උනා.මොකද එයා මගෙ පේන මානයකටවත් ආවෙ නැති නිසා.එදා මං ගතකලේ පුදුම අසහනයකින්.මට මං ගැනම ඇති උනේ ලොකු කේන්තියක්.මං සැරට එයාට ගැහුවෙ.අත් පාර ඒ ලස්සන මූණෙ හිටලද දන්නෑ..එයත් ඉතින් කරේ හරි වැඩක් යැ.අනේ මන්දා.මෙ පිස්සි මගේ මුලු හිතේම හොල්මන් කරන හැටි.

දවස් දෙක තුනක් ඔහේ ගෙවිලා ගියා.හවසට සුදු මැණිකේට පාඩම් කියලා දෙන්න හිතුවත් එයා ආවෙ නෑ.මං හිතන්නෙ o/l ත් ලග හින්දා එයා පාඩම් කරනව ඇති.ඉස්කෝලෙදි උනත් උගන්නද්දි වෙනද වගේ මගේ දිහා බලංහිටියෙ නෑ.ඉස්කෝලෙ යන්නෙ එන්නෙ මායි එයයි වෙන වෙනම.අපි දෙන්න එකිනෙකාගෙන් ගොඩක් දුරස් වෙනව කියලයි මට හිතුනෙ.ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ සයුරි .එයා මාත් එක්ක කතාවට එනවා ඒ හැම වෙලේම.ඒකත් මන්දාකිණි ට පේන්න.ඉතින් එයා තවත් මාත් එක්ක තරහ වෙන එක විතරයි වෙන්නෙ.මට නම් දැන් මෙහෙ ඉන්න එකත් එපා වෙලා.ආපු මෝඩ කමක් කියලා හිතෙනවා.

වැහි කාලෙත් ආව.මෙහෙට ඉතින් කලාතුරකින් නෙහ් වහින්නෙ.හැබැයි කලාතුරකින් වැස්සත් ඒ වැස්ස දෙනව ආයෙ ඉස්ම යන්නම.එදා මට ඉස්කෝලෙට කුඩේ ගෙනියන්න අමතක වෙලා.උදේම වැස්සෙ නැති නිසා ඒක මට බෑග් එකට දාගන්න අමතක උනා.ඉස්කෝලෙ ඇරෙන්න ඔන්න මෙන්න තියලා දුන්න නේද වැඩේ..ශිට්..ගොරව ගොරව හෙන ගගහා මොරසූරන වැස්ස..අද සයුරි ඇවිල්ලත් නෑ.නැත්තං එයාගෙ කුඩේ යටින්වත් යන්න තිබ්බා.සුදු මැණිකේ නං අහලක වත් නෑ.ඉස්කෝලෙ ඇරිලත් මං staff room එකට වෙලා බලාගෙන හිටියෙ වැස්ස ටිකක් අඩු වෙනකන්.මේ වැස්සෙ සුදු මැණිකේ තනියම යන්නෙ බය නැද්ද මන්දා මේ කෙල්ල.හිත හිත හිටියත් වැස්ස අඩු උනේ නෑ.පොත් ටික එහෙම්මම staff room එකේ තියලා ඉස්කෝලෙන් එලියට බැස්සෙ තෙමි තෙමි හරි වලව්වට යන්නය කියලා.

අකුණු ගහන වෙලේ දුර පාරවල් වලින් යන්නැතිව කෙටි පාරෙන් යන්න කියලා එදා මායි සුදු මැණිකේ යි ගියපු පාරෙ මං ගස් යටින් වගේ දිව්වෙ වලව්වට .එක පාරටම මගේ දිවිල්ල නතර උනේ ටිකක් ඈත ගහක් යට කුඩේ ඉහලන් මං එනකන් ද මංදා බලාගෙන හිටිය සුදු මැණිකේව දැකලා.මට ඇති උනේ පුදුමාකාර ලොකූ සතුටක් .දුවල දුවලා එයා ලගට ගිහින් තුරුලු කරගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා.

එයා මං එනකන් බලා හිටියා.මාත් එයා ලගට දුවලා ගියා.

“ආ…”
එහෙම කියාගෙන මෙයා මගේ දිහාට කුඩේ දික් කරා.ඒ වැඩෙන් උනේ එයාව තෙමෙන්න ගත්ත එක.

“එන්න …අපි දෙන්නම යමු …” මං එහෙම කිව්වෙ ඇත්තටම මේ වැස්සෙ එයත් එක්ක තුරුල් වෙලා යන්න හිත ඇතුලෙ ආසාවක් ආපු නිසා.

“බැහැ…ඔයා යන්න…මං තෙමි තෙමි යන්නම්….” මුරණ්ඩු කමනං තාමත් එහෙමමයි.

“බෑ…ඔයත් එනවනම් එන්න..නැත්තං මටත් බෑ…මං තෙමි තෙමි යන්නං…කොහොමත් තෙමුන එකනෙ…ඔයා යන්න….” මාත් කියලා දැම්මා.ඔච්චර මොකද මාත් එක්ක යන්න අකමැති .

“එහෙනං මටත් එපා..” කියාගෙනම කෙල්ල කුඩේ බිමට අතෑරියා.කුඩේ හුලගට ගහගෙන යන්න කලින් මං පට ගාලා ඒක අල්ලගත්තා.සුදු මැණිකේ තෙමි තෙමිම යනවා.

මං කුඩෙත් අරන් එයා ගාවට දුවලා ගියා.ඒ අතින් ඇදලා කුඩේ යටට ගත්තෙ එයාට හිතන්නවත් ඉඩක් නොතියා.මගෙන් අයින් වෙන්න හැදුවත් මං ඒ අත තද කරලා අල්ලගත්තෙ සමහරවිට එයාට රිදෙනවත් ඇති.ඒත කමක් නෑ.එයාට රිදෙනවට වඩා දස දහස් වාරයක් මගේ හිත රිදෙනවා.ඇයි එයා මාව මෙච්චර ප්‍රතික්ෂේප කරන්නෙ.මං මොන වැරැද්දක් කරාටද.

“ඇයි මට මෙහෙම රිද්දන්නෙ ….සුදු මැණිකේ.මට කියන්න…ඇයි මේ….ඇයි මාත් එක්ක කතා කරන්නැත්තෙ….”
එයා මගේ දිහා බලාගෙන හිටිය මිස කතා කරේ නෑ.

“Sorry…sorry ..extremely sorry ..එදා මං ඒ දේ කිව්වෙ විහිලුවට..ඇත්තට නෙවේ…එයාට වඩා ඔයා ගොඩාක් ලස්සනයි…මට සමාව දෙන්න සුදු මැණිකේ …..” මං කිව්වා.මට ඕනි උනේ කොහොමහරි එයත් එක්ක යාලු වෙන්නයි.

එක පාරටම අපි ඉස්සරහින් ගහකට ලොකූ හෙනයක් වැදුනා මහ ශබ්දෙකින්.සුදු මැණිකේ හයියෙන් කෑගහගෙන මාව තදින් බදාගත්තෙ බයෙන් ගැහි ගැහි.මාත් ආපිට එයාව තදින් බදාගත්තෙ වැස්සෙ සීතලට ඇවිස්සුනු පිරිමි හැගීම් පාලනය කරගන්න බැරිව.ඒ උනුහුමේ කොච්චර වෙලා හිටියද දන්නෑ..ඒ මොහොතෙ ඇත්තටම මට ගොරවන සද්දෙවත් ඇහුන්නැති තරම්.ඒ පපුවෙ ගැස්ම මගේ පපුවට හොදට දැනුනා.

එයාව සිපගන්න මගේ හිත මොර දුන්නත් මොලේ අනතුරු ඇගෙව්වා.එයා තවමත් පුංචි කෙල්ලෙක්.ඉතින් මං ඊලග මොහොතෙ එයාව මගෙන් ඈත් කරා.ඒ ගමන මෙන්න මෙයා මගේ දිහා බලා ඉන්න ගත්තා.ඒ බැල්ම නම් හිත හිරිවැටිලා ගියා ඒ තොල් දැක්කම හිතෙන්නෙම සිපගන්නමයි.

මටත් නොදැනිම මං ඒ දෙතොල් වලට පහත් වෙද්දි ආයෙම ලොකූ අකුනකින් මගෙයි එයාගෙයි දැහැන බිදිලා පියව් සිහියට ආව.කෙල්ල ආයෙම මගෙ පපුවට තුරුලු උනා.

දෙතොල් වෙනුවට මං එයාගෙ කොපුලක් ආදරයෙන් සිප්ගත්තා.එයා ගැස්සිලා ගියත් මං එයාව තවත් තදින් තුරුලු කරගත්තා.ඒ කම්මුල් හරිම සිනිදුයි.

“Sorry මන්දාකිණි .. මට ඔයා සමාව දෙන්නකෝ…ආයෙ ඒ වගේ විහිලු කරන්නෑ…i promise u…plz..” මං කිව්වෙ කෙල්ලගෙ ඔලුව අතගගා.මට එක පාරටම දැනුනෙ මගේ පපුව උණු වෙලා යනවා.මන්දාකිණි ව මගෙන් ඈත් කරලා ඒ මූනට එබුනාමයි මං දැක්කෙ මෙන්න කෙල්ල අඩනවා.ඒ කදුලු ලග මං අසරන උනා.මගේ අත් දෙකෙන්ම ඒ කදුලු පිහිදලා දැම්මෙ ඒ ලස්සන මූනට කදුලු ගැලපෙන්නැති නිසා.

” මට සමාව දෙනවා නේද….??..ම්ම්..” මං ඇහුවා ඒ පාර කෙල්ල හිමින් ඔලුව වැනුවා ඔව් කියන්න වගේ.මට දැනුනෙ ලොකූ සතුටක්.ආයෙම එයාගෙ නලල සිපගත්ත මම එයාව තුරුල් කරගත්තා.එයාව තුරුල් කරගෙනම මන් වලව්වට එන්න ආවෙ මේ මහ වැස්සෙ පාලු පාරක තනියම කෙල්ලෙක් එක්ක හිටියොත් මට මාවම පාලනය කරගන්න බැරිවෙයි කියලා හිතලා.වලව්ව කිට්ටු වෙද්දි එයා මගෙන් ඈත් උනා.අපි වලව්වට යද්දි ආරච්චි ඉන්නවා මග බලාගෙන.

“අයි අයියෝ මහත්තයෝ…තෙමිල නේද…කුඩේ අරං ගිහිල්ල නැද්ද….??”

” කුඩේ අරං යන්න අමතක වෙලා ආරච්චි .හොද වෙලාවට සුදු මැණිකේ හිටියෙ.නැත්තං තෙමි තෙමි තමයි එන්න වෙන්නෙ….” මං හිනා වෙල කිව්වෙ වෙනසක් නොහගවා.ආරච්චි හිනා උනා විතරයි.

“මහත්තයා ගෙට ගොහින් ඇදුම් මාරු කරගන්ට…මං කෑම ලෑස්ති කර්න්නම්.” ආරච්චි කියාගෙනම ගෙට ගියා.සුදු මැණිකේත් මොකුත් නොකියම ගෙට ගොඩ උනා.මට අද මාර සතුටුයි.හොද වෙලාවට මට කුඩේ ගෙනියන්න අමතක උනේ..

කාමරේට ඇවිත් ඇදුම් ගලවද්දි මගේ ඇදුම් ලගින් ආවෙ මන්දාකිණීගෙ සුවද.මං ඒ ඇදුම් ආයෙම නහයට ලං කරගත්තෙ ඒ සුවද අයෙ ආයෙම විදින්න.

**************************

ඔන්න සුදු මැණිකේ යි තරුකයි යාලු උනානේ…හෙට ටිකක් විශේශයි….මොකද තරූට හෙට විශේෂ කෝල් එකක් එනවා…ඒ කෝල් එක මොකද්ද…හෙට වෙන්නෙ මොනාද බලන්න හෙටත් එන්නෝනි..??????

M.A.Rashmi

5 thoughts on “තරු මන්දාකිණී| හත්වෙනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.