Katha Ahura

ලේ | 14 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

14 කොටස

නිශා හෙලන උණුසුම් සුසුම් මගෙ නිරුවත් ගෙලේ හැපෙද්දී මම ඇය කරන දේවල් දිහා බලන් හිටියේ වික්ශිප්ත දෑසින්.

” දිලංක මම මේ ලෝකේ තනිවෙලා…මට කාත් කවුරුවත් නෑ……දිලංක ඔයාට බැයිද මාත් එක්ක සදහටම මෙහෙ නවතින්න.”

නිශා කිව්වේ මම දිහා මත්වුන දෑසින් බලාඉදන්.

“ඒත්………..නිශා……”

” මේ අන්දකාර සීතල රැයවල් කීයක් ගෙවිලා යන්න ඇද්ද……..ඒත් මට කිසිම උනුසුමක් දීගන්න බැරිව ඒ රැයවල් ගෙවිලා ගියා…තවත්නම් මට ඉවසන්න බෑ…….”

කියපු නිශා ඇය ඇදන් හිටපු දුහුල් රෑ ඇදුම කරෙන් පැන්නුවා…..ඇය ඇගේ දෙපා අබියස බිමට වැටුනේ නිශා සම්පූර්නයෙන්ම නිරුවත් කරමින්. මේ වෙනදේවල් වලට මම බයවී සිටියත් මට නිශා දකිද්දී එකවරම සිහියට ආවේ නිරුවත් ග්රීක කාන්තා ප්රතීමාවක්.

” දිලංක ……ඇයි බයවෙලා වගේ බලන් ඉන්නේ………”

මත්වූ හඩින් කියපු නිශා එකපාරටම ලංවුනේ. මගේ ගෙල පෙදෙසටයි. ඉන් පසු නිශා නොනවවාම මගේ ගෙල සිපගෙන සිපගෙන යද්දී මම හිටියේ ඇයට අවනත වෙලා….

ඉන්පසු නිශා මා ඇදගෙන හිටපු කමිසයේ කමිසය ගලවා ඉවත් කර පපුපෙදෙසත් වියරු වැටිලා වගේ සිපගන්න පටන් ගත්තා.ඒත් ඇයට එසේ වැඩිවෙලාවල් එය කිරීමට හැකිවුනේ නෑ…

“ආ……හ්………..”

වේදනාත්මක හඩකින් කෑ ගහපු නිශා මගෙන් ඈත්වුනේ එකපාරටමයි. ඉන්පසු ගිනිගත් දෑසින් බලන් හිටියේ මගේ පපුව පෙදෙසයි.

” ඇයි….ඇයි…නිශා මොකද එකපාරටම වුනේ…….”

මම ඇහුවේ කලබලයෙන්…….

” නෑ…..නෑ….මොකුත් නෑ…..දිලංක මට සමාවෙන්න…..මම ඉක්මන් වුනා….වැඩී….මට තිබ්බේ මේ දේ නොකරන්න….මම ගැන වරදවා හිතන්න එපා….a,m very sorry ”

කියපු ඇය තව වරක් මගේ පපුව පෙදෙස බලලා නිශා කලබලයෙන් මගේ කාමරයෙන් යන්න ගියා.

පහුවදා උදේත් සුපුරුදු විදිහටම මම අවදි වෙද්දී නිශා අතුරුදහන් වෙලා තිබ්බා..දැන් ඒ ගැන මට එච්චරම ගානක් නෑ…….

ඊයේ වුන දේවල් අමතක කරලා මම ආයේ පාරක් නිශා දුන්න නොපෙනෙන ශක්තිය පොතේ වැඩ පටන් ගත්තා.

” පන දීපූ මල නොමල සත්වායාට හරියටම යලිත් අර දේ නොකලොත් ජීවත් වෙන්නේ කරපු දින සිට හරියටම චන්ද්ර මාසයකුත් පැය කීපයකුත් පමනයි…..ඉන් පසූ අර දේ නොකලොත් ඒ සත්වයාට එතනින් එහාට ජීවිතය නැත.”

” හ්වා……හ්………ම්……ම්………”

අර දේ ලිව්වා විතරයි මට එකපාරටම ඇහුනේ අර බිවිසුනු හඩයි. ඒ හඩ මෙවර ඇහුනේ නිශාගේ නිවසේම පහල පොලවෙන් වගේ….

” මේ කෑ ගහන එකා ඉන්නේත් නිශාගේ ගෙදරමද…….”

මට ඒ ගැන හිතෙද්දීම කාමරේ ජනෙලේ එහා පැත්තෙන් හඩක් ආවා….

** ” කීස්……කීස්……ම්ම්…….”

ජනේලේ එහා පැත්තේ ඉදලා මා දිහා බලන් හිටියේ ඊයේ ආපූ අර බලු කික්කීයි…

” කීකී…..උබ ආයෙත් ආවද….”

මම ඒක කියද්දී කික්කී ජනේලේ එල්ලෙමින් හිටගෙන නගුට වැනුවේ හරි සතුටකින්……

” උබට බඩගිනිද……..දැන්නම් මම ලග කන්න දෙයක් නෑ…..තව ටිකකින් වරෙන්…….”

ඒත් එක්කමයි මගේ කාමරේ පැත්තට එන අඩි හඩක් ඇහුනේ…….

මාකස්ව මතක්වෙලා එකපාරටම මම ජනේලය වැහුවේ මොකක්ද මන්දා හේතුවකක් ඔහුට අර බලු කිකිකිය පෙන්වන්න එපා කියලා හිත අනතුරු අගවපු නිසා.

” මහත්තයා මෙන්න මේ කෝපි එක බොන්න….කාත් එක්කද මහත්තයා කතා කර කර හිටියේ….”

කියපු මාකස් ගෙනාපු කෝපි එක මේසේ උඩ තියලා මා දිහාට හැරුනා.

” ආ…..කාත් එක්කවත් නෑ…….”

” මට ඇහුන්නේ…..”

” ආ….මේ ලිය ලියා හිටපු පොතේ තිබ්බ එකක් මම පොඩ්ඩක් කියෙව්වා…ඒක ඇහෙන්න ඇති…..”

” මොකද මේ ජනේලේ වහල තියෙන්නේ…..”

කියමින් මාකස් ජනේලය අරිද්දී මට ඔහුව වලක්වන්න ක්රමයක් තිබ්බේ නෑ…ඒත් විවරවුන ජනේලෙන් මට අර බලු කික්කි පේන්න හිටියේ නැත්තේ හිතට අස්වැසිල්ලක් එක්කරමින්.

” මාකස් මේ ගෙදරට වෙන කවුරුවත් එන්නේ නැද්ද……..”

” ඇයි මහත්තයා…..එහෙම අහන්නේ…”

මාකස් මම දිහා බලා හිටියේ පුදුමෙන්…

“නෑ…..නිකම්….නිශා නෝනට කාත් කවුරුවත් නැද්ද……….”

” නෑ….නෝනට කාත් කවුරුවත් නෑ………”

මාකස් ඒ දේ කිව්වේ ඒ වගේ දේවල් වලට පිලිතුරු දෙන්න අකමැතියි වගෙ ස්වරයෙන්…
ඒ හින්දා මම ඒ ගැන හාර හාර අවුස්සන්න ගියේ නෑ

” අද හරිම දාඩියයි නේ……..මාකස්…..දවල්ට දාඩිය ,රෑට සීතල……”

කියපු මම කමිසය ගලවල ඇද උඩට විසිකෙරුවේ මාකස් ගෙනාපු කෝපි එක බීමේ අදහසින්.

කෝපී එක ගනිද්දීමයි මම දැක්කේ මාකස් ඊයේ නිශා බලන් හිටියා වගේම විලාසයකින් ඇසි පිය නොගහා මගේ පපුව දිහා බලන් ඉන්න හැටී
……………….තවත කොටසකට

ලයික් කමෙන්ට්ස් දාල හැමදාමා මායි මගේ කතාවයි එක්ක ඉන්න ඔක්කොටම ගොඩක් ස්තූතීයි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

2 thoughts on “ලේ | 14 කොටස | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.