Katha Ahura

තරු මන්දාකිණී| හයවැනි දිගහැරුම| නව කතාව | කතා අහුර රචක

2.7/5 - (4 votes)

හයවැනි දිගහැරුම

උදේම නැගිටල බැලින්නම් අදත් තියෙනව පුටුව උඩ shirt එහෙකුයි කලිසමකුයි මැදලා.ඒ කියන්නෙ සුදු මැණිකේ මාත් එක්ක තරහ නැද්ද.ඊයෙට වඩා ආසාවෙන් ඒ ඇදුම ඇදගෙන කෑම මේසෙට ගියේ මන්දාකිණීගෙ සුදු මූණ බලන්න.ඒත් එයා මාව දාල මටත් කලින්ම ඉස්කෝලෙ ගිහින් තිබ්බා.මට ඇතිඋනේ පුදුම දුකක්.එයාව මටම අයිති නැති උනත් ඒ හිත මගේමයි කියලා අමුතු හැගීමකින් මාව වෙලාගෙනයි තියෙන්නෙ.කෑම චුට්ටක් කාලා ආරච්චිටත් වැදලා වලව්වෙන් එලියට ආවෙ හිතේ දුකෙන්.කමක් නෑ.අද ඉස්කෝලෙ ගිහින් හරි කෙල්ලව අල්ලගන්නම්කෝ.හිත හිතම මම ආවෙ ඊයෙ ආපු දුර පාරෙන්.මොකද ඒ පාරෙ මගෙයි මන්දාකිණි ගෙයි මතකයන් තියෙන නිසා.

වෙල මැද්දෙන් එද්දි මං දැක්කෙ ලා රෝස පාට සාරියක් ඇදන් යන සයුරි මිස් ව.මෙයා නිසා තමයි මන්දාකිණි මාත් එක්ක ගෝරි ඇල්ලුවෙ.එයා මාව දැක්කා.හරි ලස්සනට හිනා වෙලා මං එනකන් හිටියෙ එයාගෙ ගමන නවත්තලා.

“Good Morning තරුක.”

“Good Morning සයුරි …”
අපි දෙන්න එකට යන්න ගත්තා.

“ඊයෙ දවස කොහොමද තරුක…හොදයිද…?”

“ම්ම් ..හොදයි…අවුලක් නෑ….” මං එහෙම කිව්වට අවුලක් නැත්තෙමත් නෑ.ඇයි මන්දාකිණි මා එක්ක තරහ උනානෙ ඊයෙ..

“මන්දාකිණී දැන් පාඩම් වැඩ කරනවද….දාංගලේ විතරයිනෙ..තිබ්බෙ.” කටත් අමුතු විදිහට හරව හරව සයුරි කතා කරේ.ඒ කතාවටනම් මට ටිකක් තද උනා.ඕන්නැති ආප්පයක් නෑ මේ කෙල්ලොන්ටත්.

“ඔව්..” මං තනි වචනෙන් කියලා දැම්මෙ දැන් කතා කරා ඇති කියන්න වගේ.

“කොහොමහරි කමක් නෑ තරුක…එයාගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න.කොල්ලො දපනෙ දාගන්න උපන් හපන් කෙල්ලෙක් එයා..මේ ඉස්කෝලෙම කී දෙනෙක් කොල්ලො ඉන්නවද….” ඉස්කෝලෙ ලගටම ඇවිත් අපි.ඒ කිව්ව කිසි දේකට මං මොනවත්ම කිව්වෙ නෑ.මොකද මන් දන්නවා මට තේරෙනවා එයා එහෙම ලමයෙක් නෙවෙයි කියලා.

මං උඩ ගිහින් විසි උනේ මං එනකන්ද කොහෙද ඉස්කෝලෙ අඹ ගහ යටට වෙලා මග බලන් හිටිය මන්දාකිණි ව දැකලා.මාත් එක්කම හරි හරියට එන සයුරි දිහයි මං දිහයි මාරුවෙන් මාරුවට බැලුව එයා මටත් ගස්සගෙනම එයාගෙ පංති කාමරේට ගියා.එයා පස්සෙන් ගිහින් sorry කියන්න හිතුනත් මාව පාලනය කරගත්තෙ වටේ උදවිය මොනා හිතයිද දන්නැති නිසා.

උදේ period ටික ගෙවිලා ගියේ පොඩි ලමයි එක්ක.interval එක වෙලාවෙදි මට ඕනි උනේ මන්දාකිණි ව බලන්න.ඉතින් මං මන්දාකිණි ඉන්න clz room පැත්තට ඇවිදගෙන ගියේ කෙල්ලව බලන්න.ඒ clz එකේ හැම ලමයෙක්ම කෑම කනවා උනත් සුදු මැණිකේ නම් හිටියෙ desk එකට ඔලුව ගහගෙන.එයා කන්නෙ නැද්ද..ඇයි මේ .ඇයි එයා ඔලුව ගහන් ඉන්නෙ.අසනීපයක් වත් ද…හිත හිතම එයා දිහා පංතියෙන් එලියෙ ඉදන් බලන් හිටපු මාව එයාගෙ යාලුවො දෙන්නා දැක්ක.ඒ දැකලා desk එකේ ඔලුව තියන් හිටිය සුදු මැණිකෙට අතින් ඇන්නා.එයා ඔලුව උස්සනවත් එක්කම එයාගෙ යාලුවො ඇස් දෙකෙන් මාව පෙන්නුවා .ඔලුව හරෝලා මගෙ දිහා බැලුව මන්දාකිණි ව දැකල මගේ හිත පිච්චිලා ගියා.ඒ සුදු මූණ රතූ වෙලා.ඇස් වල කදුලු.ඇයි කෙල්ලෙ මේ..ඇයි ඔයා අඩන්නෙ.මං සයුරිත් එක්ක කතාකර කර හිටිය නිසාද මේ රිද්දන්නෙ මට.එයා ලගට ගිහින් ඒ කදුලු පිහිදාන්න උවමනාව තිබ්බත් ඒක මට කරන්න බෑනෙ.ඒකත් මහ කරුමයක්.

සුදු මැණිකේ කන්නැත්තං මටත් කෑම එපා.එහෙම හිතලා මං කෑම එක අයින් කරේ කොහොමත් මට කන්න ප්‍රියක් නැති නිසා.මං මග බලන් හිටියෙ interval එක ඉවර වෙලා දෙවෙනි period එක පටං ගන්නකං.මොකද ඒ period එක උගන්නන්න තිබ්බෙ මන්දාකිණීලගෙ පංතියට.

“Good morning sir”

“Good morning students .sit down”.

මන්දාකිණි හිටියෙ පිටිපස්සෙම පෝලිමේ.මාව හොදට පේන විදිහට පුටුව හදාගෙන පුටුවට හොදට හේත්තු වෙලා අත් දෙක ළමැද හරහට බැදගෙන මගෙ දිහාම බලා හිටියෙ තරහින්.උගන්නන වෙලාවටත් මගේ ඇස් නිතරම වගේ නතර උනේ මන්දාකිණි ලග.තියෙන නපුරුකම විතරක්.උගන්නලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි සයුරි පංතියට ආවෙ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව.මං පංතියෙ උගන්නනවා නේද..ඒකට disturb වෙනවා නේද කියලවත් හිතන්නැතිව.කෙලින්ම ආවෙ මගේ ගුරු මේසෙ ලගට.මට ඉබේම පුටුවෙන් නැගිට්ටුනේ මන්දාකිණි දිහත් මාරුවෙන් මාරුවට බල බල.

“තරුක….මේ …..ඔයා අද ඔන්න හවසට ඉක්මනට දුවන්න ලෑස්ති වෙනවා නෙවේ…හරිද….අද හවස මාත් එක්ක අපේ ගෙදර යමු….පොඩි සංග්‍රහයක් ඔයා වෙනුවෙන් මං හදලා තියෙන්නෙ …හරිද …..” අමුතු හිනාවක් දාලා සයුරි කිව්වෙ ඕනවටත් වඩා හයියෙන්.මං හිතන්නෙ පංතියෙ ලමයි හැමෝටම ඒක ඇහෙන්නැති.මට එක පාරටම බැලුනෙ සුදු මැණිකේ දිහා.ඒ තරු ඇස් වලට කදුලු පිරුනෙ මං බලාගෙන ඉද්දිමයි.මං බලද්දි අහක බලා ගත්තෙ වැටෙන කදුලු අතින් පිහිද පිහිද .සයුරිටත් ඕන්නැති මගුලක් නෑ.එක්කො ඕක ස්ටාෆ් රූම් එකේදි කියන්නෝනි.මෙච්චර මේ ලමයි ඉන්න තැන කියන්නෙ.අනික මං අද හිතන් හිටියෙ හවසට සුදු මැණිකේ ව කොහොමහරි යාලු කරගන්න.මේ වාතෙත් එක්ක ගියොත් මං ඒක කරන්නෙ කොහොමද.දැන් නම් කොහොමත් සුදු මැණිකේ ව යාලු කරගන්න එක අමාරුයි වගේ…සයුරි හිටන් ඉද්දිම මං මොකුත් නොකියා පොත් ටිකත් අරන් එලියට ආවෙ මට උගන්නන්න මානසික තත්වයක් තිබ්බෙ නැති නිසා.අනික මං දැක්කා මන්දාකිණීටත් ඉගෙනගන්න මානසික තත්වයක් තිබ්බෙ නෑ.ඒ නිසා මං යන එක තමා වඩා හොද…

ඉස්කෝලෙ ඇරුනගමන් මන් විගවිගහට ඉස්කෝලෙන් එලියට යන්න ආවෙ සයුරිගෙන් බේරෙන්න.ඒත් මොන .මෙන්න මේකි මගෙ පස්සෙන්ම.හොද වෙලාවට සුදු මැණිකේ පේන්න නෑ.මාව දාලා යන්නැති මේ පාරත්.

“හොරා වගේ යන්න නේද හැදුවෙ…” ඇඹරි ඇඹරි මගෙ ලගට ඇවිත් සයුරි ඇහුවා.

“නෑ…එහෙම නෙවේ…අපිට වෙන දවසක යන්න බැරිද සයුරි මිස්..අද ටිකක් මගෙ ඇගට හරි නෑ වගේ…..” මං බොරුවකුත් නොවෙන ඇත්තකුත් නොවෙන එකක් කියලා දැම්මා.

“බෑ බෑ අයියො…අදම යන්න එන්නෝනි…..ඔය කැක්කුම් ඉවර වේවි අපේ දිහා ආවම…” නැලවි නැලවි කිය කිය මෙන්න මේකි මගෙ අතින් අල්ලගත්තා.අත ගසලා දාන්නත් හදලා ආයෙ එයාගෙ හිත රිදෙයි කියලා හිතිලා මං ඒක හිතින් අයින් කරලා දැම්ම.

අපි ටිකක් ඉස්සරහට ඇවිදන් එද්දි මං දැක්කෙ කෙල්ලො දෙන්නෙක් අපේ දිහාට හයියෙන් දුවගෙන එනවා.ඒ මන්දාකිණීගෙ යාලුවො දෙන්න කියලා අදුනගන්න මට අමාරු උනේ නෑ.එයාලා එන්නෙ කලබලෙන් වගේ..

“හහ් හහ් ..ස් සර්..සර්..මන්දාකිණි …මන්දාකිණි …”

“ඔව් මන්දාකිණි මොකද ???” පපුව ගැහෙන වේගෙ සිය ගුනයකින් වැඩි වෙද්දි මං ඇහුවෙ කලබලෙන්.

“මන්දාකිණී…එයා වැව ලගට ගියා….”

“ඉතින්…එයා වැව ලගට ගියාම මොකෝ..??” සයුරි ඇහුවෙ අමනාපයෙන්.

“එයා කේන්තියෙන් ගියේ සර්….එයා අද පුදුම දුකෙන් හිටියෙ….අපිට බය කෙල්ල වැවට පනීද කියලා….” එක කෙල්ලෙක් එහෙම කිව්වා.මාව නිකන් කැරකැවෙනවා වගේ.අනේ දෙවියනේ .මේ කෙල්ල මොකක් හරි කරදරයක් කර ගනීවිද…මේ ඔක්කොම මගේ වැරදි…මගේ විහිලුව තමයි මෙච්චර දුර දිග ගියේ…ඔයාට මොනාහරි උනොත්…අනේ …එහෙමනම් වෙන්න එපා ..

“ඉතින් වැවට පැන්නත් මොකෝ…එයාට පීනන්න පුලුවන් ඇතිනෙ….” සයුරි කිව්වෙ කිසිම ගානකට නැතිව.මට පුදුම කේන්තියක් ගියේ.ඉස්කෝලෙ ඉගෙනගන්න ලමයෙක් ගැන ගුරුවරයෙක් ඔයිට වඩා හිතන්න ඔනි නේද.

“පීනන්න පුලුවන්ද බැරිද කියලා කව්ද දන්නෙ සයුරි …ඒ කෙල්ලට මොනා හරි වෙලා නං…” එහෙම කියාගෙන මං ඒකිව පාරෙ දාලා දුවලා ගියේ වැව කොහේද කියලවත් දන්නැතිව.මට නිකන් පිස්සු වගේ.
“මෙහෙන් සර්…”

කෙල්ලො දෙන්න පස්සෙන් පිස්සු බල්ලා වගේ දිව්වෙ සුදු මැණිකේ ට මොකද්ද වෙලා තියෙන්නෙ බලන්න.වැව ලගට ගියාට සුදු මැණිකේ පේන්න හිටියෙ නෑ.වැව මැද්දෙ පුංචි ඔරුවක හිටියෙ වැවේ නෙලුම් මල් නෙල නෙල හිටිය මැදි වයසෙ ගෑනු කෙනෙක්.

“සුදු මැණිකේ …සුදු මැණිකේ …..” මං පුලුවන් හයියෙන් කෑගැහුවෙ පලාතම දෙවනත් කරගෙන.

“මන්දාකිණී…මන්දාකිණි …” එයාගෙ යාලුවොත් කෑගගහා එයාව හොයනවා.ඉන්න තැනකින් එලියට එන්න මැණික..මගේ පපුවත් එක්ක රිදෙනවා මාත් එක්ක මේ වගේ සෙල්ලම් කරන්න එපා රත්තරං ..මටත් නොදැනිම මගේ ඇස් වලින් කදුලු පැන්නා.

“තමුසෙලා කොහෙද ඕයි හිටියෙ…සුදු මැණිකේ ව නවත්තගන්න තමුසෙලට බැරි උනාද… ” මං කෙලින්ම කෑගැහුවෙ මන්දාකිණි ගෙ යාලුවො දෙන්නට.

“අපි එපා කිව්ව සර්..ඒත් එයා හරි මුරණ්ඩුයි..අපි කියන කිසිදෙයක් අහන්නෑ…ඒකයි තකහනියෙම සර් ව හොයන් ආවෙ..සර් කියන දෙයක් හරි අහයි නෙ කියලා…”

“අපි මාලි නැන්දගෙන් අහල බලමු… ” එහෙම කිව්වෙ අනිත් යාලුවා.

“මාලි නැන්දේ…මාලි නැන්දේ ….අපේ සුදු මැණිකේව දැක්කද….??” හෙන හයියෙන් ඇහුවෙ වැව මැද මල් කඩ කඩ හිටිය ගෑනු කෙනාගෙන්.

“මේ පැත්තට සුදු මැණිකේ ආවෙ නෑ.” එයත් හයියෙන්ම කිව්වා.එහෙනම් සුදු මැණිකේ වැවට ආවෙ නැත්තං එයා කොහෙද ගියේ . …මං පිස්සුවෙන් වගේ ඔලුව කැසුවෙ මොකුත් හිතාගන්න බැරිව..කමක් නෑ.ඔයා කොහේ හිටියත් මං ඔයාව හොයාගන්නවා සුදු මැණිකේ .ආරච්චි ට මේ පනිවිඩේ දෙන්න වෙනවා.මං හනිකට වලව්ව පැත්තට දිව්වෙ ආරච්චි වත් සුදු මැණිකේ යන එන තැන් ගැන දන්නවා ඇති කියලා හිතලා .

මං වලව්වට යද්දි මෙන්න ඉන්නවා සුදු මැණිකේ uniform එක පිටින්ම වලව්ව ඉස්සරහ කොටසෙ කනුවට හේත්තු වෙලා .මට යක්ෂයා ආවෙස උනා.මං පන දාගෙන මෙයාව හොයද්දි මෙයා ගෙදට්ට වෙලා ෂපාන් එකේ ඉන්නවා.මගේ හිත පිච්චිච්ච තරම දන්නෙ මං විතරයි …කේන්ති වැඩිකමටම මං වෙඩිල්ල වගේ ගියේ සුදු මැණිකේ ලගට.ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන හිටියෙ එයා පුදුමයෙන්.මටත් නොදැනිම මගේ අත ඉස්සුනා.’චටාස්’ ගාල ලොකු කම්මුල් පාරක් මං දුන්නෙ එයාට මාව මෙච්චර බය කරාට.

“තමුසෙට පිස්සුද ඕයි..මං කොච්චර බය උනාද කියලා තමුසෙ දන්නවද….” අත් දෙකෙන්ම කම්මුල අල්ලගෙන කදුලු ගල ගල මගේ දිහා බලන් ඉන්න සුදු මැණිකේ ට කිව්වෙ මං කේන්තියෙන් .එච්චර ලොකු කේන්තියක් මට කොහෙන් ආවද මන්දා.

අඩ අඩම එයා ගේ ඇතුල්ට ගියා.අයියෝ..මං මොකද්ද ඒ කරේ..එයාට රිදෙනවා ඇති..මං මහ පිස්සෙක්නෙ… ශිට්….
මං මටම සාප කරගත්තෙ මං කරපු වැරැද්දෙ බරපතළ කම තේරිලා.පව් කෙල්ල.

*************************

ඔන්න ඔයාලගෙ කුතුහලය අවුස්සන්න කියලා කොටසක් හෙට දාන්න තියාගත්තෙ නෑ.ඔක්කොම දැම්මා.හෙට ටිකක් විශේෂ දවසක්.තරුක මන්දාකිණීගෙ හිත දිනා ගන්නෙ කොහොමද කියලා බලන්න හෙටත් එන්නෝනි..

M.A.Rashmi

5 thoughts on “තරු මන්දාකිණී| හයවැනි දිගහැරුම| නව කතාව | කතා අහුර රචක”

  1. Deepali Jayasuriya

    Ane harima lassanai kathawa….eka digata kiyawan yanna thibbanam kiyala hithenawa…. Ane sayuriwai tharukawai nam yalu karawanna epa… Plzz. .sudu manike paw..

  2. Anee mata iwasillak na me kathawa kiyawala iwara wenakal ikmanin dannako aiyo pissu wage godaaaaaaaaaaaaaak lassanai ……….kiyawala iwarayak wennaththan hodai kiyala hithenawa,,,,,sayuri nam sudu manikenma padamak igena ganna ona………godak lassanai …..

  3. ඔයා කතා ලියන්න පටන් ගත්ත මුල් කාලේ වගේ මේ කතාව ලියලා තියෙන මට එහෙම දැනෙනවා ඒන්මෙන් අඩුපාඩු තියන නිසා.. හරිම ලස්සන සුපිරියට ලියල තියනව හොඳේ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.