Katha Ahura

ලේ | 13 කොටස | හොල්මන් කතා

4.9/5 - (11 votes)

13 කොටස

මට මැවී පෙනුනා මාත් අර තරුණයා වගේම අර කනුවේ යකඩ දම්වැලකින් බැදලා ඉන්න හැටී…

” කරන දේ කරන්න ඉක්මන් වෙලා බෑ….මාකස් කියන්නේ ත් හරි කට්ට කෛරාටික මිනිහෙක්…කරන දෙයක් කරන්න ඕනා හොරෙන්…..අනික වැඩේ වැරදුනොත් නිශා දෙන්න ඉන්න ඉතිරි ලක්ශ පහලොවත් අපතේ…..කරන දෙයක් කරන්න ඕනා අර පොත ලියල ඉවර කරල ලක්ශ තිහම අරගෙන.”

හිතපු මම ආපහු හොරෙන් හොරෙන් එතනින් පිටවෙලා ආවා.

රාත්රිය උදාවෙලා පොඩ්ඩ වෙලාවයි ගියා. නිශා සුපුරුදු වාහනේ නිවසට ආවා…..

” දිලංක ,මෙන්න මම ඔයට ඇදුම් විතරක් නෙමේ ඕනාකරන තව දේවල් ගොඩකුත් අරගෙන ආවා….”

එහෙම කියපු නිශා මට බෑග් වගයක් දුන්නා. මම ඒවා ඇරල බලද්දීයි මම දැක්කේ ඒවා අතර ඇදුම් ,රැවුල කපන රේසර්,පනා,විතරක් නෙමේ සුවදවිලවුනුත් ඒ අතර තිබ්බා…

හරිම මිත්ර ශීලීව හිනහෙන නිශා අරවගේ තරුනයෙක්ව පහල හිරකරන් ඉන්නේ ඇයිද කියලා මට හිතාගන්නත් බැරිවුනා.

” නිශා මේ ගෙදර ඉන්නේ ඔයයි මාකසුයි විතරයිද ”

මම ඇහුවේ ඇය මොනව කියයිද කියලා දැනගන්න.

“ඔව්….ඇයි දිලංක එහෙම අහන්නේ….”

” නෑ….මට එකවෙලාවක මේ ගේ ඇතුලින් ඇහුනා කවුරු හරි පිරිමි කෙනෙක් වේදානාවෙන් කෑ ගහන හැටී…”

මම නිශාගේ ඇස් දිහාම බලාගෙන කිව්වේ ඒක කිව්වම ඒ ඇස් වලට මොකද වෙන්නේ කියලා. මම හිතුවෙ ඒ ඇස් ගැස්සෙයි කිය්ලා . ඒත් එහෙම වුනේ නෑ……ඇය හිනාවුනා..

” දිලංකට හීනයක් පේන්න ඇති දිලංක,,,,,මේ ගෙදර ඉන්නේ මමයි මාකසුයි විතරයි…..”

” එහෙනම් ඒක මමදැකපු හීනයක්ම වෙන්න ඇතී….”

මම බොරුවක් කිව්වේ නිශාට සැක නොසිතෙන්න. කෑ ගහන කෙනාගෙ හඩ විතරක් නෙමේ ,ඒ කෙනා දැකලත් තියෙනවා කියලා නිශා එක්ක කියලා අවදානමක් ගන්න මම කැමති වුනේ නෑ…..

මේ නිවස නිවසේ ඉන්න නිශා ,හා මාකස් මහා ගුප්ත අය කියලා මේ වෙද්දිත් මම වටහගෙන උන්නා……

” කොහොමද මගේ වැඩේ කෙරී ගෙන යනවද….”

නිශා කතාව වෙන පැත්තකට හැරෙව්වා.

” ඔව් ලියාගෙන යනවා…හරිම අමිතු පොතක්…එහෙම දේවල් වෙන්න පුලුවන්ද…..”

” වෙන්නත් පුලුවන් ,නොවෙන්නත් පුලුවන් ,ඒ ගැන හිතන්නේ නැතිව දිලංක පොත ලියාගෙන යන්නකො..”

අමුතුවිදිහට හිනාවෙලා නිශා එතනින් ගියේ මගේ පිටට තට්ටුව්කුත් දාලා………

රාත්රී යෙත් මම අර පොත සටහන් කරන්න පටන් ගත්තේ ඉක්මනට මේ පොත ලියල ඉවර කරගන්න අදහසින්.

” මිනිසුන්ට විතරක් නෙමේ අර අරුම පුදුම ගුපත් ක්රමය කරන්න පුලුවන් ,තිරිසන් සතුන්ටත් මේ දේ කරන්න පුලුවන් වෙයි. එහිදී මියගිය සතාට පණ ගන්නනම් ,පණ තියෙන ඕනෑම ඌගේ කුලයට අයත් තිරිසන් සතෙක්ගෙ හදවතක්ගේ හදවතකින් උවද පුලුවන්. අර විදිහටම පණ තියෙන සතාගේ හදවත් කපාගෙන මිය ගිය සතා ගේ හදවත් තියෙන තැන ඒ හදවත තබා අර ගුරුකම කල යුතුවේ.

ඒත් මෙහිදීත් පන එන්නේ මිය ගිය සතා මල නොමල සතෙක් ලෙසයි. සතා බිවිසුනු සතෙක් විදිහට පරිවර්තනය වෙන අතර ,පන ගන්වපු පුද්ගලයන්ට විතරක් යටත් කරගන්න පුලුවන් වෙයි…….”

පොතේ ඒ කොටස ලියාගෙන ගියා විතරයි මට දැනුනේ දැඩි මුත්රා බරක්.

මුත්රා කරන්න සිතා එලියට යන්න හිතද්දීමයි මට යම්කිසි කසු කුසු හඩක් ඇහුනේ…..

” ඒකී කොහොම පැනල ගිහින්ද මන්දා….මම කැලේ පුරාම ඇවිදලා කිපාරක් හෙවුවද……..”

ඇහුනේ මාකස්ගේ හඩ…..

” කොහොම හරි එකෙක් හොයාගන්න වෙනවා…..තව දවස් දෙකයි………ඌ මැරුනොත් අපිට ආයේ මුල ඉදලා පටන් ගන්න වෙනවා……ඒක හරි අමාරු වැඩක් ,මාකස් උබටම විතරයි ඒක හොයාගන්න වෙන්නෙත් ,මම ලගට සත්තු ලංවෙන්නේ නෑ……….”

නිශා කිව්වා…ඒත් මට කිසිම දෙයක් ඒ වෙලාවේ තෙරුම් ගන්න පුලුවන් මට්ටමක තිබ්බේ නෑ….

” මගේ ඇගට දැන් දැන් පනත් නෑ මාකස්….”

” දැන් දවස් කිට්ටුයිනේ ඒකයි……..”

” අදනම් මොකක් හරි කරන්න වෙනවා…….එතකොටවත් ශක්තිය එයිද කියලා බලමු”

එතනින් එහාට ඒ කසුකුසුව නතර වුනා. ඔවුන කතා කරපු කිසිම දෙයක් මට තේරුනෙ නෑ…

“ඇයි නිශා ලගට සත්තු ලංවෙන්නේ නැත්තේ ”

මට තිබ්බ ප්රශ්නය ඒකා.

** එදා රෑ මාකස් කෝපිකෝප්පය අරගෙන එන වෙලාවත් පහුවෙලා යමින් තිබ්බා.

“සමහර විට මාකස්ට අද අමතක වෙන්න ඇති……”

අදික සීතල එදා දරුනු විදිහටම තිබ්බ නිසා මට ඒ වගේ උනුසුම් පානයක අවශ්ය තාවය හොදටම දැනෙමිනුත් තිබ්බා.

“ටක්……ටක්…..ට…..ක්”

නිදාගන්න මම ඇදේ ඉදගනිද්දීමයි දොරින් ඒ හඩ මතුවුනේ………

“අනිවාර්යෙනම මාකස් කෝපි අරන් ඇවිල්ලා ඇති ”
සිතිවිල්ලෙන් දොර මම ඇරියත් එතන හිටියේ කෝපි කෝප්පයක් අරන් මාක්ස්නම් නෙමේ…..

නිශා……..

මට අදහගන්නත් බැරිවුනා නිශා ඉන්න විදිහ දැක්කම. සුදුපාට දිගු නිදන ඇදුමකින් සැරසිලා හිටපු නිශාගේ සිරුරේ සියුම් කෝමල රේඛා පවා පැහදිලිව මට පෙනුනා. මේ විදිහට ඉන්න නිශා දිහා මම බලාගෙන හිටියේ වික්ශිප්ත දෑසින්.

” දිලංක මම ඇතුලට ආවට කමක් නැද්ද……”

නිශා එහෙම ඇහුවට ,මගේ කැමත්ත අකමැත්තත් නොබලා ඇය මගේ කාමරේ ඇතුලට ආවා.

” දිලංක ,අද රෑ හරිම සීතල රැයක් නේද?”

කියපු නිශා මගේ කාමරේ දොර වහල දැම්මා.

” ඇයි දිලංක ඔයා ඔහොම බයවෙලා වගේ බලන් ඉන්නේ……..මම මෙහෙම ආවට කැමති නැද්ද….”

ලතාවකට වගේ ඇය එහෙම කිව්වේ මම දිහා වශීවෙන හිනාවකුත් එක්ක.

” ඒත් ඒත්……..”

මම වචන තටමද්දී නිශා මගේ අතැගිලි එකෙන් එක මිරිකන්න පටන් ගත්තේ යම් කිසි දෙයකට මට ආරාදනා කරන්න වගේ……………………….තවත් කොටසකට

කතාව කියවල ලයික් කමෙන්ට්ස් දාල මාව දිරිමත් කරන යහලු යෙහෙලියන්ට ගොඩක් ස්තූතීයී.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.