Katha Ahura

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් දෙවෙනි කොටස | නවකතා

3/5 - (1 vote)

තිස් දෙවෙනි කව්ය…

—————————————————————————————————————

වෙව්ලන ඇඟිලි තුඩු වලින් මං හෙමීට දොර ඇරියා…

මුලු කාමරේම අඳුරුයි…

මට කතා කරේ කවුද…??? මට සඳු කියන්නේ අප්පච්චි…

අප්පච්චිගේ මරණෙන් පස්සේ කිසිම කෙනෙක් සඳු කියනවට මං කැමති වුණේ නෑ…

කාමරේ තිබ්බ අඳුරට හුරු වෙන්න මේ ඇස් වලට ටික වෙලවක් ගියා…

මං හෙමින් ඇවිදන් ගිහින් කාමරේ ජනේලේ ඇරියා…

අප්පච්චිගේ ලියන මේසේ කවුරුහරි ඇදලා දාලා වගේ.. නැත්නම් මොනවා හරි හොයලා වගේ… හැබැයි අද ඊයේ වගේ..

හොයන්න දෙයක් කාමරේ තිබ්බෙත් නෑ.. රාක්ක වල තිබ්බ පොත් නම් එහෙම්මම තිබුණා..

ඒත් මේසේ උඩ තිබුණ ෆයිල්ද මොනාද අවුස්සලා තිබ්බා…

මොනවා වුණත් අවුරුදු ගාණක් තිස්සේ අම්මා මේ හැමදේම ආරක්ශා කරලා තියෙනවා..

අම්මා කොයි තරම් නම් අප්පච්චිට ආදරේ කරන්න ඇත්ද…??

කාමරේ එක මුල්ලක තිබ්බේ අප්පච්චි පත්තර වලට ලියපු ආටිකල්..

තවත් රාක්කයක තිබ්බේ අප්පච්චිට ලැබිණ සම්මාන..

ලොකූ අභිමානයක් හිතට දැනෙනවා මේවා දකිද්දි… අප්පච්චි කොයි තරම් නම් වටිනාකමක් අපි වෙනුවෙන් ඉතුරු කරලද…??

මං අප්පච්චිට ලැබිලා තිබුණ සම්මානයක් අතට ගත්තා…

කෙටි ජීවිත කාලයකදි පවා ලොකූ සේවයක් කරපු අප්පච්චි නැති වුණේ මට විතරක් නෙවේ…

ඒත් ඔයා මේ පොලව උඩ ලේ විලක් මැද වැටිලා හිටිය විදිය මතක් වෙලා පලුව කිරී ගැහෙන්න ගත්තා..

ලොකූ අකුණක් හිස් මුදුනට වැදුණා වගේ…

ඔලුව රිදෙන්න ගත්තා..

අතේ තිබ්බ සම්මානයත් අතින් ගිලිහුනේ මටත් නොදැනිම…

ඇස් වලින් කඳුලු බේරෙද්දි මං ඔලුව අල්ලන් බිම වාඩි වුණා…

එක පාරටම මොකක්දෝ බිමට වැටෙන සද්දයක් ආවා…

මං ඔලුව උස්සලා බැලුවා..

බලද්දි රාක්කයෙන් පොතක් බිමට වැටිලා…

මං නැඟිටිලා ගිහින් පොත අතට ගත්තේ රාක්කයෙන් තියන්න..

ඒත් පොත ඇතුළෙන් හතරට නවපු කොළයක් බිමට වැටුණා..

මං ඒ කොළේ දිග ඇරලා බැලුවා මොකක්ද මේ කියලා…

හිරුත්, සඳත් මා සතු ධනයයි…

දිනක ඔබ මෙය කියවනු ඇත.. ඒ දිනයේදි, නුඹට නොපෙනෙන්නට මං නුඹ දිහාම නෙතු දල්වා බලා සිටිමි…

මා හිරුට පෙම් කරද්දි ඇය මා දෝතට හිරු කුමාරයෙක් දුන්නාය.. මා සඳට පෙම් කරද්දි ඇය මා දෝතට සඳ කුමාරියක් ගෙනවිත් දුන්නාය… එහෙයින් මං ඇයට කොතරම් නම් ගරු කළ යුතුද..? නැත.. ඇය මගේ ජීවිතයයි..

ආදරණීය නිලූ… ඔබ සෑමදාම පවසන්නේ මා ඔබේ සුභ දිසාව බවය.. ඇත්තමයි.. නුඹ නොදන්නවා ඇත.. මා ජීවිතය පුරා සුභ දෙයක් ලැබුවේ නම් ඒ ඔබම පමණයි…

හිරුත්, සඳුත් පායනා අහසට වී මා බලා සිටිමි.. හිරු… දිනක ඔබ ලොවම එළිය කරනු ඇත.. නව උදෑසනක් මේ හිතට දී දහසක් නෙතු පුබුදු කරනු ඇත.. සඳු… අඳුරු රාත්‍රිය පුරා දැවෙන සිත් නිවමින් ලොවෙම විඩා නිවනු ඇත..

ඉතින් මේ අප්පච්චිට අන් කවර සතුටක්ද…?

ඔබ දිනන විට ඔබ වළකන්නට බොහෝ දෙනා පැමිනෙනු ඇත.. ඔවුනට අවස්තාවක් වත් දීමට තරම්ත් ඔවුන් ගැන නොසිතන්න.. ශක්තිමත් හිතක් හැමදාමත් ඔබ රකිනු ඇත…

ඔබ දිදුලන අහසේ මම දුරින් හිඳ බලං ඉමි..

අප්පච්චී…
දිසා…

මට හයියෙන් ඉකි ගගහා ඇඬුනා..

අනේ මගේ අප්පච්චි.. මං දන්නවා ඔයා මං දිහා බලන් ඉන්න බව..

දන්නවද මං කොච්චර ආදරේද කියලා..

ලියුම අතේ තියන් මං ගොඩක් වෙලා ඇඬුවා..

සතුටකුත් දැනුණා.. මෙච්චර කල මං හිතපුවා කිසිම දෙයක් බොරු නෙවෙයි…

මං එහෙමම ඇස් පියා ගත්තා..

ගැලපීමක් නැතුව සිතුවිලි මාරම ගොඩක් හිත අස්සේ පෙරෙළෙනවා..

දෙයියනේ.. අර සර්ගේ අප්පච්චිට තර්ජනය කරලා ලියපු ලියුමේ තිබ්බේ මේ අකුරුමද…

එහෙනම්.. ඒක ලිව්වේ අප්පච්චිද..??

මොකක්ද අප්පච්චි මේ ඔයා කියන්න හදන්නේ…

ඒ තිබුනේ අප්පච්චිගේ අකුරු නිසාද අම්මා පිලිගත්තේ ඒකේ තිබුණ අත් අකුරු අම්මගේ කියලා..

නෑ නෑ.. එහෙම වෙන්න බෑ.. අප්පච්චි මිනීමැරුවෙක් නෙවෙයි.. ඒක වෙන්න බෑ…

ආයේම මං මේ ප්‍රශ්න ගොඩේ හිර වුණා…

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්………….

මං එහෙමම ඇස් පියා ගත්තා..

“නංගි… නැගිටිනවා මොනවද මෙහේ කරන්නේ..?? එනවා යන්න..”

සුදු ඇපල් නරියම කාපිය කිව්වලු.. මෙයාත් මෙහේ..

“මට එහා ගෙදර ඇන්ටි කෝල් කරලා කිව්වේ.. මං ටවුන් ගිහින් එන ඩිංගට පැනලා.. උදේ හොස්පිටල් ඉඳන් ගෙදර ආවේ.. දවල් රස්තියාදුව…”

” රස්තියාදුවක් නෙවේ.. මේක අපේ ගෙදරනේ.. මං ආවේ අප්පච්චි මතක් වුණ නිසා..”

බලාපොරොත්තු නොවිච්ච වෙලාවක මං කතා කරපු හින්දා අයියා එක පාරම හොල්මන් වුණා වගේ..

“හරි.. හරි.. නංගි.. මේක අපේ ගෙදර තමයි.. ඒත් ඒ ඉස්සර..හරි දැං අපි යමු..”

අයියා මගේ අතින් අල්ලන් යන්නයි හැදුවේ.. ඒත් මං හෙලෙවුණේ වත් නෑ..

“ඔයා මෙහේ අන්තිමට ආවේ කවදද අයියේ..??”

මං මෙහෙට ආවේ හරියටම අවුරුදු දහයකින්.. ඒත් මේ ගෙට ඇතුලු වෙද්දි මගේ හිතේ තිබ්බ ගැස්සම අයියගේ හිතේ තිබ්බේ නෑ..

මං ඒ ඇස් දිහාම බැලුවා.. හංගනවා මොනවා හරි මගෙන්.. ඒක මට දැනුනා..

“මං අම්මත් එක්කත් ඇවිත් තියේ.. ඔයා හොස්පිටල් ඉද්දිත් මං ආව මෙහේ අප්පච්චිගේ අත් අකුරු හොයන්න..”

එතකොට මං විතරයි මේ ගෙදර ගැන නොදැන හිටියේ.. අම්මගෙන් දවසක් මේ ගෙදර ගැන ඇහුවම මට කිව්වේ මේ ගේ වික්කා කියලා..

හැමෝම සුපුරුදු පරිදි මාව රවට්ටලා.. මගෙන් හංගලා..

හිතේ තිබ්බ දුක තවත් වැඩි වුණා..

අප්පච්චිගේ අත් අකුරු… ඒවනේ හෙව්වේ…

මං මුකුත් නොකියම අප්පච්චිගේ ලියුම එයා අතට දුන්නා…

අයියත් ලියුම මුල ඉඳන් කියෙව්වා..

අප්පච්චිගේ වචනයක් වචනයක් ගානේ කියවද්දි වෙනස් වෙන අයියගේ මූණ දිහා මං බලන් හිටියා..

ලොකු තනිකමක් හිතට දැනෙද්දී මං අයියවත් දාලා සාලෙට ආවා.. බෑග් එකත් අතට අරන් මං ගෙදරින් යන්නයි හැදුවේ..

අයියට නිදහසේ ලියුම කියවන්න දෙන්න ඕනි.. මට ටිකක් තනිවෙන්නත් ඕනි..

ගෙදරින් පිට වෙලා මිදුලට අඩිය තියෙද්දි මං දැක්කේ….

—————————————————————————————————————-

මොනාද මියැසි කෙල්ල දැක්කේ…??

හොඳම තැනින් නැවත්තුවම ඊළඟ කෑල්ල තවත් රසවත් අනේ…

ඔයාලා විනාඩි දෙකෙන් තුනෙන් කියවලා ඉවර කරන්නේ මගේ පැය දෙකක තුනක මහන්සිය… ඒක අවතක්සේරු කරද්දි නම් අවංකවම දුකයි…

ඒත් වස්තුලා එක් කෙනෙක් කියෙව්වත් මේ කෙල්ල කතාව ඉවර කරනවා හිතේ තියෙන විදියටම..

ආදරෙයි වස්තුලා පැලෙන්න…

ඊළඟ කවියෙන් හමුවෙමු..
බුදු සරණයි…!!!

54 thoughts on “තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් දෙවෙනි කොටස | නවකතා”

    1. Sandu 1995 thanamalwila

      RUWII අක්කේ.. කොහොමැයි ඔයැයිට.. හොදින් ඉන්නවැයි…? ඔහෙට වහිනවැයි මේ ටිකේ?

        1. දිල් මැණික .. අයියා මේල් එක වෙනස් කරා කිව්වා.. ඒ නිසා ඔයාට නෙට් හදාගත්තම මේල් එකක් දාන්නම් කිව්වා.. පරිස්සමෙන් ඉන්න කිව්වා..

          1. හැබැයි දිල් මං තරහයි.. මට මේල් එකක් දාලා නෑ.. නපුරි..

          2. Sandu 1995 thanamalwila

            ..දිල් නගා.. මන් 15න් පස්සෙ ගමේ යනෝ.. නුවර එන දවසක් කියන්නම් එතකොට..

  1. කස්ටිය … මගෙ පොඩී පරිස්සමෙන් ගිහින් නිව් සීලන්ඩ් වලටම … පාන්දර 1 වෙද්දි එයා ගිහින්. ඉක්මණට යන්න පුලුවන් උනාලු එයාට. එයා එයාපෝර්ට් එකේ වයි ෆයි එකෙන් ලොග් උන නිසා වැඩි වෙලා ලොග් වෙලා ඉන්න බෑ කිව්වා.. ඒ නිසා ඇප් එකට එන්න තරම් වෙලාවක් නෑ කිව්වා. එයා නෙට් හදාගත්ත ගමන් එන්නම් කිව්වා. කට්ටියටම පරිස්සමෙන් ඉන්න කිව්වා… එයාට තව ටිකකින් pcr test 1 තියෙනවා කිව්වා.. ඇත්තම කිව්වොත් මට මේල් 1 එවලා තිබ්බෙ හවස 6.45ට විතර.. මං දැන් දැක්කෙ.. දැකපු ගමන් ඔයාලට කිව්වෙ.. මගෙ පොඩී පරිස්සමෙන් ඉන්නවා ..

    1. Sandu 1995 thanamalwila

      ..පනිවිඩේ කීවට තැන්ක්ස් සඳ…

      ලොකූ නැතුව පාලුයිනෙ…

      ඔයාට දැන් සනීපයි ද ටිකක් හරී..

      එතකොට ඵ් එකේ අසනීප හැමෝටම ඉක්මනින්ම සුවය ප්‍රාර්ථනා කරනවා..

      නුවරට කිට්ටු අය මාලිගාවෙදි සෙට් වෙන්න එන්න හොදේ… 15 වෙනිදයින් පස්සෙ තමා..

    2. Sandu 1995 thanamalwila

      ..පනිවිඩේ කීවට තැන්ක්ස් සඳ…

      ලොකූ නැතුව පාලුයිනෙ…

      ඔයාට දැන් සනීපයි ද ටිකක් හරී..

      එතකොට ඵ් එකේ අසනීප හැමෝටම ඉක්මනින්ම සුවය ප්‍රාර්ථනා කරනවා..

      නුවරට කිට්ටු අය මාලිගාවෙදි සෙට් වෙන්න එන්න හොදේ… 15 වෙනිදයින් පස්සෙ තමා…

      1. ?සකලබුජං?(Dula2000)

        අනේ නවෝ අක්කි.. මං 15ට කලින් යනවා මාලිගාවේ… exam එකට කලින් යනවා අපි.. 15 වෙද්දි examනේ ඒ හින්දා හට එන්නබැරි වෙයි..??

        1. Sandu 1995 thanamalwila

          Dulooo.. mn puthaata niwadu dunnamane gamee ynnee.. amma ehema enawaa katharagama yanna.. eyala ekkama math yanne 15 thama nuwara.. exam ewara unaama aye dawasak yamu hodee.. hodat padm karala liynna nnngaa..

    3. ?සකලබුජං?(Dula2000)

      අනේ එහෙමද සඳ අක්කි..කරදරයක් නැතුව ලොකු ගියා නම් ඒ ඇති… නෙට් එක හදා ගත්තාම එහෙනම් ඉක්මනටම එයිනේ… ලොකු බුදු සරණයි… පරෙස්සමින් ඉන්න ඔහේ…

      සඳ අක්කි ගොඩක් ස්තුති පණිවිඩේ කිවාට… හැමෝම බලන් හිටියේ ලොකුගෙන් පණිවිඩයක් එනකල්නේ.. ගොඩන් ස්තුති අක්කි… යියට ඉක්මනටම එන්න කියන්නෝ….???

    4. ?රශී ?

      අක්කි අයියා ගිහින්ද….පරිස්සමින් ගියානම් ඒ ඇති අක්කියෝ ….ස්තූතියි ගොඩාරියක් පණිවිඩය කිවාට….විස්තරයක් දැනගන්න බලාගෙන හිටියේ හැමෝම….කොහොම හරි දැනගත්තනේ දැන්….ඇප් එකම පාලුයි අයියා නැතිව. ඉක්මනටම ඇප එකට ඇවිත් යන්න එන්න කියන්න අක්කි…..පරිස්සමින් ඉන්න කියන්න අක්කියෝ බුදු සරණයි අයියට..

      ඔයාට කොහොමද දැන් මගෙ අක්කියෝ …..

  2. ?රශී ?

    මටනම් හිතෙන්නෙ එළියේ ඉන්න ඇත්තේ ලැසි ඇන්ටි කියලා…හයියෝ අප්පා මොනා වෙයිද කියලා හිතන්නනම් බෑ මැණික ඔන්න….ඔක්කොම කණපිටනේ වෙන්නේ….කතාව ලස්සනයි කියලා හැමදාම කියනවනේ ඉතින් ….මාධියෝ පට්ට කතාව නියමයි…..

    සුභ උදෑසනක් වස්තුලා හැමෝටම ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම …..සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම …

  3. Hansini spencer

    Good morning hemotama??? loku aiyath parissamen gihillalu neda…… puluwan welwata app eka paththe enna aiye….. asanipa hemotama ikmantama suwa wenna kiyla prarthana karanwa??? God bless……

      1. Sandu 1995 thanamalwila

        Akke man nawalapitiyee.. eeye kiiwee man…?

        මන් දැන් ඉන්නෙ තණමල්විල අක්කේ.. කතරගම බස් ගේ ලගින්ම යනෝ..?

        1. Hansini spencer

          Ehemda nanga. Mn hithuwe katharagama yanne ape ge lagin kiyla??? ganan ganna epa mage nut loos… mn dil nangagen ahuwe nuwara koheda kiyla….???

          1. Sandu 1995 thanamalwila

            ..හේ මට හිතුන මේකට ආවට පස්සෙ අක්කිට ඔහොම වෙයි කියලා. ??????????

  4. ගුඩ් මෝර්නින්ග් හැමෝටම …

    මගෙ පොඩී පරිස්සමෙන් හොටෙල් එකට ගිහින්. එයාව දවස් 14 නිරෝධායනයට දාලා. ලිමිට් ඩේට තමයි හම්බෙලා තියෙන්නෙ. ඒ නිසා ඇප් එකට එන්න විදිහක් නෑ කිව්වා. එයාලට වෙලාව පැය ගානක් වෙනස්. එයා මේල් කරන වෙලාවට මන් ඔයාලට පණිවිඩෙ දෙන්නම්.. ඇප් එක පාලුවට ගිහින් ගොඩක් කස්ටිය ඇවිත් නෑ.. මටත් සනීප නෑ තාම.. පුලුවන්නම් කස්ටිය ඇවිත් යන්න. නැත්තං පොඩී ආවම එයාට දුක හිතෙයි එයා නැතුව ඇප් 1 පාලුවට ගිහින් කියලා එයා හිතයි.. ඒකයි.

    1. Hansini spencer

      Aiywa nirodayanyata dalada? Api mathak kala kiyanna aiyawa.. sandha oya akkekda nangiyekd kiyla kiyannako ane??? oyatath ikmn suwaya pathanwa…. aiyatath parissamen inna kiyanna….

      1. Sandu 1995 thanamalwila

        …ලොක්කයියව මතක් කලා කියන්න සඳ.. මට මේල් දාන්න නම් වෙන් නැතියො….

    2. ?Sleeping beauty ?

      ලොකු අයියව මතක් කලා කියන්න අක්කී..පරිස්සමට ඉන්න කියන්න..මටත් සනීප නෑ අක්කී..හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරනයි හැමෝටම …???

  5. Sandu 1995 thanamalwila

    සඳටයි බියුටි නංගටයි තව අසනීප හැමෝටමයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා…?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.