Katha Ahura

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් තුන්වෙනි කොටස |නවකතා

4.3/5 - (3 votes)

තිස්තුන් වෙනි කවිය…

——————————————————————————————————————-

මං දැක්කේ ගේ ඉස්සරහ ගේට්ටුව ගාව නවත්තලා තිබ්බ කාර් එකට හේත්තු වෙලා හිටපු සර්ව…

එතකොට අයියා ආවේ මෙයා එක්කද…??

එතකොට මැටි හරක් දෙන්නෙක් වගේ රණ්ඩු වුණේ… මගේ හොර වැඩ අල්ලන්න දෙන්නට එකතු වෙන්න පුලුවන්… කැහැටුල්ලෝ…

දෙන්නටම හිතින් බැන බැන මං ඉස්සරහට ආවා.. මාව දැකලා මේ යකාත් මං ළඟට එනවා කතා කරන්නද මන්දා…

අපොයි.. එදා රෑ හොස්පිටල් එකේ මාව සිපගත්තු හැටි මතක් වෙලා දෙයියනේ.. බුදුනේ කියලා ලජ්ජාව පෙනි පෙනී නොපෙනී ගියා…

මං නොදැක්කා ගාණට යන්නයි හැදුවේ…

“කොහෙද යන්නේ..?? තමුන්ව එක්කන් යන්න තමයි අවේ… ”

“හිතෙන හිතෙන වෙලාවට ඔහොම ගමන් බිමන් නෑ මීට පස්සේ.. තේරුනාද…?”

ඒක කිව්වේ නම් මගේ කම්බුලකට තට්ටුවක් දාලා.. මොකෝ මං බය වෙයිද හල්ක් නෙවෙයි හල්ක්ගේ ආච්චි මෙයාට වැහුනත්….

මෙයා එතකොට මේ තිරික්කලෙන් ඇවිත් තියෙන්නේ මාව එක්කන් යන්නද.. කාට කියන්නද අප්පා…

සර්ගේ මූණේ තිබ්බ කේන්තිය කොහෙද ගිහින් මොකක්දෝ මන්දා මනමාල පෙනුමක් මූණට ඇවිත්.. ඒ ඩිංගට…

එදා සීන් එක මෙයාටත් මතක් වුණාද මන්දා..

සර් මගේ අත ඇදලා අරන් එයගේ තොල් වලින් තියලා මගේ තොල් වලින් තිබ්බා…

මහ දවල් මේ කලු කෙස් ලෙක්චා හැසිරෙන හැටි.. කැතම කැතයි අප්පා..

ලැජ්ජාව හතර වටින් මාව වෙලා ගන්න එද්දි මං සර්ට රවලා මගේ අතත් ඇදලා අරන් අහක බලා ගත්තා…

“නංගී … මේ අකුරු අප්පච්චිගේ නම්.. එතකොට…”

එකපාරට පොලිස් බල්ලෙක් වගේ කඩන් පැනපු අයියා කියාගෙන ආපු දේ නැවැත්තුවේ සර් ඉන්නවා දැකලා…

“ඔව් මිනීමැරුවා අම්මා නෙවෙයි..”

මගේ මූඩ් එක අවුට් ගියේ ශනිකවම.

“ඒ වගේමයි මිනීමැරුවා මගේ අප්පච්චිත් නෙවෙයි..”

“කවුරු කොහොම පිළි ගත්තත් ඒක තමයි ඇත්ත…”

මං ඒක කිව්වේ සර් දිහාම බලා ගෙන..

“තව ඔයාලා මගෙන් මොනවා හංගලා තියෙද කියන්න මං දන්නෙ නෑ.. ඒත් මං දන්නවා මගේ අම්මා අප්පච්චි අපිට ගොඩක් ආදරෙයි කියලා..”

ඒක නම් කිව්වේ ලොකු සහෝදරයට..

“සඳු, මේ අහන්න.. මගේ තාත්තට් ඒ ලියුමෙන් මරණ තර්ජනයක් කරලා තියෙන්නේ..”

“ඇත්තද…?? දේවල් 3ක් කියන්නම් සර්… හොඳට අහ ගන්න.. ”

“එක.. ප්ලීස් මට සඳු කියන්න එපා.. මට සඳු කියන්න පුලුවන් මගේ අප්පච්චිට විතරයි.. දෙක.. මගේ අප්පචිගෙන් විතරද ඔයාගේ තාත්තට මරණ තර්ජන තිබ්බේ… ඒක හොඳට හිතන්න.. තුන.. සර් අපි අතර මොනවා තිබ්බත් නැතත් සර් සර්ගේ තාත්තා වෙනුවෙන් ඉන්න.. මං මගේ අප්පච්චි වෙනුවෙන් ඉන්නවා… ”

හිතේ තිබ්බ ඔක්කොම කේන්තිය සර්ගෙන්මයි පිට වුණේ…

සර් මූණ බර කරන් මුකුත්ම නොකියා යන්න ගියා..

අයියා වුණත් හිතන්නේ නැතුව ඇති මං එහෙම කතා කරයි කියලා..

මං සැර වැඩි වුණාද මන්දා…

ඒත් ඔය දෙගොල්ලොම කරේ මගෙන් දේවල් හංගලා මට රිද්දපු එක විතරයි..

කවුරුවත් නිකමටවත් හිතුවේ නෑ හංගන දේවල් මං පිටින් දැන ගත්තම මට දැනෙන වේදනාව..

අයියා මාවත් අරන් වීල් එකකින් ගෙදර ආවා..

මං එක වචනයක් වත් කතා කරේ නෑ…

අයියා මගින් ගෙනාපු කෑමත් කලා බෙහෙතුත් බීලා නිදා ගත්තා..

මෙහෙම මූසල රාත්‍රීන් නම් කීයක් මං තනියම ගෙවන්න ඇත්ද…??

ඔයා සර්ට ආදරෙයිද මියැසි…??

මගේ හිත ෆුල් රොමෑන්ටික් වෙලා..

ඒවා ගැන හිතන්න වේලාසන වැඩියි තාම… ඔයා ඒක තේරුම් ගන්න හිත… මේ ලැබුන වේදනාව ඇති මුලු ජීවිත කාලෙටම…

******************************

රැය ගෙවිලා ගිහින් අම්මා නැතුව ගෙවෙන තවත් දවසක් උදා වෙලා…

අද අම්මා බලන්න යන්න ඕනි.. ගිහින් අහන්න ඕනි ඇයි අම්මා එහෙම කරේ කියලා..

අයියට කියලා කියලා අම්මව බලන්න මාව එක්කන් යන්න කැමති කර ගත්තේ..

එදා අන්තිමට මං අම්මව දැකපු හැටි මතක් වුණා..

ජීවිත කොච්චර ඉක්මනට වෙනස් වෙනවද අප්පච්චි…

මං අම්මව බලන්න ගියා..

යකඩ කූරු අස්සෙන් අම්මගේ රූපේ ඇදෙද්දි පපුව පලාගෙන කඳුලක් එකතු වෙනවා ඇස් අගට…

ලොකූ මහන්සියකින් බර වෙලා තිබ්බ ඒ මූණේ තුනී හිනාවක් මාව ආදරයෙන් පිලිගත්තා…

යකඩ කූරු අස්සෙන් මං ඒ අත් දෙක අල්ලන් ගොඩක් අඬන්න ඇති..

“අඬන්න එපා දරුවෝ… මං ඉන්නවනේ ඔයාට..??”

“ඇයි අම්මේ බොරුවට අත් අකුරු අම්මගේ කිව්වේ…”

අම්මා හිනා වුණා..

“දරුවෝ.. මගේ මහත්තයා ගොඩක් හොඳ කෙනෙක්.. කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි… මේ රටේම මිනිස්සුන්ගේ ගෛරවය මැදින් අවසන් ගමන් ගියපු මගේ මහත්තයා මිනීමැරුවෙක් විදියට වරදකාරයෙක් වෙනවා මට දරා ගන්න බෑ සඳු..”

ඇත්ත… අම්මා කියන හැමදේම ඇත්ත.. මං එළියට ආවේ ඊළඟ නඩු වාරෙදි අම්මව කොහොම හරි නිදහස් කර ගන්නවා කියලා හිතා ගෙන..

හිතේ බර අඩු වුණේ නෑ.. වැඩි වුණා තව තවත්.. අපි ලෝයර් අන්කල් හම්බෙලා හැමදේම කිව්වා…

හෙට ඊළඟ නඩු දවස…

මේ නඩුව ගැන ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන මං වචනයක්වත් අයියා එක්කවත් කතා කරේ නෑ…

ඒ තරමට මේ හිත බිඳිලා….

සර් ඔයත් වැරදි නැතුව ඇති.. මං අප්පච්චි එක්ක අවුරුදු 10 ක් ජීවත් වුණා..

ඔයා ඔයාගේ තාත්තව දැකලත් නෑ..

දෛවය හරි පුදුමයි..

දවසක හැමදේම විසදේවි.. ඔයා හිතනවා වගේම සංදේශ් සර්….

ඒක විතරයි අනාගතේ ගැන් තියෙන එකම සුභ බලාපොරොත්තුව….

අප්පච්චි ඔයා ඉන්නවා නේද ළඟින්ම…

අප්පච්චි… මට දැං තේරෙනවා ඇයි ඔයාට මව සඳක් වුණේ කියලා..

ලොකූ සුසුමකින් හිතේ බර සැහැල්ලු වුණා…..

——————————————————————————————————————-

නඩුවේ මොකද වෙන්නේ…??????

ආදරෙයි පැලෙන්න…. වස්තුලා…

බඩ්ඩක් කියන්න තියෙනවා වස්තුලා… මගේ ආදරණීය ඩොක්ටර් අක්කා ආදරයක පැටලිලා.. ඉතින් දෙන්නම ඩොක්ටර්ලා නිසා වැඩේ බරලතලයි.. ඉක්මනටම යුග දිවියට පත් වෙලා අහිංසක රෝගී ජීවිත සුවපත් කරන්න… දෙන්නටම ගොඩාරියක් සෙනෙහසින් සුභ පතනවා… අද කතාව ඔයාලට…

ඊළඟ කවියෙන් හමුවෙමු..
බුදු සරණයි…!!

105 thoughts on “තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් තුන්වෙනි කොටස |නවකතා”

    1. Hansiniii spencerrr

      Congratulations pihu nanga??? aiyoo mn phone eka dihama balan idala notification apu gaman ready,goo kiyla duwagena dueagena awa e unta log wenna bari unane??? aya account ekk hadan eddi oya awillane sudoo….mn pau ne???

  1. Sandu 1995 thanamalwila

    Aiyoo.. net work error ekak awith matath log wenna bari uaa.. දැන් ටිකකට කලින් හරි ගියේ… ඔයාලට ඒම උනේ නැද්ද අෆ්ෆා…?????

  2. Sandu 1995 thanamalwila

    ..හුරේ… මේ කොටස් 33 න් ම මගෙ අනුමානයක් මේ හරි ගියාමයි මාදි කෙල්ලේ..

    ඒකට තැන්කූ.. ඔයාගෙ කතාව කවදත් වගේ එලකිරි නංගා.. කිසි අඩුවක් පාඩුවක් නෑ.. ආ දිග මදි මට නම් ඒත්.. ඒක මට පාඩුයි..

    ඔයාගෙ ඩොක්ටර් අක්කිටයි ඩොක්ටර් අයියටයි සුබ මංගල්‍යය ක් ම ප්‍රාර්ථනා කරනවා හොදේ නංගා.. ආ තව ඩබලට ඩොක්ටර් බබාලම බැබේවා කියලත් එක සිතින් පතනවා…

  3. Mn 95 hansinii.. onna oyala qwa dewal man podita qwa . Eyalata paya 7 wenas meheta wadaa e nisaa eyaata ude weddi apita ra apita ude weddi eyata dawal apita dawal wddi eyata ra.. mata nm dan gm gn pawa tapalilaa inne.. e nisaa oyalata paniwida kiyanna parakku unoth tharahaa nam wenna epoo… ee samawa hemin saree bajanekata danna.. ????

    1. ලොකු අයියව මතක් කලා කියන්න අක්කි….?
      .
      .
      .
      සඳ අක්කි ඔයාට කොහොමද … තාම අඩු නැද්ද අක්කි…

    2. Fire ball ? බූබූ

      උක්කුං අයිය පරිස්සමෙන් ගියානේ..?
      පරිස්සමෙන් ඉන්න.හොඳට වැඩ ටික කරගන්න…
      දැන් නම් නිදි ඇති නේද ??
      අයිය ඇප් එකට එන වෙලාවට මං නැතුව ඇති නේද ?
      අපිට හවස 3 කියන්නේ එහේට රෑ 10ට විතර ඇතිනේ…
      අයිය ඉන්නෙ ඕක්ලන්ඩ් ද ,නැත්තං වෙලිංටන් ද ?සඳ ? ???

      1. Fire ball ? බූබූ

        නිව්සීලන්ඩ් නේද ඉන්නේ..??
        එහේ නම් අර නගර 2 න් කොයි පැත්තට ලඟද ඉන්නෙ…??

    3. මදූ_දිල්ශා

      ලොකූ පරිස්සමෙන් ගිය ආරන්චියම ඇති සතුටු වෙන්න.මන් ලොකූව මතක් කරා කියන්න සඳ…පරිස්සමෙන් ඉන්න කියන්න

      1. Fire ball ? බූබූ

        ඇයි මමත් මතක් කලා කියන්න…
        ආ……. නෑ ,මතක් කරන්න ඕනේ නෑ ,ඉබේම මතක් වෙනෝ හැමවෙලේම……. පුලුවන් ඉක්මනට ඇප් එකට එන්න කියන්න….

  4. Fire ball ? බූබූ

    කෝ අද දුලා,දිල්,ආයූ,රශී,දිසා,මදූ අක්කල නෑනේ ….?
    බියුටි අක්කේ ඉක්මනට සනීප වෙන්න ….
    සඳ අක්කේ ඉක්මනට සනීප වෙන්න ….

    කෝ මේ කොලු පරාන ටික,නාන්න ගිහින් පිරානා මාලුවන්ටවත් අහුවුනාද…????
    සංජු,සහන්,දිල්ශාන් වෙයාර් ආ යූ,අන්ඩර්වෙයාර් හොයන්නවත් ගියාදෝ…..???????????

    මං යනවා
    බායියියියියියියියි ???

    1. Fire ball ? බූබූ

      නුවර යන කස්ටිය මටත් එක්ක මාලිගාවට ගොහින් වදින්න හොඳේ…….???

      1. Sandu 1995 thanamalwila

        ..හාකො හාකො… මේ ඇප් එකේ දගයො ඔක්කොටමයි මන් මේ කියන්නේ.. ඔයාල ස්කූල් නිවාඩු මාසෙ මාලිගාවෙ යනවන්ම් මාව කලින් දැනුවත් කරන්න හොදේ..මන් එනෝ අනිවාරෙන් නුවර හිටියොත්..

        1. Fire ball ? බූබූ

          අපි නම් නුවර එන්නෙ නෑ ,කලින් නම් 4 සැරයක් ඇවිල්ලා තියේ ….
          තාත්තට නිවාඩු තියෙද්දි අපිට පන්ති ,අපිට නිවාඩු තියෙද්දි තාත්ත වැඩ…….??? ඉතින් ,එන්න වෙන්නෙ නෑ ,කොහෙටවත්…

    2. Fire ball ? බූබූ

      ආ….. මම ඉන්නෙ නැඳුන්ගමුවෙ…
      නුවර කස්ටිය අනිවාර්යයෙන් ම දැනගන්න ඕනෙ ,ඒ කොහෙද කියලා ….
      දන්න කස්ටිය කියන්න ඒකට හේතුව …

        1. Fire ball ? බූබූ

          නෑ ,මහනුවර පෙරහැරේ කරඬුව ගෙනියන ඇතා අපේ පැත්තේ ඉන්නෙ,මං නැඳුන්ගමුවෙ …?
          අපි යද්දි ඇත් රාජා ගෙ ගෙදර පාස් කරන් යන්නෙ….

          1. Sandu 1995 thanamalwila

            .bubuwa boru ehema kiyan nAa hodee.. guti denne.. ?exam ewara unaama ennako ehenam..?oyaa ithin ape bubuwane..?

    3. Fire ball ? බූබූ

      මං කියලා තියෙන්නේ ,ඇප් එකට ගොඩක් වෙලාවට එන අයගෙ නම් විතරයි ???
      උඩ මැසේජ් එකේ…..

      1. ?සකලබුජං?(Dula2000)

        ඔන්න ගිනියෝ… මං ආවා… ඔයාටවිතරයිපැට්ටෝ මාව මතක්වෙලා තීන්නේ…??

        1. Fire ball ? බූබූ

          ???
          කෝමැයි ඉතින් සකලේ ….
          හොඳින් ඉන්නවානේ,මං නම් හොඳින් ඉන්නවෝ….. ?

    1. Sandu 1995 thanamalwila

      ..මාත් හොදින් ඉන්නෝ..
      ඔයැයි මොකෝ කරන්නෙ.. කෑවෙයි?
      අපේ දුර නෑයො ඉන්නවා මාතර අක්කී … එයැයිලා කතා කරන්නෙ මේම..?

    1. ?සකලබුජං?(Dula2000)

      කොයි අනේ මේකේ කට්ටිය… හරිම පාළුයි… සොහොනක්
      වගේනේ…

      කවුරුත් නැද්දෝ….

      1. ?සකලබුජං?(Dula2000)

        කතා අහුර ඇප් එක අද පාළු වෙලා…
        අසනීපෙන් ඉන්නව දැයි නොදනිමි මෙමා…
        ඉක්මනින් ම හැමෝම එන්නට ඕනා…
        සැම⁣දෙනාට දෙවි පිහිටයි මම පතනා…

        1. Sandu 1995 thanamalwila

          ..ඔබ එනවිට මා නෑ..
          මා එනවිට ඔබ නෑ…
          එකම මාවතේ දෙපසට යනවා වත් දෝ
          අපි දෙදෙනා..
          හමු වේ වී යලි හැරී එන දිනේ මංසලකදි හෝ අපි දෙදෙනා..

          1. Fire ball ? බූබූ

            උබල ඉන්නකොට බූරු බූබූ නෑ………
            බූරු බූබූ ඉන්නකොට උබල නෑ……….
            එකම රටේ දෙතැනකදෝ අප….
            ඔව්,උබල කොහෙවත් මාත් කොහෙවත් ……
            ???????

  5. මදූ_දිල්ශා

    සමහර මිනිස්සු කොයිතරම් නම් බඬගින්නෙ ඉන්නවද කියනවනම් එයාලා අනික් මිනිස්සුන්ගෙ සතුටත් කාලා දානව?

    සෝ සෑඩ්?

    කස්ටිය කෝමද ??????

    1. Fire ball ? බූබූ

      කෝමද මදූ කුමාරියේ……?
      කවුද අනේ සතුට ආහාරයට ගත්ත ඒ අභූත ජීවියා …..???

      1. මදූ_දිල්ශා

        පිටසක්වල ජීවියෙක් ගිනී?? එන්න අපි එයාට සීනි දාලා වෙඩි තියමු?

          1. මදූ_දිල්ශා

            අර අතන ඉන්නෝ…පේනවද ගිනී??? හරියටම ඔලුවටම තියන්න ඕනී ..එතකොට තමා කූබි ටික ඔලුවෙ ඉදන් කන්නෙ??

          2. Fire ball ? බූබූ

            ඔව් …
            ආ…. අර ඉන්නෙ …
            වර මෙහෙට බියසුල්ලා….
            මගේ ගිනි බටයෙන් පැනි රස වෙඩිල්ලක් වද්දා ගැනීමට ?

  6. Fire ball ? බූබූ

    ඇප් එක දැන් පාලුයි ….
    කවුරුත් එන්නෙ නැතුව මකුළු දැලුත් බැඳිල වහලේ……
    වර මෙහෙට මේ පාලු බව නැති කෙරුමට….???

    1. Fire ball ? බූබූ

      මං ගියා ….
      එන කෙනෙක් මේ මකුළු දැල් කඩල යන්න ,හරි පාලුයි ….??
      මදූ අක්කේ ගුඩ් නයිට් ??

  7. මදූ_දිල්ශා

    ඔබ,
    ඔබව අවතක්සේරු කිරීම හෝ…
    අධිතක්සේරු නොකරන්න…

    ගුඩ් මෝනින් හැමෝටම??????????????????? සතුටින් හිනා වෙලා ඉන්න ??????

  8. ? නවෝද්‍යා දිසානායක ?

    සුභ උදෑසනක් වේවා හැමෝටම..ඇප් එක පාළුවට ගිහින් නේද…..?ඔන්න මටත් එන්න වෙන්නෑ මේ ටිකේම….පුළු පුළුවන් වෙලාවට එන්නම්..මදූ අක්කගෙයි දූගෙයි යුද්දෙට පස්සෙ මට මහා යුද්ධය පටන් ගන්නවා…….
    උසස් පෙළ විභාගය නේ මට…..අහෝ දුකක් පාඩම් කර මෙලෝ හසරක් මතකත් නෑ දැං….මගෙ දග පවුලේ අය පරිස්සමින් සතුටින් ඉන්න හොදේ… අසනීපෙන් ඉන්න හැමෝම සනීප වෙන්න…. ලොකු අයියා පරිස්සමින් ඉන්න වැඩ ටික කරගෙන…..මදූ අක්කා,දිල් අක්කා, සද අක්කා, සදූ අක්කා, හැලයා, සහන්,අමේශා,ස්ලීපි අක්කා,දුලා අක්කා,රිශී අක්කා,සමාධි අක්කා,පීහු අක්කා,අමා අක්කා ඇතුළු නම් නොකී හැමෝමටම එහෙනම් මං ගියා…. නම් කිව්වෙ නෑ කියලා තරහා වෙන්න එපා….. බුදු සරණයි හැමෝටම…..????????????????????????

    1. ? නවෝද්‍යා දිසානායක ?

      ආ….කතාව ගැන නොකියා හිටියොත් හරි නෑනෙ…..කතාව නම් සුපිරි….මොනා නැතත් අන්තිමට යහපතක් වේ කියා දන්නවා සදූටයි සර්ටයි ….මාධි අක්කිගෙ කතාව ගැන කිව්වොත් අති සුපිරි…..?????????????

    2. මදූ_දිල්ශා

      ඉවරයි කිව්වට …ඉවරම නෑ…තව තියෙනවා??? පොඩී නිවාඩුවක් විතරයි ලැබෙන්නෙ…සීදේවියෝ හැමදාම උදේට ගොටුකොල හතරක් පහක් නිකන් කටේ දාන් හපලා කන්න.මතක ශක්තියට හුගක් හොදයි.ඉගෙන ගන්න අපේ පැන්චි පැන්චියො ඔක්කොටමත් එක්ක කීවේ

      1. Sandu 1995 thanamalwila

        Bye siideewiyo.. exam ekata yana dawase udeema thiyana wishaye satahan potha nikamata kiyawala ynna..aniwaa prashna kiipekata uththara mathak wei nangaa.. bs…hodata liyanna lAbeewa..!

  9. මදූ_දිල්ශා

    අහෝ දුකකි…ඉරකි..තිතකි..මල් වැලකි??????
    කොහොමට තිබ්බ තැනක්ද මේක ?
    ?️?️?️?️?️?️එන්න මකුලුදැල් කඩන්න..කොස්සක් අරන් එන්න අතුගාන්න? එන හැමෝටම මන් ගානේ????????????

    1. Hansiniii spencerrr

      Koo dan madu akka mn methana pana dagena as karanawa. Hemotma enna kiyla makunudal kadanna oya ice gahnwa neda???ena hemoma “‘paawahan galawa athulu wanna'”?

  10. මදූ_දිල්ශා

    මන් ගියා කට්ටියට දවල්ට කන්න දෙන්න උයන්න…හසී(කෙටි කරා.නම දිග වැඩී)? ඔයාට හුගක් මහන්සි ඇති නේද පැටියො අස් කරලා ආ මේක කන්නකො??? ඉතුරු ටික ම්න් අතු ගාල මොබ් කරන්නම්.

  11. මදූ_දිල්ශා

    මේ අනික් ලමයි නම් සරීර හොරු අස් කරන්න වෙනාට මාරු වෙලා.හසී විතරයි ගුඩ් ගර්ල් කෙනෙක්ට ඉන්නෙ

    1. Sandu 1995 thanamalwila

      Mee math awa akkiyo.. hodee.. mn awe nam wada balanna. As karala ewarad lamayi?

      ?

      ආ මේ මෙතන මකුලුදැල් දෙකයි..

      මේ මේ..
      කොහෙද මදූ අක්ක බලන්නෙ..

      උඩ නෙවෙ බිම බලන්න.. වැටුන මකුලු දැල් දෙකයි..

      ආ.. අර අතන උඩ.. දැදුරු මල්.

      මේ දොර ලග දෑලු මල්..

      මොනා කරනවද මන්ද මේ ලමයි..

      හොරට ඉන්නව අයිස් ගහ ගහ..නෑ කකා..?

      දෙන් නෑ අද කාටවත් පඩි. මන් කියන්නම්කො උක්කුං අයියාට කේලම.

      ?????

      1. මදූ_දිල්ශා

        මේකි යකෝ? අපි අස්කරා මදිලු..?
        ඕ..ඕ…ඉන්නකෝ උක්කුන් පුතා එනකම් එයාට පෙනෙයිනෙ මෙතන මහන්සි වෙලා වැඩ කරේ කවුද කියලා ??

    1. Sandu 1995 thanamalwila

      ඔහ්…රුවී අක්කී ට ඉන්නෙ කිබුල්ලො අයියල දෙන්නෙක් කියලා මන් හූනා කීව වගේ කියන්නම්…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.