Katha Ahura

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස්වෙනි කොටස | නවකතා

5/5 - (1 vote)

තිස් වෙනි කවිය..

——————————————————————————————————————

මොක්කද අප්පා මේ හීනේ තේරුම… මටත් හිතා ගන්න බෑ…

බෙල්ලට අත තියලා බැලුවා.. හොඳටම දාඩිය දාලා.. හීනෙන් මෙච්චර බය වෙන හීනයක් මේ ළඟදි දැක්කමයි…

අප්පච්චි, ඔයා ඉන්නවනේ මං ළඟම… මං දිහා බලන්..

මොනවා වුණත් අපි කොච්චර සතුටින් හිටියාද… අප්පච්චි, ඔයාගේ උණුසුම, අම්මගේ හිනාව අච්චරට මෙච්චරයි කියන්න බැරි තරම් සතුටක් අපිට ගෙනාව..

අපේ සතුටින් තිබ්බ ගෙදර, අප්පච්චිගේ මළ ගම තියන්න වුණාම අපිට ඒ ගෙදර මළ ගෙදරක්ම වුණා…

මං හෙමීට ඇඳෙන් බැහැලා අම්මගේ කාමරේට ගියා…

මේ මියැසියගේ කාමරේ වගේ නම් නෙවෙයි.. හරිම පිළිවෙලයි..

තාමත් අම්මගේ සුවඳ කාමරේ පුරාම තියනවා..

ඔයා ගොඩක් දුකින් ඇත්තේ අම්මේ.. කොහොමද ඔහොම හිර ගෙදර ඉන්නේ…

ඇස් වලට කඳුලු බිංදු එකතු වෙන්න ලොකු වෙලාවක් ගියේ නෑ… හිත පුරාම තියෙන්නේ දුක… සතුටින් ඉන්නවා වගේ මං මගේ හිතම රවට්ට ගන්නවා..

ආදරෙයි අම්මේ ගොඩක්…

මං පුලුවන් ඉක්මනට ඔයාව එළියට ගන්නවා.. ඔයා මොනදේ උසාවියේ පිළිගත්තත් මේ හිත ඉස්සරහ ඔයා වරදක් කරලා නෑ…

මං කාමරේ පුරාම ඇස් යවලා හෙව්වේ එදා අම්මා ගාව තිබ්බ අප්පච්චිගේ ෆොටෝ එක…

ඇඳ ගාවත් නෑ.. මේසෙත් නෑ.. අල්මාරියේ බලමු….

මව්තුමියගේ අල්මාරිය ඔක්කෝටම වඩා පිළිවෙලයි… අපේ පුංචි කාලේ ඇදුම් පවා පිළිවෙලකට අරන් තියන් තියලා තියේ.. දැක්කම ආස හිතෙනවා..

ලාච්චුවක තියලා මට අප්පච්චිගේ ෆොටෝ එක හම්බුනා.. ලස්සන හිනාවකින් මූණ පුරව ගත්තු අප්පච්චි මං දිහා බලන් ඉන්නවා…

අප්පච්චිගේ ෆොටෝ එක ළඟම අපේ පරණ ගෙදර යතුර තිබ්බා…

මට හදිස්සියේම අදහසක් ආවා අපේ පරණ ගෙදරට යන්න… ජීවිතේ මං සතුට වින්ද තැන…

අප්පච්චිගේ තුන් මාසේ දානෙන් පස්සේ මං ඒ ගෙදරටම ගියේම නෑ.. තවත් සරලව කිව්වොත් අම්මා යන්න දුන්නේ නෑ…

මටත් ආයේ එහෙට යන්න හිතුණෙම නෑ.. ජීවිතයේ සතුටුම මතක රැඳිලා තියෙන තැනක, දරා ගන්න අමාරුම අඳුරු මතකත් ගොඩ ගැහෙද්දි කොහොමද මං ගෙදරට ආයේ යන්නේ..?

එහෙම හිතපු මගේ හිත වෙනස් වෙලා..

ඔව් අප්පච්චි….. ඒ අඳුරු, බිහිසුනු රාත්‍රියට බෑ ඔයාගේ සඳුගේ හිත තවත් බය කරන්න…

ඔයාගේ සඳු කෙල්ල දැං ගොඩක් ලොකුයිනේ.. එයා බය නෑ…

අප්පච්චිගේ ලස්සන මූණ දිහා බලන් මං හිතුවා…

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ගත්තු වගේම අප්පච්චිගේ ෆොටෝ එක එතනින්ම තියලා යතුරු කැරැල්ල අරන් ඩෙනිමේ සාක්කුවට දාගත්තා…

අල්මාරියත් වහලා පර්ස් එකත් අරන් එළියට බැස්සේ ලොකු සහෝදරයා මෙතනට ගොඩ බහින්න කලින් මං නොගියොත් මෙයා මට යන්න දෙන්න නැති නිසා..

අම්මත් නැති වෙලාවේ මං එහේ යන්න ඕනි කිව්වොත් මට තහනම් නියෝග පනවලා මාව නිවාස අඩස්සියේ තියයි..

මට වෙච්ච වින්නැහි වල හැටියට බස් වල යන්න නම් බෑ..

අයේ දඩෝං බිඩිං ඩෝං ගෑවොත් අර කලු කෙස් ලෙක්චවත් නෑ අල්ල ගන්න…

දැනුයි මතක් වුණේ.. ගෙදර ආවට පස්සේ කෝල් එකක් වත් දුන්නේ නෑ මෙයා..

හල්ක් නෙවෙයි ඊරි යකා ආවේශ වුණත් මේ මියැසි කෙලි පොඩ්ඩි බය වෙනවද..??? නෑනේ.. නෑනේ……..

ඉස්සරහට ආපු වීල් එකට අත දාලා නැග්ගා…

අරලිය මාවතට…

යකෝ ඔන්න මියැසියෝ අයියා.. මං වීල් එක ඇතුළේ ඔලුව නවන් හැංගුණා..

පෙර වාසනාවකට ලොකු සහෝදරයා මාව දැක්කෙ නෑ.. එයාට ඉතින් එයාගේ දඬු මොණරට නැග්ගම අනිත් වාහන පේන්නෙම නෑනේ…

ටික ටික අරලිය මාවත දිගේ යද්දි පපුව හයියෙන් ගැහෙන්න ගත්තා…

ගෙදරට තව යන්න තිබ්බත් මං මගින් බැස්සා…

මට ඕනි වුණේ හිත ටිකක් නිවන් ගෙදරට යන්න… සැලෙන සිතින් මට බැරි වෙයි ගෙදරට ඇතුලු වෙන්න වත්…

අප්පච්චිගේ බයික් එකේ එල්ලිලා රණ්ඩු වෙවි අයියා එක්ක ඉස්කෝලේ ගියපු හැටි මට මැවිලා පේන්න ගත්තා…

ඉස්සර මේ පාරේ මෙච්චර වාහන ගියෙත් නෑ.. මෙච්චර ගෙවල් තිබ්බෙත් නෑ.. ඒ හින්දා ලොකු සහෝදරයා පාරේ බෝල ගැහුවා කොල්ලෝ එක්ක… මං පොඩි හින්දා අයියලා සෙට් එක මාව ගන්නේ නෑ..

එතකොට ඉතින් මේ මියැසියට කරන්න පුලුවන් එකම දේ බෝලේ හොරෙන් උස්සන් දුවලා හැංගෙන එක තමයි…

මේ තියෙන්නේ ලැසී ඇන්ටිගේ ගෙදර.. අපේ අල්ලපු ගෙදර.. මං ඒ ගේ ඉස්සරහ නැවතුනා.. දැං නම් පාලුවට ගිහින් වගේ ඒ ගෙදර…

ඒ ඇන්ටිගේ නම නම් ලැසී නෙවේ.. ඇන්ටිගේ බල්ලාගේ නම තමයි ලැසී… උගේ වැඩේ මට බුරන එක..

මට ඌව පේන්න බෑ.. ඌට මාව පෙන්න බෑ…

මං හෙමින් ඉස්සරහට හැරිලා අපේ ගේ දිහා බැලුවා..

දෙයියනේ.. මගේ ඇස් උඩ ගියා.. අවුරුදු දොළහක් තිස්සේ කාත් කවුරුවත් නැතුව පාලුවට ගියපු ගෙයක් මං බලාපොරොත්තු වුණේ…

ඒත් ඉස්සර අපි හිටිය විදියටම ගේ ලස්සනට තියෙනවා.. බිත්ති පවා සුදු පාටයි.. ඉස්සර වගේම වත්ත පුරාම මල් වවලා..

ඒත් ගේට්ටුව නම් වහලා.. එළියෙන් ලොක් කරලා තියෙන්නේ…

ඒත් කවුද දැං මෙහේ ජීවත් වෙන්නේ..??

අම්මා මේ ගේ කුලියට දුන්නා වෙන්න නම් බෑ කොහෙත්ම…

ඒත් කවුද මෙහේ ජීවත් වෙන්නේ..??

කමක් නෑ පුතේ යතුර මගේ අතේනේ..

වට පිට බැලුවා පැන්නා ගේට්ටුවෙන් ඇතුළට..

චණ්ඩියා වගේ පැන්නට අත පය නම් දැං රිදෙනවා.. මහන්සියත් දැනෙන්න වගේ…

ටික ටික ගෙට කිට්ටු කරා..

මිදුල පුරාම අයියායි මායි සෙල්ලම් කරනවා.. අප්පච්චි අතන බන්කුවේ වාඩි වෙලා බලන් ඉන්නවා… අම්මා ඔන්න තේ අරන් එනවා..

මතක එක්ක මං අතරමං වෙලා…

————————————————————————————————————–

මේ රෑ ගෙවෙන්න කලින් කතාව දානවා කිව්වා.. ඔන්න දැම්මා වස්තුලා..

පැලෙන්න ආදරෙයි හැමෝටම.. ගොඩක්

කියවලා බලන්න්කෝ ඉස්සරහටත්..

ඊළඟ කවියෙන් හමුවෙමු..
බුදු සරණයි…!!

100 thoughts on “තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස්වෙනි කොටස | නවකතා”

    1. Amesha Sonali

      congratulations රෂූ …අක්කෙක්ද අයියෙක් ද.කියනවද විස්තර ටිකක්..මම 2005

  1. Amesha Sonali

    මාධි අක්කි.ලස්සනයි කතාව..අක්කි මට පිස්සු වගේ අනේ..මියැසි නම් අම්මෝ මරු..ඒ වගේ ගමනක් යන්න මටත් ආසයි අනේ..??..ටිකක් දිගට ඕනි..නයිල් ගග තරම් දිගට දුන්නත් මට මදි ..ලස්සනයි අක්ක්කි…රෑට දිග කමෙන්ට් එකක් දාන්නම් අක්කියෝ..

  2. ?Sleeping beauty ?

    මට හිතෙනෝ මියැසිගෙ පරන ගෙදර සර් කාරයා නැවතිලා ඉන්නෙ කීලා..??

  3. ?රශී ?

    රෑ වෙලා එන්නම් මැණික …..කෝ මේ දග සෙට් එක පේන්නවත් නෑනේ…..

    1. Amesha Sonali

      ඔයත් දගයෙක්නේ…ඉතින් කන්නාඩියෙන් මූන බාලුවනම් හරි..????????

  4. Sandu 1995 thanamalwila

    Maadiyo elakiri miikiri okkoma hodee..

    Pin sidda wei ngoo kathaawa adama dannaokkoma anii. Ewasiima binduwayi..

    Kawru ennawada mnda anee ee gee…???

    1. Amesha Sonali

      හලෝ…ඔයා ඊයේ විස්තරයක් කිව්වනේ..මම දැන් ඒක දැක්කේ..මෙන්න් ඒකට චොකෝ…????????????… ඔයා 2003 නේ..මම 2005 ..මට තවත් අයියෙක්..???..හොදට ඉගෙන ගන්න ඕනා හොදේ..?

      1. Ekani itimm.Mmm choco kanna hda nh Hloo.Eth itim kmk nhh kannam mn.mmm sasay Thnx nnga.Ah oya nangiyek nda ethkota mn hithuwe mn thmay inna baalama ekkena kiyala.Oyth igena gnnako hdt hrida.

  5. ?රශී ?

    කවුද ඉන්න ඇත්තේ ගෙදර….කලු කෙස් ලෙක්චවත්ද..හයියෝ මියැසි කරන වැඩ ….අයියට මාට්ටු උනානම් ඒම ඉවරනේ….

    ..මාධියෝ අදනම් හිතන්න ඔලුව වෙහෙසන්න බෑ පැලෙන්න තරම් කැක්කුමයි….කමෙන්ට් එකක් රෑ වෙලා දාන්නම් කීවට ආයේ රෑ වෙලා එන්න බෑ මන් දැන්ම නිදාගන්නයි හදන්නේ…හරි අමාරුයි…….

    සුභ රාත්‍රියක් දග පවුලේ හැමෝටම …..කෝ චූටි අයියේ ඔයා නෑනේ….ඔයානම් බිසී ඇති නේද…මහී අක්කි.සද අක්කි ,දිල් මචී මදූ අක්කි,ගිනි බෝලේ ,සංජු අයියේ,අයිශු අක්කි,දෙව් නන්ගා,සදශේන් නන්ගා ,සහන් මල්ලි,සකලේ ,පීහූ,හිමා අක්කි ,නිරෝ අක්කි කෝ කට්ටිය අද නෑනේ අනේ……ඉක්මනටම කට්ටිය එන්නෝ….මන්නම් යනවා දැන්….(නම් අමතක උනානම් සමාවෙන්න වස්තුලා )

    චූටි අයියේ ආයෙමත් කියනවා පරිස්සමින් යන්න හෙට …ගිහින් පරිස්සමට වැඩ ටික කරගන්න….ගියා කියලා පණිවිඩයක් තියන්න…බුදු සරණයි ඔයාට දළදා සමිදු පිහිටයි …..හැම ප්‍රාර්ථනාවක්ම හිතනවාටත් වඩා සඵල වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …

  6. Sandu 1995 thanamalwila

    Gn chuuti pataw loku pataw okkootama…

    man heta apee wahaleta udin yana hama plen ekk dihaama baln enne lokuu.. maawa dakkoth atha wanan yanna hodee.. පරිස්සමෙන් …

    amuthu paaluwak danenawaa…

    1. Fire ball ? බූබූ

      ඔව් ???? ,පාලුයි ….
      උකූ,ලොකූ,සුමී,පොඩී,ඌෂා පරිස්සමෙන් යන්න අයියේ ??

          1. Sandu 1995 thanamalwila

            Heee.. හා හා මචියෝ.. අනිවා හොදේ.. අනේ ඇත්තටම ගොඩක් ලොකු පාලුවක් තියේ ඇප් එකට ආවම.. හරියට අපේ ගෙදර කෙනෙක් රට ගියාම දැනෙනවා වගේ දුකක්..පාලුවක් ලොකූ.. ඔයා මෙහෙ ඉදද්දී නම් එහෙම දැනුන් නෑ..

            (ඔබට අප… ආදරය කල බව මෙතරම්..
            අප දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්…..)

            පරිස්සමින් ඉන්න අපේ ලොකු.. බුදු සරණයි..

  7. Chuti kavi..?

    Katada me chuti kaviwa mathaka….aluth akkila aiyala godaaaak innwa wage…madu akki…. beauty akki…Shan aiya…chuti panchi ..sanda akki…?akki kattiyma hodin innwa neda…..

          1. Chuti kavi..?

            Hmm ehmda. ….enan akkila denna ikmanta saneepa wenna kiyla prarthana krnwa

  8. Fire ball ? බූබූ

    සුභ රාත්‍රියක්
    Good Night
    හැමෝටම බායියියියියියියියි ???
    ??????

  9. නමක් නැති බැඳීමක
    සිත පැටලුනේ කොහොම
    තාම ගන්නට තේරුම් මම
    හිතනවා හැම රෑම…

    මගෙ පොඩී නම් ලද
    නුඹ මගේ සොහොයුර
    යන්න හැරදා මව් රට
    නුඹේ දෝනි තනිකර ….

    ඉන්න සැමවිට තුටින් සැමදා
    පතමි මම සුභ පැතුම් සැමදා
    මගෙ පොඩී එන්න හනිකට
    නුඹේ දෝනි මග බලා හිඳිනා ….

    ???????????

  10. මගෙ නංගිලා මල්ලිලා අක්කීලා අයියලා මචී අපේ ලොකු මේ දවස් ටිකකට එන් නෑ තමයි. ඒත් හැමෝම එන්න ඇවිත් යන්න. එතකොට ලොකු සතුටුු වෙයි. ඔයාලා නාවොත් ලොකුට දුක හිතෙයි. එතකොට හිතාවී අපි ආදරේ නෑ කියලා. ඔන්න ලෙ⁣ාකූට ආදරේ නැති අය තමයි නෑවිත් ඉන්නේ හොදේ.

  11. මම් දන්නවා අක්කියො ..ඔයාගෙ අසනීප තත්වෙ කොහොමද දැන් ඉක්මනටම හොද වෙන්ට කියලා මම් ප්‍රාර්ථනා කරනවා අක්කි.

  12. සුබ රාත්‍රියක් මගේ දග පවුලේ හැමෝටම. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න….????

  13. උක්කූං පුතා(SuMi )

    මගේ දඟ පැටව් ටික..ගොඩක් දුකෙන් ඉන්නෙ මම ඒ වගේම ගොඩක් බිසි වුණා රෑට මං කොමෙන්ට් එකක් දාන්නම් ඔක්කොම ඇවිල්ලා බලන්න පොදුවේ දාන්නෙ හොඳේ… ඒ වගේම ඊයේ අමතක වුනු දෙන්නෙක් ඉන්නවා ඒ තමයි shenuliii නංගී ( මම හිතන්නේ අර operation කර නංගි ) මායා නංගී.. .. තව ගොඩක් අය ඇති මම අවුලෙන් ඉන්න නිසා මතක් වෙන්නේ නෑ කවුරුත්… සමාවෙන්න ඒකට

    1. ??? පරිස්සමින් ගිහින් එන්න ලොකු අයියේ…. තෙරුවන් සරණයි… ඔයා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව..???. හැමදාම සතුටින් ඉන්න ලොකු අයියේ?… ඔයා සතුටින් කියන්නෙ අපේ දඟ පවුලත් සතුටින්…❤❤ ආදරෙයි ගොඩක් අපේ ලොකූ අයියට.. පරිස්සමින් ඉන්න…

  14. මදූ_දිල්ශා

    ලමයි ඔක්කොම හොඳින් ඉන්නව නේද….අද මට එන්න බැරි උනා.දැන් තමා චුට්ටක් ඇවිත් යන්න ආවේ.

    ලොකූ ඔයාගෙ ගමන පරිස්සමෙන් ගිහින් එන්න.ඔයාගෙ හැම බලාපොරොත්තු වක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ලොකූට දළදා සමිදුන්ගේ පිහිටයි ?????

    රශී නන්ගා….චූටි කවීයො මතක් උනාට හුගක් ස්තූති මැනිකලා? කවී හුග දවසකින් දැක්කෙ.
    චූටි ගජමන් නෝනා❤️ අසනීපෙන් කියලා දැක්ක.ඉක්මනින් හොද වෙන්න නන්ගා ….ඒ වගේම අසනීප හැමෝටම ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව මන්???

    මහී අක්කා ඇවිත් යන්න එන්න.ඔයාල නැතිව පාලුයි ඇප් එක.අපෙ ඉස්කෝලෙ යන සූටි දූලා පුතාල ඔක්කොම හොඳට ඉගෙන ගන්න ඕනී ….❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    බෙහෙත් බීල නිදා ගන්නයි යන්නෙ මන්…හැමෝටම සුබ රාත්‍රියක් ….??බුදු සරනයි ???පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

  15. උක්කූං පුතා(SuMi )

    මගේ දඟ සෙට් එක ඊයෙ ඔයාලා මං වෙනුවෙන් දාපු හැම කමෙන්ට් එකක්ම ආදරෙන් කියෙව්වා ඔයාලා දාපු හැම කවියක්ම හැම නිසදෙසක් ම මගේ හදවතට තදින්ම දැණුනා…මං ඇත්තටම පින් කරලා තියෙනවා මේ වගේ ලස්සන සහෝදරියො සහෝදරයන් ටිකක් මට ලැබෙන්න. ඒක මට වචනෙන් කියන්න බැරි තරම් සතුටක් ඇස් වලට කඳුළු එනවා ඒත් මං අඬන්න කැමැති කෙනෙක් නෙවෙයි අනිත් අය අඬනවා ටත් මං කැමැති නැහැ… ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත එකම තැන තමයි එතැන ගොඩක් දේවල් අහගන්න ලැබුණු තැන මෙතන… ආස්සරේ කරන්න honda අය කවුද නරක අය කවුද කියලා ඉගෙන ගත්තෙත් මං මෙතනින්…ඇත්තටම ලියන්න මොනවද කියලවත් මට දැනෙන්නෑ හරි වේදනාවෙන් මං ඉන්නෙ ඉස්සර මං රට යද්දි මං මෙම වේදනාවකින් හිටියේ නෑ ඒත් මම දන්නෑ මට දාලා යන්න බැරි කට්ටියක් ඉන්නවා කියලා දැනෙනවා.. ගොඩක් ලියන්න යන්නෙ නෑ මොකද.. හරි වේදනාවයි මට

    ඒවගේම මං වෙනුවෙන් ප්‍රේ කරපු මට සුභ පතපු මට ආදරේ කරන මට පරිස්සමෙන් යන්න කියපු.. මගේ දඟ සෙට් එකේ හැමෝටම බොහොමත්ම පින්..ඇත්තමයි මං ඔයාලා හැම එකටම රිප්ලයි කරන්න හිටියේ එහෙත් මම ගොඩක් බිසි වුණා… ගොඩක් වෙලා අම්මයි නංගියි ළඟ ඉන්න ඕනා… පුළුවන්නම් මට ඒකට සමාවෙන්න මොකද ඔයාලා ආදරෙන් ලියපු හැම දේකටම මට වටිනාකමක් දෙන්න බැරි වුණා..

    මේක ලියන්න මගේ ආදරණීය කොල්ලො හතර දෙනාට… සංජු, බූබූ, සහන් , dilshan ,, කොල්ලොනේ මේ දඟ සෙට් එක රැකගන්න මම දැක්ක ඊයෙත් දෙන්නෙ තුන්දෙනෙක් ආයිත් එන්නෑ කියලා තියෙනවා… මං රැක ගත්තා වගේ.. මගේ දඟ සෙට් එක උඹලා රැක ගනිල්ල මචංලා… උන් සතුටින් ඉන්න ඔයාල කොම්මෙන්ට් ගොඩක් දැම්මොත් ඔයාලා සතුටින් ඉන්නවා කියල දැක්කොත් මේ ලොකු අයියා ගොඩක් සතුටින් ඉඳීවි ඒක තමයි මගේ සතුට. .

    ඒ වගේම දෙයක් කියන්නම් ඇප් එකේ කවදාවත් තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න කතා කරන්න එපා. මේ ඇප් එක තමන්ගෙ සතුට ෆන් එක ගන්න තියාගන්න.. ඒ වගේම තව දෙයක් කියන්නම් කෙනෙක් කිව්ව පලියට කිසි දෙයක් විශ්වාස කරන්න එපා තමන්ම.ඇස් දෙකෙට දැකලා කන් දෙකට ඇහුණාම.. විශ්වාස කරන්න නැත්නම් ඔයාලට හොඳ අය නැති වෙනවා…

    ඉතින් මට ගිහිල්ල එන්න අවසර දෙන්න. හෙට උදේ 12.20 ට මම යනවා… හෙහට යද්දි 20 දවල් විතර වෙනවා…මොනවා වේවිද කියල දන්නෙ නෑ සමහරක් විට ෆ්ලයිට් එක කැන්සල් වෙන්නත් ඉඩ තියෙනවා කට්ටිය වුනොත්… තවම නං මුකුත් අප්ඩේට් ආවේ නැහැ…නිරෝධානය කරොත් මට නෙට් එක ගන්න බැරි උනොත් දවස් දහයක් පහළොවක් මට එන්න වෙන්නේ නෑ මං ඒත් ට්‍රයි කරනවා ඉක්මනටම මගේ දඟ සෙට් එක බලන්න එන්න

    ඉතින් මගේ රත්තරන් එක එක එක්කෙනාට රිප්ලයි කරේ නැති වුණාට සමාවෙන්න පොදුවේ එකක් දැම්ම ඒකයි ඇත්තටම මහන්සි ගොඩාරියක් ඒ වගේම ගොඩක් දුකින් ඉන්නේ…ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි ama දේකටම කවදාවත් අමතක වෙන්නැ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලෙඩ වෙලා ඉන්න ඔක්කොමල ඉක්මනින්ම සුව වෙන්නේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා යන්න ඉස්සරින් මං ඉල්ලන එකම ඉල්ලීම වෙනදා වගේ හැමෝම එකතු වෙලා ලඟ පවුල රැක ගන්නයි වෙන මුකුත් මට එපා ඔයාලගෙන්….. සම්මා සම්බුදු සරණයි මගේ දඟ සෙට් එකටත් ඉතින් මම යනවා තෙරුවන් සරණයි ුබ රාත්‍රියක්

    1. Amesha Sonali

      ආදරෙයි අයියේ ගොඩාක්..පරිස්සමෙන් ..පුලුවන් උන ගමන් එන්න…රත්නත්තරේ පිහිටයි…?????????…

      කවි නිසදැස් නම් මා හදේ ..
      බෝමයි දැන් අනේ..
      ලියන්නට සිතයි..
      නමුදු නොලියයි…
      හේතු නොඅසන්..
      ආදරෙයි ගොඩක්..
      හැකි වූ විගස..
      එන්න සටින්නට ..
      සතුටින්..

    2. මදූ_දිල්ශා

      පරිස්සමෙන් යන්න ලොකූ …දළදා සමිදුන්ගේ පිහිටයි ?????

    3. ලොකු,
      හිනාවෙලා සතුටින්ම ඉන්න.පරෙස්සමින් වැඩ කරන්න. ගිහින් අපිට පණිවිඩයක් දෙන්න. කිසිම කරදරයක් නැතිව යන්න පුලුවන් අයියේ. දලදා සමිදුගේ පිහිටි ආරාක්ශාව නොඅඩුව ලැබෙනවා ඔයාට.බුදු සරණයි.
      කියන්න දෙවල් ගොඩයි.ඒත් මතක් වෙන්නේවත් නෑ මොකුත්. ආදරෙයි මගෙ ලොකු අයියේ.???

    4. ? මහිංසා ?

      ලොකු ….සමාවෙන්න ඉතින් දෙන්නෙක් තුන්දෙනෙක් කියලා දැම්මාට ….හැමෝම එන්නේ නෑ කිවුව අය කියන්නේ …මමනේ එන්නේ නෑ කිවුවේ …සමහර අය වැරැද්දක් වුණා ම ඒක හිතේ තියන් ඉන්නවා ජීවිතේ තියනකම් …ඒකම අල්ලගෙන හැම තැනින් ම වචනවලින් ගහනවා ….අනික මම දන්නවා ඒ කියන දේවල් කාටද කියලා…මගේ හිතේ කා එක්කවත් තරහක් නෑ …දුකක් තියෙන්නේ …ගොඩක් අය කැමති නෑ තමන්ට වඩා වෙන කෙනෙක් තමන් ආදරේ කරන කෙනෙක්ට ලං වෙනවට… ඒ ගැන මට වඩා හොඳට ඔයා දන්නවා ඇති …එහෙම නේද …මං නිසා කාටහරි එන්න බෑ නම් මං අයින් වෙන්න දෙපාරක් හිතන්නේ නෑ …ඔයාගේ ඉල්ලීමක් මට අහක දාන්න බෑ …ඒත් ආවත් වේදනාවක් ගින්දරක් තියේවි හදවතේ…මොකද ලඟම ඉදලා ඈත් වෙලා ඉඳන් රිද්දද්දි රිදෙනවා වැඩියි …ඒක දැන දැන එහෙම කරන්නේ සතුට වෙනුවෙන් නම් ඒ සතුට වෙනුවෙන් විඳවන්න පුළුවන් මට…මගේ මේ ජීවිතේ ගොඩක් අය මං ඇසුරුකරලා තියෙනවා ….ඒත් මෙතන ඉන්න කවුරුත් දැකලා බැඳුණු අය නෙමෙයි…හදවතින් බැඳුණු අය…එහෙම අය කියන චූටි වචනයක් ඇති ලොකු වේදනාවකට…මගේ අතින් වරදක් වෙලා ඇති හැමෝටම …ඒත් මං හිතලා කරපු දෙවල් නෙමෙයි…හිත රිදුණ හැමෝම මට සමාවෙන්න …?????

      ලොකු පරිස්සමින් යන්න ඕන ඔයා…මේ දේවල් හිත හිත යන්න එපා …මං ඔයාගේ අක්කානේ…අක්කා කෙනෙක් කවදාවත් සහොදරයෙක්ට දුකක් කරදරයක් වෙන්න තියන්නේ නෑ ….ඒක සහෝදරකම…ඒකත් වැරදි විදියට හිතන සමාජයක් මේක ….මට නම් කලකිරිලා තියෙන්නේ

      ඔයා පරිස්සමින් ගිහින් එන්න ඕන …දුකින් ඉන්න එපා…ඔයාගේ ඉල්ලීම මං ඉෂ්ට කරන්න බලන්නම් …ඉතින් සිතුම් පැතුම් බලාපොරොත්තු සාර්ථකව ඉටුකරගන්න මගේ ලොකුට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා හදවතින් ම පතනවා …උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි ….ජය ශ්‍රී මහ බෝසමිඳුන් රැකවරණයි ….පරිස්සමින් ගියා කියලා කියන්න …මඟදී කරදර බාධක නොවේවා….පරිස්සමින් යන්න ..ගිහින් රෙස්ට් කරන්න …දවස් දෙකක දෙක හමාරක ගමනක් නේ…මං නම් ඔයා ඔච්චර දුර යනවට කැමති නෑ …ඒත් ඔයාගේ අනාගතය හදාගන්න ඕන …පුළුවන් කාලේ මහන්සි වෙන්න ඕන …සතුටින් සනීපෙන් පරිස්සමින් ඉන්න …හැමදාමත් මගේ පැතුම.බුදු සරණයි …ඔයාට….හිත රිද්දුවට සමාවෙන්න…..මට….තෙරුවන් සරණයි …සුභ ගමන් …පරිස්සමින් වැඩ ටික කරන් ඉක්මනින්ම එන්න …තෙරුවන් සරණයි

    5. මම හිතන්නේ මම මේක දක්කිද්දි පරක්කු වැඩියි.ඒත් දැන් තමා දැක්කේ .සමාවෙන්න අයියා චූටි.
      මමත් වැඩ ගොඩක හිටියේ.මම මේ කමෙන්ට් එක දැක්කේ දැන්.ඒත් මේ වෙද්දි ඔයා ලංකාවේ නෑ.මොනා කරන්නද…දැන් ඉතින් ඒ ගැන හිතලා වැඩක් නෑ…සමහර දේවල් තේරුම් යන්නේ පරක්කු වෙලා.ටියුබ් ලයිට් වගේ මම.මට අයියා චූටි යන වෙලාවත් පැටලුනා.මම හිතුවේ රෑ කිය්ලා.හදිස්සියේ ම බෑන්ක් එකට යන්න උනා ඇවිත් බලද්දි අයියා චූටි ගිහින්…ජේසු පිහිටයි කියන්නවත් බැරි උනා.ඒගැන ගොඩක් දුකයි.හැමදාටම පසුතැවෙයි මම…නෙට් හදාගන්න පුලුවන් උන ගමන් එන්න.බලන් ඉන්නවා අයියා චූටියෝ එනකන්….දුකයි ගොඩක් ???

      මොනා උනත් ,,,
      අයියා චූටි ඔයා පරිස්සමෙන් ගිහින් එන්න.හදවතින්ම ප්‍රාර්තනා කරාවා.දුකක් කරදරයක් නොවේවා කිය්ලා…හැමදාම සතුටින් ඉන්න ..ඒවගේම ගොඩක් පරිස්සමෙන් ..හැමදාම pray කරනවා අයියා චූටියෝ ඔයා වෙනුවෙන්…ලෝකේ කොතැනක හිටියත් දුකක් කරදරයක් නැතිව හොදින් ඉන්න..පුලුවන් උන ගමන් මේල් එකක් හරි දාන්න.පරිස්සමෙන් ගිහින් එන්න.
      ගොඩක් දුර ගමනක්..මහන්සියිනේ..රෙස්ට් කරන්න …වෙලාවට කාලාබීලා පරිස්සමෙන් සතුටින් ඉන්න …
      ජේසු පිහිටයි !!!!බුදු සරණයි …ආදරෙයි ….

  16. ?රශී ?

    සුභ උදෑසනක් චූටි අයියේ ….ඔයා දැන් යන ගමන් ඇති නේද….පරිස්සමින් යන්න අයියේ….කිසිම කරදරයක් නැතිව යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …..දුකයි අයියේ පව්ලේ කෙනෙක් ඈත් උනාම දුක නැතිද…..පුලුවන් ඉක්මනටම අපිව බලලා යන්න එන්න මගෙ අයියේ……දැනටමත් පාලු වෙලා ඇප් එකම…ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි මගෙ අයියේ ඔයාට…..හිතනවා වගේම ඉක්මනටම එහාට යන්න ලැබෙන්න ඕනා…අතරමග කිසිම දෙයක් නිසා ෆ්ලයිට් පරක්කු වෙන්නැතිව ඉක්මනටම යන්න ලැබෙනවා මගෙ අයියට….දෙවි පිහිටයි බුදු සරණයි අයියේ….පරිස්සමින් ඉන්න හැමදාම…..ආදරෙයි ගොඩාරියක් …….???

    වේදනාව සගවගෙන
    සුභ පතන්නම් ඔබට
    යන ගමන සතුටින්ම
    නිමා කරලන්නට
    දුක කොහොම විදගන්න
    හැකි වේද මේ පවුලට
    පාලුයි දැනටමත්
    ඔබ නැතිව මේ හිතට…..

  17. ?රශී ?

    සුභ උදෑසනක් මගේ දග පවුලේ හැමෝටම …..?????

    අසනිපෙන් ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා……කෝ මේ දගයෝ ටික…..???

  18. යන තැනක පරිස්සමින් ඉන්න අයියේ. ඉක්මනට එන්න හොදේ මේ පැත්තේ. කිසිම කරදරයක් නැතුව පරිස්සමින් ගිහින් එන්න. තෙරුවන් සරණයි…..

  19. සුබ උදෑසනක් මගේ දග පවුලේ හැමෝටම. ??????
    අසනීප අය ඉක්මනට සනීප වෙන්න. ඉස්කොලේ යන අය පරිස්සමින් ගිහින් එන්න.
    වැඩට යන අයත් පරිස්සමින් ගිහින් එන්න.
    ගෙදර ඉන්න අයත් පරිස්සමින් වැඩ ටික කර ගෙන වෙලාවට කාලා බීලා ඉන්න.
    තෙරුවන් සරණයි හැමෝටම. ????? බා….යි…..

  20. Hansiniiiiiiiii

    Parissamen gihin enna aiye??? hithe thiyena hema balaporoththuwakma ishta karagena ikmnatama ape mawratata enna lebenna kiyla hadawathinma prarthana karanwa.. kawadawak dekla nathi unath katha karala nethi unath mage sahodarayek apen ath una tharam dukk dennawa….god bless you aiyee…. puliwan welwata awith yanna enna…

  21. Good morning akkal nangil ayyal mallil machila hemotom . Oylge ada dwse hema wadakm sarwappakaryenm sarthaka wewa kiyl mn prarthana krnw.
    ??????
    මදු අක්කිගෙයි බියුටි මචිගෙයි ලෙඩ වෙලා ඉන්න හැමොට ඉක්මන් සුව වෙන්ට කියලා මම් ප්‍රාර්ථනා කරනවා

    ලොකු අය්යෙ පරිස්සමින් ගිහින් කිසිම කරදරය්ක් නොවී ආපහු අපේ රට

  22. E wgem loku ayyatth parissamin gihin hema balaporiththuwakm e widihtm isht krgen aphu ape ratata ent shakthiya dailarya labewa kiyl mn prarthana krnw ???????????

  23. Gm loku…daga pule hemotam..loku prissmn ghn enn.plwn ikmnt me pththt enna.ayeth lnkawat enna.oya nthuwa palu denei api hmotm.oyge hma wdakm srthka wenn hdwthinm prarthana karnw mn.dukai loku mt nam.mn plwn hema welema app ekt enwa..bs dp!dalada samidu pihitai loku..

  24. Sandu 1995 thanamalwila

    .gm දගයෝ හැමෝටම..

    මොනා කියන්නද කියලා තේරෙන් නෑ අද.. මෙහෙම දුකක් දැනුනමයි මට..

    ලොකූ මේ රටේ කොහෙ හිටියත් අපිට දුර නෑ.

    ඒත් වෙන රටක් කියන්නෙ….

    අනේ මන්දා…

    හැමෝටම එකම විදියට ඒ පාලුව තියේ ලොක්කයියේ..

    ඉන්න තැනක හුගක් පරිස්සමින් ඉන්න.. ඉක්මනින්ම ඔයාගෙ බලාපොරොත්තුව ඉශ්ට කරන් ලංකාවට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ලොකූ කමෙන්ට් අඩු උනත් මන් නම් මරුනත් මේ ඇප් එක දාලා යන් නෑ.. මේක තමා මගේ ජීවිතේ මන් ආසම තැන… පව්ලෙ රස්සවෙ වැඩත් එක්ක විතරයි මට ඇප් එකට එන්න වෙලාව අඩූ..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.