Katha Ahura

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිනවවෙනි කොටස |නවකතා

4.1/5 - (26 votes)

විසි නම වෙනි කවිය…

—————————————————————————————————————–

දැං ඉතින් කවි හොරාගේ කවිය කියවන්න හිටපංකෝ මේ ලොකු සහෝදරයා යනකම්…

මේ කවි හොරෙක් හින්දා මේ අහිංසක කෙලි පොඩ්ඩිට කට්ට වෙට්ට පිත්තල බෝනික්කියෙක් වෙන්න වෙලා..

අනේ අම්මපා මේකිට වෙච්ච දෙයක්…

දොස්තර නම් ඇවිත් මාව බලලා කිව්වේ දැං නම් ගොඩක් දුරට මට සනීපයි කියලා.. ඒත් ස්ට්‍රෙස් එක මට හොදම නෑලු…

ඩොක්ටර් ගියාම මං හාන්සි වුණා..

කරන්න කියලා වැඩකුත් නෑනේ මට..

ලොකු සහෝදරයාත් මං ළඟ ඉද ගෙන හිටියා.. මාත් එක්ක කතා කරන්න කොච්චර උත්සහ කරත් මං ඔහේ හිටපු හින්දා එයා උත්සහය නතර කරන්න ඇති…

ටිකකින් හොස්පිටල් එකේ කවුද පත්තරේ ගෙනත් දුන්නා…

ලොකු සහෝදරයා හිටියේ ෆෝන් එක ඔබ ඔබ…

මං ඉතින් පත්තරේ ගත්තා ඒකවත් කියවන්න..

ඒත් පත්තරේ තිබ්බේ මං දකින්න ගොඩක් බයෙන් හිටපු දෙයක්…

“හිටපු පුවත්පත් කලාවේදි ආරියත්න මහතාගේ ඝාතන නඩුව ඇරඹේ..”

මගේ අම්මා, අප්පච්චිගේ විස්තරත් එක්ක පත්තරේ සම්පූර්ණ වාර්තාව තිබ්බා..

මට දුක හිතුනේ ඒකට නෙවේ.. මගේ අම්මගේ උසාවියෙදි ගත්තු ෆොටෝ එකක් පත්තරේ දාලා තිබ්බ එක..

මූණ නොපෙනුනත් මේ මගේ අම්ම නේද කියලා හිතෙද්දි නම් හිතේ හංගන් ඉන්න දුක පුපුරු ගැහුවා…

තවමත් අසා අවසන් නොවූ නඩුවක් ගැන් පත්තරේ මෙහෙම තියෙද්දි නම් සෑහෙන්න දෙනෙක් මේ ගැන කතා කරනව ඇති කියලා මට හිතුණා..

උසාවියෙන් වරදකාරයෝ නොවිච්ච මගේ අම්මයි අප්පච්චියි පත්තරයක් ඉස්සරහ වරදකාරයෝ වෙලා..

දැනෙන දුක නැව් වලින් කියන්න පුලුවන් නම් ඒ නැව් නවත්තන්න ලංකාව වටේට තව වරායවල් 20ක් වත් හදන්න ඕනි…

මගේ අප්පච්චි සාධාරණ පුවත් පත් කලාවක් වෙනුවෙන්, රටේ මිනිස්සුන්ගේ යහපත් හෙට දවස වෙනුවෙන් මියැදුනා කියලයි මගේ අම්මා ඒ දවස් වල පත්තරේට කියලා තිබ්බේ…

ඒ පත්තරම අද මිනීමැරුවෙක් කරලා අම්මගේ ෆොටෝ එකක් පත්තරේ දාලා…

“මොනාද නංගි පත්තරේ ඔච්චර තියෙන්නේ..?”

නෑ.. අයියා මේවා දකින්න ඕන නෑ…

පත්තරේ වැදගත් දෙයක් තිබ්බෙ නෑ වගේ ඔහේ නවලා පොඩි කරලා ඇදේ අල්මාරිය පැත්තෙන් තිබ්බා…

විශේශ කිසිම දෙයක් වුණේ නැති හන්දා මං හිත හිත හිටියේ මේ වෙච්ච දේවල් ගැන…

අහම්බෙන් සර් මට සමීප වුණ හැටි, කවි හොරාගේ පෙම් කවි මේ ගල් හිත මෙලෙක් කරපු හැටි, හැමෝම මගෙන් මේ දේවල් හංගපු හැටි, අම්මා අප්පච්චි මිනීමැරුවෙක් කියලා සර් කියපු හැටි, අම්ම හිර ගෙදරට අරන් ගියපු හැටි, ඒ වගේමයි ඊයේ රෑ කවුරුවත් ස්පර්ශ නොකරපු මේ තොල් සර්ගේ තොල් එක්ක පැටලිච්ච හැටි…

හැමදේම හීනයක් විතරක් වුණා නම්…

හිත දුකින් පුරවපු හැම කාරණාවක්ම ආරම්භ වුණේ සර්ගෙන්…

ඒත් එයාම කියනවා හැමදේම විසදෙයි කියලා.. ගලවලා දෙන්න හිතෙනවා කලු කෙස් ටික අතට…

ඒත් මං එක දෙයක් තේරුම් ගත්තා…

මේ හැමදේම මුල සර්ගේ අප්පච්චිගේ ඝාතනය…

ඒ මිනිමරුවා හොයා ගත්තා නම් අර කැහැටුල්ලා කියපු විදියට ඔක්කොම විසදෙයි…

ඒයි ගොන් මියැසියෝ.. අප්පච්චි මැරුනෙත් නෑනේ.. අප්පච්චිව මැරුවනේ.. කෝ ඒ මිනීමැරුවා හොයා ගත්තද…? ඉතින් කොහොමද තමුන් ඉපදෙන්නත් කලින් මැරුන සර්ගේ තාත්තාගේ මිනීමැරුවා හොයා ගන්නේ…??

ඒකත් ඇත්තනේ… ඒ දවස් වල මේ ලොකු සහෝදරයත් පොඩිනේ.. මේ යකාට නම් ශුවර් ඕවා මතක නෑ…

අම්මා හිර ගෙදර කොහොම ඉන්නවද මන්දා..

හිර ගෙදරක් ගැන මං අහලා තියෙන්නේම අඳුරු කතන්දර..

මගේ අම්මා කොහොම ඒවා ඉවසනවා ඇත්ද…?

ජීවිතය කියන්නේ ලෝකේ තියෙන දරුණුම විභාගේ ජිවිත කාලෙම උදා වෙන හැම දවසෙම ලියන්න වෙන…

කොලේජ් එකේ එක්සෑම් දාහෙන් සම්පතයි.. අපරාදේ නාහෙන් අඬ අඬ ඒව ලියන්නේ…

දවල් අයියා ගියා ඩොක්ටර් හම්බෙන්න හවස මාව ඩිස්චාර්ජ් කරන හින්දා..

ඔන්න පුතේ චාන්ස් එක.. දැං කියවපං කවි හොරාගේ පෙම් හිත…

දඩි බිඩි ගාලා මං කවිය කියෙව්වා..

හිත සඟවා ගත බැරි සෙයින්ම ලියමි..

~~~~~අහිංසක කවිකාරි~~~~~

නුඹේ ඔය තොල් අගින්
මට කිව්ව රලු වදන්
බර වැඩි බව හිතට
තුන් යමේ ඇසෙනවා..

හැමදේම හොඳ අතට
විසදේවි අපි අපට
තව තවත් උණුසුම්ව
රසම කවි ලිව්වොතින්..

පෙම කියන ඇස් වලට
කඳුලු කැට එපා තව
දුක දුන්න නපුරාම
කියනවා හද වසන්..

සඳ මඬල වසාලමි
සඳ කුමරු මිය ගියත්
සඳ කුමට රෑ අහසේ
සඳ කුමරි නැති ලොවක..?

~~~~කවි හොරා~~~~~

මං එයාට අන්තිමට ලියපු කවියට එයාගේ හිත රිදෙන්න ඇති…

ඒ නපුරගේ හිත රිද්දන්නමයි ඉතින් ඒක ලිව්වේත්..

මේ ටික කියන්න ඇවිත් මහ ලොකු නපුරා ෆුල් රොමෑන්ටික් වෙලයි ගියේ…

මේ යකාට බැනුම් අහන්න තියෙන්න මාර ආසවක්..

එයාටත් ආස ඇති මාත් එක්ක රණ්ඩු වෙන්න…

මේ වෙච්ච දේවල් වල හැටියට අපි රණ්ඩු වෙලා මදි.. ගහ මරා ගන්නත් ඕනි… ඇයි යකෝ ලස්සනට ගලන් ගියපු ජීවිත මැද්දට නඩුවක් ගෙනත් දැම්මනේ.. කැහැටුල්ලා..

එදා දවාල ගෙවෙද්දි මං ගෙදර ගියා..

දැං නම් මට හොඳටම හොඳයි.. ඒත් ඔලුව බර ගතිය නම් ටිකක් තියේ.. මං ඒක පෙන්නන්න ගියේ නෑ…

“නංගි චුට්ටක් දැං නිදා ගන්න.. බෙහෙත් වලට නිදිමත ඒවි..”

“මං කඩේට ගිහින් උයන්න බඩු ටිකක් ගේන්නම්.. ඔයත් පිට කෑමනේ මේ ටිකේම කෑවේ..”

“මං දොර වහන් යන්නේ.. එහා ගෙදර ඇන්ටි ඒවි බය වෙන්න එපා පැටියෝ..”

අයියා එහෙම කියන් යන්න ගියා..

මොකක් මොකක් මොකක්..?????

ලොකු සහෝදරයා මේ ගියේ කන්න උයන්න බඩු ගේන්නද…? එහෙනම් දැම්ම හොස්පිටල් එකට කෝල් කරලා කියන්න ඕන මං හිටපු රූම් එක කාටවත් දෙන්න එපා කියලා…

එයා උයන ඒවා කලා මැරෙන්නේ නැතුව හොස්පිටල් ගිහින් බේරුනොත් ඇති..

ඇත්තටම බෙහෙත් වලට නිදි මත ඇති..

බෙහෙත් නැති වුණත් මේ මියැසි කෙලි පොඩ්ඩි නිදි දෙව්දුවට ඇස් දෙකෙන්ම ලව්නේ..

නින්ද යාගේන එද්දිත් මං කල්පනා කරේ මේ ප්‍රශ්න වලට විසදුමක්…

මං කොච්චර හිත සතුටින් තියන්න හැදුවත් හිත නවතින්නෙම දුක් සාගරය ළඟ..

අප්පච්චි ඉන්න තැනකින් ඇවිත් ඔයාගේ සඳු කෙල්ලට උදව් කරන්නකෝ….

මට එහෙම්ම නින්ද ගියා..

මං ලස්සන හීනයක් දැක්කා…

මං පුන්චි කාලෙ.. අය්යා එක්ක සෙල්ලම් කරනවා මිදුලේ.. කලුවරත් වැටිලා.. අප්පච්චිත් හිටියා..

අප්පච්චි අපිව ළඟට කතා කරලා තරු පෙන්නුවා.. අපි ගොඩාක් සතුටින් හිටියේ.. අම්මාත් ඇවිත් නිදා ගන්න කතා කරා..

අපි ඔක්කොම නිදා ගන්න ගියා…

ලොකූ වැස්සක් වහින්න ගත්තා.. අප්පච්චිටයි අයියටයි තුරුල් වෙලා ඇදේ නිදන් හිටපු මාව කවුරුහරි ඇදන් යනවා වගේ දැනුනා..

මං කෑ ගහන්න හැදුවත් සද්දේ පිට වුණේ නෑ.. මාව ගොලු වෙලා.. මං හයියෙන් දැගලුවා….

හොඳටම දාඩිය දාලා මං ඇහැරුණා..

මට මං තරම්ම විශ්වාසයි එහෙම දෙයක් ඇත්තටම මං පොඩි කාලේ සිද්ද වුණු නැති බව…

එහෙනම් මොකක්ද මේ මං දැක්කේ..???

—————————————————————————————————————-

හායි වස්තුලා..

චුට්ටක් පමා වුණාට සමාව භාජනයකට දාලා මට තැපැල් කරනු මැනවි…

දිග කොටසක් ළමයි…

අභිරහස ලියවෙන්න බොහොම ආසන්නයි.. ඊළඟ කොටස නම් අතිශය භයානකයි… පොඩි හිට්ටොත් මේක කියවන නිසා රැස් අඩු කරලා ලියන්නම්…

ආදරෙයි පැලෙන්න වස්තුලා… ජීවිතේ හැම ප්‍රශ්නයක්ම එක පාරම විසඳෙන්න නෑ.. ඒත් ඉවසීම තියෙද්දි සතුට හොයා ගන්න ලේසියි…

ඊළඟ කවියෙන් හමුවෙමු..
බුදු සරණයි…!!

41 thoughts on “තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිනවවෙනි කොටස |නවකතා”

    1. මදූ_දිල්ශා

      මාස්ක් දාන් එන්න ලමයි…මීටරේ පරතරෙන් ඉන්න මේ ගැත්තිට තාම හොඳටම හොඳ නෑ….? විශ් කරාට කමක් නෑ….කැස්ස උපරිමයෙන් නිසා අයිස් කීන් දීමෙන් වැලකී සිටින්න…ඒ වෙනුවට චිප්ස් හොඳා???

        1. මදූ_දිල්ශා

          බෙහෙත් ගත්ත නන්ගා.දැන් නම් අඩුයි.ඊයෙ නම් පුදුම අමාරුවෙන් හිටියෙ ?

    2. උක්කූං පුතා(SuMi )

      අපොයි එහෙනම් අද මම විෂ් කරන්නේ නෑ අනිද්දා යන්න ඉන්න අහිංසක කොල්ලෙක් මම.. කමක් නෑ මීට පැදුරෙන් ඉඳන් විෂ් කරන්නම්කෝ
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      ..
      .
      .
      .
      ..
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      ..
      .
      .
      .
      .
      .

      My congratulations මදු නංගියා ❤️

      1. උක්කූං පුතා(SuMi )

        අයියෝ මගේ sinhala… මීටරේ දුර ඉඳලා කියලා දාන එකට වැදිලා තියෙන එක බලහංකො

        1. මදූ_දිල්ශා

          මීට පැදුරෙන්?? අයියෝ මට හිනාවෙන්න බෑ ලොකූ…කැහැලම බඩත් එක්ක පපුවම රිදෙනෝ????? මෙයා ඒ අස්සෙ හිනස්සනෝ??

      2. මදූ_දිල්ශා

        මෙතන හැතැප්ම දෙකක් විතරක් තියෙයි නෙ ලොකු ??? හාකො හාකො ස්තූති ලොකූ ?

  1. Sandu 1995 thanamalwila

    Maadiyoo kathaawa supiri.. monaa unath anthimee kapal eka set wenoo kiyala nm mata sure…

    Man bisii lamay.. puluwn welawata awith ynnm.. byee….

  2. ?රශී ?

    මාධියෝ පිස්සු වට්ටන්නද හදන්නේ අප්පා…අම්මෝ හිතාගන්න බෑ කිසි දෙයක් මටනම් පිස්සු වගේ….කතාව ලස්සනයි මැණික …බුදු සරණයි ඔයාට …

  3. ? මහිංසා ?

    කතාව ගොඩක් ලස්සනයි මගේ නංගා …ඒත් අඅදින් පස්සේ මං එන්නේ නෑ ..සමහර විට ටික දවසක් …නැත්තම් දිගටම…පපරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න මාධී

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.