Katha Ahura

දිව්‍යාංගනා❤ | පලමු කොටස | කෙටි කතා

4.7/5 - (23 votes)

❤ දිව්‍යාංගනා❤
? ප්‍රේමය නම් කිමැයි කියා:

” අම්මෝ ඇති යන්තම් ”
වෙලාව හයයි තිහට ලං වෙනවාත් සමඟම මගෙ සිතට දැනුනෙ අසීමාන්තික සැනසුමකි . හෙට දින සෙනසුරාදා දිනයක් වූ බැවින් මා හට ඒ සතුටු තවත් දැනුනේය. මම චමීර , පෞද්ගලික ආයතනයක සුපරීක්ෂකවරයෙකු වූ මාගේ සේවා කාලය නිම වන්නේ සවස හයයි තිහ කනිසමටයි.

” නිලන්ත අයියෙ මම යනවා ”
බෑගයද හනික අතක රඳවා ගත් මා. ගේට්ටුවේ ආරක්ෂාවට සිටි නිළධාරියාටද පවසා බස් නැවතුම්පොළ අසලට ගමන් කලේය.

“හතහ මාරට තව වෙලා තියෙන එකේ මොනවා හරි බීලම යනවා ”
මා එසේ සිතමින් අසල අවන්හලට ඇතුල් විය. එය හොඳින් දන්නා ස්ථානයක් නිසා කූල් කිරි බීම වීදුරුවක් පානය කරේ ජංගම දුරකථනයටත් එබීගෙනමය. දුෂ්කර පලාතක් වූ මෙහි බස් රථ ගමන් කලේ අල්ප වශයෙනි. අවුරුදු විසි දෙක සම්පූර්ණ වත්ම මා නිවසින් බැහැරව පිට පලාතක රැකියාවට පැමිණ වසරක් පමණ ගත විය.

රාත්‍රී හතයි පහට පමණ මා අවන්හලෙන් පිටතට පැමිණ .බස් නැවතුම්පොළට පිය නැගුවේය. අඳුර පරිසරය තරමක් වෙලාගෙන තිබුනේය. බස්නැවතුම්පල අසලට ලං වත්ම මා දුටුවේ තරමක ලොකු බෑගයක් අතැතිව බංකුවේ වාඩි වී සිටි ගැහැණු ළමයෙකි . හැඩ හුරු කමින් ඇය එතරම් වයස නොවීය. කෙසේ නමුත් මා ඇයට තරමක් ඈතින් හිටගෙන සිටියේ කාගේ කවුරුන්දෝ දැයි නොදත් නිසාය.
” අයියෙ දැන් කොහෙට යන බස් එකද එන්නෙ”
ස්වල්ප වේලාවකින් නිහඩ තාවය බිඳ දමා ඇය හඬ අවදි කරමින් මාගෙන් ඇසුවේය. එය මිහිරි සිහින් හඩකට සමානය.
” මේ පාරේ යන්නෙ එක බස් එකයි ..ඒක යන්නෙ අඹගහ හන්දියට විතරයි, ඔයාට කොහෙට යන්නද? ”
මා ඇය ඇසූ දෙයට පිළිතුරු දෙමින් ඈගෙන් ඇසුවේය.
” ම…ම..මට ..අයියෙ මේ හරියෙ රෑට නවතින්න තැනක් හොයාගන්න පුළුවන් ද?”
ඇය එකවරම ගොත ගසමින් ඇසූ දෙය මාගේ සිතට ප්‍රශ්නයක් ගෙන දුන්නේය.
” මේ කිට්ටුව නම් මම දන්න විදිහට නෑ . මොකද මම මේ පලාතේ කෙනෙක් නෙවෙයි”
මා එසේ උත්තර දෙමින් නිහඩ වන්නට විය. ඇයද හිස පහත් කරමින් මද සිනහවක් පෑවේ තේරුනා යයි පවසන අයුරිනි..

මින් පෙර කිසිම දිනක මා මෙවන් සිද්ධියකට මුහුණ පා නොමැත . නමුත් නැවත වතාවක් මාගේ දෑස් හොරැහින් ඇය දෙසට ගමන් කලේය. ඇයගේ දෑස් කඳුලින් තෙත් වී යනු මා දුටුවේ තරමක් අදුරේය.
” මේ සමාවෙන්න ඕන මෙහෙම අහනවට , ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ නංගි”

ජීවීතයේ පළමු වතාවට මා ගැහැණු ළමයෙකුගේ දුක් ගැනවිල්ලක් ඇසුවාමය.මම ඇයට තරමක් ඈතින් බංකුවේ හිද ගත්තේය.
ඇය කඳුළු පිරි දෑස් දෑතින් පිස දමමින් මා දෙස බැලුවේය.
” මම ලොකු කරදරයක ඉන්නෙ අයියෙ. මම ගෙදරට හොරෙන් ආවා , මට ඉන්න බැරිම තැන .. අනේ අයියෙ පුළුවන් නම් පිංසද්ධ වෙයි. මට ඉන්න තැනක් හොයා දෙන්න පුළුවන් ද? ”

මා හට උන්හිටි තැන් අමතක විය.’ මම මේ මොන කරදරේකද වැටුනෙ’ මා සිතට නැඟුනේය.. තවත් විනාඩි දහයකින් පමණ බස් රථය පැමිණෙනු ඇත. නමුත් අසරණව සිටි ඇගේ දෑස් දුටු මා හට ඇය තනිකර යාමට හිතක් නොදුන්නේ ඇයි දැයි මා නොදන්නේය. නමුත් මේ මොහොතේ මා හට ගැනීමට කිසිදු පියවරක් නොවීය. ඇය වැනි සුන්දර යුවතියක් මෙවන් ස්ථානයක තනිව සිටිනවා යනු ඉතා බැරෑරුම් කාර්යයකි. කිසිවක් කරකියා ගත නොහැකි තැන මා බංකුවෙන් නැගිට්ටේය.
” මම දන්න තැනක් තියෙනවා , කැමති නම් එන්න . එතන බය නැතුව ඉන්න පුළුවන් , මේක අරගෙන ඔය මූන පොඩ්ඩක් තෙමාගන්න. කවුරු හරි දැක්කොත් වැරදියට හිතයි”
මා බෑගයේ වූ වතුර බෝතලය ගෙන ඇයට දුන් අතර ඇය මුහුණ සෝදා ගත්තේය.
” මට වෙන උදව්වක් ඉල්ලන් කෙනෙක් හිටියෙ නෑ අයියෙ, කරදර කරනවට සමාවෙන්න . මගෙ ළඟ සල්ලි ටිකක් තීනවා මම ඒක අයියට දෙන්නම්, මට පුළුවන් නම් ඉන්න තැනක් හොයා දෙන්නකො”

” ඒව පස්සෙ විසදගමු , තව චුට්⁣ටකින් බස් එක එනවා , දෙන්න ඔය බෑග් එක මම ගන්නම් ”
මා ඈත වූ බෑගය කරට දමාගත් අතර ඈතින් බස් රථයද එනු පෙනුනි
……………………………………..?……………………………………………..

බස් රථය තුල සිටියේද මගීන් කිහිප දෙනෙකු පමණි මා පිටුපස ආසනයක් ඇයට පෙන්වූ අතර ඇය අසලින් වාඩි විය . ඇය මා දෙස කුඩා දරුවෙකු සේ බලා ජනේලයෙන් පිටත බලා සිටියේය. සුළගේ වැදී නිදහසේ පාවෙන කෙහෙරැල් ඇගේ මුහුණට වැටී එයින් ගෙන ආවේ සුන්දර දර්ශනයකි . මා එක එල්ලේ ඈ දෙස නොබැලුවේය.

කොන්දොස්තර පැමිණි විගස මා ටිකට් දෙකක් ලබා ගත් අතර ඔහු ඇය දෙස වුවමනාවෙන් බැලුවේ . පෙර මා තනිව ගමන් කරන ආසනයේ අද මා සමඟ එකට ගැහැණු ළමයෙකු සිටිනු නිසාදැයි මට සිතුනි

බස් රථය අඹගස්හන්දියට යන තුරුම මා හා ඇය අතර කතාවක් නොවීය . ඇයගේ මුහුණින් සියම් කඳුළු කැට වැටෙනු මම දුටුවේය .

” එන්න බහින තැන කිට්ටුයි”
මා එසේ පැවසූ පසු ඇය දෑස් පිස දමමින් මා සමඟ නැගිට්ටේය.

…………………………?……………………..
රාත්‍රී කෑම සඳහා අද හන්දියේ කෑම කඩයෙන් කෑම පාර්සල් දෙකක් ගත් මා අතුරු මාවත දිගේ ගමන් කලේය. ඇගේ ගෑවී නොගෑවෙන දුරින් ඇය මට ලංව සිටියේය .

” අයියෙ අපි මේ කොහෙද යන්නෙ?”
” මේ වෙලාවෙ ඔයාට නවතින්න පුළුවන් මම දන්න එකම තැනට”
මා එසේ පවසමින් ඇගේ මුහුණ දෙස බැලුවේය .
” මට ඔයාගේ නම කියනවද?”
” නිවර්තනා , අයියා ?”
” මම චමීර , ඇත්තටම ඔයාට මොකද වුනෙ”
නිවසට තව දුරක් පයින් යා යුතු නිසා ඒ දුර ගෙවා දැමීමට මා එසේ ඇසුවේය.
” මගේ තාත්තා දැනට අවුරුදු දෙකකට කලින් පපුවෙ අමාරුවක් හැදිලා නැති වුනා අයියෙ, තාත්තා නැති වුනාට පස්සෙ අම්මා ගාමන්ට් එකට ගියා , අපිට ජීවත් වෙන්න වෙන විදිහක් නැති නිසා. එහෙම ටික කාලයක් යද්දි අම්මා වෙන මනුස්සයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන . ටික දවසක් යද්දි ඒ මනුස්සයා අපේ ගෙදර යන්න එන්න ගත්තා . පස්සෙ අම්මා ඒ මනුස්සයව කසාඳ බැන්දා . අම්මට බබෙක් හම්බවෙන්න ඉන්නෙ . මම තමයි ගෙදර වැඩ කරලා දෙන්නෙ , මේ අවුරුද්දෙ උසස් පෙළ රිසාල්ට් ආවා . මට ඒ දෙකයි බී එකයි තියෙනවා ඒත් ඉස්සරහට ඉගෙනගන්න අමාරු නිසා මම ජොබ් එකක් හෙව්වා.
ඔහොම යනකොට තමයි අයියෙ මට මේ කරදරය වුනේ”

ඇය බිම බලාගෙන කදුළු පිස දැමුවේය .
” අඩන්න එපා , දැන් බය වෙන්න හේතුවක් නෑනේ, කියන්න මොකද වුනෙ ඊට පස්සෙ”

” දවසක් හවස මම කාමරේ ඉන්නකොට අම්මගෙ ඒ මනුස්සයා මගේ කාමරේට ඇවිත් මාව බදාගන්න හැදුවා .. මම කොහොම හරි ඒ මනුස්සයව තල්ලු කරලා දාලා අම්මා ලඟට ගිහින් විස්තරේ කිව්වා . පස්සෙ අම්මා ඒ මනුස්සයට බැනලා ඇහුවා ඇයි එහෙම කරේ කියලා.
ඒ වෙලාවෙ ඒ තිරිසනා කිව්වෙ මහ ජරා කතාවක් ”

” ඒ මොකක්ද?”
” උඹ බඩක් උස්සන් ඉන්නකොට මගේ ආසාවල් කරගන්න කෙනෙක් ඉන්න ඕනනෙ . දරුවා හම්බවෙනකන් මේකිව මට දීපන් කියලා ඒ තිරිසනා මගෙ දිහා බලලා අම්මට කිව්වා . ඒ මිනිහා එදා මා දිහා බලන් හිටිය විදිහටත් මට බය හිතුනා ..ඊයේ හවස ඒ මිනිහා මට ගවුමක් ගෙනත් දීලා කිව්වා නාලා කරලා මේක ඇදගෙන හිටපන් මම කඩේට ගිහින් රෑට කෑමත් අරන් එන්නම් කියලා . මට බය හිතුනා ගොඩක් , අම්මත් ගෙදර හිටියෙ නෑ . මම බෑග් එකට රෙදි ටිකකුත් දාගෙන ඒ මනුස්සයා එන්න කලින් ගෙදරින් ආවා..”

ඒ කතාවත් එක්ක මමත් ඇයත් මාගේ නවැතැන්පල අසලට පැමිණ තිබුනේය.
………………………………..?……………………………………
ගමක නිසා මට සියලු පහසුකම් එක්ක අඩු මුදලකට පොඩි ගෙයක් හොයාගන්න පුළුවන් වුනෙ මම රැකියාවට ආපු මුල්ම දවස් වල. ගමේ සිටිනා මාගේ රැකියා ස්ථානයේ සිටින සේවකයෙකු මාර්ගයෙන් ලැබුණ තොරතුරු සමඟ මා නිවස බැලීමට පැමිණි අතර නිස්කලංක පරිසරය සහ නිවසේ ඇති සිරියාවන්ත බව නිසාම බැංකු ණයක් මාර්ගයෙන් මා එය මිලදී ගත්තේය .. මා යකඩ ගේට්ටුව විවර කර ගෙදර වත්තට ඇතුලු වූයේ ඇයටද ආරාධනා කරමිනි

” කලබල වෙන්නෙපා , මේ තියෙන්නෙ මම නැවතිලා ඉන්න ගෙදර , වෙන කවුරුත් නෑ . මේ වෙලාවෙ මට ඔයාට නවතින්න කියලා දන්න තැනක් නෑ . ඔයා කැමති කාලයක් ඉන්න. බය වෙන්න එපා මගෙන් ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ ”

මා එසේ පවසමින් නිවසේ දොර හැර ඇයට නිවස තුලට පැමිණීමට සැලැස්විය.

………………………………..❤ අවසානය සමගින් තවත් එක් කොටසකින්……………………………………..

……..YUKI LIYANAGE …..

We will meet true love at an unexpected moment

3 thoughts on “දිව්‍යාංගනා❤ | පලමු කොටස | කෙටි කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.