Katha Ahura

බිදුනු පතිදම් | දෙවෙනි කොටස | කතා අහුර රචක

4.4/5 - (11 votes)

“ඔ..ඔව් අයියේ ඒක නිසා පොඩ්ඩක් හෙමින් යමුද….”නදී එහෙම කියලා අල්ලගත්තේ කවීගේ අත.නදීට දැනුනේ අත අසාමාන්‍ය විදිහට සීතලවෙලා කියලා.නදීට නොකියුවට කෙල්ල හිටියේ ගොඩක් බයවෙලා.හොස්පිටල් එක ගාවින් වීල් එක නතර කරපු ගමන්ම නදී කවීයි බැහැලා ආවේ සුමිත් ගාවට.

“අයියේ අපි එනකම් ඉන්නවද…එච්චර වෙලා යන එකක් නෑ.”නදී සුමිත්ට එහෙම කියලා කවීවත් ඇදගෙන ආවේ ඩොක්ටර් ඉන්න රූම් එකට.දෙන්නගෙම වෙලාව හොදකමට කවුරුත් හිටියේ නෑ.ඩොක්ටර්ගේ රූම් එක ගාවට ලංවෙනවත් එක්කම කවීගේ හදවත අසාමාන්‍ය විදිහට ගැහෙන්න ගත්තා.බැරිවෙලාවත් දරුවෙක් ලැබෙන්න ඉන්නවනම් කවී හිතාගත්තා නුරාද්ට හැමදේම කියන්න.ඩොක්ටර්ගේ රූම් එක ඇතුලට ගියපු කවී නදියි වාඩිවුනේ ඩොක්ටර්ට මද හිනාවක් පාලා.ඩොක්ටර්ට හැමදේම පැහැදිලි කරාට පස්සේ ඩොක්ටර් බැලුවේ කවී දිහා.

කවිගේ නාඩි අල්ලලා බලපු ඩොක්ටර්ගේ මූනේ ඇදුනේ හිනාවක්.

“හ්ම් මන් හිතන්නේ ඔයා ප්‍රෙග්නට් කෝකටත් අපි යූරින් ටෙස්ට් එකකුත් කරමු.නර්ස් මෙයාගේ යූරින් ටෙස්ට් එකක් කරලා බලමු.”ඩොක්ටර් එහෙම කිව්වම කවී නර්ස් එක්ක යන්න ගියේ නදී දිහත් බලලා.නදී හිසින් කිව්වේ කලබල වෙන්න එපා කියලා.

යූරින් ටෙස්ට් එක කරගෙන ආපු කවී නදී ගාවින් වාඩිවුනේ ඩොක්ටර් නැගිටලා අර නර්ස් එක්ක යද්දි.ඩොක්ටර් ගියාම කෙල්ල හැරුනේ නදී දිහාට.

“මට කිය/ප්න් දැන් උ/බ මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ….”

“මන් ප්‍රෙග්නට් නම් මන් නුරාද්ට ගිහින් කියනවා නදී මොකද මේ දරුවා එයාගේ.එයාගේ තීරනේ මොකක් වුනත් එයාට මේක දැනගන්න අයිතියක් තියෙනවා.”කවී කතාව නැවැත්තුවේ ඩොක්ටර් කවී ගාවට ආපු නිසා.

“මිසිස් වනිගසූරිය මයි congratulations ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නෙ….දැන් පරිස්සම් වෙන්න වමනේ යනවා කිව්වා නේද…ඔය වමනේ යන ගතිය සාමාන්‍යයි.”ඩොක්ටර් එහෙම කියලා හිනාවුනා.

“තෑන්ක්ස් ඩොක්ටර් …”නදී කවීවත් එක්කගෙන හොස්පිටල් එකෙන් එලියට ඇවිත් වීල් එකට නැගලා සුමිත්ට යන් කිව්වේ නුරාද්ගේ ගෙදරට .නුරාද්ගේ ගෙදර ගාවින් වීල් එක නැවැත්තුවත් කවීට හිතුනේ තමන් මේ ගමන ආවේ අපරාදේ කියලා.ඕන දෙයක් වෙච්චදෙන් කියලා නදී එක්ක හෙමින් අඩි තිය තිය ආවේ ගේ පැත්තට .කවී හෙමින් හෙමින් ඇතුලට ඇව්ත් ගියේ නුරාද්ගේ කාමරේට.කාමරේට ගියපු කවී දැක්කේ කාමරේ පුරාම දාලා තියෙන බෝතල්.කවි හෙමින් හෙමින් අඩිය තිය තියා ගියේ නුරාද් කොහෙද කියලා බලන ගමන්.ජනේලේ ගාව බෝතලයක් අතේ තියාගෙන වැටිලා ඉන්න කොල්ලව දකිද්දි කෙල්/ලට දැනුනේ කියාගන්න බැරි වේදනාවක්.නුරාද් ගාවට දුවගෙන ගියපු කවී නුරාද් ලග බිමින් වාඩිවෙලා ඒ මූන උස්සද්දි දක්කේ නුරාද්ගේ ඇස්වලින් කදුලු කම්බුල් දිගේ ගලාගෙන යනවා.

“නු ….නුරාද් ….”කෙ/ල්/ල වෙව්ලන හඩින් කියපුවම කදුලු මැදින් වුනත් නුරාද්ගේ මූනට ආවේ හිනාවක්.

“ක…කවී…මට සමාවෙන්න මැනික මන් මන් හොයන්නේ බලන්නේ නැතුව ඔයාට කෑ ගැහුවා.මන් ඔයාගේ ආ/ද/රේ මැන්නේ අර සුදු රෙදි කෑල්ලෙන් මට සමාවෙන්න.”නුරාද් කිව්වේ කෙල්ලගේ ඇස් දෙක දිහාම බලාගෙන.

“නු…නුරාද් කෝ නැගිටින්න….අපි ඒ සේරම අමතක කරලා අලුතින් ජීවිතේ පටන් ගමු අපෙ බබත් එක්ක.”කවී එහෙම කිව්ව ගමන් කොල්ලා කෙල්ල දිහා බැලුවේ ගැස්සිලා වගේ.කෙල්ල හිසෙන් කිව්වේ ඔව් කියලා.කෙල්ලව අත් දෙකට අරගෙන වටයක් කැරකුනු කො/ල්/ලා කෙ/ල්ල/ගෙ හිසට සිපුමක් තිබ්බේ කෙ/ල්/ල/ගේ මූනේ හිනාවක් ඇදෙද්දි. තියලා.මේ හැමදේම දිහා නදී බලාගෙන හිටියේ කදුලු පිරුනූ දෑසින්.

නදී ආවේ කෙ/ල්/ලට නුරාද් කෑ ගහයි කියලා බයට.ඒත් මේ හැමදේම හොදින් විසදුනා කියලා දැනෙද්දි නදී ආපහු හැරිලා යන්න ගියාම මෙච්චර වෙලා උස්සගෙන හිටපු කෙ/ල්ලව බිමින් තියපු නුරාද්ගේ මූනේ ඇදුනේ සරදම් හිනාවක්.කෙ/ල්/ල/ගේ කෙස් වැටියෙන් අල්ලගත්ත නුරාද් ගිනි පිටවෙන දෑසින් බැලුවේ කවී දිහා.

කෙ/ල්/ල/ට මේ කිසිම දෙයක් හිතාගන්න බැරිවුනා.මොහොතකට කලින් නුරාද් තමන්ව වැලදගත්ත විදිහ සමාව ඉල්ලපු විදිහ මතක් වෙද්දි නුරාද් මේ කරන්නේ විහිලුවක් කියලයි කවී හිතුවේ.

“උ/බ මොනවද හිතුවෙ…ආ මන් උ/බ/ට සමාව දුන්නා කියලද ..ආ…හැමදේම අමතක කරලා ….තමු/සෙ/ගෙ යාලුවා හිටපු නිසයි මන් ඒ විදිහට රගපෑවේ…”නුරාද් එහෙම කියලා හයියෙන් හිනාවුනා.

“ඒ කියන්නේ මේ සේරම රගපෑමක්ද නුරාද් රගපෑමක්ද….”කෙ/ල්/ල/ට දැනුනේ කියාගන්න බැරි අසරනකමක්.කෙ/ල්/ල/ට තවත් ජීවත් වෙන්න හිතුනේ නෑ.ඒක නිසාම කවී වීදුරු කෑල්ලක් අතට අරගෙන බැලුවේ නුරාද් දිහා.

“මොකද ත/මු/සෙ මාව බය කරනවද…ආ…”නුරාද් එහෙම කියන ගමන් ලගට එන්න හැදුවත් කවී අතින් සන් කරේ ලගට එන්න එපා කියලා.ඒත් එක්කම අඩි සද්දයක් ඇහුන නිසාම දෙන්නම බැලුවේ ඒ දිහා.දොර ගාව හිටගෙන හිටියේ කොට ස්කට් එකට දම්පාට ස්කිනියක් ඇදගත්ත ගර්ල් කෙනෙක්.ඒ ගර්ල් ඇවිත් නුරාද්ව බදාගත්තේ කවීගේ අතේ තිබ්බ වීදුරු කෑල්ල බිමට වැටෙද්දි.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

“කවී කවී ..නදී කෑ ගහද්දියි මන් පියවි සිහියට ආවේ….දෙයියනේ එතකොට මන් දැකලා තියෙන්නේ හීනයක්ද….මන් බැලුවේ අපි කොහෙද ඉන්නේ කියලා….මන් දැක්කේ නුරාද් එලියේ බංකුව උඩ වාඩිවෙලා ලොකු කල්පනාවක ඉන්නවා.නදී දිහා බලලා හුස්මක් ගත්ත මන් නදීත් එක්කම බැහැලා නුරාද් ගාවට ගියේ හිතේ ඇතිවුන තිගැස්මක් එක්ක.නුරාද් ගාවට ගියපු කවී එක අතකින් පපුව අල්ලගෙන ලංවුනේ නදී දිහත් එකපාරක් බලලා.

“නු ….නුරාද්….”කවී නුරාද් කියලා කතා කරත් නුරාද්ට ඇහුනේ නෑ.ඒක නිසාම කවී නුරාද්ගේ නම කියලා ආපහු සැරයක් කතා කරේ නුරාද් ගැස්සිලා යද්දි.මෙච්චර වෙලා මූන බිමට බරකරගෙන හිටපු නුරාද් ඔලුව උස්සනකොට කවී දැක්කේ මූන පුරාම රැවුල වැවිලා.කවීගේ අත මුවගට ගියේ ඉබේටම වගේ.

“ක…කවී…ඔයා..මන් හිතුවේ නෑ ඔයා ආපහු මන් ගාවට එයි කියලා.මන් බැනපු හැටියට වෙන කෙනෙක් නම් මගේ මූන දිහාවත් බලන එකක් නෑ.”නුරාද් කිව්වේ වේදනාවෙන් .නුරාද් එහෙම කියලා නැගිටින්න හැදුවත් නුරාද් එහෙමම බංකුව උඩට කඩා වැටුනේ නුරාද්ගේ ඇස් දෙකෙන් එකපිට එක කදුලු වැල් කම්බුල දිගේ ගලාගෙන යද්දි.එතකොටයි කවී දැක්කේ බැන්ඩේජ් කරලා තියෙන කකුල.

“දෙයියනේ නුරාද් මොකක්ද මේ කකුලට වෙලා තියෙන්නේ ….අනික මේ බැන්ඩේජ් එක….”කවි ඇහුවේ ඇස් දෙකට කදුලු වැල් උනාගෙන එද්දි.නදී කවීගේ උරහිසෙන් අත තිබ්බේ අඩන්න එපා කියලා අගවන්න වගේ.එතකොටමයි කවීට මතක් වුනේ තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා.අමාරුවෙන් හිත සන්සුන් කරගත්ත කවී කදුලු පිහදගෙන බැලුවේ නුරාද් දිහා.ඒ ඇස්වල කවී දැක්කේ වේදනාවක්.

“මන් මහම මහා ප/ව්/කා/ර/යෙක් කවි එදා ඔයා ගියාට පස්සේ මන් හිටියේ පිස්සෙක් ගානට .ඔයා ගියාමයි මට තේරුනේ මන් ඔයාට කොච්චර ආදරේ කරලද කියලා.ඔයාගේ මතකෙන් මිදෙන්න කොච්චර උත්සහ කරත් මට ඒක බැරිවුනා.ඒක නිසාම මන් බොන්න පුරුදු වුනේ ඔයාගෙන් ඈත් වෙන්න එතකොටවත් පුලුවන් නිසා.එදා බීලා එද්දි තමයි මේ ඇස්සිඩන්ට් එක වුනේ කවී.මට සමාවෙන්න මේ සේරම වුනේ මන් නිසා.කොහෙවත් යන සුදු රෙද්දක මන් ලෙ***පැල්ලමක් බලන්න ගියා.මට සමාවෙන්න “නුරාද් කිව්වේ කවීගේ අත්දෙකෙන් අල්ලගෙන.

“දැන් ඒවගෙන් වැඩක් නෑනේ නුරාද් මන් ආවනේ …පරන දේවල් කතා කරන එකෙන් වෙන්නේ අපේ හිත රිදෙන එක.අපි කොහොමහරි කකුල සනීප කරගමු.”කවී එහෙම කිව්වම නුරාද්ගේ මූනේ ඇදුනේ හිනාවක්.කවී නුරාද් ගාවින්ම වාඩිවෙලා ඒ උරහිසට බරවෙලා ඔලුව තියාගත්තේ හිතට සැනසීමක් දැනෙනකොට.ඒ එක්කම කවීට ඇහුනේ උගුර පාදන හඩක්.

“කවී උ/බ ඕන තරම් ලව් කරපන් මන් මෙතනින් ගියාට පස්සේ …අනික දැන් උබ ආපු කාරනාව උබට අමතක වුනාද….”නදී මතක් කරනකොටයි කවීට මතක් වුනේ තමන් ආවේ ඇයි කියලා.ඒ එක්කම කවී නුරාද්ගේ අත අරන් කුසට තියාගත්තේ නුරාද් ඇස් ලොකු කරගෙන කවී දිහා බලද්දි.

“එ…එයා ඇවිත්ද කවී…..එයා ඇවිත්ද…”නුරාද් ඇහුවේ අමාරුවෙන් නැගිටින්න හදන ගමන්.නුරාද්ගේ අතින් අල්ලලා පුංචි රැවුමක් පා කරේ නුරාද් ඉන්න තත්වේ එක්ක.

“ඔ…ඔව් නුරාද් එයා ඇවිත්…මන් අද ආවේ ඒගැන ඔයාට කියන්න.”කවී කිව්වේ නුරාද්ගේ අත අරගෙන තමන්ගේ කුසට තියාගන්න ගමන්.

“කවී එහෙනම් මන් යනව.උ/බ/ට මොනවහරි උදව්වක් ඕන වුනොත් කියපන්.නුරාද්ගේ කකුල අපි කොහොම හරි සනිප කරගමු මන් දන්න වෙද සීයා කෙනෙක් ඉන්නවා අපි හෙට යන්.”නදී එහෙම කිව්වේ කවී ලගට ඇව්ත් කවීගේ ඔලුව අතගාලා…කවී නැගිටලා නදිව වැලදගත්තේ උතුරා යන සෙනෙහසින්.නදී යන්න ගියාම කවී නුරාද්වත් වත්තම් කරගෙන ඇතුලට ආවේ සැනසීමෙන්.

මාසයකට පසු…..

එදා නදී කියපු සීයා ගාවට ගිහින් නුරාද්ගේ කකුල හොදටම සනීප කරගත්තේ නදීට පිංසිද්දවෙන්න.ඒක හැමවෙලේම කවී නදීට කිව්වේ සතුටින් .මොකද අද නදී නැත්තම් තමන්ට මේ කිසි දෙයක් කරන්න බෑ කියලා කවී හොදාකාරවම දැනගෙන හිටියා.

“කවී ….කවී ඔයා ලෑස්ති නැද්ද බබා…”නුරාද් ආවේ එහෙම කියාගෙන.ඒ එක්කම කවීව දැක්ක නුරාද්ට ඇස් අදහගන්න බැරිවුනා.රතුපාට ෆ්‍රොක් එකක් ඇදගෙන කොන්ඩේ කඩාදලා බඩටත් අත තියාගෙන තාරාවෙක් වගේ ඇවිදගෙන එන කවීව දකිද්දි නුරාද්ට කවීගේ මූනෙන් ඇස් අහකට ගන්න හිතුනේ නෑ.

“බලල ඉවරනම් යන්ද මහත්තයෝ….කවී එහෙම කිව්වේ නුරාද්ගේ නහයෙන් අල්ලලා මිරිකන ගමන්.අද නදීගේ බර්ත්ඩේ පාටිය ඉතින් දෙන්නම ලෑස්ති වෙලා යන්න හැදුවේ ඒකට.නුරාද් කවීව අත් දෙකට උස්සගත්තේ කවීට කෑ ගැහෙද්දි.නුරාද් කවීගේ හිසට සිපුමක් තියලා පල්ලහාට එනකොටම ආවේ ලෝයර් කෙනෙක්.කවීව බිමින් තියපු නුරාද් ලෝයර් ගාවට ගියේ සිනාමුසු මූනින්.කවීට කිසිම දෙයක් අදහගන්න බැරි නිසාම කවී නුරාද්ගේ පස්සෙන් ගියේ රොබෝ කෙනෙක් ගානට.

“වාඩිවෙන්න මිස්ටර් වික්‍රම සූරිය…පේපර්ස් ටික ලෑස්තිද….”නුරාද් එහෙම අහද්දිම කවීට බැලුනේ නුරාද්ගේ මූන දිහා.නුරාද් කවීගේ අත අල්ලගත්තේ කලබල වෙන්න එපා කියන්න.

“නුරාද් කියපු විදිහටම මන් පේපර්ස් ටික හැදුවා.මේක මෙච්චර ඉක්මනට කරගන්න පුලුවන් වුනේ නුරාද්ගේ බල කිරීම හින්දා.මිසිස් කවී ඔයා මේ පේපර් වල මන් කතිර දාලා තියෙන තැන්වලින් අත්සන දාන්න.”වික්‍රමසූරිය කිව්වේ පෑනයි පේපර්ස් ටිකයි කවීගේ අතට දීලා පෙන්නන ගමන්.කවී ගැහෙන ඇගිලි තුඩු වලින් පේපර්ස් ටික බලද්දි දැකපු දේ නිසා කවීට හුස්ම ගන්න එකත් අමතක වුනා.කවී කදුලු පිරුනු දෑසින් බැලුවේ නුරාද් දිහා.ඒ ඇස්වලත් කදුලු තියෙනවා.

“නුරාද් මේ…ඇයි මෙච්චර දෙයක් අනික මේ දේපල සේරම ඇයි මගේ නමට ලිව්වේ….”

“ශ්…අපි ඒ ගැන පස්සේ කතාකරමු දැන් මේකේ අත්සන් කරන්නකෝ …”නුරාද් කිව්වම කවී කදුලු පිහදගෙන අත්සන් කරලා වික්‍රමසූරිය අතින් තිබ්බේ වික්‍රමසූරිය හිනාවෙලා ගෙදරින් එලියට ගියේ නුරාද්ට අතට අත දීලා.වික්‍රම සූරිය ගියා විතරයි නුරාද් බැලුවේ කවී දිහා..ඒ ඇස්වල තාමත් කදුලු.

“කවී මගේ ජීවිතේ හැදුවේ ඔයා.ඔයා තමයි මගේ දෙවෙනි අම්මා.ඉතින් ඔයාට මේවා ලියපු එකේ කිසිම වැරැද්දක් නෑනේ…අනික මන් නැති කාලෙක ඔයාටම කියලා තැනක් තියෙන්න ඕන.මගේ මැනික හැමදාම සතුටින් ඉන්න ඕන නිසයි මේ හැමදේම මන් කරන්නේ….තේරුනාද ….”නුරාද් එහෙම කියපු ගමන්ම කවී නුරාද්ව වැලදගත්තේ උතුරා යන සෙනෙහසින්.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

?නිමි?

අදහසක් කියාගෙන යන්නෝ.

16 thoughts on “බිදුනු පතිදම් | දෙවෙනි කොටස | කතා අහුර රචක”

  1. Sandu (kandy girl)

    Hey..!

    කාලුවත් ම නැද්දෝ….???

    අනේහ්.. ඔයාලා බලලා යන්න ආවම ඔයාලා නෑ… ?

    හරිම පාලුයි මේ පැත්තම…

  2. කාලෙකින් බැරිවුණි මට මෙහි එන්න
    හැකි වුණු විගස ආවෙමි මම ඉක්මනින
    සිතුවා ඔබ කෙළි කවටෙන් සිටින බව
    ඒත් ඇසුණේ නෑ ඔබේ සිනා හඬ දුරට

    මලකඩ කෑ අඟුල් ඇති දොරක් ලෙසට
    ලෝඩ් වුණේ ගොළුබෙල්ලෙකු ලෙසට
    නොඉවසිල්ලෙන් සිටි මා සිටියේ තුටින
    ඔබ සැම විගස හමු වේ යැයි සිතමින

    වෝල් එක මගේ ඇස ගැටුණු විගසම
    පරව ගියා සතුට පිරුණු සිතුවිලි සැම
    කිසිවෙක් නැතුව එහි පාලුව පිරී ඇත
    තිබුණේ මකුළු දැල් දූවිලි තට්ටු ලෙස

    ඉදහිට කලාතුරකින් එන සොයුරු කැළ
    තනිව හිඳ පිටව ගියත් හොර රහසේම
    ඇත කතාවන් සමහර අය තනිව කළ
    එහි වූ පාලුවට තනි මකන්නට මෙන්ම

    කහ රෝස මල් පිබිදුණු අපෙ ගෙවත්ත
    මැලවෙන්නට ඉඩ දී ඉන්නෙ ඇයිද ඔබ
    විසිරුවා හැර සතුටු වතුර බිඳු ඒ මත
    යළි සිනා වෙමු අපි කහ රෝස අතරේම

    1
  3. ?????.........?

    ?හේ හේ ඔන්න තව කතාවක් කියවලා
    ඉවරයි….කතාව ගොඩක් ලස්සනයි ?all the best ? bs

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.