Katha Ahura

දිවුල් | හොල්මන් කතා | කතා අහුර

3.4/5 - (19 votes)

දිවුල් ? පලවෙනි දිවුලය

අනුහස්ගේ කිරි අම්මාගේ මල ගෙදරට එතරම්ම සෙනගක් ඇවිල්ලා හිටියේ නෑ. ඒ ඇවිල්ලා හිටපු අය අතර මම දන්න කියන කෙනෙක්වත් ඉන්නවද කියල බලමින් බුලත් විටක් හපනකොටයි මාව සොයාගෙන අනුහස් ආවේ.

” කිත්සර පොඩි ගමනක් තියෙනවා ගිහිල්ලා එමුද ”

” කොහාටද ”

” පිටියේ වල කපන අයට බත් එකදීලා එන්න ”

” යමු ”

අනුහස්ගේ කීමට මම කැමති වුනේ එක පයින්. ඔහුගේ කිරිඅම්මාගේ මලගෙදරට ඔහුගේ තනියටත් එක්ක ආපු මම මේ වෙද්දී හිටියේ ගොඩක් අපහසු තත්වයෙන්.

මලගෙදර හිටපු බොහෝ දෙනෙක් මාව දකිද්දී පුදුමයෙන් වගේ බලන බැල්ම මට එච්චරම ඇල්ලුවේ නැති එකයි ඒඅට හේතුව වුනේ.

” මෙයා හරියට සදුන් වගේමයි.”

” ඇරපු අතක් නෑ මේ නම් සදුන්මයි, ඒ උසමයි , ඒ පාටමයි, කතාකරන්නෙත් ඒ වගේමයි.”

මලගෙදර හිටපු බොහෝ දෙනෙක් මාව දකිද්දී ඔය වගේ දේවල් කිව්වේ මම දිහා පුදුමෙන් වගෙ බලාගෙන ඉදලා. අදුනන්නේ නැති ඒ අයගෙන් සදුන් කියන්නේ කවුද කියලා ඇහුවේ නෑ. ඒ කිව්ව සදුනුත් මමත් එක වගේ වෙන්න ඇති. මම හිතුවෙ එහෙමයි.#
********************************************

අනුහස් පිටියේ වල කපන අයට කැමට බත් මලු පිනි අරගෙන ගියේ ත්රී වීල් එකකයි. අනුහස් ඉස්සරහ ඉදගෙන ත්රී වීල් එක එලවගෙන යද්දී මමයි. ඒ ගමේ හිටපු මල්ලි කෙනෙකුයි පිටිපස්සට වෙලා ඉදගෙන කෑම බාස්කට් අල්ලගෙන ගියා.

” ඇත්තටම කවුද බං සදුන් කියන්නේ , ඌත් මම වගේද ”

” මමත් දන්නේ නෑ බං , මම මේ ගමේ කට්ටියව එච්චරම අදුරන්නේ නෑ, කිරි අම්මලගේ ගෙදර කිව්වට මම ඉපදුන තේකටම මේ ගමට දහපාරකට වඩා ඇවිල්ලා නෑ…උබ වගේ වෙන්න ඇති ඒකනේ මිනිස්සු ඔච්චරම එහෙම කියන්නේ”

මම අහපු දෙට අනුහස්ගේ මුවින් පිටවුනේ එච්චර සුබදයක පිලිතුරක් නොවුන නිසා මම මම ලග වාදිවෙලා ඉන්න මල්ලී දිහාට හැරුනා.

” ඔය මල්ලි මේ ගමේද ”

එතරම්ම කතා බහක් නැත් ඔහු හිස සැලුවෙ ඔව් කියන්න.

” එහෙමනම් මල්ලි දන්නව ඇතිනේ සදුන් කියන්නේ කවුද කියලා,, එයාත් මම වගේද ”

” ඇත්තමයි අයියේ මමත් ඔයාව ඉස්සරවෙලාම දකිද්දී හොදටම බය වුනා… ඔයත් හරියටම සදුන් අයිය වගේමයි.”

ඔහු ඒ දේ කිව්වේ මගේ ඔලුවට ප්රෙහේලිකාවක් ඉතිරිකරමින්.##

” ඒත් ඇයි මාව දකිද්දී බයවුනේ…”

” සදුන් අයියා මීට අවුරුද්දකට කලින්……..”

ඔහුට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි. ‘බ්රාස්………”

හඩක් නගමින් අනුහස් ත්රීවීල් එකේ තිරිංග එකපාරටම පෑගුවෙ පිටිපස්සේ හිටපු අපිව එකවරම ගස්සමින්.

** තිරිංග පාගපු වේගෙට මාව ගැස්සුනා විතරක් නෙමේ මම අල්ලගෙන හිටපු පරිප්පු බාස්කට් එකෙත් පියන ඇරී හොදි මගේ කමිසයේ හැලුනේ මාව හොදටම අපහසුතාවයකට පත් කරමින්.

” මොකද එකපාරටම වුනේ ”

මම ලග හිට්පු මල්ලි අනුහස්ගෙන් ඇසුවෙ කලබලයෙන්.

” වුනේ කියන්නේ එකපාරටම කලු බල්ලෙක් පැන්නනේ ත්රීවීල් එක ඉස්සරහට. කොහෙන් කොහොම මතුවුනාද කියලවත් හොයාගන්න බැරි වුනා….හැප්පෙන්න ආව විතරයි දැන් නෑ…කොහාට වාශ්ප වුනාද මම දන්නේ නෑ…”

අනුහස් වටේටම ඇස් යවමින් හොයද්ද්දී මමත් බැලුවේ ඒ කියන කලු බල්ලාව දැකගැනීමේ අරමුනින්. ඒත් මට කලු බල්ලෙක් තියා වෙන පාට බල්ලෙක්වත් දැක ගන්න හම්බවුනේ නෑ.

ගැස්සුනේ වෙගේන් වුනත් පරිප්පු හැලිලා තිබ්බේ පොඩ්ඩයි. මම ඒව අත් ලේන්සුව ගෙන පිස දමද්දී අනුහස් ආයෙත් ත්රී වීල් එක එලවගෙන ගියා. ###මිනීපිටියට යනකම්ම ඊට පස්සේ අපි තුන්දෙනාගෙන් එක්කෙනෙක් වත් කතා කෙරුවේ නෑ.

පිටියේ වල කපන අයට ගෙනාපු කෑම කුම්බක ගේ ඇතුලෙන් තියපු මමයි අනුහසුයි අපිත් එක්ක ආපු මල්ලියි ගියේ වල කපන තැනටයි. ඒ වෙද්දි උදේ එකොලහ පහුවෙලා තිබුනා. එක මනුස්සයෙක් වලට බැහල වල කපද්දී තව මනුස්සයෙක් කපපු පස් එලියට දමමින් හිටියා.කපන වල.දිහා බලාගෙන මිනිස්සු අටදෙනෙක් විතර හිටියා. ඒ අතර මගේ වයසේම කොල්ලො දෙන්නෙකුත් හිටියා. ඒ කොල්ලො දෙන්නත් හිටියේ වල ඇතුලට එබීගෙනමයි. වල ඇතුලෙන් දිය සීරාවක් ගලාගෙන බැස්සේ මේ දවස්වල තිබුනු වැසි සහිත කාලගුනය නිසයි.

” තව අගලක් විතර යටට කපපුවාම ඇති.”

එතන හිටපු මනුස්සයෙක් කියද්දී එකපාරටම මගේ ඔලුව උඩට යමක් වැටුනේ වෙදානාවක් එක්කරමින්.

“ආහ්හ්හ්හ්හ්හ්හ්.”

වේදානාවත් සමග මගේ එක අතකින් හිස අල්ලගෙන මම බැලුවේ ඔලුවට වැටුනේ මොකක්ද කියලයි……………………?????????????????????ඊලග කොටසට Diwul

ඔලුවට වැටුනේ මොකක්ද කියල බලමු ඊලග කොටසින්, එතකම් අනුමාන කරන අය අනුමාන කොරන්ඩකෝ?????????????

සාගර සම්පත් ( රාස් )

7 thoughts on “දිවුල් | හොල්මන් කතා | කතා අහුර”

  1. Priyadarshani

    දිවුල් ගෙඩියක්ද?????
    නියමයි කතාව ….ඉස්සරහට හොදටම බය කරන්න අපිව ???
    Good luck …???

  2. දිවුල් ගහේ එල්ලීලාද සදුන් මැරුණේ ??? දිගටම ලියන්න ලස්සනයි කතාව. ?

  3. Chathu indeewaree

    රාස් කීවොත් ඉතින් හොල්මන් කතාවලට කැප්ටන් නේ… සුපිරියටම තියෙයි කතාව. දිවුල් ගෙඩියක් වෙන්න ඇති වැටෙන්න ඇත්තේ… සඳුන් කියන කෙනාගේ මරණයත් එක්ක දිවුල් ගහක් ගැන කියවෙයි කියලා හිතෙනවා ඉදිරියේදී. තෑන්ක්ස් රාස් අපි වෙනුවෙන් ආයෙමත් සුපර් හොල්මන් කතාවක් අරන් ආවට. පොඩි පොඩි episode දාන්නේ නැතුව මීට වඩා දිගගගගගගගගගග කොටස් දාන්නකෝ.. ප්ලීස්… බුදු සරණයි! රාස්….සුබ රැයක්…!!!!

    3

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.