Katha Ahura

අදිසි මාරකය? | 01. කොටස | රහස් පරීක්ෂා කතා

3.7/5 - (6 votes)

අදිසි මාරකය?
(01.කොටස)

ස්ථානය÷ වව්නියාව ප්‍රධාන පොලිස් මූලස්ථානය
දිනය÷ 2008.10.05

” මේව මොනවට තියාගෙන ඉන්නවද මන්දා බන්. බලපන් දූවිල්ල එකයි”

කොස්තාපල්වරයෙකු තම සහෝදර නිළධාරියෙකුට පැවසුවේ පැරණි නඩු ගොනු කිහිපයක් අතට ගන්නා අතරතුරය. එදින පොලිස් මූලස්ථානය තුල විශේෂ යමක් සිදුවිය. S.D.I.G නිමල් ගුණසිංහ මහතාගේ නියෝගයක් මත පොලිස් මූලස්ථානය තුල ඇති පැරණි නඩු ගොනු ඉවත් කෙරුනු අතර මෑතකදී සිදු වූ සිද්ධීන් වලට අදාළ නඩු වල ලියකියවිලි පමණක් නැවත පරීක්ෂා කිරීමකට සිදු විය.
” සර් , මේ ටික චෙක් කරනවද?” කොස්තාපල්වරයා නඩු ගොනු කිහිපයක් ඒවා පරීක්ෂා කිරීමට බැදී සිටින නිළධාරියාගේ මේසය මත තැබීය.
” පියසිරි, මේ ෆයිල් එක S.I මාධවට දෙන්න. මේකේ තියෙන්නෙ D.I.G සුරාජ් සර් හැන්ඩ්ල් කරපු important කේස් එකක්”
” හරි ,සර්” කොස්තාපල්වරයා එය අතට ගෙන එස්.අයි මාධවට අයත් ස්ථානය වෙත ගියේය.
” මාධව සර් මේ ෆයිල් එක ස්කෑන් කරලා, පරිගණකගත කරන්නලු”
” මොන වගේ එකක්ද පියසිරි මේකේ තියෙන්නෙ” මාධව එය අතට ගනිමින් පැවසුවේය.
” D.I.G සුරාජ් සර් හැන්ඩ්ල් කරපු එකක්”

මාධව එය අතට ගෙන එහි ඇතුලත තිබූ ලිපි ලේඛන කිහිපයක් පරීක්ෂා කලේය. ඒ අතරතුරේදී ඔහුට හමු වුනේ තරමක් දුර්වර්ණ වූ ඡායාරූප කිහිපයකි. ඒ දෙස හොදින් බැලූ මාධවගේ ඇස් දෙක විශාල වුන අතර ක්ෂණිකයෙන් තම දෙකම්මුල් දිගේ දහඩිය ගලා යන්නට විය.
ඔහු තමා ඉදගෙන සිටි පුටුවෙන් නැගිට කොස්තාපල් පියසිරි දෙක එක එල්ලේ බැලීය.
” පියසිරි, මට මේ දැන්ම සුරාජ් සර්ට කතා කරන්න ඕන . ඉක්මනට මට සර්ගෙ ෆෝන් නම්බර් එක හොයලා දෙන්න”
පියසිරිට හිතාගත නොහැකි වූයේ එස්. අයි මාධව ඒ මොහොතේ හැසිරුනු ආකාරයයි.
” හරි සර් මම හොයලා දෙන්නම් ඉක්මනට” පියසි‍රි තම උසස් නිලධාරියාගේ වචනයට අවනත විය.
විනාඩි කිහිපයකට පසු එස්.අයි මාධව පියසිරි මාර්ගයෙන් ලබා ගත් දුරකථන අංකය හරහා D.I.G සුරාජ් විජේසිංහ මහතාට ඇමතුමක් ලබා ගත්තේ හිතේ ප්‍රශ්න රාශියක් මතු කරගෙනය.
” හෙලෝ, D.I.G සුරාජ් හියර්” මාධවගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාරය ලැබුනි.ඒ කටහඩේ තිබුනේ යම් ගාම්භීරත්වයකි.
” හෙලෝ,ගුඩ් මෝර්නින්ග් සර් .මම එස්.අයි
මාධව , වව්නියාව පොලිස් ස්ටේෂන් .
දැනට අවුරුදු තුනකට කලින් සර් ඉන්වෙස්ටිගේෂන් කරපු කේස් එකක ෆයිල් එකක් මට හම්බුනා. ඇත්තටම මට ඒක හිතාගන්නවත් බෑ සර්”
” ඒ සිද්ධිය තමයි මාධව මගෙ ජීවිතේ උඩුයටිකුරු කරේ, ඇත්තටම මම ඒක අමතක කරන්න ගොඩක් උත්සහ කරනවා. ඒත් ඔයාගේ මේ කෝල් එකෙන් ආයෙත් ඒ පරණ මතකය මගෙ හිතට ආවා”
D.I.G සුරාජ්ගේ වදන් පෙලට මාධවට දීමට පිළිතුරක් නොවීය.
” සොරි සර් ”
” මාධවට ඒ සිද්ධිය ගැන තොරතුරු දැනගන්න ඕන නම් මගෙ ගෙදරට එන්න”
” තැන්ක් යූ සර්”
………………………………?
ස්ථානය ÷ අනුරාධපුරය, පදවිය ප්‍රදේශය
දිනය÷ 2005.06.08

වේලාව රාත්‍රි 11.00 පසුවී විනාඩි පහක් පමණ වී ඇත. තද හුලගක් සමඟ මද වැසි තත්වයක්ද එදින පැවතුනි.
කලු රෙදි කඩකින් මුහුණ ආවරණය කරගත් අට දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් එක්තරා නිවසක් අසල නතර විය. අඩි දොලහක පමණ තාප්පයකින් වට වූ මෙම දෙමහල් නිවස තරමක් හුදෙකලාව පැවතුනි. කැලෑබද ප්‍රදේශයට කිට්ටුව තිබුනුද මෙම නිවසෙහි පොහොසත් බවක් දක්නට ලැබුනි.
” ලෑස්ති වෙයල්ලා , හ්ම්” කණ්ඩායමේ නායකයා යැයි හදුනාගත හැකි පුද්ගලයා සෙසු පුද්ගලයන් දෙස බලා පැවසීය.
ඔහු එසේ පවසත්ම කණ්ඩායමේ දෙදෙනෙක් දුව ගොස් තාප්පය අසල නතර විය. පසුව අනෙක් පුද්ගලයන් හය දෙනාම විදුලි වේගයෙන් දුව ගොස් තාප්පයට හේත්තු වී සිටින පුද්ගලයන් දෙදෙනාගේ කර මතට පැන තාප්පය තරණය කරමින් නිවසෙහි වත්තට ඇතුලු වන්නට වූයේ වදුරන් රැලක් මෙනි. කිසිදු කතාබහකින් තොරව ඔවුන් කණ්ඩායම නිවසෙහි ඉදිරිපස දොර දෙපළු කරමින් නිවසට ඇතුලු විය.
” කවුද? ඒයි ඔහොම ඉන්නවා” ඔවුන් සාලයට ඇතුලු වෙත්ම වයසක කාන්තාවක් ඔවුන් ඉදිරියට පැන කෑ ගසන්නට විය. නමුත් ඇයට සිතීමටවත් කාලයක් ඉතුරු නොවීය. එක් පුද්ගලයෙකු විසින් ඇයගේ හිසට එල්ල කල යකඩ පොලු පහරින් ඇය හුන් තැනම ඇදගෙන වැටුනේය.
” ආච්චි” යැයි කෑගසමින් නිවසෙහි කාමරයක් තුල සිට පැමිණියේ තරුණයෙකි. ඔහුගේ පිටුපසින් මව හා පියා පැමිණියේය. නමුත් ඔවුන් සියල්ලටම වැඩි යමක් කිරීමට නොහැකි විය. පැමිණි පුද්ගලයන්ගෙන් එක් අයෙක් තරුණයාව තල්ලු කර දැමූ අතර ඔහු වීසි වී ගොස් හිස බිත්තියේ වැදී එතනම සිහිසුන්විය. ඔහුගේ පියාගේ හිසටද යකඩ පොලු පහරක් වැදුනු අතර ඔහුගේ ජීවිතයද එතනම අවසන් විය. එක් අයෙක් ඔහුගේ මවගේ හිස කෙස් වැටියෙන් අල්ලා ඇයව එම නිවසෙහි අලංකාරයට ඇති කල මාළු ටැංකියේ ඇගේ හිස එබුව අතර පසුව ඇයගේ හිස දෙපළු වන සේ වෙඩි තැබීය. තවද කාමරයක නිදා සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකුව නිදි ඇද මතම අවසන් ගමන් යැවීව. නිවස තුල මළ කඳන් ගොඩක් එකතු කල ඔවුන් කණ්ඩායම නිවසෙහි තිබූ රත්තරන් බඩු හා මුදල් සියල්ලම සාලය මැදට එකතු කලේය.
” චාමා , මේ රත්තරන් බඩු ටික විකුණනවා කියන්නෙ අවුරුදු ගානක්ම අපිට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් ” එක් අයෙකු තවකෙකු දෙස බලා පැවසීය.
” අනේ ඇයි මේ වගේ අපරාධ කරන්නෙ”
එකපාරටම ඇසුන කටහඩින් ඔවුන් මදක් කලබල විය.
” අනේ මාව අත අරින්න. මාව මරන්න එපා. ”
ඔවුන් දුටුවේ අවුරුදු හැත්තෑවක පමණ වයසක පුද්ගලයෙකුය.
” හ් හ් හ් හහහ… උඹ නම් හරිම අවාසනාවන්තයි නාකියෝ. මේක අහපන් මම කැමති නෑ කාටවත් පරදින්න. මම දුප්පත් වෙලා ඉපදුනා ඒත් මට දුප්පතෙක් වෙලා මැරෙන්න බෑ” කණ්ඩායමේ නායකයා යැයි කිව හැකි පුද්ගලයා ඔහු දෙසට තුවක්කුව එල්ල කරමින් පැවසුවේ මහ හඩින් සිනාසෙමින්ය. ඒ කතා බහ තුල යම් බයානක තත්වයක්ද නොතිබුනා නොව
” ඇයි උඹලා මේ වගේ තිරිසන් වැඩ කරන්නෙ.උඹලව පොලීසියෙන් අතහරින එකක් නෑ”
” ඔව් උඹව අපි අතහැරියොත් , අපිට වෙන්වෙ ඒක තමයි .උඹත් ලෑස්ති වෙයන් මුන් ගිය ලෝකෙටම යන්න”
” අම්මෝ”……………..වෙඩි හඩ මැදින් එම පුද්ගලයාද අවසන් ගමන් ගියේය.

⏳ආදරය, කුතුහලය, ත්‍රාසය පිරි අලුත්ම රහස් පරීක්ෂක කතාව⏳

( කොහොමද ස්ටෝරිය ? ඇත්තටම D.I.G සුරාජ්ගේ කතාව මොකක්ද කියලා දැනගන්න ඕනද? ……”)
Randy Wijesinghe?

4 thoughts on “අදිසි මාරකය? | 01. කොටස | රහස් පරීක්ෂා කතා”

  1. Priyadarshani

    ම්ම්ම් නියමායි කතාව ??? ….ඉස්සරහට වෙන්නේ මොනාද කියල දැනගන්න ඉවසිල්ලක් නෑ..??
    Good luck ..????

  2. Chathu indeewaree

    ඉස්සරහට කතාව ගොඩාක් ලස්සනට තියෙයි කියලා හිතෙනවා. හැමදාම දිගගගගගගගගගග කොටස් දාන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා Randiyoooo… මම ගොඩාක් ආසයි මේ වගේ කතා වලට. මේ වගේ තවත් කතා ඇප් එකට එක් කරන්න අපි හැමෝම වෙනුවෙන්. ඔයාට සුභ පතනවා මම අනාගතයේදී හොඳ writer කෙනෙක් වෙන්න ලැබේවා! කියලා. බුදු සරණයි!…

    1
  3. Thakshi Deepali Jayasuriya

    කතාව නම් නියමයි S. I. රශ්මික…ඔයාගේ වෘත්තීය ජීවිතේ වගේම ලේඛක දිවියත් දිනෙන් දින දියුනුවට පත් වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා මං

    1
  4. Ashka Rashmi

    කතාව හරිම ලස්සනයි..කලින් එකට වඩා ටිකක් වෙනස් විදිහට ලියලා තියෙන එකක් වගේ බැලු බැල්මට….අනික් එක ඔයාගෙ කලින් story එකට වඩා advanced විදිහට මේක ලියලා තියෙනවා..දිගටම කතාව දාන්න…ඔයාගෙ writing pattern එකට මං හරිම ආසයි..all the best ❤️

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.