Katha Ahura

දිවුල් | 11 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

වුල් ? 11 කොටස

“එපා……………….”

මම යටගිරියෙන් කෑගැහුවෙත් වේගෙන් ආපු කොටලොරියට ත්රීවීල් එක හැප්පුනෙත් එකටමයි……………………

මේ වෙද්දී කීප පාරක්ම පෙනුන මේ බිවිසුනු හීනයෙන් අදත් මම ඇහරුනේ ගෙදර හිටපු අනිත් අයවත් ඇහරවමින්. මම ඇදේ වාඩිවෙලා ඒ සිහිනය ගැන හිතද්දී අමමයි, මල්ලියි ඇවිත් මගේ කාමරයට ඇවිත් කාමරේ ලයිට් එක දැම්මා..

” මොකද ලොකු පුතේ අදත් නපුරු හීනයක් දැක්කද ”

අම්මා කලබලයෙන් මම ලගට එද්දී මගේ ඇස් එකපාරටම ගිහින් නැවතුනේ උඩුකය නිරුවත්ව සිටි මගේ මල්ලීගේ බෙල්ල ලග , ඔහුට මීට වසරකට විතර උඩදී වුන තුවලායක් හේතුවෙන් ඒ බෙල්ලේ තිබුනු කැලල දකිද්දී මට මතක් වුනේ අර හීනයේ සිටී සදුන්ගේ බෙල්ලේ කැලල.

” මොකක්ද ඔය දකින හීනේ ,හැමදාම දකින්නේ ඒකමද , මේකනම් එච්චර හොද දෙයක් නෙමේ………..”

අම්මා කියාගෙන යද්දී මම ඔහේ අහගෙන හිටියා. දින කීපයක් තිස්සේම මේ හීනයම පෙනුන නිසා මේ හීනයෙ පේන දේවල් මට අකුරක් නෑර කෙනෙකුට කියන්න පුලුවන් තත්වයකයි මේ වෙද්දී මම හිටියේ. ඒත් මල්ලී දකිද්දීම ඒ අදහස මගේ හිතෙන් අයින්වෙලා යන්නේ #හිරු එලිය දැකපු පිනි බිදක් වගේ. මම මේ හීනය ගැන කිව්වේ එකම එක්කෙනෙකුට විතරයි. ඒ මගේ හොදම යාලුවෙක් වුන ඕෂමාල්ට විතරයි.

” අයියේ ඔය පේන හීනේ මොකක්ද කියලා පොඩ්ඩ්ක්වත් මතක නැද්ද. අඩුම ගානේ පොඩ්ඩ්ක හරි මතක තියෙන්න එපැයි.”

ඒ වෙද්දිත් මගේ ඇදෙ ඉදගෙන හිටපු මල්ලී ඒක අහද්දී මම හිස දෙපැත්තට වැනුවේ නෑ කියන්න. මම බොරුවට ඒ දේ කිව්වත් මල්ලී ඒ දේ විශ්වාස කරන්න ඇති.

2019 ජූලී 29 වෙනිදා ඉපදුන මමයි මගේ මල්ලිගෙයි මෙලොව එලිය දැකීමේ වෙනස තිබුනේ විනාඩි කීපයක පරතරයක් විතරයි. ඔහුට තිබුනු රහස් මටත් මට තිබුනු රහස් ඔක්කොන අපි ජීවත්වුන මේ අවුරුදු විස්සටම අපි දෙන්නා හුවමාරු කර ගත්තා. මම ඔහුට කිව්වේ නැති එකම රහස වුනේ මේ හීනෙන් පේන එක විතරයි.

” පුදුමයි ,අපි දෙන්න කරන කියන දේවල් ආසාවල් ඔක්කොම දේවල් එක වගේ වුනාට මටනම් ඔය වගේ නපුරු හීනයක් තියා අඩුම ගානේ වෙන හීනයක්වත් පේන්නේ නෑ…..”

“අම්මල දැන් යන්න ,ආයේ මේ හීනය පේන්නේ නෑ….”

මට ඕන වුනේ කාමරෙ තනිවෙලා ,මේ හීනය ගැන ##ටිකක් හිතන්නයි. මම කියපු දේට කැමතිවෙලා අම්මයි මල්ලියි කාමරෙන් ගියාම මම ඇදේ වැතිරිලා ඒ හීනය ගැන එලිවෙනකම්ම හිතුවා.

මේ හීනයේ හිටිය කිත්සර ,සදුන් ,අනුහස් ,නිපුන් වගෙ අයත් , අර හිමරුවන්ගේ සොහොන , ඒ සොහොන තිබුනු දිවුල් ගෙඩිවලින් පිරුනු දිවුල් ගස් පිරුනු මීනීපිටිය, ඒ මිනීපිටිය පාස් කරල දකුණුපැත්තට යද්දි වෙල් යායකට මුහුනලා තිබුනු ඒ පන්සල වගේ දේවල් මට මැවි පෙනුනේ චිත්රපටයක රූප රාමු වගේ.

ඒ පේන හීනයෙන් මට මොකක් හරි පනිවිඩයක් දෙනව කියලා මට මේ වෙද්දි තේරෙමින් තිබුනා. කිත්සර කියන්නේ ගිය ආත්මේ මගේ නම ,ගිය ආත්මේ මම මැරුනු විදිහ තමයි ඒ හීනෙන් පෙන්වන්නේ කියල මගේ හිත කිව්වා. ගිය ආත්මෙ ලොරියකට හැප්පිලා මැරුන හින්දද දන්නේ නෑ ,මේ ආත්මේ ලොකු ලොරියක් දකිද්දිත් මට දැනෙන්නේ පුදුමාකාර බබයක්

මේ වගේ දේවල් ඕෂමාල්ට කියද්දී ඔහු ඒ දේවල් එහෙම වෙන්න ඇති කියල අනුමත කෙරුවා.

අර හීනෙන් පෙනුන දිවුල් ගස්වලින් පිරුනු මිනීපිටිය හොයාගත්තොත් මේ හීනයේ ඇත්ත නැත්ත හොයාගන්න් පුලුවන් වෙයි. ඒ ත් එහෙම මිනීපිටියක් තියෙනවද ,ඒ හීනේ පේන දේවල් ඇත්තනම් ඒ ###දේවල් වෙලා දැන් අවුරුදු විස්සකටත් වැඩී. ඒ කාලය ඇතුලත කොච්චර දේවල් වෙනස් වෙන්න පුලුවන්ද

මේ වගේ දේවල් මම හිතුවේ පිස්සුවෙන් වගේ.

** පහුවදා සවස ඒ දවස 2039 සැප්තැම්බර් 17 සවස මම පොඩි ගමනක් ගිහින් ගොඩවෙද්ද්දී මම දැක්කේ මගේ මල්ලීගේ හොදම යාලිවෙක් වන බිනෝද්ගේ බයික් එක. මල්ලීගේ කාමරය පැත්තට යද්දී මට දෙන්නාගේ කතාබහ හොදට ඇහුනා.

” ඒක හරි යනවනම් ,උබේ අයියා මාර වැඩ්ඩෙක්නේ….”

මට පලමුව ඇහුනේ මගේ මල්ලී යුදේශ්ගේ හඩයි.

” හරි යනවනම් නෙමෙ හරී….ඌ ඉස්සරවෙලාම ඒක හරියනවද කියල බැලුවේ මගේ අත තියලා……..”

දෙන්නා කතාවෙන්නේ මොනවගේ දෙයක්ද කියල තවමත් පැහදිලි නැති මම දිගටම හොරෙන් ඒ කතාවට ඇහුන් කන් දීගෙන හිටියා.

” ඉතින් උබේ අත තිබ්බට පස්සේ මොනවද කියවුනේ….”

” ඒක පොඩි පොතක් වගේ මැශින් එකක් , දකුණු අත පස්පාරක් ඒක උඩ තිබ්බම අපි මීට ආත්ම පහකට කලින් හිටියේ මොනවගේ ආත්මයකද කියලා දැනගන්න පුලුවන්. හතර පාරක් තිබ්බොත් ආත්ම හතරකට කලින් මොන ආත්මෙද හිටියේ ####කියලා දැනගන්න පුලුවන් ,එහෙම අත තිය තියා අර ඕන ආත්මයක තොරතුරු දැනගන්න පුලුවන්. ඊට පස්සේ පොත පෙරලල බලපුහම ඒ ආත්මේ තොරතුරු අර පොත ඇතුලේ පිටුවල ලියවිලා තියෙනවා……මාරයි….”

” ඉතින් කියපන්කෝ අගේ කරන්නේ නැතුව, උබට මොනවද දැනගන්න ලැබුනේ…….”

” මම ඉස්සරවෙලාම පස් පාරක් අත තියල බැලුවා ,මම ආත්ම පහකට කලින් මොකෙක්ද කියල බලන්න. උබට පුදුම හිතෙයි මම ආත්ම පහකට කලින් පෘතුගීසි නැවක කැප්ටන් කෙනෙක්. ආත්ම හතරකට කලින් මම ලංකාවට වෙලදාමේ ආව මුස්ලිම් වෙලෙන්දෙක් වෙලා ඉපදිලා. ආත්ම තුනකට කලින් මම ඉංග්රීසී හමුදාවේ වෛද්යවරයෙක්. ඒ ආත්මේ මම මැරිලා තියෙන්නේ ඒ වෛද්යවරය ඉන්දියාවේ ඉන්න්කොට. ඒ හින්ද මම මීට ආත්ම දෙහකට කලින් ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ පංජාබ් ප්රාන්තයේ ශික් ජාතික පවුලක ඉපදිලා ක්රිකට් ක්රීඩකයෙක් වෙලා. ඒත් කලින් ආත්මේ මම එච්චර ම හොද ආත්මෙක නෙමෙ ඉපදිලා තියෙන්නේ…..”

බිනෝද්ගේ හඩ එකපාරටම නැවතුනා.

” ඇයි ඒ……”

” ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ ඊට පස්සේ ඉපදිලා මම ලංකාවේ තිබුනු LTT සංවිධානෙට බලහත්කාරයෙන් බදවගෙන. සිංහල හමුදාවට විරුද්ධව වැඩ කරලා තියෙන්නේ…….#####

මම එහෙම දැනගත්ත විදිහට එකම ජාතියක එකම ආගම අදහපු කෙනෙක් විදිහට එක ලග ආත්මවල ඉපදිලා නෑ. පස්වෙනි ආත්මේ මම පෲතුගීසි ජාතික කතෝලික ආගම අදහපු කෙනෙක්,හතරවෙනි ආත්මේ අරාබි ජාතික ඉස්ලාම් ආගම අදහපු කෙනෙක් ,තුන්වෙනි ආත්මේ මම ඉංග්රීසී ජාතික ප්රොතෙස්තන්ත(ප්රති රෙපරමාදු ) ආගම අදහපු කෙනෙක්,කලින් දෙවනි ආත්මේ මම පංජාබ් ජාතික ශික් ආගම අදහපු කෙනෙක්. ගිය ආත්මේ මම දෙමල ජාතික හින්දු ආගම අදහපු කෙනෙක්, මේ ආත්මේ මම සිංහල බුදුදහම අදහන කෙනෙක්

මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියල දන්න්වද,, ඒ දේ හොයාගත්තෙත් අර අයියා හදපු මැශින් එකෙම්ම තමා……මම ගොදක් කලින් ආත්මෙක ප්රාර්ථනා වක් කරලා..මම ඉස්සරහට ඉපදෙන ආතමවල මනුස්ස ආත්ම ලැබුවොත් එකදිගට එකම ජාතියක එකම ආගම අදහන කෙනෙක් වෙලා ඉපදෙන්න එපා කියලා…….ඒ ආත්මේ මම කොච්චර බලවත්ද කියනවනම් ඒ ප්රාර්ථනා ව ඒ විදිහටම වෙලා……….”

” ඒත් උබ LTT එක වගේ මිනීමරු කොටි සංවිදානයක ඉදලා කොහොමද ,මනුස්ස ආත්මයක් ලැබුවේ…බුදු දහමට හැටියටනම් එහෙම දෙයක් වෙන්න බෑනේ………”##### #

මට සිතුනු දේමයි මේ වෙලාවේ මගේ මල්ලිගෙන් ඇහුනේ.

” මම ඒ සංවිදානෙට බැදිලා මට ජීවත්වෙන්න වුනේ මාස පහක් විතරලු,උන් මාව අනික බදවගත්තෙත් බලහත්කාරෙන්ලු. මම කිසිම සිංහල මිනිහෙක් මැරලත් නෑ………..ඒ අයට මැරෙන්න කවදාවත් වෙඩි තියලත් නෑ..අර අයියා හදපු මැශින් එකෙන් තමා මම මේවා ඔක්කොම දැනගත්තේ.

***ඒ ආත්මේ මගේ නම ජීවා රාජ්කිරන්, දවසක් උන් අහිංසක සිංහල කෙල්ලෙක් බලහත්කාරෙන් අපේ බංකරයට අරගෙන ඇවිල්ලා. ජීවාට මේ කෙල්ල ගැන ආදරයක් හිතිලා. කොහොම හරි මෙතනින් බේරල යවන්නයි ඕන වෙලා තියෙන්නේ. එහෙම සිංහල කෙල්ලක් උන් එක්කගෙන ආවොත් එදා රෑට ඒ කෙල්ලව උන් සාමුහිකව rape කරනවලු. මේ දේට අර අහිංසක කෙල්ලට වෙනවට මම කොහොමවත් කැමතිවුනේ නෑ.

ජීවා එදා රෑවෙන්න කලින් ක්රමයක් හදාගෙන අර කෙල්ලව බේරලා යවන්න හදද්දී උන්ට අහුවෙලා. ජීවයි අර සිංහල කෙල්ලටයි දරුනු වදදීලා එතනදිම කපලා කොටලා මරලා දාලා……

මේ පේනවද මගේ මේ පිටේ තියෙන කැලල් ,මේවා උපන් ලප කියලයි කියන්නේ……”

මම හොරෙන් මල්ලීගෙ කමරයට එබෙද්දී මම ##### ##දැක්කේ බිනොද් ඔහු ඇදන් හිටි t shirt එක උසවා මල්ලීට ඔහුගේ පිට පෙන්වන විදිහ.

” ගිය ආත්මේ ඒ කොටපු සලකුනු මේ ආත්මෙත් මගේ පිටේ තියෙනවා……..උබ විශ්වාස කරනවනම් කරපන් දසුම්මිගේ පිටෙත් මේ වගේම කැලල් තියෙනවා…….ගිය ආත්මෙ ජීවා එක්ක මරපු කෙල්ල මේ ආත්මේ දසුම්මී නමින් ඉපදිලා. මගේ girlfriend වෙලා…….අපි දෙන්නම ගිය ආත්මේ මැරිලා තියෙන්නේ 2007 වගේ. ඊට පස්සේ මනුස්ස ආත්මයකට යන්න බැරුව අවුරුදු එකොලහක් විතර ආත්මයක් විදිහට සැරිසරලා………”

” උබ හිතනවද උබේ අයියා හදපු ඔය මැශිමෙන් කියවෙන්නේ ඇත්ත කියලා…… ”

” අපේ අයියා වර්ණා කරන්න මම මෙහෙම කියන්වා නෙමෙ.. ඌ කටේ කිරිසුවද යන්න්ත් කලින් ඉදලයි ,අපේ මේ අත්වල අල්ලෙ තියෙන රේකාවලින් අරුම පුදුම දේවල් දැනග්න්න පුලුවන් කියලා දැනගෙන ඒ ගැන පර්ක්ශන කෙරුවේ…….

කෙනෙක්ගේ අල්ලේ රේකා බලල ඌට කෙනෙක්ගේ ජීවිත කතාව වුනත් මේ වෙද්දි කියවන්න පුලුවන්. ඉස්සර හිටිය කියනවා නේද රිශිවරු ,අන්න ඒ කෙනෙක් වගේ අපේ අයියා.ඉස්සර මිනිස්සු අනාවැකි කිව්ව දේවලුයි මේ වෙද්දි තියෙන තාක්ෂණය යයි එකතු කරලයි ඌ මේ දේවගේ ##### ###නිර්මානයක් කරලා තියෙන්නේ……”

” උබ කියද්දී මටත් ආසා හිතෙනව බං ,ඕකෙන් මම ගිය ආත්මේ මොකෙක් වෙලා ඉපදිලාද හිටියේ කියලා හොයාගන්න.”

මල්ලීගේ හඩින් එහෙම දෙයක් පිටවුනාම මටත් ඒ දේ දැනගන්ඩ ආසාවක් ආවා. අර හීනේ ඇත්ත නැත්තත් ,අර දෙයින් කියවෙන්නේ ඇත්තනම් මට හොයාගන්න පුලුවන් වෙයි. මම සිතද්දියි ආයේ පරක් බිනෝද්ගේ හඩ ඇහුනේ.

“ඉතින් වරෙන් , හෙට අයියා ගෙදර එනවා….අරවගේ දෙයක් අයියා හදලා කියල තවම කට්ටිය දැනගෙන නෑ.. උබ මගේ best friend කෙනෙක් හින්දයි තකහනියෙන් උබව හොයාගෙන ගෙදරට ම ඇවිත් කිව්වේ.

” හරි බං මම හෙට උදේම මම එනන්ම්.”

මල්ලී කියද්දීමයි මට ගේ ඉස්සරහ පැත්තෙන් බයික් එකක් හෝන් කරන හඩ ඇහුනේ. ඒ හඩට මල්ලීයි ,බිනෝදුයි කලබල වෙද්දී මම කවුද ආවේ බලන්න හිතාගෙන ඉස්සරහට ගියා.

ඔන්න ඉතින් ඊලග කොටසින් මම මේ කතාව ඉවර කරනවා….මොනවගේ අවසානයක් දෙයිද කියලා අවසන් කොටසින් බල්මු…අනුමාන කරන අය එතකම් අනුමාන කරන්න……….???????????????????????????

කතාව කියවල පිට පාරෙන් යන්නේ නැතිව ලයික් එකක් දාල කොමෙට් එකක් කොටාබාගෙන ම යමු ඉතින්………..ඊලග කොටසින් පස්සේ ඉතින් ආයේ ඔයාලට දිවුල් වල රස බලන්න හම්බවෙන්නෙත් නෑනේ….

සාගර සම්පත් ( රාස් )

4 thoughts on “දිවුල් | 11 කොටස | හොල්මන් කතා”

  1. Buddhika subhashini

    කතාව නම් පට්ටයි …හිතා ගන්න බෑ අනේ..කොහොම වුනත් හොඳ අවසානයක් තියෙයි.

    4
  2. අනේ දෙවියනේ…කරකවල අතෑරියා වගේ… ලස්සනයි රාස් කතාව..මේක ඉවරවුනාම තව කතාවක් දාන්න

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.