Katha Ahura

දුන්‍යා | 07 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

5/5 - (1 vote)

“හුඌ….ඕක නවත්තපන්.. අපිව දැවිල්ලයි..අපි යන්නෙ නෑ. අපිව බන්ධනය කරලා තියෙන්නෙ බොල.නිකන් යන්න අවසර නෑ.!”

” කව්ද උබලව බන්ධනය කලේ.මොකටද.?”

“ඒකනම් කියන්න බෑ ආයිබොවන්ඩ ”

“රාජා කැමති මේ බන්ධනය කපන්නද ආපිට හරවන්නද?” සේදිරිස් ඇසුවේ රාජා දෙස බලමිනි.

“ගුරුන්නාන්සේ මාමා ඔය බන්ධනය කපන්න..ආපිට හරවන්න ඕනි නම් නෑ. හැබෙයි කරපු එකාව අපිට දැනගන්න පුලුවන් විදියට දඬුවමක් දෙන්න.”

“හා ඒක හොඳයි”

” හ්ම් . ඒ බන්ධන කපන හැටි මං දන්නවා යකුනේ. උබලව ඔය ඉන්න ස්වාමියාගෙනුත් නිදහස් කරලා දෙන්න පුලුවන් මෙතනිනුත් නිදහස් වෙලා යන්න කැමති නම්.?”

“හුඌ… ඔව් අපි කැමතියි. ඒත් අපිට නිකන් යන්න බෑ …!

“ඔව්.බෑ!”

“ඒ මොකද?”

“අපිට බිල්ලක් ඕනි.!”

” මොනවද උඹලට ඕනි.?”

“අපිට නර බිල්ලක් ඕනි.”

“මොන බිල්ලක් ද?”

“අපිට අණ ලැබිලා තියෙන්නෙ මේ නර බිල්ල අරන් යන්න.”

“එහෙම තොපිට දෙන්න නර බිලි අපි ළඟ නෑ. ඕනි නම් කුකුල් නාම්බෙක් දෙන්නම්.”

“හා අපිට බත් මුට්ටි පහක්, මස් කිලෝ දහයක්, රා කල හතරක් ඕනි.”

“එහෙම දෙන්න බෑ ඉල්ලන තරමට. ඕනි නම් බත් මුට්ටි තුනයි මස් කිලෝ පහයි රා කල දෙකයි දෙන්නම්. යන්න පොරොන්දු වෙයන්.!”

“හොඳයි.පොරොන්දු වෙනවා”

ගුරුන්නාන්සේ ඔහුට කුකුල්මස් සමඟ කහ බත් සුදුබත් ආදිය දුන්නේය. විනාඩි දෙක තුනක් හෝ යන්නට පෙරම හාල් කිලෝ හයක බත් සහ කුකුල්මස් ආතුරයා ගිල දමන දෙස ගම්මු ඇස් කටේ තියන් බලන් සිටියහ.

“බොල කාලා ඉවරනෙ දැන්.. පල මේ දැරිවිගෙන්.. ”

“හහ් හහ් හහ් හහ් හහ් හහ්..මං එහෙම ලේසියෙන් යන් නෑ..”

” උඹ පොරොන්දු උනා යනවා කියලා. මං මේ අන්තිම පාර කියන්නෙ හොඳින්.”

යලිත් කීවද යකු යන්නට සූදානමක්වත් නැති විට සේදිරිස් විලක්කුව හා පොල් මල අතින් ගෙන ආතුරයා වෙත ගිනි දැල් පිඹිමින් පොල් මලෙන්ද පහර දෙන්නට විය.

දුන්‍යාගේ කම්මුල් ඉදිමී ලේ පුරන අයුරක් දිස් වීය..ඒ අතරින් ඇගෙන් යටිගිරියෙන් එකවර ඇහෙන හූ හඬද දෙක ද නිසා මිනිස්සු භීතියෙන් දෙකන් වසා ගත්හ.අන්තිමේ යකුගේ ඔද බිදිනි.

“ඌහ්.. ගහන්න එපා රිදෙනවා ආයිබොවන්ඩ !”

” උඹලා යනකන් මං ගහනවා!”

“හරි හරි යන්නම්.”

“තොපේ නම් ?”

“වේලුයි සේනයි”

“උඹලා ගියයි කියලා අපි දන්නෙ කොහොමද ?”

” යනගමන් කුකුලත් අරගෙන කිරි කොරහත් සාක්ශි කරන් අඹ ගහේ අත්ත බිඳගෙන යන්නම්..”

“ඒ මදි. බොල මායිමෙන් ගියාද දන්නෙ කොහොමද. සොහොනට යනකන් හූ තුනක් තියපිය. දෙන්නම!. .”

සේදිරිස් යකුන්ගේ නමින් වූ බන්ධනය කපා දැමූ පසු ගැස්සී ගිය දුන්‍යාගේ මුවින් එලියට එන්නට දැඟලූ යකුන් දෙදෙනෙකුගේ මුහුණු දෙස සෙස්සන් බලා බයෙන් එකට ගුලි ගැසීගෙනය.යකුන් ඇගේ ඇඟෙන් පිටවන විටම සිහිසුන් වූ දුන්‍යා ගම්මු අතට පත් විය.ඒත් සමඟම කකුල් ගැටගසා දාමා සිටි කුකුලාගෙ බොටුවෙන් විදි ලේත් සමඟම ඌ හිස් අවකාශය තුල අතුරුදහන් වන හැටිත් ඉන් මොහොතකින් මිදුලේ වූ අඹ ගසේ අත්තක් මහ හඬින් බිඳ වැටෙන හැටිත් සියල්ලම දැක ගත් හ.ඉන් සුළු මොහොතකින් වැට මායිමට එහායින්ද ඊටත් පසුව සොහොනට යන තුන්මංසලෙන්ද අනතුරුව සොහොනෙන්ද ගම දෙවනත් කරමින් හූ හඬ තුනක් බැගින් යකුන් දෙදෙනාගෙන් නැඟිණ.

සේදිරිස් මැතිරූ තෙල් ටිකක් දුන්‍යාගේ හිස්මුදුනේ ගසා වතුර ඉස්සාම ඇය නින්දෙන් පිබිදියකුසේ ඇස් හැර වටපිට බැලුවේ කුමක් වූවාදැයි ඇයට තේරුම් ගත නොහැකිව ය.ඉතා පිරිපුන්ව සිටි ඇය තමාගෙ සිරුර පරඬැලක් සේ වී ඇති බව දැක විමතියට පත් වීය.

“මගේ රත්තරන් දූට දැන් සනීපයි .. ගුරුන්නාන්සේ මාමාට නිවන් දකින්න පින් ලැබෙන්න ඕනි මාමෙ අපිට පිහිට උනාට!”

දුන්‍යා සමඟ එක්ව රාජාත් මැනිකාත් නිත්‍යාත් ඔහුට දණගසා වැන්දේ හදපිරි සතුටිනි.

“හ්ම් හ්ම්. හොඳා. උඹලා අපිට වතුර දීලා ඉක්මනට මේ කෙල්ලට කන්න දීපල්ලා. ඒකි හාමතේ ඉන්නෙ!”

සේදිරිස් කී පසු සියල්ලන්ම මුහුනෙන් මුහුණ බලා ගත්තේ අච්චර කන්දක් කෑම ගිල දැමූ පසුත් තවත් යමක් ඔබන්නට ඇගේ කුසේ ඉඩ ඇතිද යනුවෙන් සිතමිනි. ඔවුන්ගේ සිතැඟි හොඳින් හදුනන සේදිරිස් සිනහ මුවෙන් ඔවුන් දෙස බැලුවේය.

” දරුවනේ මේ කෙල්ල කාපු දෙයක් නැහැ. අර කාපු සේරම කෑවෙ වෙන උන් නෙ. මේ කෙලීගෙ බඩට දවස් ගානකින් කෑම වැටිලා නෑ හරියට.”

එය තේරුම් ගත් රාජාත් මැණිකාත් දුන්‍යා වෙත කිරි වීදුරුවකුත් පලතුරු කැබලි කීපයකුත් තැබුවේ කුසගින්නේ සිට බර ආහාර එකවර ආහාරයට ගැනීම අහිතකර හෙයිනි. තොවිලය අවසන් වූ පසු ගම්වැසියන් එකිනෙකා පිටව ගිය අතර ලඟම හිතවතුන් කීප දෙනෙක් ඔවුන්ගේ තනියට නැවතිනි.

තොවිල් පල වරු තුනක් යනකන් අස් නොකරන ලෙසත් දුන්‍යාව තනි නොකරන ලෙසත් ගෙයින් පිට නොයන ලෙසත් උපදෙස් දී මැතිරූ කහනූල් නිවැසියන්ගේ බෙල්ලේ බැන්දේය.

මේවා මෙසේ සිදුවෙද්දී නෙතුන්ගේ නිවසේ නම් තත්වය වෙනදාට වඩා වෙනස් විය. වලව්වෙන් නැගෙන විලාප හඬ අසා ඒ වෙත දිවගිය ගම්මුන් දුටුවේ නිලමේ හිස කඳින් වෙන්ව කඩුල්ල අසල වැටී සිටින අයුරු ය!.

හ්ම්..ගුරුන්නාන්සේ මාමා කීවා හරි. යකුන් නර බිල්ල අරගෙන! රාජා හෙමින් තමාටම මුමුණ ගත්තේ පෙරදා රැයෙහි යකු නරබිලි අවශ්‍යයි කී වෙලේ ගුරුන්නාන්සේ තමාගේ කනට කර කියූ දේ මතක් වූ නිසා ය.

කාලයත් සමඟ දුන්‍යා සනීප වූ අතර නෙතුන්ගේ සිත වෙනස් කිරීමට ගුරුකමක් නිලමේ කර ඇති බව හෙලි වී ඔහුගේ මව විසින් එය කපා දමා දුන්‍යාගෙත් නෙතුන්ගේත් සම්බන්ධයට ආශිර්වාද කලේ නිලමේගේ සැඟවුන අදහස් හා සැලසුම් ඔහුගේම සගයින්ගෙන් නිලමේ ගේ මරණින් පසුව ඇය දැනගත් නිසා ය.
…………..නිමි……………

—————————————

ඔන්න දඟයිනේ ඔයාලට මං මගේ දහවෙනි කතාවත් ගෙනාවා.. මේක මං
ත්‍රාසජනක කතාවක් ලියන්න උත්සහ කරපු පලවෙනි වතාව..ඉතින් අඩුපාඩු ගොඩක් ඇති … ඇත්තටම කතාව පුරාම ත්‍රාසය තියෙන්න නැතුවත් ඇති.. ඒත් මං ඊලඟ පාර මීට වඩා හොද ට ලියන්න උත්සහ කරන්නම්.. ගොඩක් ස්තූතියි කතාව කියවනවාට. ගිහින් එන්නම් …

60 thoughts on “දුන්‍යා | 07 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

        1. Sandu (kandy girl)

          සුබපැතුම් කවී කෙල්ල…???????????
          ????????????????????????????????????????????????????????????????????????????????????

          මේවගෙ තීන්නේ මගෙ ළඟ තිබුන හොදම මැණික් කැට ටික.. මේ ටික අරන් විකුනලා හොදින් ඉන්න පැටියෝ …???? අතරින් පතර යක් වෙස් මූනක් දෙකක්?️?️?️?️ පැක් කරලා ඇති.. මොකද කාලුහරි හොලෙන් ගන්න හැදුවොත් බය වෙන්න ඕනි නෙ..????

  1. රිතූ ?

    දියමන්තිය බොරු කිව්වා ???????? කොටස් අටක් තියේ කිව්වා ??? හතයි තිබබේ….

    අම්මෝ අර යක්කුන්ව පන්නන කොටස නම් මරු හොඳේ….? මටත් ආසයි ඔහොම තොවිලයක් බලන්න යන්න ?

    රාජා ඒ බන්ධනය ආපිට හරවන්නේ නැතුව කපන්න කියපු එකනම් හොඳයි…. නැත්තං ඕක නෙතුන්ගේ පිටින් පවා යන්න තිබ්බා…??

    තව අලුත් කතාවක් අරන් ඉක්මනට එන්න දියමන්තිය…. අපි බලන් ඉන්නෝ ?

    දුන්‍යා ව බේර ගත්ත එක නම් ලොකු දෙයක්…?

    නිලමෙට නම් හොඳම වැඩේ ?? කල කම් පල දුන්නා…..
    මොකක්ද ලමයි බෞද්ධ අය ඒකට කියන නම? ? අර මේ ආත්මෙදිම කල කම් පල දීමට?
    ???
    ” දිට්ඨ දම්ම වේදනීය කර්මය” නේද? මං හරිද? වැරදි නම් කියන්න ??

    නෙතුන්ටත් ගුරු කමක් කරලා නේ තිබිලා තියෙන්නේ ?

    එයාගේ අම්මා ඇත්ත තේරුම් ගත්තු එක ලොකු දෙයක්.?

    කතාවට ලස්සන සතුටුදායක අවසානයක් දීලා තිබුණා දියමන්තිය ඔයා… හරිම ලස්සනයි…. ❤

    මම කියවපු සුපිරිම thriller story එකක් ?

    කතාව තව ටිකක් දිගට තිබුණා නම් හොඳයි කියලා හිතුණා ??

    හැබැයි ඉක්මනට ඉවර කරපු එකටයි, මට බොරු කියපු එකටයි නම් තරහයි හොඳේ ???????

    1. Sandu (kandy girl)

      රිතූ පැටියෝ ..
      ආනේහ්…??? මං බොලු කීවෙ නෑ….???…මං කීවනෙ කොටස් හතක් අටක් තීනවා වගේ මතකයි කියලා..?????

      තොවිල් ගැන කීනෝ නම් ඉස්සර වගේ නෙවේ නෙ නංගි . දැන් ආසාවට බලන්න තොවිලයක් නෑ.. ඇත්තටම මං හැබැහින් දැකලා නෑ තොවිලයක් තව වෙනකං … එකක් තිබ්බා ගමේ..එහා ගෙදර ..ඒත් ඒකෙ සද්දෙ රෑ මැද ඇහෙනකන් මං දන්නෙ නෑ තීනවා කියලා වත්…???? ඒක ගැන කාටවත් දැනගන්න තිබිලා නෑ නේ. ?????

      වැරදි කරන අයට ස්වභාවධර්මයා දඬුවම් දෙනකොට මොලේ තීන මිනිස්සු ඒ පව් කරගහන්න යන්නෙ නෑ නේ නේද නංගා …

      මේමයි නෙතුන්ට ගුරුකම කලේ නම් දුන්‍යා ව කන්‍යාවියක් වගේ පරිසම් කරගන්න ඕනිවට ..මොකද බිල්ලට ගන්න ගෑනු අය කන්‍යාවියෝ වෙන්න ඕනිලු නේ..

      දැන් වගේ නෙවේ නේ ඉස්සර ..ගෙදර ගෘහමූලිකයාට පිටින් යන්නෙ නෑ අම්මා උනත් තීරණය වැරදි උනත්.. සමහර අයට ඒ වගේ තීරණ වලට විරුද්දව යන්න තරම් ආත්මශක්තියක් නැති වෙන්නත් පුලුවන් .. ඒකයි නෙතුන්ගේ අම්මා මුලදි විරුද්ධ උන සම්බන්ධයට පස්සෙ ආශිර්වාද කලේ..

      තරහා වෙන්න එපා හොඳේ..ආයෙමත් කතාවක් ගේන්නම්කෝ…?? ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට නංගා ….බුදු සරණයි …පරිස්සමෙන් ඉන්න ….

  2. අක්කියෝ අනේ කතාව ඉවරයිද අප්ප
    ?????

    ඉස්සල්ලම සොරි අක්කි කොටස් දෙකකට කමෙන්ට් දාන්න බැරි උනා.. සනීප නැතුවනේ ඉන්නේ…. දැනුත් මේ බෝම අමාරුවෙන් මේක type කරන්න… දිග කමෙන්ට් එකක් දෙන්න බැරි වෙයි අක්කි ඒකට සොරි….

    මෙච්චර ඉකමනට කතාව ඉවරවෙයි කියලනම් හිතුවෙ නෑ හුම්… මාරම අසාවෙන් අක්කියෝ කතාව කියෙව්වේ… අර පූසව කාපු දවසෙනම් ඒ ගැන හිත හිත ඉඳලමද කොහෙද රෑ හීනෙනුත් බය උනා…

    අර වලව්කාරයටනන් හොඳම වැඩේ… තමන් කරපු පව් තමන් පස්සෙම එනවනේ…

    එතකොට අර ගුරුන්නාන්සේටනම් මාරම පින් ඈ දුන්‍යාව බේරගත්තට…
    දැන් ඉතින් දුන්‍යාට කිසිම අවුලක් නෑනේ ඒ ඇති…

    අන්තිමට හැමෝගෙම ආශීර්වාදය මැද්දේ දෙන්නම එකතු උනානේ… ඒකටනම් පට්ට සතුටුයි ඈ… වෙඩින් කේක් කෑල්ලක් ඒම මටත් තියන්න ඈ…

    කතාව ගැනනම් කියන්න වචන නෑ අක්කියෝ superb… කිසිම අඩුපාඩුවක් මට නම්ල කිසිම අඩුපාඩුවක්‌ නෑ … ඇත්තටම ත්‍රාසජනක කතාවක් ඈ… මං කියවපු ලස්සනම කතා වලින් එකක්?

    අක්කියෝ ඉකමනට අපි වෙනුවෙන් තව කතාවක් ගේන්න ඈ… අපි බලාන ඉන්නව… ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගෙ සඳු අක්කියෝ!හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න… බුදුසරණයි!

    ආයෙත් කියන්නේ චූටි කමෙන්ට් එකක් උනාට very sorry අක්කියෝ… අමාරුයි ඒකයි හොඳද?

    1. Sandu (kandy girl)

      මගේ ජේසිය …???

      ඒකට කමක් නෑ නංගා.. ඔයා කොහොම හරි කමෙන්ට් කරානෙ කතාවට.ඉතින් ඒක වටිනවා හුඟක්.. ඔයාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගෝ.

      පූස් කයියව කාපු එකට නම් මටත් දුකයි..මොකද මාත් හරි ආසයි කිටීලට..එදා අපි උදේ පාන්දර කිලිනික් ගියා.. කලුවරෙ..ලස්සන පූස් පැටියෙක් (පැටියා කීවට ටිකක් ලොකුයි එයා) පාරෙ ඉදලා ඤාව් කිය කිය ආව ටිකදුරක් කකුලේ පැටලි පැටලි..මට අරන් එන්නම හිතුනා ..

      ඒකත් ජයසිරි මංගලම් කීවා ඉතින් ☺️☺️☺️☺️ .. වෙඩිමට ඇප් වාසීන් සියලුම දෙනාට මං ආරාධනා කරන්නෙ දුන්‍යාගේ බෙස්ටි විදියට …???

      දුන්‍යාගෙ දෝශ නැති කරපු ගුරුන්නාන්සේ කලේ ලොකු පිනක්.කෙනෙක්ව දුකකින් මුදවන එක කොයිතරම් ලොකු පිනක්ද. ඒ වගේ නිවැරදි අවංක සේවයක් කරන අය හුඟක් අඩුයි …

      චූටි උනත් කමක් නෑ නංගා කතාවට දෙන එකම එක වචනෙක කමෙන්ට් එකක් හරි මාරම හයියක්..ලොකු සතුටක්. ගොඩක් ස්තූතියි ඔයාට.. ??
      .ජේසු පිහිටයි … පරිස්සමෙන් ඉන්න …

  3. අනේ සදූ අක්කි…. ඒකත් ඉවරයි නේද??? කතාව පටන් ගත්තු වෙලේ ඉදන් මාව බය කරනවා කියලා මං අක්කිට බැන බැන හිටියේ….ඒත් දැන් කතාව ඉවර කරලා කියලා දැක්කම මට පුදුම දුකක් දැනුනේ…. හරියට ළගින්ම හිටපු යාලුවෙක් ඈත් වෙන්න යනවා වගේ….මේ කතාව තිබුණු දවස් හත පුරාවට කොයි වෙලාවෙ කතාව දායිද කියලා හිත හිත ඇගිලි ගැන ගැන අපි හිටියේ…. ඊළගට මොනව වෙයිද, එතන මොනවද තියෙන්නෙ, එයා මොනව කරයිද වගේ හැමදාම කතාව අස්සෙ රිංගවල තියෙන ප්‍රශ්න රාශියක් කතාවෙ ඊළග කොටස දාන කල්ම අපෙ හිතේ වැඩ කරන්නෙ ඒ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න හිතේ තියෙන නොනිමි ආශාව නිසා….. දුක, බය, තරහ එක්ක ගලා ගෙන ගිය මේ කතාව සතුටින් කෙළවර වුණු එක ගැන මට හුගක් සතුටුයි….. නිලමෙගෙ වැඩත් එක්ක තරහ අර ගෙන එයාගෙ අම්ම තාත්තගෙන් පටන් අරගෙන එයාගෙ හත්මුතු පරම්පරාවම මතක් කර කර බැන්නෙ දුන්‍යා වගේම එයාගෙ පවුලෙ අයත් එක්ක අපෙ හිත් බැදුණු නිසයි….. යකා ආවේස වුණු දුන්‍යා කරන වැඩවලට, පරිසරයෙ සිද්ධ වුණා කියපු වෙනස් වීම්වලට, යක්කුන්ගෙ එක එක වැඩවලට අපි බය වුණේ ඒ දේවල් චිත්‍රපටියක් වගේ අපිට පෙන්නන්න අක්කිගෙ අකුරුවලට පුළුවන් වුණු නිසයි…. රූප රාමු විතරක්ම නෙමේ මේ කතාවෙ දෙබස්, එක එක සද්ද පවා අපිට ඇහෙනවා වගෙයි දැනුණේ…. රෑට දාපු කතාව බයේ වෙව්ල වෙව්ල කියවලා නිදා ගන්න ගියාම හීනෙන් පවා ඒ යක්කුන්ව, දුන්‍යාව පෙනිලා බය වෙලා නැගිටපු වාර පහුගිය දවස් හය පුරාවටම අනන්තවත් තිබුණා…. මේ කතාව කියවද්දි කතාව ඇතුලෙ ජීවත් වෙනවා වගෙයි මට දැනුණේ…. මමත් මේ කතාවෙ චරිතයක් වෙලා ඉන්නවා කියලයි හිතුණෙ…. සජීවීකරණය උපරිමේටම තිබුණු කතාවක් මේක…. හැගීම් දැනවීමත් කතාව පුරාවටම තිබුණා…. කිසිදාක තොවිලයක් හැබැහින් දැක නොතිබුණු මට තොවිලෙක ඉද්දි දැනෙන හැගීම තොවිලයකට නොගිහින් විද ගන්න ඉඩ සලස්වලා දුන්නට ගොඩක් ස්තූතියි මගෙ අක්කේ….. වෙලාවකට හුගක් පුදුම වුණා…. කතාවෙ ඉදිරිය ගැන ගොඩක් අනුමාන කිරීම් කළා…. මේ කතාව ගොඩක් රස වින්දා…. ඒවගේම හුගක් හිතට දැනුණා…. කොච්චර බය හිතුණත් මේ කතාව කියවන්නෙ නැතුව නින්ද යන්නෙ නැති තත්ත්වෙට මේ ටික කාලෙට අපි පත් වුණා…. ඒත් ඒ බවක් කියන්නෙ නැතුව බය කරනවා කියලා අක්කිට හොදටම බැන්නා…. මරණ තර්ජන පවා කෙරුවා…. ඒත් එක දෙයක් විශේෂෙන්ම කියන්න ඕනා…. අක්කිට පුළුවන් වුණා මේ කතාව අපෙ හද පත්ලටම ගිල්ලන්න…. සයුරු පත්ලට කිදා බැස්ස ටයිටැනික් නැව වගේ කැඩුණු බිදුණු සිතුවිල්ලක් නෙමේ අපෙ හිතේ මේ කතාව ගැන තියෙන්නෙ….. අක්කි මේ කතාව ලියන්න හුගක් මහන්සි වුණා වගේම ඒ මහන්සියෙ මල් ඵල අද වෙනකොට අක්කිට නෙලා ගන්න පුළුවන් වුණා කියලා මං සහතිකේටම දන්නවා…. නිලමෙට පාඩමක් උගන්නලා දුන්‍යාවයි නෙතුන්වයි එකතු කරලා අපි හිතපු විදියෙම ලස්සන අවසානයක් අක්කි කතාවට දීලා තියෙනවා…. නෙතුන්ටත් ගුරුකමක් කරලා තිබ්බලු නේද???? එ්කනේ මං මුල ඉදන්ම කිව්වෙ නෙතුන්ටත් මොනවා හරි කරන්න ඇති කියලා…. ඇත්තටම අක්කි මේ කතාව අපිට කොච්චර සමීප වුණාද කියලා අක්කිට හිතාගන්න පුළුවන්ද??? නෙතුන් ගැන වැඩි විස්තරයක් කතාව තුල නොතිබුණත් එයාගෙ වෙනස පවා අපිට අදුන ගන්න පුළුවන් වෙන තරමටම කතාව අපිටත් නොදැනීම අපිට සමීප වෙලා…. (මං ඉතින් කතාව අස්සට රිංගලා ඔ්පදූප ටිකක් හොයලා බැලුවා…. එතකොට ඇහුණනෙ මට නිලමෙ කියනවා නෙතුන්ට කරපු ගුරුකම ගැන…. එතකොටයි මං ඒ ගැන දැන ගත්තේ?)
    කතාවක් ලියන්නෙ කොච්චර අමාරුවෙන්ද කියලා මමත් අත්දැකීමෙන්ම දන්නවා අක්කියෝ…. ඇත්තටම මට හිතුණෙ කතාව ඉක්මනින් ඉවර කරන්න වුවමනාවෙන් අන්තිම ටික හදිසියෙන් ලියලා වගේ…. ඒ කොටස තව ටිකක් විස්තර සහිතව ලියලා කතාව තව දික් කරන්න තිබුණා කියලත් මට හිතුණා….. ඒත් ඒක ගැන අක්කි එච්චර හිතන්න ඕනෙ නෑ…. මොකද ගොඩක් හිතට දැනුණු හැම කතාවක්ම ඉවර වෙද්දි මට එහෙම හිතෙනවා….
    ඇත්තටම අක්කියෝ ඔයාගෙ අඩුපාඩු පෙන්නලා දෙන්නවත් කතාව පුරාවට ත්‍රාසය තිබුණද කියලවත් කියන්න තරම් දැනුමක් මට නෑ….. අඩුම තරමෙ ත්‍රාසය කියන්නෙ මොකක්ද කියලවත් මං දන්නෙ නෑ… මං නම් කිසිම වැරැද්දක් අඩුපාඩුවක් මේ කතාවෙ දැක්කෙ නෑ….. ඒ නිසා අක්කිට ඊළග පාර කතාව ලියද්දි හදා ගන්න කියලා කියන්න දෙයක් මට නෑ….
    මේ කමෙන්ට් එක පුරාවට අපි අපි කිව්වට අනිත් අයටත් දැනුණෙ මට දැනුණු විදිහටමද කියන්න මං දන්නෙ නෑ….. පුරුද්දට අපි කියලා කියවුණාට මං කිව්වෙ මට දැනුණ දේ….. අක්කි හිතන්න එපා මං මේ කතාවෙ හොද කියන්න ඕනවට මෙච්චර ටයිප් කරනවා කියලා…. මේ කමෙන්ට් එකේ කිසිම තැනක අතිශයෝක්ති නෑ….. ඇත්තටම හිතට දැනුණු දේවල් තමා මේ මගෙ අතින් අකුරු වෙලා තියෙන්නේ…..
    ඉතින් සදූ අක්කිගේ භීතිය, ශෝකය, ත්‍රාසය, කුතුහලය, ආවේගය, ප්‍රීතිය ආදී හැගීම් රැසකින් සපිරි දහවෙනි කතාවේ අවසානය සනිටුහන් කරමින් මං එක් දෙයක් ඉල්ලන්න කැමතියි… පුළුවන් වෙලාවක අක්කිගෙ එකළොස්වෙනි කතාවත් අපිට කියවන්න දෙන්න අක්කියෝ….
    ඔයාගෙ මේ හැකියාව තව තවත් දියුණු වෙන්න කියලා මං මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ…. තවත් මේ වගේ කතා ගොඩක් ලියන්න අවශ්‍ය සිතුවිලිත්, එදිනෙදා වැඩ කටයුතු හොදින් කර ගන්නට අවශ්‍ය ශක්තියත් ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා…. පරිස්සමින් ඉන්න මගෙ අක්කී… ජේසු පිහිටයි….. බුදු සරණයි…..

    1. දුන්‍යා 7වෙනි කොටස
      තොවිලෙ යකාත් එක්ක කතා කරන විදිහ ගිවිසුමක් වගේ…. අරක දුන්නොත් මේක කරන්නම්…. මේක කෙරුවොත් අරක කරන්න ඕන…. කියලනෙ දෙගොල්ලොම කියන්නෙ…. යකාත් කපටියි හැබැයි….. දුන්‍යාගෙ ඇගෙන් යන්නෙ නැතුව ඕන කරන දේවල් ටික කර ගන්නයි ඌ බැලුවෙ…. ගුරුන්නාන්සෙ ඉතින් ඌව මෙල්ල කර ගත්තනේ…. ඇත්තටම ඒ ගහපු එක පාරක්වත් වැදුණෙ දුන්‍යාට නෙමෙයිද?? එයාගෙ ඇගට ගැහුව නම් එයාටනෙ වදින්න ඕනෙ…. දුන්‍යා කෑම කාපු විදිහ… අම්මෝ….. දුන්‍යා නෙමේනෙ කෑවෙ යක්කුනේ….. යක්කු හූ තිය තිය පාර දිගේ දුවන විදිහ නම් මැවිලා පෙනුණා….. කොහොම හරි දුන්‍යා බේරුණා…. ගුරුන්නාන්සෙට ගෙවීමකුත් කරන්න ඕනෙ කියලා කිව්වා නේද???? ඒක නම් ප්‍රශ්නයක් වෙන්නෙ නැතුව යයි නෙතුන්ලා ඒක ගෙවා ගන්න උදව් කළොත්….. නර බිල්ලක් දෙන්නෙ නෑ කිව්ව එකත් හොඳයි….. එහෙම කිව්වා නම් කාට හරි මැරෙන්න වෙනවනේ මුංව එලෝගන්න…. මෙච්චර දුක් විදලත් රාජා බන්ධනේ ආපිට හරවලා යැව්වෙ නෑනෙ….. එහෙම කළා නම් නිලමෙගෙ මුළු පවුලටම විදවන්න වෙන්න තිබුණා….. කොහොම වුණත් වැරදිකාරයට දඬුවම් ලැබුණා….. ඒක තමයි කියන්නේ කල කල දේ පල පල දේ කියලා…. වැරැද්දක් කෙරුවොත් ඒකට ස්වභාවධර්මය විසින්ම දඬුවම් කරනවා කියන දේ මේ කතාව තුලිනුත් හොඳටම පැහැදිලි වුණා… හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ…. ඒ නිසයි එයාලට සතුට ලැබුණේ…… කුලය නිසා කැඩෙන්න ගිය දුන්‍යා – නෙතුන් ආදර කතාව හැමෝගෙම ආශිර්වාදෙන් ඉස්සරහටත් ගලා ගෙන යන්නෙ හොඳ මිනිස්සුන්ට දෙවියන් පවා ආශිර්වාද කරන බව පෙන්වමින්….. නිලමෙ ලොකුකමෙන් හිටියට නෙතුන්ගෙ අම්මා එහෙම නෑ වගේ….. නැත්නම් දුන්‍යාට කැමැත්ත දෙයිද… හැමදාම ඉල්ලුවා වගේ ලස්සන සතුටුදායක අවසානයක් එක්ක මේ කතාව ඉවර වුණත් දුකයි අක්කි…. ඒත් මේක අවසානයක්ම නෙමෙයිනෙ…. ඒනිසා අක්කිගෙ තවත් කතාවක් ලැබෙන කල් බලාගෙන ඉන්නවා….. මේකෙම දෙවෙනි කොටසක් ලිව්වොත් හොඳ නැද්ද??? නිලමෙගෙ හොල්මන ඇවිත් දුන්‍යාටයි නෙතුන්ටයි කරදර කරනවා වගේ දෙයක් ලියන්නකො…… ????????????????

      1. ගොඩාක් ස්තූතියි අක්කේ වැඩ මැද්දෙ වුණත් මේ වගේ කතාවක් අපිට කියවන්න දුන්නට….

        1. Sandu (kandy girl)

          කවී මැණික … ගොඩක් ස්තූතියි නංගියෝ මේ තරම් දිග කමෙන්ට් එකක් දුන්නට… ඉස්සර ඇප් එකේ හිටපු ගොඩක් අය දිග….කමෙන්ට් දාන්න මහන්සි උනා. ස්ලීපින් බියූ නංගයි ලොකු අයියයි පිස්සු ගිනි මල්ලියි මදූ අක්කයි එහෙම මතක් වෙනවා මෙහෙම දිග කමෙන්ට් දකිද්දී ..දුලා නංගා, සහන් මල්ලි,සචී නංගා.දිසා නංගා ,මහී අක්කා, හිමා අක්කා, ශිරෝමි අක්කා ඒ අයත් එහෙමයි.(තව නම් නොකියවුන අය තරහා වෙන්න එපා ඉතින් …සොරී මට හරියටම නම් මතක නෑ ඔක්කොම .)දැන් හැමෝම එක එක වැඩ වලට හිර වෙලා නේ..

          ඔයාගෙ කමෙන්ට් එකට දෙන්න තරම් දිග රිප්ලයි වලට මට වචන මතක් වෙන්නෙ නෑ මැනික..ඒකට සමාවෙන්න මුලින්ම …. කතාව පුරාවටම කතාව ගැන ඔයා දිග කමෙන්ට් දුන්නා .. ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නෑ… ඇත්තටම කමෙන්ට් දාහකින් පුරවන වෝල් එකකට වඩා එකම එක වචනෙකින් හරි කතාව අගය කරන එක තරම් වටිනාකමක් කතුවරයෙක්ට සතුටක් කොයින්ද…ඒ අතර ඔයාගෙ මේ දිග කමෙන්ට් මට ලොකු හයියක් නංගා. ඇත්තටම මේම කමෙන්ට් එකක් දකිද්දී තව කතා සීයක් උනත් ලියන්න තරම් සතුටක් උනන්දුවක් ආසාවක් දැනෙනවා.

          කතාවෙ එක වචයක් පාසාම ඔයාට ගොඩක් දැනිලා තියනවා කියලා මේ දිග කමෙන්ට් වලින් හොදටම තේරුණා නංගො..ඉතින් ඔයාලා හැමෝටම ඒ දැනුන හැඟීම තමා මගේ උත්සහයේ සාර්තකත්වය. ඒකට මට හුඟක් සතුටුයි …
          කුලය ඉස්සරහට දාගෙන නිලමේ ගැහුවෙ තනිකරම නාට්‍යයක් ..එයාගෙ ලොකුම අරමුණ උනේ තුන් කුළුඳුල් බිල්ල දුන්‍යා කරගන්න එක. කන්‍යාවියක් විදියට .. මොකද පිරිමි බිල්ලකට වඩා තුන්කුලුදුල් කන්‍යා බිලි සාර්තක යි ලූ නේ… ඒ උනත් ඔය කෙහෙල්මල් කුල නිසා ආදර කතා කීයක් මග අතරමං වෙනවද්..ජීවිත කීයක් අකාලයේ පරවෙනවද නාස්ති වෙනවද.. ඉස්සර කාලේ තරම් ම නැතත් තාමත් ඔය මතබේද සමාජේ තීනවා කියන්න අපි ඕනි තරම් දැකලා තියනවා..හැබෙයි ඒක තියෙන්නේ නිව් ජෙනරේශන් එකේ නෙවේ.. අපේ අම්මලා තාත්තලා දක්වා වැඩිහිටියන් අතර.. තව අවුරුදු විසිපහකින් තිහකින් විතර ඔය කුල ක්‍රමය 10/100 ක් විතර අඩුවෙයි කියලා අපිට විශ්වාස කරන්න පුලුවන් වෙයි… හැබෙයි දුප්පත් පොහොසත් භේදය නම් දලුදාලා වැඩෙයි මදි නොකියන්නම…

          නැවතත් ගොඩක් ස්තූතියි නංගා කමෙන්ට් එකට .. ඔයාගෙ අදහස ගැන සලකලා කතාවෙ තව කොටසක් ලියන්න මං උත්සහ කරන්නම් කෙල්ල..හොද ද.. පරිස්සමෙන් ඉන්න… බුදු සරණයි …??

          1. පරණ අය ආපහු එනවා නම් කොච්චර හොඳද අක්කියෝ???
            එහෙනම් අක්කිගෙ සියවෙනි කතාවත් අපිට ඉක්මනින් කියවන්න ලැබෙයි නේද????

  4. Sandu (kandy girl)

    …මගේ කෙල්ලනේ.. ??

    රෑ මැද ඇහැරන් ටයිප් කරන්න සිද්ද උනේ ඇත්තටම මාත් හීනෙන් තොවිලයක් දැකපු නිසා.???

    මොනවත් නෙවෙයි අර දුන්‍යාගෙන් එලවපු යක්කු ටික තොවිලෙ මැද්දට පැනලා නටනවා දැක්කෙ. උන්ගෙ ඇගේ කලු දිග….. බූල් බූල් පිරිලා…??? නටනකොට ඒවා වීසි වෙනෝ වටේටම.මගේ ඇඟටත් වැටෙනකොට මං බය වෙලා ඇහැරුනා …????යසයි තොවිලයක් ගැන ලීවාට නේහ්??? .. මං කොයි තරම් හොල්මන් කතා ලීවත් කියෙව්වත් බැලුවත් හීනෙන් බය වීමෙ ප්‍රතිශතය 1/100 යි…ඒත් යකූ දැන් බය උනේ මොන ඉලව්වකට කියලා හිතෙනවා අෆ්ෆා..???

  5. Sandu (kandy girl)

    ගුඩ්මෝනින් නංගිලා හැමෝටම ..සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම …තෙරුවන් සරණයි හැමෝටම …ජේසු පිහිටයි…?????

  6. Sandu (kandy girl)

    මීශු නංගා ඔයාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ පිරි සුබම සුබ උපන් දිනයක් වේවා ….?????

    ???????????????????????????????????????????????????????????????????? මේ ඔයාට ගිෆ්ට් වවුචර් ටිකක්..

    කැමති රටකට ගිහින් සතියක් විනෝද වෙන්න ඔයාට මහෙන් පුන්චි තෑග්ගක් හොදේ… පරිස්සමෙන් ඉන්න … ????

  7. Good Afternoon hamotama…..
    දැනුයි මං ඉස්කෝලෙ ඇරිලා ආවේ… තව ටිකකින් පන්ති යනවා….. රෑ වෙලා මේ පැත්තෙ ඇවිත් යන්න එන්නම්…. Bye…

  8. Sandu (kandy girl)

    කවීයෝ රිතූ… කෝ මේකට දාන්න බලන්න පොඩි කමෙන්ට් එකක් ටෙස්ට් එකට…

  9. අක්කියෝ..මුලින්ම සමාව භජනයකට දාන්න හොදේ කමෙන්ට් එක පරක්කු වුනාට..?

    කතාවනම් සුපිරි අක්කි…කියන්න වචන නෑ…අර යක්කු එලවපු විදියනම් නියමයි..මට මැවිලා පේනවා…අර හැම තැනම ලේ රතු පටට් හැරිච්ව විදිය…අම්මෝ…?එතකොට අර යක්කූ හූ තියන ගිය විදිය ..ඇත්තටම මට නිකන් ඇහුනා වගේ.??..මන් කතාව කියවන්න ගත්තේ කම්බරේ ලයිට් එක ඕෆ් කරලා..අර තොයිලේ මැදක් යනකොටම මන් ගිහින් ලයිට් එක දැම්ම ?…(බයකට ඒම නෙවේ ඈ ?..)

    තොයිලයක් මීට කලින් දැකලා නෑ අක්කියෝ මන් ජීවිතේට…ඒත අක්කි ලියලා තියන විදිහටනම් ඒක ඇස් ඉස්සරහ මැවිලා පේනවා..අපේ ගමෙත් තොයිලයක් තිබ්බ..දැන් ගොයක් කල්..ගමේ කිව්වට ගමේම නෙවේ..ඒත් අපේ ගමේ ගොඩක් අය ඒක බලන්න ගියා..මටත් යන්න ආසා හිතුනා..ඒත් කතදක් අහලා තියේ ඔය යක්කූ තොයිලේ බලන්න එන අය්ට වැහෙනවලූ…කතාව ඇත්තද දන්නේ නැ..ඒත් ඒමයි කියලා අවදනමක් ගන්න් බෑනේ..???ඒත් අපේ ගෙදර උදවිය කියනවා යකූත් බය වෙනෝලූ මාව දැක්කම….??

    ඉතින් අක්කියෝ කතාව සුපිරි…අනිත් අක්කිලා වගේ දිග කමෙන්ට් එකක් නම් දෙන්න බැරිවෙයි…ඒකට සොරි හොදේ..?

    අපිට තව කතා ඕනේ ඕන් අයිබෝවන්ඩ…

    පරිස්සමින් ඉන්න අක්කි..
    බුදු සරණයි …

    2
    1. Sandu (kandy girl)

      මේ ලකී නංගා ද..??? අනේ සන්කුට්ටෝ මට ඕම අකුරු දෙකක නමක් දැම්මම හරියට මාස් එක දාලා වගේ කලින් අදුරන කෙනෙක්වත් අදුරගන්න බෑ අෆ්ෆා. ????

      කාලු උනත් කමක් නෑ අනී දඟයෙක් නේ..??? ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට ..පරක්කු උනාට චූටි උනාට කමක් නෑ තුදූ..මට මේ කතාව වෙනුවෙන් ඕනිම දවසක වැටෙන පොඩි කමෙන්ට් එකක් උනත් හුඟක් වටිනවා ..

      මේ ඇත්තටම කියන්නේ.. මට තාමත් මැවිලා පේනෝ උයා කළුවරේ කතාව කියව කියව ඉදලා මගදි ලයිට් දාපු එක.. ????( කාටවත් කියන්න එපා හරිද..මාත් ඕමයි ..හබී හරි ළඟ ඉන්න දවසක වීරයා වගේ එලිවෙනකන් හොල්මන් කතා කියවනවා..නැති දවසට කන් දෙක එලියේ තියන් ඇස් දෙක ඔලුව වටේ තියන් බිත්තියම හේත්තු වෙලා ලයිට් එක දාගෙන තමා කියවන්නේ..කොටින්ම කියනෝ නම් විනාඩියෙන් විනාඩිය හතර වටේම බලනවා..වෙනකක් නෙවී බිත්තිය උනත් ශුවර් නැතිව හැරිලා බලනවා ????)

      මාත් ආසයි තොවිලයක් බලන්න..තියනවා කියලා කලින් දැනගත්තොත් පිරිත් නූල් බැඳන් පිරිත් පැන් බීලා තව බුදුගුණ යන්තරයක් එහෙම දාගෙන හරි යනවාමයි ඒක බලන්න…

      අනිවාරෙන් තව කතාවක් දෙනෝ ආයිබොවන්ඩ ..???

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට …බුදු සරණයි ඔයාටත් …????

      1. රිතූ ?

        ඔය සිඩ් ?

        හම්මෝ දියමන්තිය ??? මට මැවිලා පේනෝ ඔයා හොල්මන් කතා කියවන විදිහ ????????

  10. ?හම්මෝ අක්කි ඔන්න අද තමයි මම කතාව කියෙව්වේ………ලේසියකට හොල්මන් කතාවක් රෑට නොකියවන මම ඔන්න කියෙව්වා…….ඇත්තටම මට බයහිතුනා………හොල්මන් කතා මම වැඩිය කියවන්න ආස නැ මොකද අප්පා සමහ කතා තියෙනවා හොල්මන් කතා එපාම කරවන …..කිසිම බයක් නොහොතන……..හම්මෝ දැන් ඉතින් මගේ තනි රකින්න කව්‍රැහරි මට හොයා ගන්න වෙයි වගේ…….????ඇත්තට තොවිලයක් වත් දැකලා නැති වුනාට උන විදිහ යකා ආපු විදිහ හම්මෝ මේ මට පෙනුනෝ……….දැන් රැට හීනෙන් ඔය යකාම මට පෙනෝ………..අක්කි exam එකයි කතාව කියවන්නවත් කමෙන්ට් කරන්නවත් වෙලාවක් තිබ්බේ නැත්තේ………….සීනීබෝල හොල්මන් කතා වගේ මෙමෙයි මේ කතාව නියමයි…ඈ තවත් කතාවක් ඔන මේ විදිහම ගොඩාරියක් බය හිතෙන………..?බුදුසරණයි අක්කි පරිස්සමෙන් ඉන්නෝ

    2
    1. Sandu (kandy girl)

      හේශියෝ …ගොඩක් ස්තූතියි නංගා ඔයාට කමෙන්ට් කරාට.. ඔයාලාව මේම හරි බය කරන්න ලැබුන එකට නම් මට ඉතා කුරිරු සතුටක් දැනේ..????

      කමෙන්ට් කරන්න පරක්කු උනාට කමක් නෑ නංගෝ එක්සෑම් එක කරගන්න කෝම හරි..නැත්තන් අනිවාරෙන් ජීවිතේ කොයිම වෙලාවක හරි පසුතැවෙන්න වෙනවාමයි.. ඒක ඉර හඳ වගේ විශ්වාසයි ..

      මහන්සි වෙලා ඉගෙනගන්න ..සතුටින් ඉන්න ..තෙරුවන් සරණයි නංගා …

      ම්..අනිවාරෙන් මං හොල්මන් කතාවක් ගේනෝ ආ..ඉක්මනට ම…

      1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.