Katha Ahura

දුන්‍යා | 06 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

5/5 - (1 vote)

සුදු රෙද්දක් අතින් ගත් ඔහුගේ ගෝලයන් ද රාජාගේ නෑයින් කීප දෙනෙකුද ඔහු පසුපස ගොස් පෙන්වූ තැන් හාරා ගොඩගත් දෑ කඩිමුඩියේ පිදේනි තටුව වෙත ගෙනත් තැබී ය. පොට්ටනියක් සේ ඔවුන් රැගෙන ආ ද්‍රව්‍ය මොනවාදැයි බැලීමට එයට එබුන අවට වූවන්ගේ ඇස් ගෙඩි ටික් බෝල මෙන් දිස් විය.

……………

මිනී ඔලුවක්, ඇට කැබලි කීපයක්,මන්‍ත්‍ර පත් ලියා දැමූ තඹ තහඩු කීපයක් හා කෙස් ගුලියක් දැමූ කුප්පි කීපයක් ඒ අතර විය. කටු අකුලු ගල් බොරලු මතින් පෙරළී ගියද උඩුකය නිරුවත් ගුරුන්නාන්සේගේ එක රෝම කූපයකටවත් සීරීමක් වී නැති බව දැක මිනිසුන් පුදුමෙනුත් පුදුම වී ය.ටික වෙලාවක් මන්ත්‍ර ජප කර ගුරුන්නාන්සේ ආතුරයා හා කතා කරන්නට විය. එය ද බාශා ගණනාවකින් ඌ ප්‍රශ්න කිරීම් වූවද ආතුරයා ගල් ගැසී සේ බලා සිටියා විනා එක වචනෙකුදු කටින් පිට නොකළා ය.

“හ්ම්.. මං මෙච්චර අහලත් වචනයක් කතා කරන්න බැරි තොපි ගොලුවොද! නැත්තන් මහලොකු කෙරුමොද ආහ්..! හිටපන් මං කතා කරවන්න!”

එසේ කියූ ගුරුන්නාන්සේ ගිරයක් හා වේවැලක් අතට ගෙන මතුරා ආවේශයෙන් මෙන් වෙව්ල වෙව්ලා කතා කලේ ය.

” හ්ම්..මං දන්නවා ඔතන එකෙක් නෙවේ ඉන්නෙ කියලා. කියපන් උඹලා කව්ද? තොපිට පේනව නේද මේ අතේ තියෙන ඒවා? අහ්..? කතා නොකළොත් මේකෙන් කපනවා කට.!”

ගිරය උරුක් කරමින් සැර කලත් දුන්‍යා ඇස් පියවත් නොගහා ගුරුන්නාන්සේ දෙස බලා සිටියේ වශී වී සේ ය.ඒ ගමන ඔහු වැරෙන් වේවැල ඔසවා දුන්‍යාට පහර දෙකක් ගසන විට මැණිකා හඬන්නට විය.

“අනේ ගුරුන්නාන්සේ..මාමේ.. මගේ කෙල්ලට ගහ..න්න එපා..කෙ කෙල්ලට තුවාල වෙයි..!”

“සේදිරිස් මොහොතක් නතර විය.බොල! මේ මං ගහන්නේ කෙල්ලට නෙවේ..ඒකිට වැහිලා ඉන්න යක්කුන්ට. මේ පාරවල් එකක්වත් කෙල්ලට දැනෙන් නෑ. තේරුනද?”

“එ එහෙමයි මා මේ..එහෙමයි..”

“කෙල්ලව සනීප කරගන්න ඕනිද?”

“අ අනේ ඔව්ව්.. ඔව්..”

“හ්ම්…බලා ඉන්නට බැරි නම් අහකට පල. රාජා මේකිව ගෙට ගන් පොඩි එකී එක්කම..කාරිය කරන විට බාදා කිරීම නරකයි !”

සියල්ලටම ඇසෙන සේ ගෝරනාඩු කල ගුරුන්නාන්සේ නැවත් ප්‍රශ්න ඇසීම ආරම්භ කල විට ගම්මු මීයට පිම්බාක් මෙන් නිහඬ වූ අතර රාජා මැණිකා හා නිත්‍යා සමඟ ඔවුන්ගෙන් ඈත් විය.

“හ්ම්.. තොපි කී දෙනෙක් ඉන්නවද මේ ශරීර කූඩුවේ..? ආ..කියාපන්.. කටවල් වල පිට්ටුද තොපේ..?”

දුන්‍යා කට කොනකින් කින්ඩියට මෙන් සිනා සුණාය.

” තොපි මට හිනාවෙන්න ! ඒ තරම් ලොක්කොද අහ්.! වර මං කව්ද කියලා පෙන්නන්න!” එසේ කියූ ඇදුරා දුන්‍යාගේ කොන්ඩෙන් ඔසවා ඇදගෙන මෙන් ගියේ මල් බුලත් තටුව වෙතටය. එහි වූ පොල් මලෙන් කීප ගමනක් ගසන විට යකුන් කතා කරන්නට විය.

“අනේ අම්මො ගහන්න එපා ආයිබොවන්ඩ දැවිල්ලයි.”

“හෙහ්..දැවිල්ල..හිටපන්..තොපි කව්ද කීවෙ නැතිනම් මං පුච්චලම දානවා එක එකාව..!”

“කියන්නම් ..කියන්නම් ආයිබෝවන්ඩ.. මෙ මෙ මේ ඒත්.. මෙ.මේ..”

“මොකද තෙපරබාන්නෙ?”

“අපිට මෙතන කියන්න බෑ ආයිබොවන්ඩ ..සෙනඟ වැඩී.”

“අහ්..මගෙන් මැරුන් නොකා කියපියවු.!”

” “මෙතනදි නම් කීයටවත් බෑ ආයිබොවන්ඩ ..!”

“හ්ම් හරි. යමන් ඉස්සර වෙලා යන්න ඕනි තැනකට.”

එසේ අණ කල පසු ගුරුන්නාන්සේ සමඟ අනික් ඇදුරන් තිදෙනෙකුත් රාජාත් දුන්‍යා පසුපස ගියහ. පැය කාලකින් පමණ පසු ඔවුන් ගියේ සොහොන වෙතය.

” හහ්.හරි කියපන් දැන්.. උඹ එක්ක අපි සොහොනට ආවනෙ දැන්.!”

එක්වරම පරිසරයේ අමුතු රක්ත වර්ණයක් පැතිරිණි..ඒ ලේ රත් පැහැය ය !. සුළඟක් අහලකවත් නොවී ගස් අඹරවා කැරකෙන්ට විය.දුන්‍යාගේ ස්වරූපය තද කලු වර්ණ විය. මුව දෙපැත්තට දිගු වුන සුදු දත් දෙක මැදින් රුධිරය බේරිණි. දුන්‍යා තුල සිටි යකෙකු ඇයගේ මුහුණෙන් මතු වී විකෘති රූ මවන්නට විය..
තද කළුවන් දිගු ලෝම පිරි උගේ ඇස් මදටිය මෙන් රතුය.

සුදුපැහැව දිගු වූ රදනක දත් යුගලය ද වක්‍රාකාරව ඇඹරී ගිය නියපොතු ද දිගු කරමින් හිස වේගයෙන් කරකවා මහ හඬින් හූ තියූ යකු සියදෝරිස් දෙස ඔරවා බැලීය.

“හහ් හහ් හා.. උඹලා අහු උනා නේද මහේ ගැටේට..මං තොපි සේරම මරනවා.!.”

ඔවුන්වටා වේගයෙන් ගමන් කරමින් දුන්‍යා කී දේ අසා රාජාට දෙලෝ රත් විය.ගුරුන්නාන්සේ පවා යකුන්ගේ බහට රැවටී ඇති බව සිතා තොවිල් පිළිබඳ අත්දැකීම් නැති ඔහු එසේ බිය වීම සාමාන්‍ය ය.

“හහ් හහ් හා.. උඹ හිතුවද අපිව එහෙම ලේසියෙන් මරන්න පුලුවන් කියලා!? ඒව හඳේ තමා පුතෝ.තොපි දන් නෑ මේ සේදිරිස් ගුරුන්නාන්සේ ගේ තරම.!”

මෙසේ කියමින් වහා ක්‍රියාත්මක වූ ඔහු මහා කාලි දැහැන මතුරා දුන්‍යාගෙ ගමන අඩාල කර ඇයගේ හිස මත සුරත තබා ඇය මෙල්ල කලේ ය.

“හ්ම්..කියපන් තොපි කව්ද..?”

එයට පිපිළිතුරු නොදුන් යකු සේදිරිස් ට රැව්වේය.

“හහ්. තෝ මට රැව්වම මං බය වෙයි කියල හිතුවද බොල.? තොපි ඔක්කොම ලේසියෙන් බැඳගෙන ගමේ වැඩ කරවා ගන්නවා දැනගන්…!”

“හහ්. උබ හිතුවෙ අපිව එහෙම ලේසියෙන් ගැටගහන්න පුලුවන් කියලද..අපේ අයියගෙ තරම උඹ දන්නෙ නැද්ද?”

“හ්ම්..ඒකත් එහෙමද ඔය අයියට ඉන්න කියපිය මං එලියට ගන්නකන්. කඩවර අප්පච්චිගෙන් කාලි මෑණියන්ගෙන් වගෙම වෙසමුණිගෙන් වරම් ලැබුන මට ඒක මහලොකු දෙයක් නෙවෙයි.!”

ඔය අයියා යැයි කියන්නේ මහසොහොනට බව ත් ඇත්තටම ආතුරයා තුල මහසොහොනා නැති බවත්,බලවත් වීමට අර අදින යකෙකු බවත් අත්දැකීමෙන් වටහාගත් සියදෝරිස් කට කොනකට නඟාගත් සිනහවකින් යුතුව කී ය. ඉන් පසු බලගතු දැහැන් මතුරමින් පිරිත් නූලකින් දුන්‍යා ගැටගසා ගෙන යකුන් මෙල්ල කරගත් ගුරුන්නාන්සේ අනිකුන් හා තොවිල් මංඩපයට ගියහ.අලුතින් දුම්මල කබලට දැමූ ඔහු පැයකට ආසන්න කාලයක් කල මන්ත්‍ර වලින් ආතුරයා ප්‍රලය ඌවේ ය.

“තොපි කැමතිද යකුන් නටනවා බලන්න..?”

සේදිරිස් ඇසුවේ රැස්ව සිටින්නන්ගෙනි. ඔවුන්ද එකහෙළාම ඔව් යැයි පැසුවේ තම හිස් වලිනි.ඉන්පසු යක් බෙරය ගසන්නට ගෝලයින්ට අණ දී ඔහු උඩරට පහතරට සඹරගමු පද කීපයක් නැටීය.

සුලුතනිතිතේ සිට ක්‍රමයෙන් මැදුම් තනි තිත දෙතිත තුන් තිත ආදී ලෙස නටමින් සිටි ගුරුන්නාන්සේ මද වේලාවකින් ඕඩියට නටන්නට විය.. බෙර වාදනයේ වේගයද ඒ අනුව වැඩි විය.වශී වී මෙන් ගුරාගෙ නැටුම දිහා බලා උන් මිනිසුන්ට මද වෙලාවකින් ආතුරයා ද ගුරුන්නාන්සේ හා හරි හරියට නටවා දක්කනට ලැබුණි. චිත්‍ර විශයට පමණක් දක්ශ වූ දුන්‍යාගේ නර්තනය ගම්මුන්ට විශ්මය ගෙනදෙන්නක් විය. හති වැටුන ආතුරයා බිම වැටෙන්නට නොදී වත්තම් කරගන්න ගම්මු දෙදෙනෙක් උදව් විය. පොල්මල් කිනිත්ත අතට ගත් ගුරුන්නාන්සේ බෙර වැයීම නවත්වා යකුන්ව ඇමතීය.

“තෝ දැන් නැටුවා හොදටම ඇති. මෙ දැරිවිගෙ ඇගෙන් ඉවත් උනොත් හොදයි. ”

“හහ් හහ් හා …! තෝ මහලොකු කට්ටඩියා.. මාව එලවන්න හිතුව මදි රවට්ටලා.තෝ දන්නවද මං කව්ද කියලා..? හහ් හහ් හා..හා .. මං තමයි මහසෝනා”

“හේ හේ..මෙන්න මූ මහසෝනලු..! අපි බය වෙයි. තෝ දැනගනින් මං මාතර සියාතු ගුරුන්නාන්සේගේ නිවුන්නා.සේදිරිස් !”
“උඹ කවුද කියලා මට වැඩක් නෑ. පල කෙලීගෙ ඇගෙන්.”

“හහ් හහ් හා. මං ලේසියෙන් යන එකෙක් නෙවේ බොල. පුලුවන් නම් එලවපන් බලන්න.. හහ් හහ් හහ් හහ් හා.”

“ඒවා කොහෙද මගෙත් එක්ක.මං ඉන්නකන් මේ කෙල්ලට පව්ලට වින කටින්ට දෙයි කියලා හිතන්න එපා.!..”

” හහ් හහ් හා.. මං යන්නෙ නෑ මයි.උඹ මට මොනා කරන්නද”

“හ්ම්.. උඹට බෑ එහෙනම් ? හොඳයි දරුවනෙ ගහපල්ලා ඔය බෙරය! අපි මට්ටු කරමු මේ මහලොකු කෙරුමව!.” එසේ කියමින් සේදිරිස් යලිත් මන්ත්‍ර මතුරන්න පටන් ගත්තේ ය.

91 thoughts on “දුන්‍යා | 06 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

        1. රිතූ ?

          සුබ පැතුම් කවී ????

          ආයේ පටන් අරන් JJP ?? ජවුසමෝ මේ පේනවා නේද ඔහේ කරපු විනාසෙක තරම ??

          1. රිතූ ?

            දෙයියනේ දෙයියනේ ??‍♀️??‍♀️??‍♀️ බලන් ඉඳලා බෑ කවී…. යමු අංගොඩ බෙහෙත් ගන්න ??

          2. මං මේ අංගොඩ ගිහින් බේත් අරන් ගෙදර ආවා විතරයි අක්කියෝ…..

          3. රිතූ ?

            එහෙමද? ඇයි මට කතා කරේ නැත්තේ… කතා කරා නම් මමත් එනෝ නේ….?? කමක් නෑ කමක් නෑ… ඔය බෙහෙත් ටික බීලා ඕක හොඳ කරගන්නකෝ…. අර ජවුසමා සනීප වුණු ගමන් අල්ලගන්න ඕනි….

          4. අද ගියේ නෑ…. කලින් ගිහින් හොඳ කර ගෙන ආව එක ගැන කිව්වෙ….. දැන් ආපහු බෝ වෙලානෙ….

          5. රිතූ ?

            එහෙනම් බෙහෙත් අරන් ගෙදර ආවා විතරයි කිව්වේ ??

  1. අම්මෝ….. ඇටකටු කෑලි කොහෙන් හොයා ගත්තද දන්නෙ නෑ…. මිනි වලක්වත් හෑරුවද දන්නෙ නෑ….. යකා නම් දුන්‍යාගෙ ඇඟෙන් යන්න කැමති නෑ වගේ…… තොවිලෙ නම් මරු අක්කියෝ…… යකායි ගුරුන්නාන්සෙයි තම තමන්ගෙ ලොකුකම් කියවගන්න එකනෙ කරන්නෙ….. ගුරුන්නාන්සෙ යකාව එලවයි නේද??? ලස්සන අවසානයක් තියෙයි කියලා හිතෙනවා අක්කියෝ….. කතාව හුඟක් ලස්සනයි…. All the best akki…. පරිස්සමින් ඉන්න….. ජේසු පිහිටයි….. බුදු සරණයි…..

    1. අද නම් ටිකක් අඩුවෙන් බය හිතුණෙ….. ඒකට ගොඩක් ස්තූතියි අක්කේ…. අදවත් නිදහසේ නිදාගන්න පුලුවන්….. Thank you very much akki…..

  2. රිතූ ?

    ( හැමදාම පටන් ගන්න විදිහටම අදත් කමෙන්ට් එක පටන් ගන්නම් ? )

    අම්මෝ දියමන්තිය ?

    ඇටකටු? ? කවුද බොලේ ඒවා වැලලුවේ…. මමත් අර මව්බිම පත්තරේ සැණකෙලිය කොටසේ තියෙන මලවුන්ගේ හෝරාව ආටිකල් එක කියවනවා…. මම ඒ කියවපු කතා වලත් තිබ්බා ඔහොම සීන්.. ???

    අම්මා පව්…. දුන්‍යා ට ගහනවා බලන් ඉන්න බැරි වෙන්න ඇති…. ?

    මමත් හිතුවෙම ගුරුන්වහන්සේ යකාගේ වචනෙට රැවටුණා කියලා… හිහ්.. එහෙම නෑනේ? ගුරා වැඩ්ඩා ?

    අර සොහොනේ පරිසරය වෙනස් වුණු එක නම් මැවිලා පෙනුණා හොඳේ ?

    මටත් දුන්‍යා ගේ නැටුම බලන්න ආසාවක් ආවා අප්පා ??

    යකාව කොහොම හරි මෙල්ල කරයි නේද ? දියමන්තිය ???

    දුන්‍යා ව බේර ගමු හොඳේ ?? නෙතුන්ට මොකෝ දන්නෑ වුණේ…

    නිලමෙට හොඳ පාඩමක් උගන්නමු ?

    කතාව ගොඩක් ගොඩක් ගොඩාක් ලස්සනයි දියමන්තිය…. සුපිරියි ❤

        1. දිව්වට වැඩක් නෑ අක්කියෝ….. මං බලු රංචුවක් පුරුදු කරන ගමන් ඉන්නෙ අක්කිගෙ ඉව හොයා ගෙන අක්කිව අල්ලන්න….. තව පූසො රංචුවක් පුරුදු කරන්නත් ලෑස්ති වෙලා ඉන්නේ….. මගෙ කුරුලු රංචුව නම් අක්කිව හොයන වැඩේ දැනටමත් පටන් අරන් තියෙන්නේ……

  3. Sandu (kandy girl)

    කෝ කෝ කව්ද ඊයෙ සෑ හොල්මන් දැක්කෙ..????

    හූනියං කරනකොට සොහොන් අලු ඉහින එක තුන් කුළුඳුල් මිනී ඇටකටු වලලන එක එහෙම සාමාන්‍යයෙන් කරන දෙයක් ලූ.. බලන්න ඔයාගෙ බලු සුරතලා කොයි වෙලේ හරි මීටි කටුවක් උස්සන් එනවද කියලා බිම හාරලා..????

  4. Sandu (kandy girl)

    මං යනෝ ළමයි .. තා ඩිංගකින් පුතාට ක්ලාස් එකක් තීනවා..බායි..සෑ වෙලා එන්නම් .

  5. රෑ අහසේ තරු දිලුනට
    නෑ එළියක් සඳ වාගේ
    ජීවිතයට මොනවා තිබුණද
    නෑ කිසිවක් නුඹ වාගේ

    1. සැනසෙන්නම් මා
      නුඹ ළඟ නම් හැම මොහොතෙම
      හඳුනාගන්නට ජීවිතයම
      සරලයි නම් මා
      නුඹ හා ගෙවනා කාලය
      සෙනෙහස විඳ ඉපිලෙයි සිත

      1. පාට ඉතිරෙන දේදුන්නක හැඩ
        පාවී යන්නෑ සුළඟේ බොඳ වී
        ලෝකය ගැන නුඹ දකිනා සිත
        පාට පාට දේදුන්නක් වාගේ

        1. රිතූ ?

          ලකී ? මං රෑ වෙලා එන්නම් හොඳේ… දැන් ක්ලාස් අනේ ? අද ක්ලාස් එකේ මොකක් හරි අවුලක් වගේ…. කලින් ඉවර වුණොත් එන්නම් ??

        1. රිතූ ?

          බටේ ??? අනේ මන්දා…. මාත් එක්කත් කතා කරේ නෑ දැන් දවස් හතරකින් විතර ???

  6. ?????මට හෙට exam දැන් නම් පිස්සු වැඩි වෙලා වගේ………………??????????????????යනෝ එනම් බුදු සරණයි…………………………………?තව සති දෙකකින් වගේ අප්පා ආය එන්න වෙන්නේ…….මම ආපු වෙලාවට කව්‍රැත් හිටියේ නෑ නී…….කස්ටියම පරිස්සමෙන් ඉන්නෝ………අලුතෙන් කස්ටිය ඇවිත්ද නැත්තම් පරණ අයගේ නම් වෙනස් කොරලද………?ආ ආමේ තරැ අක්කි බොලා අර එදා මොනාද අර කියවලා තියෙන්නේ දැන් දැක්කෙත් මට කව්‍රැත් අමතක නැතෝ ………..එදා එක විහිලුවට කිව්වේ සොලී සොලී ඈ………….??‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️????????????????????????????????

    1. හේෂි අක්කි….. අපේ පිස්සු රැජින…. හොඳට එක්සෑම් එක කරන්න අක්කියෝ…… ජේසු පිහිටයි…. බුදු සරණයි……

  7. ??????ආසීයාගේ birthday එකත් තිබිලා සොලි අක්කි අද තමයි මම කමෙන්ට් කියෙව්වෙත් සොරි ඈ……….????????කමක් නැ මම අද happy birthday කියනෝ………?තව මොනා වෙලාද මන්දා කියවනා වෙලා නෑ නී……..ආය ඉලග නිවාඩුවට තමයි?………. ??

    1. රිතූ ?

      හම්මෝ එක්සෑම් මතක් කරන්න එපා ??? මට ලියන්න හම්බුණෙත් එක පේපර් එකයි.. ඒකේ ලකුණුත් දීලා අද…. මට සසර එපා වුණා ලකුණු ඇහුවම ????

  8. Sandu (kandy girl)

    හානී..කාගෙද උපන්දින තිබුනේ..මං දන්නෙත් නෑ පැටව්නේ…??

    1. රිතූ ?

      තිබ්බා තුන් දෙනෙක්ගේ….
      ආශි
      දුලාන් අයියා
      අනූ..

      හෙටත් එකක් තියෙනවා

      1. රිතූ ?

        තුනයි නෙමේ… හතරක් තිබ්බා… සොරි..
        ප්‍රමෝ අක්කගෙත් උපන්දිනය තිබ්බා

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.