Katha Ahura

නත්තල.| කතා අහුර රචක | නත්තල් කෙටි කතා

කතාව කොහොමද?

නත්තල.

සිත සුළගින් ගතම පිපිදෙන්

සුන්දර නත්තල උදා උනා

සුන්දර නත්තල උදා උනා

මගේ දුගේ කොයි වෙලෙත් කටෙම් තියෙන්නේ ඕක තමයි.

මොකද ඉතිං මේ නත්තල් කාලෙනේ.

අපේ  ගෙදරත් නත්තල ජය ටම සමරනවා. හැබැයි මගේ මහත්තය බෞද්ධ. මං ක්‍රිස්තියානි.

“අම්මේ… මට  ෂොපින් යන්න ඕනි  ”

“දැන්… අනේ බැ දු. තාත්ති එක්ක යමු. තාත්ති ආවම අහන්නකො” .

“හ්ම්ම්.. අම්මට බැනේ මං අහන්නම්කො තාත්ති ගෙන්”.

බලන් ඕනි.කෙල්ල ගස්සල දාල යන්න හැටි ඒවා කියලා .

තාත්තා ආපු  හැටියේ කලේ එයාට ඕනි දේ කියලා දාන්න එක .බලන් ඕනි ඒවා හුරතල් වේවි කියන්න ලස්සන .

“තාත්ති. ..අපි ෂොපින් යමු “.

“දැන් යන්න බැ දු.. අපි හෙට යමු. හොදේ.”

“ප්‍රොමිස් කියන්න එහෙනම්”.

“ප්‍රොමිස්. ප්‍රොමිස්. ”

“යේ… යේ  …අපි හෙට යනෝ …ෂොපින්”

උදේ එලි වෙනකොට දුව ලෑස්තිත් වෙලා යන්න. නොගිහින් හිටියොත් අපිට අද දවසේ ඉන්න හම්බෙන්නේ නෑ. ඒ හින්ද ගියා.

“දු… උවමනා ජාති විතරයි ගන්නේ වෙන් ජාති එපා”.

“හය්යෝ. අම්මේ.. මං ගන්නම් මට ඕනි ඒවා”.

“ඒවාට හරි පැහිල .බලන් ඕනි කට” .

අන්තිමට එයාට ඕනි බඩු ටික ඔක්කොම ගත්තා. පොඩි එඋන්ගේ අසවනේ. ඒ හින්ද අපි දෙන්නත් සද්ද නැතුව හිටිය.

හැබැයි ගෙදර ආපු හැටියේ කලේ නත්තල් ගහ හදන් එක තමයි .

“අය්යෝ  ….. ඔහොම නෙමෙයි තාත්තේ  මෙහෙම”.

“දැන් හොදයි ද”.

“ඔහොම්මම අල්ලන් ඉන්න”.

මට තනියම හිනා යනවා දුගේ කෝලම් බලලා . මට මෙතන හිටියොත් ගෙදර වැඩ කෙරෙන්නේ නැති හින්ද මං ගියා. හැබැයි මං උයලා ඔක්කොම වැඩ ඉවර කලත් මේ දෙන්න නෙමෙයි කන් ආවේ .

“අපේ දුගේ වැඩ කොහොමද”.

“නියමයි .ඔය තියෙන්නේ මරු එකට”.

එහෙම කියද්දී බලන් ඕනි කෙල්ලගේ හිනාව .පව් ඉතිං ඒ දරුවන්ගේ ලෝකේ ඔහොම නේ ඉතිං.

ඔහොම ඉතිං දින සති ගෙවිල ගියා. නත්තල් දවසත් උදා උනා .

අපේ දුගේ ත් ආසාවට අපි ළමා නිවාසෙක දරුවෝ එක්ක නත්තල සමරන්න තීරණය කලා.

ඒ දරුවන්ටත් සතුටක් දෙන්න මගේ මහත්තය ව නත්තල් පප්පා ට ත් ඇන්දු වා.

“අන්න.. .නත්තල් පප්පෙක් .අර බලන්”.

අපේ දුගේ කෑගැහිල්ලට අනිත් දරුවෝ පුදුම වෙලා වගේ බලන් ඉන්නවා.

හැමෝටම තෑගි බෝග දීලා .හොද රසවත් කෑම දීලා. කට්ටිය එක්ක සින්දු කියලා නටන්න ගත්තා .

ඒ වෙලාවේ ඒ දරුවන්ගේ මුනේ තිබුන සතුට  මට කියන්න වචන නෑ. පුංචි දරුවෝ මල් වගේ කියන්නේ නික මටද .

එත් එක දරුවෙක් විතරක් ඔහේ පැත්තකට වෙලා ඉන්නවා මං දැක්කේ දැන්.ඒ දරුවට මොකක් හරි හිතේ දුකක් තියෙනවා කියලා මට දැනුනේ මාත් අම්මෙක් හින්ද වෙන් ඇති

“ඇයි.. පුතේ ඔතන  . එන්න අපි නටමු”.

“මට බැ”.

“ඇයි  ”

“මට මෙහෙම ඉන්න දෙන්න”.

“අපි ආවට කැමති නැද්ද” .

“එහෙම දෙයක් නෑ  මට පාලුයි “.

“ඇයි පාලු  මේ ගොඩක් අය ඉන්නේ සෙල්ලම් කරන්නත්”.

“මට සෙල්ලම් කරන්න නෙමෙයි ඕනි.”

“එහෙනම් ඔයාට මොනාද ඕනි” .

“මං ඉල්ලන්න දේ ගෙනත් දෙන්න පුලුවන්ද”.

“පුළුවන් දෙයක් නම් ගේන්නම් “.

“එහෙනම් මට මගේ අම්මා ගෙනත් දෙන්න ”

එහෙම කෙඋව විතරයි මගේ පපුව හෝස් ගලා ගියා. මං එතනින් නැගිටලා මැඩම් හම්බෙන්න ගියේ මේ දරුවා ගැන විස්තර යක් දැන ගන්න මයි.

“අහ්හ්..  ඒ දරුවා ද. ඒ ළමයා ගිය සතියේ ආවේ මෙහෙට. ආපු දවසේ ඉදන් ඔහොම තමයි’.

“ඇයි ඒ”.

“ඒ දරුවාගේ තාත්තා දාල ගිහින්. අම්මා එක්ක තමයි ඉදලා තියෙන්නේ .පාර පනින්න කොට වාහනේ කට අම්මව යට වෙලා .එතනම මැරිලා. වාසනාවන්ත කමට මේ දරුවා බේරිලා”.

“අනේ. .පව් ..”

“ඔහොම්මම තමයි ආපු දවසේ ඉදන්. පුළුවන් නම් ඒ දරුවාගේ හිත හදලා දීලා යන්න”.

“මං බලන්නම් මැඩම්. ”

“දු එන්න මං ලගට”.

“නැන්දට මගේ අම්මව හම්බුනාද”.

“ඔව්. අම්මා කියන්න කෙඋව අම්මා ඉන්නේ සුරංගනා ලෝකේ. ඒ හින්ද ආයි එන්න වෙන් නෑ. දුට පරෙස්සමින් සතුටින් ඉන්න කෙඋව.”

“එතකොට අම්මා එන්නේ නෑනේ”  .

“ඔව්. මැණික. එත් අම්මා ඔයා දිහා බලන් ඉන්නේ. ඒ හින්ද සතුටින් ඉන්න ”

“හා. ”

“එන්න. අපි යමු එහෙනම් නටන්න”.

ඒ දරුවා නියමෙට මගේ දු එක්ක යාලු  වෙලා. දෙන්න එක්ක ෆොටෝ ගන්නවා .එක විකාරයක් එතන.

කොයි දේත් අවසාන යක් තියෙනවා නේ. Party යෙත් අන්තිම මොහොත ලං උනා .

අපි ගිහින් ආයි එන්නම් කියලා හැම දරුවෙක්වම ඉබල එන්න හදද්දී උනේ හිතුවේ වත් නැති දෙයක්.

අර දරුවා ඇවිත් මාව බදන් අඩන්න පටන් ගත්තේ මගේ ඇස් වලත් කදුළු පුරෝලා.

“අනේ ඇයි දු. . අපි ආයි එන්නම්”.

“එපා .යන්න මාව දාල. මාත් එන්නම් ඔයාලා එක්ක”.

“මං කොහොමද ඔයාව එක්කන් යන්නේ” .

“අනේ… අම්මේ එක්කන් යමු මෙයාව. එතකොට මට පාලු නෑ”.

මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා .

අන්තිමට මමයි මහත්තයයි කතා කරලා ඒ දරුවාව ත් අපේ දරුවෙක් වගේ බලාගන්න තීරණය කලා.

“දු  …එහෙනම් යමු ඔයාගේ අලුත් ගෙදරට. එන්න”.

එහෙම කෙඋව විතරයි ඒ දරුවා ඇවිත් මට තුරුල් උනා. සතුට වැඩි කමටද කොහෙද.

“මං අද ඉදන් අම්මා කියන්නද කියලා ඒ දරුවා මගෙන් අහද්දී මට දැනුන සතුට කියන්න වචන නෑ”.

“හා.. මැණික”. කියලා ඒ දරුවාව මං වඩා ගත්තේ ඒ දරුවත් දැන් මගේම දරුවෙක් හින්ද මයි.

“ඇත්තටම… ඔයාලා කලේ හරි උතුම් දෙයක් මේ නත්තල් දවසේ . ඔයාගේ දු වගේම මේ දුව වත් හොදින් බලාගන්න .ඔයාලට බාරයි”.

“හරි.මැඩම්” කියලා අපි දෙන්නම කෙඋවේ පුදුම සතුටකින්

“යේ  ..යේ … මට දැන් පාලු නෑ. සෙල්ලම් කරන්න තව කෙනෙක් ඉන්නවා”.

අපේ දූට සතුටින් කෑ ගහනවා.

“දෙන්නම අක්කා යි, නංගි වගේ ඉන්න ඕනි . හැමදාම  තේරුනාද ”

හරි.

මට මගේ ජිවිතේ ලබපු හොදම නත්තල මේක. කවදාවත් කිසිම දෙකින් ගන්න බැරි.

අපේ ජිවිත වල හැමදාම සතුට රැදිලා තියෙන්නේ නෑ. දුක උනත් එහෙමයි. පුළුවන් හැම වෙලේම ජීවිතේට සතුටු හිතෙන් යමක් එකතු කරගන්න.

එතකොට මූළු ජිවිත කාලෙම ඒ කරපු හොද දේවල් වලින් සතුටු වෙන් පුළුවන්.

ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබම සුබ නත්තල ක්ක් වේවා !.දෙවි පිහිටයි.

 

 

 

 

 

4 thoughts on “නත්තල.| කතා අහුර රචක | නත්තල් කෙටි කතා”

  1. Priyadarshani

    හැමෝටම පුලුවන් නම් මේ වගේ දුකින් ඉන්න අයගෙ ජීවිත වලට සතුට දෙන්න ඒක ගොඩක් හොදයි නත්තලටම විතරක් නෙවෙයි හැමදාම මේ වගේ හොද දේවල් කරොත් මේ ලෝකෙ ගොඩාක් ලස්සන වෙයි….
    කතාවෙන් ලොකු පණිවිඩයක් දෙන්ව අපිට ..
    All the best?

  2. lakmali kumarasinghe

    ලොකු ආදර්ශවත් කතාවක් ඔක්කොමල්ලාට සුබ නත්තලක් වේවා!! යාලුවනේ

  3. Thakshi Deepali Jayasuriya

    අැත්තටම අාදර්ශමත් කතාවක්….ලස්සනයි…තව ලස්සන කතා ඕනා අපිට…සුබ පතනවා ඔයාට

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.