Katha Ahura

නොපැතූ සෙනෙහෙ | තිස්හයවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️

~තිස්හයවන දිගහැරුම~

එතකොටම අරුන් ඔක්කොම ටික මං දිහා කන්න වගේ බලන් ඉන්නවා..

හම්මෝ..ඒ වෙච්ච දේවල් ලැජ්ජ නැතුව කටක් ඇරලා කියන්න බෑනේ..

මාත් මුකුත් නොවුනගානට හිනා වෙලා හැමෝටම good morning කිවුවා..මං වෙනදා වගේ ඉන්න පුදුම try එකක් දුන්නේ..

ඇයි අනේ.. මට හැම වෙලේම film එකක් වගේ අර වෙච්ච දේවල් මැවි මැවී පෙනෙද්දි කලින් වගේ ඉන්නෙ කොහොමද..

අද හැමොම ගෙදර යන නිසා ලස්සන ලස්සන තැන් ටිකක් බලලා එහෙම ගෙදර යන්න තීරණය කරගත්තා..

හැමෝගෙම කැමත්ත පරිදි breakfast එක මගදි ගන්න තීරණය කරපු නිසා අපේ බඩු ටික ලෑස්ති කරගෙන වෑන් එකට දාගත්තා..

ටිකක් දුර යද්දි බඩගින්නක් ආපු නිසා පොඩි කඩයක් ලගින් නැවැත්තුවා.. උනු උනු තෝසෙයි,සාම්බාරුයි,chicken හොදී තිබ්බා..ඒවා දැකලා බඩගින්නත් වැඩි උනා..

කට්ටියම කාලා ඉවඋනාට පස්සෙ gregory lake එකටයි,devon fall එකටයි යන්න තීරණය කලා.. ඒවගෙත් ගොඩාක් වෙලා ඉදලා photos එහෙමත් ගත්තා..තව මගදි හම්බුන ලස්සන ලස්සන තැන් වලටත් ගියා..

ඒ හැම මොහොතකම මං දේව්ව මග ඇරලා ඉන්නත් අමතක කලේ නෑ.. වෙච්ච නෝන්ඩියට මූණ බලන්නේ කොහොමද..

Lunch එකත් තව කඩේකින් අරන් අපි ගෙදර යන්න තීරණය කලා..

මොනා උනත් මං හොරෙන් හොරෙන් දේව් දිහා බ්ලන්න අමතක කලේ නෑ.. එයා අද දවසෙම හිටියෙ ලොකූ කල්පනාවක..කාත් එක්කවත් වැඩි කතාවක්..no කතා no සිනා..

මට යන්න උනේ එයා ලගමයි..මොකද අන්තිම සීට් එකෙ එහා කොනේ අර කපල් එක පෙම් කෙලිනවා..එයලට disturb කරන්න හොද නෑනේ..මං ඉතිං දේව් ලගමයි..අගේ ගෑවෙන නොගෑවෙන තරමට ළගින් හිටියෙ..

ඊයේ රෑත් මට හරියට නින්දක් තිබ්බෙ නැති නිසා මං හිටියෙ පුදුම නිදිමතෙන්..කොයිවෙලාවෙ මට ඇස් පිය උනාද කියන්න මං දන්නෙ නෑ..

කවුරු හරි මගෙ උරහිසින් ඔලුව තියාගන්නවා දැනුනා..ඒකට තමා මාව ගැස්සිලා ඇහැරුනේ..

ඔව්.. ඒ දේව්..ඊයෙ රෑ උන දේවල්.. එතකොට දැන්..මේ මොනාද වෙන්නේ..මෙයා මේවා හිතාමතාම කරනවද මන්දා..

මගේ නිදිමතත් කොහෙන්ගියද මංදා.. එයා ලග ඉද්දි දැනෙන උණුහුමට මං ගොඩක් ආස කලා..එයා ලග ඉද්දි දැනෙන උණුහුමට මං ගොඩක් ආදරේ කරනවා..

මාත් නොදැනුවත්වම මගෙ අත එයාගෙ හිසකෙස් අතරින් ගියා..මං හිමිට හිමිට එයාගේ ඔලුව පිරිමැද්දා..

එහෙම ඉද්දිනම් එයා ගොඩක් හුරතල්..ලොකූ kiss එකක් දෙන්න හිතෙනවා..ඒත් ඉතිං කොහොම දෙන්නද..අරුන්ටික මගෙ කරුමෙටම පිටිපස්ස හැරුනොත් මං වසලා හමාරනෙ..අනික දේව්ගෙ කනට එහෙම ගියොත් මැරිලවත් ලැජ්ජාව වහගන්න බැරිවෙයි..

ඒක නිසා ඒ අදහස මං එවලෙම මගේ හිතින් අයින් කරලාම දැම්මේ ආයි එහෙම නොහිතා ඉන්නම මගෙ හිතට තරවටු කරලා..

මට කොයිවෙලේ නින්දගියාද මන්දා.. මං ආයි අහරිද්දි හිටියේ දේව්ගෙ උරහිසට ඔලුව තියාගෙන..එවලේ මං මගේ ඔලුව කෙලින් කරගෙන බැලුවෙ දේව් දිහා..එයා ෂටර් එකෙන් එලිය බලාගෙන ඔහේ යනවා..

මේ වෙනදේවල් ගලපගන්න බැරුව මං හිටියේ මනෝලෝකේ..මිනූගේ කෑගැහිල්ලට තමා පියවි ලෝකෙට ආවේ..

“තෙනුවෝ..උඹ බහින්නේ නැද්ද?”

හපොයි ගෙදරටත් ඇවිල්ලා..අද දවසෙම මාව chater වෙනවා..ශිට්..

******************************

“ඩා..න්..”

මං උඩගිහින් ඇහැරුනේ කවුරු හරි මගේ පිටට ගැහුව නිසා..

මෙච්චර ලස්සනට නිදාගෙන ඉද්දි එහෙම ගහන්නෙ මොකාද..කවුද මං නිදාගෙන ඉන්නවා බලන් ඉන්න බැරි කෙනා..

“නැගිටිනවා අක්කේ ඔයාට call එකක්..”

ඒ ටකරන් වොයිස් එක නන්ගිගෙ.. එහෙනම් මෙයයි මට ගැහුවෙ නැගිටලා ආයි එයාට ගහන්න හදද්දිම phone එක ring උනා..

“දේව්..”

හපොයි..phone එක තිබ්බ නංගිගෙ අතේනෙ..මෙයා කෑගැහල කිවිවෙ නැතයි..

ඉටත් වඩා ඒ නම අහපු ගමන් මගෙ ඇග cool වෙලා ගියා..මෙයා මොකටද මට call කරන්නේ..අනික මේ උදේ පාන්දර..

මං පට ගාලා නංගිගෙ අතින් phone එක උදුරගත්තා විතරයි call එක cut උනා..

හපොයි..miss calls 20ක්..මොන උදේ පාන්දරද..වෙලාවත් 10යි..ආයි මං call කරනවද?? නැද්ද??

මං සාලෙන් ගිහින් ඉදගෙන ඔන්න ඔහේ call කරනවා කියලා call කලා.. මාර scene එක කියන්නේ මට phone එකේ riging එක අපෙ ගෙදරින්ම අහෙනවා..මං ආයිත් හොදට බැලුවෙ call කලේ දේව්ටමද කියලා..ඔව්..Call කරලා තියෙන්නෙ දේව්ටම තමා..

මං ආයිත් call එකක් අරන් කොහෙන්ද සද්දෙ ඇහෙන්නෙ කියලා බලලා ඒ පැත්තට ගියා..

මෙන්න බොලේ දේව් එලියට වෙලා තාත්තාත් එක්ක බර කතාවක..මං නොදැක්කා වගේ ආයිමත් ගෙට එන්නයි හැදුවෙ..දේව් මාව දැක්කෙ නෑ..එයා හිටියෙ මට පිටුපාලා..ඒත් තාත්තනම් මාව දැක්කා..

“ලොකූ..පොඩ්ඩක් මෙහෙට එන්න..”

හපොයි..ඔය කලේ..මං තාම නැගිට්ට ගමන්නේ..එතකොට මේ ඇදුම.. short කලිසමකුයි,ලොකු T-shirt එකකුයි.. මොනා කරන්නද දැන් ඉතිං යන්න වෙනවනේ..

මං ඉතිං බොරු හිනාවකුත් දාගෙන ගියා..

“තාත්තේ..ඇයි කතා කලේ..”

“අහ් ලොකූ..මේ ඔයාගෙ යාලුවෙක් නේද..මට කිවුවා ඔයාව දන්නවා කියලා..”

මං කලේ හිනාඋන එක විතරයි.. මෙයා තාත්තට මොනාද දන්නෙ නෑ කිවුවේ..

“දුවේ මේ දරුවට බොන්න මොනාහරි අරන් එන්න..”

❤️❤️❤️

තෙනුෂි හෙට දේව්ට පොඩි දෙයක් කරනවා.. ඒ මොකද්ද බලන්න එන්න..

5 thoughts on “නොපැතූ සෙනෙහෙ | තිස්හයවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. බොන්න මොනා හරි හදන් එන්න කිව්වනේ එකට මොනවා හරි දලා දෙනවා වත්ද.. නැත්තන් ඉතින් මතකේ එන්න හොද පොල්ලකුන් ඔලුවට තඩිබාන්න ඕන .. ?? මොනවා වුනත් මතකේ නැති වුන එකත් එක අතකින් හොදයි. අනේ ඔයා trip එක ටක්ගාලා ගිහින් ආවනේ තව තිබ්බනම් කියලා හිතේනෝ… දෙව් තෙනුව හොයන් ආවේ ඊයේ වෙච්ච එවට උත්තර හොයගෙනද … ලස්සනයි කතාව ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.