Katha Ahura

මරණයේ දියකදක් | 14 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

මරණයේ දියකදක් ? 14 අවසාන කොටස ?

“ඔය කරන දේ නවත්තපා…..න්”

එවිටම ඇහුනේ වියපත් ඒත් ගැඹුරු කටහඩක්. පාලිතගේ ආත්මයට මේ කටහඩනම් කොහේ හිටියත් අදුර ගන්ඩ අමාරු වුනේ නෑ. නිලාගේ ආත්මයටත් එසේමයි.

පාලිතගේ ආත්මය මලිත්ව දියේ ඔබන එක නවතා ඉස්සරහ බැලුවා.

“අනිල්ගේ තාත්තේ ඔයා…”

පාලිතගෙ ආත්මයටයි නිලාගේ ආතමයටයි මේ වගේ දේවල් කරල බලවත් කරපු පුද්ගලයා අදුරගන්ඩ අමාරු වුනේ නෑ. ඔහු කොතරම් වියපත් වී සිටියත්.

“ඔව් මම අනිල්ගේ තාත්තා තමයි,, උබල දෙන්නට පලිගැනීමේ අරමුන සාර්තක කරගන්ඩ බලවත් කරපු අනිල්ගේ තාත්තා තමා,,, ඒත් මම එදා උබලට කිව්වා ,, උබලගෙ පලිගැනීමේ අරමුනට යටත් අයගෙන් විතරක් පලිගනින්,, වෙන කාටවත් කරදර කරන්ඩ එපා කියලා,,, උබල මම කියපු දේ කඩ කරලා……”

අර වියපත් පුද්ගලයා කිව්වේ කෝපයෙන්.

“ඒත් අනිල්ගෙ තාත්තේ මුන් දෙන්නත් අපේ අරමුණට අයත්,, මුන් දෙන්න මමයි නිලයි මරපු මිනිමරුවෙකුගේ ළමයි දෙන්නෙක්. මුන් දෙන්න මරපුහමයි අපේ පලිගැනීම සම්පූර්ණ වෙන්නේ, #අපි අවුරුදු පහලොවක් බලන් හිටියා මුන් දෙන්නව මරලා අපේ පලි ගැනීම සම්පූර්ණ කර ගන්ඩ “

“මුන් දෙන්නා ,, කෝ අනිත් එක්කෙනා”

වියපත් අනිල්ගේ තාත්තාගෙ අතේ විදුලි පන්දමක් තිබුනා. ඔහු එය වටේට ගසමින් හෙවුවෙ පාලිතගේ ආත්මය කියූ අනිත් එක්කෙනා.

“ඒ අර මිනීමරුවගේ කෙල්ල ,,,,,,නිලා එයාව මීට පොඩ්ඩකට කලින් කොලමුනු ඔයට තල්ලු කෙරුවා…”

“දෙයියනේ උබල කරල තියෙන්නේ මොනවද ,, මේ අය උබලගේ පලිගැනීමට යටත් නෑ,, උබලගේ පලි ගැනිම මිට අවුරුදු පහලොවකට කලින් සම්පූර්ණ වෙලා ඉවරයි. අර කොලමුනු ඔයට උබල දාපු අර කෙල්ල මැරුනොත් උබල දෙන්නගේ ආත්ම දෙක අනතුරේ “

“ඒත් අනිල්ගේ තාත්තේ ඔයා කොහොමද කියන්නේ මේ දෙන්න අපේ පලි ගැනීමට යටත් නෑ කියලා”

“මේ දෙන්නා උබල මරලා දාපු මිනීමරුවෙකුගේ ලෙයින් මසින් ජාතක වුන ළමයි දෙන්නෙක් නෙමේ”

පාලිතගෙයි නිලාගේ ආත්ම පුදුම කරමින් මෙය ඇහෙද්දී ,, මලිත්ටත් මෙය ඇහුනේ හීනෙන් ##වගේ. පාලිතගේ ආත්මය තවමත් ඔහුව අත හැරලා නැ. මොනව වුනත් මලිත්ට හැගුනේ මේ වියපත් පුද්ගලයා මෙතනට පැමිනීමත් සමග තම ජීවිතයේ අවදානම ටිකෙන් ටික මිදෙනවා කියා ,, ඒත් නංගී ,, මලිත් සියසිනම දැක්කා නිලාගේ ආත්මය ඇයව කොලමුනු ඔයට තල්ලු කරනවා.

” අනේ මගෙ නංගිව බේරලා දෙන්ඩ ,, අනේ කොහොම හරි ,, මෙයාල මගේ නංගී කොලමුනු ඔයට දැම්මා ,, අනේ බේරලා දෙන්ඩ මගේ නංගී”

මලිත් බැගෑපැත් වුනේ නව පණක් ලැබිලා වගේ.

“කොහොමහරි ඒ කොලමුනු ඔයට තල්ලු කරපු කෙල්ලව උබලට බේරගන්ඩ වෙනවා. බැරි වෙලාවත් ඒ කෙල්ල මැරුනොත් උබල දෙන්න මළ පෙරේත ආත්ම දෙකක් වෙයි. මම එදා උබල දෙනනව බලවත් කෙරුවෙ ,, උබලට පලි ගැනීමේ අරමුන තියෙන අයව විතරක් මරන්ඩ කියලනේ, අර කෙල්ල මැරුනොත් ඒක කඩවෙනනවා. උබල කැමතිද මළ පෙරේත ආත්ම දෙකක් වෙන්ඩ “

” ඒත් ඒ කෙල්ල දැන් මැරිලා ඇතිනේ ,, දැන් ගොඩක් වෙලා ඔයට දාල”

පාලිතගේ ආත්මය කිව්වා.

“නෑ නෑ තවම මැරිල නැ ,ඒ කෙල්ල මැරිලනම් උබලට ඔහොම ඉන්ඩ කොහොමවත් බෑ,, ඉක්මනට කරන දෙයක් කරපල්ලා, නැත්නම් ###උබලගේ ආත්ම අනතුරේ “

“බෑ බෑ කොහොමවත් බෑ අපිට මළ පෙරේත ආත්ම දෙකක් වෙන්ඩ”

නීලාගේ ආත්මය හිටියේ හොදටම බය වෙලා.

“පාලිත අපිට අර කෙල්ලව කොහොමහරි හොයාගන්ඩ වෙනවා.”

නිලාගේ ආත්මය කිව්වේ පාලිතගේ ආත්මය දිහ බලන්.

“මම උබලට දීල තියෙන බලයෙන් උබල දෙන්නට ලේසියෙනම හොයාගන්ඩ පුලුවන් වෙයි ඒ කෙල්ල ඉන්න තැන,, ඉතින් ඉක්මන් කරපල්ලා,,,, ඉක්මනට පණපිටින් හොයාගෙන වරෙල්ලා, යමල්ලා”

අනිල්ගේ පියා එක කිව්වා විතරයි. පාලිතගෙ ආත්මයි, නිලාගේ ආත්මයයි කොලමුනු ඔයට පැන්නා..ඒ චන්දුලීව හොයා ගැනිමේ අරමුනින්.
****************************************

මොහොතකින් නිලාගෙයි පාලිතගෙයි ආත්ම දෙක මතුවුනේ චන්දුලී හොයාගෙන, පාලිතගේ ආත්මයේ දෑත් මත චන්දුලී සිහිසුන්ව සිටියා.

“ඔය කෙල්ලවත් අරන් අර වතුර නැති පැත්තට යමු.”

අනිල්ගේ පියා කියන දේවල් පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙක කෙරුවේ සුවච කිකරු ගෝලයෝ දෙන්නෙක් වගේ.

දැන් අර වැස්සත් තිබුනේ නතර වෙලා. පාලිතගේ ####ආත්මය චන්දුලිව පාර මතින් තිබ්බ පසු අනිල්ගේ පියා ඇයව සෝදිසි කෙරුවා.

“වතුර පෙවිලා, ජිවිතේට අනතුරක් නෑ “

කියූ ඔහු ඉන්පසු කලේ මලිත්වත් පුදුමයට පත්කර වන දෙයක්. කීප පාරක් මන්තරයක් ජපකරපු ඔහු එක පාරම චන්දුලීගේ මාපට ඇගිලි දෙක හයියෙන් මිරිකුවා. ඒ සමගම පෙවුනු වතුර ඔක්කොම චන්දුලීගේ මුවින් එලියට පැන්නා.

“දැන් කොල්ලෝ බය වෙන්ඩ එපා උබේ නංගිට දැන් අනතුරක් නෑ.”

අනිල්ගේ පිය පැවසුවේ බයෙන් ඉන්න මලිත් දෙස බලන්.

” ඒත් අනිල්ගේ තාත්තේ අපිට දැනගන්ඩ ඕනා ,,මේ දෙන්න මාව මරපු ජයන්තගේ ළමයි දෙන්නෙක් නොවුනෙ කොහොමද් කියලා, අනිල්ගේ තාත්ත කියන්නේබොරු නෙමේ නේද , මුන් දෙන්නම ජයන්තගේ කපාපු පලු,”

පාලිතගේ ආත්මය ඇහුවා.

“එයාගෙ කපාපු පලු උනාට මේ ඒ උබල මරපු මිනීමරුවො දෙන්නගෙ ළමයි නෙමේ “

“ඒත් ඒක කියන්ඩ හේතුව”

“එක හේතුව්ක් නෙමේ හේතු කීපයක්ම තියෙනවා”

“ඒ මොනවද”

#####

*** “එකක් තමා උබල දෙන්නා මේ කොල්ලටයි කෙල්ලටයි නපුරක් කරන්ඩ යනකොට ඒක මට් දැනුනා. ඒ මේ දෙන්න උබලගේ පලි ගැනීමේ අරමුණට යටත් නැති නිසයි.

අනිත් හේතුව තමා මම උබල දෙන්නට එදා මම දුන්න බලයෙන උබලට පලි ගැනීමේ අරමුන හරියටම අවුරුදු දෙකක් ඇතුලත කරගන්ඩ් පුලුවන් විදිහටයි දුන්නේ. එදා මට මොකක් හරි හේතුවකට උබලට ඒක කියන්ඩ අමතක වෙලා…උබලා දන්නෙ නැති වුනාට උබල දෙන්න ඒ අවුරුදු දෙක ඇතුලත් පලි ගැනීම සම්පූර්ණ කරගෙනයි තිබුනේ. ඒ කියන්නේ මීට අවුරුදු පහලොවකට කලින්. මේ කොල්ලයි කෙල්ලයි පස්සෙ පන්නල තියෙන්නෙ උබලගේ නොදැනුවත්කමින්. මොනව වුනත් මේ කෙල්ල්ගෙයි කොල්ලගෙයි ග්රහ ශක්තිය වැඩි ඇති ඒකයි උබලගෙ ග්රහනයට අහුවෙන්නෙ නැතිව අර මමකියපු සීමාවෙන් ඔබ්බට ගිහින් තියෙන්නේ.

අනික තමා වැදගත්ම දේ ,, අද සෙනසුරාදා මම මළවුන් එක්ක කතා කරන දවස ,,අද සෑහෙන්ඩ සෙනගක් ආපු හින්ද මම දෙවාලේ වැඩ ඉවර වෙනකොට දොලහත් කිට්ටු වෙලා. එතකොටම වගේ මාව සොයාගෙන ආත්මයක් ආවා. එයා ආවෙ මගෙ ලගදී මැරුන මගේ නංගි කෙනෙක් ##### #එක්ක.

ඒ ආත්මෙ කිව්ව විදිහටනම එය මේ කොල්ලගෙයි කෙල්ලගෙයි අම්මා. ඒ කියන්නේ උබලා මිට අවුරුදු පහලොවකට කලින් ළිදාට දලා මරපු ගෑනු කෙනා.

ඒ ආත්මේ කියපු විදිහට උබලගේ ආත්ම දෙකෙන් එයාගේ ළමයි දෙන්නව බේර ගන්ඩ අවුරුදු පහලොවක් තිස්සේ මව්කුසකටවත් යන්නෙ නැතිව ඉදලා. උබලගෙන් ළමයි දෙන්න බේරගන්ඩ විදිහ්ක් හෙව්වත් හම්බ වෙල නෑ.

අද උබලා මේ කෙල්ල් යි කොල්ලයි නග්ගගෙන ත්රී වීල් එකේ එන කොට ඒ ආත්මෙත් උබලට නොදැනෙන්ඩ උබල ලගින් ඇවිල්ලා. උබල මේ කෙල්ලටයි කොල්ලටයි කියපු කතවත් හොදට අහගෙන.

ඒ කතාවේ උබලට ඔය බලය දිලා තියෙන්නේ මම කිව්වට පස්සේ ඒ ආත්මේ මම ලගට ආවා. ඒ මගේ ලගදී මැරුනු නංගිගෙ ආත්මෙනුත් උදව් අරන්.

ඒ ආත්මේ මගෙන් ඉල්ලුවේ කොහොම හරි එයාගේ ළමයි දෙන්නව බේරල දෙන්ඩ කියලා. තව ඒ ආත්මේ කිව්ව ඒ ළමයි දෙන්නා උබලව මරලා දාපු මිනීමරුවෙකුගේ ළමයි දෙන්නෙක් නෙමේ කියලත්. ඒ කියන්නේ එයාගේ විවාහක ##### ##සැමියගේ නෙමේ කියලා. උබලගේ පලිගැනීමට මේ ළමයි දෙන්න අයිති නැ කියල ඒ ගැනු කෙන උබලගෙන් මැරෙන්ඩ මොහොතකට කලින් කියන්ඩ හදලා ,, ඒත් උබල ඒක අහල නෑ ,, ඒ ගෑනු කෙනාව් ළිදට දාලා…

මගෙන් ඒ ආත්මේ ඉල්ලුවෙ කොහොම හරි එයාගේ ළමයි දෙන්නව බේරල දෙන්ඩ කියලා. ඉතින්මම පොඩ්ඩක්වත් පරක්කු කරන්නෙ නැතිව මේ කොලමුනු ඔය ලගට ආවා.”

අර වියපත් පුද්ගලයා කියපු කතාව පාලිතගේ නිලාගේ ආත්ම දෙක විතරක් නෙමෙ මලිත් පවා අහන් හිටියෙ පුදුමයෙන්, සිහිය ඇවිත් තිබූ චන්දුලීටත් මෙය ලාවටලාවට වගේ ඇහුනා.

“ඒ කියන්නෙ අපේ පලි ගැනීමේ අරමුන සම්පූර්න වෙලා මීට අවුරුදු පහලොවකට කලින්,, “

පාලිතගේ ආත්මය කිව්වේ තෘප්තිමත් හඩින්.

” ඒත් අපිට දැන් හැමදාම ඉන්න වෙන්නේ මේ වගේමද ,, අපේ ආත්මවලට ආයේ මව් කුසක පිලිසිදගන්ඩ බැයිද.”

මෙවර ඇහුවෙ නිලාගේ ආත්මයයි.

**** “මම උබලගේ හිස්කබල් දෙක පුච්චල දැම්මොත් උබලට ආයේ මව් කුසකට යන්ඩ පුලුවන්,, ඒත් උබල පලිගැනීම වෙනුවෙන් මිනිස්සු පස් දෙනෙක් මරලා,, ඒ හින්දා පහත් තැනක් තමා උප්පත්තිය ලබන්ඩ වෙන්නේ” ##### ###

” අපිට ඒ තත්වෙන් මිදෙන්ඩ ක්රමයක් ඇත්තෙම නැද්ද”

නිලාගේ ආත්මයේ හඩ දුක්බරයි.

” තියෙනවා ,, උබලට තියෙන්නේ මම දුන්න ඔය බලය ප්රයෝජනය අරන්, අසරණ වෙල ඉන්න මිනිස්සු හොයන් ගිහින් ඒ අයට උදව් කරන්ඩ,, අසාදාර ලෙස ජිව්ත් වෙන මිනිස්සුන්ව බය කරලා ඒ අය කරන අසාදාරන වැඩ නවත්වන්ඩ. ඒ වගේ සමාජයට යහපත් වෙන වැඩ උබලගේ ඔය ආත්ම දෙකට කරන්ඩ පුලුවන්.

ඒ වගෙ හොද වැඩ කරද්දී උබලගේ ආත්ම දෙකට යහපත් තැනක උත්පත්තිය ලබන්ඩ පුලුවන් වෙයි.

දවසක උබලගේ අර හිස් කබල් දෙක පිපිරේවි ,, ඒකෙන් කියන්ඩ පුලුවන් ඒ දවස උබල්ගේ ආත්ම දෙකට උදා වෙන්නෙ කවදද කියලා. ඒ හිස්කබල් පිපුරුනාට පස්සෙ මම ඒව පුච්චල දාන්නම් ,, එතකොට උබලට ඔය ආත්ම දෙකෙන් මිදේවී ,, යහපත් තැනක ගිහින් උත්පත්තිය ගන්ඩ හැකිවේවි”

” අපි අනිල්ගේ තාත්ත කියපු විදිහටම ඔය දේවල් කරන්නම්,, අනිල්ගේ තාත්තට අපි ආත්ම ගානකට ණය ගැති. අපි වෙනුවෙන් කරම මේ උදව් වලට කලගුණ සලකන්ඩ විදිහක් නැති එකයි අපේ දුක නේද නිලා….” ##### ####

“ඔව් පාලිත,, අනිල්ගේ තාත්ත මිහිපිට ඉන්න දෙවි කෙනෙක්”

” මට කලගුන සලකන්ඩ ඕනේ නෑ ,, අර මම කලින් කියපු දේවල් කෙරුවොත් මට එච්චරයි.”

“අපි ඒ දෙවල් කරනවාමයි, අපි දෙන්න එහෙනම් යන්නම්”

පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙක නොපෙනී ගියේ අර වියපත් පුද්ගලයාට පොරොන්දුවකුත් දී අවසානේ. දරුනු අකුනක් ගැහුවෙත් ඒ සමගමයි.

මලිත් හා චන්දුලි අර වියපත් පුද්ගලයා ලග තනිවුනා, චන්දුලීටත් දැන් මේ වෙද්දී හොද සිහි කල්පනාවක් තිබ්බා.

” ඔයා ඇත්තටම මෙතනට මේ වෙලාවේ ආවෙ නැත්න්ම් මෙලහකට අපි කොලමුනු ඔය යට ,,අපි මැරිලත් ඉවරයි.”

මලිත් කිව්වෙ සුසුමක්පිට කරමින්.

” ජිවත් වෙන්ඩ තව කල් තියෙනවනම් ඒ කෙනා ගලේ ගහලවත් මරන්ඩ බෑ., කොහොමත් අර ආත්ම දෙකේ පලි ගැනීමට ඔයාලව කොහොමවත් අයිති නෑ “

අර වියපත් පුද්ගලයා මලිත් කියපු දෙට කිවේ ඒක.

“ඒ පාලිතයි නිලාවයි ඒ කියන්නේ මරල තියෙන්නෙ අපේ ඇත්ත තාත්ත නෙමේද”

“නෑ” ##### #####

“එහෙනම් අපේ ඇත්තම තාත්තා කවුද,, එක අපිට හොයාගන්ඩ විදිහක් නැද්ද “

මලිත් අහපු දේට අර වියපත් පුද්ගලය මදක් කල්පනා කෙරුවා.

***** “ක්රමයක් තියෙනවා ,, හැබැයි ඒකට ඔය දෙන්නගේ කෙනෙකුගෙන් ,,ලේ බිංදුව්ක් ඕනා”

“ලේ බිංදුව්ක් දෙන්ඩ පුලුවන් ,, ඒත් කොහොමද ගන්නේ”

“අත දෙන්ඩ “

මලිත්ගේ අතේ ඇගිල්ලකට හැට්ටකට්ටකින් ඇනපු අර වියපත් පුදගලයා ඉන් පසු කෙරුවේ මලිත්ගේ ලේ බිංදුවක් ඔහුගේ අතට ගෙන ඒ දෙස බලාගෙන කීප පාරක් මන්තරයේකින් මැතිරීමයි.

“හරි දැන් මෙතෙන්ට ඔයාල දෙන්නව හොයාගෙන කවුරු හරි එයි. ඒ කෙනා තමා ඔයාල දෙන්නගේ ඇත්තම තාත්තා. එයාගේ ලෙයින් මසින් තමයි ඔය දෙන්නව උත්පත්තිය ලබල තියෙන්නෙ “

අර වියපත් පුද්ගලයා කිව්වේ තිර හඩකින්. මලිත්ටයි චන්දුලීටයි මේ වෙන දේවල් අදහාගන්ඩත් බැරි වුනත් ඔවුන් අර වියපත් පුද්ගලයා අවිශ්වාස කරේ නෑ. කවුරුන් හරි ඔවුන් දෙන්නාව හොයාගෙන එයි කියා බලාපොරොත්තුවෙන් ටික වෙලාවක් හිටියේ ඒ ##### ##### # නිසයි.

ටික වෙලාවකින් මලිතුත් චන්දුලිත් පුදුමයට පත් කරමින් ඔවුන් ඉන්න පැත්තට බයික් එකක් ආවා. එය ඔවුන් තිදෙනා ලග නතර කෙරුවේ ඉන් පසුයි. හෙල්මට එක ගලවද්දී යි ඒ පුද්ගලයා කවුද කියලා මලිත් හරියටම අදුන ගත්තේ.

ඇවිල්ලා හිටියේ වෙන කවුරුවත් නෙමෙ මලිතුයි චන්දුලියි මෙච්චර කාලයකට පොඩි බාප්ප කියා ඇමතු මෙච්චර කාලයක් තාත්තා කියා පිලිගත්තු ඔහුගේ මල්ලියි.

“දෙයියනේ ,, ඔය දෙන්නට මොකද වුනේ ,, මම මෙච්චට වෙලා පිස්සුවෙන් වගේ ඔයාල හෙව්වෙ , ඔය දෙන්නගෙ phone ,වලට කොච්චර කෝල් කෙරුවත් වැඩ කෙරුවේ නෑ,, මම අර කිව්ව කොලමුනු ඔය ලගටත් දෙපාරක් විතර ගියා. ඒත් ඔයාල දෙන්න හිටියේ නෑ,, එහෙම පිස්සුවෙන් වගේ හොයද්දියි මගෙ කණට කරලකවුද මන්ඩ කෙනෙක් කිව්ව වගේ දැනුන , මෙතනට ඇවිල්ල බලන්ඩ කියලා, ඒ හින්දයි මෙතනට ආවේ. ඔයාල දැක්කට පස්සෙයි මහේ ඇගේ ලේ ටිකක් ඉනුවේ ,, ඔයාල දෙන්නට කරදරයක් නෑ නේද ,ඇයි මෙතන ඉන්නේ ,, මට හිතාගන්ඩත් බෑ මම හිතුවේ මම මේ ලෝකේ ගොඩාක ආදරේ කරපු අය මාව දාල ගියා වගේ ඔය දෙන්නාත් මාව දාල ගියාදා කියලා. ” ##### ##### ##

ඒ කියද්දී අර පුද්ගලයාගේ හඩ ගොඩාක් හැගුම්බර වී තිබුනා. ඔහුට අර විදිහට කොලමුනු ඔයේ මේ තැනට යන්ඩ කියා රහසින් කණට කර කියා තිබුනේ නිලාගේ ආත්මයයි.

“තාත්තේ….”

මලිත්ට එය කිව්වා නෙමේ කියවුනා. මේ ඉන්නෙ තමාගේ යි නංගිගෙයි ඇත්තම තත්තා කියා මලිත්ට දැන් නම හොදටම විශ්වාසය. එය ඇහුනා විතරයි අර පුදගලයාගේ ඇස් පුදුමවුනා.

“මම දන්නව ඔයා හිතන්නෙ කොහොමද අපි ඒක දැනගත්තෙ කියලනේ…..”

ඉන්පසු මලිත් පාලිතගෙයි නිලාගේ ආත්ම දෙක හම්බවුන විදිහ,,, පාලිතගේ ආත්මය කිව්ව කතාව,, ඒ ආත්ම දෙක මලිතුයි චන්දුලියි මරන්ඩ මෙතනට ඒක්ක ගෙන ආපු හැටි. මරන්ඩ හදඩ්දි මේ අර වියපත් පුද්ගලයා ඇවිත් ඔවුන් දෙන්නාව බේර ගත්ත හැටි,, ඒ වියපත් පුද්ගලයා කියපු කතාව ,ඉන් පසු උන දේවල් කිව්වේ අකුරක් නෑර. එය අර පුද්ගලයා අහන් හිටියේ ඉහ වහා ගිය පුදුමයෙන්.

“මමයි නංගියි ඔයාගේ ලෙයින් මසින් ඉපදුන හින්දයි අපි මේ වෙද්දිත් ජීවත් වෙලා ඉන්නෙ,, නැත්නම් අපි දෙන්නව අර පාලිතගෙයි නිලාගේ ආත්ම දෙක මේ වෙද්දි මරල දාලා,, ඔයා අපේ ඇත්තම තාත්ත වුන හින්දයි අපි බේරිල තියෙන්නේ , ඇත්ත්ටම ඔයා අපේ ඇත්තම ##### ##### ### තාත්තනේද,, අපි මෙච්චර කල් පොඩි බාප්ප කියල කතාකරල තියෙන්නේ අපේ ඇත්තම තාත්තට නේද”

“ඔව් පුතේ මම තමයි ඔයාලගේ ඇත්තම තාත්තා ඔයාල මගේ ළමයි දෙන්නෙක්. මම මේ දේ ඔයාලට කියාගන්ඩ බැරිව හිටියේ පපුව පිච්චි පිච්චී. ඒත් මට කියා ගන්ඩ බැරි වුනා. මම බය වුනා ඒ ගැන දැනගත්තට පස්සේ ඔයාලා දෙන්න මම ගැන මොනවිදිහට හිතයිද කියලා ,, ඔයාල කැමති නැද්ද කැමති නැද්ද මම ඔයාලගේ තාත්තා වුන එකට”

අර පුද්ගලයාගෙ කටහද තිබුනේ බොද වෙලා.

“අර වගේ අරක්කු බීල ,, ගෑනුන්ට කරදර කරන අර වගේ මිනීමරු තාත්තෙකුට වඩා ඔයා අපේ තාත්ත වුන එකට අපි කොච්කර කැමතිද, නේද නංගී”

චන්දුලී හිස වැනුවේ ඔව් කියන්ඩ , මෙච්කර කල් පොඩි බාප්පා කියා හදුන්වපු මලිත්ගෙයි චන්දුලීගෙයි ඇත්තම තාත්තා ඔවුන් දෙන්නාව වැලද ගත්තෙ උපරිම පිය සෙනෙහ්සින්.

“එහෙනම් ඔක්කොම හරිනේ ,, මම දැන් යන්ඩ ඕනා”

මෙච්චර වෙලා නිහඩව හිටපු අර අනිල්ගේ තාත්තා අර වියපත් පුද්ගලයා කතා කෙරුවා.

##### ##### ####

***** “ඔයා තමා අපි දෙන්නගේ ජීවිතේ අර ආත්ම දෙකෙන් බේරගන්ඩ උදව් කෙරුවේ ,, අපි කොහොමද මේකට කලගුණ සලකන්නේ”

මලිත් ඇසුවා , ඔහුට අර වියපත් පුද්ගලයා පෙනුනේ දෙවි කෙනෙක් වගේ.

“කලගුණ සලකන්ද ඕනා නෑ ,, කොහොමත් මම මේ ලෝකෙ ඉපදුනේ ,, අසරණ මනුස්සයන්ට උදව් කරන්ඩම තමා වෙන්ඩ ඇති, මනුස්සයො නෙමේ අර පාලිතල නිලාල වගේ අසරණ වුන ආතම වලටත් මම උදව් කරල තියෙනව අනන්තවත්,, මම අද කෙරුවෙ මගේ අතින් වෙන්ඩ තිබ්බ යුතුකමක්, අර ආත්ම දෙකෙන් ඔය දෙන්නව බේර ගන්න එක මගේ යුතුකමක්.”

මලිත් හා චන්දුලී ඒ වියපත් පුද්ගලයාට වැන්දේ ඉමහත් බක්තියෙන්.

ඉන්පසු ඔහු කොලමුනු ඔයේ වතුර පාර මැද්දෙන් ආපසු යන්ඩ ගියා. මලිත් ඔහු ත් සමග තනියට එහා පැත්තට එන්නද ඇසුවත් ඒ වියපත් පුද්ගලයා ඊට කැමත්තක් දැක්වූයේ නෑ. ඔහු තනියම යන්ඩ ගියා. අර පාලිතගේ ආත්මයයි නිලාගේ ආත්මයයි ආපු ත්රී විල් එකත් දැන් එතන තිබුනේ නෑ , එය අතුරුදහන් වෙලා.

ඒත් මලිත්ට එක දෙයක්නම් සිහියට නැගුනා. ඒ අද පාලිතගේ ආත්මයයි නිලාගේ ආත්මයයි ඔහුන්ට හම්බ වුනේ නැත්න්ම් අවුරුදු ගානක් ##### ##### ##### පැරනි රහස් වගයක් එලි වෙන්නෙ නෑ නේද කියා.

ඔවුන්ගේ බලපෑම නිසයි මලිත්ටයි චන්දුලීටයි ඔවුන්ගේ ඇත්ත තාත්තා කවුද කියලත් හොයාගන්ඩ පුලුවන් වුනේ. නැතිනම් එයත් කිසිදිනක එලිවෙන්නෙ නැති රහසක් වෙන්ඩ තිබුනා.

මොනවා වුනත් මලිත්ට ඇත්ත තාත්තා ගැන තිබුනේ පිලිකුලක්වත් වෛරයක්වත් නෙමේ. ඔහු ගැන බක්තියක්.

ඔහු කිසි දිනක විවාහ වුනේ නෑ. මාස තුනකට සැරයක්වත් ඔහු කුරුනෑගල ඉදන් ගාල්ලට මලිතුයි නංගියි බලන්ඩ ආවා. ඒ ඔවුන්ගේ ලෙයින් මසින් ජාතක වුන් දරුවන්ගේ මූනවල බලන්ඩ ආස හින්දා වෙන්ඩ ඇති.

“යමුද ගෙදර කට්ටියම බය වෙලා ඇති ඔයාල දෙන්න නැති හින්දා “

මලිත් ඔහු ගැන හිතද්දීම ඇහුනේ ඔහුගේ හඩමයි.

අසලින් ගලා බහින කොලමුනු ඔයටනම් ඒ ගැන කිසිම ගානක් තිබුනේ නෑ, එයින් ගලා බහින දැවැන්ත දිය කද ඒකාකාරි හඩක් නගමින් දිගටම ගලා බැස්සා…************************************************සමුගන්ඩ අවසරයි Maranaye Dhiyakadhak

එකපාරටම මගෙ හිතට ආපු සිතිවිල්ලක් නිසයි මට මේ මරණයේ දියකදක් කතාව ලියන්ඩ හිතුනේ. ඒ වේලාවේම පලවෙනි කොටස ටයිප් කෙරුවා. ඕන වුනේ කොටස් තුනක විතර පුංචි කෙටිකතාවක් විදිහට මේ කතාව ලියන්ඩ.

ඒත් බැරි වුනා , විශාලම විශාල කොටස් දාලත් කොටස් 14 දක්වාම මේ කතාව ඇදගෙන යන්ඩ වුනා.

මට හිතෙනවා කතාවට ආපු ප්ර්චිචාර වලින් මේ කතාව ගොඩක් අය ආසාවෙන් කතාව කියවන්ඩ ඇති කියලා. ඒ ගැන සතුටුයි. ආදර කතා නොවුන මේ වගේ කතාවලින් ගොඩක් ප්ර්චිචාර ගන්ඩ අමාරුයි. ඒ හින්ද මේ කතාවට මේ වගේ ප්රචිචාරයක්වත් ලැබුනු එක ගැන මට දැනෙන්නේ සතුටක්.

අනික මේ කතාව,,,,,,කතාවක් ඇතුලේ තවත් කතාවක් යන කතාවක්. ඒ වගේ කතා ටිකක් තේරුම් ගන්ඩ අමාරුයි. ඒ හින්දා මේක මම උපරිමේටම තේරෙන විදිහට ලිව්වා.

අද දාපු අවසාන කොටසටත් විශාලම විශාල කොටසක් ඔයාල වෙනුවෙන් දැම්මා. කතාව අවසානේ මෙහෙම වෙයි කියල කීප දෙනෙක් අනුමාන කරලත් තිබ්බා.

අවසානෙට ඉතින් මට ඔයාලට කියන්ඩ තියෙන්නේ මෙතෙක් දවස කොටස් 14 තිස්සේ මගේ මරණයේ දියකදක් කතාව එක්ක එකතු වුන කතාව කියවපු ,, කියවල ලයික් දාපු කමෙන්ට්ස් දාපු ඔක්කොම යාහලු යෙහෙලියන්ට ,, ගොඩාක් ස්තූතියි.

බුදු සරණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ජේසු පිහිටයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සියලු දෙවිවරුන්ගේ පිහිටයි!!!!!!!!!
හැමදාම සතුටින් ඉන්ඩ!!!!!!!!!!!!!!!!

මම ඔයාලගේ නොදුටු මිතුරා සාගර සම්පත්.

10 thoughts on “මරණයේ දියකදක් | 14 කොටස | හොල්මන් කතා”

  1. Priyadarshani

    අපිට ඔයාගෙන් තව අලුත් කතා ගොඩාක් ඕනා …මේ කතාව ගොඩක් හොදට ලියල තිබුන .මං හැමදාම කතාව දානකල් බලාගෙන හිටියා කියවන්න ….??
    Good luck !????
    තව කතා ලියන්න ??

    3
  2. Chathu indeewaree

    ගොඩාක් ලස්සනයි රාස් කතාව. ඇත්තටම පාඨක සිත්වලට උපරිම භීතිය දැනෙන විදියට, චිත්තරූප මැවෙන විදියට ඔයා කතාව ලියලා තිබුණා. කියවද්දි මටනම් දැණුනේ මාත් ඒ කතාව තුළ ජීවත්වුණා වගේ. මටත් ගොඩාක් බය දැණුනා කතාව කියවද්දී.මේ කතාව ලියද්දි ඔයාගේ හිතේ යම්කිසි අරමුණක් තිබුණානම් මම හිතනවා ඒ අරමුණ ඉටුවුණා කියලා. ඇත්තටම සාර්ථක නිර්මාණයක් ඔයා අපි වෙනුවෙන් ගෙන ආවාට ඔයාට ගොඩාක් ස්තූතියි.

    කියවීමෙන් මිනිස්සු ඈත්වුණු යුගයක , රසවින්දනය හීන වූ , මොට වූ යුගයක තවමත් කියවීමේ පිපාසාවෙන් පෙළෙන අය වෙනුවෙන් සයිබර් අවකාශයේ සැරිසරමින් හෝ මේ විදියටවත් කතා කියවා රසවිඳින්න අවස්ථාව සලසා දුන් ඇඩ්මින්ටත් ඔබටත් මේ ඇප් එකට කතා එක් කරන අනිත් හැමෝටමත් ගොඩාක් ස්තූතියි.

    ඉතින් අදින් ඔබේ මේ රසවත් නිර්මාණයේ කොටස් සියල්ල අවසන් වුවත් තවත් එවැනිම රසවත් නිර්මාණශීලී කතාවක් සමඟින් අප හමුවට ඔබ එනතුරු බලාහිඳින්නම් නෙතු දල්වා. එතෙක් ඔබ ලද සුළු ඉසිඹුවේදී පවා ගෙනෙන්නම් සුභාශිංසන ඔබේ නිර්මාණ ශක්තිය තව තවත් දියුණු වන්නට.

    නැවත මේ ලෙස අප හමුවනතුරු ඔබට ජය හා සතුට සෙනෙහසින් පතමි..

    තෙරුවන් සරණයි!!
    සැමට සුභ නත්තලක් වේවා!!!””

    1
  3. lakmali kumarasinghe

    ගොඩක් හොද අවසානයක් තව කතා ලියන්න අදහස් ලැබෙන්න ඔනේ වැඩි වැඩියෙන්ම සුබ නත්තලක් වේවා!??????????????????

  4. ඇත්තටම කතාව ගොඩක් කුතුහලය ඇති කරල ඇදලා ගියා……….ඔයාගේ කතා කොහොමත් අර්ථවත් ……….තව ලස්සන කතාවක් ඕන……………..???

  5. Anushi Fernando

    හරිම ලස්සනයි ඔයාගෙ කතාව. මම ගොඩක් ආසාවෙන් කියෙව්වා. ඇත්තටම බය හිතෙනවා. ඔයා කතාව ලියලා තියෙන විදියෙ කිසිම අඩුපාඩුවක් මට පේන්නෑ. ඉස්සරහටත් මේ වගේ ලස්සන කතා ගොඩක් ලියන්න. ඔයාට තියෙන්නෙ හොල්මන් කතා වලට ගැලපෙන නමක්.???. මම ඔයාට සුබ පතනවා!!!????

  6. Kathawa harima lassanai…kiwanna kiwanna asai…wish u all the best…thawath me wage lassana kthawak danna….athatama gofak baya htuna..eth asawen kieuwa…???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.