Katha Ahura

නව උපත | කතා අහුර රචක | නත්තල් කෙටි කතා

කතාව කොහොමද?

“නුඹේ බොර සහමුලින්ම ඉවත්කර නුඹේ තුත්තනාගම් සියල්ලම පහකරන්නෙමි…”
යෙසායා 1:25

නත්තල් දවසේ උදේ මට ලැබුනු තෑගි අතර මං ජීවිතේට බලාපොරොත්තු නොවුන දෙයක් තිබ්බා…බයිබලයක්…මුල් පිටුව පෙරලපු මං මේක කාගෙන්ද බැලුවා…
“සාරාගෙන් ටිෂාන්ට”
හීන් හිනාවක් මගේ තොල්වල සටහන් වෙද්දි මං ඔහේ පිටු පෙරලන් ගියා..අවුරුදු 15කින් බයිබලයක් අතින් නොඅල්ලපු මං අහම්බෙන් පෙරලපු පිටුවේ තිබ්බෙ මුලින් කියපු පාඨය…
“ඔබ වහන්සේ මට අනුකම්පා කරනවද ජේසු…මං පවුකාරයෙක්…”
එහෙම හිත හිතම තව තව පිටු පෙරලන් ගියා…

“ස්වාමීන්ගේ දකුණතින් නුඹට සෙවණය..දවාලේ ඉරවත් රෑ සඳවත් නුඹට පහර නොදෙන්නේය…”
ගීතාවලිය 121:5,6

අැත්ත…ස්වාමීන් හැම වෙලාවෙම මට සෙවණ දුන්නා….
මං ටිෂාන්….වයස අවුරුදු 25ක් උන මං කතෝලික බැතිමත් පවුලක එකම දරුවා…මගේ අම්මයි තාත්තයි ලංකාවේ නමගිය ව්‍යාපාරයක අයිතිකාරයෝ වගේම නිතිපතා පල්ලි ගිය භක්තියෙන් අාගම අදහපු දෙපලක්…මාත් එ් මාවතේ යන්න තිබ්බා මීට කලින්..එ්ත් එ් අවාසනාවන්ත සිද්ධිය මාව වෙනම මාවතක යන්න සැලැස්සුවා..

එදා නත්තල් දවසක්…අම්මයි තාත්තයි මමයි රෑ 12.00 පූජාවට ගියා…පාන්දර වෙද්දි මට නිදිමත නිසා අාච්චියි සීයයි මාව එයාලග්‍ේ ගෙදර එක්ක ගියා…අම්මලා පූජාව ඉවර වෙලා ගෙදර එද්දි පල්ලියට මීටර් 200ක් විතර අෑතින් හයියෙන් අාපු ටිපර් එකකට යට වෙලා මගේ අම්මයි තාත්තයි එතැනම මේ ලෝකේ අත අැරලා ගිහින් තිබ්බා..මට එ් වෙද්දි අවුරුදු 10යි…මේ ලෝකේ මං වැඩියෙන්ම අාදරේ කරපු දෙන්නව බදාගෙන එදා මං කෑ ගහල අැඬුවා….අාච්චියි සීයයි මොනා කිව්වත් මට දෙවියන්වහන්සේ ගැන අැතිවුනේ තරහක්…එදා පූජාවට නොගියානම් අම්මායි තාත්තයි තවමත් ඉන්නවා කියන මතේ මං හිටියේ…

ටික ටික ලොකු වෙන්න වෙන්න මං අාගමක් නැති පුද්ගලයෙක් උනා…අාච්චියි සීයයි මට කොච්චර කිව්වත් මං ඊට පස්සේ පල්ලියක් තියා සුරුවමක් දිහාවත් බැලුවේ නෑ..ඉගෙනගන්න තිබ්බ උනන්දුව අඩු උනා…මට යාළුවො කියලා හිටියේ ඉස්කෝලෙන් හදන්න බැරි උන් කියලා නම් කරපු පිරිස…කවදාවත් අාගම පීරියඩ් එකට හිටියේ නැති මං ගුරුවරුන්ගෙන් අනන්තවත් බැනුම් අැහුවා..අන්තිමේ ප්‍රින්සිපල් එක්කෝ අාගම පීරියඩ් එකට ඉඳපන් නැත්නම් අස්වෙයන් කියලා කිව්වා..ප්‍රින්සිපල් ලඟ අාච්චියි සීයයි බැගෑපත් උනාට මං කිව්වේ මට දැන් ඉස්කෝලේ ගියා අැති අස් වීම දෙන්න කියලා..කොහොම හරි මගේ පාසල් ගමන එතනින් නැවතුනා..මං මුලින්ම අරක්කු බිව්වේ අවුරුදු 15දි….මදි නොකියන්න සල්ලිත් තිබුණ නිසා මට ඕනා ඕනා දේ කරන්න අවස්ථාව ලැබුණා….අාච්චියි සීයයි තාත්තගේ බිස්නස් එක බලාගත්තා…මට බරක් පතලක් තේරුන්නෑ කිසිම දේක…ඉල්ලන ඉල්ලන හැම දේම මට ලැබුනා…අවුරුදු 16 ඉවර උන ගමන් මං කරේ ලයිසන් පර්මිට් එක ගන්න එක…එදා ඉඳලා මට නිදහසේ බයික් එක අරන් පියාඹන්න ඉඩ ලැබුනා…එ් වෙනකම් හදාගන්න ඉඩ තිබ්බ ජීවිතේ නැත්තටම නැති උනේ එදායින් පස්සේ…

“මචං ටිෂාන්…මේ හැමදාම අරක්කු බීලා සෙට් නෑ බං..හැමදාම දකින කුකුලගේ කරමල සුදුයිලුනේ….”
එ් මගේ අඹ යාළුවා කියලා මං හිතාගෙන හිටපු අශාන්…අපේ සෙට් එකේ 5 දෙනයි…මමයි,අශානුයි,නෙතුෂයි,සඳරුයි රෙෂානුයි…
“ඔවු බං..මේ දන්න පොට් එකක් තියෙනවා…එ්වා ගත්තට පස්සේ අපි හඳේ බං…හඳේ…”
රෙෂාන් කැකිරි හිනාවක් දාගෙන කිව්වා…
“අා උඹලා රෙඩි නම් මාත් රෙඩි..මං ගානේ කට්ටියටම මල් එහෙනම්..”
එහෙම කියපු මම බයික් එකට නැගලා රෙෂාන් කියපු තැනට ගියා…ගංජා ඩීල් කරන තැනක් එ්ක…එතන හිටපු අයියා ගංජා එක ඔතන හැටි ඉඳලාම කියලා දුන්නා…වලට වැටුනු මිනිහා වලෙන් ගොඩ එනවා වෙනුවට ගොඩ ඉන්න එකාවත් අැදලා වලට දාගන්නවා කියන්නේ එ්කට….කොහොම හරි එදා ගංජා උරලා සැපෙන් ඉඳපු අපිට පහුවදත් එ් අත්දැකීම ගන්න ඕනා උනා…මුලින් මුලින් දවසට එක පාරක් ගංජා ගහපු අපි දවසෙම ගංජා ගහලා ඉන්න පුරුදු උනා…
ඔය අතරේ තමා මනමාලකම ඔළුවට ගැහුවේ…බයික් එක අරන් පොඩි කෙල්ලො,අක්කලා අැන්ටිලා පස්සේ පවා අපි කැරකුනා…කොණ්ඩේ ටින්ට් කරලා කරාබු දාලා හැම වෙලේම මත් වෙලා වගේ ඉන්න අපි දිහා එයාලා බැලුවේ පිලිකුලෙන්….කාටවත් සෙකන්ඩ් වෙලා පුරුදු නැති මට එ් බැල්මවල් ඉවසන්න බැරි උනා..

“යකෝ මට කොහොමහරි කෙල්ලෙක් ඕනා බං…”මං එ් කිව්වේ අශාන්ට..
“මොන වගේ එකියෙක්ද..”
“මොකෙක් හරි ලස්සන බෝනික්කියෙක් වගේ කෙල්ලෙක් බං…හොඳට සැප ගන්න පුළුවන් කෙල්ලෙක්…”
මං එහෙම කිව්වේ අැත්තටම මට කෙල්ලෙක් ඕනා උනේ අාදරේ කරන්න නෙමෙයි නිසා…එතකොට මට 18යි…
“යකෝ මෙහෙම රස්තියාදු ගහල නම් එහෙම එකියක් හොයාගන්න බෑ…මං කියන්නද..උඹ ඕ ලෙවල් ක්ලාස් එකකට යමන්…අවුලක් වෙන්නෑ…හැබැයි කොණ්ඩෙ කළු කරලා කරාබු ගලවලා යමන්…”
කෙල්ලෙක් ලැබෙනවනම් ඕනා මගුලක් කියලා මාත් එහෙම කරලා ගියා ඕ ලෙවල් පන්තියකට…සිංහල පන්තියකට ගියේ ටිකක් හරි දිරවන්නේ සිංහල නිසා…ගියපු දවසෙම රබර් අැහැ දාලා බැලුවේ මට හරියන කෙල්ලෙක් ඉන්නවද කියලා….මෙන්න බොලේ ඉන්නවා මගේ සිහින කුමාරි ඉස්සරහම පේලියේ බංකුවකට වෙලා…කැරලි ගැහුනු තද දුඹුරු පාට කොණ්ඩේ…රෝස කම්මුල්..ලොකු අැස්…කෙල්ල හැබැයි චබී…අවුලක් නෑ කෙල්ල ලස්සනයි…මං එදා හවසම ගේමට එන්ටර් උනා….කෙල්ල නැගපු බස් එක පිටිපස්සෙන් බයික් එකේ ගිය මං කොහොමහරි කෙල්ලගේ ගේ හොයාගත්තා.. කෙල්ල දුප්පත්….වැඩේ තවත් ලේසි…

දවසක් කෙල්ල බස් එකෙන් බැහැලා ගෙදරට යන පාරේ යද්දි කෙල්ලගේ පස්සෙන් මං අපේ කොල්ලො දෙන්නෙක් යැව්වා…එ් හරියේ පාර පාළුයි…දෙපැත්තෙම ලොකු ඉඩම් දෙකක් තියෙන්නේ..අපේ උන් දෙන්නා ජැකට් දාන් ෆුල් ෆේස් හෙල්මට් දාන් ගියේ…මුන් දෙන්නා ගියපු ගමන් කෙල්ලව අැදලා අරන් පිහියක් බෙල්ලට තිබ්බා…ඔක්කොම මගේ ප්ලෑන්…මේ වෙලාවේ තමා මං වැඩේට බැස්සේ…වැඩ්ඩා වගේ ගිය මං අරුන් දෙන්නට හොඳටම නෙලලා කෙල්ලව බේරගත්තා…
අහිංසක අැස් දෙකෙන් මං දිහා බලපු කෙල්ල “අනේ අයියේ ගොඩාක් පින් ඔයාට ”
කිව්වා…
“ඕක මොකක්ද නංගි..ගේ මේ ලඟද…මං ගිහින් අරින්නම්…නැත්නම් අරුන් අායේ එන්න පුළුවන්…”
බය වෙච්චි මුව පැටියෙක් වගේ වෙවුල වෙවුල හිටිය එයා මගේ බයික් එකට නැග්ගේ අරුන් ගැන තිබ්බ බය නිසාමයි…ගෙදරට ගිහින් දාපු මට එයා අැතුලට එන්න කිව්වේ තේ එකක් බීලා යන්න…
අැත්තටම මං එ් වගේ ගෙදරකට පය තිබ්බ මුල්ම දවස එ්ක…බ්ලොක් ගල් වලින් බැඳලා තිබ්බ බිත්ති..වැලි පොලව…මට හරි අාගන්තුකයි…මන්දිරයක් වගේ ගේක ටයිල් පොලවෙත් සෙරප්පු දාන් අැවිදපු මට එයා සෙරෙප්පු ගලවලා ගෙට අැතුල් වෙනවා දකිද්දි පුදුම හිතුනා…
“අම්මේ…අද එද්දි මාර වැඩක් උනාන්‍ේ..රස්තියාදු කාරයෝ දෙන්නෙක් මාව අල්ලගත්තා..මේ අයියා තමා මාව බේරගත්තේ…තේකක්වත් දෙන්න කියලා එක්කන් අාවේ…”
එහෙම කියලා මට එයාගේ අම්මව අඳුන්වලා දුන්න එයා ගේ අැතුලට ගියේ තේ හදන්න වෙන්න අැති…
“අනේ මගේ දෝණිව බේරගත්තට පුතාට පිං පුතේ…මට ඉන්නේ එ් වස්තුව විතරයි…තාත්තාත් නැතුව අමාරුවෙන් හදාගත්ත කෙල්ල පුතේ…මොනාහරි උනානම් මොන දෙයියන්ට කියන්නද…”
“මොන පිංද අැන්ටි…පිං පවු කියලා දෙයක් නෑ…දැන් එයා බේරුනානේ…”
එහෙම කියලා වටපිට බලද්දියි මං දැක්කේ ගෙට අැතුල් වෙන තැනම උඩට වෙන්න තියලා තිබ්බ ජේසු ප්‍රතිමාව…
මං එ්ක දිහා බලන් ඉන්නවා දැක්ක අැන්ටි මං දිහා බලල ප්‍රතිමාව දිහා බැලුවා….
“එ් තමයි අපේ ගැලවුම් කාරයා…පුතා කතෝලිකද”
“නෑ..”
එතනින් එහා අැන්ටි කතා කරේ නෑ…තේක ගෙනාපු අර කෙල්ල අම්මාගේ අැඟේ එල්ලුනා…ජීවිතේට ප්ලේන්ටි නොබීපු මං එදා ප්ලේන්ටි බිව්වා…
“අයිය ප්ලේන්ටි බොනවද දන්නෑ..අපේ දිහාට කිරිපිටි ගේන්නෑ අයියේ…”
“අා අවුලක් නෑ…නංගිගේ නමවත් අහගන්න බැරි උනානේ…නම මොකක්ද…”
“මගේ නම සාරා සදෙව්මි අයියේ..අයියාගේ නම?”
“මං ටිෂාන්…එහෙනම් නංගි මං ගිහින් එන්නම්..අැන්ටි මං යනවා…”
“හරි පුතේ ජේසු පිහිටයි..”
හුහ්…මොන පිහිටක්ද…මං එහෙම හිත හිත මුකුත් නොකියා බයික් එකට නැගලා එතනින් එන්න අාවා…මගේ ප්ලෑන් එකේ පලවෙනි කොටස අති සාර්ථකයි…

ඊළඟ දවසේ මං සාරාගේ පන්ති අැරෙන වෙලාවට එතන්ට ගියා…එයා අැවිත් මාත් එක්ක කතා බහ කරලා ගියා…දවස් තුනක් හතරක් යද්දි සාරාට මාව හැමදේටම වඩා විශ්වාස උනා…එදා මං සාරාට මගේ ෆෝන් නම්බර් එක දුන්නා..
“අනේ අයියේ මං ගාව ෆෝන් එකක් නෑ..”
මොන මගුලක්ද..ෆෝන් එකක් නැතුව මගේ ප්ලෑන් එක ඉස්සරහට අරන් යන්න බෑ…
“අා හරි නංගි…ඔයා මේ ෆෝන් එක ගන්න…සිම් එකක් අරන් දෙන්නම්..”
කොහොමත් මගේ ෆෝන් එක අයින් කරලා අලුත් එකක් ගන්න ඕන වෙලා තිබ්බේ මට…
“අ අනේ අයියේ…එපා මට”
“ගන්න ලමයෝ මං ඔයාගේ අයියා වගේනේ…”
බල කරලා කරලා සාරාට ෆෝන් එක දුන්නා මං…එදාම මට අලුත් ෆෝන් එකක් ගත්ත මං මුලින්ම කරේ සාරාට කෝල් කරපු එක…

ටික දවසක් යද්දි සාරා මට අාදරේ කරන බව මට තේරුනා…දැන් වෙලාව හරි කියලා මං යෝජනාව දැම්මා…කොහොම හරි සාරා එ්කට කැමති උනා…ඔය අතරේ එයා ඕ ලෙවලුත් ලිව්වා…අාරංචි උන විදිහටනම් කෙල්ල ඉගෙනගන්න දක්ෂයි…ඕ ලෙවල් ලියලා එ් ලෙවල් වලට ක්ලාස් යන්න යද්දි තමා මං ඊළඟ ප්ලෑන් එක ක්‍රියාත්මක කරේ. ඔය වෙද්දි සාරා මං වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි…
“සාරා. මැණික මට අාදරේද…”
“ඔවු ටිෂාන් පණටත් වඩා…”
මං සාරා මට නෑදැකම් කියනවට කැමති උනේ නෑ..මමයි කිව්වේ මට නමින් කතා කරන්න කියලා….
“එහෙනම් මං කියන විදිහට ෆොටෝ එවන්න”
“අනේ ටිෂාන්…”
“අාදරේ නම් එවන්න”
සාරාගේ අසීමාන්තික අාදරේ ඉත්තෙක් කරගත්තු මං එයාගේ නිරුවත් ඡායාරූප ඉල්ලගත්තා…
ෆොටෝ වලින් පටන්ගත්තු එ්ක වීඩියෝ වලට ගියා…ඊළඟට මට ඕන උනේ රූම් එක්ක යන්න…සාරා අකමැති වෙද්දි බෑ කියලා වැඳ වැටෙද්දි මං කලේ අායෙමත් එයාගේ අාදරේ ඉත්තෙක් කරගත්තු එක…
සාරා මගේ අතින් ගැහැනියෙක් වෙද්දි මට දැනුනේ කුරිරු සතුටක්…
“ජේසු..ඔන්න ඔයාගේ බැතිමතෙක් නපුරෙක් අතින් කෙලෙසෙනවා..කෝ ඔයා..”
මං හිතෙන් එහෙම අහ අහ සාරාගෙන් පුළුවන් තරම් සතුටු උනා…
“අනේ අයියේ මාව බඳිනවා නේද”
සාරා අඬ අඬ එහෙම අහද්දි මං කටින් ඔවු කිව්වට මගේ හිතේ තිබ්බේ වෙන දෙයක්…

මාස තුන හතරක් සාරා එක්ක සෙල්ලම් දාපු මට හැමදාම එකම දේ රහ බලලා එපා උනා…එතකොට තමයි මං සාරාව අත අැරියේ…වැඳ වැඳ පස්සෙන් අාවත් මං ගනන් ගත්තේ නෑ…පස්සේ අාරංචි උනේ ගමේ ඉන්න බැරි නිසා එයයි අම්මයි වෙන පලාතකට යන්න ගියා කියලා…
ඔය අතරේ තමා මං රෑ මනමාලියො හොයන් යන්න ගත්තේ…සාරා වගේ ලැජ්ජා නෑ එයාලා…ජීවිතේ දිව්‍යලෝකේ ඉන්නවා කියලයි මට හිතුනේ…දවසින් දවස වෙන වෙන රස…
මේ වෙද්දි මට වයස 22යි…අාච්චිත් නැති උනා…සීයාට තනියම බිස්නස් බලන්න අමාරුයි..එයා මැනේජර් කෙනෙක් ගත්තා…මොකද මට අතට සල්ලි එනවනම් බිස්නස් එකට මොනා උනත් කමක් නෑ කියලා මං කිව්ව නිසා..ගංජා ගැහිල්ලත් එපා වෙලා තිබ්බේ…අශාන්ලා එක්ක රස්තියාදු ගගහ ඉද්දි තමයි අපිට එ් අැමති පුතාව හම්බුනේ..එ් නයිට් ක්ලබ් එකක…ටික ටික හොඳටම ෆිට් උන අපි පස් දෙනාගේ කල්ලිය හයේ කල්ලියක් කරගත්තා.

“මචං…බිස්නස් එකක් තියෙනවා…කරොත් බඩුම තමා..”
දවසක් කට්ටිය සෙට් වෙලා ඉන්නකොට අැමති පුතා කිව්වා…එ් වෙද්දි මටත් සල්ලි ඕනා වෙලා තිබ්බේ මොකද මගේ වැඩ අාරංචි උන සීයා සල්ලි දුන්නේ අඩුවෙන් මට..
“මොකක්ද බං..”
“ට්‍රාන්ස්පෝට් වැඩක් තියෙන්නේ…”
“මොනාද”
“සුදු පාට රත්තරං බං..”
එහෙම කිව්ව උෟ බක බක ගාලා හිනා උනා…
“කුඩු යකෝ”
“අඩේ එලනේ…අපිටත් බඩු හම්බෙයිද”
එ් අශානා…
“නැතුව..හොඳට සලකන්නම්.. ”
ඔහොම පටන් ගත්තු අපේ කුඩු බිස්නස් එක හොඳට නැගලා ගියා..කුඩු වලට පුරුදු උන අපිට ලේ දකින්න පෙරේතකමක් තිබ්බේ. අහිංසක මිනිහෙක් අැඟේ හැප්පුනත් උෟට බිම දාගෙන ලේ එන්න ගහන්න තරම් අපේ හිත් වෙනස් උනා..

දවසක්…මං බයික් එකේ කුඩු වගයක් අරන් එද්දි පොලීසියෙ අතටම අහු උනා .එ් වෙද්දි මං ගැලවෙන්න බැරි විදිහට කුඩු වලට අැබ්බැහි වෙලා…සීයා උනත් මාව බේරගන්න හැදුවේ නෑ…අන්තිමට මාව පුනරුත්තාපනයට දාන්න තීරණය උනා….
අවුරුදු දෙකක් මං පුනරුත්තාපන කඳවුරේ හිටියා…කරපු හැමදේටම පසුතැවිලි වෙද්දි හදන්න බැරි තරමට ජීවිතේ විනාශ වෙලා ඉවරයි….එ්ත් එක දවසක්…දේශනයකට අාපු සුපුරුදු අැස් දෙකක් මාව අායෙම ජීවිතේට අාදරේ කරන්න හුරු කරා ..එ් වෛද්‍ය ශිෂ්‍යාවක්…කවුද කියලා දන්නවද…මගේ සාරා….
මගේ ජීවිතේ මං ජයගත්තු හැටි කියලා එයා කරපු කතාවේ මං ගැන කිව්වට එක වචනෙකින්වත් මං ගැන වෛරයක් එයාගේ හිතේ නෑ කියලාත් එයා කිව්වා…ජේසු සමිඳු හැම වෙලේම එයාට පිහිට උනා කිව්වා…දේශනේ අවසානේ මං එයා ලඟට ගියා…එ් කකුල් දෙක ලඟ දණින් වැටිලා මං ඉල්ලුවේ එක දෙයයි…එ් මට සමාව…
“නැගිටින්න ටිෂාන්…දෙවියන්වහන්සේ ඔයත් එක්ක..අද ඔයා මෙතන ඉන්නේ දෙවියන්වහන්සේගේ කරුණාව නිසා….”
“සාරා මට සමාවෙන්න.. ”
එතකොටම අම්මා කියලා සාරා ලඟට දුවන් අාවේ ලස්සන කොලු පැටියෙක්…එ් අැස්…ඔවු එ් අැස් මගේ…
“සාරා…”
“ඔවු ටිෂාන්…එ්ක අැත්ත..එ්ත් මේ එ්කට වෙලාව නෙමෙයි…”
එදා ඉඳලා සාරා හැම සතියෙම මාව බලන්න අාවා…දරුවෙක් බඩේ තියන් ප්‍රයිවට් එ් ලෙවල් කරලා මෙඩිසින් යන්න තරම් හයියක් සාරාට හම්බුනේ දෙවියන් වහන්සේගේ අසීමාන්තික අාදරේ නිසා කියලායි එයා කිව්වේ…එයා නිසා මං දෙවියන් ගැන අදහන්න ගත්තා අායෙම…

අද නත්තල් දවස…අද මං පුනරුත්තාපන කඳවුරෙන් යන දවස…සාරා මාව බඳින්න කැමති උනා…සීයත් මට බිස්නස් කියලා දීලා එ්ක මට පවරන්න කැමති උනා…අද මට හැමෝම වගේ තෑගි දුන්නා..එ්ත්…සාරා දුන්න මේ බයිබලේ…මට මං අලුත් මිනිහෙක් වෙලා ඉපදුනා කියලා දැනුනා….
මගේ සමුගැනීමේ අවස්ථාව…
පොඩි කාලේ ඉඳලම සින්දු කියන්න හැකියාවක් තිබ්බ මං තෝරගත්තේ සාරා මට කියලා දුන්න රූකාන්ත ගූණතිලක මහත්මයාගේ ගීතයක්…සාරායි..මගේ ලේ වලින් ඉපදුනු ක්‍රිෂාන් පුතයි…අනිත් හැමෝමයි ඉස්සරහ මං පාපොච්ඡාරණය කරේ මෙහෙම…

ආදර මගෙ ජේසුනි
කලකින් ඔබ අමතමි
කොහොමද ඔබගේ තතු
සමිඳේ

සිතු සිතු දේ මම කලා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී
හඬමි

මා හසුවී මාරුතේ
මග වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා
සමිඳේ

මහ කරුණා සාගරේ
ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ
සමිඳේ

ආදර මගෙ ජේසුනි
කලකින් ඔබ අමතමි
කොහොමද ඔබගේ තතු
සමිඳේ

සිතු සිතු දේ මම කලා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී
හඬමි

ජේසුනි මම ආදරෙයි
ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම ණයගැතියි
ඔබට

ඔබ දුන් හැමදේටමත්
මට දුන්නැති දේ හටත්
තුති පුදනෙමි ආදරෙන්
සමිඳේ

ආදර මගෙ ජේසුනි
හමුවෙමු යළි මතුදිනේ
දින දින වැජඹේ ලොවේ
සමිඳේ

සිතු සිතු දේ මම කළා
ඔබ අනුකම්පා කළා
මම ඔබ ළඟ වැඳ වැටී
හඬමි….

මං දැක්කා සාරාගේ අැස් වල කඳුළු…නත්තල් දවසක මැරුනු මගේ හිත අද නත්තල් දවසෙම ජේසුගේ උපතත් එක්ක අලුතින් ඉපදුනා…දැන් මං අලුත් මිනිහෙක්…ඔවු..ජේසුට හදවතින්ම අාදරේ කරන අලුත් මිනිහෙක්..

දීපාලි ජයසූරිය

අැත්තටම මං බෞද්ධ කෙනෙක් උනාට 1-5 වෙනකම් ඉස්කෝලෙ ගියේ කොන්වන්ට් එකකට….බුද්ධ ධර්මෙට පස්සේ මං ගරු කරන අාගම තමා කතෝලික අාගම…පොඩි කාලේ කරදර අවස්ථාවල ජේසුට කතා කරපු අවස්ථා බොහෝමයි…නත්තල තියෙන්නේ කාලා බීලා සතුටු වෙන්න නෙමේ…අපිටත් ජේසු එක්ක අලුතින් ඉපදෙන්න…මං විශ්වාස කරන්නේ එහෙම…ඉතිං..කතා අහුරේ හැමෝටම සුබ නත්තලක්..නත්තලේ සැබෑ අරුත දකින අර්ථවත් නත්තලක් වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

14 thoughts on “නව උපත | කතා අහුර රචක | නත්තල් කෙටි කතා”

  1. හරිම ලස්සනයි ඔයාගෙ කතාව…මට කියන්න වචන නෑ….මාත් බෞද්ධයෙක් උනත් අනිත් හැම ආගමකටම ගරු කරනවා….ඉතින් මම ලබන්නාවූ නත්තල සාමය සතුට සපිරි සුබම සුබ නත්තලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා….❤️❤️❤️❤️

  2. K.K.Damayanthi

    ලස්සනයි සුද්දියේ කතාව ඔන්න මන් කියෙව්වා හොදේ…..තව ලස්සන කතා ගොඩාරියක් ඕනි ඉක්මන්ට…….????

  3. Godak lassanai …. mamath බෞද්ධ kenek…. e unata math naththalata nm asai…. habai aththama kiyanna ona mm ජේසු pihita pathala nm naa kawadawath….. eth mm e agamata godak garu karanawa බුද්ධාගම harunama……

  4. Agama mokadda kiyana eka wadagath naa…. thaman adahana agama wishwasa karanna…. e agamata adaraya karanna …. anith agam walatath garu karanna…. oyage jiwithe godak lassana wewi ethakota….. eka nawaththanna kaatawathma baha….. mm me kathawa kiyawala gaththu de eka….. me wage watina katha thawa godak liyanna ….. බුදු සරණයි …

  5. කතාව ගොඩාක් ලස්සනයි දීපාලි.අද කාලෙට ගැලපෙන හොද කතාවක්…..සුබ පතනවා ඔයාට තවත් ලස්සනට ලියන්න ලැබේවා කියලා……?????

  6. පට්ටටම හිතට වැදුනා….?
    ගුඩ් ලක් අක්කා….!!!
    හැමෝටම සුභ නත්තලක්…..!!!

  7. Thakshi Deepali Jayasuriya

    හැමෝටම ගොඩක් ස්තූතියි…අදහසක් තියෙනවා නවකතාවක් ලියන්න…ටයිප් කරන්න කම්මැලි කමේ ඉන්නේ….??? 27 වෙනිදායින් පස්සේ ජීවත් වෙලා හිටියොත් ලියන්නම්….කතා අහුරේ හැමෝටම සුබ නත්තලක්…නත්තලේ සැබෑ අරුත දකින්න පුළුවන් වෙන අර්ථවත් නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා

      1. K.K.Damayanthi

        ඔක්කොම කට්ටිය ජීවිතෙබෙක්ක සටනම්.. ඔය ඒ ලෙවල් කාරයින්ට ජේසු පිහිටයි හොදේ…
        පාලි ඔයාටත් එක්ක හොදේ….?????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.