Katha Ahura

නොපැතූ සෙනෙහෙ | තිස්පස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️

~තිස්පස්වන දිගහැරුම~

“තෙනූ..ඔයා..”

ආයිමත් කතා කරනවා..ඒ නම් දේව්ගෙ කටහඩ කියලා අදුරගන්න මට වැඩිවෙලාවක් ගියේ නෑ..

මං ඇදෙන් බැස්සා නෙවෙයි පැන්නා.. තාමත් දේව් මොනාදෝ කියොනවා.. මං එයා ලගට ගියා..

මං එයා ලගට වෙලා බලන් හිටියා.. තාමත් මොනාදෝ කියවනවා..ඒත් ඒ කියන කිසිදෙයක් පැහැදිලි නෑ..

මං එයාගෙ ඇදේ පැත්තකින් ඉදගෙන එයගේ ඔලුව අතගෑවා..ඒ අතගාන ගමන් බලන් හිටියේ එයාගෙ මූණ දිහා..

ටික වෙලාවකට පස්සෙ කියෝන එක නතර කලා..දැන්නම් මටත් නිදිමතයි වගේ..මං එයාගෙ නලලටත් kiss එකක් දීලා මගේ ඇදට එන්න හදනකොටම දේව් මගෙ අත ඇදලා ගත්තා..

මගේ ඇගේ ලේ වතුර උනා වගේ..මං මෙයාට kiss එකකුත් දුන්නා..අයියෝ.. දේව් ඇහැරලත හිටියෙ එවලේ.. මට හීං දාඩියත් දාලා මේ සීතලේ..

මං shape එකේ එයා දිහා බැලුවා.. මෙන්න බොලේ මෙයා මගෙ අතත් තුරුලුකරගෙන හොදට නිදි..මං පොඩ්ඩක් චෙක් කරලත් බලුවා.. බොරුවටවත් නිදිවගේ ඉන්නවද දන්නෙ නෑ..

ඒත් එයා ඇත්තටම නිදි..එවලේ තමා මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ..

මං shape එකේ එයාගෙන් අත ගන්න try කලා..මොන පිස්සුද..අත ගන්න තියා හොලවන්නවත් බෑ..උදේ ඇහරිද්දි මට අතක් නැතුව ඉන්න වෙයිද මන්ද..

දැන්නම් මට හිටගෙනත් නින්ද යන සයිස්..මේ අත දෙන්නෙත් නෑ..මට ඇහැරගෙන ඉන්නත් බෑ..

ඒක නිසා දේව් නැගිටින්න කලින නැගිටිනවා කියලා හිතාගෙන මං එයාගෙ ඇදේ පැත්තකින් නිදාගත්තා..

ඇහැ පියවිලා විනාඩිපහක් යන්නැතුව ඇති..මේ මැට්ටස් දැම්මෙ නැතෑ මගෙ ඇග උඩින් කකුල..

හම්මෝ..මෙහෙම ගියොත් නම් උදේට මට පණපිටින්නම් අහරින්න වෙන්නෙ නෑ..අතත් බදාගෙන,කකුලත් ඇග උඩින් දාගෙන..හුස්මහම්නත් බෑ වගෙ මට..

ඒ මදිවට මගේ හදවත මේව දැකලා කම්පනය වෙලාද කොහේද හැටට හැටේ ගැහෙනවා..

දැන්නම් මට අරුන් ටිකගෙ අම්මලා,තාත්තලා,සීයලා ඔක්කොමලව මතක් වෙනවා..

තවත්නම් ඉවසන්න බෑ..පුදුම නිදිමත්යි..

******************************

එක පාරටම මගේ මූණට රස්නෙට හුලගක් වගේ එකක් අවා..මේ නුවර එලියෙ කොහෙද රස්නෙ හුලන් කියලා හිත හිත මාත් ඇස් අරලා බැලුවා..

දෙයියනේ..මගේ මූණ ඉස්සරහම දේව්..මේයා මාව ඉයෙ රෑ තව ටිකක් ලගට ඇරගෙනද කොහෙද..මට හෙලවෙන්නවත් විදිහක් නෑ..

දේව්ගෙ හුස්ම මගෙ මූණට වදින තරම් එයා මං ලග..ඒ මදිවට අතකින් බදාගෙන..නැගිටින්න try කලාට නැගිටගන්නත් බෑ..

මට තාමත් මේක නිකන් හීනයක් වහේ..මං ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියෙ දේව් දිහා.. එතකොටම වගේ දේව් නින්දෙන්ම එයාගෙ අත අහකට ගත්තා..

“දෙවියො මගේ මූණ බැලුවද කොහෙද..ඇති යන්තන්..”

මං හිමිට නැගිටලා යන්න හදද්දිම දේව් ආයිත් මගෙ අත අල්ලගත්තා.. මට බැලන්ස් එක නැතිවෙලා කෙලින්ම වැටුනෙ දේව්ගෙ ඇගට..

ඒ වැටුන වැටිල්ලට දේව් උඩගිහින් ඇහැරුනේ..මං වැටුනටත් වඩා ඉක්මනට නැගිට්ටද කොහෙද..

ඒත් මගේ ඇස් නම් නතර උනේ දේව් ලග..එතකොට දේව්ගෙ ඇසුත් මගෙ ලග..

දේව් මොනා හිතුවද දන්නෙ නෑ මගෙ ගැන..එයාම තමා මට යන්න නොදුන්නේ..

උන ලැජ්ජාවට තවත් එතන ඉන්න බෑනේ..මං කෙලින්ම දිවුවෙ wash room එකට..

මට නිකන් පිස්සු වගේ..මෙලෝ සිහියක් නෑ..මට නිකත් මේ වෙච්ච දේවල් film එකක් වගේ ලස්සනට මැවිලා පෙනුනා..

මං ඉන්න ඇදුම් පිටින්ම ෂවර් එක් යටට ගිහින් නෑවා..නෑවා කිවුවට ඉතිං මං නම් මේ ලෝකේක හිටියෙ නෑ..

මං පියවි ලොකේට එද්දි පරක්කු වැඩි.. මල කෙලියයි..ඇදුම් තියෙන්නෙ එහා room එකේ..එතකොට ටවල් එකක්වත් ඇරගෙන ආවේ නෑනේ..මං දැන් කොහොමද එලියට යන්න..මිනූට call කරන්නත් විදිහක් නෑ..phone එක එලියෙ..

පැයකටත් වඩා වැඩි දැන්නම්..මං තාමත් මේ wash room එක ඇතුලේ..

“තෙනූ..ඔයා හොදින්ද?”

දේව් එලියෙ ඉදන් බෙරිහන් දෙනවා.. දැන්නම් මගෙ ලොකු කම පැත්තකින් දාලා උදවුවක් ඉල්ලන්න වෙනවා.. නැත්තන් අද දවසෙම මේකට වෙලා ඉන්න වෙයි මට..

“මං හොදින් නෙවෙයි..මගෙ ඇදුම තියෙන්නෙ එහා room එකෙනේ..මට අමතක වෙලා මං නෑවා..ටවල් එකකුත් නෑ..”

මං දුක හිතෙන විදිහට දේව්ට කිවුවා.. ඒත් දේව්ගෙන් කිසිම සද්දයක් නෑ.. ටික වෙලාවකට පස්සෙ ඇහුනා දොර අරින්න කියනවා..

මං ලාවට වගේ දොර ඇරලා ඔලුව විතරක් දැම්මා..දේව් අහක බලාගෙනම මගෙ පැත්තට ඇදුමක් දික්කරගෙන ඉන්නවා..මං ඒක අරන් දොර වැහුවා..

හපොයි දෙයියනේ..එතනෙ තිබ්බේ ටවල් එකකුයි,දේව්ගෙ ලොකු ෂර්ට් එකකුයි..

දැන් ඉතිං මොනා කරන්නද..මං ඒක ඇදගත්තා..වෙලාවට ඒක ගොඩක් කොට නෑ.. දනිස්සට වඩා පොඩ්ඩක් උඩට වෙන්න තිබ්බා..

මං ටවල් එකත් කරවටේ දාගෙන shape එකේ wash room එකේ දොර ඇරගෙන ආවා..

එතකොටම දේව් කඩාගෙන බිදගෙන මගෙ දිහාවත් නොබලා wash room එකට රින්ග ගත්තනෙ..

“පුහ්..මෙයාගෙ ගණන්..”

මං එහෙම කියල දිවුවෙ phone එක ලගට..ඉක්මනටම මිනූට call කලා.. no answer..ආයිත් සැරයක් ගත්තා.. දෙයියො බැලුවා වගේ එතකොටනම් answer කලා..

මං මිනූට පුලුවන් තරම් කෙටියෙන් පැහැදිලිව විස්තරේ කියලා ඇදුමක් ගෙන්න ගත්තා..

මිනූ ගෙනත් දුන්න ඇදුමත් ඇදගෙන තව තත්පරයක්වත් එතන ඉන්නෙ නැතුව මං අපේ room එකට ආවා..

එතකොටම..

❤️❤️❤️

ඊළග කොටසින් හමුවෙමු..

?Nawanjanawa Dawanshi?

8 thoughts on “නොපැතූ සෙනෙහෙ | තිස්පස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. අයියෝ ඔයාඅපිව පිස්සු වට්ටනවා දෙයියෝ…………මේ දෙන්නව ඉක්මනින් සෙට් කරන්නකෝ නැත්තන් මට හාටැඇටැක් හැදෙයි……………..???

    අපරාදෙ ඇදුමක් දුන්නේ හිකිස්???????????????

  2. අයියෝ ඔයාඅපිව පිස්සු වට්ටනවා දෙයියෝ…………මේ දෙන්නව ඉක්මනින් සෙට් කරන්නකෝ නැත්තන් මට හාටැඇටැක් හැදෙයි……………..???

    අපරාදෙ ඇදුමක් දුන්නේ හිකිස්??????????

  3. ආව් ආව්…… මේ මොනාද මේ වෙන්නේ….ලැජ්ජත් හිතෙනවා අප්පා……

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.