Katha Ahura

නොපැතූ සෙනෙහෙ | තිස්අටවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️

~තිස්අටවන දිගහැරුම~

මං උදේම අහැරිලා බඩගින්නක් වගේ එකක් ආව නිසා ටී එකක් බොන්න හිතගෙන මං කුස්සියට යන්නයි ගියේ..ඒත් කුස්සියෙ දොර ලගදි මට ඇහුන දේ නිසා මං එතනම නැවතුනා..

“ඊයෙ අර ආවේ අපේ ලොකූගෙ පංතියෙ ළමෙක්ද?”

“ඔව්..මට කිවුවෙනම් එහෙම තමා.. මොනා උනත් හොද කොල්ලා..”

“අනේ ඔව්..ගුණයහපත් ළමෙක්..
වෙන කොල්ලෝ වගේ නෙවෙයි..මූණ දැක්කත් ඇති සිරියාවයි..”

“මටත් ඕකම හිතුනා..”

මේ බලහල්ලකෝ වැඩක්.. අම්මයි,තාත්තයි දේව්ව වර්ණනා කරන වර්ණනා කිරිල්ල..ඉරිස්සියාවේ බෑ..මටවත් නෑනේ ඔහොම එකක්..

බැරි වෙලාවත් මං දේව්ව මැරි කලොත් අම්මා දේව්ව පුතාට අරන් මාව ලේලිට ගනී..

ඒත් ඉතිං අම්මලා දේව් ගැන වර්ණනා කරද්දි මට ඇති උනේ ආඩම්බරයක්.. මං දන්නෙත් නෑ ඒ ඇයි කියලා..

ඇයි අනේ වෙන කෙනෙක්ව වර්ණනා කරද්දි තමන්ට ආඩම්බරවෙන්න නම් පිස්සුවක් තියෙන්නෙම ඕනිනේ..

බඩගින්නත් වැඩිවෙනවා..ඕපදූප හොයනවා කියලා බඩගින්නෙ ඉන්න බෑනේ..ඒක නිසා මං අර දේවල් ඇහුනෙ නෑ වගේ කුස්සිය ඇතුලට ගියා..

“දැන්ද ඇහැරියේ..අද පංති නැද්ද..”

හපොයි..මට කොහොමද ඒ වගේ special දවසක් අමතක උනේ..ඒකනම් විය නොහැකිම දෙයක්..

අම්මට ටී එක හදලා තියන්න කියලා මං තිවුවේ bathroom එකට..wash එකකුත් දාගෙන ටී එකත් බීලා මං ඉක්මනට ලෑස්ති උනා..

උදේටවත් නොකා මං දිවුවෙ මිනූලගෙ ගෙදරට..මොකද අද දේව්ව meet වෙලා එයාගෙ කතාව අහන්න ඕනිනෙ..ඒක නිසා වෙනදට වඩා ක්ලින් ආවා..මං මිනූටත් msg එකක් දාලා කිවුවා වෙනදට වඩා කලින් යන්න ඕනි කියලා..ඒක නිසා එයත් ලෑස්තිවෙලා හිටියා..

මොනදේ උනත් මං එක තීරණයක් ගත්තා..ඒ තමයි දේව්ව ගනන් නොගෙන ඉන්න එක..කලින් දවස් ටිකෙ මාව පේන්න බෑ එයාට..ඒත් එදා රෑ ඉදන් එයා මාව හොයාගෙන එනවා..එයා හිතනවා ඇති මං එයාගෙ පස්සෙන් යනවා කියලා..මොකද ඉතිං එදා රෑ එයානෙ මට යන්න නොදුන්නේ.. ඒත් එය හිතනවද දන්නේ නෑනේ මං හිතලාම ආවා කියලා..ඒක නිසා දේව් කතා කලොත් විතරයි මං කතා කරන්නෙ කියලා හිත ගත්තා..

අපි දෙන්නා පංතියට යද්දි දේව් ඇවිල්ලා හිටියා..හැබැයි හිටියෙනම් තනියම..

මං දේව්ව නොදැක්ක ගානට ගිහින් ඉදගත්තා..

එතකොටම මගේ phone එකට massage එකක් ආවා..මං ඒක අරන් බැලුවා..

“Gm..oyata kiyanna deyak thiyenawaa.. shop ekkt yanawad..naththan clz eke idan katha karanawad??”

“Gm..clz eke idan katha karu..clz eke janele lagt ennako..”

“Ok..”

මං මිනුටත් කියලා එතන්ට ගියා.. දේව්ත් ආවා..

“මොනාද කියන්න තියෙන්නේ?”

මං අහක බලාගෙනම ඇහුවා..

“කියන්නම්.. ඉටකලින් කියන්නකෝ ඔයා කාලාද ඉන්නේ..”

බොරු කියන්නෙ මොකටද නිකන්.. මං ඇත්තම කිවුවා.

“නෑ..”

“එහෙනම් මොනාගරි කනගමන් කතා කරමු..”

“මිනූ තනියමනේ..එයාව දාලා යන එක හරි නෑනේ..”

“එයාටත් එන්න කියන්න එහෙනම්.. දැන් බෑ නොකියා එයාවත් එක්කගෙන එන්න..මං පහල ඉන්නම්..”

මං මිනුවත් එක්කගෙන පහලට ගියා.. දේව් එක්ක කඩේකට ගිහින් වාඩි උනා..

දේව් කෑම oder කරලා ආවාට පස්සෙ මං ඇහුවා කියන්න තියෙන දේ..මිනූ නැගිටලා වෙන table එකකට ගිහින් ඉදගත්තා..දේව් හිටියා මං ඉස්සරහමයි..

“මුලින්ම කියන්නම් එදා hotel එකේ වෙච්ච දේවල් වලට sorry..හැබයි ඉතිං මං දන්නෙ ඔයා මං ලග හිටියා කියලා විතරයි..එතන්ට ආවේ ඇයි කියලා දන්නෙ නෑ..මට ඒකට හේතුව දැනගන්න ඕනි..”

හපොයි..දැන් ඉතිං කියන්නකො ඔක්කොම..මටත් වෙච්ච දෙයක්.. මගේ වැරද්දක් නෑ කියලා ඔප්පුකරන්න පුලුවන් chance එකනෙ කියලා මං එයා හීනෙන් කියෙවුව තැන ඉදන් කියන්න පටන් ගත්තා..

දේව්ගෙ මූණ එක එක විදිහට වෙනස් වෙනවා මං බලාගෙන..අන්තිම ටික මං ඒවිදිහටම කිවුවේ නෑ..ඒ ටික කොහොමද කියන්නද..

“ඔයා අහන්නෙ නැද්ද මගෙන් මොකද්ද දැක්ක හීනේ කියලා..”

“ම්ම්ම්ම්..දැන්නම් මටත් දැනගන්න ඕනි..අනික මගේ නමත් කිවුවනෙ ඔයා..ඒක නිසා මට ඒක දැනගන්න අයිතියක් තියෙනවා..”

“ඔව්..මං ඔයාව තමයි දැක්කේ..එදා මං පංති ගියේ නෑ..ඒත් ඔයා පංති ගියා.. ඔයාව බලන්න ඕනි නිසාම පංති ඉවරවෙන වෙලාවට මං පංතිය ලගට ආවා..හිතුවා වගේම ඔයා මිනූ එක්ක එතන්ට ආවා..ඔයා මාත් එක්ක කතා කර කර ඉදලා මං පංති ආපු නැති නිසා ඔයා මට පොත දුන්නා..එච්චර තමා දැක්කේ..ඒත් ඒ හීනේ හීනයක්ම නෙවෙයි කියලා මට හිතුනා.. හුරුපුරුදු ගතියක් දැනුනා..”

“ඒක ඒ විදියටම ඔයාට හීනෙන් පෙවුනෙ කොහොමද..ඒක ඇත්තටමනේ උනේ..”

“ඔව්..මං ඒක දන්නවා තෙනූ..”

“ඒ කියන්නේ..”

මට කියන්න හම්බුනේ නෑ..මං කියන්න හදපු දේ දේව්ම කිවුවා..

“මට හැමදේම මතකයි..එතකොට ඔයාව දැන්නම් හොදටම මතකයි..”

එයා එහෙම කිවුවේ ඇහක් ඉගිමරන ගමන්.. ඒ news එක ඇහුවාමන්ම් මට දැනුනේ ලොකූ සතුටක්..එයව බදාගෙන උම්මා ගොඩාක් දෙන්න හිතුනා..එහෙම හිතුනා විතරයි..

“ඒ හීනේ දැක්ක ගමන් මට මුකුත් හිතාගන්න බැරි උනා..ඒත් මං ඒ ගැන නොහිතා ඉන්න try කලා..ඒත් එහෙම කරන්න බැරි උනා..”

“එහෙනම් කොහොමද මේ දේවල් ඇත්ත කියලා දැනගත්තේ?”

❤️❤️❤️

ඒ කොහොමද කියලා හෙටම බලමු..

5 thoughts on “නොපැතූ සෙනෙහෙ | තිස්අටවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. අම්මෝහ්…….. ඒකහ්…
    මට පිස්සු වගේ හලෝ…..
    දේව්ට තෙනුය්ව මතක් වෙලා ඒනම්… මොකක්ද අප්පේ මේ රහස කොල්ලගෙ…. පිස්සු වැටෙන සද……??

  2. Mmm..mata hithena widihata kolla dngnna atte fb ekenmai..eylge parana chat balannati..natnm..ane mnda..samaharawita yaluwo kiwwda dnna..balamuko heta neda?❤️

  3. Priyadarshani

    තව චුට්ටක් දිග කොටසක් හෙට දාන්න …??
    කතාව නියමායි ????
    Good luck !??????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.