Katha Ahura

?ශාප ලත් සීත නත්තල?|හොල්මන් කතා|කතා අහුර රචක|

5/5 - (3 votes)

?ශාප ලත් සීත නත්තල?

චූටි දූ වැස්සක් එනවා ඔය රෙදි ටික ගන්නකෝ ඇතුලට….

අම්මා කුස්සියේ ඉදන් හයියෙන් කෑ ගහන සද්දය මට ඇහුනා… මන් හිටියෙ නත්තල් ගහ සරසන ගමන්…..

???????????????

අයියෝ අම්මි………. ඉන්නකෝ පොඩ්ඩක් මන් වැඩක් නෙ……

ඔය වැඩේ කරන්න පුලුවන් ලමයෝ රෙදි ටික ගන්නකෝ… හුලගක් ටිකක් සැර වැඩී…නැත්තල් කුනාටුවක් වගේ………

අම්මගෙ කන් කරච්චලෙන් බේරෙන්න බැරි තැන මන් උඩ තට්ටුවට ගියේ වනලා තිබ්බ ටෙදි ටික අරන් එන්න…..

අම්මා ඇත්ත තමයි කියලා තිබ්බෙ… හුලග ඇත්තටම ගොඩාක් සැරයි… මාවත් යයි කියලයි මට හිතුනේ………

වැලේ තිබ්බෙ මගේ රෙදි ටිකක්… හැබැයි දැන් නම් වැලේ එක රෙදි කෑල්ලක්වත් නෑ.. හැමතැනම වීසි වෙලා……………
මන් බිම පුරා තිබ්බ් රෙදි ටික අහුලගෙන ගෙට ගිහින් දැම්මෙ නිකන් අම්මා එක්ක තරහෙන් වගේ…………..

මන් යනකොට අම්මා නත්තල් ගහ හදනවා…

කෝ ඔක්කොම ගෙනාවද…………

හ්ම්ම්ම්….. ගෙනාවා තමයි…….

අම්මා රෙදි ටිකත් අරන් කාමරේට යන්න වෙන්නැති හැදුවෙ…. ඒත් ආයිමත් සැරයක් මග නැවතිලා අම්මා මට කතා කරනකොට නම් මන් ඇහුන්නෑ වගේ ඉන්නවා කියලා හිතා ගත්තා….

චූටි මෙතන රෙදි අඩුයිනෙ…………

චූටි ඔයාගෙ කන් ඇහෙන්නැද්ද ලමයෝ………………………

කෝ මගෙ අලුත් සාරිය……අර රෝස පාට සාරිය ලමයො… ඒක විතරක් ගෙනාවෙ නැත්තෙ මාත් එක්ක තියෙන තරහටද පුතෙ…………..

අම්මා එහෙම ඇහුවම නම් මට ගොඩාක් දුක හිතුනා….. මන් පුංචි කාලෙ ඉදන් අම්මා එක්ක කෙක්ක වගේ කොයි වෙලේ බැලුවත් එල්ලෙන්නමයි බැලුවෙ…

හැබැයි ඒ හැම වෙලවෙම අම්මා කලේ මාව මගාරින එක… නැත්නම් අම්මගෙ හිත රිදෙන වැඩක් මන් කරනවා කියලා අම්මා දැනගෙන හිටියා…………………………

අනේ අම්මි… මන් තිබ්බ රෙදි ටික ඔක්කොම ගෙනාවා.. ඒත් සාරියක් නම් තියෙනවා දැක්කෙ නෑ…
මන් එහෙම කිව්වෙ අම්මව බඩා ගන්න ගමන්…….මට දුකක් දැනුනම මන් අම්මිව බදාගන්නව කියලා අම්ම දැනගෙන හිටියා….

හරි …….හරි…….
හුලග පොඩ්ඩක් අඩු උනාම අපි ඒක හොයලා බලමුකෝ…
මන් කුස්සියේ දොර වහලා එන්නම්කො ඔයා උදවු වෙන්න…………….

ඕහ්………… සොරි… මට කියන්න අමතක උනානෙ…

මන් රිහානා…

මන් පුංචි කාලෙ මගෙ තාත්තා අම්මවයි මාවයි දාලා ගිහින් තිබ්බා… එදා ඉදන් අම්මා තමයි මාව බලා ගත්තෙ ..මගෙ අම්මා තිසේරා…

ඇත්තම කිව්වොත් අම්මගෙ පන තමා මන්…. අම්මි ගුරුවරියක්…

අවුරුදු පහකට සැරයක් එයාට මාරුවක් හම්බෙනවා අලුත් ස්කෝලෙකට යන්න…

අම්මා යන ස්කෝලෙට මාත් පස්සෙන් යනවා… අම්මි එක්ක මගේ තිබ්බ තරහා තමයි ඕක…

දැන මන් ඉන්නෙ දොලහා වසරෙ… මට මේ අන්තිම අවුරුදු දෙකෙත් ඉන්න වෙලා තියෙන්නෙ අලුත් ස්කෝලෙක…

අම්මට මේ සැරේ මාරුව හම්බවුනේ මොනරාගලට… මන් නම් හිටියෙ හරිම තරහෙන් ඒ ගැන…

අම්මා එහෙනුත් ගෙයක් කුලියට අරන් තිබ්බා.. හැබැයි ඒ ගෙදර්ට්ට ගියාම මට ගොඩාක් සතුටු හිතුනා..

මන් දැක්ක ලස්සනම ගේ තමයි ඒක… තට්ටු දෙකක් තිබ්බා… උඩ තට්ටුවේ රෙදි වේලන්න වෙනම කෑල්ලක් තිබ්බා…ගෙයි කාමර ගොඩාක් තියෙනවා…

වටපිටාවනම් ටිකක් අදුරුයි… අම්මා නම් කිව්වෙ අවුරුදු ගානකින් මේ ගෙදර කවුරුත් ඉදලා නැති නිසා එහෙම වෙලා තියෙන්නෙ කියලා…

අම්මට ස්කොලෙ නිවාඩු හින්දා අම්මා මේ දවස් වල ඉන්නෙ ගෙදර… අම්මාගෙ අලුත් ස්කෝලෙ තිබ්බෙත් මේ ලගම හින්දා අම්මටත් පහසුයි අම්මගෙ දෝනි ඇන්දටත් පහසුයි…..

අම්මි ගියාට පස්සෙ මන් ආයිමත් නත්තල් ගහ සරසන්න පටන් ගත්තා…..
මන් ආසම නත්තල් සින්දුව මිතායා කුරුකුලසූරියගෙ සින්දුවකුත් කියාගෙන මන් වැඩේ පටන් ගත්තා…

??????????????????
සුර ගී මිහිමත රසට ගැයුණු දා

පිදුරු වළල්ලම රනින් වෙළනු දා

රජවරු සිටුවරු සිරස නැමූ දා

මෙදා එදා ඒ නත්තල් දා//

සඳ දිය ගඟ දිය විලස ගැලූ දා

සාමය සමගිය අතිනත ගත් දා

තරු මැද තරුවක් රුවට දිළුණු දා

මෙදා එදා ඒ නත්තලේ දා//
??????????????????

ඒත් ඉතින් මට සින්දුව ඉවර කරන්න නම් වුනේ නෑ . අම්මා ආයිමත් බර බරේ දැම්මා…

චූටි දූ… අනේ පොඩ්ඩක් එන්නකෝ….
ඉක්මන් කරලා එන්න….

පවට නැමුණු සිත පෙමට ඇරුණු දා

ලොවේ දිළිඳු දන ඔටුනු පැළඳු දා

කුරුස තරුවකට අරුත ලැබුණු දා

මෙදා එදා ඒ නත්තල් දා…/

මන් ඉක්මන්ට කුස්සියට දුවලා ගියේ සින්දුවේ ඉතුරු කෑල්ලත් කියෝ ගෙනමයි…..ඇයිද කියල බැලුවෙ නැත්නම් ආයි කෑ ගහනවා… මෙන්න බොලේ මන් යනකොට අම්මා ඉන්නවා උඩ නැගගෙන..???

ඇ……. ඇයි අම්මි ඔය……..

බලන්නකෝ දූ……….
මන් මේ දුම උඩ ටිකක් අස් කරලා දාන්න කියලා ටිකක් මෙතන්ට නැග්ගා අර එලියෙ තිබ්බ පුටුව ගෙනත්… උඩ නැගලා ආයි බහින්න හදනකොට පුටුව නෑ මෙතන……..

අයියෝ……… අම්මි මටත් පිස්සු හදෝනවා… ඇයි අම්මි …….අම්මි හිතුවද පුටු ඇවිදිනවා කියලා…..

ඕන් ඉතින් මන් කියන එක විශ්වාස නෑනෙ…
හරි……… හරි…….. ඔය ඔතන තියෙන පුටුවවත් ගන්න ලමයෝ මට බිමට බහින්න….

මන් කුස්සියේ තිබ්බ ප්ලාස්ටික් පුටුව ගාවට ගියේ අම්මාට හින්ට් එහෙකුත් ගහන ගමන්…….

අම්මෙ…… මේ පුටුවටනම් ඔයාව බර වැඩි වෙයි නේද… පුටුව කැඩුනොත් එහෙම……. අපරාදෙනේ………..

චූටි දු………………………….

අම්මා හිනාව නවත්තගෙන මට කතා කලේ…. මාත් ඉතින් අම්මට ඇහැකුත් ගහලා පුටුව උස්සන් එන්න ඇදුවෙ……

ආ………..හ්….
අම්මෙ මේ පුටුව ප්ලාස්ටිකද නැත්නම් යකඩද………

ඇයි එහෙම අහන්නෙ …….. ඔයාට පේන්නැද්ද ලමයො ඕක ප්ලාස්ටික් කිය්ලා….

මාත් ඉතින් ඇදගෙන නානවනේ…….
අම්මා මට හින්ට් පාර අරින්න් පටන් ගත්තා..

ඒත් ඉතින් මන් කිව්වෙ නම් ඇත්ත…
පුටුව උස්ස ගන බැරි තරම් බරක් තමයි මට නම් දැනුනෙ…. ඒත් ඉතින් මේක දැන් උස්සන් ගියෙ නැතොත් මල චා එකනෙ………..

මන් අමාරුවෙන් අමාරුවෙන් පුටුව උස්සන් අම්මා ඉන්න තැනට ආවා….. මන් පුටුව දඩස් ගාලා බිමට ඇතෑරියේ ඉන්නම බැරි තැන……

ආ… අම්මි බහින්නකො දැන් පරිස්සමෙන්… මන් එහෙම කියලා අම්මිටබහින්න අත දික් කලා…

ආ….හ් මන් තාම කෙල්ල වගේ මට ඔය පුටුවෙන් බැහැ ගන්න පුලුවන්…

අම්මෝහ්… මෙයාගෙ ගෑස් ……පුටුව ගෙනත් දුන්නැත්නම් කොහොමද දන්නෑ මෙයා බහින්නෙ… පු..හ්..

හරි …… හරි පන්ඩිතී………..

අම්මි මටත් කින්ඩියට හිනා වෙලා පුටුවට බැස්සෙ හරි ආඩම්බරෙන්… හොදයි ඉතින් මන් පුටුව ගෙනත් දුන්න හින්දා…

ආ…. අනේ චූටි.. මගෙ කකුල ගන්න බෑ… අනේ චුටි…

අම්මා එකපාරටම ආයි සැරයක් කෑ ගහන්න පටන් ගත්තෙ මන් වලන් ඉද්දිමයි….

මන් හිතුවෙ අම්මි මට විහිලුවක් කරනවා කියලා… මන් තරහෙන් වගේ ඉන්න හින්දා .. එයා වෙනදටත් ඔහොමයි…
මන් ඉතින් බඩත් අල්ලන් හයියෙන් හිනා උනා…

විහිලු නෙමෙයි ලමයො… ම..මන් මේ කියන්නෙ ඇත්ත….

අම්මි ආයිමත් කිව්ව…

අනේ අම්මි මට බොරු කියන්න එපා… මන් දනවා අම්මිගෙ විහිලු හොදට ….මන් එහෙම කියලා අම්මිටත් ගස්සලා දාලා යන්න හැරුනා….

දඩා…………………..ස්..

ආහ්……………………. අයියෝ මගෙ කොන්ද………

එක පාරටම මොකක් හරි වැටෙන සද්දයක් ඇහිලා මන් පිටි පස්ස හැරුනා….

හත්දෙයියනේ අම්මා…..

අම්මා කොන්දත් අල්ලන් බිම පත බෑවිලා හිටියා.. මන් අම්මි ගාව යන්න හදනකොටම මාවත් එතනම පත බෑවුනෙ මට හිතන්නවත් විනාඩියක් දෙන්නෙ නැතුව….

ආව්……………………..

චූටි ඇ.. ඇයි මොකද ලමයො උනේ….
අම්මිඅම්මි ගැනවත් හිතන්නැතුව මා ආවට ආවා… ඒ ඇස් වල කදුලු පිරිලා…

අම්මි… ඔයාට අමාරුයිද අම්මි…
අම්මි කොහොමද ඔයා වැටුනෙ…..

අනේ මන්දා දූ..
මගෙ කකුල් දෙකෙන් අල්ලලා මාව පුටුවෙන් තල්ලු කලා කියලයි මට නම් හිතුනේ ……

ආ……
මගෙ හුස්ම නැවතුනා කියලයි මට නම් හිතුනෙ……

හරි හරි……..
මට හිතුනදේ මන් කිව්වෙ… කකුල ලිස්සුවාද දන්නෙ නෑනෙ..
ඔයාට මොකක්ද උනේ කියන්නකෝ…….

අනේ මන් දන්නෑ අම්මි… මගෙ කකුල පැටලුනා මොහොක හරි….

ආ……….. ඒම වෙන්නෙ කොහොමද මේ හරියෙ මොකුත් නෑනෙ……

ඒකනෙ අම්මි මාත් බැලුවෙ……..

හරි…… හරි …… දැන් ඕවා හිතන්නැතුව අපි යමු නත්තල් ගහා සරසන්න…

මන් අම්මා එක්කම නත්තල් ගහා ගාවට ආවෙ තනියෙන් එන මගෙ හිතට මොකක්දෝ බයක් ආව නිසයි…

ආ… අම්මී……..
මගේ නත්තල් ගහා……….
ඉහි……..ඉහි…….ඉහි………
ඔක්කොම ඉවරයි…..
ඉහි ……..ඉහි…….ඉහි……

මේ මොකක්ද දූ වෙලා තියෙන්නෙ…. ඔයා අඩන්න එපා දූ……..මේකමේ හුලග හින්දා මෙහ්‍ර්ම වෙන්න ඇත්තෙ…
බලන්නකෝ ඉතින් ගේම හැඩි වෙලා තියෙන්නෙ…

ඇත්තටම මුලු ගේ පුරාම නත්තල් සැරසිලි වීසි වෙලා තිබ්බා.. හරොයට කවුරුම හරි ඇවිත් ඒවා ඉරලා දාලා වගේ….

මන් ලස්සනට සරසපු නත්තල් ගහේ සැරසිලිත් සී සී කඩ වෙලා තිබ්බා… නත්තල් ගහේ කොලත් හැම තැනම…
මට දැනුනේ ලොකූ දුකක්… මන් කොච්චර සතුටින්ද මේ නත්තල සමරන්න හැදුවෙ…. ඒත් ඇයි අපිට මෙහෙම වෙන්නෙ………

ජේසු…… කියන්න ජේසු………..
ඇයි අපිට මෙහෙම වෙන්නෙ ජේසු…
මන් හයියෙන් කෑ ගැහුවා….

චටා…………ස්……..
ඒ එක්කම වගේ මගේ කම්මුල හරහා වැදුනේ කම්මුල්පරක්…….

ඒ පාරනම් මගේ ඇස් වලින් කදුලු ආවා නෙවෙයි විද්දා……………

ඇ….. ඇයි අම්මි……..
මන් කම්මුලත් බදාගෙන බැලුවෙ අම්මි දිහා….. ඒත් අම්මි හිටියෙ මට ගොඩාක් එහායින් විසිරිලා තිබ්බ සැරසිලි එකතු කරන ගමන්…….

මන් මගේ කම්මුලත් අල්ලගෙන අම්මි ගාවට යනකොට මට උඩ තට්ටුවෙන් ඇහුනෙ සින්දුවක්…………. නිකන්ම සින්දුවක් නෙමෙයි මන් ඉස්සෙල්ලා කිව්ව මන් ආසම සිංදුව………ඒ කටහඩත් හරියටම මගෙ වගේමයි කියලා මට හිතුනේ…….

සුර ගී මිහිමත රසට ගැයුණු දා

පිදුරු වළල්ලම රනින් වෙළනු දා

රජවරු සිටුවරු සිරස නැමූ දා

මෙදා එදා ඒ නත්තල් දා//

හහ්…..හහ්…….හහ්…….හ……………….

එක පාරටම ගේ ඇතුලෙ දෝන්කාර දෙමින් ඇහුනෙ වියරු හිනා හඩක්….
මාත් අම්මත් මූනට මූන බලා ගත්තෙ මේ මොනාද වෙන්නෙ කියලා අහන්න වගේ………………

සලා………………………න්…..

උඩතට්ටුවෙ මොකක් හරි බිදිලා යන සද්දයක් ඇහුන නිසා මන් අම්මට උඩට යන්න කතා කරන්න හැදුවෙ……. එත් ඊට කලින් අම්මා ඉක්මන් වෙලා පඩිපෙල නැග්ගා….

මාන් අම්මගෙ අතේ එල්ලිලා පඩි පෙල නැග්ගා … එත් හිතේ නම් පොඩි බයක් තිබ්බා….

සලා…………….න්

හහ්……හහ්……හහ්…..හා……….

ආයිමත් ඇහුනෙ අර වියරු හින හඩ..මගෙ කකුල් කිටි කිටි ගාලා ගැහෙනවා… මොනවා උනත් ඒ වෙලාවෙ අම්මත් හිටියෙ ගොඩාක් බය වෙලා….

අපි උඩ තියෙන් කාමර වලට ගිහින් බැලුවත් ඒ මෝහොකවත් බිදිලා තිබ්බෙ නෑ… තිබ්බා වගේම කාමර ටික තිබ්බා…

සලා………………………………………….න්….

අපි පඩිපෙල බහින්න හදනකොටම ආයිමත් ඒ විදුරු බිදෙන සද්දය ඇහෙන්න පටන් ගත්තා….

ඒ වෙන කොහෙන්වත් නෙමෙයි… අපි ඉන්න ගෙදර තිබ්බ වහලා දාපු කාමරෙන්…අපි ඒ කාමරය කවදාවත් ඇරලනම් තිබ්බෙ නෑ..අම්මි කිව්වෙ ඒ කාමරයෙ යතුර නෑ කියලා….

අ…… අම්මි…….
ඒ ….. ඒ කාමරේ….මො…..මොකක්ද…

දුව බය වෙන්න එපා දුව ….
මන් බලන්නම්……..

අම්මා ඒ දිහාවට යන්න හැරෙනවත් එක්ක ගෙයි ලයිට් ඩිම් වෙන්න පටන් ගත්තෙ මගේ ඇගෙ රෝම පවා කෙලින් කරමින්…….

චූටි……. මේ මොකක්ද වෙන්නෙ චූටි….

අනේ අම්මි … අපි යන් අම්මි… මට බයයි…..

අම්මියි මායි හෙමින් සැරේ පඩි පෙල බැහැලා ඇවිත් සෝපාවෙන් වාඩි උනා .. මන් හිටියෙ අම්මිව බදාගෙන…

ඒත් අපිට වැඩි වෙලාවක් ඒ විදියට ඉන්න නම් උනේ නෑ….

අපි ඉදන් හිටිය පුටුව සාලය පුරා වේගයෙන් එහ මෙහා යන්න පටන් ගත්තේ අපේ බය දෙගුන තෙගුන කරමින්…..

අ… අනේ අම්මී…………………මේ …මේ මොනාද වෙන්නෙ……ම… මට බයයි අම්මී……….

ක..කලබල වෙන්නැතුව ඉන්න පොඩ්ඩක් ලමයෝ….. මටත් මේ වෙන දේවල් හිතා ගන්න බෑ..

ඒත් අපිට තවත් එතන ඉදන් ඉන්න ඉඩක් හම්බ උනේ නෑ… එක පාරටම සෝපාව එකපාරටම පෙරලුනේ අම්මවත් මාවත් තව තවත් අසරණ කරන ගමන්…….

ආ… අනේ අම්මි … මාව බේරගන්නකෝ….

මාන් ආයිමත් සැරයක් ගේ දෙවනක් වෙනකන් කෑ ගැහුවා… මන් පුටුවෙන් වැටුන ගමන් මගේ කකුලෙන් කවුරුම හරි අල්ලගත්තා… වැඩි වෙලාවක් යන්න කලින් මාව ගේ පුරාම ඇදගෙන ගියේ මගෙ මර ලතෝනිය මැද්දෙ…..

ජේසු ……… ඇයි ජේසු අපිට මෙහෙම කරන්නෙ… අපි ඔයාට කරපු වරද මොකක්ද……………..

මන් ඒක කියනවාත් එක්කම මගෙ කකුල අතාරිනවා මට දැනුනා… ඒත් ඊට පස්සෙ උනේ අපි දෙන්නා කීයටවත් නොහිතපු දෙයක්………

හහ්…………..හහ්……….හා……………….

මගෙ කකුල අතෑරපු ගමන් අම්මා ගාවට දුවගෙන ගියා …..ඒත් මට වැඩි දුරක් යන්න උනේ නෑ… මාව ටිකෙන් ටික උඩට ඉස්සෙන්න ගත්තා…..

අ…අම්මී………………………………ම..මට බයයි අම්මී……….

ඒත් අම්මි මාත් එක්ක කතා කලේ නෑ… එයා හිටියෙ බිම බලාගෙනමයි……..

ජේසු.. … අනේ ජේසූ…………………
ආමේන්………… ආමේන්……………
මන් ජේසුට කතා කරලා දෙවියන් සිහි කරන්න පටන් ගත්තෙ… මට කරන්න වෙන කිසිම දෙයක් නැති නිසා….

නවත්ත……….පාන්………. ඕ…..ක්
නව……..ත්……ත…….පා……………..න්……
බැ…….@###

අම්මා එක පාරටම ගිරියටියෙන් කෑ ගහන්න පටන් ගත්තා….

ඒ එක්කම මාව බිමට ඇදගෙන වැටුනෙ නූල කැඩුනු සරුංගලයක් වගේ……………

මන් හෙමින් හෙමින් අම්මා ගාවට කිට්ටු උනේ අම්මට මොකද වෙලා තියෙන්නෙ බලන්න….

අ… අම්මී… ඇ… ඇයි ඔයා….

මන් කතා කරනවත් එක්කම අම්මි ඔලුව උස්සලා මගේ දිහා බැලුවා…

ආ…………හ්….. අම්මී……….

අම්මිගෙ මූන සුදු මැලි වෙලා… මූන විතරක් නෙවෙයි මුලු ඇගම……. මූනෙ තැනින් තැන කුනු ලේ වැක්කෙරෙනවා …

ඒ මදිවට ඒ කුනු ලේ පිරිනු තැන් වලින් පනුවො ගලනවා….

අම්මිගෙ මූනෙ ඇස් දෙකක් තිබ්බෙ නෑ.. ඒ වෙනුවට පනුවො ගහපු කලු ඉන්ගිරියාවක් තිබ්බා…

මට ඒ මූන දැක්කහම අප්පිරියාවකටත් වඩා ලොකු බයක් ඇති උනා….

හහ් ……හහ්…… හා………

අම්මී……….. මන් අම්මි නෙවෙයි යකෝ…

ගේ දෙදරන ගෑනු හඩකින් අම්මා එක්වරම කතා කලා…

අම්මා ඊට පස්සෙ කලේ මා ගවාට එන්න එන්න කිට්ටු උන එක.. මන් පිටිපස්සට යන්න යන්න එයා කලේ අත දිගෑරලා මට පහරක් එල්ල කිරීම…

ඒ පහරින් මාව බිත්තිය දිහාවට වීසි වෙලා ගියේ කර කියාගන්න දෙයක්ද නැතුව….

ජේසූ……… ආමේන්….. ආමේන්…… ආමේන්……….

මන් වැටුනු පාර අවසිහියෙන් වගේ මගේ මාලෙ තිබුන කුරුසයත් අල්ලගෙන දෙවියන් සිහි කරන්න් පටන් ගත්තා….

නවත්……ත….පා…….න්……..
න…….වත්……ත……පාන්…..
මරනවා ……. උබලව…….. මරනවා………….

ඇයි….. ඇයි අපිට කරදර කරන්නෙ… ඇයි …… අපි උබලට මොනාද කරේ…………

හහ්……හහ්……..හහ්…………හා………….

එක පාරටම අම්මා බිමට වැටුනා..
මන් දෙවියන් සිහි කිරීම පැත්තකින් තියලා අම්මා ගාවට දුවලා ගියේ අම්මට කොහොමද කියලා බලන්න….

අම්මී… අම්…මී…
මා අම්මිව හයියෙන් හොලවගෙන හොලවගෙන ගියා… ටික වෙලාවකින් අම්මිට සිහිය ආවා…

චූ…….ටි දූ………. ඔයා හො…..හොදින් නේද……

ටොක්………….. ටොක්…………… ටොක්……………….ටොක්……. ටොක්…ටොක්…

අම්මා එහෙම අහනවාත් එක්කම කවුරු හරි පඩිපෙල බහින සද්දයක් ඇහිලා අම්මායි මායි දෙන්නම ඒ පැත්ත බැලුවෙ මෙ ගෙදර අපි දෙන්නා ඇරෙන්න වෙන කවුරුත්ම නැති නිසා….

පඩි පෙලේ එක්කෙනෙක් නෙවෙයි තුන්දෙනෙක්ම හිටියා…. ඔක්කොම කෙල්ලො…

කුණු ලේ වැගිරෙන් මුහුනු තියෙන…. සිරි සිරි ගාලා පනුවො පිරුනු ඇස් තියෙන.
. ඒ …ඒ මදිමට මස් කෑලි එල්ලෙන ඇගක් තියෙන ගෑනු තුන් දෙනෙක් පඩි පෙල බැස්සා…

මගේ අත කෙලින්ම ගියේ මාලෙ තිබ්බ කුරුසයට…. මන් කුරුසය ගලවලා අතට අරගෙන ආයිමත් සැරයක දෙවියන්ව සිහි කරන්න පටන් ගත්තා…

මන් දෑස ඇර බලන කොට ඒ කවුරුවත්ම මන් ගාව හිටියෙ නෑ… අඩුම තරමෙ මගෙ අම්මාවත්…

මන් කලබලයෙන් වගේ හැම තැනම බැලුවෙ මන් මේ ඉන්නෙ කොහෙද කියලා දැන ගන්න…

මන් එවෙලෙ හිටියෙ කුස්සියක…. කුස්සියක් කිව්වට ඒක අපේ ගෙද්‍ර කුස්සියමයි… මට පිදුම හිතුනා… අපේ කුස්සිය වගේ උනත් මේක ඊට වඩා ගොඩාක් වෙනස්.. කුස්සියෙත් ජේසුගෙ රාමු කරපු ලොකු පොටෝ එකක් එල්ලලා තිබ්බා….

ෆරීඩ්………….. මන් කෑම හැදුවා උදේම… ශකිලාවත් ඇහැරෝගෙන එන්න ඉක්මන්ට…….

අයියෝ සහීරා…….. උදේම කන්න බෑනෙ…

මට ඇහුනෙ කවුරු හරි කතා කරන ශබ්දයක්.. මන් ඉක්මන්ට ගේ ඇතුලට යන ගියේ එතකොටමට එයාලගෙන් මන් මේ ඉන්නෙ කොහෙද කියලා දැන ගන්න පුලුවනෙ කියලා හිතලා…

ඒත් මන් නොහිතපු දෙයක් ඒ වෙලාවෙ මට උනේ… මන් කුස්සියට ඇතුලු වෙන දොරකඩින් යනවාත් එක්කම ඒ කතා කරපු තුන්දෙනා දුවගෙන වගේ කුස්සියටා ආවා…

එයාලා කුස්සියට ආවට මාව දැක්කෙ නෑ.. ඇත්තටම එයාලා මගෙ ඇග හරහා ඇතුලට ගියේ…

ඇත්තටම මට මේ වෙන කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා…මන් එතනම තිබ්බ බිත්තියට හේත්තු වුනා… රෙත් සිදු උනේ මන් නොහිතපු දෙයක් මාව ඒ බිත්තිය ඇතුලට ඇදිලා ගියා…

මාව ඇදිලා ගියේ තවත් එක් කාමරයකට… ඒ කාමරය පුරාවට තිබ්බෙ ජේසු ප්‍රතිමා…

එක් ලොකු ප්‍රතිමාවක් ඉස්සරහා අර ඉස්සෙල්ලා මන් දැක්ක තුන් දෙනා වාඩි වෙලා හිටියා… එයාලා හිටියේ දේව කන්නලව්වක….

මන් එ කාමරයෙන් එලියට ආවෙ පුදුමයෙන්න්… මන් එලියට ඇවිත් බලනකොට මන් හිටියෙ උඩ තට්ටුවක …

ඔව් මන් දැන් ඒ ගිය කාමරේ… මට ඒකමතකයි හොදට… ඒ…. ඒ… අපි ඉන්න ගෙදර වහලා දාලා තිබ්බ කාමරය…..

මන් ටක් ගාලා පහලට දුව ගෙන ගියේ ඇත්තටම වෙන්නෙ මොනවද කියලා යන්තම් හරි දැනගන්න පුලුවන් හෝඩුවාක් තියෙයිද බලන්න…

?1998 දෙසැම්බර් මාසය ?

මන් දැක්කෙ බිත්තියේ එල්ලලා තිබ්බ කැලන්ඩරයක්… ඒක මීට අවුරුදු 20කට කලින් එකක්… දැන් නම් මට හොදටම විශ්වාසයි මන් මේ ඉන්නෙ අතීතයේ කියලා…

ඒ එක්කම මාව ආයිමත් කොහේටද මන්දා ඇදිලා ගියා…

ගෙයි මැද නත්තල් ගහක් සරසනවා … ඒ වෙන කවුරුත් නෙමෙයි අර ඉස්සෙල්ලා මන් දැක්ක කෙල්ලො තුන් දෙනා.. ඒ අය ඒක සරසන්නෙ ලස්සනට සින්දුවකුත් කියන ගමන්……..

???????????????

සුර ගී මිහිමත රසට ගැයුණු දා

පිදුරු වළල්ලම රනින් වෙළනු දා

රජවරු සිටුවරු සිරස නැමූ දා

මෙදා එදා ඒ නත්තල් දා//

???????????????

ඔව් … ඒ මන් ආසම සිංදුව….මාත් ඔය සිංදුව නත්තල් ගහ සරසද්දි කිව්වා… ඊට පස්සෙ තමා මේ හැම දෙයක්ම පටන් ගත්තෙ….

ෆරීඩ් මේ නත්තල නම් අපි ග්‍රෑන්ඩ් සමරන්න ඕනි හොදද… අපි තුන් දෙනා හැම ආත්මෙකදිම එකට ඉපදෙන්න් කියලා මන් නම් ජේසුගෙන් ඉල්ලනවා…

ආ ඇයි ඔයා විතරක් මාත් ඉල්ලනෙ ඒකම තමයි ශකිලා……අපිට අපි විතරයි ඉන්නෙ…

එහෙම හිතන්න එපා සහිරා…. අපිට අපි ඉන්නවා… මේ විදියටකාත් කවුරුවත් නැති අය කොච්චර නම් ඇතිද මේ ලෝකෙ….ශකිලා ජේසු ඉන්නවා අපෙ පිහිටට…

හරි… එහෙනම් ෆරීඩ් මොකක්ද හිතන්නෙ කියන්න මට…

මන් ආසයි ඒ වගේ තනි උන ලමයිට පිහිට වෙන්න..අපි ඉන්නෙත් මේ ගෙදර තනියම… අනික අපි 3 දෙනාට මොකටද මෙච්චර ලොකු ගෙයක්…

ඉතින් ඔයා කියන්නෙ ෆරීඩ්…

ඔව් මන් කියන්නෙ මේ ගෙය අනාත නිවාසයකට දෙමු කියලා… ඔයාලා කැමතිනම් කියන්න.. අපිටත් ඉන්න පුලුවන්…

ශා මරු අයිඩියා එකක් නේද ශකිලා… නියමයි එතකොට අපේ පුංචි පවුල …

ලොකු පවුලක් වෙනවා… නියමයි ෆරීඩ්…
සහීරා සතුටින් උඩ පැන්නා…

ඒ කතාව ඉවර වෙනවත් එක්කම මාව ආයිමත් පාවෙලා ගියා… ඒ නත්තල් ද්වසෙ රෑ කියලයි මටනම් හිතුනෙ… මුලු ගේම සරසලා.. බල්බ් දාලා…

ජේසු… ඔබ අපේ ගැලවුම් කාරයා ස්වාමීනී…. ආමේන්…..
අපේ දිවි ඔබට යත් ස්වාමීනී … ආමේන්…

මට ඇහුනෙ ජේසු වෙනුවෙන් ඒ තුන් දෙනා යාඤ්ඤා කරනවා… එයාලා ජේසු ගැන ලොකු භක්තියකින් ඉන්න පිරිසක් .. හරියට මන් වගේමයි….

ඩග්…………. ඩග්………… ඩග්……………….

ගෙදර කවුද ඉන්නේ… ගෙදර කවුද….

ඩග්…….ඩග්………………ඩග්………….

අනේ .. අපිට පොඩිකරදරයක් උනා … උදවු කරන්න…

එක පාරටම මට ඇහුනෙ කවුරුම හරි දොරට තඩිබාන සද්දයක්…..මන් පාවෙලා පාවෙලා ගෙයින් එලියට ගියේ කවුද බලන්න…

එලියට ගියාම මට හිතුනෙ මොකක් නමුත් ලොකු කුනාටෞවක් වගේ කියලයි… හුලග හෝ ගාලා හමනවා.. මට මතක් උනේ එදා මන් රෙදි ගන්නකොට තිබ්බ හුලග….

මන් නිකමට වගේ බැලුවෙ ඒ රෙදි වැල තියෙයිද කියලා.. දෙයියනේ….
මට ඒ වෙලේ නම් ඉහ මොල රත් උනා.. ඒ රෙදි වැලේ රෝස පාට ලස්සන සාරියක් වනලා තිබ්බා… හුලගෙ සැරටද මන්දා ඒ සාරිය හුලගට ගහගෙන ඇවිත් දොර ගාව හිටපු අයගේ ඇගට වැටුනා…

මුන් දොර අරින පාටක් නෑ බන්.. මුන්ගෙ රෙදිනම් එවනවා .. අපිට එන්න කියලද දන්නෑ…

එතන හිටිය කලුම කලු මහ නසරානි පෙනුමක් තියෙන මිනිහා හින වෙවී කිව්වා.. එක මිනිහෙක්ගෙ අතේ තිබ්බෙ උල් පිහියක්… අනිත් එකාගෙ අතෙ කඩුවක්… මන් මේ වෙන්න යන්නෙ මොකක්ද කියලා කල්පනා කලේ ඒ වෙලාවයි…

එක පාරටම ගෙයි දොර ඇරියා කවුරු හරි… මන් බලනකොට එතන හිටියෙ ෆරීඩ්….

ඇයි.. ඔයාලට මොකක් හරි කරදරයක්ද…

අ.. අනේ ඔව් නෝනා… අපි මේ ගමනක් යන ගමන්.. මගදි අපේ කාර් එක හැප්පුනා…අපි මේ උදවුවක් ගන්න කෙනෙක් ඉන්නවද බලන්න ආවෙ……

යසට හිටපු අර මිනිස්සු තුන් දෙනාගෙන් එකෙක් එහෙම කියද්දි ෆරීඩ් ට කෙසේ වෙතත් මට නම් දැනුනෙ ලොකු බයක්…

ආහ්…. ඔය ඇත්තමද ….. එන්න… එන්න ඇතුලට… එලියෙ හුලගෙ සැර වැඩියි….

හරි නෝනා… බොහොම ස්තූතියි…

අරුන් තුන්දෙනා හරිම අමාරුවෙන් ඇවිදගෙන ගෙට ගියා… ගෙයි තිබ්බ සෝපා එකෙන් වාඩි වෙලා ගේ හැමතැනම බැලුවෙ හරිම වුවමනාවෙන්……..

ඔයාලා පොඩ්ඩක් ඔහොම ඉන්න මන් බොන්න මොනා හරි හදන් එන්නම්.

හ්ම්ම්…..

ෆරීඩ්…….. කවුද ඇවිත් ඉන්නෙ…

ශකිලා… සහීරා .. පහලට එන්න් පොඩ්ඩක්…

අරුන් තුන් දෙනා ඒ කෙල්ලන්ගෙ දිහා බලන් හිටියෙ හරියට කවදාවත්ම කෙල්ලෙක්ව දැකලම නෑ වගේ… මට දැනුනෙ උන් ගැන මගා පිලිකුලක්….

කවුද ෆරීඩ් මේ…

මෙයාලා මේ….

අපි නෝනෙ මේ ගමනක් යන ගමන් .. මගදි කාර් එක කැඩුනා…

ඒක කියනවත් එක්කම අර කලු තඩි මිනිහා ඌට කකුලෙන් ඇන්නා.. නෑ.. නෑ.. නෝනා කාර් එක හැප්පුනා මගදි…

අහ්.. එමද……

පොඩ්ඩක් ඉන්න අපි බොන්න මොනා හරි හදන් එන්නම්… ෆරීඩ් ශකිලා එක්ක කුස්සියට ගියා… ඒත් සහිරා විතරක් ආයිමත් උඩ තට්ටුවට ගියේ මොනවා හරි එන්න….

සහිරා ගියාට පස්සෙ අරුන් තුන්දෙනාගෙන් එකෙක් හෙමින් සැරේ පඩි පෙල නැගලා ඉඩට යනවා මන් දැක්කා.. මාත් ඒ පිටිපස්සෙන්ම පාවීගෙන ගියා… ඒත් ඌ ගියේ සහීරා ගිය කාමරේට… සහීරා හිටියෙ ඇදුම් මාරු කරනගමන්… එක පාරටම දොර ඇරෙන් සද්දෙ ඇහිලා සහිරා බැලුවෙ ගැස්සිලා …

ආ…… හ්…

ත… තමුසෙ මොනාද මේ කාමරේ කරන්නෙ පලයන් යන්න් එලියට…

ඒත් ඌ ඒ කිසිම දෙයක් ඇහුන්නෑ වගේ සහිඋරා ඉන්න පැත්තට ගියා… සහීරා හයියෙන් කෑ ගැහුවා… ඒත් ඒ සද්දෙ කාටවත් ඇහුන්නෑ කියලයි මට හිතුනෙ…

මන් පහලගියේ අරුන් දෙන්නා මොනාද කරන්නෙ බලන්න…

අනේ දෙවියනයි… ..

ඒත්මන් දැක්කෙ මන් කවදාවත්ම හිතපු නැති දෙයක් … අරුන් දෙන්නා ෆරීඩ්වයි .., ශකිලවයි බිම පෙරලගෙන දස වද දෙනවා… උන් දෙන්නගෙ අතින් ෆරීඩ්වයි ශකිලවයි එන්න එන්නම නිරුවත් වුනා…

ඒ විදින වද වේදනාවන් බලන් ඉන්නබැරිම තැන මන් ආවෙ සහීරව බලන්න… එයාට වෙලා තිබ්බෙ ඒ දේමයි…

මට කරදර කරන්න එපා කියලා වැද වැටුනත් ඒ නසරානියන්ගෙ හිත් ඒ වචන වලට තෙමුන්නෑ…

ටික වෙලාවකින් මට ඇහුනෙ විලාප දෙන හඩවල් තුනක්… ඒත් ඒ අය තවමත් කතා කලේ ජේසුට…

එයාලව බේර ගන්න… ඒත් එයාලා වෙනුවෙන් එදා ජේසු ආවෙ නෑ… අන්තිම් හුස්ම හෙලද්දි ජේසුගෙ පරම භක්තිකයින් ජේසුට ශාප කරන්න පටන් ගත්තා ..

ජේසු… අපිව බේර ගත්තෙ නැත්තෙ ඇයි ජේසු අපි ඔයාට කලේ මොන වරදක්ද….

හහ්….හ්හ්හ්…..හා…..
උබලගෙ මහලොකු වීරයා ජේසු එන්නෑ යකෝ උබලව බේර ගන්න…

අපි හිතුවෙ ඔයා අපිව හැමදාම ආරක්ශා කලා කියල.. ඒත් වැරදියි අපි… ඔයා අපිට කලේ ලොකූ බොරුවක්.. ජේසූ…

වෛර කරනවා අපි උබට…. වෛර කරනවා… බුර බුරා නැගෙන කේන්තියේ ගිනිදලුද එකට එකතු කර එ තුන්දෙනාම එක හඩින් කැ ගැහුවෙ එයාලගෙ අවසන් හුස්ම හෙලීමට මොහොතකට පෙරයි….

කලුවා ඕකි ඉවරයිද බන්…

හරි බන්.. මුන්ට මොකක්ද බන් කරන්නෙ අපි…

මොනා කරන්නද බන් … මුන් ගැන හොයන්න කවුරුත් නෑ.. ඔය උඩ තියෙන කාමරයට දාලා ගිනි තියලා දාමු…

හරි බන් ඉක්මන් කරහල්ලා… මුන් දෙන්නවත් අරන් යමු…

ඒ පවුකාරයන් තුන් දෙනා අර අහිංසක කෙල්ලො තුන් දෙනාව ජේසුට කන්නලව් කරපු කාමරේට දාලා ගිනි තියලා දැම්මෙ අමනුස්සයෝ විදියට…

ඒත් මට එයාලව බේර ගන්න බැරි උනා ඒ වෙලාවෙ…

මාව ආයිමත් පාවෙලා ඇදිලා ගියා… මාව නැවතුනේ ඇත්තටම ලොකු මන්දිරයක් වගේ තැනක….

ටික වෙලාවකින් එතනට ආවෙ කලු පාට කාර් එකක්… ඒ කාර් එකෙන් බැස්සෙ අර නසරානියෝ තුන් දෙනා…

එයාලා අර මන්දිරය ඇතුලට ගියේ හිනා වෙවී….

එයාලා යනකොටම ඉස්සරහට ආවෙ රාජකීය පරම්පරාවක ඇදුම් ආයිත්තම් වලින් සැරසුනු කාන්තාවක්…

ගිය වැඩේ කොහොමද මොහොමඩ්…….

ආයි මොනාද මැඩම් … දුන්නා වැඩේ නියමෙට… කෝ බොසා…

ආන් ඉන්නවා ඇතුලේ තාමත් අර තිසේරා ගැන කියවනවා…

එයාට ඕනි උනේ ඔය ගේනෙ මොහොමඩ්… මිනිහා ඕකට පුස්සු වැටිලා .. හරි පාලු පැත්තනෙ… යස අගේට කෙල්ලො එක්ක ඉන්න් පුලුවන්නෙ ..

පුතා මගෙන් ඉල්ලුවෙත් ඔච්චරයි… ඒත් ඉතින් කිව්වෙ කොහොමද මටයි මගෙ තිසේරටයි ඉන්න ඔය ගේ මට අරන් ඕනි…..

අන්න එහෙමනේ…

හහ්…..හහ්…..හහ්…..හා..

බේබිට ඒකි ගැලපෙන්නෑ මැඩම්…

ඒකනේ .. මාත් කිව්වෙ දැන් මේ තියෙන සැප සම්පත් දිහා බලලා සතුටු වෙන්න කියලා…

අනික මේ රටේ ලෝකෙ වෙන කෙල්ලො නැද්ද…දුප්පත් කෙල්ලෙක්ව අල්ල ගන්නකොටම අපි කිව්වනෙ ඕක සෙල්ලමට විතරයි කියලා.. මෙයා මොකක්ද මේ ඒ ගෑනි ගාවම ලගින්න යනවා…

ම්න්න් ඒ වෙලාවෙ ගෙට ගියේ ඒ කිව්ව කෙනා කවුද බලන්න…

ඒ මිනිහා හිටොයෙ පොටෝ එකක් අතේ තියා ගෙන ඒ දිහා බලන්… මන් ඒ මූන දිහා බලනකොට මට දැනුනෙ ලොකු අමුත්තක්…මන් ටක් ගාලා බැලුවෙ ඒ අතේ තියන පින්තූරය දිහා….

දෙ ……… දෙයියනේ…..
අම්මා.. ඔව් ඒ මගේ අම්මා තමයි…

එතකොට මේ… මේ ඉන්නෙ මගෙ තාත්තද… අනේ මගෙ තාත්තෙ… ඔයා.. ඔයා එතකොට අම්මිවයි මාවයි දාලා ආවෙ කැමැත්තෙන් නෙවෙයිද…

යන් … යන් තාත්තෙ.. අපි යන්………
මන් එහෙම කියලා තාත්තාගාවට යනකොටම ආයිමත් සැරයක් කාමරයට ආවෙ අර එලියෙ හිටිය ගෑනි…

පුතා … ඔන්න දැන් සේරම හරියයි… මන් පුතාට ගැලපෙන කෙනාව ගෙනාවා… හොදයොද බලන්නකෝ ඒනම් හරි යන්නැත්තන් හෙට වෙන කෙනෙක්ව බලමු…

එහෙම කියලා ඒ ගෑනි කාමරයටඑක්කගෙන ආවෙ ඇගෙන් තුන්කාලක්වත් වැහෙන් නැති ඇදුවක් ඇදගත්මහා විකාර ගෑනු කෙනෙක්ව….

මෙච්චර වෙලා මගෙ අම්මිගෙ පොටෝ එක දිහා බලන් හිටිය මගේ තාත්තා ඒ පොටෝ එක පැත්තකට වීසි කරලා අර ගෑනි දිහ බලන් හිටියෙ මහා පෙරේත් බැල්මකින්…

තව මොහොතකින් මෙතන වෙන දේ ඉවෙන් වගේ දැන ගත්තමන් එතනින් එලියට ආවෙ මගෙ තාත්ති ගැන ලොකු පිලිකුලකින්… පවු දෙයියනයි මගෙ අම්මා…..

තාත්තා හින්දා ජීවිත කීයක්නම් විනාශ වුනාද………………………මගෙ අම්මා… ෆරීඩ් … ශකිලා… සහීරා…

මන් ඒ ගැන හිතනවත් එක්කම මාව ආයිමත් වේගෙන් පාවෙලා ගියා.. ආයිමත් සැරයක් මන් ආවෙ මන් ඉන්න ගෙදරටමයි………

චූටි………………. චූටි……… කතා කරන්න ලමයෝ…………

ආ… ඇයි ඇඉ අම්මි… … මොකෝ මේ බය වෙලා………………….

ඇයි ලමයො ඔයා මෙච්චර වෙලා කත නොකලේ.. මන් කොච්චර නම් බය උනාද…

අම්මා මගේ මූන අතගගා අඩන්න පටන් ගත්තා.. මන් එවෙලෙ බැලුවෙ..

උඩ වහලා තියෙන කාමරය දිහා… තාමත් අර ගෑනු තුන් දෙනා පඩි පෙල බහිනවා…

හැබැයි දැන් එයාලා ඉස්සෙල්ලට වඩා වෙනස්… ඉස්සෙල්ලා තිබ්බ ලේ පිරුනු මූන වලට වඩා දැන් තියෙන මූනු වෙනස්…

එතකොටයි මන් අදුන ගත්තෙ ඒ ඉන්නෙ ෆරීඩ්..,ශකිලා, සහීරා කියලා..

මට නම් දැන් එයාලව දැක්කහම ඇති උනෙ බයක් නෙවෙයි කණගාටුවක්…

චූටි.. දූ………… එන්න අපි යමු මෙහෙන්…

අම්මා මගේඅතින් ඇද ගෙන යන්න හදද්දී මන් මෙච්චර වෙලා මන් දැකපු හැමදේම මගෙ අම්මට මන් කිව්වා…

අම්මා ඒක අහන් හිටියෙ කටත් ඇරගෙන… ඒත් මන්තාත්ති ගැන කියන කොට අම්මිගෙ ඇස වල කදුලු පිරෙනවා මන් දැක්කා…

අම්මී…. ඔයා දුක් වෙන්න එපා අම්මි.. මට තාත්ති ඕන්නෑ… මට ඔයා ඉන්නවනෙ අම්මි…

නැ දූ ඔයා දැන් ලොකු ලමයෙක්… ඔයත් මේවා දැනගන්න ඕනි…

ඔයාගෙ තාත්ති ගැන මන් හැමදේම දැනගන්නකොට ඔයා මෆෙ බඩට ඇවිත් ඉවරයි පුතේ…

එයාට මන් ඔයා ගැන කියනකොට එයා මට සල්ලි දික්කලා… ඔයාව නැති කරන්න.. එයා මොනවා කිව්වත් මන් ඔයාව තනියම හරි හදා ගන්නවා කියලා තීරණයක් අරන් තිබ්බෙ…

මන් මගෙ ජීවිතය නැති කර ගන හදපු අවස්තා ගොඩාක් තිබ්බා… ඒ හැම වෙලාවෙම මට ශක්තියක් වුනේ ජේසු… ජේසුගෙ පිහිටින් ඔයයි මායි දෙන්නම අද ඉන්නෙ සතුටින්……….

ජේසු…..
නෑ…. එයා බොරුවක්……. ජේසු ඉන්නවනම් අපිට අද් මෙහෙම වෙන්නෑ….

ෆරීඩ් අපි ගාවට ඇවිත් එක පාරටම කෑ ගහන්න පටන් ගත්තා .. එයාගෙ ඇස ගින්දර වගේ දිලිසෙනවා…

ඔව්… ජේසු කියන්නෙ බොරුවක් … උබලා ඔක්කොම ඒ බොරුවට රැවටිලා… ජේසු බොරුවක්………..

ඒ තුන්දෙනාම ගේ දෙවනක් වෙනකන් කෑ ගහන්න පටන් ගත්තෙ අර බිහිසුනු රූප වලට ආයිමත් හැරෙමින්.

නෑ……………… ජෙසු කියන්නෙ ඇත්තක්……

මට නොදැනිම මගේ කටින් ඒ වචනෙ පිට උනා…
ඒ තුන් දෙනා මගේ දිහා බැලුවෙ ගිනි පිටවෙන ඇස් වලින්… ඒත් මන් ආයිමත් කතා කරන්න පටන් ගත්තා.. එවෙලෙ මට මහ අමුතුම ශක්තියක් දැනෙන්න ගත්තා…

මන් කියන දේ අහන්න ඔයාලා.. ඔයාලට අයුක්තියක් අසාධාරනයක් වෙන්න ඇති… ඒත් ඔයාලා දෙව භක්තිකයො නේද…

නෑ… නෑ… අපි දේව භක්තිකයෝ නෙමෙයි….

නැත්තෙ මොකද … අර උඩ කාමරේ ඔයාලා දෙවියන්න යාඤ්ඤා කලා නේද… මේ සාලෙ මැද නත්තල් දවසෙ ලස්සනට නත්තල් ගහා සැරසුවා නෙද…. තව.. තව.. ෆරීඩ් ඔයා මේ ගෙය ආනාත ලමයිනට දෙමු කිව්වා නේද…

ඔව්……..ඔව්………. ඔව්………..
ෆරීඩ් කෑ ගැහුවෙ දැඩි වේදනාත්මක හඩකින්…….

ඒ හැමදේම කරලත් දෙවියො අපිව බේරගන්න ආවෙ නෑ…

නෑ… දෙවියො ආවා… ඔයාලයි එයාව අවිශ්වාස කලේ…. ඔයාලයි එයාට ශාප කලේ… ඔයාලයි හිතේ වෛරය පුරව ගත්තෙ …….. හිතන්න හොදට හිතන්න…

ඒ සැරේ ඒ තුන්දෙනාම නිහඩ වෙලා මගේ දිහා බලන් හිටියා…

ඔයාලා අන්තිම මොහොතෙ දෙවියන්ට වෛර කලා.., ශාප කලා… ඒකයි අද ඔයාලා ඔහොම භූත ආත්ම තුනක් වෙලා ඉන්නෙ…. ඔයාල දෙවියන්ව විශ්වාස කරන්න…

එයාලට ආදරය කරන්න. … ඉස්සෙල්ලා වගේම… එතකොට හොද ආත්මයක් ලැබෙයි… ඔයාලට සැනසීම ලැබෙයි…

ඉහි…… ඉහි…….ඉහි……

අපි මහා පවු කාරියෝ……..
ඔයා කියන්නෙ ඇත්ත… අපි දෙවියනට වෛර කලා… ශාප කලා .. අවිස්ග්වාස කලා… ඒත් මේ මොහොතෙ ඉදන් අපි දෙවියන්ට ආදරය කරනවා…විශ්වාස කරනවා…

ඒත් ඔයා අපි වෙනුවෙන් එක දෙයක් කරන්න….

මොකක්ද මන් කරන්න ඕනි…. ඔයාලා වෙනුවෙන් කරන්න ඕනි හැම දේම මන් කරනවා…

මේ ගේ අනාත නිවාසයකට දෙන්න… ඔයාලත් මේ ගෙදර ඉන්න… මෙහෙට එන ලමයින්ව ගොඩාක් සතුටින් තියන්න…

ජේසු… අන්න එයාමත මන් දිව්‍රනවා ෆරීඩ් .. සහීරා .. ශකිලා.. මන් ඔයලගෙ ඒ ආසාව ඉටු කරනවා…

ජේසු අපි ඔයාය නය ගැතියි ජේසු……
ආමේන්……………..ආමේන්……..ආමේන්….
ඒ එක්කම එයාලා තුන් දෙනා අතුරුදහන් වෙලා ගියා…

අම්මියි මායි… එදා රෑ නත්තල සැමරුවෙ හරිම සතුටින්……………..

••••••වසර 7කට පසු••••••

දැන් අපි හිටිය ගෙදර අනාත නිවාසයක්… අම්මියි මායි ඉන්නෙත් ඒ ගෙදරමයි… අම්මි පැන්ෂන් ගිහින්…අනාත නිවාසෙ ලමයින්ගෙ පාලිකාව මගෙ අම්මා…

ලමයි… මෙහෙ එන්න…..

හරි …. දැන් ඔයාලා මේ පුන්චි නත්තල් ගහ ලස්සනට සමරන්න ඕනි හරිද…

හරි අම්මේ… අපි හදන්නම්…….
ඒ ලමයි හැමෝම හිටියෙ ගොඩක් සතුටින්… ලමයි 25කට හිටියෙමගෙ අම්මා විතරයි..

කියන්න බැරි වුනානෙ .. මන් දැන් අම්මා කෙනෙක් වෙන්න යන්නෙ.. මගේ මහත්තයා රාහුල්…. එයාව හම්බුනෙත් හරි ලස්සනට මට…

ආහ් අම්මි… මට… අ.. මාරුයි…

රාහුල්…… දුවට ලමයා හම්බෙන්න වගේ … එන්න ඉක්මන්ට…

රාහුල් මාවත් අරන් හොස්පිටල් එකට ආවා… අම්මත් ඒ එක්කම ආවා…

~~~~~ටික වෙලාවකට පසු~~~~~

ඉහි………..ඉහි………….ඉහි…………..

ඉහි………..ඉහි………….ඉහි…………..

ඉහි………..ඉහි………….ඉහි…………..

ඩොක්ටර් කොහොමද මගෙ වයිෆ්ට…

බය වෙන්න එපා රාහුල් .. වයිෆ් ඉන්නවා හොදින්… ඔයාට මගෙන් සුභ පැතිම් රාහුල්………. ඔයා දැන් ගෑනු ලමයි තුන් දෙනෙක්ගෙම තාත්තා කෙනෙක්….

වට්……. ඕහ් .. නෝ…
වා…..ව් .. මට හිතා ගන්නවත් බෑ ඩොක්ටර්….

ඔව් … මාත් දැන් තුන් නිවුන්නු ඉන්න අම්මා කෙනෙක්… තුන් දෙනාම ගෑනු ලමයි…

මන් එයාලට නම් තිබ්බෙ ෆරීඩ්.., ශකිලා, සහීරා කියලා…

මොකද මගෙ හදවත කියන්නෙම මේ එයාලා කියලයි.. එයාලා මගෙ ලමයි විදියටමගෙ කුසට ඇවිත් කියලයි… එයාලත් ප්‍රාර්තනා ක්ලේ හැමදාමත එකට ඉන්න…

ජේසු………. ඔයාට මන් නය ගැතියි ජේසු… අපෙ පවුලට මේ සතුටගෙනාවට ජේසු… හැමදාමත් අපුව ඔයාට බාරයි ජේසු………

ආමේන්…………. ආමේන්…………… ආමේන්………………………………………

.………………………………………………………………………

කතාව කියවලා එපා උනාද නම් දන්නෙ නෑ… කතාව ගැන හිතෙන දේ කියන්න මට….

?️?️ලබන්නා වූ නත්තලා සුභම සුභ නත්තලක් වේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම…?️?️

?kanchana?

12 thoughts on “?ශාප ලත් සීත නත්තල?|හොල්මන් කතා|කතා අහුර රචක|”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.