Katha Ahura

නොපැතූ සෙනෙහෙ | තිස්එක්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️

~තිස්එක්වන දිගහැරුම~

මාසයක් විතර ගෙවිලා ගියේ විශේෂ දෙයක් සිදු නොවී..

දේව් කලින් වගේම තමා.. කලින් වෙච්ච කිසි දෙයක් මතක නෑ.. මාත් එක්ක කතාවකුත් නෑ..

අනික එයා දැන් පංති එන්නෙත් නැති නිසා හරිම පාලුයි.. මටත් එයා නැතුව පංති යන්න හිතෙන්නෙම නෑ..

ඒත් බෑ කියලා බෑනේ.. මං පංති නොගිහින් හියටියාමා ගෙදරට මොනා කියන්නද..

ගෙදරට වෙලා ඉන්නත් කම්මැලී.. දැන් දේව් fb වත් එන්නෙ නෑනේ..

ඔහොම කල්පනා කර කර ඉද්දි මගේ මොලේට ආවේ හොද අයිඩියාවක්.. දේව් මාත් එක්ක කතා නොකලට msg කරයිනේ.. අනික එයත් එක්ක මං fb එකෙන් chat පාරක් දැම්මනම් පරණදේවලුත් මතක් වෙයි..

මේ වැඩේ ඉතිං කරෝගන්න වෙන්නෙම දේව්ගෙ යාලුවෙක්ට කියලා තමා.. එයාලගේ number එකක්වත් නෑනේ මං ලග..

අහ්… මගේ අතිජාති මිත්‍රයා මට ඒ වැඩේ කරලා දෙයි.. මේ නම් යන්නේ මගේ හොද කාලෙද කොහෙද.. දෙවියොන්ට දැන් හරි මාව මතක් උනානම් ලොකු දෙයක්..

“අනේ මිනුවෝ.. උදවුවක් ඕනි..”

“මොකද්ද වස්තූ.. ඔයාට මං නොකරන උදවු තියෙනවද..”

“දේව්ගෙ යාලුවෙගෙ numbers තියෙනවා නේද ඔයා ලග..”

“ඔව්.. මොකද්දි කරන්න ඕනි?”

“ඒ යාලුවෙක්ට කියලා දේව්ට කියන්න කියලා කියන්නකො fb එන්න කියලා.. එයා fb ඇවිල්ලම නෑ… එයා මාත් එක්ක කතා කරන්නෙත් නෑනේ.. fb ආවොත් chat කරන්නවත් පුලුවන්නෙ..”

“හරි කෙල්ලේ.. මං කියන්න කියලා කියන්නම්…”

******************************

දේව්ව පොඩ්ඩක් relax කරන්නත් එක්ක එයාගෙ අති ජාත මිත්‍රයෝ ටික picnic එකක් යන්නයි ලෑස්තිය..

මට මේ තියෙන ප්‍රශ්න වල හැටියට ඕවට යන්න බෑනේ.. එහෙමයි කියලා දේව් එක්ක ඉන්න තියෙන්ස් chance එක නැති කරගන්නත් බෑනේ..

ඒක නිසා මාත් යන්න තීරණය කලා.. අනික මිනූ යන් කියලා මැරුන්නැති එක විතරයි.. මොනා උනත මගේ හැම උදවුවකටම ඉන්න එකානේ.. ඉතිං කොහොමද බෑ කියන්නෙ..

මිනූ කොහොමහරි ගෙදරිනුත් permission අරන් දෙන්නම් කිවුවා.. එහෙම එකේ මං මොකටද වද වෙන්නේ.. මට තියෙන්නේ යන්න විතරයි.. හි.. හි..

කට්ටිය ප්ලෑන් කරලා තිබ්බේ නුවලඑලියෙ යන්න.. මටනම් කොහේ ගියත් එකයි.. දේව් ඉන්නවනේ.. මට ඒ ඇති..

මොනා උනත් තාම ගෙදරින් permission දුන්නෙ නෑනේ.. මිනූ call කලෙත් නෑනේ.. msg එකක්වත් දාලා බලන්න ඕනී..

“Ko ane.. oya thm gedrt cll krl permission aran dunne nane mt.. ohom late unoth mt enn wen ekk na hode..”

“Hitapan hitapan yaku.. mm gant wade krnnm.. uba kalabal wenn epa.. ok..”

“Hako..”

“Klin ubat ynn ba qwa.. dan hadissiye thiyenbe mata newei ubatane..”

“Ehem deyak na sudu.. oya gan hithl mn ehem qwe..”

“Ow ow.. ane me.. palayan bn ynn.. mn nodnnawe ubage hati..”

“Hari hari.. dan eken wadak na… ikmnt cll krnn.. thawa dawas kiyad thiyenne..”

‘”Hari hari.. uba idapanko.. mn elakiri wge wade dennmko..”

“Cll krn klin mt kiynn hodee..”

“Okkk..”

කරන්න දේකුත් නැති නිසා මං ඇදට ආවේ ටිකක් හාන්සිවෙන්න හිතාගෙන..

කොහේ නිදියන්නද.. හිත ගිහින් නවතින්නේ දේව් ලගනේ..

ඒ වගේම එදා doctor කියපු කතාව මගෙ කන් දෙක ඇතුලෙ දෝංකාර දෙනවා වගේ..

එදා මං දේව්ට කැමති කියලා කිවුවනම් මේ කිසිදෙයක් නොවෙන්න තිබ්බා.. එහෙනම් එයා අද මාත් එක්ක කතා කරනවනේ..

මං ඒ කරපු දෙයින් කී දෙනෙක්නම් විදෙවුවද.. මෙහෙම වෙයි කියලා දැනන් හිටියනම් කවදාවත් එහෙම වෙන්න දෙන්නෙ නෑ..

මගේ මෝඩකම නිසායි ඔක්කොම.. ඒ වෙනුවෙන් මට දැන් හොද දඩුවමක් ලැබිලා තියෙන්නේ..

එයා අනිත් හැමෝම එක්ක හිනාවෙලා කතා කරද්දි මාත් එක්ක මූණ බලලා හිනාවෙන්නෙවත් නෑ… කතා කරන්නෙවත් නෑ..

ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා අඩන්න තරම් හිතයි.. තමන් ආදරේ කරන කෙනා අනිත් අයත් එක්ක කතා කරද්දි,තමන්ට වෙනස්කම් කරද්දි කටද දුක නැත්තේ..

ආදරෙයි කියලා කියන්නත් කලින් මට උනේ ඒ ආදරේ අහිමිවෙන එක.. මගේ කම්මුල දිගේ කදුලු කැට වැටෙන්නෙ මටත් නොදැනීමයි..

Room එකේ දොරත් ලොක් කරලා ඇදට පැනලා කොට්ටෙන් මූණ වහගෙන මං ඇති වෙනකම් ඇඩුවා.. කොච්චර වෙලා ඇඩුවද කියන්න මං වත් දන්නෙ නෑ..

මගේ හිතේ තියෙන මේ ගින්දර නැති කරන්න පුලුවන් දේව්ටම විතරයි… එයා මාත් එක්ක වචනයක් හරි හිනාවෙලා කතා කරනවනම් මේ උහුලන ගින්දර ටිකක් හරි අඩුවෙයිනේ..

ඇයි පැටියෝ ඔයාට මේ මාවම අමතක උනේ.. ඔයා මට ආදරෙයි කිවුවා නේද.. එදා ආදරෙ වෙනුවෙන් සතුටු උන මං අද විදෝනවා..

තවත් මේ හිතේ තියෙන ගින්දර දරා ගන්න බෑ.. දවසින් දවස මාව පිච්චෙනවා.. ඉක්මනට මගෙ ලගට එන්න පණ..

#තව කෙකු රිදවීමට
ආදරය අවියක් කරගන්නා
බොහෝ මිනිසුන් අතරේ..

තව කෙකුට ජීවය ලබා දීමට
ආදරය පුද කරන මිනිසුන්ද
ඇත..

ආදරය විදින අය අතරේ
ආදරය විදවන අයද සිටී..

ආදරය කරන්න
ආදරේ වටිනාකම දන්න අයෙකුට#

❤️❤️❤️

ඊළග කොටසින් හමුවෙමු..

5 thoughts on “නොපැතූ සෙනෙහෙ | තිස්එක්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. Priyadarshani

    දේව් ගෙ ඔලුවට පොල්ලක් අරගෙන හොද පාරක් දුන්න නම් තෙනූ ව මතක් වෙයි ???…ඇයි අනේ ආදරේ කරන කෙනාව අමතක කරල ඉන්න පුලුවන්ද ඔහොම පවු තෙනූ ???
    Picnic එක ගියාට පස්සේ දේව් ට තෙනූ ව මතක් වෙයි නේද ???????
    කතාව නියමායි ???????
    Good luck…????

    1. Thakshi Deepali Jayasuriya

      අන්න හරි පොල්ලකින් එකක් දුන්නනම් අමතක ඔක්කොම මතක් වෙයි..???. දේව් රඟපානවද මංදා….තෙනූ පවු…ඉක්මනට දෙන්නව එකතු කරන්න..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.