Katha Ahura

මරණයේ දියකදක් | 09 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

මරණයේ දියකදක් ? 09 කොටස

“මම අනිල් ,, ඒක තමා මගේ ජීවත් වෙල හිටපු කාලේ නම. මැරෙනකොට මට යන්තම් අවුරුදු විසි එකක් විතරයි. මගේ තාත්තා කට්ටඩියෙක්. එයාට අරුම පුදුම දේවල් කරන්ඩ පුලුවන්. කොඩිවින යවන්ඩ , පිල්ලි යවන්ඩ ,, විතරක් නෙමේ මළගිය අය ගෙන්වල ඒ අයත් එක්ක කතා කරන්ඩත් පුලුවන්. මැරුනට පස්සෙ තාත්තත් එක්ක මම කතාකරන්ඩත් යනවා. මට පුලුවන් වෙයි තාත්තට කියලා ඔය දෙන්නට උදව්කරන්ඩ කියලා කියනඩ”

“ඒත් ,ඔච්චර දක්ශ කට්ටඩියෙක්නම් ඇයි එයාට ඔයාව මැරෙන්ඩ නොදී බේර ගන්ඩ බැරි වුනේ.”

අනිල්ගේ ආත්මය කියපු දේ අසා පාලිතගේ ආත්මය ඇහුවා.

“ඒක දිගම දිග කතාවක් , මට මැරෙන්ඩ වුනෙත් අපේ තාත්ත කරපු ගුරුකමක් වැරදිලා.,කවදාවත් එහෙම ගුරුකමක් තාත්තට වැරදෙන්නේ නෑ. ඒත් මගේ අවාසනාවය එදා එහෙම දෙයක් වුනා. මොනව කෙරුවත් මම ඒ ආත්මේ ගෙනාපු ආයුශ ඉවර වෙන්ඩ ඇති., කොච්චර හොද කට්ටඩියෙක් වුනත් මගේ මරණයත් එක්ක තාත්තා සෑහෙන්ඩ මානසිකව වැටුනා. මම මැරුනත් මම කියන දෙයක් තාත්තා අහක දාන්නෙ නැති වෙයි.”

“එහෙනම් අපි දෙන්නව ඔයාගේ තාත්තා ලගට එක්ක යන්ඩකෝ”#

නිලාගෙ ආත්මය ඉල්ලුවා.

“හරි මම එක්ක යන්නම් එන්ඩ මම පිටිපස්සෙන්, අද සෙනසුරාද හින්ද තාත්තා මලවුන් එක්ක කතා කරන දවසක්”

අනිල්ගේ ආත්මය ඈතට පාවෙලා ගියා ඒක කියලා. නිලාගෙයි පාලිතගෙයි ආත්මත් ගියා ඒ පිටුපසින්.

අනිල්ගේ ආත්මය නිලාගෙයි පාලිතගෙයි ආත්ම දෙක එක්කගෙන ගියා ජිවත්වෙලා ඉන්න කාලේ අනිල් හිටපු ගේ ලගට. ගේ ඉස්සරහා තිබුනා දේවාලයක්. එය අසලම විශාල නුග ගහකුත් තිබුනා. නුග ගහේ අතු ඉති දැක්කම පාලිතගෙයි නිලාගෙයි ආත්ම වලට දැනුනේ හිතාගන්ඩවත් බැරි පුදුමයක්. අතු ඉති වසාගෙන ඒ මත හිටියේ ගනන් කරන්ඩත් බැරි තරමට මැරුණු අයගේ ආත්ම.

දේවාලය ලග හිටියා දහ දොලොස් දෙනෙක් විතර කාන්තාවන් කීප දෙනෙකුයි, පිරිම් කිප දෙනෙකුයි. ඒ අය ඇවිල්ල හිටියේ අන්ල්ගේ පියා ලවා මලවුන් ගෙන්වල කතා කරන්ඩ.

අන්ල්ගෙ ආත්මයට පියා සමග කතාකරන්ඩ පුලුවන් වුනෙ රෑ නමයත් පහුවුනාට පස්සේ. ඒ ආපු සෙනග යන්කම්ම ඉන්ඩ උන නිසා.

“තාත්ත ඔය දෙන්නට කතා කරනවා, මම ගොඩක් වෙලා ඉල්ලපු හින්ද ඔය දෙන්නට උදව් ##කරන්ඩ තාත්තා කැමති උනා, යන්ඩ ගිහින් තාත්තට කියන්ඩ ඔයාලට උන දේයි,, ඊලගට කරන්ඩ ඕනේ මොනවාදයි කියලා.”

අනිල්ගේ ආත්මය කිව්වේ දේවාලෙන් පිටත් ඇවිත් නිලාගෙයි පාලිතගෙයි ආත්ම දෙකට. දේවාලේ ඇතුලට එහෙම ලේසියෙන් ආත්ම වලට යන්ඩ බෑ. ඊට අනිල්ගේ පියාගේ අවඩරය ඕනා.

ඒ අවසරයෙන් නිලාගේ ආත්මයයි පාලිතගේ ආත්මයයි දේවාලය ඇතුලය ගියා.

දේවාලේ ඇතුලේ තිබුනේ අඩි හතරක් තරම් විශාල ගම්බාර සිද්ද සූනීයම් දෙවියන්ගේ පිලිරුවක්. අවුරුදු හැට කිට්ටු කරපු පුද්ගලයෙක් ඒ අසල හිටියා. ඒ අනිල්ගේ පියා. අර මලවුන් සමග කතා කරන පුද්ගලයා. ඔහු හිටියේ කපුරාල කෙනෙක් විදිහට ඇදගෙන.

“මට කිව්වා ,, මගේ පුතා උබල දෙන්නට වුන වින්නැහිය ගැන.,, උබල දෙන්නට දැන් ඕන් ඒ උබල දෙන්නට එහෙම දෙයක් කරපු ඒ මිනිමරුවන්ගෙන් පලිගන්ඩනේ.”

අනිල්ගේ පියා ඇසුවේ නිලයි පාලිතයි දෙන්නාගේ ආත්ම සිටින පැත්ත බලාගෙන.

“ඔව් ඔව්,, අපිට ඕන ඒ දේ කරන්ඩ තමා ,, අපිට කොහොම හරි උන්ගෙන් පලිගන්ඩ ඕනා.”

පාලිතගේ ආත්මය කිව්වා.###

“ඒත් ඒක කරන්නෙ කොහොමද , මෙහෙම් පාවී පාවී ඉදලනම් ඒක කරන්ඩ අපිට බෑ,, බැයිද අපි දෙන්නට උන්ට පේන්ඩ ,, උන්ට කරදර කරන්ඩ පුලුවන් විදිහේ ඇගක් නිර්මාණය කර ගන්ඩ”

නිලාගේ ආත්මය එහෙම කිව්වම අනිල්ගේ පිය මදක් කල්පන කෙරුවා.

“පුලුවන් ,, ඒත් ඒකට දෙයක් ඕන වෙනවා.”

” ඒ මොනවද “

පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙක ඇහුවේ එකවර.

“උබල දෙන්නගේ හිස් කබල් දෙක”

“හිස් කබල් දෙක “

“හ්ම්ම්ම් හිස් කබල් දෙක,, ඒ දෙක ගොඩ අරගෙන සද අවපස කාලයේ ඒ හිස් කබල් දෙක ට මැදියම රැය බලලා පුරා දින හතක් බලගතු මන්තරයකින් මතුරන්ඩ ඕනා….දින හත ඉවර වුනාම උබලගේ ආත්ම දෙකට මිනිස්සුන්ට් පේන මිනිස්සුන්ට කරදර කරන්ඩ පුලුවන් විදිහෙ ශරීරයක් නිර්මානය වෙයි. හැබයි ඉර එලිය වැටෙන දහවල් කාලේදි උබල දෙන්නට ඒ තත්වෙට පත්වෙන්ඩ බෑ. ඉර බැහැල ගිය මැදියම් රාත්රියේදී තමයි උබල වැඩිපුරම බලසම්පන්න වෙන්නේ… ඒ මැදියම් රැයේදී මහ වැස්සක් එහෙම ඇද හැලුනොත් ඒ බලවත් බව දෙගුන තෙගුන වෙනවා…තේරුනාද”

“තේරුනා අපිට.”

අනිල්ගේ පියා කියූ දේ අසා අවසානේ පාලිතගේ ####ආත්මය කිව්වා.

“හැබයි එකක් උබල දෙන්න පලි ගන්ඩ හිතන් ඉන්න අයගෙන පිට කිසිම කෙනෙකුට කරදරක් කරන්ඩ බෑ,, ඒ පොරොන්දුව පිටයිමම මේ දේ කරන්නේ”

“නෑ නෑ වෙන අයට අපි කරදර කරන්ඩ යන්නේ නෑ,, අපි දෙන්නව මරල දාපු ඒ මිනීමරුවො දෙන්නගෙයි උන්ගෙ ගෑනුන් ගෙනුයි, උන්ගෙ ලෙයින් මසින් ජාතක වුන ළමයිගෙනුයි විතරයි අපිට පලිගන්ඩ ඕනා,, අපි මැරුනු දවසෙදිම හිතා ගත්තේ ඒක ,, ඒ දේ නම් කොහොමවත් වෙනස් කරන්ඩ බෑ අපිට ,, අපේ ආත්ම වලට ඒ දේ දැන් හොදටම කා වැදිලා තියෙන්නේ”

පාලිතගේ ආත්මය කිව්වේ ආවේගාත්මක හඩින්.

“ඒත් ඇයි ගෑනුයි ළමයි”

“උන් අපිව විතරක් නෙමේ මැරුවේ අපේ හම්බ වෙන්ඩ හිටපු දරුවත් මැරුවා, ඒක් හින්ද අපිට උන්ගෙ ළමයිගෙනුත් පලි ගන්ඩ ඕනා., අපි දෙන්නව මරපු උන්ට මැරුනත් සැන්සීමක් දෙන්ඩ බෑ, ඒ හින්දා ඔය ඔක්කෝම උන්ව මරන්ඩ ඕනා.”

අනිල්ගේ පියා නිලාගෙයි පාලිතගෙයි දෙන්නගේ අදහස වෙනස් කරන්ඩ ගියේ නෑ. ඔවුන් දෙන්නාගේ මේ අරමුන තියෙන්නේ සෑහෙන්ඩ කාලයක් හින්දත්, මැරුන දවස්වලම පහල වුන අරමුනක් නිසත් ඒ අරමුන වෙනස් කරන්ඩ අමාරු #####තැනකතිබුනා.

***”හරි මට උබලගේ අරමුනවල් තේරෙනවා, මම ඒක වෙනස් කරන්ඩ යන්නේ නෑ, හැබයි අර මම කලින් කිව්වා වහේ උබල පලි ගන්ඩ ඕනා ඔය අයගෙන්ම විතරයි. එතනින් පිට කාටවත් කරදර කරන්ඩ බෑ, එහෙම කෙරුවොත් ඒක මට දැනෙනවා. එහෙම උනොත් මම උබලට දෙන්ඩ හදන ඒ බලය අයින් කරනවා,, ඒක එච්චරම අමාරු දෙයක් නෙමේ , අර හිස් කබල දෙක පුච්චල අලු කරන එක විතරයි තියෙන්නේ ,, තේරුනාදා උබලට”

“තේරුනා තේරුනා, අපි එයින් පිට කාටවත් කරදර කරන්නේ නෑ”

පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙකම පොරොන්දු වුනා.

“තව එක දෙයක් , උබල් දෙන්නට උන්ගෙන් පලිගන්ඩ පුලුවන් වෙන්නෙත් එක මායිමක් ඇතුලේදී විතරයි. ඒ මායිම සීමාවෙන් අරුන් පිට ගියොත් උබලට උන්ගෙන් පලි ගන්ඩ හම්බ වෙන්නේ නෑ. ආයේ කවදම හරි දවසක උන් ඒ මායිම ඇතුලට එනකම් උබලට ඉන්ඩ වෙනවා.”

“මායිමක්”

අනිල්ගේ පියා මේ පාර කියපු දේ අසා මෙවර පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙකට දැනුනේ පුදුමයක්.

“ඔව් ඒ මායිමෙන් පිට උබලට ඔය කරන්ඩ යන ##### #දේ කරන්ඩ කොහොමටවත් බෑ. ඒකට හේතුව මගේ බලවත් කමත් ප්රබල විදිහට තියෙන්නේ ඒ මායිම ඇතුලෙදි විතරයි. ඉතින් උබල දෙන්නව බලවත් ආත්ම දෙකක් කෙරුවොත් උබලගේ බලයත් තියෙන්නේ ඔය සීමාව ඇතුලෙදි විතරයි”

“මොකක්ද ඒ මායිම”

නිලාගේ ආත්මය ඇහුවේ කුතුහලෙන්.

“අර පැත්තෙන් දැදුරු ඔය,, මේ පැත්තෙන් මා ඔය ,, ඔන්න ඕකයි සීමාව”

“ආ, ඒකද සීමාව , කොහොමත් ඔය ඔක්කොම උන් ඉන්නේ ඔය සිමාව ඇතුලෙම තමා,, ඒක ගැන අපිට වද වෙන්ඩ ඕනේ නෑ.”

පාලිත්ගේ ආත්මය එවෙලේ එහෙම කිව්වත් ඔවුන් දෙන්නාගේ පලි ගැනීම සෑහෙන්ඩ කාලයක් පරක්කු කරමින් දෙන්නෙක් අර සීමාවෙන් පිටවී ගොස් සිටියා.
*****************************************

නිලාගෙයි පාලිතගෙයි ආත්මවලට පොරොන්දු වුන විදිහටම අනිල් ගේ පියා අර දේවල් කෙරුවා. නිලාගෙයි පාලිතගෙයි හිස් කබල් දෙක ගොඩ ඇරන් මතුරලා ඔවුන් බලවත් ආත්ම දෙකක් කෙරුවා. හරියට ඔවුන් දැන් සමාන වුනේ පිල්ලි දෙකක් වගේ. කෙනෙකුට පේන්ඩ ඉන්ඩත් කෙනෙකුට කරදර කරන්ඩත් දැන් නිලාගෙයි පාලිතගේ ආත්ම දෙකට පුලුවන්. ඒ විතරක් ##### ##නෙමේ වෙනස් වෙන්ස් මුහුනු ගන්ඩත් හැකියාවක් ඔවුන්ට ලැබුනා.

පාලිතගේ ආත්මයට හිතුනා ජීවත් වෙල හිටපු කාලේ තමා එලවපු ත්රී වීල් එක එලවන්ඩ ආසාවක්. මේ වෙද්දි ඒක තිබ්බේ පාලිතගේ මල්ලී පියන්ත ලග. ජීවත්වෙලා ඉන්න කාලේ පාලිතත් එක්ක අමනාපෙන් හිටපු පියන්ත එක්කත් පාලිත හිටියේ එච්චර හොද හිතින් නෙමේ.

**** එහෙව් එකේ තම ත්රී වීල් එක ඔහු ලග තිබීම ගැන පාලිතගේ ආත්මය හිටියේ තරහින්.
***************************************

මහ රෑ පියන්ත ලග තිබ්බ ත්රී වීල් එක ලගින් විවිද හඩවල් එන්ඩ පටන් ගත්තේ මේ සමගයි. මහ රෑ තී වීල් එක ස්ටාට් කරන හඩ, හෝන් හඩ පියන්තට විතරක් නෙමේ , පියන්තගේ පවුලේ අයටත් ඇහුනෙ ඒ අය භිතියට පත්කරමින්. ඔවුන් කතාවුනෙත් ත්රී වීල් එක ඇතුලෙ ඉදන් පාලිත හොල්මන් කරනවයි කියලා. එහි අවසාන ප්රතිඵලය වුනේ පියන්ත ත්රීවිල් එක විකුනල දැමීම. ඒ ගොඩක් ඈත කෙනෙකුට ගොඩක් අඩු මුදලකට.

පාලිතගේ ආත්මයට සැනසුමක් එක්කරමින් ත්රී වීල් එක මිලට ගත්තු කෙනා ජීවත් වෙලා හිටියේ දැදුරු ඔයත් මා ඔයත් මැද්දේ ගමකයි. එදායින් පස්සෙ පාලිතගේ ආත්මය එය මිලදී ගත්තු ##### ###පුදගලයට ඇහෙන්ඩ හොල්මන් කෙරුවේ නෑ. බැරි වෙලාවත් ඒ පුද්ගලයත් ත්රීවීල් එක විකුනුවොත්,, ඊට පස්සේ මිලදී ගන්න කෙනා එය අර සීමාවෙන් පිට ඉන්න කෙනෙකු වුනොත් තම පලි ගන්න සැලසුම ඒ විදිහටම ක්රියාත්මක කරන්ඩ අමරු බව පාලීතගේ ආත්මයට තේරුනා. පලි ගන්න අයගෙන් පලි ගන්න දවසේ ත්රී විල් එකෙන්ම ගිහින් පලි ගන්ඩයි පාලිතගෙයි නිලාගෙයි ආත්මයෙ අරමුන වුනේ.

නිලාගෙයි, පාලිතගෙයි පලි ගැනිමේ පලමු ඉලක්කය වුනේ ඔවුන්ව මරපු දෙන්නව. ඔවුන්ගෙන් පලි ගන්ඩ වෙලාවක් එනකම් නිලාගෙයි පලිතගෙයි ආත්මය සිටියේ ඉවසිල්ලක් නැතුව. අවසානේ ඒ දවස උදාවුනා. ඒ පාලිතයි නිලයි මැරිලා අවුරුදු තුනකුත් ගියාට පස්සේ.
****************************************

ත්රීවීල් කාරය යලිත් කතව නැවත්තුවා.

“අනේ මටනම් දැන් කතාව අහන්ඩත් බයයි වගේ ,, මට මහම මහ අමුත්තක් දැනෙනවා”

චන්දුලී කිව්වේ බියමුසු කටහඩකින්. මලිත්ගේ සිතටත් දැන් දැන් මද තැතිගැන්මක් ඇති වී තිබුනා. ඒ අර ත්රී වීල් එකේ පාලිත හොල්මන් කරනවා කිව්ව දේ ඇහුවට පස්සේ.

“ඔයා ඔය අපිව බය කරන්ඩ හිතාගෙන කතාවක් හදලා නේද කියන්නේ”##### ####

මලිත් එහෙම ඇහුවේ ඒ නිසා.

“අපි මොකටද කතා හදලා කියන්නේ මේ කතාව ඇත්තම් ඇත්ත කතාවක්, ඔය දෙන්නට තව ටිකකින් මේ කතාව කොච්චර ඇත්ත කතාවක්ද කියලා අනිවාර්යෙන්ම තේරෙයි. නේද නිලන්ති.”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්”

ත්රීවීල් කාරයා අහපු දේට පිටිපස්සෙ හිටපු කාන්තාව දුන්නේ සුපුරුදු හඩමයි.

මහ වැස්ස දැන් පෙරටත් වදා ඇද හැලේ ,,නිකම් නෙමේ ගොරවමින් විදුලි කොටමින් වෙලාවකට හයියෙන් අකුණක් දෙකක් ගසමින්. ඒ අතරේ ත්රී වීල් කාරය යලිත් කතාව කියන්ඩ පටන් ගත්තා.

“එදත් අද දවස වගේමයි. හොදටම වැස්ස, විදුලි කොටනව ගොරවනවා, අකුණු ගහනවා ,, ඒ විතරක් නෙමේ අද වහේම මහ වැස්සට කොලමුනු ඔයත් පිටාර ගලලා. එදත් අද රෑ වගේමයි. පාලිත ගේ ආත්මය ත්රී වීල් එක එලවගෙන අර මිනීමරුවො දෙන්නව හොයා ගෙන ගියා. නිලාගේ ආත්මයත් පිටිපස්සෙ සීට් එකේ ඉදගෙන ගියා.”

අවසාන වචනපෙල ඇහෙද්දී චන්දුලීගේ හිතට ආවේ විදිලියක් කෙටුව වගේ සිතිවිල්ලක්. ඇස් දෙක් පීරිසි දෙකක් වගේ ලොකු වුනේ බයට.

“නිලන්ති, නිලා, නිලන්ති නිලා..,, මේ නම් දෙක කොච්චර සමානද , මේ සීට් එකේ ඉදන් ඉන්නෙ ##### #####ඒ මැරුනු නිලාගේ ආත්මයද , අර පාලිටගේ ආත්මෙද දන්නේ නෑ ත්රී වීල් එක එලවන් යන්නේ.”

චන්දුලී සිතුවේ නිලන්ති කියන කාන්තාව දිහා බලන්. ඒත් අදුර නිසා ඇයව හරියට් පේන්නේ නෑ. මුලු පැත්තම එලිය කරමින් විදුලියක් කෙටුවෙත් ඒ සමගයි. ඕනෑවටත් වඩා සුදුමැලි නිලන්තිගේ රුව ඒ එලියෙන් දැක්කම චන්දුලීගේ බිය දෙගුන තෙගුන වුනා. ඇය කියවපු හොල්මන් කතාපොත් වල කියන විදිහටමේ වගේ සුදුමැලි ව ඉන්නේ මැරුනු ආත්ම ,, ඒ කියන්නෙ හොල්මන්.

” අනේ අයියේ මට බයයි “

චන්දුලී මලිත්ගේ පැත්තට තවත් ලන්වුනා. ඇය ඔහුගේ අත අල්ලගත්තා දැඩිව.

“මොකද, මේ ආයෙත් එකපාරටම”

මලිත් ඇසුවා.

“මට බයයි අයියේ මේ දෙන්නා ගැන,, මේ ඉන්නේ අර මැරුව පාලිතයි නිලයිද දන්නෙ නෑ අනේ මට බයයි ,, එහෙම උනොත් එහෙම”

චන්දුලී කීවේ මලිත්ට විතරක් ඇහෙන විදිහට පහත් හඩින්.

***** ” විකාර දොඩවන්ඩ එපා,, “

“මොනවද නංගි කුටු කුටු ගගා කියන්නේ “

ත්රී වීල් කාරයා ඇහුවා.

“නෑ…නෑ මොකුත් නෑ ” ##### ##### #

චන්දුලී කියපු දේ මලිත් කියන්ඩ ගියේ නෑ. ත්රී වීල් කාරයා කතාව යලිත් කියන්ඩ පටන් ගත්තා නතර කරපු තැන ඉදන්.
*****************************************
“පාලිතගේ ආත්මෙයි නිලාගේ ආත්මෙයි අරුන් දෙන්නව ඉන්න තැන් හොයන් එදා රෑ ගියා. උන් දෙන්න හිටියේ ගිරාතලාන හන්දිය කියල තැනක. එදත් අද වගේම මහවැස්ස්සක් ඇද හැලෙන මැදියම් රෑ ලන්වෙලා තිබුනු වෙලාවක් හන්ද වාහන මිනිස්සු පාරේ හිටියේ නෑ.

අරුන් දෙන්න් ඉන්න තැනටම පාලිතගේ අත්මයයි නිලාගේ ආත්මය ගියා. ගියේ ජීවත් වෙල ඉන්න කාලේ පාලිටගෙයි නිලාගෙයි රූපයෙන්නම් නෙමේ , වෙන රූප දෙකකින්.

එකපාරම විශාල ගහක අත්තක් කඩන් වැටිලා අකුණක් ගැහුවෙත් ඒ සමගයි.

“හෝව් හෝව් හෝව් “

අරුන් දෙන්නගෙන් එකෙක් ත්රී වීල් එක ඉස්සරහට පැන්නෙත් , පාලිතගේ ආත්මේ ත්රී වීල් එක නැවත්තුවෙත් එක වර.

“මචන් අපිට පොඩිම පොඩි ප්ර්ශ්ණයක් වෙලා,, “

ත්රී වීල් එක නතර කරන්ඩ හදපු එකා කිව්වා. ඒ වෙලාවේ උන්ට හොදටම වෙරි. ඒවා කිව්වෙත් ගොත ගහ ගහ ,ඔලුව වන වන.

“මොකක්ද අවුල”

පාලිතගේ ආතමය ඇහුවේ කිසිම දෙයක් දන්නෙ ##### ##### ## නෑ වගේ.

“අපි දෙන්න ආපු බයික් එකේ තෙල් ඉවර වෙලා නැවතුනා, උබට බැයිද අපි දෙන්නව ගනේගමට ගිහිල්ල දාන්ඩ, උබ ඉල්ලන ඕනම ගානක් දෙනවා,, ඕනම ගානක් “

ඔහු කිව්වෙ සාක්කුවෙන් purse එක අතට අරන්.

“ආ මෙතන තියෙනවා දාහක් , අපි ලග ලොස් නෑ , ගිහින් දාපන් අපි දෙන්නව ගනේගමට.”

“ඔච්චර ඕනේ නෑ ,, ගනේගමට මෙතන ඉදන තියෙන්නෙ රුපියල් දේසීයක දුරක්නේ, නගින්ඩ මම ඔය දෙන්නව ගනේගමට නෙමේ අපායටම වුනත් පරිස්සමට එක්කගෙන යන්නම්කො”

“උබට විහිලු කරන්ඩත් පුලුවන් නේද ,, බන් ඔය ලදරම් බයික් එක අන්න අර ගෙදර මිදුලෙන් හිටවල වරෙන් අපිට මේකේ යන්ඩ පුලුවන්”

ඔහු අනිත් එකාට කිව්වේ ලාවට වගේ පෙනුන ගෙයක් දෙසට අත දික්කරමින්. ඔහු ඒක කෙරුවා.පස්සේ දෙන්නම පාලිත එලවගෙන ගිය ත්රී වීල් එකට නැග්ගේ වැනි වැනී, ඒ ගනේගමට යන්ඩ හිතන්. දරුනු අකුණක් ආයෙත් සැරයක් ගැහුවෙත් ඒ සමගමයි.*************************************ඊලග කොටසට Maranaye Dhiyakadhak

ත්රී වීල් එකට නැගපු දෙන්නට මොනව වෙයිද, ඊලග කොටස්වලදී මොනවගේ දේවල් වෙයිද ?
අනුමාන කරන අය අනුමාන කොරන්ඩකෝ…..
????????????????

 සාගර සම්පත් ( රාස් )

4 thoughts on “මරණයේ දියකදක් | 09 කොටස | හොල්මන් කතා”

  1. Priyadarshani

    අයියෝ මලිත් චන්දුලී දෙන්නම කොටු වෙලානෙ දැන් මොනා වෙයිද ???
    අනේ කාටවත්ම කරදරයක් නම් වෙන්න එපා …තාත්ත කරපු වැරැද්දට එයාල මොනා කරන්නද ..??
    කතාව හොදටම ලියනව .????
    Good luck..???

  2. lakmali kumarasinghe

    තාත්තගෙ වැරදිවලට එයාලට මැරෙන්න දෙන්න එපා අනේ කතාව නියමයි නින්ද යන්නෙත් නෑ බයටම??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.