Katha Ahura

නොපැතූ සෙනෙහෙ | විසිඅටවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤

~විසිඅටවන දිගහැරුම~

සතියක් විතර ගෙවිලා ගියා… ඒත් මං දේව්ව බලන්නන්ම් ගියෙ නෑ.. මොකද එයා මාත් එක්ක කතා කරන්න තියා දකින්නවත් පොඩ්ඩක්වත් කැමති නෑ..

එයා ලගට ගිහින් එයගෙ අතකුත් අල්ලගෙන එයා ලගටවෙලා කතා කරන්න කොච්චරනම් ආසාවෙන්ද හිටියෙ.. ඒත් අන්තිමට උනේ නොහිතපුම දෙයක්..

එයාට මාව බලන්න අමතක උනාට එයාව නොබලා ඉන්න බැරි නිසා දේව්ව බලන්න යන්න තීරණය කලා..

දේව් මාත් එක්ක කතා නොකලට ආන්ටිනම් මාත් එක්ක හොදට කතා කරනවා..

ආන්ටිගෙ මාර්ගෙන තමා දැනගත්තෙ දේව්ව discharge කරලා ගෙදර ගෙනාවා කියලා..

මායි මිනුයි ගෙදරට යන්න තීරණය කලා..

ඩෙනිමයි,ටී ෂර්ට් එකකුයි ඇදලා.. කොන්ඩෙත් පෝනිටේල් එකක් දාගෙන මං සුපුරුදු පරිදි මිනූලගෙ ගෙදරට ගිහින් එයත් එක්ක බස් එකකට නැග්ගා…

Town එකෙන් බැහැලා පපතුරුයි තව අනන් මනන් ටිකකුයිත් අරගෙන 3 whell එකක අපි දේව්ගෙ ගෙදරට ආවා.. දේව්ගෙ මල්ලි අපිව එක්කන් යන්න ඇවිල්ලා තිබ්බ නිසා අවුලක් උනේ නෑ..

දේව්ගෙ අම්මා අපි එනකන්ම බලන් ඉදලද කොහෙද… අපිව බොහොම ආදරෙන් පිලිගත්තා..

“එන්න දූලා ඇතුල්ට.. ඇවිත් ඉදගන්න..”

අපි අරන් ආපු සේරම ටිකත් දිලා මායි මිනුයි වාඩිඋනා..

“මේවා මොනටද දූ.. ඔයාලා ආපු එකම ලොකු දෙයක්.. මොකද doctor කිවුවා යලුවො එහෙම එයත් එක්කම ඉද්දි එයට ටික ටික මතකය එයි කියලා..”

“ඕක මොකද්ද ආන්ටි.. අපි පිලුවන් හැමවෙලාවකම එන්නම්.. අපිත් කැමති දේව්ට ඉක්මනය හොදවෙනවට..”

“මං පුතාට එන්න කියන්නම්.. දූලා ඔහොම ඉන්නකෝ..”

එහෙම කියලා ආන්ටි යන්න ගියා..

“අනේ මිනූ.. දේව් මාව දැකලා ආයිත් කේන්ති අරන් බනිද දන්නෙ නෑ..”

“එහෙම වෙන එකක් නෑ.. ඔයා ඔහොම ඉන්නකෝ..”

මිනූ එහෙම කියනවත් එක්කම මං දැක්කා දේව් එනවා අපේ දිහාවට… එයා එයාගෙ අර ලස්සන හිනාවත් දාගෙන ආවා.. ඒත් මං දැක්කා විතරයි ඒ හිනාව නැතිවුනේ ක්ෂනිකවමයි..

Short කලිසමකුයි,කලු පාට ටී ෂර්ට් එකකුයි ඇදලා හිටිය දේව් ඇත්තමයි ගොඩක් ලස්සනයි.. ඔලුවනම් බැන්ඩේජ් එකකින් ඔතලා තිබ්බේ.. එයාව දැක්කාම මට ගොඩාක් දුක හිතුනා..

මගේ දිහා බලාගෙන රවාගෙන ඇවිල්ලා එයා අපිට ඉස්සරහයින් වාඩිඋනා..

“ඔයා මොකද මෙහෙ කරන්නේ?”

එයාව බලන්න ආවා කියන්න දිව අගටම ආවත් මං ඒක වලක්ව ගත්තෙ ඒක අහලා එයාට කේන්ති යයි කියලා..

ලෝකෙටම ඇහෙන්න කෑ ගහල අඩන්න තරම් දුකක් මේ හිත ඇතුලෙ තියෙනවා..

ඔයාම බලාපොරොත්තු දීලා ඔයාම මාව ඔය හිතින් අයින් කරද්දි කොහොම දෙයියනේ දරාගන්නෙ මං..

ඇස් දෙකෙන් කදුලු කැට වැටෙන්න පොරකද්දි මං මගේ හිතේ සැනසීම වෙනුවෙන් හැමදේම ඉවසනවා..

මට දේව්ට උත්තර දෙන්න පුලුවන් තරම් හයියක් නෑ.. මොකද ඒ මූණ දිහා බලාගෙන බොරු කියන්න බෑ.. මේ ආදරේ බොරු කරන්නෙ නෑ..

මගේ අසරණකම මිනූ තේරුම් ගන්නැති.. ඒක නිසා එයා දේව්ට උත්තරයක් දුන්නා..

“අහ් මේ.. එයා ආවේ මගෙ තනියට.. මෙයා මගේ හොදම යාලුවා දේව්..”

“ම්ම්ම්..”

දේව් කිවුවෙ එච්චරයි.. මට තේරෙන්නෙ නෑ දේව් ඇයි මට මෙච්චර අකමැති කියලා.. අනික මේ මාව විතරක්ම ඇයි ඔයාට අමතක උනේ රත්තරං..

මොනදේ උනත් මිනූ ඒවගෙ උත්තරය දුන්න එකෙන් මගේ හිතට දැනුනේ සැනසීමක්.. මෙහෙම හරි මට ඔයාව බලන්න එන්න පුලුවන්නෙ එතකොට..

මං දන්නවා දේව් මගේ මූණවත් බලන්න කැමති නෑ කියලා.. එහෙම එකේ එයාව බලන්න ආවා කිවුවනම් දේව් මට බැනලා මෙතනින් එලොගනි.. එහෙම උනොත් මට කවදාවත් ඔයව බලන්න වෙන එකක් නෑ..

අනික එහෙම කේන්තිගන්න එක දේව්ට කොහෙත්ම හොද නෑ.. doctor කිවුව විදිහට දේව්ට මෙහෙම උනේ කම්පනයකින්.. එහෙම එකේ එයා මෙහෙම කේන්තිගත්තාම මොනාවෙයිද දන්නෙ නෑ..

“දැන් කොහොමද දේව් ඔයාට..”

“දැන් හොදයි මිනූ.. ඔලුව හිටපු ගමන් පොඩ්ඩක් රිදෙනවා.. ඒක අවුලක් නෑ..”

දේව් මිනූ එක්ක හිනා වෙවී කතා කරනවා.. මං කලේ ඒ මූණදිහා බලාගෙන ඉන්න එක..

දේව් මාත් එක්කත් මෙහෙම හිනාවෙල කතා කරනවනම්.. ඒත් ඒකට මට වාසනාව නෑ..

මට මිනූ ගැන ඉරිස්සියාවක් ඇති නොවුනා කිවුවොත් බොරුවක්.. ඒත් මගේ හිතේ පොඩ්ඩක්වත් මිනූ ගැනවත්,දේව් ගැනවත් තරහක්නම් දැනුනේ නෑ..

ඒ දෙන්නා එහෙම හිනාවෙවි කතා කර කර ඉන්නවා මට තවත් බලාගෙන ඉන්න බෑ.. කදුලු කැට වැටෙන්න ඔන්න මෙන්න.. මට ඕනි එතනින් යන්න.. තනියම් ඉන්න..

“මිනූ.. මං එලියට යනවා.. ඔයාලා කතා කර කර ඉන්න..”

“ඇයි තෙනූ.. මොකද්ද අවුල?? ඉන්න මාත් එන්නම්. ”

“නෑ නෑ.. මුකුත් මිනූ.. ඔයා දේව් එක්ක ඉන්නකෝ.. මං නිකන් එලියට යන්නේ..”

එහෙම කියලා මං ඉක්මනට ඉක්මනට එලියට ආවේ තවත් එතන ඉන්න මට බැරි නිසයි..

එක කොනක ගහක් යට තියෙන බංකුව මං දැක්කේ වට පිට බල බල ඉද්දි..

මං එතන ඉදගෙන මෙච්චර වෙලා එලියට එන්න පොර කකා හිටපු කදුලුවලට එලියට එන්න ඉඩ දුන්නා..

මගේ දුක ටිකක් හරි අඩුවෙයි කියල් හිතලා මං ඇඩුවා..

ඒත් එකපාරටම ඇහුන කටහඩින් මං ගැස්සිලා ගියා..

❤️❤️❤️

තෙනුෂි එච්චර බයවෙන්න තරම් එතන්ට ආවෙ කවුද කියලා අපි හෙටම බලමුකො.. පුලුවන්නම් කියන්න කවුරු වෙන්නැතිද කියලා..

ඊළග කොටසින් හමුවෙමු…

7 thoughts on “නොපැතූ සෙනෙහෙ | විසිඅටවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. නැත්තං දේව්ගෙ යාලුවොවත් ආවද??කතාව ලස්සනයි..හැබැයි දුක හිතෙනවා…

  2. K.K.Damayanthi

    දේව් ආවා වෙන්න බැරිද එතනට… නැත්නම් එයා ඔච්චර බය වෙන්න ඕන්නෑනේ….
    ???????

  3. මට හිතෙන්නේ දෙව් ආවා කියාලා. පව් අනේ තෙනු . මෙහෙම ගියොත් දෙව් මිනු එක්ක යාලු වෙයිද කියලත් හිතෙනවා. ඇයි ඉතින් දෙව්ට තෙනුව පෙන්නන්න බෑ නේ. අනේ දුකයි අප්පා..
    ????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.