Katha Ahura

මරණයේ දියකදක් | 06 කොටස | හොල්මන් කතා

3.4/5 - (7 votes)

මරණයේ දියකදක් ☔️ 06 කොටස

ඒ විදුලි කොටපු එලියෙන් පාලිත විතරක් නෙමේ අර බයික් එකේ ආපු දෙන්නව දැක්කෙ. බයික් එකෙ ආපු දෙන්නත් පාලිතව දැක්කා. එතන හිටියෙ වෙන කවුරුවත් නෙමේ. එදා නීලාට කරදර කරද්දී පාලිත දොර පොල්ලකින් ඔලුවට ගහපු අර පාලිතගේ යාලුවො දෙන්න. ඒත් ඒ වෙනකොට උන් පාලිතගේ යාලුවො නෙමේ. පාලිතගෙ ලොකුම ලොකු වෛරක්කාරයො දෙන්නෙක් වෙලයි උන් හිටියේ.

උන් දෙන්න හිටියේ හොදටම බීලා. උන් ටික ටික පාලිත ලගට ආවා.

“ආ චන්ඩියා ,, මොකෝ මෙතන “

එකෙක් ඇහුවා, ඒ කටහඩේ තිබ්බෙ කෝපයක්.

“කෝ උබ හැම තිස්සෙම සරම අස්සෙ දාගෙන හුරතල් කරන උබේ ගෑනී, ඒකිව එක්කගෙන ආවේ නැද්ද?, මරු කෑල්ල ඒකි නේද බන්”

අනික ඇහුවෙ ත්රීවීල් එකට එබිල බලලා.

“අපි ඒ දවස්වල කොච්චර ආතල එකක් ගත්තද ඒකිගෙන් ,,,,”

“ඒකිට තියෙන්නේ මාර කදක්නේ බන් ,, කොහෙන්ද බන් උබ ඒකි හොයාගත්තේ “

මේවා ඇහෙද්දි පාලිතට තවත් ඉවසන් ඉන්ඩ පුලුවන් වුනේ නෑ.

“මගෙ ගෑනිට තව එක කැත කතාවක් කියල තිබ්බොත් නේ ” #

පාලිත ඇගිල්ල උරුක් කෙරුවේ දත්මිටි කාගෙන.

“ඇයි උබ මොනව කරන්ඩද ,, ඈ …… මොනව කරන්ඩද ? එදා වගේ අපේ පිටිපස්සෙන් ඇවිල්ල පොල්ලකින් ගහන්ඩද ,, ඈ ප?? එහෙම කරන්ඩද හිතන් ඉන්නෙ.”

පාලිතගේ බෙල්ලෙන් අල්ලගත්ත එකෙක් පාලිතව හයියෙන් තල්ලු කෙරුවා. ඒ තල්ලු කරපු වේගයට පාලිත ගලන් යන වතුර පාරට වැටුනේ මුලු ඇගම තෙත් කරගෙන.

“එදා උබ අපි දෙන්නට කරපු දේට රිටන් එක කොහොම හරි ගන්නවා කියල හිතුවේ. අද ඒකට නියම වෙලාව නේද බන්.,, ඒදා මූ අපිට කරපු දේට පොලියත් එක්ක අද ගන්ඩ පුලුවන්.”

පාලිත නැගිටින්න හදනකොටම එකෙක් පාලිතට පයින් පාරක් එල්ල කෙරුවා. උන් දෙන්න පාලිතට වඩා හුගක් ඇග පත් තියෙන හයිය හත්තිය තියෙන පොරවල් දෙකක්. උන් ඉසරහදි පාලිත ගොඩක් පසු බැහල ගියා.

“මොකද කියන්නෙ බන්,, අපි මේකව ඉවරයක් කරමුද,, එතකොට නීලා හැමදාටම අපේ “

එකෙක්ගෙ කටින් එහෙම දෙයක් පිටවෙද්දී පාලිතට දැනුනේ අසීමිත බයක්. ඒ තමා ගැන නෙමේ නීලා ගැන.උන් දෙන්න එක්ක හැපෙන්ඩ අමාරු බව දැනගත්තු පාලිත ගලන වතුරපාර මැදින් දිවගෙන ගියේ උන් දෙන්නගෙන් ##ගැලවෙන්ඩ හිතන්.

“තෝ හිතන් ඉන්නේ අපෙන් බේරිලා පැනල යන්ඩද “

එකෙක්ගෙ කටින් එහෙම පිට වෙද්දිම පාලිතගෙ කකුලට හයියෙන් මොකක්ද වැදුනා. පාලිත ආයෙ පාරක් වතුර මැද වැටුනේ කපා හෙලු ගහක් වගේ.

පාලිතගෙ අවාසනාවට අරුන්ගෙ එකෙකුගෙ අතට වතුරෙ ගහන් යන ගහක කෑල්ලක් හම්බවෙලා.ඒකෙනුයි පාලිතට ගහල තියෙන්නේ.

පාලිත ලගට ආපු අරුන් දෙන්නගෙ මූනෙ තිබ්බෙ කැතම කැත හිනාවක්. එකෙක් පාලිතගේ කකුල් දෙකෙන් අල්ලගනිද්දි අනිත් එකා පාලිතගෙ ඔලුව වතුරේ ගිල්ලෙව්වා. උන්ගෙන් බේරෙන්ඩ කොච්චර දැගලුවත් පාලිටට උන්ගෙ ග්රහ්නයෙන් බේරෙන්ඩපුලුවන් වුනේ නෑ.

ඒ මැදියම් රෑ ආසන්න වෙලාවේ පාලිතව උන් දෙනගෙන් බේරගන්ඩ කවුරුවත් ආවේ නෑ. ගොඩක් වෙලා වතුර යට දගල දගල හිටපු පාලිත එකපාරටම නිශ්චල වුනා.

****************************************
ත්රී වීල් කාරායා කතාව මදකට නැවත්තුවේ මලිතුයි චන්දුලියි ඒ කතාව නලල රැලි කරන් අහන් ඉද්දි. පාලිත ගැන දුකකුත් අරුන් දෙන්නා ගැන කෝපයකුත් ඇතිවෙද්දී ත්රී වීල් කාරයා යලිත් කතාව පටන් ගත්තා.###

*****************************************
පාලිතට ඊට පස්සෙ දැනුනේ එයාගේ ශරීරය පාවෙනවා වගේ. හරියට පුලුන් රොදක් වගේ සැහල්ලුයි. ඒ තමාගේ ආත්මය කියල පාලිතට ඒ වෙලාවෙ දැනුනේ නෑ. එකපාරම අර දිය කද උඩින් පාලිතගේ ආත්මය මතුවුනා.

“ඒක ඉවරයි. දැන් මොකද කරන්නේ “

අරුන් දෙන්නගෙන් එකෙක් ඇහුවේ හයියෙන් හුස්ම පිටකරන්.

“මොනව කරන්ඩද ,, ඔන්න ඕක උස්සල දාමු පාලමෙන් පල්ලෙහාට. ගහගෙන ගිහින්කොහෙ හරි රැදෙන්නෙ නැතෙයි. ඉක්මනට මොකෙක් හරි එන්ඩ කලින් උස්සපන්.”

අනිත් එකා කිව්වෙ වටපිට බලමින්. ඊට පස්සෙ පොඩ්ඩක් පරක්කු කරපු නැති අරුන් දෙන්න පාලිතගෙ නිසල සිරුර කොලමුනු ඔයේ පාලමෙන් පල්ලෙහට විසි කරල දැම්මා. වතුරේ සැඩ පහරට අහුවුන ඒ සිරුර නොපෙනී ගියා.

“මුව මැරුවෙ අපි කියල අහුවෙයිද “

“මොන පිස්සුද ,, තව දවස් කීපයකින් මේකගෙ මිනිය හම්බවෙයි. ගහක දෙබල හරි රැදිලා. මොකෙක්වත් හිතන එකක් නෑ මේක මිනිමැරුමක් කියලා. හැම එකෙක්ම කියයි. පාලිතය මැරුනේ වතුරෙ ගහන් ගිහින් කියලා.අපි දැන් යමු පාලිතයගෙ ගෙදර”

“ඒ මොකටද ” ####

“මොකටද කියන්නෙ නීලව බලන්ඩනේ,, බලල පොඩි ආතක් එකක් ගන්ඩ , එදායින් පස්සෙ ඒකිගෙන ආතල් එකක් ගන්නව තියා ඒකිව බලන්ඩවත් අපිට පුලුවන් උනා වැයි.”

කියපු එකා කිව්වේ වල් හිනාවක් දාගෙන, මිනිහෙක් මැරුව කියල ඌට ගානක් වත් නෑ.

“අරකගේ ත්රී වීල් එකට මොකද කරන්නේ “

“ඒක ඔහොමමම තියෙන්නෙ නැතෑ.”

අරුන් දෙන්නා බයික් එක හරවගෙන ආපහු ගියා. පාලිතට දැන් හොදටම ශුවර තමා මැරිලා කියලා. මේ තියෙන්නෙ පාවි පාවී තමාගේ ආත්මය බව පාලිතට වැටහුනා. පුලුන් රොදක් වගේ පාවෙලා පාලිතගේ ආත්මය අරුන් දෙන්නා පිටිපස්සෙන් ඇදුනා. උන් දෙන්න යන්නෙ නිලාට කරදරයක් කරන්ඩ ,, ඒත් කොහොමද මේ බව දන්වන්නෙ. පාලිත ආත්මයක් විතරයි. කරන්ඩ කිසිම දෙයක් ඔහුට නෑ. පාලිතගේ හිතුවවගේම අරුන් දෙන්න ගියෙ පාලිතගේ ගෙදර. පාලිතගේ ආත්මයත් උන් දෙන්න පිටිපස්සෙන් ගියා. හොදටම වැස්ස. අරුන් දෙන්න ගියේ තෙමි තෙමී. පාලිතගෙ ගේ මිදුලෙන් අරුන් බයික් එක නැවත්තුවා.

පාලිතගේ ගෙදර ඇතුලෙන් ලාවට එලියක් පත්තු වෙනවා. ඒ ලාම්පුවකින්. ඒ වෙලාව වෙද්දිත් නිලා හිටියෙ ඇහරිලා.

“ගෙදර කවුද,, ගෙදර කවුද ” #####

අරුන්ගෙන් එකෙක් කතා කෙරුවේ කටහඩ වෙනස් කරලා. ඌ එහෙම කතා කෙරුවා කීප පාරක්

“කවුද……”

ටික වෙලාවකින් ගේ ඇතුලෙන් ඇහුනේ නීලගේ බයවුන කටහඩ.

“පාලිත පනිවිඩයක් දුන්න ඔයාට කියන්ඩ කියලා, ඒක කියන්ඩයි අපි ආවේ ,, පොඩ්ඩකට දොර අරිනවද “

“එපා නීලා ඔය උන් බොරුව්ක් කරන්නෙ දොරනම් අරින්ඩ එපා,, උන් ඇවිත් තියෙන්නෙ ඔයාට කරදර කරන්ඩ”

පාලිතගේ ආත්මය කිව්වත් ඒක නිලාට ඇහුනේ නෑ. ඇයට කොහොම ඒක ඇහෙන්ඩද?

***” ඔහොම ඉද්දී කියන්ඩ බැයිද “

නිලා දොර අරින්ඩ බයවුනා. ඇයගේ අතේ තිබුනා දැල්වෙන ලාම්පුවක්.

“බෑ මේක ටිකක් බැරෑරුම් දෙයක්, පාලිතට පොඩි කරදරයක් වෙලා. ඇත්තටම අපි පොලීසියෙන්.”

“පොලීසියෙන්,,පාලිතට කරදරයක් වෙලා….”

කලබල වුන නිලා දොරේ යතුර කැරකුවේ ,, දොර අරින්ඩ හිතන්.

“එපා නිලා ඕක කරන්ඩ එපා, දොර අරින්ඩ එපා.” ##### #

පාලිතගේ ආත්මය කොච්චර කිව්වද?????, ඒත් නිලාට ඒවා ඇහුනේ නෑ. ඇය දොර ඇරියා.***********************************************ඊලග කොටසට Maranaye Dhiyakadhak

රාස් ( සාගර සම්පත් )

3 thoughts on “මරණයේ දියකදක් | 06 කොටස | හොල්මන් කතා”

  1. lakmali kumarasinghe

    අයියෝ ඒ දෙන්නව මරපු එකමයි හොද එත් අනිත් අයව මරන එක සාදාරන නෑ නේද සහෝ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.