Katha Ahura

නොපැතූ සෙනෙහෙ | විසිනවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️

~විසිනවන දිගහැරුම~

“ආන්ටි ඔයා..”

මං ඉක්මනට කදුලු ටිකත් පිහදාගෙන බංකුවෙන් නැගිට්ටා..

“මං බීම හැදුවා.. දුව පේන්න හිටපු නැති නිසා මං අනිත් දුවගෙන් ඇහුවාම් එලියට ආවා කිවුවා.. ඒකයි මං බලන්න ආවේ..”

මං කලේ හිනා උනඑක විතරයි..

“එන්න දුවේ.. ගෙට යමු..”

මං ආන්ටි පස්සෙන්ම ගෙට ආවෙ මං අඩපු එක ආන්ටි දැක්කත් ඒ ගැන ඇහුවෙ නැති එකට දෙවියන්ට පිං දි දී..

“එන්න දූ.. ඔයත් බොන්න..”

“හරි ආන්ටි..”

මං එද්දි මිනුයි දේව් හිනාවෙවි කතාව.. එහෙම හරි දේව් සතුටින්නම් මට ඇති.. එහෙම හරි මං මගෙ හිත හදාගන්නවා.. කවදා හරි ඔයාට මාව මතක් වෙයිනෙ දේව්.. මං එදාට මේ දුක් විද විද කියාගන්න බැරුව හිටපු ආදරේ කියනවා..

ආන්ටි දුන්න බීම එකත් අරගෙන මං ගිහින් මිනූ ලගින් වාඩි උනා..

දූලා දැන්මම යන්න එපා.. දවල්ට කාලා යන්න ඉන්න..

“අනේ ඕනි නෑ ආන්ටි.. කරදර වෙන්න එපා..”

“මොන කරදරයක්ද ළමයිනේ.. ඔයාලා මෙහෙම හරි එන එක මගේ හිතට සහනයක්..”

“අහ් මෙයාලා අපිටත් කලින් ඇවිල්ලා තියෙන්නෙ දේව්ගෙ සැප දුක් බලන්න..”

ඒ කටහඩට අපි ඔක්කොම බැලුවෙ දිර දිහා..

වෙන කවුද ඉතිං.. දේව්ගෙ අතිජාත මිත්‍රයෝ ටික මිසක්..

“අහ් එන්න එන්න ළමයිනේ.. මං එහෙනම් හැමෝටම උයන්නම්කො.. ඔක්කොමලත් එක්ක කාලා යන්න ඉන්න..”

“බයවෙන්න එපා ආනිටි.. අපි කාලා යන්න ඉන්නම්.. ආන්ටි මහන්සියෙන් උයද්දි අපි කොහොමද දෙයියනේ කන්න බෑ කියන්නෙ..”

ඒකටනම් අපි ඔක්කොටම හිනා.. මං බැලුවෙ දේව් දිහා.. එයා ඉන්නෙ ගොඩක් සතුටින්.. ඒ සතුට දැක්කාමනම් මටත් මාරම සතුටුයි..

“උඹලගේ වාචාල කටවල් ටික වහගෙන මෙන්න මෙහෙන් ඉදගනින්..”

දේව් එහෙම කිවුවාම ඔක්කොමලා අපි හිටපු හටියෙන්ම වාඩි උනා..

“තෙනූෂිට නින්ද යන්නෙ නැතුවද මේ උදේ පාන්දරම ප්‍රේමවන්තයා බලන්න ඇවිලා තියෙන්නෙ?”

“උඹ මේ මොනාද කියවන්නේ.. උඹට පිස්සුද.. මේ ඒක නෙවෙයි.. උඹ කොහොමද මෙයාව අදුරන්නේ?”

“අහ් යකූ.. උඹගෙ කෑල්ලව අදුරගන්න අපි අමුතුවෙන් ඉගෙනගෙන්න ඕනිද?”

තව ටිකකින් මෙතන මොනවගේ තත්වයක් ඇතිවෙයිද දන්නෙ නෑ.. තවත් බලාගෙන ඉන්න බැරි නිසාම මං මගෙ කඩහඩ අවදිකලා..

“ඕක නවත්තන්න චනුක.. දැන් ඇති.. දේව්ට මාව මතක නෑ… දැන හරිනෙ.. ආයි ඒ ගැන අහන්න එපා..”

“මො..මොකක්.. උඹව විතරනෙ මතක නැත්තෙ.. එහෙම උනේ කොහොමද..”

“මං දන්නෙ නෑ.. මටත් ඒක තමා තියෙන ප්‍රශ්නෙ..”

මගෙ කම්මුල් දිගේ කදුලු බේරේනවා.. කොච්චර නවත්තන්න හැදුවත් ඒ කදුලු නවත්තගන්න බෑ..

“උඹ අවුල් නොගෙන් ඉදහන්කො.. අපි මොකක් හරි කරන්න බලමු..”

“උඹල ඔය කියවන අන්ඩර දෙමලයක් තේරෙන්න කියොනවද.. පිස්සෝ වගේ කියවන්නේ..”

“මුකුත් නෑ මචං.. දැන් කියපන්කො උඹට කොහොමද කියලා?”

“දැන් හොදයි බං..”

එහෙනම් එච්චරයි..

“උඹලා කතා කර කර හිටපන්කො.. මං ඉක්මනට එන්නම්..”

එහෙම කියලා දේව් ගියා.. එතකොටම දේව් යලුවෙක් කතා කරන්න පටන්ගත්තා..

“අපි doctorව හම්බවෙලා අහමුද මෙහෙම් උනේ කොහොමද කියලා.. අපි හැමෝවම මතක තියෙද්දි තෙනුෂිව විතරක් අමතක වෙන්න තරම් මෙතන මොකක් හරි වෙලා තියෙනවා..”

“Doctor කිවුව විදිහටනම් මතක නැතිවෙන්නෙ කම්පනයක් ඇතිඋන නිසානේ.. තදින්ම හිතට දෙයක් කා වැදුනාම් ඒකත් එක්ක accident එක උනාම් ඒ දේවාල් අමතක් වෙනවා කියලා මං අහලා තියෙනවා..”

“එහෙනම් හරි.. දැන් මිනුලි කියපු කතාවත් එක්ක බලපුවාම දේව්ට තෙනූව අමතක් උනේ accident එක උන වෙලේ දේව් ඔයා ගැන තමා හිතලා තියෙන්නේ..”

“අපි මේ ගැන මුලින්ම doctorගෙන් අහල බලමු.. ඉටපස්සෙ බලමුකො මොකද්ද කරන්න පුලුවන් කියලා..”

“තෙනුෂි කියන එක හරි.. මුහුද හත් ගවුවක් තියාගෙන අර මොකද්ද එක ගහන්නෙ නැතුව doctorගෙන් අහල්ම තීරණයක් ගමු..”

“මොකද්ද එක නෙවෙයි යකෝ ඒ… ඒ තමා අ..”

“හෝව් හෝව්.. මොකද්ද කියලා අපි දන්නවා.. දැන් ඒක උඹ නොකියා ඔය වාචාල කට වහගෙන ඉදහන්..”

“මොකෝ මේ කට්ටිය හිනාවෙන්නේ??”

එහෙම කියාගෙන එතන්ට ආවේ දේව්..

“ඒකෙන් වැඩක් නෑ.. දාපන්කො බලන්න film එකක්වත්.. අපි ආව එකටත් පාඩුයි.. මෙහෙම සලකලනම් බෑ පුතෝ..”

“අහ් එහෙනම් දැන් උඹලට කොහොමද සලකන්න ඕනි..”

“Film එකක් දාලා දීලා,කන්න බොන්න දේවල් ලගට ගෙනත් එහෙම දීපන් බං.. මෙහෙම බෑ..”

“මං තොට කිවුවා කියලා හිතාගනින්කො..”

දේව් එහෙම කියලා film එකකුත් දැම්මා..

කට්ටියත් පුටුවෙ හරි බරි ගැහිලා ඉදගත්තෙ කතාව බලන්න හිතාගෙන.. එතකොටම දේව් අම්මත් ඇවිල්ලා කන්න කතා කලා..

❤️❤️❤️

දේව්ට තෙනුෂිව අමතක උනේ ඇයි කියලා මං හෙට කියන්නම්..

5 thoughts on “නොපැතූ සෙනෙහෙ | විසිනවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. Kochchara duk windath awasanayedi sathuta widinna puluwanlune..
    ????

    Mt like karapu,comment karapu,rate karapu hamotana godak godak sthuthi..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.