Katha Ahura

මරණයේ දියකදක් | 07 කොටස| හොල්මන් කතා

5/5 - (1 vote)

මරණයේ දියකදක් ? 07 කොටස

ඇරපු දොර ලග හිටපු රුවවල් දෙක දැකපු නීලාට ඇති වුනේ අසීමීත බියක්. ඇයට ඉවෙන් වගේ දැනුනේ නපුරක් ලග බවයි. නිලා දොර වහන්ඩ හැදුවා. ඒත් අරුන් දෙන්නගෙන් ඊට ඉඩක් ලැබුනේ නෑ.

“මොකද මේ බය වෙලා , ඇයි මේ දොර වහන්ඩ හදන්නේ. මොකො නිලා”

එකෙක් කිව්වේ නිලාගේ අත අල්ලගෙන. වල් විදිහට ඇය දිහන් බලා.

“අත ඇරපන්,,, මම හයියෙන් කෑගහනවා, දැන් මෙතනට පාලිත ආවොත් උබල දෙන්නට හොද පාඩමක් උගන්නයි.”

නීලා කිව්වේ අත ගසා දමමින්. ඊට අරුන් දෙන්න කලේ හයියෙන් හිනාවීම. මහ වැස්ස හින්ද කවුරුවත් ලග පාට හිටියත නොසිටියත් කිසි කෙනෙකුට මේ වෙන දේවල් ඇහුනේ නෑ.

“මේ බලපන්කො මේකි කියන කතා ,, පාලිත දැන් මෙතනට ඇවිල්ලා අපිට පාඩමක් උගන්නයිලු, මරු විහිලුව “

එකෙක් කිව්වෙ තෙත බරියම් වූ කමිසය ගලවා අසල පුටුවක් උඩට විසි කරමින්.

“පාලිත ආවොත් ඉතින් ඒ උගේ අවතාරේ තමා, ඌ සදහටම යන්ඩ ගියා. මෙලහකට ඇති කොලමුනු ඔයේ වතුරට අහුවෙලා උගේ මිනිය.”

ඒක ඇහෙද්දී නීලාට දැනුනේ තම හිස ලගින් #විශාල අකුනක් කෙටුව වගේ.

“නෑ උබල කියන්නෙ බොරු…”

“බොරු නෙමේ වස්තුවේ , ඇත්ත ,, ඌ මැරෙන්ඩ කලින් කිව්වෙ මොකක්ද දන්නවද ,, ඌ කිව්ව අපිට ,, මගේ නීලාව උබල දෙන්නටයි දැන් අයිති ,එයාව හොදට බලාගන්ඩ කියලා.”

“නෑ උබල දෙන්න බොරු කියන්නෙ ,, මගෙ පාලිත මැරිලා නෑ,, උබල බොරු කියන්නේ. එයා දැන් මග එනවා ඇති. මෙතනින් පලයන්ලා “

“උබ විශ්වාස කෙරුවත් නැතත් පාලිත ආයේ එන්නෙ නෑ,, උබ දුක් වෙනඩ එපා ඒකට ,, පාලිත වෙනුවට අපි දෙන්නෙක්ම උබට ඉන්නවානේ,, නේද බන්”

එකෙක් නීලගේ අතේ තිබ්බ ලාම්පුව උදුරා ගනිද්දී අනිත් එකා නීලාව තරයේ තුරුලු කර ගත්ත.

“ඔය දොර වහපන් බන්, කවුරු හරි එකෙක් ආවොත් ඌටත් වෙන්නෙ අපෙන් මැරුම් කන්ඩ පාලිතයට වගේ.”

ඌ කිව්වා විතරයි අනිත් එකා පාලිතගේ නිවසේ දොර වැහුවා. අන්ත් එකා නීලාව අත්දෙකින් උස්ස ගත්තේ නිලා දගලද්දී. ඇය කෑ ගැහුවා. ඒත් වැඩක් වුන් නෑ. නිලාව උස්සගෙන ඒ තිරිසන් මිනිහා ගියේ නිවසේ නිදන කාමරයට. නිලාට තේරුන උන් කරන්ඩ හදන්නෙ මොකක්ද ##කියලා. කාමරේ ඇද උඩින් ඇයව තිබ්බ විතරයි ඇය අර තිරිසන් මිනිහගෙ අත හයියෙන් හපා කෑවේ බේරෙන්ඩ වෙන මගක් නැති නිසා.

“පට්ට වේ?”

උගේ හඩින් පිටවුනේ වේදානාව කෝපය දෙකම කලවන් වුන හඩක්.

මුලු කාමරයේම තිබුනේ කට්ට කරුවලක්. ඒත් ගොඩක් කලක් මේ නිවසේ හිටපු හින්ද කරුවල් වුනත් නිලාට මේ කාමරය හොදට හුරුයි. නිලා ඒ අදුර මැද්දෙන් ගියේ නිවසේ පිටිපස්සෙ දොර ලගට.

“අරකි මගෙන් බේරිලා පැනල ගියා, අල්ල ගනින් ,, මට මෙලෝ දෙයක් පේන්නේ නෑ.”

කාමරේ හිටපු එකා කෑ ගහද්දී අනිත් එකා ලාම්පුව අරන් පිටිපස්ස දොර පැත්තට ගියා . ඒ වෙලාවේ නිලා හිටියේ කුස්සියේ.

“ඉක්මනට වරෙන් මෙන්න මේකි කුස්සියේ “

ඌ නිලාට ටික ටික කිට්ටු කෙරුවා.

නිලාට කරන්ඩ කිසිදෙයක් නෑ. ඇය කුස්සියට ආවෙ අඩුම ගානේ ආරක්ශාවට මන්න පිහියවත් අතට ගන්ඩ හිතන්. ඒත් ඇගේ කරුමෙට ඒක හොයා ගන්ඩ ලැබුනේ නෑ. එතකොටමයි ඇය දැක්කෙර් ලාම්පු එලියෙන් වතුර බොන ලොකු වීදුරුව. ඒක අතට අරන් නීලා මිරිස් ගලේ ගහක බින්දා.###

“ලගට එන්ඩ එපා ,, ලගට ආවොත් මේකෙන් අනිනවා , එන්ඩ එපා ලගට.”

ඒ බිදුනු වීදුරුව පෙන්වමින් නීලා කිව්වේ හුස්ම වේගෙන් පිටකරමින්. එතකොට අනිත් එකක් එතෙන්ට ආවා. එත් එකෙක්වත් නෙමේ නිලා කියපු දේට බයවුනේ.

“උබ අතින් මැරෙන්ඩත් අපි ආසයි. නේද බන් , උබ ඔහොම කොන්ඩෙ කඩන් ඉන්නකොට අපිව තවත් අවුස්සනවා. උබ අපි දෙන්නට කැමති නැද්ද????? , “

එකෙක් එහෙම කියමින් නිලා ලගට කිට්ටු කෙරුවා.

“පාලිතය මොකාද , අපි දෙන්න ඌට වඩා දෙගුනයක් සතුටු කරන්නම්,, නේද බන්. ඕක ඉතින් අයින් කරපන්.”

“තව අඩියක් ඉස්සරහට ආවොත්න්නේ ,, අනින එක අනිනවාමයි. පලයල්ලා මෙතනින්”

කිසිම චකිතයක් නැතුව තමා දෙසට එන අරුන් දෙන්නා දිහා බලන් නීල කිව්වා. ඒත් උන් ඒකට මෙල්ල වුනේ නෑ. උන් ඈ ලගටම ගියා.

ඊට පස්සේ උනේ හීනෙන්වත් හිතපු නැති දෙයක්. නිලා බිදුනු වීදුරුව දකුණු අතින් ඉසරහට අරන් ගියා. බිදුනු පැත්ත ඇගේ බඩ පැත්තට හරවපු ඇය වේගයෙන් ඇගේ බඩට ඇන ගත්තා. එක ####පාරක් නෙමේ කීප පාරක්ම. විශාල අකුනක් ඒ වෙලාවේ ගැහුවේ මේ අවාසනාවන්ත දේ සොබාදහමටත් දැනිලද මන්දා.

“අනේ නිලා ඔයා මේ මොකක්ද කරගත්තේ ,, ඔයා විතරක් නෙමේ අපේ දරුවා “

පාලිතගේ ආත්මයට පුලුවන් වුනේ ඈ දෙස බලන් වැලපෙන්ඩ විතරයි.

නිලා වේදානාවින් ඇබරි ඇබරී කුස්සියේ වැටුනේ තවත් හිටන් ඉන්න බැරි හින්දා.

“මොකේ බන් උනේ “

එතන හිටපු එකෙක් කිව්වේ නලල රැලි කරන්.

“මේකි මෙහෙම දෙයක් කරගනි කියල කවුද හිතුවේ “

අනිත් එකා කිව්වේ ලේ විලක වැටි තවමත් දගලන නිලා දිහා බලන්.

“දැන් මොකද අපි කරන්නේ “

“කරන්නෙ වෙන මොනවද ,, ඉක්මන්න් මෙතන්නින් කැපිලා යමු”

“නිලා……”

“ඒකි තව ටිකකින් පාලිතය ගිය දිහාටම යන්නෙ නැතේ ,, මෙතන ඉන්න එක එච්චරම හොද නෑ ,, වරෙන් වරෙන්”

ඊට පස්සෙ උන් දෙන්න හැසිරුනේ කඩියො වගේ. පාලිතගේ ගෙයින් එලියට බැහපු උන් මහ #####වැස්සේ බයික් එකේ නැගලා ගියා.

*** ” නිලා අනේ දෙයියනේ ,, මොකක්ද මේ කරගත්තේ ,, අනේ නිලා, අපේ දරුවා “

පාලිතගේ ආත්මය වැලපුනෙ ,තවමත් දගලන නිලා දිහා බලන්. බොහො වෙලවක් දගලපු නිලා අවාසනේ නිශ්චල වුනා. ඇය මැරෙන්ඩ ඇති. අරුන් දෙන්නා ගැන පාලිතගේ ආත්මයට දැනුනේ කිව නොහැකි තරහක්. වෛරයක්.

“උන් මාවත් මරලා , මගේ නිලාවත් මැරුවා, මගෙයි නිලාගෙයි මේ ලෝකේ එලියවත් බලන්ඩ පින නැති අපේ දරුවවත් මැරුවා. මම මේක ලේසියෙන් අත හරින්නෙ නෑ. මේකෙ පලිය මම කොහොම හරි ගන්නව. උබල දෙන්නගෙන් විතරක් නෙමේ උබලගෙ ගෑනු උබල දෙන්නගෙ ලෙයින් මසින් ජාතක වුන ළමයි, ඔය ඔක්කොම මම මරල දානවා ,, දානවාමයි. ඒක කෙරුවෙ නැත්නම් මගෙ ආත්මෙට කවදාවත් සැනසීමක් ලැබෙන්නෙ නැති වෙයි.”

“මමත් පාලිත ඔයත් එක්ක එනවා.”

පාලිතගේ ආත්මයට ඇහුනේ නිලාගේ හඩ.

“නිලා ඔයා “

තම ලගම ඉන්න නිලාගේ ආතමය දැකපු පාලිතගේ ආත්මයට දැනුනේ පුදමයක්.

“ඔව් පාලිත ,, මම හැමදාමත් ඔයත් එක්කයි. ඔයා යන හැමතැනටම මමත් එන්නම්. අපි දෙන්නම ##### #එකතුවෙලා අපි මරපු උන්ගෙන් පලිය ගමු. උන් දෙන්නගෙන් විතරක් නෙමේ ,, ඔයා කිව්ව විදිහටම. උන්ගේ ගෑනු ,, උන් දෙන්නගෙන් ජාතක උන ළමයි ,, ඔය ඔක්කොගෙනම. එතකන් ඔයාට විතරක් නෙමේ මගේ ආත්මයටත් සැනසීමක් ලැබෙනනේ නැති වෙයි.”

නීලාගේ ආත්මය කිව්වා.

*****************************************

“ඔය කි…..කි.. යන්නේ ඇ…ඇ…ඇත්තම කතාවක්ද ,, ඔයා ඔය කියන්නෙ හ….හ… හදලා නේ”

චන්දුලී ත්රී වීල් කාරයාගෙන් ඇහුවේ ගොත ගහමින්. චන්දුලීගේ මූනෙන් දාඩිය පවා දැම්මේ මහ වැස්සක් තියෙද්දියි. ඒ තරම් ඒ කතාවට ඇය බයවී සිටියා. මලිත්ගෙ සිතට දැනුනෙනෙත් ඒ කතාවෙන මද තැති ගැන්මක්. ත්රී වීල් කාරයා කතාව පසසන්නෙත් ඒක හරියට ඔහුට උන දෙයක් වගේ. මලිත්ට එහෙම සිතුනේ ඒ නිසයි.

“අපි මොකටද බොරු කියන්නෙ ,, මේ කතාවේ අවසානෙ වෙද්දි හොදටම ශුවර ඔය දෙන්න අනිවාර්යෙන්ම පිලිගන්නවමයි මේ කතාව ඇත්ත කතාවක් කියලා …,, නේද නිලන්ති…”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්” ##### ##

ත්රී වීල් කාරයා අහපු දේට අර කාන්තාවගෙන් පිට වුනේ සුපුරුදුම හඩමයි. ටික දුරක් ගිය ත්ර්රී වීල් කාරයා යලිත් කතාවේ ඉතුරු ටික කියන්ඩ කටහඩ අවදි කෙරුවා.

මලිත් phone එකෙන් වෙලාව බැලුවේ දැන් කීයට ඇද්දො සිතා. ඒ වෙද්දි වෙලාව හරියටම රෑ එකොලහයි හතලිස් නමය වෙලා තිබුනා. රෑ මැදියම ආසන්න ,, වැහි වෙලාවක මළවුන් පවා නැගිටිනවා කියන වෙලාවක මලිත් හා චන්දුලී සිටියේ අසාමාන්ය අද්දැකීමක් ලබමින්. ඒ මිට පෙර නොදුටු පුද්ගලයෙකුගෙන් අසාමාන්ය බිවිසුනු කතාවක් අහ අහ.******************************************ඊලග කොටසට Maranaye Dhiyakadhak

කතාව හිතුවට වඩා දික්වුනා….. කරුමෙ තමා ඉතින්.????????????????????????????

සාගර සම්පත් ( රාස්)

6 thoughts on “මරණයේ දියකදක් | 07 කොටස| හොල්මන් කතා”

  1. Chathu indeewaree

    පාලිතටයි නිලන්තිටයි වුණේ ලොකු අසාධාරණයක්..ඒ දෙන්නගේ හා නූපන් බිළිඳු දරුවාගේ ඉරණම ගැන ගොඩාක් දුකයි. අර තිරිසන් නොමිනිසුන්ගේ පහත් ආශාවන් වෙනුවෙන් ජීවිත තුනක් වන්දි ගෙව්වා. ඒත් ඒ නොමිනිසුන්ගේ දරුවන් මේ දේවල් වලට සම්බන්ධ නැත් නිසා ඒ අයට මොනවත් කරන්න එපා රාස්. තවත් පළිගැනීමකින්ම කතාව අවසන් කරන්න එපා කියලා ඉල්ලනවා මම. මොකද මේක හොල්මන් කතාවක් වුණත් යම්කිසි යහපත් පණිවිඩයක් සමාජයට දෙනවානම් හොඳයි. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති නිසා අර මළගිය ප්‍රාණ දෙක සුගතියට යොමු කරලා චන්දුලී හා මලිත් හොඳින් ඉන්න විදියට කතාව අවසන් කරන්න..මේක මගේ අදහස. අනිත් අය හා ඔබ එකඟ වේදැයි නොදනිමි. ඕනෑම කලා නිර්මාණයක් බිහි කිරීමේදී මූලික අරමුණ විය යුත්තේ හුදෙක් රසවින්දනය පමණක්ම නොවේ. එම කලා නිර්මාණය හරහා පරිශීලකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා යොමුකරවිය යුතුයි. ඒ නිසයි මා මේ දේ කීවේ.

    අදහස් දැක්වීම හිතුවට වඩා දීර්ඝ වූවාට සමාවෙන්න. තවද මාගේ පෞද්ගලික අදහස පිළිබඳව කිසිවෙකු අමනාප නොවන මෙන් ඉල්ලා සිටිමි.

    කතාව ගොඩාක් ලස්සනයි. කොටස් මීට වඩා දිගට දාන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා.

    ස්තූතියි රාස්…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.